Tuesday, August 31, 2010

ගස

ගසක් නමි ඉහලට වැඩෙයි
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
බහල පෘථිවිය විනිවිදියි
දිය සොයාගෙන
මිස නොනවතියි.


ගිමන් කල හාමත්ව යෙයි
කොළ දළු සලා
නිහඩව ඉදියි.


එහෙත් ඒ නිශ්ශබිදතාවයෙහි
අධිෂ්ඨානය කැටිගැසෙයි
පොළෝ ගැබ සංචිතව යෙයි.


වැලක් දුබලව වැදහෝන සද
වාරුකොට දෝතට වඩයි
දහක් සිරසට ගිමි තාපයට
සෙවණ වී සිසිලස සදයි
නැතත් දුක්මැද සෘජුව සිට
හර සොය සොයා අරටුව තනයි
බීඩළු ගලවා බලත්
හර මිසක බොරු නැති බව පෙනෙයි


ගසක් නමි ඉහලට වැඩෙයි
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
අදුර පිළිකෙවි කරයි
සද එළියෙනුදු සෑහී නොනවතියි
මලක් සිරසෙයි පැළ මිසද
කිසිදාක සැතපෙන්නේ නොවෙයි...

Sunday, August 29, 2010

බුද්ධ ධර්මයට අනුව උපතේ සිට මිනිසාගේ ජීවිතය

බුද්ධ ධර්මයට අනුව උපතේ සිට මිනිසාගේ ජීවිතය දශක කොටස් දහයකට වෙන්කර තිබෙ.


මන්ද දශකය - කුඩා දරුවෙකු ලෙස ඉපිද සිටිනා මිනිස් දිවියේ මුල් වර්ෂ දහයවෙ. එහිදී වෙන අයගේ උදවිවෙන් බොහෝ කටයුතු කර ගනී.


කඩිඩා දශකය - ක්‍රීඩා දශකය මිනිසෙකු කමයෙන් තරුණ වියට එළඹෙන වසර දහයේ සිට විස්ස දක්වා කාලයයි.


වර්ණ දශකය - ශරීරය අලංකාර වී උපරිම වර්ධනය යුතුව පැවතීමයි.


බල දශකය - වස‍ර තිහෙන් අනතුරුව කමයෙන් ඉගෙනීම  සහ රැකියාවෙන් ඉහළට ගොසින් සමාජයේ තම බලය පදර්ශණය කෙරෙන්නේ බල දශකයේදීය.


පඥා දශකය - වයස අවුරුදු හතලිහෙන් පසුව එළඹෙන්නේ තරුණ කළ දී මෙන් කාර්ය ශූර කලබලකාරී නොවන, හොදින් සිතා බලා කටයුතු කරන බුද්ධිය භාවිතා කර කටයුතු කරන දශකයයි.


හායන දශකය - වයස පනහෙන් ඇරඹෙන මනුශ්‍ය ශරීරයේ පිරිහීම.


පබ්බාර දශකය - වයස හැටෙදී ඇරඹෙන දශකයේ තමන්ට තම ශරීරය බරක් බව දැනෙන හෙයින් එය පබිබා දශකය වෙ.


පවංක දශකය - කොදු ඇට පෙලේ දුර්වලත්ව නිසා වයස හැත්තැවෙන් ඔබිබට එළඹෙන පවංක දශකයේ මානවයා දෙකට නැමී ගමන් කරයි.


මොමුහ දශකය - වයස අසුවෙ සිට අනූව දක්වා වන මොමුහ දශකයේදී අමතක වීමි ඇතිවන අතර


සායන දශකය - අනූවෙන් පසුව තව දුරටත් දුර්වල වන ශාරීරික හා මානසික කියාකාරීත්වය හේතුවෙන් වැඩි කාලයක් නිද්‍රාශීලීව ගත කරනා මානවයාගේ දශකයයි.


බුදු බණේ මෙපරිදි දක්වා ඇත්තේ සාමාන්‍ය මිනිසෙකු ගේ සාමාන්‍ය ආයුකාලය තුලදී ඒ ඒ අවධි වල ඇතිවන ක්‍රමිකතාවන් වන අතර මෙය මත්පැන් බොන්නෙකුගේ නමි එකී දශකවලට පෙරද උසස් මානසික තත්වයක් හෙබි අයෙකුගේ නමි එකී දශක වල වූ සිදුවීමි මීට පමා වද සිදුවෙ.

වෙනස

වෙනසක අරුමය
සිතට සිතනු බෑ
සිතුවිලි මිලින වෙලා
මතක සිහිනයත්
කොහෙ සැග වුනිදෝ
සිත ඇත සලිත වෙලා


එම නටබුන් ගැන
සිහිපත් කර කර
විඩාව ළගට වෙලා


එනමුත් සැමදා
මා සැනසෙන්නමි
මතකය ඇත වළලා


සිතට සිතනු බෑ
සිතුවිලි
මිලින වෙලා

රවීන්ද්‍රනාත් තාගෝර් ආත්ම ශක්තිය

ඔබේ ඇමතුම අසා
කිසිවෙකු නාවොත්
තනිවම ඉදිරියට යන්න
සියලු දෙනාම බියෙන්
මුහුණ හරවා ගත්තොත්
ඔබෙ සිතැගි තනිවම නොබියව
පවසන්න.........


සියලු දෙනාම
ආපසු හැරීගිය හොත් දුර්ග මාර්ගයේදී
කිසිවෙකු හැරී නොබැලුවහොත්
මග ඇති කටු
ලේ ගලන දෙපයින් මැඩගෙන තනිවම ඉදිරියට යන්න..........


කුණාටු අදුරු රැයක
කිසිවෙක් ඔබට පහනක් නොදැල්වුවොත්
සියලු දෙනාම
දොරවල් වසා ගත හොත්
වෙදනාවෙන් තනිව දැල්වෙන්න
වෙදනාව නැමති ගින්නෙන්
ඔබෙ හදවත එළිය කරගෙන
තනිවම දැල්වෙන්න..........



Saturday, August 28, 2010

කල්‍යාණ මිතුරෙකුගේ ලක්ෂණ

1. දීමට දුෂ්කරදේ දෙයි.


2. කිරීමට දුෂ්කරදේ කරයි.


3. ඉවසන්නට දුෂ්කරදේ ඉවසයි.


4. අනුන්ගේ රහස් ආරක්ෂා කරයි.


5. තමන්ගේ රහස් මිතුරාට පවසයි.


6. විපතේදී තම මිතුරා අත් නොහරියි.


7. ධනය නැත කියා මිතුරා අත් නොහරියි.

Friday, August 27, 2010

හිතන්න

එපා කිසිවිටක උඩඟු වන්නට
එයින් යහපත නැසෙනවා


එපා කිසිවිට කෝප වන්නට
එයින් හොඳගති නැසෙනවා


එපා කිසිවිට දුකක් දෙන්නට
එයින් හදවත් රිදෙනවා


එපා ආසා පොදි බදින්නට
මැරෙනවා අපි මැරෙනවා

සන්සුන් ජීවිතයක මග සලකුණු

විවෙක සුවයෙන් විසීමටද කරන ඔනෑම කටයුත්තකින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ද පහත සදහන් වගන්ති උපකාරවෙ.


1. මුළු ලෝකයේ බර ඔබෙ කරට ගන්න හිතන්න එපා. ප්‍රමාණයට වඩා කිසිදේකට වෙහෙසෙන්න එපා. බොරු ලොකුකමක් මවා ගෙන ඔබ නැතිව කිසි දෙයක් හරියාකාරව වෙන්නේ නැතැයි සිත්නඩ එපා.


2. ඔබ කරන රැකියාව හෝ වැඩය කුමක් වුවත් කමක් නැත. එයට ආශා කරන්න තීරණය කරන්න.


3. ක්‍රමයෙන් කාල සටහනක් අනුව වැඩ කිරීමට පුරුදුවන්න. ප්‍රධාන තැනට ප්‍රධාන දෙයත් අප්‍රධාන තැනට අප්‍රධාන දෙයත් දමන්න.


4. හැම දෙයක්ම එක පාරට කරන්ඩ හදන්න එපා. එක විටක එක දෙයකට පමණක් සිත යොමු කරන්න.


5. ඔබ යමි දෙයක් අමාරුයි කියා සිතතොත් එය අමාරුය. ලෙහෙසියි කියා සිතතොත් එය ලෙහෙසිය.


6. කරන වැඩක් සාර්ථකව කිරීමට එයට අතගැසීමට ප්‍රථම ඊට අවශ්‍ය නිපුණත්වය ලබාගන්න. 'දැනුම බලයකි'.


7. කලබල නොවී වැඩක යෙදෙන්න. හරි ගස්සන්ඩ බැරි දේ ගැන නොවෙහෙසවන්න.


8. අනවශ්‍ය ලෙස වැඩ කල්දාන්න එපා. කල යුතු දේ අතපසු කරන්න එපා.


9. ඔබෙ වැඩ පොලත් ඔබෙ ආගම ධර්මයට අයත්ය.


10 ඔබෙ සහායට ඔබට ගත හැකි අදෘශ්‍යමාන මහා බල ශක්තියක් ඇති බව කිසි විටක අමතක නොකරන්න.

දියුණුවීමට බාධාවක් වන ඊර්ෂී්‍යාව

ඊර්ෂි්‍යාවෙන් මිදෙන මඟ

1  ඊර්ෂි්‍යාව ඇතිවූ බව දැනගැනීම

2  ක්‍රියාකිරීම සමිබන්ධව විනයක් ඇති කරගනීම

3  සුභපතන්න පුරුදුවන්න

4  ක්‍රියාවෙන් නැවතත් හිත හදාගන්න

5  මට හරි සන්තෝෂයි එයා ගැන කොචිචර හොදයිද යන වචන භාවිතා කරන්න

6  ඝෘණාත්මක සිතුවිලි හදුනාගෙන ධනාත්මක සිතුවිලි හිතට ගන්න 

යහපත් ජීවිතයකට දස පනතක්

1. මිතුරු මිතුරියන් සමඟ කතා කරන්න. සුහඳව කතා කිරීම අසා සිටින්නාගේ සිතට සැනසිල්ලකි.


2. සිනාසෙන්න, සිනාසීමෙදී ක්‍රියාත්මක වන්නේ මාංශ පේශීන් 14කි. රවා බැලීමෙදී මාංශ පේශීන් 72ක් ක්‍රියාත්මක විය යුතුය.


3. කෙනෙකුට කතා කරන විට නම කියා කතා කරන්න. කෙනකුගේ කනට ඇසිය හැකි මිහිරිම හඬ තමන්ගේම නමයි.


4. මිත්‍රශීලීවන්න. එසේම හැකි සෑම විටම උපකාර කරන්න.


5. සුහදශීලීවන්න. කතා බහේදීත් ක්‍රියාවෙදීත් ඔබ කළ හැම දෙයක්ම සතුටින් කළ බව අඟවන්න.


6. ඇසුරු කරන අය පිළිබඳව අවංකවම සැලකිල්ල දක්වන්න.


7. අවශ්‍ය තන්හිදි ප්‍රශංසා කරන්න මැළි නොවන්න. විවෙචනය කිරීමෙදී පරිස්සමිවන්න.


8. අනෙක් අයගේ සිතුමි පැතුමිවලට ගරු කරන්න පුරුදුවන්න. එය ඔබ ඔවුන් අතරේ ජනප්‍රිය වීමට හේතුවක් වනු ඇත.


9. අනෙක් අයගේ අදහස් පිළිබඳව කල්පනාකාරීවන්න. හැම ප්‍රශ්නයකටම පැති තුනක් ඇත. එනමි ඔබෙ අනෙක් පක්ෂයේ සහ නිවැරදිතාවයේ.


10. සේවය සඳහා හැමවිට සුදානමි වන්න. ජීවිතයේ වඩාත්ම වැදගත් වන්නේත් වටින්නේත් අනුන් වෙනුවෙන් අප කරන මෙහෙයයි.

Sunday, August 22, 2010

Uva Province


Uva Prvoince (Sinhala: Uva Palatha) is Sri Lanka's second least populated province, 1,187,335 people, created in 1896. It consists of two districts: Badulla and Monaragala. The provincial capital is Badulla. Uva is borderd by Eastern, Southern and Central provinces. Its major tourist attractions are Dunhinda falls, Diyaluma Falls, Rawana Falls, the Yala National Park (lying partly in the Southern and Eastern Provinces) and Gal Oya National Park (lying partly in the Eastern Province). The Gal Oya hills and the Central mountains are the main uplands, while the Mahaweli (Sinhalese meaning: great-sandy) and Menik (Sinhalese meaning: gemstone) rivers and the large Senanayake Samudraya and Maduru Oya Reservoirs are the major waterways.

Uva is famous throughout SriLanka and the world as a tourist paradise. There are many tourist attractions here. Some of them are ancient ruins, waterfalls, sanctuaries. thousands of tourists visit these places almost everyday.

Search This Blog