dunhinda.com

Saturday, August 25, 2012

සැක සිතූ වෙළෙන්දා පුදුම කළ හාස්කම - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 27


මීට දින කිහිපයකට පෙර කතරගම නගරයට පැමිණි පිරිසක් සිටියේ දැඩි තැතිගැන්මකින් යුතුවය. කතරගම දෙවියන් වැදපුදා ගැනීම පරමාර්ථය බව වචනයෙන් කීවද, ඔවුන් කිසියම් බියකින් හා සැලූනු ස්වභාවයකින් පසුවිය. කෙනෙකුගේ දෙන්නෙකුගේ ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නට බලාපොරොත්තුව පිරිසක් සිටිනායුරු දිස්විය. එක පුද්ගලයාට ජංගම දුරකතන දෙක තුන තිබෙන යුගයක මෙය තරමක් පුදුම දනවන දසුනක්ය.
මේ දිනවල කතරගම දෙවියන් පුදන්නට කතරගමට නොපැමිණ මහකැබිලිත්ත සියඹලා දේවාලයට දුෂ්කර මගක් ගෙවා යන්නට මිනිස්සු පුරුදුව සිටිති. මහකැබිලිත්තේ හාස්කම් ගැන මාධ්‍ය මගින් තොරතුරු ලියවෙන නිසා මෙලෙස මිනිස්සු වැඩිපුර මහකැබිලිත්තට යන බව මහජනයාම චෝදනා කරති. මේ තැතිගත් ස්වරූපයෙන් සිටි පිරිසද මහකැබිලිත්තට ගොස් කිසියම් අකරතැබ්බකට ලක්වුවෝයැයි ඔවුන් දෙස බලාසිටි කිහිප දෙනෙක්ම කිහ.
පහුගිය දිනවල මහකැබිලිත්තට ඉවක් බවක් නොමැතිව විවිධ උවමනා එපාකම්මත පැමිණි කිහිප දෙනෙක්ම ගැටලූ වලට මුහුණ පෑවේය. එක් අවස්ථාවකදී දැරියක් සර්පයෙකුගේ සපා කෑමට ලක්විනි. අවස්ථා කිහිපයකදීම පුද්ගලයන් වනඅලින්ගේ ප‍්‍රහාර වලට ද ලක්විනි. මේ පිරිසද එවැනි අකරතැබ්බකට ලක්වූ පිරිසක් බව දැගන්නට ලැබිනි.
මහකැබිලිත්තේ සියඹලා දේවාලය වැදගන්නට ගිය අවස්ථාවේ වන අලියෙකු  මේ පිරිස පසුපස පන්නා ඇතිබවත් පිරිස කැලෑවේ දිවගොස් උගෙන් බේරී  මහකැබිලිත්තට ගිය වාහනයෙන්ම කොටියාගල, ඇතිමලේ මොණරාගල, බුත්තල හරහා ආපසු කගරගමට පැමිණ ඇති බවත් හෙළිවිය. ඔවුන් එසේ කතරගමට පැමිණ තිබුණේ ගමන ගිය වාහනය කතරගමින් කුලියට ගත් එකක් නිසාය.
අගනුවර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වූ ඔවුන් මහ වනාන්තරය මැදදී මේ අනපේක්‍ෂිත කරදරයට මුහුණ දුන් අවස්ථාවේ කැලෑවේ දිව යද්දී ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන, මුදල් පසුම්බි සහ වෙනත් ලියවිලි අතුරුදන්වීම ඔවුන් මුහුණදී තිබූ ප‍්‍රධානම ගැටලූව විය. මේ නිසා කතරගමට පැමිණ හිතවත් කිහිප දෙනෙකුගේ දුරකතන හරහා සිය නිවෙස්වලට කතා කර වෙනත් කෙනෙකුගේ බැංකු ගිණුමකට මුදල් බැංකුගතකර ඔහු හරහා  එම මුදල් ලබාගැනීමට මෙම පිරිස කටයුතු කිරිම මෙසේ දිස්වූ බව පසුව තහවුරු විය.
දැන් දැන් මහකැබිලිත්තේ වනසතුන් යම් කිපිමකට ලක්ව ඇතිබව පසුගිය දිනවල මේ ලිපිපෙළින්ම දැනුවත් කළෙමි. මහකැබිලිත්ත යනු හාස්කම් ඇති ස්ථානයකැයි ලියූ විට හාස්කම් කියන්නේ මොනවාදැයි බලන්නම යන පිරිස් දැන් එන්න එන්නම වැඩිවෙමින් පවතී. සමහරු මේ පින් බිමට එන්නේ මස්මාලූ මිශ‍්‍ර ආහාරය. මත්වතුර, ගංජාවැනි මත්වෙන දේවල් ද රැගෙනය. ‘‘අපිත් මහකැබිලිත්තේ ගියා. අපි ඔය එපා කියන හැම දෙයක්ම ගෙනගියා. අනේ අපිටනම් කිසිම දෙයක් වුණේ නෑ. අපි ඔය යස අගේට ආවේ. මාධ්‍යයෙන් තමයි මේ බොරුවට ‘‘හාස්කම්’’ කියලා උලූප්පන්නේ.’’ නිරුපද්‍රිතව මහකැබිලිත්තේ ගොස් ඇවිත් කියන අතලොස්සක්ද නැත්තේ නොවේ.
එහෙත් දැනට මාස එක හමාරක පමණ සිටනම් මහකැබිලිත්තේ සියඹලා දේවාලයට යනගමන බොහෝ සෙයින් අවදානම්ය. වනසතුන් දැන් එහි යනඑන්නන්ට බාධාකරති. අවස්ථා කිහිපයකදීම වනඅලි විසින් බැතිමතුන්ට සියඹලා දේවාලයට යන්නට නොදී පන්නා ගන්නාලද බව එහි නිතර යන එන්නෝ කීහ. මෙතැන ජනප‍්‍රිය වන්නට පෙර නිකමුන් මෙහි නොපැමිණියේය. දේවභක්තිය ඇත්තෝ පමණක් පැමිණියහ. ඔවුන්ද මෙහි පැමිණ විනෝද නොවුහ. කුඹුකන්ඔයේ ඉවුරුදෙකේ බෝධින් දෙනම අභියස සිට බෝධිපුජා පවත්වා භාවනාකර සියඹලා දේවාලයට ගොස් කතරගම දෙවියන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම සිදුකළේය. මිනිසුන් මෙහි වැඩිපුර නොඑන කාලයේ මෙතැන භාවනාවට කදිම තැනක් විය. සුදුවැලි ඇතිරීවූ බෝ මලූත්, රූස්ස ගස් හෙවනත් භාවනාවට හිත ඉබේම යොමුකරවීය.
හිත්පිත් නැති කොටි ත‍්‍රස්තයන් ගැවසුණු යුගයේ මෙතැනට වරින්වර කිහිප දෙනෙක් පැමිණ ගියේය. ඔවුන්ට කොටි ත‍්‍රස්තයන්ගෙන් හෝ සතා සර්පයන්ගෙන් හෝ හානියකුදු නොවිනි. නමුත් දැනට මාස තුනක හතරක සිට මෙහි විවිධාකාර පුද්ගලයන්, කාන්තාවන් සහ කුඩා ළමයින් විනෝදය පිනිස රැගෙන එමින් දේවභක්තියෙන් එන අයට පවා බාධාකිරීම නිසා එය මැඩලන්නට වනසතුන් පෙරමුණ ගෙන තිබේ. ජාතික වනෝද්‍යානයක ගහක කොළයක් කඩන්නට තහනම්ය. වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ  උකුසු ඇස්වලට මුවාවී මිස එවැන්නක් කළ නොහැක. නමුත් කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මේ මහකැබිලිත්තේ කුඹුකන්ඔයේ ඉවුරේ මෙන්ම සියඹලා දේවාල බිමේද අද එහි යනඑන්නන් කරන තරමක් කරන්නේ වනඅපරාධය. ඒවා සොයාබලන්නට වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොමැතිවීම මේ මෙවැන්නන්ට උඩගෙඩිදීමක් වැනිය.
මහකැබිලිත්තට නුදුරුව පිහිටි දිවුලානේගොඩ ප‍්‍රදේශය වසර පන්සියයකට එහා භික්‍ෂූන් වහන්සේලා වැඩවිසූ විහාර ආරාම තිබූ බෞද්ධ සිද්ධස්ථානවල නටබුන් වලින් හෙබි පින් බිමකි. ඊට නුදුරුව මහකැබිලිත්තේ සියඹලාව කතරගම දෙවියන් වැඩවසන්නට තෝරාගත්තේ දිවුලානේගොඩ වැඩවිසූ භික්‍ෂූන් වහන්සේලාගේ පින් ලබන්නට යැයි යන විශ්වාසය බැහැර කළ හැක්කක් නොවේ. බුදුදහම අනුව  ඕනැම පුන්‍ය කටයුත්තකට පසු දෙවියන්ටද පින් අනුමෝදන් කරයි. පින් බලාපොරොත්තුව සිටින දෙවියන් ඒ පින් අනුමෝදන් කරගෙන පින්දෙන කුසල්කරන අයට නිති රැකවරණ ලබාගෙන බවට වු විශ්වාසය මහකැබිලිත්තේදී නොඅඩුව තේරෙයි.
මහකැබිලිත්තේදී අකරතැබ්බට මුහුණ පා කතරගමට ආ නඬේ අය අතින් සිදුවු අඩුපාඩුව දන්නේ ඒ අයමය. එහි සිටි කෙනෙකු දෙන්නෙකුගේ ක‍්‍රියාවකට නඩයේ සියලූ දෙනාම පීඩා වි`දින්නට ඇති බව පසුව හෙළිවනු ඇත.
මීට සති දෙක තුනකට පෙරදී කුමණ මහ කැලේ කතරගම දේව අඩවියේදි එවැනි අකරතැබ්බකට පත්වු තරුණ වෙළදුන් කිහිප දෙනෙකු ගැන අපට හෙළි කළේ පානම ගමේ ව්‍යාපාරිකයෙකුවු දිනේෂ් චින්තක මහතාය.
මේ අත්දැකීිමට මුහුණ දුන්නේ ගාල්ල ඉමදුව ප‍්‍රදේශයේ තරුණයන් තිදෙනෙකි. ඔවුන් රෙදි වෙළදාමේ නියුතු වුවෝ වෙති. සති හතරකට පමණ පෙරදී ඔවුන් නැගෙනහිර පළාතේ, ලාහුගල, හුලංනුගේ ආදී කුඩා නගරවල වෙළදාම්කර පොතුවිල් ආරුගම්බේ හරහා පානමට ගියේ නව වෙළදපොලක් සොයාගෙනය.
ඒ ගිය අවස්ථාවේ පානම සුලූ ව්‍යාපාරිකයෙකුවු දිනේෂ් චන්‍ද්‍රපාල සමග හිතවත් කමක් ඇති කරගත්තේය. ඔකද දේවාලය ගැනද තොරතුරු දැනගත් ඔවුන් පානමින් ගියේ ඔකද දේවාලයේ වාර්ෂික මංගල්‍යයට වෙළදාමේ එන බව පවසමිනි. ඒවනවිටත් ඔකද දේවාලයේ වාර්ෂික පෙරහරට සුදානම් වෙමින් තිබිනි. ඔවුන් ආපසු ගියේ දේවාල බිමේ තාවකාලික කඩබිමක්ද මිලදි ගැනීමෙන් පසුවය.
ඉන්පසු පසුගිය මාසයේ (ජුලිමාසයේ) 28දා ඔවුන් යළි ඔකදට ආවේ නවීන වෑන් රථයක රෙදි පටවාගෙනය. එදින සිට ඔකද දේවාලබිමේ වෙන්කරගත් කඩබිමේ එම වෑන් රථය නවත්වා පිරිස රෙදි වෙළදාමේ නිරතවුහ.  දේවාලයේ දිය කැපීම එළැඹ තිබුණේ අගොස්තු 02 දාටය. දිය කැපීමේ උත්සවයෙන් පසු මේ තරුණ වෙළද ව්‍යාපාරිකයන් ආපසු ගම්බිම් බලා යාමට ඉතිරිවු බඩු වෑන් රථයේ අසුරා ගත්තේය.
කතරගම දෙවිදුන් ලක්දිවට ගොඩබැස්සේ මේ ඔකද දේවාල බිමට නුදුරු වෙරළින් බව ජන විශ්වාසයයි. මේ නිසා ඔකද දේවාලය කදසුරිදුන්ගේ හෙවත් කතරගම දෙවිදුන් වෙනුවෙන් වෙන්වු දේවාලයකි. කතරගම දෙවිදුන් ජිවමානව වැඩවෙසෙතැයි විශ්වාසයක් පවතින මහකැබිලිත්ත සියඹලා දේවාලයට ඔකද දේවාලයේ සිට කිලෝමීටර් හැටකට වැඩිදුරක් ඇත. ඔකද සහ මහකැබිලිත්ත දේවාල දෙකම පිහිටා ඇත්තේ කුමණ ජාතික වනෝද්‍යානයේය. ඒ නිසා මේ ප‍්‍රදේශයේ කතරගම දෙවි`දුන්ගේ හාස්කම් ඇතැයි යන විශ්වාසය ජනතාව අතර මුල්බැස තිබේ.
එබැවින්  ඕනෑම කටයුත්තක් සිදු කිරීමේදී කට ඉස්සර කර නොගන්නා ලෙසත්, දේවි පිහිටෙන් ‘‘කරන්න බලමු’’ මිසක් හරියටම කරන්නේ යැයි නොකීමටත් ජනයා වගබලා ගනිති. එමෙන්ම ඔකද දේවාලයට මස් මාංශ කෑමෙන් හෝ අපිරිසිදුව ගොඩ නොවීමට කතරගම දෙවිදුන් අදහන භක්තිවන්තයෝ වගබලා ගනිති.
දින හහතරක් තිස්සේ රෙදි වෙළදාම්කළ දිනේෂ් සහ චන්ද්‍රපාල එතැන නවතා තිබු වෑන් රථය පණ ගන්වාගෙන 02 දා හැන්දෑවේ ඔකදින් පිටත්වූයේ සියඹලාණ්ඩුවේ සිටින මිතුරෙකුගේ නිවෙසට ගොස් එදින රාත‍්‍රිය එහි ගත කර පසුදා ගාල්ල බලා පිටත්වීමේ අදහසිනි.
නමුත් මේ පිරිසට ඔකද සිට ටිකදුරක් එනවිට වාහනයේ කිසියම් දෝෂයක් ඇතිබව දැනෙන්නට විය. අලූත්ම වාහනයක්වු එහි යාන්ත‍්‍රික දෝෂයක් ඇතිවීමට ඇති ඉඩකඩ අඩු බවට පිරිස තර්ක විතර්ක ගෙන එමින් කතා කරන්නට වූහ.
අක්කරපත්තුව ප‍්‍රදේශයේ සිටින හිතවත් කාර්මිකයෙකුට දිනේෂ් දුරකතනයෙන් කතා කළේය. වාහනයේ වර්ගයත් සිදුව ඇති කාර්මික දෝෂයේ ස්වභාවයත් දුරකතනය මගින් දන්වනු ලැබිනි. ‘‘කියන විදියටනම් ගෑස්කට් ගිහිං වගෙයි. අක්කරපත්තුවට වෑන් එක ඇදගෙන එන්න’’ කාර්මිකයාගේ පිළිතුර විය. අක්කරපත්තුවට පානම සිට කිලෝමීටර් හතළිහක් පමණ ඇත. රෑබෝවී ඇති නිසා ඒ අවස්ථාවේ එහි යාම අසීරුය.
‘‘මේ වෙලාවේ ඔයාලට වෑන් එක අරං අක්කරපත්තු හරි සියඹලාණ්ඩුවට හරි යනඑක අවදානම්. අද රාත‍්‍රිය අපේ ගෙදර ඉදලා, උදේට පොතුවිල් වලින්වත් බාස් කෙනෙක් ගෙන්නාගෙන වාහනේ පෙන්නලා බලමු.’’ දිනේෂ් මේ වෙළද මිතුරන්ට යෝජනා කළේ පානම ජනතාවගේ ඇති ආගන්තුක සත්කාරය ඉස්මතු කරමිනි.
දිනේෂ් සිය නිවෙසට කැන්දන් ආ වෙළද මිතුරන් මුහුණ දුන් සිද්ධිය ඔහුගේ බිරිදවූ ඉරේෂා අයිෂානිට පැහැදිලි කර දුන්නේය. පානම වැසියෝ පත්තිනි මෑණියන්, කතරගම දෙවියන් මෙන්ම අලූත් බණ්ඩාර දෙවියන් ගැන විශ්වාසය තබන්නෝ වෙති. ඉරේෂා මේ කතාව ඇසු පසු පැවසුවේ ‘මේ අයගෙන් මොකක් හරි අඩුපාඩුවක් වෙන්න ඇති. නැත්නම් මෙච්චර අලූත් වාහනයකට මෙහෙම දෙයක් වෙන්න විදියක් නෑ’ යනුවෙනි.
‘‘අයියා ඔයගොල්ලෝ ඔය වාහනය සෝදලා කහදියර ටිකක් වාහනය ඇතුළට පිටට ඉහින්න. දෙයියන්නේ අඩවියේ කටවැරදීමක්වත් වුනාද දන්නේ නෑ කාට හරි. වාහනේ පිරිසිදුකරලා දෙවියන්ට පඩුරක් ගැටගහලා සමාව ඉල්ලමු. මේ අඩවියේ අපි සිදාදියේ ඔයාලට වැඩියෙන් දෙවියන් විශ්වාස කරනවා’ යැයි ඉරේෂා කීවාය.
ඇගේ උපදෙස් පිළිපදිමින් පිරිස වෑන් රථය පිරිසිදුකර කහ දියර ඉස හදුන්කූරු පත්තු කළහ. වෙළද මිතුරන්ට මේ සිද්ධිය නිසා එදින රාත‍්‍රිය නින්දක් ද නොවීය.
පසුදාට පහන්විය. දිනේෂ් විසින් ඒවනවිට පොතුවිල් නගරයෙන් කාර්මිකයෙකු ගෙන්වාගෙන තිබුණේය. ඔහු ඇවිත් වාහනය පිරික්සීය. වතුර බටයක් පුපුරා තිබුනි. ඇන්ජිමේ තෙල් අඩුවී තිබුණි. පුපුරාගිය වතුර බටය සකසා ඇංජිමට තෙල් දැමීය.
‘‘ස්ටාර්ට් කරන එක තමයි බාසුන්නැහැ ප‍්‍රශ්නේ. ඊයේ ස්ටාර්ට් කරගත්තේ බොහෝම අමාරුවෙන්’’ වෙළද මිත‍්‍රයෙක් කීවේය.
පොතුවිල් වලින් ආ කාර්මිකයා වෑන් රථයේ යතුර ගෙන එය පණගැන්වුයේය. පුදුමයකි. කිසිදු කරදරයකින් තොරව එකවරම එය පණ ගැන්විනි. පෙර දිනයේ මෙන් ඇංජිමෙන් තෙල් කාන්දුවීම පිරික්සන්නට විය. පුදුමයකි. අද එවැන්නක් නැත. ඇංජිමේ වේගයද වැඩිකර බැලීය. තෙල් කාන්දුවන තැනක් පෙනෙන්නේම නැත.
‘‘පේන විදියටනම් ලෙඩක් නෑ. කෝ තෙල් කාන්දුවෙන තැනක් පේන්න නෑ නොවැ. පුපුරලා ගිය වතුර බටෙන් දැන් වතුර පිටතට යන්නේ නෑ. ඒ හින්දා ඒ ගැන බයවෙන්න දෙයක් නෑ. දෙයියනේ කියලා ඔයාලාට ආපහු යන්න පුලූවන්. මෙකේ හෙඞ්එක ගිහිං නෑ’’ පොතුවිල්වලින් ආ කාර්මිකයා කීවේය.
‘‘කොයිකටත් ඔයාලා ආපහු ඔකදට ගිහිං පඩුරුදාලා යන්න. ඔයාලගේ චවනයකින් හරි වරදක් වෙන්න ඇති. ඒකට දෙවියන්ගෙන් සමාව අරගෙන ආපහු යන්න. දේව අඩවියේ යනඑනකොට එහෙම කරන එක හොදා.’’ දිනේෂ්ගේ බිරි`ද ඉරේෂා කීවාය.
‘‘ඇත්තටම අපි පානම පැත්තට ආවේ ලංකාදීප පත්තරේ යන මහකැබිලිත්ත දේවාලයේ හාස්කම් ලිපිය කියවලා. නමුත් අපේ එක්කෙනෙක් එද්දි දිගටම ඒකේ තියන හාස්කම් ගැන සැකයක් ඇති කරගෙන ආවේ. එහෙම දේවල් වෙන්නේ කොහොමද? ඒවා වෙන්න බෑ. පත්තරේ තියෙන්නේ බොරු කියලයි එයාගේ අදහස වුනේ. දැන්නම් අපිට අත්දැකීිමෙන්ම තේරුනා මේ දේව අඩවියේ හාස්කම් තියනවා කියන එක.’’ වෙළද මිතුරෙක් මෙතෙක් සගවාගෙන සිටි රහසක් හෙළි කළේය.
‘‘අපේ කෙනක් තවත් වරදක් කරලා තියනවා. ඔක`ද දේවාල භූමියෙදී වෑන් එක ඇතුළට ගෙනත් මාලූ කාලා තියනවා.’’ දෙවැනි රහසද හෙළි කළේය.
‘‘දැන් ඉතිං වුණ දේවුණා. ඔයාලා යනගමන් ආපහු ඔකදට ගිහිං දේවාලය වැදලා පඩුරුදාල දෙවියන්ගෙන් සමාව අයැදලා ආපහු යන්න. කරදරයක් නැතිව යන්න ලැබෙයි.’’ දිනේෂ් සහ ඉරේෂා වෙළද මිතුරන්ට අවවාද දෙමින් කීහ.
චමින්ද, ජයවර්ධන සහ නීල්කුමාර යන වෙළද මිතුරෝ ආපසු ආවේ දිනේෂ් දුන් උපදෙස් අනුව පානම සිට කිලෝ මීටර් දාහතක් ගෙවා ආපසු ඔකද දේවාලයට ගොස් ප`ඩුරු දැමීමෙන් පසුවය. එදින සියඹලාණ්ඩුවේ මිතුරාගේ නිවෙසේ නැවතී ඊට පසුදින ගාල්ලට ආ මිතුරන්ට වාහනයේ කිසිදු ඇබැද්දියක් සිදු නොවීය. ඔවුන් අදටත් විශ්වාස කරන්නේ මේ සිදුවීම නම් ‘‘හාස්කමක්’’ බවයි.

සටහන හා ඡායාරූප අජිත්ලාල් ශාන්තඋදය
http://lankadeepa.lk/index.php/articles/59666
2012 අගෝස්තු මස 19 14:17:55 | ලංකාදීප කර්තෘ මණ්ඩල




Saturday, August 18, 2012

දෙපා ලද පින ලදිමි

කතරගම ඇසළ උළෙලට සහභාගී වීමට නැගෙනහිර සිට යන වන්දනා නඩයක් සමග යාල වන මැදින් කිලෝමීටර 150 ක දුරක් ගෙවා කතරගමට එන්නට වාසනාව ලද්දෙමි.
මඩකලපුවේ ශ්‍රී මාංමාග පුල්ලෙයාර් කෝවිලේ පුද පූජා කිරීමෙන් පසු ජූලි 19 වැනිදා පා ගමන ඇරැඹිණි. වන්දනා නඩයේ 160 දෙනෙක් වූහ. සින්නතම්බි විතර්සිංහම් සාමි නඬේ ගුරාය. ඔහු සහභාගී වන 50 වන පාද යාත‍්‍රාව මෙයයි.
තිරුක්කෝවිල්, පොතුවිල්, පානම, වෙහෙරගල හෙවත් සන්නාසිමලේ පසු කරමින් අපි ඔකඳ දේවාලයට ආවෙමු. එතැන් සිට ගමන කුමන සහ යාල වනෝද්‍යාන මැදිනි.
යාල වන මැද ගමන සුන්දරය. අනතුරුදායකය.
අලියකු, කොටියකු හෝ වලසකු කොයි මොහොතේ ඉදිරියට හමුවේදැයි නොදනී. මුවෝ, ගෝන්නු හා හාවෝ දෑස මානයෙන් දිව යති. මොණරකු ඉදිරියට හමුවූ විට වන්දනා නඩය භක්තියෙන් මුමුණති. මයුරා හෙවත් මොණරා කතරගම දේවියන්ගේ වාහනයයි.
කතරගම දෙවියන්ට පූජා පිණිස යන මේ ගමනේදී මස්, මාළු නොකති. නිර්මාශ ආහාර පමණක් ගනිති. ඇතැම් විට කංසා කොළ මිශ‍්‍ර කොට සදා ගන්නා රොටියක් ආහාරයට ගන්නේ ශක්තියක් ලබා ගැනීමටයි. පතෝල, පරිප්පු, වට්ටක්කා, ආදිය ඔවුන්ගේ ජනප‍්‍රියම කෑම වර්ගයි.
වනමැද දිනකට ගමන කිලෝමීටර් 10 - 15 ක් පමණි. පාන්දර හිරු නැගීමත් සමග අරඹන ගමන හැන්දෑවට නවත්වා වනාන්තරයේ සුදුසු තැනක ලැගුම් ගනී. රෙදි කඩක් බිම එලාගෙන ගහක් යට සදා ගන්නා යහන ඔවුනට දිව්‍ය යහනකි. අසල දිය කඩිත්තකින් බොන වතුර උගුර අමෘතය වැනිය.
වනාන්තරයේ අතු රිකිල්ලක්වත් කඩන්නට වන්දනා කරුවන්ගේ අත් එසවෙන්නේ නැත. කටු පඳුරු සිප එන දූවිලි සුළඟ පවා ඔවුනට ආශිර්වාදයකි.
පාගමනේ අඩියක් අඩියක් පාසා විවිධත්වයෙන් පිරී ඇත. විටක කටු පඳුරු සහිත ශුෂ්ක මාර්ගයයි. කරවටක් වතුරේ බැස තරණය කළ යුතු ගංගා, දිය කඩිති හමුවෙයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වන සිංහ රෙජිමේන්තුව යාල 4 කලාපයේදී බැතිමතුනට පානීය ජලය ලබාදුන්නේය.
වනමැද දින දහයක ගමනකින් පසු අපි ජූලි 29 දා උදෑසන කතරගමට ළඟාවීමු. තිරුක්කෝවිල්හිදී 160 ක් වූ වන්දනා නඩය කතරගමට එනවිට 350 ක් සිටියහ. මැණික් ගඟ දුටු කල්හි සියල්ලෝම අමුතු ජීවයක් ලදහ. ගඟට බැස මුව දෝවනය කැර ගත්පසු එම ජීවය දෙගුණ තෙගුණ විය.
දුෂ්කර මෙන්ම සුන්දර ගමන අවසන්වී කොළඹ කන්තෝරුවට පැමිණියද තවමත් නින්නාද වෙමින් අසෙන්නේ නැගෙනහිර බැතිමතුන්ගේ ”හරෝ හරා” යන හඬයි.

 සමන් කාරියවසම්
2012 අගෝස්තු මස 08 17:32:29 |
http://lankadeepa.lk/index.php/articles/57691 



























දේවාල ඉසව්වේදි මිනිසෙකුට වනඅලි ප‍්‍රහාරයක් - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 26

නිකිණි පෝය ගෙවී දින දෙකකි. රාත‍්‍රි අදුර වැටුණද එය කෑලි කපන තද අදුරක් නොවේ. අදුරත් සමග අහසේ තරු එකිනෙක එබිකම් කරන්නට විය. තුරුවියන අතරින් අහසෙ පෙනෙන්නේ කුඩා ප‍්‍රදේශයකි. නැගෙනහිරින් සද මෝදුවෙමින් තිබුණද සදකිරණ මිස සද නොපෙනිනි.
මේ කුමණ ජාතික වනෝද්‍යානයේ මහකැබිලිත්ත ‘‘සියඹලා දේවාලයට’’ පිවිසෙන කුඹුකන්ඔය ඉවුරේ මෙගොඩ නවාතැන් පොළයි. වෙනදා අතුරුසිදුරු නැතිව බැතිමතුන්ගෙන් පමණක් නොව විවිධ අත්හදා බැලීම්වලට පැමිණෙන්නගෙන් පිරී ඉතිරී උස්හඩින් කරන කතා නිසාම නිහඩබව බිදින මෙතැන එදින තරමක් නිහඩබවක් ගෙනාවේය.
මහකැබිලිත්තේ මිනිස් ක‍්‍රියාකාරකම්වලට වනඅලි එරෙහි වෙති

‘‘පහුගිය දවස්වල අලි ඇවිල්ලා මෙතනට ආපු මිනිස්සුන්ට කරදර කළා කියලා පත්තරවල තිබ්බා’’ හද එළියයි විදුලි ලාම්පු එළියයි මුසුවුණු ආලෝකයෙන් යන්තම් අදුර මකාගෙන ප්ලාස්ටික් පැදුරක් මත වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදෙන පිරිසක් අතර සිටි තරුණයෙක් කීවේය.
‘‘පත්තරකාරයෝ තමයි හැම විනාසෙටම මුල. උන් ඇවිල්ලා මොනවාහරි ලියනවා. ඉස්සර මෙතෙන්ට මෙහෙම මිනිස්සු ආවෙ නැතිලූ. බොරුවට හාස්කම් තියනවා කිය කියා ලියනකොට සමහර මිනිස්සු එනවනේ.’’ පත්තර සමග කුමන හෝ අමනාපයක් ඇතැයි සිතෙන ඇගපත හොදින් ඇති තවකෙක් කීවේ දොරේගලන ද්වේෂයකිනි.
‘‘ඒකනම් ඇත්ත තමා අපත් මෙහෙ ආවේ පත්තරවල යන කතා බලලනේ. කෝ ඔය කියන දේවල් දැක්කේ නෑනේ. ඇත්තටම පත්තරවලින් මෙහෙම මිනිස්සු රවට්ටන්න හො`දනෑ. මම දැක්කා එහාපැත්තේ කට්ටියක් ගංජාද කොහේද බොනවා. ඉන්න බෑ ගෙද්. පත්තරවල මෙතැන ගැන කතා පළවෙනකොට සමහරුන්ගේ හොද්ද බොර වෙනවා. සමහරු දවස් දෙකතුනට කපුවෝ වෙලා. වාහන කාරයන්ට ට‍්‍රැක්ටර් කාරයන්ට තමා කලදවස. අපිටත් පිස්සුනේ. මේවා කියෝලා මේ කැලේට එන අපිටයි මඩුවලිග වලින් ගහන්න  ඕනෑ.’’ පත්තර නුරුස්සන තවත් වයස හතළිහ ඉක්මවුවෙක් එසේ කියද්දී ඔහුගේ මුහුණේ මතුවු කේන්තියේ ස්වභාවය සුදුපැහැති විදුලිපහන් එළියෙන් හොදින් පෙනුනේ ඔහු වාඩිවී සිටියේ එම විදුලි පහන අසල නිසාය. ඒ මුහුණේ දිස්වු ඉරියව් අනුවනම් පත්තරකාරයෙක් ඒ මොහොතේ සිටියේනම් තෙල් ගන්නා තරමට පත්තරකාරයා මිරිකන කේන්තියෙන් මේ තැනැත්තා පසුවිය. කතාබහෙන් තේරුණේ ඔවුන් අගනුවර පැත්තේ පිරිසක් බවය.
දැන් තුරුවියන අතරින් හද ඉහළට ඇවිත් එබීකම් කරන අයුරු පෙනෙයි. කෙනෙක් දෙන්නෙක් කුමුකන්ඔයේ දියනාන හඩ ඇසෙයි. මේ අතර කුඹුකනඔයේ එගොඩ ඉවුරේ වැල්ලේ තැනින්තැන දැල්වූ පහන් එළි පෙනේ. ඒ පසුදින අලූයම් කාලයේ මුරුතැන් පුජාව සැකසිම සදහා සුදානම්වන අයුරුය.
වේලාව රාත‍්‍රී දහයට පමණ ආසන්න වෙමින් තිබිණි. කුඹුකන්ඔය එගොඩ ඉවුරේ පිහිටි සියඹලා දේවාලය දෙසින් මිනිසකුගේ විලාප හඩක් ඇසෙන්නට විය. නිහ`ඩ බව රජකළ රැයක් නිසා ඒ විලාප හඩ එහි සිටි හැම දෙනාගේම අවධානය දිනාගන්නට සමත්වුයේය.
‘‘කවුරුහරි කෑගහනවා.’’ හඩ ඇසී මෙගොඩ ඉවුරේ සිටි වැඩිදෙනකුගේ මුවින් ඉබේම පිටවිය. මිනිසාගේ විලාපයත් සමගම අතු කිහිපයක් බිදන හඩද ඇසෙයි. වාඩිවී සිටි හැමෝම ඒ හඩින් නැගිට්ටේ නිතැතිනි.
කතරගම දෙවි`දුන් ජීවමානව වැඩවෙසෙන බවට කාලාන්තරයක් තිස්සේ මිනිසුන්ගේ විශ්වාසයක් ඇති මහකැබිලිත්තේ සියඹලා දේවාලය දෙසින් මිනිසකුගේ විලප හඩක් ඇසෙතැයි කිසිවකුත් ප‍්‍රාර්ථනා නොකළ දෙයකි.
‘‘අදත් අලියා ඇවිල්ලා ද කොහේද?’’ කවුරුන් හෝ කියනු ඇසිනි.
කුඹුකන්ඔයේ මෙගොඩ ඉවුරට පිරිස එකතුවුයේ අසංවිධානාත්මකවය. හැමෝගෙම හදවත් ගැහෙන්නට විය. පත්තරකාරයන්ට බැන්න නඬේ සාමාජිකයෝ ගල්ගිල්ලා සේ තුෂ්නිම්භූතව එගොඩඉවුර දෙස ඇසිපිය නොහෙළා බලා සිටිති.
මේ අතර විලාපය ඇසුණු දෙසින් විදුලි පන්දම් එළි කිහිපයක් කුමුකන්ඔය ඉවුර දෙසට එනු මෙගොඩ ඉවුරේ අයගේ දෙනෙත්වලට පෙන්නට විය.
‘‘කවුරුහරි උස්සගෙන එනවා නේද?’’ අදුරු රැයේ අඩ අදුරේ දුටු දසුනින් මොගොඩ ඉවුරේ සිටි අයගෙන් ඇසුණු පැනයකි. ඒත් ඒ පිළිතුරක් බලාපොරොත්තුව ඇසූ පැනයක් නොවීය.
සියඹලා දේවාලය දෙස සිට පැමිණි පිරිස ඔසවාගෙන ආ තැනැත්තා කුඹුකනඔයේ එගොඩ ඉවුරේ වැල්ලේ බිම තියනවා දුටු මොගොඩ ඉවුරේ සිටියවූවෝ එකාදෙන්නා කුඹුකනඔයට බැස ‘‘ජබ.. ජබ..’’ගා වතුරින් එගොඩව එදෙසට ඇදෙන්නට වූහ.
‘‘අලියා ගහලාලූ.’’ වැල්ලේ බිම වැතිරී සිටිමින් කෙ`දිරිගාන තරුණවිය ඉක්මවමින් සිටි තැනැත්තා දෙස එබිකම්කළ කවුදෝ කීවේය.
‘‘ටිකක් අමාරුයි වගේ. මුත‍්‍රා එක්ක ලේත් පිටවෙනවා.’’ ලෙඩාගේ රෝග තත්ත්වය තවදුරටත් කීවේ ඔහු ඔසවාගෙන ආ පිරිසේ කෙනෙකි.
‘‘කොහේ නඬේක කෙනෙක්ද?’’ ඊළගට ඇසුණු පැනය විය.
‘‘මේ මනුස්සයා තනියම ඇවිත් තියෙන්නේ. අර එගොඩ ඉවුරේ ගහකට හේත්තුකරලා තිබුණු බයිසිකලෙන්නේ ඇවිත් තියෙන්නේ. බෝධියට එහා සියඹලාව දේවාලයට යන පාරෙදි රැකගෙන හිටපු අලිය ගහලා.’’ ඒ පිළිතුර විය.
‘‘මීට සති දෙක තුනකට ඉස්සරත් අලියා ඒ හරියෙදි සියඹලාවට යන්න දුන්නේ නැ කියලා පත්තරේ තිබුණා.’’ මේ ලිපි පෙළ ඔස්සේ කළ හෙළිදරව්වක මතකයක් කිසිවෙක් සිහිපත් කළේය.
‘‘ඇත්ත... ඇත්ත... ඉස්සර සියඹලාව දේවාලය ඇති ප‍්‍රදේශවලට ආ සතා සිවුපාවාට දැන් මිනිස්සු එන හින්දා එන්නම විදියක් නෑ. දැන් රෑට රෑට උන් එනවා. උන්ගේ ගමනට බාධා කරන අයට පහරදෙනවා. රෑ බෝවුනාම සියඹලාව දේවාල බිම වනසත්තුට බාරදීලා අපි දවල් කාලයට යන්න  ඕනෑ. මිනිස්සු අවිචාර වෙනකොට සත්තු හරි මිනිස්සුන්ව පාලනය කරනවා.’’ ලෙඩාගේ කෙදිරි හඩ අස්සේම එය අබිබවමින් ඇසෙන්නට විය.
පසුගියදා කුඩා සියඹලාව දේවාලය අසල පිහිටි කුඩා සියඹලා ගසේ බැදතිබූ පඩුරු වනඅලියකු විසින් හොඬෙන් සූරා ඇද දමා තිබුණු බව නිතර එහි යන එන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා මා සමග කීවේය.
වෙනදා නිසොල්මනේ එහි ගොස් බෝධීන් දෙනම වන්දනාකර පසුව සියඹලාව දේවාලය අසලට ගොස් කතරගම දෙවියන් වෙනුවෙන් මුරුතැන් පුජාවක් සමග පුජාවට්ටියක් තබන දේව භක්තිකයන් වෙනුවට අද විවිධ පුජා භාණ්ඩ රැගෙන එහි යන සිරිසක් සිටිති. ත‍්‍රිශූලද, පින්තූරද ලොකු කුඩා පහන්ද වෙනත් භාණ්ඩද ඔවුන් ගෙනයන දෑ අතර වේ. සමහරු කොන්ක‍්‍රීට් වලින් තැනු කුඩා පිළිම ගෙවල්ද කුඩා සියඹලාව සහ මහ සියඹලාව අසල තැන්පත්කර තිබේ.
නමුත් මෑතක සිට එහි එන වන සතුන් මේ අනවශ්‍ය පුජා භාණ්ඩ එතැනින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවක් පෙනෙන්නට ඇතැයි කීවේද විමල් කොඩිතුවක්කු මහතාය. එහි එන වනඅලි දැන් මේ කටයුත්තට නායකත්වය දෙන බව ද ඔහු අවධාරණය කළේය.
වනඅලියෙකුගේ ප‍්‍රහාරයෙන් වේදනා විදින මිනිසා තවමත් කුඹුකන වැල්ලේය. මැදියම් රැය ඉක්ම යමින් තිබේ. මිනිස් වාසයකට ළගම දුර කිලෝමීටර් තිස් පහක් හතළිහකි. රාත‍්‍රීයේ වනෝද්‍යානය හරහා ගමන අවදානම්ය. නමුත් කොටියාගල දෙසින් වාහන වලින් මහකැබිලිත්තට එන යන පිරිස් රැය දවාල නොතකා එති යති.
එමෙන්ම මහකැබිලිත්තට ඇවිත් පුජාවක් නොතබා ආපසු යන්නට කිසිවකුත් කැමති නැත. මේ නිසාම වනඅලි පහරින් වේදනා විදින තැනැත්තාට පසුදා පහන් වනතුරු එලෙසම ඉන්නට සිදුවිය. කොළඹ ප‍්‍රදේශයෙන් පැමිණි නඩයක වාහනයක නංවා පසුදා අලූයමින්ම මොණරාගල රෝහල කරා යැවිනි.
මේ වනඅලි ප‍්‍රහාරයට ලක්වු තැනැත්තා මොනරාගල  රෝහලේ ශල්‍යවාට්ටුවේ පසුගිය 05දා වනවිටත් ප‍්‍රතිකාර ගත් බව දුරකතනය මගින් මම තහවුරු කර ගත්තෙමි. මාළඹේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකුවු ඔහු සිය පාපැදියෙන් මේ ගමන පැමිණ සිටියේය. කොටියාගල ගමේදී කිහිපදෙනකු හමුවු ඔහු තමන් අත තිබු පොතක කොටියාගල ගමට පැමිණි බව සහ එතැනින් මහකැබිලිත්ත බලා පිටත්ව ගිය බවට සටහන් දමාගෙන තිබුණි.
පාපැදියකින් මේ මහවන බැද ගමන් කිරිම නුසුදුසු බව කොටියාගල ගම්වැසියන් ඔහුට පෙන්වාදුන්නද ඒ අවවාද නොතකා මේ ගමන පිටත්ව තිබේ. කෙසේ වෙතත් කොටියාගල සිට කිලෝමීටර් හතළිහකට ආසන්න දුරක් කුමණ මහ වන මැදින් මහකැබිලිත්තේ දේවාලයට යන කුඹුකනඔය ඉවුර දක්වා නිරුපද්‍රිතව ඔහු පැමිණ ඇත්තේ පසුගිය 03දා සන්ධ්‍යාවේය.
ඔහුගේ පාපැදිය කුඹුකනඔයේ මෙගොඩ නවත්වා විවේක ගෙන රාත‍්‍රියේ සියඹලා දේවාලයට යද්දී වනඅලි ප‍්‍රහාරයට ලක්ව තිබේ. මහකැබිලිත්ත දේවාල බිම අවට මහවනයේ ඇති හාස්කම් ගැන උපහාසාත්මකව බැලූ බොහෝ දෙනෙක් පසුගිය මාසයක කාලය තුළ සිදුවු වනඅලි ප‍්‍රහාර කිහිපයක් සමග මුනිවත රකින බව පෙනේ.
පත්තරවලටත් මහකැබිලිත්ත ගැන ලියන පත්තරකාරන්ටත් දොස් තැබු සමහරුම එහි ගොස් පරිසරය වනසන අයුරු දැකගැනීමට හැකිවිය. එහෙත් කිසිදු පුවත්පතක හෝ විද්‍යුත් මාධ්‍යයකින් මහකැබිලිත්ත දේවාල භූමිය අවට හෝ වනාන්තරය අපවිත‍්‍ර කරන්නැයි ඉල්ලා නොසිටියේය. නිරන්තරයෙන් ඉල්ලා සිටියේ අපවිත‍්‍ර නොකරන ලෙසය.
එසේම විවිධාකාර අසංවර ඇදුම්වලින් සැරසී කිසිදු ගරුසරුවක් නොමැතිව වනචාරින් මෙන් හැසිරෙමින් එහි ආගිය පිරිසද වැඩිවිය. මහකැබිලිත්ත දේවාලය පිහිටි කුමණ ජාතික වනෝද්‍යානය අයත් වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරින්ද මේ වනෝද්‍යානයේ පරිසර හානියට පිළියම් නොයොදා මුනිවත රකිමින් සිටී.
ඒ් නිසා කාලාන්තරයක් තිස්සේ මහකැබිලිත්තේ සියඹලා දේවාලය සහ අවට ප‍්‍රදේශය සිය වාසභූමි කරගත් වනඅලි ඇතුළු වන සතුන් එහි යන අවිචාර මිනිසුන්ට පාඩම් කිය දෙන්නට දැන් පටන්ගෙන තිබේ. මීට මාසකට පමණ පෙරදී එක් රාත‍්‍රියක කූඹුකනඔය එගොඩ ඉවුරේ ක‍්‍රියාත්මක කර තිබූ විදුලිය ජනක යන්ත‍්‍ර පහකට වැඩි ප‍්‍රාමණයක් වනඅලියකු පැමිණ වනසා දැමු බව සිද්ධිය ඇසින් දුටුවෙක් කීවේය. දින කිහිපයකම වනඅලියා එතැනට පැමිණි බව වාර්තාවිය.
මේ නිසා දැන් මහකැබිලිත්තට යාම ජිවිත අවදානම් ගෙනදෙන ගමනක් බවනම් නොකියා බැරිය. බෝධිපුජාවක් පවත්වන තැනට කඩා වැදුණු වනඅලියෙක් රාත‍්‍රියේ සියඹලා දේවාලයට කිසිවකුටත් යන්නට ඉඩ නොදුන්නේය.
වනසතුන්ගේ මේ බාධා කිරිම් නොතකමින් යළි යළිත් මිනිස්සු එහි යන්නට වූහ. පසුගිය තුන් වැනිදා ජිවිත හානියක් නොකර මිනිසකුට පහරදීමක් කර අදුරු වැටුණු පසු මෙහි නොඑන්නැයි වනඅලියෙක් මිනිස් සමාජයටම පාඩමක් කියා දුන්නේය. මේ පාඩම් දෙක ඉගෙන නොගෙන කටයුතු කළොත් ඉදිරියේ සිදුවන්නේ ජිවිතයකින් වන්දි ගෙවීමක් වන්නට ද බැරි නැත.
මීට මාස කිහිපයකට පෙර කතරගම දෙවියන්ට දැඩි භක්තියකින් පසුවු භක්තිවන්ත පිරිමින් පමණක් පැමිණි  මේ පූජා බිම පසුව විවිධ විඡ්චුරණ ඇදුමින් සැරසුනු ගැහැණු පිරිමි ළමා ළපටින් සමග  විනෝද ගමන් එන තැනක් බවට පත්විණි. පුවත්පත් වලට දොස් තබන වැඩි දෙනෙක් එහි අවේ එලෙසය. නමුත් එසේ නොඑන්නැයි පුවත්පත් මගින් නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියත් ඒවා බිරි අලින්ට විනා වැයුමක් වැනි විය.
නමුත් මහකැබිලිත්ත අවට වනඅලි ඇතුළු කුළුමීමුන්, දිවියන්, වලසුන් වැනි වනමෘගයන් දැන් තම වාසභූමි වනසන්නන්ට එරෙහි වෙමින් නැගී සිටිමට පටන්ගෙන තිබේ. ඒ නිසා අපට යමක් කියන්නට තිබේ. ඒ අනවශ්‍ය අකාරයට මහකැබිලිත්තට නොඑන්නැයි යන පණිවිඩයයි. දැන් සමහරු කතරගම නොගොස් මහකැබිලිත්තට එන්නට පුරුදුව සිටිති. කතරගම දෙවියන්ගේ දේවාභරණ තැන්පත් කර ඇති කතරගම මහ දේවාලයට ගොස් ඔබට පුදපුජාවන් පැවැත්විය හැකිය.
වර්තමානයේ පෙනෙන්නට ඇති වනසතුන්ගේ නැගිටිම නම් එතරම් සුබදායක නැත. මේ ආකාරයට වනසතුන් කුපිතවුවහොත් එය අතිශය භයානක සහ අවදානම් සහගත වනු ඇත. ඒනිසා කාන්තාවන් ළමා ළපටින් රැුගෙන මහකැබිලිත්තට පැමිණීම නම් දැන් අතිශයින් අවදානම් සහිත ගමනකි. යම් අනතුරක් සිදුවන්නට පෙර ඒ අවදානම පෙන්වා දීම පත්තරකාරයන්ගේ වගකීමය. අනතුරක් සිදුවු පසු පත්තර වලට දොස් තබනවා වෙනුවට මෙහි නොපැමිණ සිටිමට හැකිනම් එය වඩාත් සුබදායකවනු ඇත.

අජිත්ලාල් ශාන්තඋදය
2012 අගෝස්තු මස 12 14:22:36 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

කුමණ වනයේ වනඅලියෙක්
 කුඹුකන් ඔය ඉවුර
 වනඅලි ප‍්‍රහාරය එල්ලවි ඇත්තේ මේ ඉසව්වේදීය
 මහසියඹලාව


දඩයම්කරුවකුගේ වෙඩිපහරට ලක්වූ කුමන සද්දන්තයා කුඩුම්බිගල ආරණ්‍යයට පැමිණ දුක කියයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 25

මහ වන මැද පිහිටි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි සිවුරුමුල්ලේ ධම්මසිරි හිමියන් පරිසරයට දැඩි ඇල්මක් දැක්වු හිමි නමකි. මිනිස් වාසයෙන් තොර වන මෘගයන් අතර ගල්ගුහාවක වෙසෙමින් ආරණ්‍ය සේනාසනයට දානමාන ගෙනෙන පිංවතෙකුගේ පිහිටක් නොමැති හැම අවස්ථාවකම මෙහි වැඩවසමින් මහනදම්පිරූ භික්‍ෂුන්ගේ කුස පිරුණේ වනාන්තරයෙන් ඇති ගහවැලක හටගත් පළතුරකිනි.
කතරගම දෙවියන් ලක්දිවට ගොඩබැස්ස බවට විශ්වාස කරන ඔකද දේවාලය පිහිටි බිම මේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ කදුමුදුනට පැහැදිලිව පෙනෙයි. වනඅලි, දිවියන් මෙන්ම වළසුන් වැනි වනසතුන්ට මේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසන භූමිය හුරු පුරුදුය. එහි වැඩවිසූ ධම්මසිද්ධි හිමියන් ශාන්තසිරි හිමියන් ඔවුන්ගේ මිතුරන් වැනිය.
කොටි ත‍්‍රස්තයන්ගෙන් පමණක් නොව දඩයම්කරුවන්ගෙන් සිදුවන හිරිහැරයන්ගෙන් මිදෙන්නට පිහිට පතා කුඩුම්බිගල වන අරණට ආ වනසතුන් අපමණය. ඇතැම් අවස්ථාවල එවැනි සතුන් මේ ආරණ්‍යයේ භික්‍ෂුන් වහන්සේගේ පිහිටෙන් තවදුරටත් මෙලොව ජීවත්වූ සිදුවීම් රැසක් බොහෝ දෙනාගේ මතකයෙන් ඈත් නොවී පවතී.
ත‍්‍රස්තවාදය ආරම්භවු මුල් වකවානුවේ පොතුවිල් ප‍්‍රදේ්ශයෙන් දඩයක්කරුවන් පානම හරහා කුඩුම්බිගල ඇතුළු කුමණ ජාතික වනෝද්‍යානයට පිවිස සිත්සේ සතුන් දඩයම් කරන්නට පටන් ගත්තේය. එකළ දඩමස් කන්නට පොතුවිලට යන්නට සමහර දඩමස් කන්නෝ පුරුදුවද සිටියහ. නමුත් තමන්ට සිදුවන මේ අවනඩුව කියන්නට වනසතුන්ට කෙනෙක් හිටියේ නැත. හිටියත් භාෂාව ඊට හරස්විනි. එහෙත් කුඩුම්බිගල ආරණ්‍යයේ වැඩවිසු ඒ භික්‍ෂුන් වහන්සේලා වනසතුන්ට අත්වන මේ කනගාටුදායක ඉරණම ක්‍ෂණිකව අවබෝධකර ගත්හ. වනජීවී නිලධාරීන් සමග එක්වූ උන්වහන්සේලා මේ වනසතුන්ගේ ගැලවුම්කාරයෝ වුහ.
මස්වැද්දන් හා සටන් කරන්නට උන්වහන්සේලාට නොහැක. පස්පව් දස අකුසල් කියාදී සත්ත්ව ඝාතනය නවත්වන්නට උන්හවන්සේලාට මේ අපරාධකාරයන් පොළඹවා ගැනිමටද නොහැකි. ඒ නිසා 1984 වර්ෂයේදී නැගෙනහිර පළාතභාරව සිටි යුදහමුදාවේ ජනප‍්‍රිය නිලධාරියෙකුවු බි‍්‍රගේඩියර් ආනන්‍ද වීරසේකර මහතාව නජිවි නිලධාරින් සමග එක්ව මේ බව දන්වා ඔහුගේ සහාය පැතීය.
යුදහමුදා නිළධාරියෙක් වුවද උණුවන හදවතක් තිබු වීරසේකර මහතා වහාම යුද හමුදා අනුකණ්ඩයක් පිහිටුවා මේ දඩමස් ජාවාරම නැවැත්තුවේය. කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබෙන මේ ඉසව්වේ කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරිම ඒ බිමේ භාවනුනුයෝගිව වැඩ වෙසෙන භික්‍ෂුන් වහන්සේගේ සිරිතකි. ඒ පින් ලබාගන්නා කතරගම දෙවියන් තම අඩවියේ වෙසෙන යහපත් සියලූදෙනා ආරක්‍ෂාකරන බව කාලයක පටන් එන ජන විශ්වාසයකි.
මෙවැනි අපුරු සිදුවීමක් 2002 වසරේදි කුමණ ජාතික වනෝද්‍යානයේදි සිදුවිය. කුඩුම්බිගල ආරණ්‍යයට නිතර යනඑන ඒ ඉසව්ව තම වාසභූමිය කරගත් සද්ධන්ත වනඅලියෙක් සිටියේය. හදිසියේම උගේ ඉදිරිපස කකුළකට වෙඩි වැදි ඇතිබව ධම්මසිද්ධි හිමියන්ටත් ශාන්තසිරි හිමියන්ටත් පෙනිනි. තනිව ආහාර සොයාගත නොහැකි මේ වනඅලියාට කුස පිරෙන්න ආහාර සැපයුනේ ආරණ්‍යයේ හිමිවරුන්ගෙනි.
මේ කාලයේ කුමණ ජාතික වනෝද්‍යානයේ භාරකරුව සිටියේ එම්.ආර් මොහොමඞ් මහතාය. නිර්මාංෂිකයෙකුවූ ඔහු වනසතුන්ට ආදරයකළ නිලධාරියෙකුවිය. ඔහුගේ දෙවැන්නාවු ඞී.පීි. සියාසිංහ මහතාද එසේමය. කුඩුම්බිගල ආරණ්‍යයට නිතර දන්දෙමින් ධම්මසිද්ධි හිමියන් ඇතුළු භික්‍ෂුන් වහන්සේලා සමග කුලූපගුව සිටි මේ නිලධාරින්ට වෙඩිවැදුනු වන අලියා ගැන තොරතුරු දැනගන්නට ලැබිණ.
මෙම නිලධාරීන් මැදිහත්ව වහාම අලියාට ප‍්‍රතිකාර කිරිමට උඩවලව ඇත්අතුරු සෙවනේ එවකට සිටි පශූ වෛද්‍ය සුහද ජයවර්ධන සහ විජිත පෙරේරා යන මහත්වරු ඇතුලූ කණ්ඩායමක් කුඩුම්බිගල ප‍්‍රදේශයට පිටත්ව ආවේය.
කිලෝමීටර් දෙසියකට වැඩිදුරක් ගෙවා ඔවුන් එහි එනවිට මේ වනඅලියා තුවාල කකුල ද අද්ද අද්දා කුඩුම්බිගල ආරණ්‍ය සේනාසන භූමියෙන් ඈතට ගොස් තිබුනි. ආරණ්‍යයේ වැඩවසන ශාන්තසිරි හිමියන් වනඅලියාට කෑම දෙන්න සොයා බලද්දී ඌ එහි නොසිටියේය. අලියා ගිය පාර කැලෑවේ සලකුණු වී තිබූ නිසා උන්වහන්සේ ඒ පාර ඔස්සේ ඉදිරියට ගමන් කළේය. ගහකොළට, සතා සිවුපාවාට ආදරය කළද ශාන්තසිරි හිමියන් මේ කැලැවේ යන ගමන අවදානම්ය. කුලූ මීමෙකු, වළසෙකු, තවත් වනඅලියෙකු ඉදිරියට මුණ ගැසුනොත් එය ජීවිතයට පවා හානියක් විය හැකිය.
ශාන්තසිරි හිමියෝ දැන් කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයෙන් කිලෝමීටර් දහයකටත් වඩා දුරක් කැලෑව ඔස්සේ ඉදිරියට ගොසිනි. ඉදිරිපස කකුලට වෙඩි වැදීම නිසා වු තුවාලය හේතුවෙන් එම කකුළ අද්ද අද්දා අලියා ඉදිරියට ගිය මං සලකුනු තවමත් පෙනේ. තමන් විදින වේදනාව තව කෙනෙකුට පැවසිය නොහැකි මේ සද්ධන්තයා කිලෝ මීටර් පහළොවකට වැඩි දුරක් මහකැලේ ඔස්සේ ඔකද පිහිටි වනජිවී දෙපාර්තමේන්තුවේ කුමණ වනෝද්‍යානයේ කාර්යාලය අසලට පැමිණ ඊට ටිකක් නුදුරින් පිහිටි පළිහදාපු වලේ දිගාවී සිටින අයුරු ශාන්තසිරි හිමියෝ දුටුවහ.
කුමණ වනෝද්‍යානය බාර මොහොමඞ් මහතාට සියාසිංහ මහතාට සිද්ධිය උන්වහන්සේ දන්වා සිටියහ. උඩවලවෙන් ආ පශූ වෛද්‍ය පිරිස පළිහදාපු වළට ගොස් අසාධ්‍යව සිටින මේ වනඅලියාගේ කකුලට ප‍්‍රතිකාර කිරිම ආරම්භ කළේය. එහෙත් ඒවනවිටත් මිනිස් වෙස්ගත් තිරිසනෙකුගේ ගිනිබටයකින් නිකුත්වු වෙඩි උණ්ඩය වැදුණු තුවාලය තරමක් බරපතළ එකක් විය.
වසර ගණනාවක් තිස්සේ තමන් වහන්සේලා වැඩවෙසෙන ආරණ්‍ය සේනාසනය අසලට පැමිණ ආපසු යන මේ වනගත මිතුරාගේ රෝගීවීම සෙනසුනේ නායක හිමියන්ටත්, ධම්මසිද්ධි හිමියන්ටත් ශාන්තසිරි හිමියන්ටත් ගෙනදුන්නේ තරමක සිත් වේදනාවකි. කුමණ ජාතික වනෝද්‍යානයේ වනජිවී නිලධාරින්ටද එය දැඩි කම්පනයක් ගෙනදුන්නේය.
කුමණ ගම්මානයේ ඉපදි වනසතුන්ගේ ලෝකය ගැන හොද අවබෝධයක් තිබු වනජිවී දෙපාර්තමේන්තුවේ අඩවි සහකාර බී. ගුණසිංහ මහතා මේ සද්ධන්තයා ගැන කාලයත් තිස්සේ දැනසිටි නිලධාරියෙක් විය. රාජකාරියට වනයට පිවිස ඇතැම් අවස්ථාවල මුණ ගැසෙන මේ වනඅලියා ඔහුගේ වනගත මිතුරෙකුවිය. කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබෙන, අනුහස් තිබෙන මේ අඩවියේ තම වනගත මිතුරාට වු ඇබැද්දිය ගැන ඔහුද සිටියේ අතිශය කම්පනයට පත්වය.
පළිහදාපු වලේ වැටී වෛද්‍ය ප‍්‍රතිකාර ගනිමින් සිටි මේ වනගත මිතුරාගේ තත්වය ඉතා අසාධ්‍ය බව වනජිවි නිලධාරින්ට අවබෝධවිය. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන්ට තත්ත්වය දන්වා යැවීමට වනජිවී නිලධාරින්ද පියවර ගත්තේය. පණිවිඩය ලද එදින හොදින් හිරු පායා තිබුනු දවසක් විය. කුඩුම්බිගල නායක හාමුදුරුවන් පෙරටුකරගෙන ධම්මසිද්ධි හිමියන් සහ ශාන්තසිරි හිමියන් එතනට වැඩියේය.
පළිහදාපු වලේ ටිකදුරක් ගොස් වතුරේ වැටි සිට සද්ධන්තයා ජිවිතයත් මරණයත් අතර සටනකය. වෛද්‍යවරු උගේ ජිවිතය බේරා ගැනීමට කළ හැකි ප‍්‍රතිකාර යුහුසුලූව කරති. නමුත් මේ තිරිසනාගේ  ජිවිතයේ අන්තිම හෝරා කිහිපය මෙය වියහැකිබව වැඩමකළ බුද්ධ පුත‍්‍රයන්ට අවබෝධවිය.
උන්වහන්සේලා දෙවරක් සිතුවේ නැත. දණක් වතුරට බැස වතුරේ වැටී සිටි අලියාට කිට්ටු කළේය. කැලේ සද්ධන්තයා වුවත් ඌ දැන් අසරණය. හිමිවරුන්ගේ සිවුරුවල පාට දැක ඇසිපිල්ලමක් හෙලූ මේ සද්ධන්තයාගේ ඇසින් කදුළු ගලන්නටවිය. ඒ කදුළු බිදු තුල වචන සියදහසක පණිවිඩයක් ඇතිබව එතැන සිටි සැමට අවබෝධවිනි. සද්ධන්තයාගේ හොඩය අතට ගත් මේ බුද්ධපුත‍්‍රයෝ සෙත් පිරිත් සඡ්ඡායනය  පටන්ගත්හ. සෙත්පිරිත් සඡ්ඡායනය මැද්දේම මේ සද්ධන්තයා අවසන් සුසුම් හෙලූවේ මිනිස්වෙස්ගත් තිරිසනුන් වෙසෙන මේ ලෝකයේ මිනිසත්කම ඇති දෙවිවරුන්ගේ වෙස්ගත් මිනිසුන්ද ඇතිබව ලොවටම කියාපාමිනි. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ ධම්මසිද්ධි හිමියන් පසුගිය වසරේදි අපවත්වීමද, වනසතුන්ට ආදරය කල ඇතැම් වනජිවී නිලධාරින් වෙනත් ප‍්‍රදේශවලට ස්ථානමාරු ලැබ පිටත්වයාමද මේ අඩවියේ වනසතුන්ගේ අභාග්‍යයට හේතුවක් විය.
බෞද්ධ, හින්දු බැතිමතුන්ගේ විවිධ පුද පූජාවන්ට පත් කතරගම දෙවියන් මෙරටට ගොඩබැස්ස බවට විශ්වාස කරන ඔක`ද දේවාලයට නුදුරින් පිහිටි පළිහදාපු වලේ දී මේ සද්ධන්ත වනගත මිතුරාගේ අවසන්ගමන් යාම ගැන වනජීවී නිලධාරීන් තුළවූ කණගාටුව දින ගණනාවක්ම පැවතුනි. ඔකද දේවාලයටද දිනපතා පැමිණි මේ නිලධාරින් එහි පැවැත්වෙන පුද පුජාවන්ටද එක්වෙමින් වනසතුන්ට දඩයම්කරුවන්ගෙන් සිදුවන හානි වළකා දෙන්නැයි කතරගම දෙවියන්ගෙන්ද අයැද සිටියහ.
කතරගම දෙවියන්ගේ අඩවියේදී තවත් අත්දැකීමකට මුහුන දුන්නේ මීට වසර ගනනාවකට පෙර ආරුගම්බේ නාවික හමුදා කදවුරේ අණදෙන නිලධාරියාව සිටි ලූතිනන් කමාන්ඩර් නිලවීර මහතා අතුලූ පිරිසකටය. නිලවීර මහතා වනසතුන්ටත් පරිසරයටත් දැඩි ඇල්මක් දැක්වූ කෙනෙක් විය. ඇතැම් අවස්ථාවල කුමණ වනජිවි නිලධාරින්්ට ඔහුගේ සහාය ලැබීම නිසා වනසතුන් රැසක් චඩයක්කරුවන්ගෙන් බේරා ගැනීමට හැකිවිය. විවේකයක් ලද හැම අවස්ථාවකම ඔහු කුමණට පැමිණ කැලෑවේ ඇවිද්දේ වනජිවී නිලධාරින් සමගය.
දිනක් නිලවීර මහතා සිය නිලධාරි කන්ඩායමක් සමග කුමණට පැමිණියේය. වනජිවී නිලධාරින් කණ්ඩායමක්ද සමග කුමණ විල්ලූව, බොවත්තගල්ගේ ආදි ප‍්‍රදේශවල සැරි සැරුවේ කොටි ත‍්‍රස්තයන් එහි සිටින බව දැනගෙනය. ආරක්‍ෂක නිලධාරියෙකු වුවත් ඔහු කැලෑ  ගමනේදී සිදුකරන චාරිත‍්‍රවාරිත‍්‍ර ඒ ආකාරයටම ඉටුකරන පුද්ගලයෙක් විය. වනජිවී අඩවි සහකාරවරයෙකුවු බී. ගුණසිංහ මහතාගෙන් කතරගම දෙවියන්ගේ බලපරාක‍්‍රමය ඇති කැලෑවන්හි ගමන්වලදි අනුගමනය කරන සිරිත්විරිත් අසා දැනගෙන සිටියේය.
කැලෑවේ ඇවිද ගිය පිරිස කුඩා කැබිලිත්ත සහ මහ කැබිලිත්ත දේවාල දෙක අතර පිහිටි ගල්අමුණ නැමැති ක`දවුරු බිමට පැමිණියේ විඩා නිවාගන්නටය. කුමණට පායන කාලය නිසා ඒ දිනවල දිවාකල හිරුද ගෙනදුන්නේ වැඩි රස්නයකි. හිරු මුදුන්වන විට ඔවුන් ගල්මුණට එන විට හිරුට සැ`ගවෙන්නට එක`දු වලාකුළක්වත් අහසේ නොවීය. ඉඩෝරයට කුඹුකන්ඔයේ දියපාරද කේඩැරිවී ගොසිනි. නිලවීර මහතා ඇතුලූ ප‍්‍රධානින් කුඹුකන්ඔයේ විඩා නිවද්දී තවත් නිලධාරින් පිරිසක් දිවා ආහාරය පිළියෙල කරන්නට සූදානම් විය.
ගල්අමුණට පැමිණ විඩා නිවමින් අඩහෝරාවක් පමණ ගත කරද්දී පරිසරයේ වෙනසක් ඔවුන්ට දැනෙන්ට විය. කොටි ත‍්‍රස්තයන්ද ගැවසෙන මේ බිමේ අනතුරකට  ඕනෑම මොහොතක මුහුණ දීමේ සුදානම ඇතුව මේ කෙටි විවේකය ගැනීමට නිලවීර මහතා ඇතුලූ පිරිස කටයුතු කර තිබුණි.
පැහැදිලිව තිබු අහසේ දැඩි හිරු රැස් ගෙනදුන් හිරු හදිසියේම වැසිගියේ අදුරු වළකුලකිනි. විනාඩි කිහිපයක් ඇතුළත සිදුවු මේ කාලගුණ විපර්යාසය සැම දෙනාම පුදුම කරවන්නක් විය. හිටි හැටියේම හෙණහඩ නංවමින් අකුණක් පුපුරා ගියේය. දිවා ආහාරය පිළියෙල කිරිම වහාම නවතා දැමු පිරිස විනාඩි කිහිපයකින් ගල් අමුනෙන් පිටත්වූහ.
කිලෝමීටර් විසිපහකට ආසන්න දුරක් ගෙවා ඔකදට පිරිස පැමිණියහ. නමුත් ඒ වනවිට අහසේ තිබු අ`දුර පහව ගොසිනි. මේ සිදුවීම විශ්මයජනක එකක් බව නිලවීර මහතා ඇතුලූ පිරිස අදටත් සිහිකරති.
පසුව ආරංචිවි තිබුණේ ඊට පෙර දින රාත‍්‍රියේ කුමණ වනෝද්‍යානයේ ඉදිරි මායිමක පිහිටි කොටියාගල ගමට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවී තිබු බවයි. එම ප‍්‍රහාරයට එක්වු කොටි ත‍්‍රස්තයන් සමහරවිට ආපසු පැමිණෙන්නට ඇත්තේ මේ පිරිස විඩා නිවමින් සිටි ගල්අමුන ඔස්සේ විය හැකියැයි නිලවීර මහතා ඇතුලූ පිරිස අනුමාන කළහ. නාවික හමුදා සේවයෙන් විශ‍්‍රාම ලැබ සිටින නිලවීර මහතා අද ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරයි.

අජිත්ලාල් ශාන්තඋදය
2012 අගෝස්තු මස 05 13:28:22 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 ඔකද දේවාලය
 කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ නටබුන්ව ගිය චෛත්‍යයක්
 අපවත්වීවදාළ සිවුරුමුල්ලේ ධම්මසිද්ධි හිමි
 දිය සිදුනු කුඹුකන්ඔය

එස්.ටී.එෆ්. ප‍්‍රධානියා ඉදිරියට කඩාපැන්න කුළුමීමා - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 24

ඔකද දේවාලය දෙසින් නැගී ආ හිරුගේ රත්පැහැති ආලෝක කදම්බය කුමණ ජාතික වනෝද්‍යානය පුරාවට ද පැතිර ගොසිනි. රාත‍්‍රිය පුරා එහෙ මෙහෙ යමින් අහර සොයා ගිය සතා සිවුපාවෝ ද යන්තම් සැගවීමට තැන සොයා කඩිනම් ගමනේ යති. ඒ අතර සිවුපා සතකුට බියවූ කිරළෙක් අහසට නැගී නැගූ හඩ වනාන්තරයේ නිහැඩියාව බින්දේය.

යුද්ධය නිමාවී නොතිබු වකවානුවේ කුමණ ජාතික වනෝද්‍යානයද කොටි ත‍්‍රස්තයන් සැරිසැරූ පමණක් නොව කදවුරු බැදගෙන සිටි ප‍්‍රදේශ නිසා ආරක්‍ෂක අංශවල අවධානයට යොමුව තිබූ ප‍්‍රදේශයකි. 2001 වර්ෂයේ ජුනි මස 19 දින ඔකද දේවාලය අසල පිහිටි ගල් තලාවේදී එවකට කොටි සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයන්ව සිටි පවන් සහ වලලූවන් යන දෙදෙනා ආරක්‍ෂක අංශ වෙඩි ප‍්‍රහාරයකට ලක්වීම වනෝද්‍යානයේ සතා සිවුපාවුන් රැසකගේ ජිවත්වීමේ අයිතිය තහවුරුවීමට හේතුවක් විය.
කතරගම දෙවියන් ලක්දිවට ගොඩ බැස්ස තැන බවට විශ්වාස කරන මේ ඔකද දේවාලය අසලදී එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවූයේ ඊට සති කිහිපයකට ඉහතදී යාල ජාතික වනෝද්‍යානයේ තල්ගස්මංකඩ යුද හමුදා අනුඛණ්ඩයට දරුණු ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප‍්‍රතිඵලයකැයි විශ්වාසයක් තිබිණි.
නැගෙනහිර පළාතේ ක‍්‍රියාත්මක කොටි ත‍්‍රස්තයන් කුමණ ජාතික වනෝද්‍යානය තෝරාගෙන තිබුණේ එතැනින් දකුණු පළාතට සහ මොණරාගල හා අම්පාර දිස්ත‍්‍රික්කයන්ට සංක‍්‍රමණය වන්නට පහසුවන ලෙසය. ඔක`දට ධීවර වෙස්ගෙන මුහුදින් එන මේ ත‍්‍රස්තයන් පසුව කැලෑවට ඇතුළුවීම සාමාන්‍ය ක‍්‍රියා පිළිවෙත විය.
පවන් සහ වලලූවන්ගේ මරණින් පසුව කොටි සංවිධානයේ ප‍්‍රබලයකුවු රාම්, නගුලන් සහ පරමානන්‍ද මාස්ටර් ඇතුළු කණ්ඩායම් කිහිපයක් කුමණ කැලෑවේ කදවුරු බැන්ද බව ආරක්‍ෂක අංශවලට සැලවිණි. 2007 ඔක්තෝබර් 15 වැනි දින සිදු වු කොටි ක‍්‍රියාකාරකමක් සමගම ඔක්තෝම්බර් 20 දිනම ඔකදට රජයේ ආරක්‍ෂක අංශ පැමිණියේය. ඒවනවිටත් ඔකදට වී වනසතුන් රකිමින් කොටි ත‍්‍රස්තයන්ගෙන් බේරී මස්වැද්දන් වු දඩයක්කරුවන්ගෙන් වන සතුන් බේරාගන්නට වනජීවී දෙපාර්තමේන්තුවේ එම්.ආර්. මොහොමඞ්, ඞී.පී. සියාසිංහ, බී. ගුණසිංහ යන මහත්වරු කුමණට වී හුදකලා සටනක නිරතව සිටියහ.
මේ කාලයේ නැගෙනහිර පළාතේ ආරක්‍ෂාවට සිටියේ පොලිස් විශේෂකාර්ය බළකායයි. පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ඔකද වනජිවී කාර්යාලය අසල කදවුරු බැදගත්තේය. ෆොන්සේකා මහතා වනසතුන්ට ආදරය කළ නිලධාරියකු බව පැමිණ දින කිහිපයකින්ම වනජීවී නිලධාරීන්ටද අවබෝධ විණි. ඒ නිසා ඔහුගේ පිහිට වනජීවී නිලධාරීන්ටද අත්‍යවශ්‍ය විය.
කුමණ ජාතික වනෝද්‍යානයේ පිහිටි ‘‘ඉත්තෑගල’’ තරමක් උස්වු ස්ථානයක් විය. එය පිහිටියේ කුමණ ජාතික වනෝද්‍යානයේ හරි මැදට වන්නටය. මේ නිසා භෞතික අතින් ඉතා වටිනාකමක් එතැනට ලැබිණි. ලාහුගල, කොටියාගල, යාල හා පානම යන සතර පැත්තම නිරීක්‍ෂණය කරන්නට ඉත්තෑගල කදිම තැනකි. මේ බව දැනගත් කුමණ කැලේ හිටි ත‍්‍රස්තවාදි නායක රාම්, කුමණ වැව සහ බෝවත්තේ ගල්ගේ පැත්තේ සිට ඉත්තෑගලට සිය කදවුරු වෙනස් කරගෙන තිබිණි. කුමණ වනෝද්‍යානයේ ඉටිකල කළපුව පැත්තෙන් අඩිපාරක් ඉත්තෑගලට ඇතිනිසා අවිආයුධ සහ වෙනත් අවශ්‍ය දෑ සදහා සැපයීම් මාර්ගයක් ද විය. මේනිසා පහළොවකට වැඩි ත‍්‍රස්තයෝ පිරිසක් සමග රාම් මේ ප‍්‍රදේශයේ ආධිපත්‍ය හිමිකරගෙන සිටියහ.
දෙදහස් අට වසරේ එක්තරා දිනක උදැසන ඔකද එස්ටීඑෆ් කදවුරේ සියලූ දෙනාටම කලබලකාරී දවසක් විය. සහකාර පොලිස් අධිකාරීවරුන් වන කැලූම් කුලතුංග, හජ්ජි යන මහත්වරු එහි පැමිණ සිටියේ පෙරදින සවසය. කදවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතාට මද හෝ අස්වැසිල්ලක් නොවුණි. ඔහුගේ උපදෙස් පරිදි භට කණ්ඩායමක් දින දහයකට ආසන්න කාලයක සිට නිර්මාංශව පේවී සිටියේ මේ දිනය උදාවෙන තෙක්ය.
මේ එස්ටීඑෆ් කණ්ඩායම සුදානම් වන්නේ කුමණ වනෝද්‍යානය මැද්දෙන් මහකැබිලිත්ත දේවාලය පැත්තට මෙහෙයුමක් යන්නටය. ඒ යන අතරේ කොටි ත‍්‍රස්තයන්ගේ කදවුරු ඇත්නම් ඒවාද නිරීක්‍ෂණය කරමින් තොරතුරු සොයන්නට යන මේ ගමන ඒ කාලේ හැටියට ඉතාමත් භයානක කැලෑ ගමනක් විය. සිතියම් නිරීක්‍ෂණය කරමින් ගමන සැලසුම් කෙරිණි. සිතියමේ ඇති ආකාරයට බාධාවක් නැතිව රාත‍්‍රීයේම ආපසු පැමිණිය හැකිය. තද ඉඩෝරය පවතින නිසා වනෝද්‍යානය තුළ ගමනද අපහසු නැත. දිනකට අවශ්‍ය ආහාර සුදානම් කරගෙන යුද උපකරණත් රැගෙන පිරිස පිටත්වුයේ උදෑසනින්මය. මේ ගමන කැලෑව අතරින් ප‍්‍රධාන පාරට සමාන්තරව යෙදි තිබුණි. සැබැවින්ම මෙය මෙහෙයුමකි. කුමණ කැලෑවේ වෙසෙන කොටි ත‍්‍රස්තයන් සොයා කෙරෙන මෙහෙයුමකි. ඒනිසා කැලෑවේ ගමන ඉතා අවධානයෙනි. කිලෝමීටර් හැත්තෑවකට ආසන්න  දුරක් යායුතුය. හදිසි ප‍්‍රහාරයකට වුවද සුදානමින් පිරිස ඉදිරියටම යති.
පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා ඉදිරියෙන්ම ය. සහකාර පොලිස් අධිකාරීවරුන් වන කැලූම් කුලතුංග, හජ්ජි යන මහත්වරු ද පිරිස අතරය. ගමනින් අඩක් පමණ පැමිණි තැන එකවරම පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා ඉදිරියට තනි කුලෙක් (කුලූ හරකෙක්) එනු දුටුවේය. කැලේදි හමුවන තනිකුලා භායානක බව පිරිසේ වැඩි දෙනෙක් දැන සිටියහ. ෆොන්සේකා මහතාගේ ගිනි අවියෙන් අහසට වෙඩි දෙකක් නිකුත් වූයේ වනාන්තරයේ නිහඩ බවට තිත තබමිනි. නමුත් කුලා ඉන් මෙල්ලවු බවක් නොපෙනිණි. වෙඩි හඩට ගමන බාල කළද උගේ ඉලක්කයවී තිබුණේ ෆොන්සේකා මහතාය.
මේ මෙහෙයුම ආරම්භ කරන්නට පෙර දින ගණනක් පේවී සිටිමින් චාරිත‍්‍ර ගරුකරමින් පැමිණි පිරිසට දැන් භයානක අනතුරක් අත ළගය. කුලා බය කිරිමට අහසට තැබු වෙඩි දෙක කැලේ දෙවනක් කරමින් දෝංකාර දුන්නේය.  කුලාගේ ඉලක්කය පොලිස් පරීක්‍ෂක ෆොන්සේකා මහතා බව දැන් පැහැදිලිය. සියලූ දෙනා තුළ ඇත්තේ අවිනිශ්චිත බවකි. ත‍්‍රස්වාදියකු මේ ප‍්‍රහාරය එල්ල කරන්නේ නම් ගතයුතු පියවර කුමක්දැයි සැවොම දනිති. එහෙත් මේ එන්නේ කැලේ නිදහසේ වෙසෙන කුලූ මීමෙකි.
පොලිස් පරීක්‍ෂක ෆොන්සේකා මහතා තමන් ඉදිරියට එන කුලූමීමා රැවටීමට එකවරම උපායක් යෙදුවේය. ඒ සමගම තවත් වෙඩි දෙකක් අහසට තිබ්බේ මුලූ වනාන්තරය ම යළිත් වතාවක් දෝංකාර දෙමිනි. ඉන් බියට පත් කුලූමීමා ආපසු හැරී නොපෙනි ගියේය.කුමණ කැලෑවේ ඇසුණු වෙඩිහඩ නිසා මේ වෙනකොටත් එහි තැන තැන කදවුරු ලා සිටින කොටි ත‍්‍රස්තයන් ප‍්‍රහාරයකට සුදානම් බව මේ එස්ටීඑෆ් කණ්ඩායමට හො`දින් වැටහිනි. ඒ නිසා ඉදිරියට යන ගමන මෙතෙක් ආ ගමනට වඩා අවධානයෙන් යායුතුය. කුමණ වනෝද්‍යානයේ වෙසෙන කොටි ත‍්‍රස්තයන් වරින්වර කුමණ වනෝද්‍යානය තුළ විවිධ කොටි ක‍්‍රියාකාරකම් සිදුකර තිබුණි.
පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා වරක් ඔකද සිට යතුරු පැදියෙන් කුමණ විල්ලූව දෙසට එද්දී හැලව කළපුවට නුදුරු බෝක්කුව අසලදි බිම් බෝම්බයක් පුපුරා ගියේය. එහෙත් ඉන් කිසිදු තුවාලයක් නොවී දිවි ගලවා ගැනීමට ඔහුට හැකිවිය. තවත් වරෙක යෝධ ලිපට ආසන්න තැනකදීද බිම් බෝම්බයක් පුපුරා ගියේය. ත‍්‍රස්තවාදි නායකයෙකුවු පරමානන්‍ද මාස්ටර්ගේ නායකත්වයෙන් යුතු ත‍්‍රස්තයන් පිරිසක් ඔක`දදී පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කළහ. කුමණ කැලේ ඇතුළේ පාමුර සංචාරයේ නිතර සෙබළුන් ඉලක්ක කර වෙඩි ප‍්‍රහාරයන් එල්ල කැරිණි. මේ සියලූ සිදුවීම් එකිනෙක මෙහෙයුමට එක්ව සිටි එස්ටීඑෆ් කණ්ඩායමේ හැමදෙනා තුළම සිහිවන්නට විය.
එනිසා කොටි ත‍්‍රස්තයන්ගේ බිම් බෝම්බ, පැති බෝම්බ, සැගවි සිට එල්ලකරන ප‍්‍රහාරයක් මෙ ගමනේ ඉදිරියේ දී සිදුවිය නොහැකි යැයි කාටවත් කිව නොහැක. මහකැබිලිත්තට ගොස් කතරගම දෙවියන්ටද පුජාවක් තබා පින් අනුමෝදන් කිරිම මෙහෙයුමේ ම කොටසක් කරගත්තේ මේ කැලෑවේ අධිපති දෙවියන් කතරගම දෙවියන් වු බැවිනි.
කුලූමීමාගේ සිදුවීමෙන් පසු ගමන තරමක් හෙමින් වු නිසා සිතියමේ ඇති ඉලක්කයට වඩා වැඩිදුරක් ගමනට ඇතිදැයි හැමදෙනා තුළම විචිකිච්ඡාවක් මතුවිණි. එහෙත් ඒ ගැන කිසිවකුත් වචනයකුදු කතා නොකළේය.
‘‘අපි හිතුවට  වඩා ගමන දුරයි වගේ.’’ පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා පිරිසේ නිහඩ බව දුරලමින් සිය කටහ`ඩ අවදි කළේය.
‘‘ඔව් සර්. දැන්නම් ඉර බහින්නත් ළගයි. අපේ ගමනේ අවසානයට යනකොට අදුරු වැටෙයි.’’ පිරිසෙන් පිළිතුරු ලැබුණි. මහකැබිලිත්තට තවත් කිලෝමීටර් අටක්වත් යා යුතුය. අවරට යන හිරුගේ රත්පැහැ ගැන්වු රශ්මි ධාරා ගස් අතරින් අමුතු චමත්කාරයක් මැවීය.
‘‘අපි මෙතන කදවුරු බදිමු. උදේම අපි මෙතනින් පිටත්වෙමු. රාත‍්‍රීයට ගෙනා කෑම උදේටත් එක්ක පිරිමහගෙන පිළියෙල කරමු.’’ පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතා පිරිසට අණදෙමින් කීවේය.
පිරිසක් අවට නිරීක්‍ෂණයේ සිටිති. තව පිරිසක් කූඩාරම් ගහන්නට සූදානමින් බිම සැකසීහ. මෙතෙක් වෙලා තිබු පැහැදිලි අහස වෙනස් විය. කොහේදෝ සිට ආ වැහි වලාවක් නිසා හිරුද සැගවිණි. මාසගාණක් තිබු නිය`ගය හමාරකරමින් එකවරම මහ වැස්සක් ඇද හැළිණි. ඒ වනවිටත් කූඩාරම් තනා නිම කරගැනීමටවත් ඉඩක් ඒ වැස්සෙන් නොලැබිණි. කූඩාරම් රෙදි ඉහළාගෙන සිටියද හැම දෙනාම පාහේ වැස්ස නිසා තෙත බරිතය. අඩ හෝරාවකට වැඩි කාලයක් එකදිගට ඇදහැලූණු වැස්ස මුරුගසන් වරුසාවට සමාන යැයි සමහරුන්ට සිතුනි. ඉතා අමාරුවෙන් රැුය පහන් කර පසුදාම ගමන් අරඹා මහතැබිලිත්තට පිරිස ළං වූහ. ඒ එන අතරමගදී පෙනුනේ පෙරදින රාත‍්‍රීයේ ඇදහැලූනු වැස්ස ඉතා කුඩා ප‍්‍රදේශයකට පමණක් ලැබුණු එකක් පමණක් බවය.
‘‘ඊයේ වැස්සනම් පුදුම එකක්. මේ හරියට වැහැලා නෑ.’’ ඉදිරියට යන මාර්ගයේ වු වියළී ගිය මඩවළවල් දුටු අයෙක් හෙමින් මුමුණමින් කියනු ඇසිනි.
කුඹුකන් ඔයෙන් එගොඩ වී මුරුතැන් පූජාවක් සකසා බෝධීන් දෙනම වැද සියඹලා දේවාලයට පූජාව තබා කතරගම දෙවියන්ට පින්දී පිරිස යළි ඔකද බලා ගමන් ඇරඹූහ. එදා මහකැබිලිත්ත අවට අද මෙන් ජනාකීර්ණ නොවීය. තනිකරම කැලෑවෙන් වැසී මිනිස් පා සලකුණූ නොතිබූ සැබෑම වු වනබිමක් විය.
කොටි ත‍්‍රස්තයන් නිසා එදා මහකැබිලිත්තට මිනිසුන් ආවේ නැත. ඒ ජීවිත ආශාව නිසාය. නමුත් අද කොටියාගල පැත්තෙන් එහි යන්නට කාටවත් බාධාවක් නැත. මේ නිසා අද විනෝදයට එහි යන්නෝද සිටිති. එහි යන්නට ආශාවක් දක්වන පිරිස් එක්ක යමින් ව්‍යාපාරයක් කරගත් පිරිස්ද සිටිති. ඒ බොහෝ දෙනෙක් පරිසරයට ආදරය නොකරති. මේ යන පිරිස පාලනය කිරීමේ වගකීම ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවටය. මහකැබිලිත්ත අයත් වන්නේ ජාතික වනෝද්‍යානයකට නිසාය. කොටියාගල දෙසින් වනජීවි මුරපොළක් වහා පිහිටුවා වනෝද්‍යානයට ඇතුළුවන්නන්ට සහ එහි අපද්‍රව්‍ය දැමීමට සීමා පැනවිය යුතුය.
මේ වනවිට විවිධ කණ්ඩායම් මහකැබිලිත්ත දේවාල පුදබිමට අයිතිවාසිකම් කීමට සන්ධාන ගතවන බවට තොරතුරු ඇතැයි එහි යන්නෝ කියති. එසේ වුවහොත් ජාතික වනෝද්‍යානයක අනවශ්‍ය ක‍්‍රියාකාරම් වලට උඩගෙඩිදීමක් වනු ඇත. මහකැබිලිත්ත ගැන ලියන පුවත්පත්වලට දොස් නොතබා අපද්‍රව්‍ය එහි ගොඩ නොගසා එන්නේ නම් හෝ එහි ඇති නිහඩ බවට හානි නොකරන්නේ නම් මේ තහංචි පැනවීම ඇවැසි නොවේ. නමුත් අසංවර නොමිනිස් ක‍්‍රියා නිසා මේ පුදබිමේ ගෞරවය නැති කෙරෙන ක‍්‍රියා වහා මැඩළිය යුතුය. එය වනජීවි දෙපාර්තමේන්තුවේ වගකීමක්ය.
එදා කොටි ත‍්‍රස්තයන් කුමණට එන්නට පෙරත්, කොටි ත‍්‍රස්තයන් හිටි කාලයේත් මහ කැබිලිත්ත රැකුණේය. අද එහියන අශිෂ්ට සම්පන්න මමත්වයෙන් යුතු අතලොස්සක් නිසා සැබෑ බැතිමතුන්ටද පීඩා ඇතිවෙයි.

අජිත්ලාල් ශාන්තඋදය'
2012 ජූලි මස 22 12:57:55 | ලංකාදීප කර්තෘ මණ්ඩලය


මහකැබිලිත්තෙ එගොඩ බෝධිය

 ඔකද දේවාලය
බැතිමතුන්ගේ මුවාවෙන් එහි යන අශීලාචාර මිනිසුන් කැළිකසළ දමා මේ පුදබිම වනසා ඇති අයුරු

Monday, August 6, 2012

ගමන කල්දැමීමෙන් ක්ලේමෝ බෝම්බයෙන් දිවි ගැලවෙයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 23

අහසේ වළාකුලූ අතරින්ද මැවී පෙනුනේ අවිනිශ්චිතබවේ සලකුණුය. නැගෙනහිර පළාතේ දැකුම්කලූ වෙරළතීරය වු ආරුගම්බේ මුහුදුතීරය වම්පසින් චමත්කාර දසුනක් ගෙනෙයි. ඉදිරියෙන් ඇති ආරුගම්බේ පාලම ඒ චමත්කාරය දෙගුණ තෙගුණ කරයි. එහෙත් ත‍්‍රස්තවාදය රටපුරා පැතිර තිබු වකවානුවක් නිසා දකින දකින හැම මිනිස් රුවකම ඇත්තේ අවිශ්වාස බවකි.

වනජිවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයෙක්වු එම්.සී.ජී. රූපසිංහ මහතා සිය නිලරථයේ වම්පස මුහුදේ ඈතින් පෙනෙන ක්‍ෂීතිජය දෙස බලාගත්වනමය. රියදුරුද වැඩි කතාබහක් නැතුව රිය පදවන්නේ අනතුරක් කොතැනක හෝ විය හැකියැයි වු අවිශ්වාසයෙනි.වනසතුන් වෙසෙන කුමණ ජාතික වනෝද්‍යානය බලා මේ වාහනය ඇදෙන්නේ නැගෙනහිර පළාත හරහාය. වරින්වර ත‍්‍රස්තවාදින් යනෙන පොතුවිල් නගරය පසුකර වාහනය ආරුගම්මේ, උල්ල හරහා ඉදිරියට ඇදීඑයි. දැන් දෙපස ඇත්තේ වෙල් යාය ය. මුහුදද සිය මානයෙන් ඈත්ව ඇතිබව වාහනයේ සිටි අයට හැගිනි.

මාර්ගය තැනින් තැන අබලන්ය. වළගොඩැලි සහිතවු පාර කාලයකින් අලූත්වැඩියා කර නැත. මෙතැන් සිට මිනිස් වාසයක් දැක ගන්නට තවත් කිලෝමීටර් දහයක් යායුතුය. එවිට හමුවන්නේ පානම ගම්මානයයි. මේ මීට වසර එකොළහකට දොළහකට පෙර තත්ත්වයයි.

පානමට ළගාවුණ වාහනය පානම විදුහල පෙනිපෙනී ඇති තුංමං හංදියෙන් වමට හැරවුයේ කුමණ බලා යන්නටය. නැගෙනහිර පළාතේ කෙළවර පිහිටි සිංහල ගම්මානය දකුණින් මායිම්වන්නේ කුඩුම්බිගල අභය භූමියටයි.

පානම සිට කුමණට කිලෝමීටර් හතළිහක් පමණ දුරය. කුමණ ජාතික වනෝද්‍යානයට පිවිසෙන  ඕකන්දේ වනජීවී කාර්යාලය පිහිටා ඇත. වනජිවී සහකාර අධ්‍යක්‍ෂ රූපසිංහ මහතා මේ යන්නේ එතැනටය. නමුත් මේ කියන වකවානුවේ මේ ගමන අදමෙන් පහසු නැත. කොටි ත‍්‍රස්තයන් කොතැන සැගවී ඇද්ද යන්න කිසිවෙකුටත් කිව නොහැක. මේ අඩවිය කතරගම දෙවියන්ගේ අඩවියයි. එසේ නමුදු කොටි ත‍්‍රස්තයන් වරින්වර විවිධාකාර ත‍්‍රස්ත ක‍්‍රියාවන් මේ අඩවියේ සිදුකර තිබු බව රූපසිංහ මහතාත් රියදුරුත් වරින්වර සිහිපත් කරමින් රිය ඉදිරියටම ඇදෙයි.

දෙපස ඇති වෙල් යායත් කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට හැරෙන පාරත්  පසුකර ඉදිරියට ඇදෙද්දි හමුවන ඈත කළපුව පෙනිපෙනී රිය අභය භූමියට ඇතුළුවිය. ත‍්‍රස්තවාදීන්ගේ ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයක් සිදුවු තැනක සලකුණුද පසුවිය. වනසතුන්ගේ ජිවිත ගැනත් උන්ගේ වාසභූමිය ගැනත් සොයන්නට මේ යන්නේ තමන්ගේ ජිවිත පරදුවට තබා බව රියේ සිටි අයට පසක්වී හමාරය.

‘‘දැන් අපි ඉන්නේ කතරගම දෙවියන්ගේ අඩවියේ. කතරගම දෙවියෝ ගොඩබැස්සේ  ඕකන්‍ද දේවාලය ළගට කියලනේ කියන්නේ.’’ වාහනයේ සිටි කෙනෙක් නියැඩිතාව බිදිමින් කියනු ඇසිනි. ඒ වනවිටත් ඈතින්  ඕකන්‍ද දේවාල බිමේ මහා කළුගල ඈතට දිස්විනි.

වාහනය  ඕකන්‍ද දේවාලය අසල පිහිටි වනජිවී කාර්යාල භූමියට ඇතුළුවිණි. මේ කුමණ විල්ලූවට විදෙස් කුරුලූ වර්ග සංක‍්‍රමණය වන වකවානුවයි. වනජිවී සහකාර අධ්‍යක්‍ෂවරයා මේ පැමිණියේ ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සතුන් රැුකගන්නා තම කාර්ය මණ්ඩලය හමුවීමට සහ කුමණ විල්ලූවට ගොස් නිරික්‍ෂණ චාරිකාවක නියැලීිමටය.

අද මෙන් මේ කියන වකවානුවේ කුමණ වනෝද්‍යනයට නිදහසේ, රිසිසේ යා නොහැක. කොටිත‍්‍රස්තයන් කැලෑවේ සැගව සිටිමින් විවිධ ත‍්‍රස්ත ක‍්‍රියා සිදුකිරිමත්, එහි සිට යාල,  කතරගම, බුත්තල, ඔක්කම්පිටිය, ආදි ප‍්‍රදේශවලටද  ඔවුන් සංක‍්‍රමණය වන නිසා  ඕකන්දෙන් එහා කුමණ වනෝද්‍යානයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ක`දවුරු කිහිපයක්ම පිහිටවනු ලැබිණි.

කුමණ වනෝද්‍යානයේ භාරකරුවන් තමන් වුවත් දැන් තමන්ට රිසිසේ මෙහි යාමට වනජිවී නිලධාරින්ට නොහැකිය. ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය දැනුවත් කළ යුතුය.

ඕකන්‍ද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ එවක ප‍්‍රධානියාව සිටියේ පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතාය. ප‍්‍රතිපත්තිගරුක නිලධාරියෙක් ලෙස ඔහු කා අතරත් විශ්වාසයක් දිනා සිටියෙකි. ගිනිඅවි දරා සිටිය ආරක්‍ෂක නිලධාරින් දැක නිසසලව වනයේ සැරිසරන්නට තරම් ඔහු සිටි කාලයේ කුමණ වනසතුන් හුරු පුරුදුව සිටියේය. ෆොන්සේකා මහතාට වනසතුන්ද ආදරය කළේය. ඔහු සිටි කාලයේ කිසිම ආරක්‍ෂක භටයෙක් සතෙකුට සිය ගිනිඅවිය එල්ල නොකළේය. එසේ සිදුවුයේ ෆොන්සේකා මහතාගේ නායකත්වය නිසාය.

කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ ධම්මදින්න හිමියන්,  වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා අත්වැල් බැදගෙන සුහදව ඔහු කටයුතු කෙළේය. ත‍්‍රස්තවාදීන්ගෙන් පමණක් නොව දඩයක්කරුවන් වු මස් වැද්දන්ගෙන් ද වනසතුන්ට ෆොන්සේකා මහතාගේ කාලයේ ආරක්‍ෂාව සැපයිනි.

‘‘කැලේ සත්තුටික රැුකගන්න කතරගම දෙවියො එවපු ආරක්‍ෂකයෙක්’’ ෆොන්සේකා පොලිස් පරික්‍ෂකවරයාගේ ක‍්‍රියාකලාපය ගැන ආරංචිවු  පරිසර හිතකාමීහූ පමණක් නොව වනජිවී නිලධාරින්ද කියන්නට වූහ.

‘‘හැන්දෑ කළුවර වැටෙන්න ඉස්සර කුමණ විල්ලූව පැත්තට ගිහිං එන්නයි මගේ අදහස’’ රූපසිංහ සහකාර අධ්‍යක්‍ෂවරයා  ඕකන්‍ද වනජිවී කාර්යාලයේ නිලධාරීන්ට මතක් කළේය.

‘‘මේ දවස්වල කැලේ ඇතුළේ ත‍්‍රස්තවාදීන් ටිකක් වැඩිපුර ගැවසෙනවා. අපි එස්ටීඑෆ් එකේ අයිපී මහත්තයට මතක්කරලා ස්කොඞ්එකක් එක්කම ඇතුළට යමු සර්.’’ වනජිවී නිලධාරීහූ යෝජනා කළහ.

ඒ අනුව  ඕකන්‍ද වනජිවී කාර්යාලයට යාබද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ ප‍්‍රධානී පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතාට වනජිවී සහකාර අධ්‍යක්‍ෂවරයාගේ අවශ්‍යතාව දැන්විණි.

‘‘දැන් ගමන පිටත්වුනොත් ආපහු එනකොට රෑ වෙයි. මේ දවස්වල ටෙරාලා (කොටි ත‍්‍රස්තයන්) ඇතුළේ එහෙමෙහෙ යනවා කියන තොරතුර තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒ හින්දා මේ හවස් වෙලා යන එක ඒතරම් සුදුසු නෑ. අපි පාර ක්ලිය කරගෙන හෙට උදේම යමු.’’ පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතා යෝජනා කළේය.

‘‘ඔව්. කැලේ ඇතුළේ තත්ත්වය දන්නේ අපි නෙවෙයිනේ. ඔබතුමා කියන විදියට කරමු.’’ වනජීවි සහකාර අධ්‍යක්‍ෂතුමාද පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතාගේ වචනයට ගරු කරමින් එකගවුයේය.කතරගම දෙවිදුන්  ලක්දිවට ගොඩබැස්ස  ඕකන්‍ද දේවාලය ඉදිරියෙන් දිස්වෙයි.  ඕකන්දේ වනජිවී නිලධාරින් දිනකට වරක්වත් එහි ගොස් දේවාලය ඉදිරියේ කපුරු දල්වා කතරගම දෙවියන් සිහිකර තමන්ට ආරක්‍ෂාව සලසන්නැයි හිතින් අයදියි.

කුමණ වනෝද්‍යානයේ කුමන විල්ලූවට යන ගමන ගැන පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතා සමග කතාකර දෙපැයකට පමණ පසුව වනෝද්‍යානය ඇතුළේ සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගෙන් හදිසි පණිවිඩයක් පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතාට ලැබුණි. ඉන් කියවුණේ වනෝද්‍යානය ඇතුළේ බෝම්බ පිපිරිමක් සිදුව ඇතිබවයි. කුමණ විල්ලූවට නුදුරුව බඹරගස්තලාවට හැරෙන හන්දියට නුදුරින් මෙම පිපිරීම සිදුව ඇතිබව පණිවිඩයෙන් කියවිණි.

‘‘අපි ගියානම් හරියටම අපි තමයි ඉලක්ක වෙන්නේ. කතරගම දෙවියන් අපේ ගමන වැළැක්කුවා.’’ වනජිවී නිලධාරියෙක් කීවේය. ‘‘ඒකනම් ඇත්ත. පුදුම දෙයක්වුනේ. අයි.පී. ෆොන්සේකානම් මාර මනුස්සයෙක්. වෙනද ආවාම ඇතුළට යන්න  ඕනැ කිව්වාම විරුද්ධ නොවන කෙනා අද නොගිහිං හෙට යමුයි කිව්වම මටත් පුදුම හිතුනා. පිළිවෙත් රැකගෙන මේ කැලේ හිටියොත් අපිට කතරගම දෙවියන්ගේ ආශිර්වාද තියනවා.’’ වනජිවී සහකාර අධ්‍යක්‍ෂ රූපසිංහ මහතා කීවේය. රූපසිංහ මහතා මේ වන විට විශ‍්‍රාම සුවයෙන් පසුවෙයි.

කතරගම දේව අඩවියේ ඇති හාස්කම් ගැන ලිපි පෙළ පළවෙද්දී එවැනි හාස්කම් නැතැයි කියමින් එහි යන එන්නෝ දැන් සුළභය.

‘‘පත්තරේ යන්නේ බොරු. ඔය කියන හාස්කම්ක් එහෙ නෑ. මම ළගදි කට්ටියක් එක්ක ගියා. මොන පේවිල්ලක්වත් වුණේ නෑ. අපි හොද ආතල් එකකුත් අරගෙන ආවේ. අපිට ඔය කියන කිසිම බාධාවක් වුණේ නෑ. අඩුම තරමේ මඩ ඩිංගවත් අපේ ඇඟේ ගෑවුණේ නෑ. පත්තරවලින් කියන්නේ මවලා. මම දෙවියන් ගැන විශ්වාස කරන්නේ නෑ.’’ එක්තරා ව්‍යාපාරිකයෙක් මහකැබිලිත්තට ගිය තම ගමන ගැන කියන්නට විය.

එහෙත් ගමනින් දෙමාසයක් ඉකුත් වෙද්දී තමන්ගේ ව්‍යපාර කිහිපයකටම විවිධ බාධාවන් එල්ලවු බවත් කොන්ත‍්‍රාත් කිහිපයකම ගිවිසුම් අවලංගුවීමෙන් නොසිතූ අකරතැබ්බ වූ බවත් මිතුරන් කිහිප දෙනෙකුටම කියා තිබුණේ දකුණු සහ සබරගමු දෙපළාතේම ව්‍යාපාර හිමි තරුණවියේ පසුවන ව්‍යාපාරිකයෙකි.

මහකැබිලිත්තේ ගිහිං එන්න මග සැලසුවාට ඔහුගේ ප‍්‍රතිපත්ති ගරුක නැතිබවින් මෙවැන්නක් වූ බවට සැකයක් මතුව ඇති නිසා දැන් කතරගම දෙවියන්ට පින්දී ආශිර්වාද ඉල්ලීමට ඔහු ගේ අදහසක් ඇති බව මිතුරන් කිහිපදෙනෙකුටම කියා තිබිණි.

පසුගිය සතියේ විසි දෙවැනි කොටසින් මහකැබිලිත්ත සියඹලා දේවාලයට  යන නඩවලට රාත‍්‍රීයේ වනඅලියෙක් සිදුකළ අකරතැබ්බයක් ලීවෙමි. ඒ අවස්ථාවේ දේවාලය පිහිටි පැත්තේ බෝධිය අසල දකුණු පළාතෙන් එහි ගිය හිමිනමක් පිරිත් කී බවත් උන් වහන්සේට වනඅලියාගෙන් කරදරයක් නොවු බවත් ලීවෙමු.

එහෙත් ඒ හිමියන් කවුරුන්දැයි නම නොලියු නිසා බොහෝ දෙනෙකු හිතන්නට ඇත්තේ එය මවා පෑ කතාවක් ලෙසය. මේ අත්දැකීමට මුහුණ දුන්නේ අම්බලන්තොට බැරගම පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත‍්‍රපති බැරගම විමලබුද්ධි හිමියන්ය.

එම ගමනේදී උන්වහන්සේ මුහුණ දුන් තවත් අපුරු සිදුවීමක් හෙළි කළහ.

‘‘ඇත්තටම මහත්තයෝ, මහකැබිලිත්තට මට යන්න ආශාවක් හිතුනේ එතන බෝධීන් වහන්සේ ඉස්සරහ වාඩිවෙලා පිරිත් සඡ්ඡුායනය කරලා ඒ ලැබෙන පින කතරගම දෙවියන්ට අනුමෝදන් කරන්න. දෙවියන් කියන්නේ අපෙන් පින් බලාපොරොත්තුව ඉන්න පිරිසක්. දැන් බලන්න, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ වෙලාවේ එතනට ශක‍්‍ර දෙවියන් වැඩිය බව බෞද්ධ ඉතිහාසයේ කියවෙනවා. ‘අනිච්ඡාවත සංඛාරා....’ගාථාව ශක‍්‍ර දෙවියන් ප‍්‍රකාශකළ බවයි ස`දහන් වෙන්නේ. ඒකෙන්ම පේනවා දෙවියන් ඉන්නබව.’’

‘‘අපේ ගමන ගියේ විශේෂ අවසරයක් ඇතිව යාල ගල්ගේ පැත්තෙන්. මම මේ මහකැබිලිත්තට ගියේ පළමු වතාවට. ඒ යද්දි කැලේ මැදදි බෝධියක් හම්බවෙනවා. එතන ඉදල් එහෙම තියනවා. මගෙත් එක්ක ගිය නඬේ අය එතන බැස්සා. සමහරු කොළඅත්තක් කඩලා එතන එල්ලූවා. බෝමලූව ඇමදුවා.  මමත් ඉදලක් අරගෙන බෝමලූව ඇමදලා බෝධිය වන්දනා කරලා දෙවියන්ට පිං අනුමෝදන් කළා. ඊට පස්සේ ගමන පිටත් වෙන්න කියලා හිතාගෙන වාහනේ තියන තැනට එන්න ආවා. ඒ වෙලාවෙ හුළගක් තිබුණෙත් නෑ. වදුරො හරි රිළව් හරි සත්තුවත් හිටියේ නෑ. ළග තිබුණ වීරගහේ පොඩි අත්තක් මගේ ඇඟේ ගෑවී නොගෑවී වැටුණා. ඇත්ටම ඒ වැටිච්ච අත්ත දිහා බැලූවම එහෙම අත්තක් වැටුණේ කොහොමද කියන එක පුදුමයක්.’’

‘‘මම ඒ අත්තෙන් පොඩි අතු කෑල්ලක් කඩලා අර කොළඅතු එල්ලන තැන එල්ලූව. ඉතිරි කොටස අපි ගිය වාහනේ එල්ලූව. ඇත්තටම මේක ආශ්චර්යක්ද තියලා මට හිතුනා. මහකැබිලිත්තට ගියාම එතනට එන මිනිස්සු දැන් විකාර කරනවා මහත්තයෝ. සෙනග දැකලා සමහරු කියනවා පත්තරවලින් තමයි මෙතනට මිනිස්සු ගෙන්නවලා අපිරිසුදු කරන්නේ කියලා මට කෙනෙක් එතනදි කිව්වා. මම එයාට කිව්වේ පත්තරවල මෙතනට ඇවිත් අපිරිසිදු කරන්න කියලා නෑ. එන මිනිස්සුන්ට චාරයක් තියෙන්න  ඕනෑ. එතන හොද පුදබිමක්. පුදබිමක හැසිරෙන ආකාරයට හැසිරෙනවානම් එතැන අපිරිසිදු වෙන්නේ නෑ.’’ විමලබුද්ධි හිමියෝ කීහ.

අජිත්ලාල් ශාන්තඋදය

කුමන විල්ලූව
 ඕකන්‍ද වනජිවි කාර්යාලය
ඕකන්‍ද දේවාලය
කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ ගලමුදුනේ චෛත්‍යයක්

2012 ජූලි මස 15 13:55:40 | ලංකාදීප කර්තෘ මණ්ඩලය 
http://lankadeepa.lk/index.php/articles/53433

Search This Blog