tag:blogger.com,1999:blog-6110198497164396882024-03-14T05:37:27.600+06:00UVA Province ඌව පළාතUva Prvoince,Sri Lanka created in 1896. It consists of two districts: Badulla and Monaragala. The provincial capital is Badulla.
ඌව පළාත පළාතක් ලෙස නම් කරන ලද්දේ 1896 දීය. එය බදුල්ල හා මොණරාගල ලෙස දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත වේ. පළාතේ අඟනගරය ලෙස බදුල්ල හදුන්වයි.
Blog by : Pulasthi WanniarachchiDunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.comBlogger155125tag:blogger.com,1999:blog-611019849716439688.post-15316840801747550152022-08-09T21:41:00.003+06:002022-08-09T21:57:45.429+06:00ඌවේ කැරැල්ලේ පුරෝගාමී කිවුලේගෙදර මොහොට්ටාල.

ක්‍රි.ව. 1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමට හේතු වූ ප්‍රධාන කාරණයක් වූයේ එවකට උඩරට සිටි ප්‍රධානීන් බලලෝභයෙන් භේදභින්න වී කටයුතු කිරීමය. ඔවුහු පසුව ඉංග්‍රීසීන් උඩරටට ගෙන්වා ගෙන ගිවිසුමක් ද අත්සන් කරමින් උඩරට පාලන බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවරුවෝය. එතැන් පටන් ඉංග්‍රීසීන් විසින් ගෙන ගිය පාලනය උඩරට රදළයන් බලාපොරොත්තු නොවූ එසේම රදළයන්ට අවාසි සහගත වූවක් බව පෙනී යැමට වැඩි කලක් ගත වූයේ නැත. මෙසේ උඩරටින් ඇති වූ අප්‍රසාදයේ ගිනි පුපුරු පුපුරා ගියේ ඌවෙනි. 1818 දී ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව ඇති වූ කැරැල්ල සුළු කලකින් මර්දනය කිරීමට හේතු කීපයක් බලපෑවේය. එයින් ද ප්‍රධාන වූයේ සමහර සිංහල ප්‍රධානීන් ඉංග්‍රිසීන්ගේ තාන්න මාන්නවලට ලොබ වී ඉංග්‍රීසීන් වෙනුවෙන් කැරැල්ල මර්දනය කිරීමට ඉදිරිපත් වීමයි. ඔවුන් අතරින් මහවලතැන්න හා එක්නැලිගොඩ ප්‍රධාන වන අතර කැරැල්ල මැඬලීම සඳහා ඌව විනාශ කිරීමේදී ඌවේ අහිංසක ගැමියන් ඝාතනය කිරීමෙන් පමණක් නොව ඔවුන්ගේ ගේ දොර, ගම්බිම් ගිනි තැබීම ද හරකබාන මරා දැමීම ද ඵල දරණ ගහකොළ කපා දමා විනාශ කිරීම ද කිරීමෙන් ඌවේ වැසියන් බියවද්දමින් කරනු ලැබුවේ මහා විනාශයකි. මෙහිදී මහවලතැන්න හා එක්නැලිගොඩ ඉංග්‍රීසීන්ටත් වඩා දරුණුව ක්‍රියා කළ බව වාර්තා වී ඇත. කැරැල්ල අවසාන වීමෙන් පසු කැප්පෙටිපොළ මෙන් ම මඩුගල්ලේ ද ඉංග්‍රීසීන් විසින් ෙද්‍ර`හියන් යෑයි නම් කොට හිස ගසා දමන ලද අතර මේ සටන ගැන සිහිපත් කරන බොහෝ අයගේ සිහියට එන්නේ ඒ දෙදෙනාගේ නම් පමණකි. එහෙත් ඉංග්‍රීසි විරෝධී මෙම කැරැල්ලේ ආරම්භය මෙන්ම අවසානය දෙස ද බැලීමේදී එහි මූලිකත්වය ගෙන ඇත්තේ කිවුලේගෙදර මොහොට්ටාල බව මනාව පැහැදිලි වෙයි.

1818 දී කීර්ති ශ්‍රී රාජසිංහගේ මස්සිනා කෙනෙකු වූ කළුනාක්කාරගේ පුතෙකු වූ දොරේසාමි නමැත්තෙකුට රජකම ලබා දීමට කිවුලේගෙදර මොහොට්ටාල ක්‍රියාකරන බවට රාවයක් උඩරට පුරා පැතිර ගියේය. ඒ සමගම එම වසරේදී භික්ෂුන් පිරිසක් කතරගම ගිය අතර එම පිරිසේ ප්‍රධානියා තමා කතරගම දෙවියන් විසින් රජු වශයෙන් පත් කොට ඇති බව කතරගම දේවාලයේ මහබෙත්මේ වූ කැබිලිත්තේ රාළ ඇතුළු පිරිසට දන්වමින් රාජසිංහ රජු විසින් කතරගම දේවාලයට දී තිබූ කඩුව හා රන් සළුව ලබා ගත්තෝය අනතුරුව ප්‍රදේශවාසීන් විසින් සැලකුම් ලබමින් ගිය මේ පිරිස පුබ්බාරය නම් ගමට ගිය කල්හි එහිදී පිළිගනු ලැබුයේ කිවුලේගෙදර මොහොට්ටාල ප්‍රධාන පිරිස විසිනි. එම අවස්ථාවේ දී කිවුලේගෙදර විසින් රජු වශයෙන් පෙනී සිටි තැනැත්තා පෙරවාගෙන සිටි සිවුර වෙනුවට සුදු රෙද්දක් හා රන් නූලෙන් වියන ලද හිස් පළඳනාවක් ඔටුන්න සේ පළඳවා දොරේසාමී ජනතාවට ප්‍රථම වරට හඳුන්වා දුන්නේය. අනතුරුව කිවුලේගෙදර ද සමඟ මෙම පිරිස ඌවේ දුෂ්කර ප්‍රදේශයක් වන කොකාගලට ගියේ ය. එහිදී ඔවුන් හමුවීමට පැමිණි මහබදුළුගම් රටේ රාළ ඇතුළු පිරිස පිළිගන්නා ලද්දේ ද කිවුලේගෙදර මොහොට්ටාල විසිනි. මෙම අවස්ථාවේදී රැස්වූ පිරිසට දොරේසාමි තමාට රජකමට ඇති උරුමය කියා පෑවේය. ඉනික්බිති මහබදුළුගම රටේ රාල දොරේසාමිගේ දෙපා නැමද තම පක්ෂපාතීත්වය කියා පෑවේය. නව රජතුමා විසින් පළමුවෙන් ම කිවුලේගෙදරට වලපනේ දිසා පදවිය ප්රදානය කළේය.

කිවුලේගෙදර මොහොට්ටාල වියළුවේ කිවුලේගෙදර නම් ගමේ උපන්නෙකි. වියළුව ප්‍රදේශය එකල රජ වාසලට මිරිස් සපයන රාජකාරිය පැවරුණු ගමක් බව පැවසේ. මෙම කාලයේ ඉංග්‍රීසි හමුදාවේ සේවය කළ මේජර් ෆෝබස් විසින් රචිත ලංකාවේ එකොළොස් වසරක් නම් වූ ග්‍රන්ථයේ දක්වා ඇත්තේ කැරළි නායකයන් අතර උපරිම කැපවීම කළේ කිවුලේගෙදර මොහොට්ටාල බවය. ඔහු දක්වන පරිදි කිවුලේගෙදර වූ කලී බකළ කකුලක් හා බිහිසුණු පෙනුමක් ඇති පහළ මට්ටමේ ප්‍රධානියෙකු විය. එසේම ඉංග්‍රීසීන්ට විරුද්ධව මුලින්ම ෙද්‍ර`හී කටයුතු ඇරඹුවේ ඔහුය. ඉංග්‍රීසි හමුදා නිලධාරීන් පිරිසක් සමඟ අලුත්නුවර සිට මඬුල්ල බලා ගිය කෙනඩි නම් වෛද්‍යවරයා හා පිරිස තිබ්බොටුගොඩ අසළ දී මරා දැමුයේ ඔහු විසින් ය. මේ අනුව ද පෙනී යන්නේ කැරැල්ලේ මුල් ආරම්භකයා කිවුලේගෛදර මොහොට්ටාල බවය. කන්දකැපූඋල්පොත ගමමහගේ නමැත්තකු ඉඩම් ප්‍රශ්නයක් හා සම්බන්ධව කිවුලේගෙදර මොහොට්ටාල හමුවීමට ගිය අවස්ථාවේ ඇති වූ සිද්ධියකින් ගමමහගේ මරා දැමීමේ චෝදනාවට හසුවීම නිසා ඔහුට එවකට බදුල්ලේ දිසාපති වූ රයිට් හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණ ද කිවුලේගෙදර සැඟවී ගියේය. දෙවැනි වරටත් ඔහුට කොළඹ දී බ්රවුන්රිග් ආණ්ඩුකාරය හමුවන ලෙස නියෝග කළ ද ඔහු එම අවස්ථාව ද මඟ හැර ගියේය. පසුව 1816 දී ඔහු ඉංග්‍රීසීන්ට භාර වූ අතර උඩරට සිංහල නීතිය අනුව නඩුව ඇසීමට ජෝන් ඩොයිලි කටයුතු සැලැස්වීය. ඒ අනුව වලපනේ දිසාව වූ දූල්ලෑව, සහ උඩුගම්පහ යන ප්‍රධානීන් නඩුව විනිශ්චයකරුවන් සේ පත් කළහ. ඔහුට විරුද්ධව නගා තිබූ චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවුවද, සැකකටයුතු සේ සලකා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඔහු රඳවා තබන ලෙස ඩොයිලි නියෝග කළේය. නැවතත් මාතලේ හා වලපනේ දිසාව වූ කපුවත්ත වෙඩික්කාර ලේකම්, මහ ගබඩා නිලමේ ඉදිරියේ නඩුව ඇසීමේදී ඊට පෙර බොරු සාක්කි දුන් සුද්දනා නමැත්තකු ඒ බව පිළිගැනීම නිසා ඔහුට සිර දඬුවම් නියම විය. නඩුව තවදුරටත් කල් ගියේය. එහෙත් සිර භාරයේ සිටි කිවුලේගෙදර සිරගෙදරින් පැන ගිය අතර ඌවේ කැරැල්ල ආරම්භ කරන ලද්දේ එසේ සැඟවී සිටි ඔහු විසින් ය. මෙම කිවුලේගෙදර මොහොට්ටාලගේ රූපයක් බදුල්ල ළිඳමුල්ල පත්තිනි දේවාලයේ ඇඳ ඇති බව පවසන මොනරාගල හිටපු දිසාපතිවරයකු වූ ස. ජ. සුමනසේකර බණ්ඩා මහතා එම ප්‍රදේශයේ ගැමියන්ගේ ඇදහිල්ලට ලක්ව ඇති සත්කට්ටුවක් දේවතා බණ්ඩාරවරුන්ගේ අන්තිමයා වූ පුංචි අලුත්බණ්ඩාර දෙවියෝ නමින් මියගිය කිවුලේගෙදර මොහොට්ටාල පුදන බව ද සඳහන් කර තිබේ.

1818 දී කිවුලේගෙදර මොහොට්ටාලගේ මූලිකත්වයෙන් ආරම්භ වී තිබූ ඌවේ කැරැල්ලට කැප්පෙටිපොළ හෙවත් මොනරවිල දිසාව අතර මැඳ දී සම්බන්ධ වූයේ ඔහු කැරැලිකරුවන්ගේ සිරකරුවකු බවට පත්වීමෙන් පසුවය. පසුව ඔහු නිසා මඩුගල්ල හා පිළිමතලාව ද කැරැල්ලට සම්බන්ධ වූහ. මෙම කැරැල්ල ඉක්මන් කිරීමට හේතු වූයේ මෙතෙක් පැවැති උඩරට සම්ප්‍රදායට විරුද්ධව වෙල්ලස්ස ප්‍රදේශය භාරව මුස්ලිම් ජාතිකයකු වු මුත්තුහඡ්ජියාර් ඉංග්‍රීසීන් විසින් පත් කිරීමය. පරංගි ලන්දේසි මෙන්ම ඉංග්‍රීසි පාලන අවධියේ ද වෙළෙන්දන් වශයෙන් කටයුතු කළ සමහර මුස්ලිමුන් සිංහල ප්‍රදේශවලට ගොස් ඉංග්‍රිසීන්ට ඔත්තු සැපයීම කළ බවට වාර්තා කීපයක් ම ඇති අතර මේ හැම මාර්ගයක් නිසා ම මුස්ලිමුන් ඉංග්‍රිසීන්ගේ සිත් දිනා ගෙන සිටියහ. කෙසේ වෙතත් ඉංග්‍රීසීන් විසින් ඔවුන්ට ලබා දුන් බලයෙන් සිංහලයන්ට බලවත් සේ පීඩා වන පරිදි කටයුතු කළ බවට වාර්තා ඇත. මෙහෙයින් බූටාවේ රටේ රාළ හා පිරිස මුත්තු හඡ්ජියාර් අල්ලා කොකාගල සිටි නව රජතුමා වෙත ඉදිරිපත් කළහ. එහි දී ඔහුට මරණ දඬුවම දෙන ලදී. කැරළිකරුවන් විසින් බිබිලේ ඊතණවත්තේ දී මරා දැමූ බදුලු දිසාපති විල්සන්ගේ භාෂා පරිවර්තක කරෝලිස් ඩයස් මුහන්දිරම් ද අල්ලාගෙන අවුත් නඩු අසා මරණ දඬුවම දෙන ලදි. මෙකී නඩුවලදී නව රජුගේ තෝල්ක වශයෙන් කටයුතු කළේ ද කිවුලේගෙදරය.

මෙසේ ආරම්භ වූ ඉංග්‍රීසි විරෝධී ඌවේ කැරැල්ල පරාජයට පත් වූයේ ඉහත කී අයුරු සිංහල යෑයි කියාගත් එක්නැලිගොඩ, මහවලතැන්න ඇතුළු සමහර ප්‍රධානීන් නිසා ය. ඉංග්‍රීසීන් වෙනුවෙන් ඔවුහු සිංහල ජනයා ඝාතනයට වෙල්ලස්සේ සංහාරයක් ආරම්භ කළෝය. ඉංගී්රසීහු උඩරට රජු වශයෙන් පෙනී සිටි දොරේසාමි අල්ලා දෙන කෙනෙකුට රික්ස් ඩොලර් 2000 ක් තෑගි දෙන බවට ද කිවුලේගෙදර හා බූටෑවේ රටේ රාළ අල්ලා දෙන අයට රික්ස් ඩොලර් 500 බැගින් දෙන බවට ද නිවේදනයක් නිකුත් කළහ. කැරැල්ලේ අතරමගදී ඊට සම්බන්ධ වූ කැප්පෙටිපොළ පිළිමතලාව හා මඩුගල්ල අල්ලා දෙන අයට රික්ස් ඩොලර් 4000 ක් (තරුපගෝදි 1000) ගෙවන බව ද ප්‍රකාශයට පත් විය. පසුව කිවුලේගෙදර සඳහා තරු පගෝදි 500 (රික්ස් ඩොලර් 2000 ක්) ගෙවන බව බ්රවුන්රිග් ආණ්ඩුකාරයා නිවේදනය කළේය. මේ අතර අභිනව රජු වඩුග වංශයට අයත් වූවෙකු නොව විල්බාවේ නම් වූ සිවුරු හළ තැනැත්තකු බව අනාවරණය වූයෙන් කැප්පෙටිපොළ මඩුගල්ල වැනි නායකයන් සටන අතහැරීමත් නිසා අවසානයේ ඔවුන් ඉංගී්රසීන් අතින් හිස ගැසුම් කෑවෝය. සටන නොනවත්වාම කරගෙන යන ලෙස කිවුලේගෙදර දැන්වුව ද, සබරගමු සත්කෝරළේ ආදි නායකයන්ගේ සහාය නොලැබීමෙන් කැරලිකරුවන්ට යටත් වීමට සිදු විය. ඉංග්‍රීසීන් හා ඔවුන්ට සහාය වූ ප්‍රධානීන් කිවුලේගෙදර සොයමින් සිංහල ගම් ගිනි තබා විනාශ කළහ. ඔහු සැඟවී සිටි වටගොල්ල කැලයේ ගල්ලෙනක තිබී හාපත්ගමුව විසින් කිවුලේගෙදරට එවූ තල්පතක සඳහන්ව තිබුණේ ඉංග්‍රිසීන් ඌවේ මිනිසුන් ද රැගෙන ප්‍රදේශය වටකොට ඇති හෙයින් යටත් වීම හෝ වස පානය කොට මිය යැමට සිදුව ඇති බවය. කිවුලේගෙදර කරන යම් දෙයක් තමා ද කිරීමට සූදානම් බවය. අවසානයේ සටන පරාජයට පත් වීමෙන් පසු කිවුලේගෙදර යාචක වේශයක් ගෙන සැඟවී ගියේය. එහෙත් පරණගම මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු ඔහු හඳුනාගෙන අලුත්නුවර බින්තැන්නේ දිසාවට භාර දුන් අතර පසුව ඔහු බදුල්ලට ගෙන ගොස් 1818 නොවැ, 24 දිනක දී ඒජන්ත සෝවර්ස්ට භාර දෙන ලදී. යුද්ධාධිකරණයකින් නඩු අසා 1818 දෙසැ. 18 දින හිස ගසා මරණයට පත් කරන ලදී..

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-28467724617029016412022-08-09T21:35:00.002+06:002022-08-09T22:04:38.287+06:00වෙල්ලස්සේ නිදහස් සටනේ සටන්කරුවෝ රදළයෝමද?

වෙල්ලස්සේ සටන රදලයින්ගේ සටනක් යැයි කීම දුටුගැමුණු රජුගේ සටන දස මහා යෝධයන්ගේ සටනක් යැයි කීම හා සමාන වූ අනුවණ කීමකි. විල්බාවේට එරෙහි කඩුවේදීද අනාවරණය වූ පරිදි ඉහළ රදලයින්ගේ දායකත්වයක් වී නම් ඒ කැප්පෙටිපොළ, මඩුගල්ලේ සහ ඇල්ලේපොළ වැනි නිළමේවරුන් කිහිප දෙනෙක් පමණි. ඒ හැරුණු විට සටනේ පෙරමුණ ගත් රදලයින්ගේ කුලීන බව ගැන සැකයක් නැතත් ඔවුන් රටේ රාල මොහොට්ටාල වැනි ප්‍රාදේශීය කුඩා තනතුරු දැරූ නායකයන් වූහ. උඩරට විශාලතම කුලය වූ ගොවි කුලය සටනේ වැඩි දායකත්වයක් දැරුවද, සෙසු සියලු කුලවල පුද්ගලයෝද සටන් පෙරමුණේ සිටියහ. සටන තුළ පංති හෝ කුල හෝ භේදයක් නොවීය. කැරැල්ලේ අභීත නායකයෙක් වූ හාමාපොළ දුරයා ගොවිගම වංශයේ නායකයෙක් නොවීය. ඔහුගේ මව වූ රන්කිරි සටන පැරද යන කැරැලිකරුවන් පාවා නොදී මරණය තෝරාගත් අභීත වීරවරියකි.

1818 නිදහස් සටන දුර්වල වෙමින් පැවතුණි. ඉංග්‍රීසීහු කොහුකුඹුරේ රටේ රාල වැනි සටන් නායකයින් සොයමින් වෙල්ලස්සේ ගම්මාන පීරමින් සිටියහ. ඒ අතර වෙල්ලස්සේ ගම් බිම්
ගිනිබත් කරමින් ඉංග්‍රීසින් පැමිණි අතර සටන්කරුවෝ හා ගම්වැසියෝ ආරක්ෂිත ස්ථාන වෙත පසුබැස්සාහ. ජනප්රවාදයට අනුව බිබිල හාමාපොළ ගමේ ඉතිරිව සිටියේ රන්කිරි වැනි වියපත් ස්ත්‍රීන් කිහිප දෙනෙක් පමණි. හාමාපොළ දුරයාගේ නිවස වැටලූ සොල්දාදුවන් එය කොල්ලකා දුරයාගේ මහලු මව වූ රන්කිරි අත්අඩංගුවට ගෙන සිය ප්‍රධානියා වෙත ගෙන ගිය බව සඳහන් වේ.

කැරැලිකරුවන් සැඟව සිටි තැන් ප්‍රශ්න කරද්දී ඇය පැවසුවේ “ඔවුන් ඉන්නා තැන තමන් දන්නා බවත්, එහෙත් කිසිසේත් නොකියන බවත්ය” අත්, කන්, නාසය කපා ගෙල සිඳ මරා දැමුවද රන්කිරි ගෙන් කිසිවක් හෙළිදරව් නොවීය. රන්කිරිගේ වීරත්වය හෙළ ඉතිහාසයේ විහාරමහා දේවි, සෝමා දේවීන් දැක් වූ වීරත්වයට දෙවැනි වන්නේ නැත.

බදුල්ලේ විදීගුනේ දඩුවරාවේයායේ පදිංචිව සිටි ඩිංගිරි අප්පු හා බාලප්පු රදල වංසිකයින් නොවේ. දුර්ග මාර්ගයකින් ඉංග්‍රීසින් කැඳවා ගෙන ගොස් පර්වතයකින් ඇඳ දැමීමට ඔවුන් කටයුතු කළ බව මුඛ පරම්පරා ගත කතා කියයි. සටනින් පසු දිගාමඩුල්ලේ මුල්ලේගම, පාදාගොඩ, ගල්ගමුව, නෙල්ලියද්ද වැනි ප්‍රදේශද මොනරාගල උඩික්කැපූආර, කොටියාගල, කහම්බාන හා නැගෙනහිර ප්‍රදේශයේ පානම වැනි ප්‍රදේශවලට පලා ගියේ සටන්වැද සිටි සාමාන්‍ය ජනතාවය. 1818 පෙබරවාරි 19වැනි දින රොබට් බ්රවුන්රිග් බැතර්ස්ටි වෙත යවන ලිපියේ සඳහන් කරන්නේ “ඌවේ දිසාව හැර සෙසු කිසිම උසස් බලවත් නිලමේ කෙනෙක් සිංහාසන අපේක්ෂකයාට මෙතෙක් එළිපිට පක්ෂව නොසිටින බව උතුමාණන්ට දක්වනු කැමැත්තෙමි” යනුවෙනි.

සටනින් පසු විල්බාවේට එරෙහිව පැවති නඩු විභාගයේදී කතරගම මහබෙත්මේගෙන් අසනු ලබන 23වැනි ප්රශ්නය වන්නේ “කැරැල්ල ඇති වෙන්නට කලින් බොරු රජ්ජුරුවන්ට උඩරට කිසියම් නිලමේවරුන්ගෙන් හෝ නායක හාමුදුරුවන්ගෙන් හෝ රහසිගත ආධාර ලැබුණාද? යනුවෙනි. මහබෙත්මේ පිළිතුරු දෙන්නේ “මම දන්නේ නැහැ” යනුවෙනි.

එම ප්‍රකාශවලින් පෙනී යන්නේ වෙල්ලස්සේ නිදහස් සටන බහුජන නැගී සිටීමක් මිස පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සටනක් විය නොහැකි බවය. එම ලිපියේම රොබට් බ්රවුන්රිග් සඳහන් කරන්නේ ඉන්දීය ආණ්ඩුවෙන් උපකාරී හමුදාවක් ලබා ගෙන මිස කැරැලිකරුවන් එකමුතු කරන වැඩවලට විරුද්ධව සටනක් ගෙන යෑම ඉතා අමාරු බවය. එපමණක් නොව වෙල්ලස්සේ ජනතාව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තම ගම් බිම් ධන ධාන්‍ය සම්පත් හැර දමා සටන් බිමට ගිය බව 1818 අප්‍රේල් 12 යවන ලිපියක මෙසේ සඳහන්ය.

“වෙල්ලස්සේද කලබල නැත. එහෙත් මරක්කල් මිනිසුන් හැර සෙසු සියලු දෙනා ඒ පළාත අත්හැර දමා වෙන පළාත්වල කැරැලිකරුවන්ට එකතු වී සිටිති” යනුවෙනි. උඩරට පුරා පැතිර ගිය සටන්වලට වෙල්ලස්සේ ජනතාව සහභාගි වූ ආකාරය මෙම ලිපියෙන් මනාව සනාථ වේ.

1818/07/07 වැනි දින ඛගෘග බුෂේගේ පොදු ආඥාවේ සඳහන් කරන්නේ උඩරට පළාත්වලට යවා ඇති හමුදා පිරිස ඔවුන්ට විරුද්ධව සටනට එන විශාල සංඛ්‍යාව හා සසදා බලන කල ඉතා සුළු බවය.

සටනේ නායකත්වය ගත් පිරිස් අතර, දඹගල්ලේරාල, වෙල්ලස්සේ මඩුගමේ රාල (මැදගමේ) කඳවින්නේ දිසාව (කැන්දවින්න) කඳවින්නේ මොහොට්ටාල, පල්ලේකිරුවේ මොහොට්ටාල, බකිනිගහවෙල උපසේකර මුදියන්සේ, බකිනිගහවෙල හීන්අප්පු ආදීන් ද වූහ. මොවුන් සියලු දෙනාද බිබිල අවට ප්රදේශවාසීන්ය. එසේම අලව්මුල්ලේ රාල, නක්කල මුදියන්සේ, බකිනිගහවෙල හීන්අප්පු, බකිනිගහවෙල මද්දුමරාල, බකිනිගහවෙල පුංචිරාල, ඊතණවත්තේ ගෙදර කපුරාල තවත් එවැනි බිබිල අවට සාමාන්‍ය ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකි.

සටනින් පසු යුද නීතිය යටතේ සිරගත කරන ලද සිරකරුවන්ගේ නාම ලේඛනය පරීක්ෂා කිරීමේදී වෙල්ලස්සේ මෙන්ම මුළු මහත් උඩරටම විවිධ ප්‍රදේශවල විවිධ කුල සහ සමාජ තරාතිරම්වලට අයිති පුද්ගලයින්ගේ නම් අනාවරණ වේ. මඩුල්ලේ අරුමා, නින්දේගම ඩිංගා, ජුවානිස්, පලියා මහදුරයා, කින්ඩි මැණිකා දුරයා, බදුල්ලේ කිරිනයිදා, කටුගහවෙල දුරයා, බදුල්ලේ ගණිතා, බදුල්ලේ වීදිගුනේ, දඩුඅරාවේ ඩිංගිරි අප්පු හා බාල අප්පු, හාමාපොල රන්කිරි, සුරලා, පුංචා වැනි අයට කැරලි ගැසීම, කැරලිකාර ගතිපැවතුම්, කුමන්ත්‍රණ. මහජන කැලඹිලි කතා පැවැත්වීම, යුද වැදීම, කැරලි ගැසීමට අනුබල දීම ආදී විවිධ චෝදනා යටතේ නඩු පවරා මරණ දඬුවම, සිර දඬුවම, කස පහර දීම වැනි දඬුවම් නියම කර ඇත. ඒ අතර හතර කෝරලේ රොඩී කුලයේ පිරිසකටද දඬුවම් පමුණුවා ඇත.

ඒ හැරුණුවිට දේවදියේ රටේරාල, හිග්ගහලන්දේ විදානේ ආරච්චි, මුදියන්සේ පුංචිරාල, ගම් ඇති රාල, මත්තමගොඩ නිලමේ, විදවල මුදියන්සේ, මඩුගස්තලාවේ බස්නායක රාල, මඩුගස්තලාවේ මොහොට්ටාල, බොරගොල්ලේ මොහොට්ටාල වැනි රදල මෙන්ම ගොවිගම කුලයේ සෙසු පිරිස්ද දඬුවම් කළ සිරකරුවන්ගේ ලැයිස්තුවේ සඳහන් වෙන පුද්ගලයින් රාශියකින් කිහිපදෙනෙකි. සෑම සමාජ තරාතිරම පුද්ගලයින් සටන් වැදුණු බව පෙනේ. එහෙත් උඩරට හැරුණු විට සෙසු ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු හැරුණු විට ප්‍රදේශ හෝ සමාජ කණ්ඩායම් හෝ මෙම සටනට සහභාගි වූ බවක් නොපෙනේ.

ගොවිගම කුලේ නොවූ පිරිස් අතර පහත සඳහන් රණවිරුවෝද අමතක කළ නොහැකිය. 1818/11/14 ආඥා පත්‍රය අනුව කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල රාජසන්තක කළ අලුවෙල මහදුරයා එලෙසම කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල අහිමි වූ උඩකුඹල්වෙල කළුවා, උඩුවෙල දුරයා, කැටකෑලේ දුරයා. 1818/06/30 යුද්ධාධිකරණය මගින් බදුල්ලේදී මරණ දඬුවම නියම කර එල්ලා මරා දැමූ කිරිනයිදා 1818/08/26 වැනි දින පරණගමදී මරණ දඬුවම් නියම කළ කිරිනයිදා, 1818/07/02 මරණ දඬුවම නියම කළ කිරිමින්දා, කොළඹ සිර අඩස්සියේ රඳවා සිටි කෝලා 1818/08/25 දින පරණගමදී මරණ දඬුවම දුන් ගණිතා 1818/11/14 කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල රාජසන්තක කළ ගොඩමුන්නේ හංගිඩියා. තුප්පිටියේ බෙරවයන්නා 1818/05/06 වන දින ලුතිනන් කර්නල් මොෆෙට් විසින් මහනුවරදී පැවැත් වූ යුද්ධාධිකරණයේදී මරා දැමීමට තීරණය කර එම වසරේම 05/31 වැනිදා එල්ලා මරා දමන ලද පෑලව මහදුරයා එම වසරේම අගෝස්තු 28 වැනි දින මේජර් මැක්ඩොනල්ඞ් පරණගමදී යුද්ධාධිකරණයේදී මරණ දඬුවම දී එල්ලා මරා දමනු ලැබූ පුංචා, ඩග්ලස් විලසන් මරා දැමූ පුද්ගලයින් සිවු දෙනාගෙන් අයෙක් ලෙස මීගහපිටියේ රාල විසින් නම් කළ පොල්ගහවෙල බඩහැලයා, පුංචි හලුවා 1818/01/27 වැනි දින යුද්ධාධිකරණය මගින් මඩුල්ලේදී මරණ දඬුවම නියම කරන ලද එදිනම එල්ලා මරා දැමූ මඩුල්ලේ අරුමා, මුල්ලෙන්වරිගේ ගවලියා, 1818/11/24 ආඥා පත්‍රය අනුව කැරලිකරුවෙකු ලෙස නම් කරනු ලැබ දේපල රාජසන්තක කරනු ලැබූ ලුනුගල දුරයා, හිත්තරයා. වැනි විරුවන්ද ගොවිගම කුලේ අය නොවන බව පෙනේ.
මෙසේ ආදිවාසීන්ද, විවිධ කුලවල ජනතාවද පමණක් නොව විවිධ කුලවල කාන්තාවෝද වැඩවසම් සමාජයේ වුවද නිවසට වී නොසිටියහ. ජනප්රවාදයේ එන බූටෑවේ රටේරාලගේ දියණියද, හාමාපොළ රන්කිරිද, කන්දේකැටියේ රටේ රාලගේ සහෝදරියද, සටන්කරුවන් ඔටුනු පැලඳවූ විල්බාවේගේ බිසව වූවා යැයි සැලකෙ කොහුකුඹුරේ රටේරාලගේ සහෝදරියද ඉන් කිහිප දෙනෙකි.

සටනේ සමස්ත ජන සහභාගිත්වය විශේෂයෙන් වෙල්ලස්ස ප්රමුඛ උඩරැටියන් විය. එහෙත් කොළඹ උන්නාන්සේ, ගාල්ලේ උන්නාන්සේ වැනි ස්වාමීන් වහන්සේලාද, බඹරැන්දේ යාපා අප්පුහාමි වැනි පහතරැටියන් කිහිප දෙනෙක්ද නිදහස් සටනට උරදුන්හ.
මැලේ සහ මලබාර් ජාතිකයින් කිහිපදෙනෙක් වෙල්ලස්සේ සටන්කරුවන් හා එක්ව සිටි බව පෙනේ. මලබාර් ජාතික වෙළෙන්දෙක් වූ ක්‍රිෂ්ණා, මැලේ ජාතිකයෙක් බව පෙනී යන හේදර, සයිබු, කැප්පෙටිපොළට ආරක්ෂාව දුන් වෙලන්ගස්හින්නේදී යටත් වී ගාල්ලේ සිර අඩස්සියේ රඳවා තැබූ සෙයියදූ අසන් ඒ අතර වේ. 1818/11/01 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මහනුවරදී අත්අඩංගුවටගත් කැප්පෙටිපොළගේ ආරක්ෂාවට සිටි වීරපත්‍රම් ඉන්දියානු ජාතිකයෙක් බව පෙනේ. රඝු, බොම්බායේ සිට පැමිණ කැරැල්ල අවස්ථාවේදී කැප්පෙටිපොළට ආරක්ෂාව සැපයූ මස්තෙල්ලේද මලබාර් වැසියකු වූ බීමා ද මැලේ ජාතික බාවා සයිගුද 1818/10/05 වැනි දින මහනුවරදී අත්අඩංගුවට පත් වූ මැලේ ජාතික පකීර් පූකි ද ඒ අතර වේ. 1818 ඔක්තෝබර් මස විල්බාවේගේ අනුගාමිකයන් සමූහයක් සමඟ සිටියදී අත්අඩංගුවට ගත් බාවා සයිගු විල්බාවේට සමාන ස්වරූපයක් ඇති අයෙක් බවද සඳහන් වේ. සෝගමෝලි වෛරමුත්තු චිට්ටි, කැරලිකරුවන් අතර මූලික ස්ථානයක් ගෙන ක්‍රියා කළ දෙමළ ජාතිකයෙක් බව එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා 1820 යවන ලද සංදේශයක සඳහන් වේ.

රෝහණ අනුර කුමාර හේරත්
මහාධිකරණ විනිසුරු - මහනුවර

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-33203092968137844232022-08-06T21:04:00.007+06:002022-08-06T21:09:22.483+06:00ඩිජිටල් නායකත්වය | Digital Leadership
නායකයෙක් කීවාම අපේ මනසට එසැනින් එන්නේ දේශපාලන නායකත්වයක්. ලංකාව වගේ රටක ඩිජිටල් නායකත්වය කිව්වාම අලූත් දෙයක්. හැබැයි මේක ලෝකයේ දියුණු රටවල භාවිතාවන සංකල්පයක්. රටකට නායකයෙක් වගේම ආයතනයකටත් නායකයෙක් සිටිනවා. මේ සංකල්පය තුළ එන කොටස් කීපයක් තියෙනවා. ඒක හරියට අවබෝධකර ගත්තොත් අපිට මේ ගැන ගැඹුරින් හිතා බලන්න පුළුවන්. මෙහි තියෙනවා සංනිවේදනය. විශේෂයෙන් අපි ඩිජිටල් තාක්ෂණය අපි භාවිතා කරනකොට සංනිවේදනය අත්‍යවශ්‍ය කාරණයක්. ඊළඟට දැක්ම. දැක්මක් තියෙන්න ඕනේ. ඩිජිටල් නායකත්වයකට ආයතනය ගැන රට ගැන එ් විදියට දැක්මක් තියෙන්න ඕනෙ. ඊළඟට ඩිජිටල් සාක්ෂරතාවය. මෙහිදී තමන් කොච්චර දුරට පරිගණකය ආශ්‍රිතව තියෙන උපකරණවලට කොච්චර සහසම්බන්ධද තමන්ට කොපමණ වැඩ කොටසක් ඒ ඔස්සේ කරන්න පුළුවන්ද කියන එක. ඊ ළඟට උපායමාර්ග. අපි යම්කිසි දේවල් කරගෙන යද්දි යම් යම් දේවල් භාවිතා කරනවා. මේ උපාය මාර්ග සම්බන්ධයෙන් දැනුවත්මක් කරන්න ඕනෙ. ඊට එහාට ගියොත් නවඋත්පාදනය. අලූත් දේවල් නිර්මාණය කිරීමට මේ තාක්ෂණයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අවදානම ගැන සාකාව. අවදානම කියන්නේ මේ වසංගත රෝග තත්ත්වය ගැන අසත්‍ය ප්රචාරකරනවාට වැඩිය අවදානම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕනෙ.

ධනාත්මකව අපි මේකට මුහුණ දෙන්නේ කොහොමද, සෞඛ්‍ය අංශවලින් අපිට භාවිතා කරන්න කියලා තියෙන ක්‍රමවේදයන් මොනවාද, ආරක්ෂක අංශවලින් අපිට දීලා තියෙන ක්‍රමවේදයන් මොනවද කියලා අපි දැනුවත් වෙන්න ඕනේ. අන්න ඒ සඳහා මේ ඩිජිටල් තාක්ෂණය භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව අනුවර්තිතාවය. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් අපි යමක් කරනවා නම් එකදිගට කරන්න ඒ තියෙන කුසලතා අපි වර්ධනය කරගෙන අඛණ්ඩව කරන්න ඕනේ. ඒ අනුව තමා මේ ඩිජිටල් නායකත්වය ගොඩ නැගෙන්නේ. ඊළඟට කුසලතා ස්ථානගත කිරීම. මේක අතිශයින්ම වැදගත් දෙයක්. ආයතනයක් ගත්තොත් එහෙම විවිධ අයට විවිධ කුසලතා තියෙනවා. මේ ඩිජිටල් පරිසරය තුළ විවිධ වෘත්තීන් තියෙනවා. අපි මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් ගත්තොත් එහෙම එහි ඉන්නවා මෘදුකාංග ඉංජිනේරුවරු. ඊළඟට එහි ඉන්නවා මෘදුකාංගය සැලසුම්කරන ශිල්පීන්. මෘදුකාංග තත්ත්වපාලන ඉංජිනේරුවරු. මේ හරහා රැකියා වෙළෙඳ පොළක් බිහිවෙලා තියෙනවා. ඒ වගේම එකිනෙකාට විශේෂිත වූ කුසලතා තියෙනවා. එ්වා හඳුනාගෙන ආයතනයක් විදියට, රටක් විදියට හෝ තමන්ගේ පුද්ගලික ජීවිතයට භාවිතා කරන්න පුළුවන් නම් මේ ඩිජිටල් පරිසරය තුළ ඉහළ ස්ථානයකට එන්න කෙනකුට හැකියාව ලැබෙනවා. ඒකට අපි කියනවා දත්ත විශ්ලේෂණය කරලා දත්ත යොදාගෙන තමන්ගේ කාරණා සංවර්ධනය කරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු තමන්ගේ ජීවිතය වර්ධනය කර ගැනීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. එසේ වර්ධනය කරගත් තැනැත්තාට කියනවා ඩිජිටල් නායකත්වය සතු පුද්ගලයෙක් කියලා.

පුලස්ති වන්නිආරච්චි,
ඩිජිටල් අලෙවිකරණ උපදේශක

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-6147673068485307042022-08-05T16:46:00.004+06:002022-08-05T16:46:47.582+06:00බදුල්ල ඕලන්ද බලකොටුව - පැරණි වෙලේකඩේ වෙළඳපොල
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ලන්දේසි බලකොටුව (ඕලන්ද බලකොටුව) ලෙස කලින් හැඳින්වූ පැරණි වෙලේකඩේ වෙළඳපොල පිහිටා ඇත. එය බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය අසල බදුල්ල පළාත් මහ රෝහලට අසන්නව පිහිටා ඇත. ඇල්ල සිට ඕල්ඩ් වෙලේකඩේ මාර්කට් දක්වා ඇති දුර කිලෝමීටර් 21.6 ක් වන අතර එය විනාඩි 40 ක දිගු ගමනකි.

එය 2008 ජුනි 06 දා සිට ආරක්ෂිත ගොඩනැගිල්ලක් ලෙස මෙය නම් කරනු ලැබූ අතර, දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කොට පාලනය කරයි. මෙම ස්ථානය ලන්දේසීන් විසින් මාලිගාවක් හෝ බලකොටුවක් ලෙස භාවිතා කළ අතර අනෙක් අය පවසන්නේ එය බ්‍රිතාන්‍යයන් විසින් 1889 දී ඉදිකරන ලද්දක් බවත් මතයක් පවතී.

1818 දී බ්‍රිතාන්‍යයන් උඩරට සම්මුතියට අත්සන් තැබීමෙන් පසු බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු කළ එක් ක්‍රියාවක් ලෙස එය පිළිගැනේ. එය බ්‍රිතාන්‍ය විලාසිතාවේ ලී ආරුක්කු වලින් සමන්විත වන අතර එය වර්තමානයේ දැකිය හැකි අතර එය ද සමන්විත වේ ඉහළ මධ්‍යම වහලක් සහ පිවිසුම් හතරක් සහිත පහළ වහලක්. අභ්‍යන්තර අවකාශයේ අෂ්ඨාශ්රාකාර ප්‍රාථමික සංයෝගයක් සහ හරස් හැඩැති යාර හතරක් ඇත. තවත් ගොඩනැගිල්ලක් හරස් හැඩයෙන් සාදා ඇත. පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම් පවත්වා ගැනීම සඳහා මෙය සිදු කෙරේ.

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-12713115628439896522018-08-12T15:18:00.000+06:002018-08-12T15:23:02.238+06:00හල්දුම්මුල්ල වල්මීතලාව, හුණුගලාගල කැනීම. ගල්ගුහාව අවුරුදු 6000කට කාල නිර්ණය වී ඇත

හල්දුම්මුල්ල වල්මීතලාව, හුණුගලාගල කැනීම. ගල්ගුහාව අවුරුදු 6000කට කාල නිර්ණය වී ඇත. ධාන්‍ය ඇඹරුම්ගල්, වලන් කෑලි, ලිංග සංකේථ සොයාගැනිනි. අපේ මුතුන් මිත්තන් එදා කෘෂිකාර්මික පරිසරයක් සහිතව ඌවේ ජීවත්වී ඇත. - මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ කණ්ඩායමේ කැනීමක ප්රතිඵලයකි.

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-13981408040108187962018-06-08T15:31:00.001+06:002018-06-08T15:32:21.504+06:00වැදි ජනයා සහ ඌව

ඌව ප්‍රදේශයේ වංහුං සොයා යන ගමනේ ඊළඟ නැවතුම ලෙස මා ඔබ රැගෙන යන්නේ අපූරු ඉසව්වක් වෙතටයි.ඒ බින්තැන්න ප්‍රදේශයටය.ඌවට පමණක් නොව මුලු රටටම ඓතිහාසික වටිනාකමක් ගෙනදෙන වැදී ජනයා මෙම ප්‍රදේශයේ ජිවත්වෙති.ඌව බිංතැන්න යැයි යමෙකු වැහැරුවොත් ඒ සමඟ අපගේ සිතට නිරායාශයෙන් සිහිව එන ප්‍රදේශ රැසකි .එනම් බිබිල, මහියංගණය , සොරබොර, දඹාන, පදියතලාව ,මහඔය පොලේබැද්ද, නිල්ගල හා දානිගල යන ගම්මානයන් වේ. ( අතීතයේ ඌවට අයත්ව තිබූ මෙමෙ ප්‍රදේශ කිහිපයක් වර්තමානය වන විට නැගෙනහිර පාළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයට බෙදී ගොස් ඇත.)

ප්‍රාථමික සමාජීය ලක්ෂණයන්ගෙන් පෝෂණය වී සොබාදම් මාතාවගේ නිශ්පාදන අතිරික්ත පමණක් ප්‍රයෝජනයට ගෙන ජිවත්වන ආදීවාසී වැදි ජනයා මුලු රටට මෙන්ම විශේෂයෙන් ඌව පලාතට සුවිශේෂී සංස්කෘතික මානව සම්පතකි . ලෝකයේ ආදීවාසීන් අතුරින් පැරණිතම ජන කොට්ඨාසයක් වන වැදි ජනයා ශ්‍රි ලාංකීය ඉතිහාසයට ගෙන එන ආලෝකය සුලුපටු නොවේ.

මෙම සිත්ගන්නසුලු අභීත , සොම්නස්සහගත වනවාසි දූ පුතුන් ශ්‍රි ලංකාව සතු මහගු සම්පතකි .ආදීවාසීන් පිළිබඳව මානව විද්‍යාත්මක ගවේෂණයක යෙදුනු " වෙරියර් එල්වින් " ( ඩේලී නිවුස් - 1950 .10.16 ) ගේ ඉහත ප්රකාශයයෙනම අපගේ වැදී ජනයාගේ ඇති වටිනාකම අපට සිතාගත හැක. දඩයම් ,ඒඩේර, ගොවි, කාර්මික ආදී යුග කිහිපයකින් පසුකර විශ්ව පුද්ගල සංකල්පිත යුගය දක්වා දිගු ගමනක. නිරත වූ වත්මන් දියුණුයැයි කියාගන්නා ජන කොට්ඨාසයන් අතර තවමත් නිරුපද්‍රිතව තමන්ගේ උරුමයන් රැකගැනීමට යම්තාක් දුරට හෝ අහිංසක ,නිහඬ අරගලයක යෙදෙන අපගේ ආදීවාසීන් මේ සමාජ පරිණාමයට අසුනොවී සීටීම පුදුම කරැණකි.මෙයට හේතුව ඔවුන් ජීවිතය දෙස හෙළන දෘශ්ටිකෝණයේ සරල බව විය යුතුය .කරුණු කාරණා කෙසේ වෙතත් ඔවුන් රැකබලා ගැනීම ,ඔවුන්ගේ ජීවන රටාවට බාධානොකිරීම හා පාරම්පරික සංස්කෘතික ලක්ෂණයන ආරක්ෂා කර ගැනීමට උදව් කිරීම මෙන්ම ගොදුරුබිම් ආරක්ෂා කරදීම ජාතියේ වගකීමක් ලෙස සිතා කටයුතු කළ යුතුය.

වැද්දා යනු කවරෙක්ද

වැද්දා යන වචනයේ සංස්කෘත භාෂාවෙන් බීදී ආවකි.සංස්කෘතික භාෂාවේ ව්යධ = වියද්ධ = වැද්ධ = වැද්දා = වැදි යන වශයෙන් බිදී ආ බව ආචාර්ය නන්දදේව විජයසේකර වියතාණෝ පවසති.

වැදිජන සම්භවය

අපගේ වැදි ජනයාගේ සම්භවය පිළිබඳ තවමත් නිවැරදි ස්ථිර නිගමනයකට පැමිණ නැතිමුත් ඒ පිළිබඳ විවිධ මත රාශියක් තිබේ. ඒ මත අතර පුරාවිද්‍යාත්මක මෙන්ම ජීව විද්‍යාත්මක මත මෙන්මද ජනප්‍රවාද ඇත. " වන්නියලැත්තන්ගේ පරම්පරා පොජ්ජ බුද්දිලා ඇත්තන්නේ කාල මැච්චටත් ඉච්චරෙං මන්දෝ විචිචි එකමක්. ඒකාල මැච්චේ මේ තැනට කථා දැම්මේ යම්ක් පොජ්ජලා ඇත්තන්ගේ පරම්පරා පොජ්ජ කියලා රට පොජ්ජෙං මංගජ්ජු විජේ කුමාරයා කියන රාජකාරි හූරා ඇත්තන්නේ මිනිග්ගජ්ජු මියඹට දම්මවා කලුබණ්ඩාරල දෙයියල ඇත්තො කීන මුත්තිලා ඇත්තොයි තව ඉදිතිබාපු වන්නියැලැ ඇත්තොයි කැලා පොජ්ජ හොරා තැනොං රදව්වා.ඒ ඇත්තන්නොං තමයි වන්නියලැත්තන්නේ පරම්පරා පොජ්ජ මංද වුනේ ". ( වැදි පරපුර බුදුන්ගේ කාලයටත් පෙර තිබුණු එකක්. ඒ කාලේ මේ පරපුරට කිව්වේ යක්ෂ ග්‍රෝත්‍රය කියලයි..විදේශයෙන් ආව විජය කුමරා කියන රජතුමා අපේ මිනිසුන් මැරුවා. කලුබණ්ඩාර දෙයියෝ කියන අපේ මුත්තයි ඉතුරිවුනු පරපුරේ අයයි කැලේ හැංගිලා හිටියා . ඒ අයගෙන් තමයි අපේ පරම්පරාව පැවතුනේ ) මේ වැදි ජනයා ඔවුන්ගේ සම්භවය පිළිබඳ දරණ අදහසයි. ඔවුන්ගේ එම පිළිගැනීමට සත්‍යයක් නැතැයි අපට පැවසිය නොහැකිය. මන්ද වංශකථා තොරතුරු අනුව බුදුන්වහන්සේ ලක්දිවට මුල්ම වැඩම කිරීමට හේතූවූයේ යක්ෂ සංග්‍රාමයක් සංසිදුවන සදහාය. බුදුන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කර ඇති අතර, ඒ සමයේ යක්ෂ , නාග හා දේව නමින් ගෝත තුනක් මෙරට විසූ බවට ශාසන ඉතිහාසයේ සදහන්වේ.ඒසේනම බුදුන්වහන්සේ මුල් වරට වැඩම කළේ මහියංගණයට බවත එදින යක්ෂයන්ගේ මහා සංග්‍රාමයක් සංසිදවු බවත වංශකථා සාහිත්‍යයේ සදහනවන බැවින් මෙරට වැදි ජනයා යක්ෂ ගෝත්රියෙන් පැවැත ඒම යැයි පැවසීම තුළ යම් සත්‍යයක් තිබිය හැක.

ලංකාවේ වැදි පරපුර විජය - කුවේණීගේ දරු දෙදෙනාගෙන් පැවත එන බවටද ජනප්රවාදයේ ඇත. ඒ පුවත අනුව විජය කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේ කුවේණීය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවක් කපු කටිමින් සිටි බවත,ඇය විසින් විජය කුමරුගේ හත් සියයක් වූ පිරිස ගල් ලෙනක සිරකර වැබූ බවත්,පසුව විජය කුවේණීය බියගන්වා ඔවුන් නිදහස් කර ගෙන ඇයගේ උදව් ඇතුව යක්ෂයින් ඝාතනයකර ලංකාවේ රජවූ බවත් , පසුව විජය කුමරුට දාව කුවේණීය ජීවහත්ත - දිසාලා නමින් දරුවන් දෙදෙනකු බිහිකළ බවත් , පැවසේ.කාලයාගේ ඇවෑමෙන් විජය රජු භාරතයේ පඩි රජු වෙත දූතයන් යවා කුමරියක් ගෙන්වා ගෙන ඇය ඇග මෙහෙසියකොට දරුවන් තමා වෙත තබා පලායන ලෙස කුවේණීයට දැන්වූ බවත්,කුවේණීය විජය රජු ඉදිරියේ බැගෑපත්වී දරුවන් දෙදෙනා රැගෙන තම ඥාතීන් සොයාගෙන ලංකා පුරයට ගිය බවත් , තමන්ගේ සනුහරය පාවාදුන් කුවේණීය දුටු එම යක්ෂයින් ඇයට ගල් ගසා මරා දැමූ බවත් ,ඉන් දිවි ගලවා ගත් ජීවහත්ත දිසාලා සමනල අඩවියට පැනගිය බවත්,ඔවුන් දෙදෙනාගේ ව්‍යභිචාරි සම්බන්ධයෙන් බිහිවූ දරුවන්ගෙන් ලංකාවේ වැදි පරපුර ආරම්භ වූ බවත් පැවසේ..මහාවංශයේද මෙම පුවත සදහන් ඇත් නමුත් ඔවුන්ගෙන් පැවත එන්නන් පූලින්දයන් වශයෙන් හදුන්වා ඇත.පූලින්දයන් යනු වැදි ජනයාට භාවිතා කරන පර්යාය නාමයක් බව සමහරුන්ගේ අදහසයි.

ලාංකේය වැදි ජනයා විජය - කුවේණී දරුවන්ගෙන් පැවත එන ජන කොට්ඨාසයක් නම් ඔවුන් ආදීවාසීන් හෝ යක්ෂ ගෝත්‍රිකයන් වන්නේ තම මව් පරම්පරාවෙන් පමණි.මන්ද විජය කුමරු ඉන්දියාවේ සිට ආ සංක්රමණිකු බැවිනි.මේ පුවත මේ අයුරින්ම වර්තමාන වැදි ජනයා අතරද ප්‍රචලිතව පවතී.නමුත් භා.ව 1911 වර්ෂයේදී වැදි ජනයා පිළිබඳ පර්යේෂණයක නිරත වූ " සී.පි සොල්ග්මන්" මහතා පවස්නුයේ වැදි ජනයාට උප්පත්තිය පුරාණයක් නොවන බවයි. එහෙත් " මහාචාර්ය සුගටහ්පාල ද සිල්වා වියතාණන් සමඟ හිටපු වැදි නායක ඌරූවරිගේ තිසාහාමි ඔවුන් " කුවේණීය " ගෙන් පැවත එන්නන් බව කට කථාවක් වශයෙන් පවසා තිබේ. " විජේහුරා ලංකා පොජ්ජට මංගච්ච්ලා කුයිනිලැත්තො මන්දෝකරගත්තා.මේ ඇත්තන්නේ කිරිඅම්මිලැත්තො කුයිනිලැත්තො . මේ ඇත්තන්නේ කිරිඅම්මිලැත්තො .ඒ ඇත්තො මන්දොකරගෙන ඉදින කාලපොජ්ජෙදිං කැකුලො දෙකමක් මන්දෝඋනා කියලා කතාදමාලා තිබෙනවා .කුයිනිලැත්තො මියඹට දැමුවාලා ඒ කැකුලො දෙකමට කැලෑපොජ්ජට මංගච්චන්න කුයිනිලැත්තනේ මල්ලිලැත්තො කතාදමාලා තිබෙනවා.කුයිනිලැත්තො තොපමුන් මියඹට දම්මුවය .තොපං කැලෑපොජ්ජට මංගච්ච කියලා කතාදමාලා තිබෙනවා.ඒ කැකුලෝ දෙකම කැලෑපොජ්ජේ මංගච්චලා රදලා ඉදින කාලපොජ්ජෙදි ඒ දෙකමගෙන් මන්දෝ උනු මිනිගජ්ජු වන්නියලැත්තො කියලා මේ ඇත්තන්ට කතාදමාලා තිබෙනවා .

මේ ඇත්තන්ට පොත්පොජ්ජක කොලපොජ්ජක කුරුකුරු ගච්චලා කොදුස්. ( විජය රජ්ජුරුවෝ ලංකාවට ඇවිල්ලා කුවේණී බැදගත්තා.අපේ කිරි අම්මා. කුවේණීය අපේ කිරි අම්මා .එයැයි බැදගෙන ඉන්නකොට දරුවන් දෙන්නෙක් උපන්නැයි කියලා තියෙනවා . කුවේණීය මරලා ඒ දරුවන් දෙන්නාට කැලයට යන්න කුවේණීය කියලා තියෙනවා. උඹලාත මරයි. උඹලා කැලේට පලයල්ලායි කියලා තියෙනවා. ඒ දරුවන්ගෙන් උපන් මිනිසුන් වැද්දෝයි කියලා අපට කියලා තියෙනවා. අපට පොතක පතක ලියලා නැහැ ) (ද.වැ.බ. - පිටු 44) විජය කුවේණී පුරාණෝක්තික සිංහලයා විසින් වැදි ජනයා පිළිබඳ ගොඩනගා ගත්තක් විය හැකිය.මෑතක් වනතුරු වැද්දන් එවැන්නක් පිළිබඳ දැන නොසිටි බව " ඌවේ වංශ කථාවට " ' ඌවේ වැදි ජන පුරාණය ' ලියූ ජි.බි. මීගස්කුඹුර මහතා පවසයි.මහා වංශයේ වැදි ජනයා පූලින්දයන් ගැන ලියූ පුවත කාලාන්තරයක් තිස්සේ වර්ධනයවී පූලින්දයන් හා වැද්දන් පිළිබඳ එකට ගොතා පවසන ලද්දක් බවද ඔහු පවසයි. ( ඌ.වං.ක - කා පිටු අංක 06 ) පූලින්දයන් යන වචනය ඉන්දියාවේ ඝෘග්වේදය, ඓතරෙය, බ්‍රාහ්මණ , මහා භාරතය වැනි කෘතිවලද සදහන් කර ඇති අතර , ඔවුන් ඉන්දියාවේ කදුකරවාසින් සදහා භාවිතා කළ නාමය ලංකාවේ වන්චාරීන් සදහා යෙදුවා වන්නට පුළුවන.මහාවංශ කථා පුවත අනුව ලංකාවේ වනචාරින්ගේ ආරම්භය කුවේණීයයගේ දරුවන්ගෙන් සිදුවූවක් නොව කුවේණීයගේ දරුවන් වන්චාරීන් වූ බවයි.

වැද්දන් අයත්වන්නෙ කුමන ජනවර්ගයටද

වැද්දන්ගේ මුල් මුතුන්මිත්තන් විජය නිසා කුවේණියට දාව ලැබුණ දුව හා පුතා යයි සලකනු ලැබුවත් ඔවුන් නියම වශයෙන් අවුස්ත්රේලිය මධ්යදරණීය හා නිග්‍රිටෝ වාර්ගිකයන්ගේද ,යක්ෂයන් හා නාගයන්ගේද සම්මිශ්‍රණය ලැබූවන් බව ආචාර්ය නන්දදේව විජේසේකරයන්ගේ අදහස වේ .

ජනප්‍රවාද

වැද්දන්ගේ සම්භවය පිළිබඳ තවත් අපූරු පුවතක් ජනප්රවාදයේ ඇත .එනම් විජය රජුගේ බෑණනුවන් වු පඩුවස්දෙවුගේ දිවි දොස් නැසීමට මල රජුගේ පාරම්පරිකයන් විසින් රාහු එවන ලදී .මලය දේශයේ මලය රජු ලංකාවට ගෙන ඒමට කැමති වු රජු ඌරෙකුගේ වෙස් ගෙන රජුගේ උයන පාළු කළේය .ඌරා දුනුහී වලින් විද මැරීමට ඌරා රජ මාළිගයට රැගෙන එන ලෙස රජු මිනිසුන්ට නියම කළ බවත් ,මිනිසුන් එසේ කළ බවත් ,රජුගේ විදමනට හසු නොවු ඌරා පැනගිය බවත් ,රජුද පිරිවර ගෙන ඌරා පසුපස ලුහුබැඳ ගොස් හන්තානයේදි කඩුවෙන් කෙටූ බවත් ,තුවාල වු ඌරා කන්දක් බවට පත් වු බවත් ,එ මොහොතේ සක්දෙව් රජු ඔහු ලංකාවට එවීමට හේතු දැක්වූ බවත් ,ඉන්පසු කොහොඹ යක් නැටුමක් නටා පඬුවස්දෙව් රජුගේ රෝගය සුව කොට බොහෝ පිරිසක් මෙහි රදවා රාහු මලයදේශයට ගිය බවත් ,එදා රාහු විසින් මෙහි නවතන ලද පිරිසට දඩයම් පිණිස රජු විසින් කැලයක් දුන් බවත් ,ඔවුන්ගෙන් වැදි ජනයා පැවත එන බවත් ,ජනප්‍රවදයේ සදහන් වේ.

එක්තරා කාලවකවානුවකදි කූර රජකු මිනිසුන් කා දැමීම නිසා ජීවිත ආශාවෙන් කැලයට පැනගිය පිරිසකගෙන් වැදි ජනයා පැවත එන බවත් ජනප්රවාදයේ සදහන් වේ.

ලාංකේය වැදි ජනයා ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වු බවට සලකන්නෝද වෙතී.දුරාතීතයේ සිටම ලංකාව හා ඉන්දියව අතර පෝක්සමූද්ර සන්දිය නොතිබු බව භූ විද්‍ය...යෝ සදහන් කරතී.ඉන්දියාවේ කදුකරවාසීල්ල්(පූලින්දයන්)ජනයා ගොඩබිම ඔස්සේ ලංකාවට සංක්‍රමණය වන්නට ඇති බවත් ඔවුන්ගෙන් වැදි ජනයා පැවත එන බවටත් මත පල කරන අය සිටිතී .

පර්යාය නාමයන්

ලාංකේය වැදි ජනයාට භාවිතා කරන තවත් නම් බොහෝමයකී ."සබර,පුළිදු ,වනදර ආදි වශයෙන් නාමාවලියේද සබර ,පුළිදු ,වනසර,වනදරු ,මිළිදු ලැව් යන නමින් නව නාමාවලියේද සදහන් කර තිබේ .රුවන් මලෙහී වැදි ,සබර ,පුළිදු වනසරණ ,දානී ,මලදරු ,ලැව් සැරටි , මිළිදු මල්පස ආදි වශයෙන් ද වැද්දන් හදුන්වා තිබේ . නාමාවලියෙ සහ රුවන්මල ආදියෙහි මෙසේ වැද්දන් සදහා නම් දී තිබීමෙන් පෙනෙන්නේ " වැද්දා "යනු සංගෘහික නාමයක් බවයි.(ඌ.ව.ක-02.කා-02 පිටුව )විවිධ නාමයන්ගෙන් හැදින්වු වෙනත් ජන කොටස් ද වැදි යන පොදු අභිධානයට ග්‍රහණය වූ බව පෙනේ .(ඌ.ව.ක -02.කා.-07 පිටුව )

මෙම නම් අතුරින් " සබර " යන නාමය මදක් විමසා බලමු. " සබර" යන වචනයට අර්ථ දෙකක් ඇති බව ආචාර්ය නන්දදේව විජේසේකර පවසයි. එනම් වැද්දා නොහොත් දඩයක්කාරයා යන්නය.අනික නම් " සබර" නම් ගස් විශේෂයකි. රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙකට අයත් ප්‍රදේශ මේ වන විට සබරගමු පළාත වශයෙන් හදුන්වනු ලැබේ .මහාවංශ කථා පුවත අනුව පුලින්දයන්ගේ හෝ ලංකාවේ වැදි ජනයාගේ මුල්ම නිජභූමිය විය යුත්තේ සමනල අඩවිය පිහිටි සබරගමුව විය යුතුය. වැද්දන් සබර යනුවෙන් මෙම ප්‍රදේශය සබරගමුව යනුවෙන් හැදින්වීමෙන් මේ නම් දෙක අතර යම් බැඳීමක් ඇතැයි සිතිය හැකි කැරුණු කාරණා ඇත .කලවානට සැතපුම් අටක් පමණ දුරින් වැද්දාගල නමින් ගම්මානයක් ඇති අතර ,මෙහි ජීවත් වන ජනයා දියුණුවෙන් අඩුය .මිටි බව හා ලාමක පෙනුම,විවෘත අයත් ඇස් ඇති මෙම ජනයා හා වර්තමාන වැදි ජනයා අතර ,සමාන දේහලක්ෂණ දක්නට ඇත .වැද්දාගල අසල කුඩා දියපහරක් දක්නට ලැබෙන අතර ,ඊට නුදුරින් ගල්ගුහාවක්ද තිබේ.මෙම ගල්ගුහාවේ අතීතයෙදී වැද්දන් ජීවත් වූ බව අදද ගම් වැසියෝ විශ්වාස කරති .රඹුක්කනට නුදුරු පදවිගම්පොළ නැමති ගම්මානයේ පිහිටි ගල්ගෙය අදීකාලීන වැද්දන්ගේ වාසස්ථානයක් ලෙස ඉතිහාස...යෝ සංක්‍රමණය සලකති.මේ අවටින් සොයගත් සිප්පිකටු හා ගල් අයුධ පුරණ වැද්දන් භාවිතා කල ඒවා බවට විශ්වාස කරතී ."කාව්‍යශේකරයේ" හතරවන සර්ගයේ විසිහතර වෙනි කවියේ "සබර" හදුන්වා ඇත්තේ වැද්දෙකි.(එහි කාලය යන අර්ථයද ගැබ්ව ඇතැයි සිතිය හැකිය .) "පරෙවි සංදේශයේ" පනස් හයවෙනි කවියේ "සබර" සෙන් යනුවෙන් හදුන්වා ඇත්තේ වැදි සෙනඟ වීමටද පුලුවන.වැද්දා පංගුව , වැද්දා කුඹුර , වැද්දාගල, වැදි කන්ද යන නම් වලින්ද වැදි ජනයා හා සබරගමුව අතර තිබූ සම්බන්ධය මනාවට පසක් වේ.

ඌවේ වැදි ජනයා හා බලංගොඩ මානවයා

ශ්‍රි ලංකාවේ ප්රාග් ඓතිහාසික පර්යේෂණය ආරම්භ වී සියවසකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ. මේ කාලය තුළදි අනාවරණය කරගත් තොරතුරු අනුව බලංගොඩ මානවයාගේන් වර්තමාන වැදි ජනයා පැවත එන බවට මත පලකරන අයද බොහෝය. ( බලංගොඩ කවරෙක්ද යන්න පිළිබඳ " ඌවේ ප්රාග් ඓතිහාසික යුගය" නම් පරිච්ඡේදයේ සදහන් කර ඇත.) ප්රාග් මානවයාගේ සිට මෑතකාලීන වැද්දන් දක්වා විවිධාකාර ස්වරූපයෙන් පර්යේෂණ කළ දේශීය මෙන්ම විදේශීය විද්වතුන් රැසකි. .ඒ අතර, සැරසින් යුවල , ජේ.පි.හාර්ට්ලී ,ඊ.ඊ.ග්‍රින් ,ජේ.පෝල් ,අචාර්ය සි.පි.සොලිග්මන්, බී.ඉසෙඩ් , එමර්සනස් මෙනනට් ,හෙන්රි පාකර් ,වෛද්‍ය ආර්.එල්.ස්පිට්ල් , ඊ.ජේ වෙලානඩ්, කේ.ජි.ඔක්ලී , ඒ.කේ සින්ක්නී , පොලෝ.ජේ,ස්ටිස් හොක්කාට් ,ඊ.ඩ්.වොර්මන් ,එච්.වි නොත් කොනන් ,ඒ.ආර්.කෙනඩ් , හොංකින්ද බී ඔල්ඩින් ,රොබට් නොක්ස් ,සි.එච්.කොලින්ස් ,ජේ.අර්.ද ලාහෝ මැරට් , මාතා පිංගම්,ජෝන්කාසවල .නැමති විදේශිකයින්ද ,මහාචාර්ය .පි.ඉ.සි.දෑරණියගල ., ආචාර්ය ශිරාන් දැරණියගල , ආචාර්ය ඩ්ලිව්.එච්.විජේපාල , අචාර්ය අනන්ද කුමාරස්වාමී , අචාර්ය නන්දදේව විජේසේකර , අචාර්ය ඊ.එම්.රත්නපාල ,මහචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න ,මහචාර්ය සේනක බන්ඩාරනායක .වි.ඩි.නන්දදේව ,ඩි සේන ගුප්ත,සදරුවන් ලොකුහේවා.වැනි දේශීය විද්වත්හු ද ප්රමුඛ ස්ථානයක් ගනි.

මොවුන් බොහෝ දෙනෙකුගෙ අදහස වන්නේ,ඓතිහාසික බලංගොඩ මානවයා වර්තමාන වැදි පරපුරේ අදීතමයන් බවයි.බලංගොඩ සංස්කෘතියට අයත් මානව අවශේෂ අදින් වසර 14,515ක තරම් ඉපැරණි අතීතයක සිට 2.013ක් දක්වා නොනැවතී වර්ධනය වී ඇති බවත් ,වසර 7,000ට පමණ ඉහත දී නූතන වැදි පරපුරේ මීමුත්තා වූ" ඔස්ට්රොලෙයිඩ්" වර්ගයට අයත්,මධ්‍යම ගල් යුගයෙ බලංගොඩ මානවයා අනුරාධපුර ජනාවාසකරණය කර ඇති බවත් මානව පුරාවිද්‍ය.. හා හිටපු පුරාවිද්‍යත්මක ජෙනරාල් ශිරාන් උපේන්ද්‍ර දැරණියගල ශූරීහු සදහන් කරති .(දි.ම.අ.පිටුව 02-2007.11.22)බලංගොඩ මානවයා බාහිර ස්වරුපයෙන් වර්තමාන වැදි ජනයාගේ ස්වරුපයට සමාන බවත් ,දිගු පටු හිස,ඉදිරියට නෙරා ඇති නලල් තලය,හිස් කබල් ඇට,පුලුල් ශක්තිමත් කම්මුල් ඇට,පසුපසට නැඹුරුව නිකට ,ගෙවී ගිය විශාල දත් ,මුක්කන් නාසය බලංගොඩ මානවයා විසින් නිරුපණය වන බවත්,ආදි වාසී වැදි ජනතාවගේ අභිචාරවිධ් බලංගොඩ මානවයාගෙන් පැවත එන බව අචාර්ය දැරණියගල මහතා පෙන්වාදෙයි .

ශ්‍රි ලංකා වංශ කථා සාහිත්‍යයේ සදහන් යක්ෂ ගොත්රිකයන් බලංගොඩ මානවයාට නෑකම් කියන ජනකොට්ඨාසයක් බව ඔප්පු වී ඇති බවත් ,එම වංශ කථා හා සොයාගෙන ඇති සාක්ෂි අනුව අදින් වසර 2515ක හෝ ඉන්පසු අවධ්වල සිංහල වැනි දියුණු කොට්ඨාසවලට අමතරව ගෙන ගල් ලෙන් වැනි සුරක්ෂිත ස්ථාන වල බලංගොඩ මානව පරපුර ට අයත් වැද්දන් වාසය කර ඇති බවත් ආචාර්ය දැරණියගල මහතා පෙන්වා දෙයි .

සමස්තයක් වශයෙන් ගත් කල බලංගොඩ මානවයාගේ දේහ ලක්ෂණ ඔස්ට්රොලෙයිඩ්" ජනයාට සමාන බවත් බෙල්ලන්බැඳි පැලස්සෙන් හමුවූ හමුවූ බලංගොඩ මානවයාගේ දේහලක්ෂණ ශ්‍රී ලංකාවේ වර්තමාන ජනතාවගේ විවිධ ප්‍රමාණයක් පවතින බවත් ,අදීකාලීන වැදි ජනතාව තුළින් වඩාත් පැහැදිලිව පිළිඹුවන බවත්,ඔවුන් නිසකයෙන්ම ජීවවිද්යත්මක පරම්පරවක් නියෝජනය කරන බලංගොඩ මානවයාගෙන් පැවත එන බවට කිසිදු සැකයක් නොමැති බවත් බෙල්ලන්බැඳි පැලස්සෙන් කැණීම් කළ මානව විද්‍ය... "කෙනෙත්.ආර් කෙනෙත්" ප්‍රකාශ කරයි. (දි..බ.අ.පිටු 02-2007.11.22)

සබර යන නම වැද්දන් හැදින්වු තවත් පර්යාය නාමයක් බව ඉහතද සදහන් කළෙමී.එම බලංගොඩ මානව පරපුරේ හෙවත් ශ්‍රීලංකාවේ ආදිවාසින්ගේ අන්තිම පුරුක ලෙස දයානන්ද බිනරගම මහතා සදහන් කරන්නේ ,වේලිඔය මාළු අල්ලමින් ජීවත් වූ "ඕ" වැද්දාය.බුදුගල ප්රාග්ඓතිහාසික යුගයට අයත් මාළු බාමින් සිටින මිනිස් රූප දෙක මෙ අදහස තහවුරු කරන බව ඔහුගෙ අදහසයි." කොරතල වැද්දා " නමින් ප්‍රසිද්ධව සිටි කෘෂිකාර්මාන්තය .සත්ව පාලනය,හා දඩයම ජීවිකාව කරගත් සබරගමුවේ වැද්දා බලංගොඩ මානව පරපුරේ අවසානය විය හැකිය .වර්තමාන වැදි නායක ඌරුවරිගෙ වන්නියලැත්තන් හා සපරගමු බින්තැන්නේ කොරතල වැද්දාගේ රූපකාය සමාන බවත් ,ඔහු තෙපලන භාෂාව තේරුම් ගැනීමට නොහැකි බවත් ,දයානන්ද බිනරගම මහතා දිව ඉන බදාද අතිරේකයට ලියා තිබු ලිපියක සදහන් කර තිබේ. (2007.11.22-දි.බ.අ. පිටු 02)

ඌවේ වැදි බිම්

බලංගොඩ මානව පරපුරට නෑකම් කියන ශ්‍රි ලාංකීය වැදි ජනයා වත්මනේ සපරගමු ප්‍රදේශයේ දක්නට නැත ඔවුන් මේ වන විට වැඩි වශයෙන් ජීවත් වන්නේ ඌව පළාතට අයත් බිංතැන්න ප්රදේශයේය.මීට අවුරුදු 30000 කට පමණ ඉහත ජීවත් වූ අප වැදි ජනයාගේ ආදීතමයා වන බලංගොඩ මානවයා සපරගමුව අතහැර ඌව පළාතට සංක්‍රමණය වූයේ මන්ද ? මේ පිළිබඳ අනුමාන අදහසක් ඉදිරිපත් කරන දයානන්ද බිනරගම මහතා විජයාගමනයත් සමඟ ගංගා නිම්න ප්‍රදේශවලට සංක්‍රමණය වූ ආර්ය ජනයාට මුහුණුදීමට බියෙන් හා ඔවුන්ගේ බලපෑම්වලට ලක්වීමෙන් බිංතැන්න ප්‍රදේශයට සංක්‍රමණය වන්නට ඇති බවත්, තෙත් කලාපීය තද වැසි වනාන්තරවල ජීවත් වීමේදී ආහාර රැස්කිරීමට ඇති දැඩි අපහසුව නිසාත් , මැසි මදුරු රෝග පීඩා( මැලේරියාව) නිසා රෝග වාහකයින්ට මුහුණුදීමට තරම් ප්‍රතිශක්තිකරණ නොමැති වීමත් හේතුකොටගෙන බලංගොඩ මානව පරපුර වදවීයෑමත් සමඟ ඉතිරිවූ ටික දෙනා වර්ෂාව අඩු වියළි කාලගුණයක් සහිත ඌව බිංතැන්න ප්‍රදේශයට සංක්‍රමණය වන්නට ඇති බවත් බලංගොඩ මානවයා හා වැද්දන් අතර පදිංචිය දුරස්වීම මේ කරුණු කාරණා හේතුවන්නට ඇති බවත් දයානන්ද බිනරගම මහතා පවසයි.

1900 වනවිට ඌව තමන්කඩුව ,අම්පාර වැනි ප්‍රදේශයන් තුළ තිබී ඇත්තේ වැදි ගම්මාන කිහිපයක් පමණි. ආසන්න මධ්‍යකාලීන සමයේ මුලු ශ්‍රි ලංකාවේ වැදි ගම්මාන තුන්සියයක් පමණ තිබූ බව පැවසේ. එකළ රුහුණු ,මායා ,පිහිටි යන මුලු ත්‍රි සිංහලේම ගම් 1540000ක් තිබී ඇති අතර , එම ගම් වෙදගම් , රන්ගම් වෙළෙඳ ගම්, බමුණු ගම්, පැණි සකුරුගම් , බුලත් ගම්, ගබඩා ගම්, පසල් ගම්, ආදි වශයෙන් කොටස්වලට බෙදා තිබී ඇත.

දෙදහස් දෙසිය දෙ සටකි පුද වෙහෙර ගමා

නවසිය සැට පඩු පඩුරු ලු පුද දෙවුල් ගමා

සසිසකි කොවුල් ගම් තුන්සිය නෙවැදි ගමා

කුඹුරු නැකති ආ වැසි ගම් දහස හැමා ( මන්දාරම් පුවත )

මන්දාරම් පුවතේ සදහන් ඉහත කවියෙන් පවස්නුයේද වෘත්තීන් අනුව බෙදා තිබූ ගම් අතර, වැදි ගම්මාන තුන්සියයක් තිබූ බවයි. මෙම වැදි ගම් තුන්සියය කවරක්ද යන්න තවම නිශ්චය කරගෙන නොමැත. වැද්දන් නිතරම සංක්‍රමණයේ යෙදී සිටින්නන් බව පවසන ...වෙද්‍ය ස්පිට්ලි මහතා ඔවුන් සොයාගිය බොහෝ අවස්ථාවල පෙර සිටි ස්ථානයේ නොසිටි බව පවසයි.

ඌවේ වැදි ගම් ලෙස දඹාන, නිල්ගල, පොලේබැද්ද ,ආදිය පෙන්වාදිය හැකි අතර , වත්මන් වැදි නායක ඌරූවරිගේ වන්නියලැත්තන් සමග සම්මුඛ වූ දයානන්ද බිනරගම මහතාට ඔහු පවසා ඇත්තේ එම ප්‍රදේශයේ මාවරගල් පොජ්ජ ,ලුණුකිරිගල ,හෙන්නාලිහෙල, කදිරගොඩ , කන්දේ ගල් ලෙන ,කුට්ටිරියාගොඩ, මහගල්ගොඩ, එළුවා කන්ද හා කළුවා කන්ද යනුවෙන් ගල් ලෙන් රාශියක් ඇති බවත් එම ලෙන් තුළ ග්ලේ " කුරුකුරු ගෑ " වැදි අකුරු හා වැදි චිත්‍ර රාශියක් ඇති බවත්ය . ඉහත සදහන් තොරතුරු අනුව පැහැදිලි වන්නේ නූතන ඌවේ වැසියන්ට වඩා දිගු ඉතිහාසයක් හා උරුමයක් ඌව බිම තුළ වැදි ජනයාට ඇති බවයි.

ඉතිහාසයේ සඳහන් වැද්දෝ

වැද්දන් පිළිබඳ මුල්ම පුරාවෘත්තය අපට හමුවන්නේ විජය - කුවේණි කතා පුවත තුළින් බව වංශකතා සාහිත්‍ය පරිශිලනයේදි පෙනීයයි. පොළොන්නරු සමයේදි වැදි ජනයා පරාක්‍රමබාහු රජුගේ යුද්ධ සේනාවේ සේවය කළ බව චූලවංශයේ සඳහන් වේ. පරාක්‍රමබාහු රජතුමන් දහස් ගණන් වැදි ජනයා යුධ සරබයේ යොදවා ඔවුන් රුචි අයුරින් සම් රෙදි ආදිය ලබාදුන් බවත් එකල වැද්දන් සතුරන් හා සටන් වැදුනේ ඔවුන්ටම ආවේනික ආයුධවලින් බවත් පැවසේ.

පරාක්‍රමබාහු රජු සමයටත් පෙර ජීවත්වු වැද්ද්න් පිරිසක් මහවැලි ගඟ හරහා බැම්මක් බැඳිමට ඉදිරිපත් වු අයුරු ආර්.එල්. බ්‍රෝහියර් මහතා ඔහුගේ පුරාතන වාරිමාරග කෘතියේ සඳහන්කර තිබේ.මහවැලි ගඟ හරහා බැම්මක් බැඳිමට ධාතුසේන රජු වැද්දන්ට කළ ආරාධනයක් පිළිබඳවද පොතපතේ තොරතුරු ඇත.

2වන රාජසිංහ රජ සමයේ මෙරට සිරකරුවකු වූ " රොබට් නොක්ස් " වැදි ජනයා පිළිබඳ තොරතුරු ඔහුගේ " ඒදා හෙළ දිව" ග්‍රන්ථයේ සදහන් කර ඇත.ලංදේසීන් හට විරුද්ධව රාජසිංහ රජු සංග්‍රාමයක් මෙහෙයවු අවස්ථාවේදී එක් දිසාපතිවරයකු ගෙන ආ සේනාපයිංඩයක් වැදි සෙනගකින් සමන්විත වූයේය . ඔව්හු දුනූ හී සරඹයෙහි පුහුණු වු සෙබළුන් මෙන්ම ඉතා දක්ෂ ලෙස සටන් කළෝය. භා.ව.1818 ඉංග්‍රීසින්ට විරුද්ධව සිංහලයින් සිදුකළ ජාතික අරගලයේදී පවා වැදි ජනයාගේ සහයෝගය ලැබුණු බව එම කැරැල්ල පිළිබඳ ඉංග්‍රීසින් ලියූ ලිපිලේඛන ආදියේ සදහන් වේ.ඉංග්‍රීසින් ඔවුන්ව හදුන්වා ඇත්තේ " බැද්දන්" වශයෙනි.

එවන සබරසෙන් දැකැමිරිකි මුවග න

ලෙවන ප්ලුරොසින් කනවැනිලවනව න

ගමන පැරැදැහසගන පිවිසි විල්ව න

කෙවින හඩන වැනිසෙමෙලන් වරල න

එවන , ඒ අරණ්යෙයහි සබරසෙන , ව්‍යාධ ( වැදි ) සෙනාව , දැක දර්ශනයකොට , මිරිකි ( බියෙන්) මිරිකුණාවූ, මුවගන, මෘගාඪගනාවෝ. ලෙවනපලු, රක්තවර්ණ පලලවලයන්, ලවනවන, ( ඒ වැද්දන්ගේ ) තොල්වැනි යයි.රොසින් , කෝපයෙන්, කනවැනි, අනුභව කරන්නාක්මෙනි , හසගන , හංසාඪගණතෙමො ,ගමන ( වැදි ගෑණුන්ගේ) ගමනට , පැරැද, පරාජිතව, වනවිල්, වනනඩාගයන්ට, පිවිසි , ප්රවිෂ්ටවූවාක්මෙනි, කොවින, මයුරධෙනුහූ තුමු, සෙමෙලෙන් ශතමවර්ණවූ, වරලවන , ( ඔවුන්ගේ ) ධමමි ලලය වැනියයි.හඩනවැනි රෝදනය කරන්නාක්හූමෙනී.( පරෙවි සංදේශය 56 කවිය)

වැදි වර්ග

සාමාන්‍ය ව්යහාරයේදී වැදි ජනයා " ගම් වැද්දන් , ගල් වැද්දන් ,හා දඩ වැද්දන් වශයෙන් කොටස් 3කට බෙදා ඇත. ප්‍රකට මානව විද්‍යා...... ආචාර්ය සි.පි. සොලිග්මන් මහතා ගල් වැද්දන් හැර අනෙකුත් වැද්දන් පිළිබඳ සදහන්කර තිබේ.වැද්දන් , ගම් වැද්දන් හා මුහුදුකර වැද්දන් යනුවෙන් තව බෙදිමක් ඇත.

ගල් වැද්දන්

බොහෝ අය විශ්වාස කරන අයුරු ගල් වැද්දන් යනු ඉතා සැඩපරුෂ කොටස්කි. යමකු මූණ ගැසුනහොත් විද මැරීමට තරම් ඔවුන් සාහසික යැයි සැළකේ. ඔවුහු බොහෝවිට නිර්වස්ත්‍රව සිටිති. නැතහොත් රිටි සුඹුලු අදිති. භා.ව 1990 වන විට ගල් වැද්දන් ගුහා තුළ ජිවත් වෙමින් රිටි සුඹුළු අදිමින් ඉරිගු හා කුරක්කන් කමින් ජිවත්වූ බවට පොත්පත සදහන් වේ.වර්තමානය වන විට මොවුන් දක්නට නැත.

දඩ වැද්දන්

සතුන් දඩයමින් තම ජීවීකාව සරිකර ගන්නා මොවුන් අතු සෙවන කරන ලද කුඩා නිවාසවල ජිවත්වෙති.දිවා කාලයේ එළි පහලියට ඒමට මැලිකමක් දක්වන මොවුන් දඩයම් කිරීම සදහ ආයුධ සකස්කර ගන්නා අපූරු ක්‍රමය රොබට් නොක්ස් විස්තරකර ඇත්තේ , මෙලෙසය. " වැද්දන් හට හී තල අවශ්‍ය වූ විට ඔවුහු දඩමස් මූලික් රැගෙන රාත්‍රි කාලයෙහි ගම්මානයක් කරා ගොස් තමන්ට අවශ්‍ය වූ හී තලයේ රූපකාරය සටහන් කළ, කොළපතක් සමග දඩමස් මුල කම්මලේ එල්ලා තබති.මෙම ලකුණින් වැද්දන් හට හී තල අවශ්‍ය වී ඇත්තේය." කම්මල්කරුවා දැනගන්නේය. ඉදින් කම්මල භාර ආචාර්යා වැද්දන්ගේ සෑහීමකට හේතුවන අයුරින් හී තල සදා කම්මලේ එල්ලා තැබුවහොත් ඊට පසුදා රාත්‍රියේ හී තල තිබුණු තැන තවත් දඩමස් මුලක් දක්නට ලැබෙන්නේය.

ගම් වැද්දන්

මොවුහූ බොහොමයක් ගම්මාන ආශ්‍රිතව ජිවත්වන්නො වෙති.ආහාර සදහා ධාන්‍ය වගා කරමින් ජිවත්වන මොහුවු වර්තමානයේ දක්නට ලැබෙන අතර, සිංහල ජනයා සමග මිශ්‍රව ජිවත් වෙති.

වැදි ජනයාගේ පරම්පරා නොහොත් වරිග

පවතින සමාජ සම්මතය අනුව පරම්පරා නාමය පිය පාර්ශ්වයෙන් පැවත ආවත් වැදි ජනයාගේ පරම්පරා නාමය පැවත එන්නේ මව් පාර්ශ්වයෙනි. විජය-කුවේණි දරුවන් වූ ජීවහත්ත-දිසාලාගෙන් තමන් පැවැත එනබව විශ්වාස කරන වැදි ජනයා ඔවුන් විජයගෙන් පැවත එන්නන් බව කිසිවිටක පවසන්නේ නැත.ඔවුහූ කුවේණිය හඳුන්වනු ලබන්නේ කිරිඅම්මිලා ඇත්ති වශයෙනි. ඒ ඔවුන් විජය රජු කෙරෙහි ඇතිවු සාධාරණ කේන්තිය නිසා සිදුවුවාදැයි සැක සහිතය.

වැදි ජන සමාජයේ වරිග කිහිපයකි. ඌරු, තලා , උනාපාන , මොනරපාන , නබුඩුන් ඉන් වර්ග කිහිපයකි. එම පරම්පරා නාම ඇතිවිම පිළිබඳ ඔවුන් අතර , මුඛ වහරෙන් පැවත එන අපූරු කතන්දර රාශියක්ද තිබේ.

ඌරු වරිගේ

ගැබ්බර වැදි කතක් වනය මැදින් ගමන් කරන විටදි ප්‍රසව වේදවාව ඇතිවී දරුවා බිහිකිරිමට සුදුසු ගල් ගෙයක් හෝ ගස් බෙනයක් නොතිබු බැවින් ඌරකු හෑර වළක දරුවා ප්‍රසූත කරන ලදි. එම දරුවාගෙන් පැවත එන්නන් “ඌරු” වරිගේ වූ බවට වැදි ජනප්රවාදයේ ඇත.

තාල වරිගේ

මෙම වැදි ජන මුඛ පරම්පරාගත කථාවද ඉහත කථාවට සමාන කමක් දන්වයි. වැදි ජනයාගේ මුල්ම මිත්තණිය වු කිරිඅම්මිලැත්තෝ ගමනක් යනවිට විළිරුදාව හැදී දරුවා බිහිකිරිමට සුදුසු ස්ථානයක් නොතිබු බැවින් තෘණ තලාවක දරුවා බිහිකල බවත් එම දරුවාගෙන් බිහිවු පරම්පරා “තලා” වරිගය වූ බවත් දඹාන වැදි ජනයා අතර ප්‍රකට කථාවකි.

උනාපාන වරිගේ

රාජසිංහ රජ දවස රජු පිරිසක් සමග ගමනක් යනවිට දී වැදි නිවසකට ගොඩවිී කෑම පිසගැනිම සඳහා ජලය ඉල්ලූ බවත් ජලය නොතිබු බැවින් ගෙහිමි වැදිකත පිරිසිදු රෙදිකඩක් එලා අහසින් වැටෙන වතුර උරාගැනිමට සලස්වා එම රෙදිකඩ මිරිකා බඳුන් පුරවා දුන් බවත් ඉන් සතුටට පත් රජු විසින් “ තොපි මින්පසු උනාපාන වරිගේ එවුන් ’’ බව පවසා ගිය බවත් ඉන්පසු ඔවුන් එම වරිග නාමය භාවිතයට ගත් බවත් වැදි ජනයා පවසති.

වැදි දිවි වරුණ

වැදි ජනයාගේ ජීවිතය ඉතා සරල වූ ප්‍රීතිමත් එකකී.කොතරම් කටුක ජීවිතයකට උරුමකම් කියුවත් වැදි ජනයා ජනයා ජිවිතය විදින්නෝ මිස විදවන්නෝ නොවෙති.ඒ ඔවුන් දියුණ යැයි පවසන අනෙකුත් ජනකොට්ඨාශයන් මෙන් අසීමිත ආශාවෙන් වියුක්තව දිවි ගෙවන නිසාවෙනි.ඔවුන්ගේ අපේක්ෂාවන් සීමිතය ,අරමුණු ඉතා සරලය.එකී ඔවුන්ගේ අපේක්ෂාවන් හා අරමුණු මත ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ,සිරිත් විරිත් නිර්මාණය වී ඇත .ඔවුහු තමන් ජීවත් වන පරිසරයෙන් ලැබෙන තෘප්තිමත් වන්නාහූය.ඔවුන්ගෙන් ජීවිත හා බැදුණු ගහකොළ ,සතාසීපාවට මෙන්ම බැස යන දියකදුර,එකතන රුදුන දියකඩිත්තටද බෙහෙවින් ආදරය කරතී.වැදි ජන ජීවිතයේ ඇති සරල බව නිසා උපතේ සිට මරණය දක්වා යන ගමන බෙහෙවින් ම ඔවුනට තෘප්තිමත් එකකි.

ලෝකයේ ජීවත් වන අනෙකුත් ආදිවාසින්ට සාපේක්ෂව ලාංකේය වැදි ජනයා ස්වභාවයෙන්ම නිහඬය. ඔවුහු අමුත්තන් පිළිබඳව සැක කරති .අමුත්තන් ඉදිරියේ නොසැලකිලිමත්ව හැසිරෙන ඔවුහු තමන්ට හිමි නොමැති කිසිදු දෙයක් පිළිබඳව සැලකිල්ලක් නොදක්වති .ඒත් ඔවුනට අයිති දේ පිළිබඳව මනා සැලකිල්ලෙන් සිටිම ඔවුන්ගේ සිරිත වේ.දුන්න,ඊතලය,කෙටේරිය වැනි ආයුධයක් මතින් කවුරුන් හෝ වැද්දන් වියරු වැටෙන බව වෛද්‍ය ස්පිට්ල් මහතා සදහන් කරයි .ආයුධ උඩින් පැනීම තමාට කරන මදි පුංචි කමක් හා අභියෝගයක් යැයි වැද්දෝ සිතති .

ප්රාග්ඓතිහාසික මානවයාගේ ප්‍රධානම අරමුණ වූයේ ආහාරයි.එසේම ,ලාංකේය වැදි ජනයාගේ ප්‍රධාන අපේක්ෂාව වනුයේ ආහාර සොයා ගැනීමයි .වැද්දන් ආහාර සදහා මුදල් වැය නොකරන තරම්ය.ඔවුනට අවැසි ආහාර වනපෙත තුළින් ම සොයා ගැනීමට ඔවුන් උක්සුක වෙතී .ජීවත් වන පරිසරයේ ආහාර හිඟපාඩු වු විට ,වාසස්ථානයක් සදහා වෙනත් ඔවුහු වෙනත් භූමියක් සොයා ඇදෙති .(වර්තමානයේ පවතින සමාජ,ආර්ථික,දේශපාලනය යන සාධක ත්‍රිත්වය උඩ මේ තත්වය බොහෝ වෙනසකට පත්ව ඇති බව පෙනේ .)

වැදි ජනයාගේ ප්‍රධාන ආහාරය දඩමස් ය.කෙතරම් අහේනි කාලෙක වුවත් ගෙරිමස් (ගව), ඉත්තෑ,ඉබි,වලිකුකුළ්,මොනර වැනි මස් ආහාරයට ගන්නේ නැත .පාරම්පරික තහංචියක් වන මෙම ප්‍රතිපත්තිය අදටද වලංගු වන්නේය .එයට හේතු සාධක මොනවාදැයි පැහැදිලි නැති නමුත් ,ඔවුන් ප්‍රතිපත්ති රකිනුයේ තම පණ දෙවෙනිකොටය.ආහාර සොයා වන වදින වැද්දදෙක් සතෙකු මරා ගතහොත් එවෙලෙම ගින්නෙන් පලහා කන්නේය.ඉතිරි කොටස තම රැහේ එවුන්ට රැගෙන යයි.බඹර වදයක්,මී වදයක් හෝ දඬුවල් බෑයක් කඩාගතහොත් එවෙලේම එවෙලේම කුසපොත්ත පිරෙන්නම පැණි හා පිළාවද කොටාබාන වැද්දා ඉතිරි වන කොටස තම අඹුදරුවන් සදහා රැගෙන යයි .බොහෝ විට වැදි ලෙනෙහි ජීවත් වන සියලු දෙනාම කාණ්ඩය වශයෙන් බෙදී ආහාර සොයා වන වදී.සමහර විට වැදි බිරිද හා සැමියා පමණක් වන වදින අවස්ථාද නැතුවාම නොවේ .

මරාගත් සතුන්ගේ කිසිවක් ඉතිරි නොකර ආහාරයට ගන්නා වැදි ජනයා අං කුර,හම ඉවත් කල නමුත් දඩයම් නොමැති විටදී සම්පොතු පවා වතුරේ බහා තම්බා ආහාරයට ගනී.නැතහොත් ගෝන හම්,මුව හම් සියුම්ව කෑලිවලට කපා පුලුස්සා ආහාරයට ගනී. (දි.ඉ.ස.-2008 පෙබරවාරි මස 10 දින)

තම මව්පියන් ගොදුරු සොයා වන වැදුණු විට,වැදි ලෙනේ තනිවන වැදි පැටවු ගල් දුනු,පොරෝ රුගෙන අසල වනයට වදීයි.එසේ වන වැදුණු වැදි පැටවුන්ගේ නෙත තලගොයෙකු,කුරුල්ලකු වැනි කුඩා සත්වයින් දිවි ගලවාගනුයේ අහඹු ලෙසය.තලගොයි බීජු, කුරුළු බීජු වැදි පැටවුන්ගේ ප්‍රියතම ආහාරය වේ.කුඩා දිය වලවල්වල සැඟවුණු මත්ස්‍යයන් ට වැදි පැටවුන් බොහෝ රුචියක් දක්වති .දියවලක සැඟවුණු කුඩා මත්ස්‍යයන් අල්ලා ගැනීම වැදි පැටවුන් අපූරු ක්‍රමයක් භාවිතා කරයි.එය, "වන" තැලීම නම් වේ.මුලින්ම ගලා යන දිය පහරක්නම් දියපහර හරස්කොට වැටියක් සාදා එහි ඉන්න මසුන් කුඩාඋන්ද ,ලොකුඋන්ද යන්න තීරණය කරති.කුඩා මත්ස්‍යයින් නම් කලාවැවල්,කුකුරුමානං ගෙඩි,පුසුවඇල් ආදිය තලා දියට මුසු කෙරේ.එම ගෙඩි විෂ සහිත බැවින් මාළු මත් වී දිය මත පාවෙන්නට ගනිති .ඉන්පසු එම මසුන් අල්ලාගෙන ගින්නෙන් පුළුස්සා ආහාරයට ගනී.මසුන් ලොකුනම් " දළුක් කිරි"ජලයට මුසු කරති.දළුක් කිරි විසෙන් දෙනෙත් අදවන මාළුන් අල්ලා ගින්නෙන් සලභා කෑමට කුඩා වැදි පැටවුන් ප්‍රිය කරති.මෙම කෑම රසවත් කිරීමට ඔවුහු වනයේ ඇති හීන් මිරිස් ,හීන් කොච්චි ආදිය යොදා ගනිති .ලුණු වෙනුවට "කූඩු සකලයින්" ගේ "ගෝමය" (වැහිළිභිණි කූඩු) භාවිත කරති.වටු බිත්තර ,තලගොයි බිත්තර අලු යට තබා තම්බා කෑමට ගනිති .

වැද්දන්ගේ ආහාර අතර කුරක්කන් තලප ,ඉරිඟු තලප මෙන්ම ගින්නෙන් පලහා ගන්නා අල වර්ගද වේ.වනයෙන් සොයාගත හැකි කටු අල,ගෝණඅල ,ඌලල වැනි අල වර්ග ඒ අතර ප්‍රධාන තැනක් ගනි.ඉදහිට කාගෙන් හෝ ලැබෙන "දෙමටුල්ලන්ද" (බත්) ද වැද්දන් ආහාරයට ගනිති.කිසිම දිනක වැදි ජනයන් තම ආහාර පිණිස සතුන් ඇති නොකරන අතර ,සිංහලයින්ගේ ගවපට්ටි බලාගත් බවත් අහන්නට ලැබේ .කේඩෑරිවී ගිය බල්ලකු නොමැති වැදි නිවසක් නොමැති තරම්ය

වැදි ජනයා පුද්ගලික පිරිසිදුකම පිළිබඳව දක්වන්නේ උදසීන භාවයකි.අසල වළකින් නැතිනම් දිය පහරකින් මුහුණ කට යාන්තමට සෝදා ගන්නා වැද්දන් ඉන්පසුව කොතරම් ජලය ලැබුණත් නාන්නේ නැත .එහෙත් වැද්දන් වැස්සට දක්වන්නේ ප්‍රියමනාප බවකි.වැස්සට තෙමී සීතල වූ පසු වැද්දෝ ගිනි තැපීමට තද කැමැත්තක් දක්වති .

වැදි පුරුෂයන් මෙන්ම වැදි ස්ත්‍රීන්ද ශරීරයේ බාහිර අලංකරනයට වෙහෙසෙන්නේ නැති තරම් ය.නිරුවත වසා ගැනීමට පමණක් ඇදුම් අදින වැදි පුරුෂයන් ඒ සදහා කෙටියට සරම් කඩමාල්ලක් අදිති .වැදි ගැහැණු ද ඉගසිට දණහිස දක්වා රෙදි අදින අතර උඩුකය ද ආවරණය කර ගෙන සිටිති .ශරීරය වසා ගැනීමට පමණක් රෙදි අදින වැදි ස්ත්‍රී හූ ආභරණ පැළදීමට රුචියක් දක්වති .වත්මන් වැදි කතුන් පාට වීදුරු ,පබළු ,ඇත් දතින් හෝ හක්බෙල්ලන්ගෙන් සෑදූ වළලු දමා ගෙන සිටීම දක්නට පුළුවන .අතීත වැදි ගැහැණුන් මල් පැළදීමක් නොකලමුත් වර්තමාන වැදි කාන්තාවන් මල් පළදනු ලැබේ .ඒත් වැදි ස්ත්‍රින්ට පිච්ච මල් පැළදීමට වරිගය තහංචියකී.ඒ පිච්ච මල් සුවදට යකුන් පෙම් බදින බවට වැදි ජනයා තුළ මතයක් පවතින බැවිනි .

වැද්දන්ගේ විවාහ ජීවිතය අතිශයින්ම ප්‍රීතිමත් එකකි.බොහෝ වැද්දන් කාමුක වූවත් කිසිම දින පර ස්ත්‍රි සේවනයේ යෙදෙන්නේ නැත .වැදි කතද දයාබර බිරිදකී.ඇයද කිසිවිටෙක පරපුරුෂ සේවනයේ නොයෙදෙති.තමන්ගෙ බිරිඳගෙන් හෝ පුරුෂයාගෙන් ඔවුනොවුන් තෘප්තිමත් ය.තමන්ගේ බිරිඳ හෝ පුරුෂයා මිය ගිය කල දෙවනි විවාහයක් කර ගැනීමට තම වැඩිහිටි ...තින්ගේ අනුදැනුම මත තහනමක් නොමැත .වැදි පුරුෂයා ඉතා දයාබර ස්වාමිපුරුෂයකුගේ මෙන්ම දයාබර පියෙකුගේ භූමිකාව යථාර්ථවාදී ලෙස රග දක්වනු ලබයි.පවුල වෙනුවෙන් ඕනෑම බැරෑරුම් අවස්ථාවකට මුහුණ දීමට ඔහු සූදානම්ය .වැදි ජනයා තම බිරිද ට ආදරය දක්වන්නේ ක්‍රියාව තුලින් පුළිදු පමණක් වීම සුවිශේෂය.තමාට ලැබෙන ආහාරයේ හොදම කොටස තම බිරිද වෙත,රැගෙන යයි .වැදි ගැහැණිය නිතර නිහඬ චරිතයකි .හැකිතාක් දුරට වෙනත් පිරිමින්ගෙන් ඈත්ව ජීවත් වීමට ඈ උත්සාහ කරති .

වැදි ජන දිවියේ විශේෂ අවස්ථා

උත්පත්තියේ සිට මරණය දක්වා යන ගමනේ දී අපට ජීවිතයේ විශේෂ අවස්ථාවන් රැසක් මුහුණදීමට සිදුවේ. සිංහල ජන සමාජයේදී උපන්දින, නම්තැබීම්, ඉඳුල් කටගෑම්, අකුරු කියවීම්, වැඩිවියට පත්වීම්, විවහය හා මරණය ආදි වශයෙන් විවිධ අවස්ථාවන්ට, අනූකූලව උත්සව පවත්වනු ලැබේ. සිංහල සමාජයේ දී එ සෑම කාරණයකටම උත්සව පැවැත්විමේ සිරිතක් නොමැත. ඉතා නිරහංකාර අව්‍යාජ දිවි පෙවතකට උරුමකම් කියන වැදි ජන ජනයාගේ ජිවිතය ආටෝප සාටෝපවලින් පිරී නොමැත . ඉතා නිරහංකාර අව්‍යාජ දිවි පෙවතකට උරුම කම් කියන වැදි ජනයාගේ ජිවන ආටෝප සාටෝප වලින් පීරි නොමැත ජීවිතයේ අවස්ථා කිහිපයකදි පමණක් ඉතා චාම් අයුරින් උත්සව පැවැත් වීම වැද්දන්ගේ සිරිතයි. විවහය, වැඩිවියට පැමිනීම හා මරණය වැනි අවස්ථා කිහිපයකදි පමණක් ඔවුහු සුළුවෙන් උත්සව පවත්වති. සිංහල අලුත් අවුරුදු දිනයද වැදි ජනයාට ප්‍රීතිමත් දිනයකි.

විවාහය

සිංහල ජන සාමාජයේ දක්නට ලැබෙන විශාල ප්‍රිය සම්භාෂණ සමග විවාහ උත්සව පැවැත්වීමේ සිරිතක් වැද්දන් තුළ නොමැත . විවාහය වැනි ජීවිතයේ සුවිශේෂි සන්ධිස්ථානයකදි මුලින්ම ක්රියාකිරිමේ වගකීම පැවරෙන්නේ විවාහවීමට බලාපොරොත්තුවන වැදි තරුණයාගේ පියා හටය . තමා සරණ ගැනීමට කැමති තරුණිය පිළිබඳ තම පියාට දැන්වීමෙන් පසු එම පියා තරුණියගේ පාර්ශ්වයේ වැඩිහිටියන් හා සාකච්ඡාකොට විවාහය සිදුකරනු ලබයි. සරණ පාවා ගැනීමට නියමිත තරුණිය තම නෑනා විය යුතු බවත්, ඇය සිය පියාගේ මස්සිනාගේ දුව විය යුතු බවටත් වැදි ජන සම්මතයක් ඇත.

මරණය

වැදි ජන සමාජයේ මළවුන් පිදීම ප්රමුඛ ස්ථානයක් ගන්නා බැවින් අවමංගල උත්සවයකදි සුවිශේෂි චාරිත්‍ර වාරිත්‍ර රාශියක් සිදුකරනු ලබයි. ( මළවුන් පිදීම පිළිබද විස්තර වැදි ජන සමාජයේ ඇදහිලි යන උප ශිර්ෂය යටතේ දැක්වේ) වැද්දකු මියගිය පසු ඔහු භූමදානය කරන සොහොන්වල අඩි 3-4 ක් ගැඔුරට කණිනු ලබයි . මෘත ශරිරය විශේෂ බෙහෙත් රෙදි යොදා ආවරණය කරන අතර, පබළු මාලයකින් සරසනු ලැබේ. වැදි පිරිමියකු මියගියේ නම් මෘත ශරීරය සමඟ දුනු , ඊතල, පොරව, බුලත් මල්ල, ජලය , ගිනිගල් ද සමහර අවසථාවන් හිදී වෙඩි බෙහෙත්, උණ්ඩ ආදීයද තැන්පත් කරනු ලබයි. සොහොන මතුපිට ආදිකල්පිත මැස්සක් සාදා එය කොළවලින් සෙවන කරනු ලබයි. මෘත ශරිරය වළදැමු පසු ශීර්ෂය පැත්තට බිඳින ලද පොල් ගෙඩි 03ක්ද, දර මිටියක්ද තබන අතර, දෙපා පැත්තට නොබිඳෙන ලද පොල් ගෙඩි කිහිපයක්ද තබනු ලැබේ . සොහොන මතුපිට පතොක් ගස් තුනක් සිටුවා , මියගිය පුද්ගලයා භාවිත කළ බුලත් මල්ල හා වතුර භාජනයද එහි තබනු ලැබේ.

මළවුන්ගේ සිත් සැනසීම සඳහා වැදි ජනයා සොහොන අසලදි විශේෂ රැස්වීමක් පවත්වා දොල පිදේනි දීමේ සිරිතක් ඇත. මෙම දොල පිදේනි දීමේන් බලාපොරොත්තු වන්නේ මළගිය ප්රාණකාරයාගේ සිත් ප්‍රබෝධවත් කිරීම වේ. එමගින් දඩයම් සපලකල ගෑනිමටත් ගොවිතැන් දියුණුකර ගැනීමටත් මළගිය ඥාතියා ගේ සහයෝගය ලැබෙන බව වැදි ජනයාගේ විශ්වාසයක ඇත. මෙසේ දොළ පිදේනි පුද නොකළහොත් මළගිය ඥාතියා ජීවත්වන්නවුන්ට කරදර හිරිහැර කරන බවට වැදි ජනයා අතර ප්‍රබල විශ්වාසයක් පවති.

සිංහල අළුත් අවුරුදු උත්සවය

සිංහල අළුත් අවුරුදු දිනය වැද්දනටද සුවිශේෂි දිනයක් වේ.අළුත් අවුරුදු දිනට පෙරදා වැදි ජනයා දානයක් උයාගෙන මහියංගන විහාරයට ගොස් පූජා කරති. අවුරුදු දිනය දා සියලු වැඩකටයුතු නවතා විවේකීව ගතකරනු ලබයි. ඔවුන් සිංහල ජනයා මෙන් ක්‍රීඩා කරන්නේ නැත. මත්පැන් පානය කරන්නේද නැත. දෙමව්පියන්ගෙන් ඈත්ව සිටින දුවාදරුවෝ තම මව්පියන් බැලීමට යති. දෙමව්පියෝ තම දුවාදරුවන් බලන්නට යති. අවුරුදු තැගි බෝග වශයෙන් දඩමස්, මී පැණි ආදිය හුවමාරු වේ.

වැදි ජන ඇදහිලි හා විශ්වාස

ලෝකයේ ජිවත්වන බෝහෝ මිනිසුන්ට කිසියම් ආගමික විශ්වාසයක් වේ.විවිධාකාර ඇදහිලිවලට මෙන්ම විශ්වාසයන්ට නැඹුරුව ඔවුහු තමන් අදහන ආගම හෝ විශ්වාසයන් නිරවද්‍ය දර්ශනයක් ලෙස සලකා කටයුතු කරති. ආදිවාසි වැදි ජනයාටද ඔවුන්ටම ආවේනික ඇදහිලි හා විශ්වාසයන් වේ. වැද්දන් පුනර්ජන්මය පිළිබඳ දැඩි විශ්වාසයෙන් කටයුතු කරන පිරිසකි. වැද්දකු මියගිය පසු යක්ෂයකු වි නැවත ජන්මය ලබන බවත් , එම යක්ෂ ආත්මය සදාකාලික බවත්, ජීවත්වන්නන් සඳහා මහත් බලපෑමක් කරන බවත් වැද්දන් අතර , දැඩි විශ්වාසයක් පවති. තවද, ඔවුන්ගේ ජිවිත සුඛිත , මුදිත කිරීමේ හැකියාව මෙම මියගිය තම සාමාජිකයින් සතු බව ඔවුන් දැඩි විශ්වාසයට ගත් කරුණකි.වන සතුන්ගෙන් සිදුවන අපල උපද්‍රවවලින් ආරක්ෂා කරගනු ලබන්නේත් ඔවුන් දඩයමේ යනවිට ගොදුරු සොයාදීම සිදුකරන්නෙත් මෙම මියගිය ඥාති යක්ෂයින් බව ඔවුහු විශ්වාස කරති.

වැදි ජනයා අදහන නෑ යකුන් අතරින් ඉතා වැදගත් යක්ෂයින් සේ කන්දේ යකා හා ඔහුගේ සහෝදර බිළිදු යකා ගෞරවයට පාත්රව ඇති අතර , කන්දේ වන්නියා නැමති යක්ෂයා සංස්කෘතික වීරයකු සේ පෙනේ. මොහු කන්දේ යකාට හා බඹරු යකාට සමාන බවත් ඹවුන් විශ්වාස කරති.මෙම යකුන් උදෙසා පවත්වන ආගමික උත්සව වැදි යාදීන වශයෙන් හඳුන්වනු ලැබේ.

ඊතලේ නැටුම් , කිරි කොරහා යාගය , නෑයකු උත්සවය , පත යකා උත්සවය, රාහූ යකා උත්සවය , වනගත යකා උත්සවය , රුවල උත්සවය හා ආවන උත්සවය මේ නෑ යකුන් පුදන උත්සව අතර ප්‍රධාන තැනක් ගනී. මේ නෑ යකුන් සඳහා විවිධ පූජා උත්සව පවත්වා දොළපිදේනි පිරිනැමීම වැදි ජනයාගේ සිරිත වේ. මෙම පිදේනි යක්ෂයින් වෙත භාර කිරීම සිදුකරනු ලබන්නේ ආවේෂ වීමට අපේක්ෂාවෙන් සිටින සාමාජිකයකු විසිනි. ඔහු දුක්ගන්නාරාළ නොහොත් දුක්ගන්නා උතුමා ලෙසින් හදුන්වයි. රෝග පීඩා ආදියෙන් ආරක්ෂාවීට භූත දේවතාවුන් පිදීමද ඔවුහු සිදුකරති. ඒ අතුරින් කිරිඅම්මා දේවතාවියට හිමිවන්නේ වැදගත් තැනකි. ඇය කනදේ යකාගේ බිරිය ලෙස ඔවුන් සළකනු ලැබේ.කළුබණ්ඩාර දෙයියලැත්තන්ද වැදි ජනයාගේ පුද පූජා ලබන තවත් දේවතාවකු වේ.

කිරි කොරහා යාගය

ලෙඩදුක් වැළදෙන කල වැදි ජනයා විවිධ පුදපූජා පවත්වා දෙවියන්,නෑ යකුන් පිදීමෙන් යම් සුවයක් බලාපොරොත්තු වන බව ඉහත පෙන්වා දුනිමි.මෙම පුදපූජා අතර,කිරිකොරහා යාගයඉතා උසස් ශාන්තිකර්මයක් බව විද්වතුන්ගේ අදහසයි.මහියංගන පෙරහර සමයට මසකට පමණ පෙර සෑම වසරකම පාහේ සිදු කරන මෙම ශාන්තිකර්මය වැදි ගම්මානය පුරා වසංගත පැතිර යන අවස්ථාවලදීද සිදු කරනු ලබයි.

කිරිකොරහා නැටීමට පෙර යකුන් උදෙසා පඬුරක් බැද බාරයක් වන මොවුන් බාරය ඔප්පු කරනු ලබන්නේ,තොවිලය නැටීමෙන් පසුවය .මෙම කිරි කොරහ නැටීමේ ශාන්තිකර්මය තුල වැදි ජනයාගේ අපුර්ව සංස්කෘතික ලක්ෂණ විද්‍යමාන වේ.කන්දේ යකා හා බිළිඳු යකා මෙහිදි විශේෂයෙන් සිහිපත් කරන නෑ යකුන් වේ.රැයක් පුරා පැවැත්වෙන මෙම ශාන්තිකර්මයේදී නෑ යකුන් සදහා පිදේනි වශයෙන් පොල් කෑම වර්ග ,පුළුටු මෙන්ම මල් වර්ග පූජා කරනු ලැබේ .පන්දම් ,හුලු අතු ආදිය අල්ලාගෙන මෙම පිදේනි නෑ යකුන්ට පුද දෙන අතර පොල් ගෙඩි කිහිපයක් බිද ලබා ගන්නා කිරි කොරහකට දමා ඊට සුවද දුම් අල්ලා කොරහා වටා මන්තර ජප කරමින් නටන මේ නැටුම් මෙම යාගයේ සුවිශේෂී අංගයකී.මෙම ජප කරන මන්තර ඔවුන් පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ඒවා වේ.ඉර උදා වී පැය දෙක තුනක් යන තුරු සිදුකරන මෙම යාගය අවසන් වන්නේ කොරහේ කිරි ටික වල දැමීමෙන් පසුවය .සතුන් ඉඳුල් කිරීම වලකනු වස් මෙම කිරි වළදැමීම සිදු කරනු ලබයි.තම පුරාණ නෑ යකුන් සදහා පිදූ ශුද්ධ වස්තුව කුමන අයුරකින්වත් ඉදුල් නොවීමට වග බලාගන්නා වැදි ජනයා මෙම යාගය සිදු කිරීමට ඔවුන් ගැයූ මන්තර හා පිදේනි නිසා සතුටට පත් නෑ යකුන් ඔවුන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන බවට ඔවුන් තුළ ඇත්තේ නොබිඳිය හැකි විශ්වාසයකි.

නෑ යකුන් ඇදහීම මෙන්ම දෙවියන් ඇදහීමද සිදු කරනු ලබන වැදි ජනයා පාරම්පරිකව රැගෙන එනු ලබන මන්තර පිළිබඳවද දැඩි විශ්වසයකින් කටයුතු කරනු ලැබේ .වන සතුන්ගෙන් වෙන ගැහැට වලින් මිදීම සදහා මෙම මන්තර ආදියෙහි පිහිට පිහිට පැතීම වැදි ජනයාගේ සිරිත වේ.

මහියංගන දෙවුලට එන වැදි පෙරහැර

“ බුද්දල ඇත්තන් සාසන පොජ්ජට මංගච්චපු වෙලා පොජ්ජේ මේ ඇත්තෝ සටන් පොජ්ජට මංගච්චපු ඒ තැනින් තමයි එතන මන්දෝ වෙලා තිබුන්නේ . බුද්දල ඇත්තෝ මංගච්චපු වෙලා පොජ්ජ එතන ඉඳ තිබව්වේ යක් පොජ්ජ. යක් පොජ්ජෙ කොදුස්. එ ඇත්තේ මිනිග් ගජ්ජු ගෝස්තර පොජ්ජෙන් යක් පොජ්ජ. ඒ ඇත්තේ ඉඳ තිබිච්ච කාල පොජ්ජේ බුද්දල ඇත්තෝ මංගැච්චුවා සාසන පොජ්ජට එතන ඉඩ පොජ්ජ මන්දෝ කොරගන්ඩ.ඒ ඉඩ පොජ්ජ ඈන උකාලන්න කොදුස් කියලා තමයි ඒ ඇත්තෝ සැර පොජ්ජ මන්ද කෙර කෙර මංගච්චපු ඒ පෙරෑර පොජ්ජ තමයි පොජ්ජ තමයි අද දවස් පොජ්ජෙක් මංගච්චන්නෙ. ඒ රුකං පොජ්ජ ඒ වැඩ පොජ්ජ තමයි අද දවස් පොජ්ජේ මන්දො කරන්නේ. හූ තුනක් මන්දෝ කරනවා. කෝටූ පොජ්ජ ඇන්න මජගච්චනවා. කදාර්නිගේ දියතන ඇන්න මංච්චලා ඇඟ පොජ්ජෙලා බච්වලා හොඳවගේ පුළුවන් පොජ්ජ මන්දෝ කරගෙන මජගච්චනවා. හූතන මන්දො කරගෙන.තැනෙකින් කොදුයි. ඒ කාල පොජ්ජේ මාමකැච්චක් මිනිග්ගජ්ජුන්ටත් කරදර පොජ්ජේ මං පොජ්ජේ ඉඳින්නේ කොදුයි මං පොජ්ජ රඳන්න කොදුයි.මං පොජ්ජේ කඩපොජ්ජක් තබාගෙන ඉඳින්නෙ කොදුයි . ඒම තමා පෙරෑර පොජ්ජ මන්දෝ කළේ. කොදුයි නං ගුටි පොජ්ජ මන්දෝ කරනවා.”

බුදුහාමුදුරුවෝ මහියංගනයට පැමිණි වේලාවේ යක්ෂ ගෝත්‍රිකයන් එතුමන් සමග සටනට ගිය ගමනෙන් තමා වැදි පෙරහැර ආරම්භ වුණේ .බුදුහාමුදුරුවෝ එන කාලේ මහියංගන පන්සල තියෙන තැන හිටියේ යක්කු ,යක්කු කිව්වට ඒ අයත් මිනිස්සුමයි .ගෝත්‍රයෙන් යක්ෂයෝ, ඒ යක්ෂයින් ඉද්දි බුදුහාමුදුරුවෝ මහියංගනයට ආවේ එතනින් ඉඩ ටිකක් ලබා ගන්ඩ.එතනින් ඉඩ ටිකක් දෙන්න බැ කියලා බුදුහාමුදුරුවන්ට සැර දම දමා යක්කු පෙරහැරින් ම ගියා.අද පවත්වන්නේ ඒ පෙරහැර තමා.ඒ විදියටම ලී කෑලි අරගෙන හෙම ඒ වැඩ ටිකමයි අදත් ඔය කොරන්නේ.හූ කියනවා, කෝටු කෑලි අරගෙන යනවා.මී පැණි අරන් ඇගේ ගාලා හොද පුලුන් ඇගේ අලවගෙන පෙරහැරේ යනවා.දැන් මෑතකදී නම් නෑ.ඉස්සර මිනිස්සුන්ට හරි කරදර ,අපේ පෙරහැර යනකොට පාරේ නැවතිලා ඉන්න තහනම්.පාරේ කඩයක් දාගෙන ඉන්න බැ මිනිස්සුන්ට ,එහා මෙහා ගමන් කරන්න දෙන්නේ නෑ .එහෙම තමයි පෙරහැර කලේ.එහෙම නොකලොත් ඒ අයට ගුට් දෙනවා".

දඹාන හා සොරබොර වැදි ගම්මානයන්හි ජිවත් වන වැදි ජනයාගේ අත්‍යුත්කෘෂ්ඨ පූජා උත්සවය වන මෙම මහියංගණ දේවාලයට එන වැදි පෙරහැර ගැන හිටපු වැදි ඌරු වරිගේ වන්නියලැත්තන් විස්තර කර ඇත්තේ එලෙසිනි. වසරක් පාසා පැවැත්වෙන මෙම මහියංගණය ඇසල පෙරහැර නිමවි දිය කපනා දා පවත්වනු ලැබේ. දෙවියන් උදෙසා මෙම පෙරහැර ඔවුන් පවත්වන බැවින් මහියංගණය වෙහෙරට නොයන මොවුන් රැගෙන යන තෙල් මල් ආදිය දේවාලයට පූජා කරතී.

පෙරහැර පවත්වන දා උදයේ මහියංගණ වෙහෙරට යන වැදි මිනිසුන් දෙහි ගෙඩි කිහිපයක් හිස ගල්වා පිරිසිදු වී බාරය ඔප්පු කරතී.කුඩා කොහොඹා බණ්ඩාර , මහ කොහොඹා බණ්ඩාර , ඉරුගල් බණ්ඩාර ,සදුගල් බණ්ඩාර , ආදි දෙවියන් උදෙසා බාරය ඔප්පු කරන මොවුන් රාත්‍රි සද එළියේ පෙරහැර පවත්වන ලැබේ.මෙම පෙරහැරේ මුලින්ම බෙරකාරයා විසින් බෙරය වයමින් යන අතර, අනෙක් වැදි මිනිසුන් ඔහු සමඟ ගමන් කරති. දේවාලය වටේ " හූ" කියාගෙන තෙවරක් පැදකුණු කරන මොවුන් මහවැලි නදියට පැන තමන් රැගෙන ආ කෝටු කැබලි ගගේ පා කරති. ඉට පසු යළිත් දේවාලයට පැමිණෙන ඔවුහු දෙවියන්ට පින් දී පෙරහැරෙන් රැගෙන ආ පොල් දෙවුල් බිමේ ගලක ගසා බිද එම පොල්ද දෙවියන් උදෙසා පූජා කරති. බුදුන් පිදීමේ සිරිතක් වැදි ජනයාට නොමැති පන්සලේ වැඩ වසන භික්ෂූන් වහන්සේ වෙත පූජා කරන සිරිතක් වැදි ජනයා අතර ඇත.

- ‘‘ඌවේ වංහුං’’ සූජීව කුමාර කෝවිලතැන්න

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-20614664956626517152018-05-28T16:26:00.002+06:002018-06-08T15:32:01.894+06:00ඌව නමේ අරුම

පෙර රජ දවස හෙළයන්ගේ බිම්කඩ කොටස් තුනකට වෙන් කර පලනය කර අයුරු ඉතිහාසයේ සදහන් වේ.ඒ රුහුණු , මායා,පිහිටි යනුවෙනි.ඌව අයිති වූයේ රුහුනු රටටම විය .වත්මන් ඌව නමින් ප්‍රචලිත ප්‍රදේශය පාලි මාහා වංශයේ සදහන් ව ඇත්තේ " හූවා රට්ඨ" නමිනි. ක්‍රි.ව පළමු සියවසේදී " හුවා කණ්ණි" වී,එකොළොස්වන සියවසේදී මේ බිම " හූව" නම් විය . දාහත්වන සියවසේදී එය " ඌව " නමින් පද පෙරෙළි වෙනස් වී ඇත. හූවා රට්ඨ ,හූවා කණ්ණි, හූව, ඌව වූයේ කේසේද? එම පද පෙරෙළිය සිදුවු අයුරු අප ජනප්රවාදකරුවන් නොයෙකුත් ආලවට්ටම් දමා හැඩවැඩ කර ඇති අයුරු අපූරුය. ඒ පිළිබඳ මදක් විමසා බලමු.

ඌරු සිටාණන්ගෙ කථා වස්තුව

කාවන්තිස්ස රජ මාගම් පුරවරය කේන්ද්‍රකොට ගෙන රෝහණයේ රාජ්‍ය විචාරණ කල්හී රජුගේ එක් කුඹුරු රැක්මේ යෙදුණ මේ මිනිසා හට එක් දිනක් තමන්ගේ රාජකාරියට යාමට නොහැකි විය .ඒ අවසරයෙන් ප්‍රයොජනය ගත් වත් ඌරන් රැළක් කුඹුරු යායට වැදී අලපාළු කළහ.පසු දින කුඹුරුයාය වෙත ගිය රැකවලා සිදුවී ඇති විනාශය දැක රජුගේ තරම මතක්ව එදින රාත්‍රි කුඹුරු යාය වෙත පැමිණි ඌරු රැළ සමග වල්වැදුනාය.අහඹු ලෙස තම රැළට වැදුණු මිනිසා දුටු ඌරන් වනය දෙවනත් කරමින් දිවගොස් පාලුවූ වැවක් අසල නතර වූහ.එතැන් සිට මේ මිනිසා අල මුල් කරමින් ඌරුකු සේ ජීවත්වන්නට විය .කාලය මෙසේ ගෙවීගොස් ඊට පසු කන්නයේදී වල් ඌරු රළ සමඟ කුඹුරට වැදුනු මේ මිනිසා නව රැකවලා විසින් අල්වාගෙන ගොස් රජු වෙත ඉදිරිපත් කරන ලදී.එකදු වචනයක් බිනුවා ගැනීමට නොහැකි වූ රජතුමා අවසානයේ දී මේ මිනිසා ඔහුගේ බිරිඳට භාරකරන ලදි. බිරිඳට ද තම ස්වාමියාගේන් එකදු වචනයක් කථා කරවා ගැනීමට නොහැකි වූ තැන ඇය විසින් අපූරු උපායක් යෙදූවාය.ඒ තම ස්වාමියා කැවුම් කෑමට මහත් ගිජුකමක් දක්වන නිසා ඔහුට කැවුම් පිසීමට සියලු කළමනා එක්රැස් කරගත් ගැහැනිය තම ස්වාමියාට පෙනෙන සේ ගල්දෙකක් ගෙන තෙල් තාච්චිය තැබුවාය. ගල් දෙක මත නොරැදුනු තෙල් තාච්චිය බිමට පෙරලුණි කැවුම් කෑමට මහත ආශාවෙන් පෙළුණු මිනිසාගේ දෙතොල් විවර වී " මොඩ ගැනීයේ තව ගලක් ලිපට තියාපන් " යැයි මහ හඩින් පැවසීය. වහ වහා රජ මැදුරට ගිය ගැහැනිය තම ස්වාමියා කථාකරන බව මහ රජතුමාට සැලකරන ලදි. රජු මේ මිනිසා ගෙන්වා තොරතුරු විමසා ඌරන් ලගින ලද මඩ වළ වැවක් සේ පළිිසකර කර ඔහුට භාර කරන ලදි . කල්යෑමේ දී මහ ධනපතියකු වු මොහු " ඌරු සිටාණන් " නමින් ප්‍රචලිත විය. එම වැව ඌරු සිටාගේ වැව විය ඌවේ දකුණු දෙසින් පිහිටි " පණ්ඩවාපි " "පණ්ඩුවාපි" නමින් සදහන් වන්නේ මේ ඌරු සිටාගේ වැව බවට මතයක් ඇත.

දුටුගැමුණු නරපතියාණන් පොරොන්දු ඉටුකිරීම

තුන් හෙළය එක්සේසත් කිරීම සදහා එළාර රජු සමඟ යුධ වැදීමට පෙර කතරගම දෙවියන් වෙත දුටුගැමුණු රජු භාරයක් විය. ඒ කේසේද යත්...?

එළාර රජු පරදවා තුන් හෙළය එක්සේසත් කිරිමට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය හිමි වුවහොත් කතරගම දෙවොල් බිමේ සිට සවිමත් පුරුෂයකු ලවා මහ හඩින් " හූවක් " කියවා ඒ හූ හඩ ඇසෙන මානයේ අට දිශාවේ සියළු ගම්බිම් කතරගම දෙවියන්ට පූජා කරන බව පොරොන්දු විය .එළාර රජු සමඟ සටනට වැද ජයගත් දුටුගැමුණු රජතුමා අට දිශාවේ ඈතින් ඈතට මිනිසුන් පෙළ ගස්වා සවිමත් පුරුෂයකු ලවා කතරගම දෙවොල් බිමේ සිට හූවක් කියවන ලදි .ඒ හූ හඩ ඇසුවන් අතුරින් අවසානයේ සිටි තැනැත්තන් සිටි ස්ථානයෙන් හී අට දිශාවේ කණු සිටුවා ඒ සියළු ගම් බිම් කතරගම දෙවියන්ට පූව් කරන ලදි . ඒ හූ හඩ ඇසුණූ මානය " හූව " නම් විය . පසුව පද පෙරෙළි " ඌව " නම් වූ බවට කතරගම ප්‍රබන්ධ සංග්‍රහයේ දැක්වේ.

සුළගේ හූ හඩ

උසින් සිව් දහස් ගණනක බෝවේ

එමෙන් පහත රටටත් සුපිහිටියා වේ

තදින් එන සුළං හඩ සලකා හූවේ

පෙදෙන් නම සැදුණු හැටි පවසමී ඌවේ

කිතුල් ඇල්ල හරහා කදුහෙල් සිපගෙන තුරු ලතා අතුරින් ඇදී එන "හූ" හඩ බදු හඩ නිසා " හූව" "ඌව" වියැයි ජනකවියා පවසයි . ( ඌ.ජ.ක සම්පාදක සටහන)

කදු මුදුන්

ඉතා උස් කදු මුදුන්වලින් ගහණ වූ නිසා "ඌව" යන නාමය භාවිතයට පැමිණි බවට එක් ජනශ්රැතියක සදහන් වේ.

හුය

පෙර රජ දවස ගම් දෙටුවකුට හුයකින් ( නූල ) සීමා මායීම් ලකුණු කරදුන් බිම " හුය , හූව, ඌව " වූ බයටද මතයක් ඇත.

හූව

පෙර රජ සමයේ කදු මුදුනක රජු කිස සදහා " හූ " හඩින් ගැමියන් කැදවූ නිසා " හූව, ඌව " වටද එක් මතයකි

ඌ වීරා

සියලු සෞභාග්‍යයෙන් සශ්‍රික වූ ප්‍රදේශය යන අරුත් දෙන්නට යෙදෙන සංස්කෘත වචනයක් " ඌව වීරා " යන වදන සිංහලට බිදී " ඌව " වූ බවට තවත් මතයකි.

උප

ජයවර්ධනපුර රාජ්‍යය සමයේ දී ඌව ප්‍රදේශය උප රාජ්‍යයක් පැවති බැවින් " උප, උව වී ඌව " බවට මතයක්ද ඇත.

උල්පත්

උල්පත් බහුලව මෙම ප්‍රදේශය ඇති බැවින ් "ඌල්" යන වදන " ඌව " වී යැයි තවත් මතයකි.

ඌරුන් කැපූ නිසා

විජය රජු ඌරු වනයක සැගව සිට යකුන් කැපූ නිසා " ඌව " නම් වූ බවට ලංකා කඩයිම් පොතේ සදහන්ව ඇත.

නූල් කැටීම නිසා

අතීතයේ ඌව ප්‍රදේශයේ නූල් කැටීම සදහා කපු වගාව බෙහෙවින් කළ නිසා "හුය" ( නූල ) යන වදන " ඌව " යන්නට පද පෙරෙලුණු බවට මතයක්ද තිබේ.

- ‘‘ඌවේ වංහුං’’ සූජීව කුමාර කෝවිලතැන්න

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-20126602566499178672018-04-27T11:03:00.001+06:002018-04-27T11:05:26.445+06:00ඩිජිටල් වූ ආදි වාසීන්

තාක්ෂණය සමඟ මිනිසුන් මිහිතලයට දරා ගත නොහැකි වේගයෙන් ගමන් කරයි.

නූතන තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසුන් අතර පැවති සන්නිවේදන ක්‍රමද එළෙසින්ම දියුණු විය.

එදා වෙන්වෙන්ව පැවති ගම්මාන,නගර,රටවල් දැන් දැන් එකම ගෘහයක් වී හමාරයැයි කිවහොත් නිවැරදියි.

මෙම දියුණූව ගම්බිම් කරා ගලා යාමේදී මින්සුන් අතර පැවති මානව සබඳතා, සිරිත්විරිත්,ගතිපැවතුම්,ක්‍රමක්<wbr></wbr>ක්‍රමයෙන්
වෙනස් වන්නට විය. එසේම මේ දියුණුව අප රටේ වෙසෙනා වැදි ජනයා (ආදි වාසීන්)
අතරටද ගලාගොස් හමාරය.අප මේ පිළිබඳව ඌරු වරිගේ වන්නිලාඇත්තන්ගෙන් කළ
විමසීමකදී ඔහු පැවසුවේ තාක්ෂණය සමඟ අනාගත පරපුර ගමන්කල යුතු බවයි.

<wbr></wbr>

<wbr></wbr>

<wbr></wbr>

නමුත් මෙම තාක්ෂණය නිවැරදිව භාවිතා කිරිමේ යම් අඩුවක් පවතින
බවත් එය නිවැරදිව භාවිතයට ගන්නා ලෙසත් වන්නිලාඇත්තන් වත්මන් පරපුරෙන්
ඉල්ලා සිටියි.

ලෝකයේ සියල්ලන්ට උරුම අයිතිවාසිකම් ආදි වාසීන්ටද පොදු වන අතර සමාජ මාධ්‍ය භාවිතයද එලෙසින්ම සිදුව අැත.

එම නිසා සමාජ මාධ්‍ය වැනි දෑ භාවිතයට ගැනීමෙන් වලකින ලෙස කිසිවෙකුටත් කිව නොහැක.

වැදගත් වන්නේ අප එය බුද්ධිමත්ව භාවිතා කිරීමයි.

මේ අප ලාංකීය ආදීවාසී ජනතාවගේ ජන ජීවිතය සංස්කෘතිය හා නුතනත්වයට ඔවුන් පියමං කිරීම පිළිබඳව සැකසු දිනමිණ වාර්ථාමය වැඩසටහනයි

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-63041528176655606422017-02-10T08:54:00.002+06:002017-02-10T08:55:45.074+06:00බදුල්ල - රඹුක්පොත රජමහා විහාරය

බදුල්ල රඹුක්පොත රජමහා විහාරය ඌව පළාතේ ඓතිහාසික පින්බිමකි. ශාන්ත සුන්දර නිසල රමණීය භූමි භාගයක පිහිටි රඹුක්පොත රජමහා විහාරය බදුල්ල පස්සර පාරේ කිලෝමීටර් දෙකහමාරක් පමණ නුදුරින් පිහිටා ඇත. රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් පිදුම් ලද එම විහාරස්ථානය සියවස් හයක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි.

බුද්ධ ප්‍රතිමා වහන්සේ

රඹුක්පොත රජ මහා විහාරයේ විහාර මන්දිරය නුවර යුගයට අයත් වේ. දර්ශනීය එම විහාර මන්දිරය වර්තමානය වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කෙරේ.

රඹුක්පොත රජ මහා විහාරයේ ආදි කර්තෘන් වහන්සේගේ සිට ඌරුමීතැන්නේ සුදස්සි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගඩහදෙහිගොල්ලේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී පූජනීය සම්භාවනීය ශාසන මාමක මහා යතීන්ද්‍රයන් වහන්සේලාගෙන් ශෝභමාන වූ රඹුක්පොත රජ මහා විහාරය සමඟ කිවුලේගෙදර මොහොට්ටාල , මඩුගස්තලාවේ මොහොට්ටාල ආදි සම්භාවනීයන්’ දැඩි සබඳතාවයක් පවත්වා ඇතැයි රඹුක්පොත රජමහා විහාරාධිපති මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමියෝ පවසති.

ඌරුමීතැන්නේ සුදස්සි මහා ස්වාමීන්ද්‍රයන් දවස මෙන්ම උන්වහන්සේගේ ගුරුදේවයන් වැඩ සිටි සමයද ස්වර්ණමය යුග ලෙස සැලකේ.

රජවරුන් විසින් විහාරස්ථානය වෙත ඉඩකඩම් පුදා ඇති බව වාර්තාවලින් සනාථ වේ. ඌවේ කුමාරසිංහ රජ දවස සිට විහාරස්ථානය පැවැති බව කියැවේ. 1867 දී පමණ කොමසාරිස් වාර්තාව නම් වූ ඉංගී්රසින් විසින් කැඳවන ලද ලේඛනය අනුව විහාරස්ථානයට ඉඩම් විශාල ප්‍රමාණයක් පිරිනමා ඇති බව මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමියෝ පවසති. විහාර දේවාලගම් පනත ඉදිරිපත් කළ යුගයේදී ඒ ඒ විහාරස්ථාන සඳහා ඉංගී්රසින් විසින් භාරකාරයන් පත්කළ අතර රඹුක්පොත වළව්වේ කුඩා බණ්ඩාර රඹුක්පොත නිලමේතුමා භාරකාර ධුරයට පත්කර ඇත.

මඩුගස්තලාවේ විමල බුද්ධි හිමි

විහාරාධිපතින් වහන්සේලා අතර මකුළුගොල්ලේ ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ගඩහදෙනිගොල්ලේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මොරහෙළ ධම්මදින්න ස්වාමින් වහන්සේ, ආදී මහා යතිවරයන් වහන්සේ විහාරස්ථ දියුණුවට කළ මෙහෙවර සදානුස්මරණීය වේ. විහාරස්ථානය සතුව අලි ඇතුන් නව දෙනෙකු පමණ අතීතයේ සිට ඇති අතර රඹුක්පොත බෝධිසීහ හිමිපාණන් වහන්සේගේ යුගයේදී අලි ඇතුන් විහාරස්ථානය සතුවු බව සඳහන් කළ යුතුය. උන්වහන්සේ 1980 දී පමණ අපවත් වී වදාළහ. විවිධ අර්බුද හේතුවෙන් බිබිලේගම ඤාණාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වූහ. උන්වහන්සේ 1999 අපවත් වීමෙන් පසු ගවරවෙල සුගතසිරි හිමිපාණන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වූ අතර උන්වහන්සේ විහාරස්ථ අභිවෘද්ධිය පතා කටයුතු කර 2014 දී අපවත්වී වදාළහ. උන්වහන්සේ වැඩ සිටි සමයේදි මඩුගස්තලාවේ විමලබුද්ධි හිමියෝ විහාරාධිකාරි ධුරය හෙබවූහ. අනතුරුව මඩුගස්තලාවේ විමලබුද්ධි නාහිමිපාණන් වහන්සේ විහාරාධිපතිධුරයට පත්වූහ. විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ගමේ දියුණුව පැතූහ.

විහාරස්ථානය සතු පෞරාණික නිශ්චල දේපළ ආක්ෂාවට හා සංවර්ධනය උදෙසා ක්‍රියාකාරී වගකීම කරගත් උන්වහන්සේ විහාරස්ථානයේ ගරා වැටී පැවැති විහාරාංග ප්‍රතිසංස්කරණය කරවූහ. රඹුක්පොත රජ මහා විහාරස්ථ බුදුමැදුර මෙන්ම බෝධින් වහන්සේ පෞරාණිකය. විශාල වියදමක් දරා එම බෝධින් වහන්සේ වටා ප්රාකාරයක් තනවා අටවිසි බුදුමැදුරු ඉදිකරවා ඇත.

විහාරස්ථ රන්බෝපත් දහම් පාසල සහ පෙර පාසල මගින්ද ඉමහත් මෙහෙවරක් සිදු කෙරේ.

මෙරට අමරපුර නිකාය ආරම්භ වීමෙන් පසු ඌව පළාතේ සීමා මාලකයක් පිහිටුවන ලද පින්බිමද රඹුක්පොත රජ මහා විහාරය වේ.

රිල්පොල ගොඩේ ගෙදර රජමහා විහාරස්ථානයේ ගවරවෙල සුගතසිරි හිමියන් ආරම්භ කළ ශ්‍රී ධර්මමෝදය පිරිවෙන, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය සිවිල් ආරක්ෂක සමිතිය, ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය විහාරස්ථානයේ පවත්වා ගෙන යනු ලැබේ.

රඹුක්පොත රජ මහා විහාරයේ වැඩ සිටි ඌරුමීතැන්නේ සුදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගඩහදූවේ සුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ ආදි ශාසන මාමක මහා යතීන්ද්‍රයන් වහන්සේලා වැඩ සිටි හෙයින් උන්වහන්සේලාගේ සබඳතාවය මත කිවුලේගෙදර මොහොට්ටාල මඩුගස්තලාවේ මොහොට්ටාල ආදින් විහාරස්ථානය සමඟ දැඩි සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත.

එවකට වැඩ විසු සංඝ පීතෘන් වහන්සේ වෙතින් අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දී ඇති බව දැක්විය හැකිය.

පැරැණි සිතුවමක ගිරවකු සිටින ලියවැලක්

බුදු සරණ පත්‍රයේ පලවූ ලිපියකි

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-65279072089513489812017-02-05T09:50:00.001+06:002017-02-05T09:51:04.118+06:001818 ඌව වෙල්ලස්ස කැරැල්ල

සුද්ද එවපු කැප්පෙටිපොල නිලමේ හැරුනෙ රට රකින්න...

ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදී පසු බැස්සා...

ගියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවා වත් අදින්න...

අතීතතය ම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න...

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-23299086142630697992017-02-04T08:24:00.000+06:002017-02-04T08:25:20.642+06:00නිදහස් දිනයේ රටේ එසවෙන ජාතික කොඩියේ අර්ථය

සිංහයා - (එඩිතරබව)

බෝපත් හතර - (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ)

කඩුව - (ස්වාධීන බව)

රතු පාට පසුබිම - (සිංහල ජාතිය)

තැඹිලි පාට තීරුව - (දෙමළ ජාතිය)

කොළ පාට තීරුව - (මුස්ලිම් ජාතිය)

වටේ ඇති කහ පාට - (ජාතියේ එකමුතු බව)

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com2tag:blogger.com,1999:blog-611019849716439688.post-34254393823181523192016-12-22T23:03:00.001+06:002016-12-22T23:03:41.673+06:00Sitting and Standing

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-67373280414573847522016-12-10T10:54:00.000+06:002016-12-10T11:03:10.603+06:00බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාමේ පර්යේෂණ සහ අවදානම් කළමනාකරණය

නායයාම් කලාප සිතියම්ගත කිරීම.

නාය යාමේ උවදුර හඳුනා ගැනීම සහ නායයාමේ අවදානම විශ්ලේෂණය කිරීම.

නායයාම් පිළිබද ගවේෂණ සඳහා ඉල්ලුම් කිරීම

කඳු සහිත ප්‍රදේශවල ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණ සැලසුම් සඳහා මාර්ගෝපදේශ

නායයෑමට ලක් වූ කඳු බෑවුම් ස්ථායිකරණය

නායයෑම් පිළිබඳව දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන්

පූර්ව අනතුරු ඇඟවීම

නායයාම් දත්ත පදනම

නායයෑමට ලක් වූ කඳු බෑවුම් ස්ථායිකරණය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමට ලක්වන කඳු බෑවුම් ව්‍යුහාත්මකව ස්ථායි කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති හතරක් පේරාදෙනිය, පදියපැලැල්ල, මහවැව සහ ගැරඬිඇල්ල යන ප්‍රදේශ තුල ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව, යෝග්‍ය ඉඩම් පරිහරණ පිළිවෙත් හඳුන්වා දීමෙන් නායයාමේ බලපෑම අවම කිරීමේ ව්‍යුහාත්මක නොවන ව්‍යාපෘති දෙකක් ද, බදුල්ල හා මාතලේ යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාමේ බලපෑම අවම.

මානව ක්‍රියාකාරකම් අධික වීම සහ කඳුකර ප්‍රදේශවල සැලසුමකින් තොර සංවර්ධන කටයුතු නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම වැඩි වශයෙන් සිදුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් තිබේ. එබැවින් බදුල්ල දිස්ත්‍රික්කය සඳහා යෝග්‍ය ඉඩම් පරිහරණ ක්‍රියාදාම හඳුන්වා දීමෙන් නායයාමේ බලපෑම අවම කිරීමේ ව්‍යුහාත්මක නොවන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව (LUPPD) සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ. දිස්ත්‍රික්කයෙහි යාවත්කාලීන කරන ලද ඉඩම් පරිහරණ සිතියම් ඉහත සඳහන් දෙපාර්තමේන්තුව විසින් සපයන අතර නායයාමේ අවදානම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අධ්‍යයනය කර විශ්ලේෂණය කරනු ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඌවපරණගම, හපුතලේ, සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල නායයෑම් ප්රවනතා අධ්‍යයනය සිදු කර ඇත. මෙම ව්‍යායාමයේ මූලික ප්‍රතිඵලය වශයෙන් ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් සඳහා යෝග්‍ය ඉඩම් පරිහරණ සහ තාක්ෂණික ක්‍රමවේදයන් සහ එම ක්‍රමවේද ක්‍රියාවට නැංවීමේ මාර්ගෝපදේශ සම්පාදනය කෙරේ. සම්පාදිත ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියෙහි සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 03 කි.

ඒකාබද්ධ නායයෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය

මීට අමතරව, බදුල්ල, නුවරඑළිය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කයන් හි ජනතාවට, පොදු සහ පෞද්ගලික දේපල, යටිතල පහසුකම්, සහ වගා බිම් කෙරෙහි තර්ජනයක්ව පවතින නියයෑම් 47ක් ස්ථායිකරණය කිරීමේ අවශ්‍යතාව නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් හඳුනාගන ඇති අතර ප්‍රමුඛතාවය මත තෝරාගත් නායයෑම් ස්ථායිකරණය සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාගැනීම සම්බන්ධව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා පැවැත්වේ.

දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන්

නායයාම් සහ නායයාමේ තර්ජනය සමග ජීවත් වීමේදී විමසිලිමත් විය යුතු කරුණු පිළිබඳ කඳු බෑවුම්වල ජීවත් වන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන යේ නායයෑම් අධ්‍යයන හා සේවා අංශය මෙහෙයවයි. වැඩසටහන්වල අරමුණුගත කණ්ඩායම් වන්නේ පාසල් ළමුන්, තීරණ ගන්නන්, සැලසුම්කරුවන්, පරිපාලකයන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ ගැමි ජනතාව ය. දැනුවත් කිරීම සඳහා පොත්, පෝස්ටර්, වීඩියෝ පට සහ අත්පොත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කර ඇත.

නායයාම ආශ්රිත දැනුවත් කිරීමේ / පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඉල්ලීම්.

ඉදිරි පුහුණු වැඩසටහන්

කාර්ය්ය මණ්ඩල පුහුණුව

ශ්‍රී ලංකාවේ නායයාම්.

නායයාම් ගැන පූර්ව අනතුරු ඇගවීම්.

නායයාමේ තර්ජනය අඩු කිරීමේ පියවර.

මහවැසි පවතින විට කුමක් කළ යුතු ද?

නායයාම් ගැන කල් ඇතිව අනතුරු ඇඟවීමක් ලැබුණ විට මා කුමක් කළ යුතු ද?

නායයාමක් පවතින විට කුමක් කළ යුතු ද?

නායයාම් පූර්ව අනතුරු ඇඟවීම

සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී නායයාමට ඉඩ ඇති ප්‍රදේශ මගහැරවීමට කල් ඇතිව ලැබෙන අනතුරු ඇඟවීමේ මෙවලමක් ලෙස නායයාම් ආපදා කලාප සිතියම භාවිතා කළ හැකි වුවත්, ඉහළ මට්ටමක නායයාමේ විභව්‍යතාවයක් පවතින බොහෝ ප්‍රදේශවල ජනයා දැනටමත් පදිංචි වී සිටින බැවින් මෙම ප්‍රජාවගේ ජීවිත ආරක්ෂා කිරීමට වර්ෂාපතන දත්ත සහ නායයාමේ විභව්‍යතාවයේ තීව්‍රතාව පදනම් කොට ගෙන නායයාම් අධ්‍යයන සහ සේවා අංශය නායයාම ගැන පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරයි.

ආදර්ශ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිරීක්ෂණය කිරීමට

මහවැසි පවතින විට කුමක් කළ යුතු ද?

නායයාම් ගැන කල් ඇතිව අනතුරු ඇඟවීමක් ලැබුණ විට කුමක් කළ යුතු ද?

නායයාමක් පවතින විට කුමක් කළ යුතු ද?

වැඩි දුර තොරතුරු සදහා - www.nbro.gov.lk

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-63175643992352283842016-12-08T21:13:00.001+06:002016-12-08T21:45:01.212+06:00වෙල්ලස්ස සටනේ විරුවන් නැවත වරක් වීරයන් වූ වගයි. ඌවේ වීරයන් සදා අමරණීයයි.

1818 උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු උඩරට නායකයින් 19 දෙනෙකු රාජද්‍රෝහීන් ලෙස සලකා එවකට ආණ්ඩුකාර රොබට් බ්රවුන්රික් නිකුත් කළ ගැසට් පත්‍රයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අවලංගු කරන ලදී.

1818 ජනවාරි 10 වෙනිදා අංක 851 දරන ලංකා ගැසට් පත්‍රයේ පළ කරමින් රාජද්‍රෝහීන් ලෙස නම් කළ දේශපේ‍්‍රමී විරුවන් අතර කැප්පෙටිපොළ දිසාවේ, කිවුලෙගෙදර මොහොට්ටාල, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාල, මහාබෙත්මරාළ, කුඩාබෙත්මරාළ, පොල්ගොල්ල මොහොට්ටාල, වත්තෙකැලේ මොහොට්ටාල, පොල්ගහගෙදර රෙහෙනරාළ, පොසේරෙවත්තේ විධානේ, යාලගොම්මේ මොහොට්ටාල යන විරුවන් ඇතුළත්. උඩමාදුරේ මොහොට්ටාල, කොහුකුඹුරේ රටේරාළ, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේරාළ, මහබදුල්ලේ ගම්මානේ රටේරාළ, බුලූපිටිය මොහොට්ටාල, පල්ලේමල්හෙයායේ ගමඇතිරාළ යන විරුවන් ද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් රාජද්‍රෝහීන් ලෙස ප්‍රකාශ කළා.

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-24735082726324149642016-12-06T08:08:00.001+06:002016-12-06T08:08:37.126+06:00ඌවේ සැඟවුණු ඉතිහාසය

අතීතයේදී ශ්‍රී ලංකාව පළාත් නවයකට බෙදී ඇති අතර ඉන් ඌව පළාතට හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. සොබා දහමේ මනහර දායාදයන්ගෙන්ද ප්‍රෙෘඪ ඓතිහාසික තොරතුරු සමුදායකටද උරුමකම් කියන ඌව පළාත පිළිබඳවත්, මෙහි පදිංචි ජනතාවගේ සැඟව ගිය අතීත තතු බිඳක් වත්මන් සමාජයට හෙළිදරව් කිරීම සඳහාත්, ඌවේ තතු සොයා යන ගමනක් වීමත්, මෙම ලිපියේ පරමාර්ථය සේ හුවා දක්වමි.

සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප ගැනෙද්දී “හූ” යන හඬ ජනිතවීම නිසා “හූව” නොහොත් “ඌව” යන නම මෙම ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්වේ. එය කවදා කෙලෙස භාවිතයට ගැනුනක් ද යන්න සඳහනක් නොමැත.

දැනට දශක පහමාරකට පෙර එනම් වසර 55 කටත් පෙර ඌව පළාත (i) උඩුකිඳ (ii) යටිකිඳ (iii) බුත්තල (iv) වැල්ලවාය (v) වෙල්ලස්ස (vi) වියළුව (vii) බිංතැන්න වශයෙන් ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාස හතකට බෙදා තිබිණි.

“කිඳ” යනුවෙන් හැඳින්වෙන්නේ බිම් කොටසකටය. වඩාත්ම උස් ස්ථානයක පිහිටි කොටස “උඩුකිඳ” ලෙසින් ද පහත් ස්ථානයක පිහිටි කොටස “යටිකිඳ” ලෙසින් ද අදටත් ව්‍යවහාර කැරේ.

පට්ටිපොල, ඔහිය, හපුතලේ, වැලිමඩ, ගුරුතලාව, අඹේවෙල, ඇටැම්පිටිය වැනි කඳුකරව පිහිටි නගර “උඩුකිඳ” කොට්ඨාසයටත්, බදුල්ල, පස්සර, ලුනුගල, දෙමෝදර, ඇල්ල, හාලිඇල, නාරංගල, ස්ප්‍රිංවැලි වැනි ප්‍රදේශයේ පහත් භූමි භාගයන්හි පිහිටි නගර “යටිකිඳ” කොටසත් අයත් වේ.

ලෝකාන්තය(- “ඔහිය” නගරය අසල පිහිටි ලෝකාන්තය නමැති ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්වූ ස්ථානයකි. ක්‍රිස්තු භක්තිකයන් සෑම වසරක් පාසාම “ආගමික භක්තියෙන් සන්තානම් මෑණියන්ගේ දේව මෙහෙය හා පෙරහැර පවත්වනු ලබන වැලිමඩ නගරයත්, ටෙනිස් ක්‍රීඩකයන්ට පාරාදීසයක් බඳු වූ බණ්ඩාරවෙල නගරයත් සතුරු උපක්‍රම වලින් මේ රට ආරක්ෂා කිරීම සඳහා අභ්‍යාස යුද කඳවුරු සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාලතම අභ්‍යාස ආයතනයත්, පිහිටි “දියතලාව” නගරයත්, පහතරට (හම්බන්තොට) දිස්ත්‍රික්කය දැකගත හැකි හපුතලේ නගරයත්, ඓතිහාසික රාම සීතා කතා පුවතේ සීතා කුමරිය දිවුරුම්ගත් තැන “දිව්රුම්වෙල” විහාරස්ථානය පිහිටි දිව්රුම්වෙල ගමත් උඩුකිඳ කොටසට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ සදා මතකයේ ලැඟුම්ගෙන ඇති නගර, ගම්, හැටියට හැඳින්විය හැකිය. මෙම ප්‍රදේශවල ඇති වගාවන් අතර තේ සහ උඩරට එළවළුවලට ප්රමුඛස්ථානයක් හිමි වේ.

අඩි 310 ක පමණ උසකින් යුත් මනස්කාන්ත “දුන්හිඳ” දිය ඇල්ලත් “මුතියංගන චෛත්‍ය රාජයාත් බදුල්ලේ පිහිටි අතර කොළඹ – බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානයක් යටින් සකස් වූ දුම්රිය මාර්ගයක් පිහිටි දෙමෝදර නගරයත් සුප්‍රසිද්ධ “දෝවේ” රජමහා විහාරස්ථානයත්, යතුරුපැදි ධාවන තරග පිටියත්, “සෙන්ට් ඡේමිස් නැග්මත්” පිහිටි “හාලිඇල” නගරයත්, නමුණුකුල පිහිටි ස්ප්‍රිංවැලි නගරයත්, යටිකිඳ කොටසට අයත් වැදගත් ස්ථාන හැටියට හැඳින්විය හැකිය. බදුල්ල, පළාතේ ප්‍රධාන අගනගරය හැටියට හැඳින්වේ.

බුත්තල( දකුණු පළාතත්, උතුරු මැද පළාතත් සම්බන්ධ කෙරෙමින් දුටුගැමුණු යුගයේ දකුණේ සිට උතුරු මැද පළාතට වැටී තිබූ මහා මාර්ගයේ ගමන්ගත් මගීන්ට දාන ශාලාවක් (බත් ශාලාවක්), බත් හලක් ඉදිකර තිබූ ස්ථානය, බත්හල පසුකාලිනව බුත්තල වී ඇතැයි ජනවහරේ පවතී.

බිබිල – බුත්තල, මොනරාගල යන නගර ආශ්රිත ප්‍රදේශ දෙහි, දොඩම් වගාවට අතීතයේ සිටම ප්‍රසිද්ධියක් ගනු ලබයි. එමෙන්ම මොනරාගල දිස්ත්‍රික්කය පුරාවටම බුරුත, තේක්ක, කළුවර, සුදු හඳුන් වැනි ඉතා වටිනා දැවවලට ප්‍රසිද්ධියක් උසුලනු ලබන්නේ ද එම ප්‍රදේශයට ආවේණික භූ විෂමතාවන්ට අනුකූලවමය. ඔක්කම්පිටිය ගොවිජනපදය, යුදගනාව වැව, කතරගම පුදබිම, ප්‍රෙෘඪ ඓතිහාසික උරුමයක් වන මාළිගාවිල, බුදුරුවගල වැනි බෞද්ධ සිද්ධස්ථානයන්ගෙන් ද මොනරාගල දිස්ත්‍රික්කයට දීප්තියක් වැටී ඇත.

ඌව පළාත මුලදී බෙදා වෙන්කර තිබූ කොට්ඨාස හතෙන්ම සමුද්‍රයට ආසන්නව පිහිටි හෙයිනුත් මෙම කොටසේ කඳුහෙල් දුලබ හෙයිනුත් මුහුදු සුළං (වැල්ලේවායුව) නියමලෙස ස්පර්ශ කරන විශාල ග්‍රාමයක් කාලයක් ගතවත්ම වැල්ලවාය යනුවෙන් භාවිතයට පත්වී ඇතැයි ජනවහරේ පවතී. පුරාවිද්‍යා සමීක්ෂණ කටයුතු පිළිබඳ හසල දැනුම් සම්භාරයක් ඇති බළන්ගොඩ කූරගල ශ්‍රී පාද දිවාගුහා රාජමහා විහාරාධිපති ප්‍රවීණ ලේඛක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වටද්දර ඥානිස්සර නාහිමිපාණන් වහන්සේගේ මතයට අනුව “වැල්ලවාය” නගරය රාවණා යුගය දක්වා දුරාතීතයකට සබඳකම් පවත්වනු ලබන නගරයකි.

පෙර රජදවස රහතන් වහන්සේ දහස් ගණනින් වැඩවිසූ ඓතිහාසික කූරගල ශ්‍රීපාද දිවාගුහා විහාරස්ථානය දක්වා වසර දස දහසකට එපිට කාල පරාසයකදී මුහුද තිබූ බවට වටද්දර ඥානිස්සර නාහිමියෝ පෙන්වා දෙන්නේ කූරගල අවට “වැලිපතයාය” ප්‍රදේශයේ අදටත් මුහුදු බෙල්ලන්, මුහුදු වෙරළාසන්න වැවෙන පන් වර්ග, මූදුවැලි පවතින බවට නිදසුන් ගෙනහැර පාමිනි. එකල විශාල වැලි වරායක්ව තිබූ පෙදෙස වැලි+වරාය – වැල්ලවාය වී පසුකලෙක භාවිතයට යෙදී ඇති බව ද වටද්දර ඥානිස්සර නාහිමියෝ පෙන්වා දෙති.

අතීතයේදී ගොවියන්ට තම මඩ ඉඩම් වලින් සරුසාර අස්වැන්නක් ලබාගැනීමට හැකිවූත්, දැනට මුව, ගෝන, අලි ඇතුන්ටත්, සේරුන් නමැති පක්ෂීන්ටත්, ජලය සපයනු ලබන තණමල්විල වැව ගැන ද සඳහන් කළ යුතුව ඇත. බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ “වේලිඔය” හරස්කර මහනෙටුල, කුඩානෙටුල, කංඩියපිට, බෝගස්වැව, අළුත්වැව, අරඹේකෙම, රතඹලාගම, කහකුරුල්ලන්පැලැස්ස, හම්බේගමුව වැව දක්වා කිලෝ මීටර් 25 ක ඇළක් මගින් ජලය සැපයෙමින් කුඩාවැව් 20 කට වැඩි ප්‍රමාණයකින් ගොඩ, මඩ අක්කර 5000 කට අධික ප්‍රමාණයකට ජලය සැපයෙන වාරි කර්මාන්තයක්ද පසුගිය වර්ෂයේදී ජනතා අයිතියට පැවරිණි.

කොස්ලන්ද සානුවේ පිහිටි දියළුම දිය ඇල්ල ද ඌව පළාතටම ආවේණික වූ තවත් සොබා සිරියෙන් ඔපවත්වූ දිය ඇල්ලකි. ඇල්ල වැල්ලවාය මාර්ගයේ පිහිටි බඹරකන්ද දිය ඇල්ල ද සුවිශේෂී දියඇල්ලක් වනුයේ එය ශ්‍රී ලංකාවේ දිය ඇළි අතර වැඩිම උසකින් හෙබි දිය ඇල්ලක් නිසාය. සාරවත් කුඹුරු නොහොත් වෙල් කැබලි ලක්ෂයකින් පමණ සැදුම්ලත් වෙල්යායක් නිසා වෙල්ලස්ස යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය ද ඌව පළාතටම අයත් ප්රදේශයකි.

බිංතැන්න – බිංතැන්න අනිකුත් ප්‍රදේශවලට වඩා විශාලත්වයෙන් කුඩා වූ පෙදෙසකි. යක්ෂයන් පලවා හැරීම සඳහා හා ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්දිවට ප්‍රථම වරට වැඩියා වූ අවස්ථාවේ බිංතැන්නේ සිටි යක්ෂයන් පලවාහැරිය බවට බෞද්ධ සාහිත්‍යයෙහි (ලක්දිව) දැක්වේ. සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ කේෂධාතු මිටක් පිරිනමා ඇති බවත් එම කේෂධාතු නිධන් කැර මහියංගන චෛත්‍යය ගොඩනඟා ඇති බවත් සඳහන් වේ. ඌව පළාතේ පිහිටි මහියංගන චෛත්‍යයෙහි වැඩ නිම කරගැනීමට විය පැහැදම් නොලැබී අතරමඟ එහි වැඩ නතර වී තිබූ අවස්ථාවක මහවැලි නදියට ගලා බසිනා ඇළක රිදී කොටයක් පාවී ඇවිත් එම රිදී කොටය විකුණා ලත් මුදලින් මහියංගණ චෛත්‍යයේ වැඩ නිමවා ඇති අතර අදටත් “රිදීකොටලිය” නම් ඇළක් තිබෙන බව කියෑවේ. සියඹලාවින්න, දඹාන, බෙලිගල්ල, බුළුගහදෙන, කුකුළාපොල, පදුකුඹුර, මේවත්ත, වේරපොකුණ නමැති කුඩා ගම්වල වැදි පවුල් ගණනාවක්ම අදටත් දැකගත හැකිය. පාරම්පරිකව එදා ඔවුන් දඩයමින් (මරාගන්නා) ලද මුව, ගෝන, වල් ඌරන්ගේ මස් වේලා නගරයට ගෙනැවිත් ලබාගන්නා මුදල ඔවුන්ගේ ජීවනෝපායේ ආර්ථිකය සැකසෙන සංධිස්ථානය වුවත්, අද වන විට එම වැදි පවුල්වල ජනතාව ගොවිතැන සිය ජීවනෝපාය සඳහා යොදාගෙන තිබීම සතුටට කරුණකි. වඩු වැඩ, මේසන් වැඩ, වෙළෙ¹ම වැනි ස්වයං රැකියා සඳහා ද වැදි ජනතාවගේ නැඹුරුවක් ඇති වී තිබේ.

වියලුව – වියලුව යන නම ද ඌව පළාතේ ප්‍රසිද්ධියක් ගනු ලබන තවත් ප්රදේශයකි. “වේලු” යනු “උණගස්” වලට ව්‍යවහාර කරන නමකි. “වේලු” නොහොත් වියලු නොහොත් උණ ගස් රාශියකින් සමන්විත ප්‍රදේශය වන අර්ථය ඇති සැටියෙන් දනවනු සඳහා වියලුව යෑයි එම පෙදෙසට ව්‍යවහාර වී තිබේ.

දුටුගැමුණු මහරජතුමා අමුණක් බඳවද්දී ඔහුගේ පුත් සාලිය කුමරා රොඩී කෙල්ලක් සමග ප්‍රේමයෙන් වෙලී සිටිනා බව සැලවීමත් සමගම සාලිය කුමරා සමග සිටි සේනාව සාලිය කුමරාට ඔටුන්න අහිමි වීමේ කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා එම සේනාව සතු දිවා ආහාරය (පිසින ලද බත් මුල්) මැඩිල්ලකට විසිකරනු ලැබූහ. එදා සිට එම ප්‍රදේශයට බත්මැඩිල්ල යන නාමය ව්‍යවහාර වී තිබේ.

ඌව පළාතේ විස්තරත් එහි පැරැණි කොට්ඨාස ක්‍රමයත් මෙසේ සනිටුහන් වෙද්දී පුරාණ කාලයේ දකුණේ මාගම් පත්තුවේ කතරගම සිට අනුරාධපුරයට පැමිණෙන ගම් පියසි දිගේ පැමිණිය හැකි ඉසුරුමත් මහා මාර්ගයේදී හමුවෙන සමහර නගරයන්ට සහ ග්‍රාමයන්ට අදටත් ව්‍යවහාර කරනු ලබන නාමයන් සෑදී ඇත්තේ මෙසේය.

කදිරදේවගම, කදිර+ගම, කදිරාගම යනුවෙන් ද ඉන්පසු කාලීන කන්ද+ස්වාමි+ග්‍රාමම් කදි+දේව+ගම, ශුෂ්ක දේශ ගුණයකින් හෙබි ගම කතරේ+ ගම = කතරගම යනුවෙන් මුඛ පරම්පරාගතව ව්‍යවහාරයට එක්වී ඇතැයි ද සඳහන් වේ. කන්ද ස්වාමි පැමිණ නැවතුම්ගත් ශුෂ්ක වූ ගම යනුවෙන් පවතින මතයක්ද වේ.

දිගාමඩුල්ල – දුටුගැමුණු+ එළාර යුද්ධයේදී ස්වකීය හමුදාවට ආහාර සැපයීම පිණිස එතුමන්ගේ සොයුරු (සද්ධාතිස්ස කුමරා) ගොවිතැන් කටයුතු කිරීම සඳහා (කුඹුරු – අස්වැද්දවීමට) යවන ලදී. එහිදී කුඹුරු අස්වැද්දවීමට තිබූ “දිගාමඩුල්ල” සීමාව වූ පෙදෙස මඩොල්ලේ සීමාව නොහොත් මඩොල්සිම විය.

ඌවේ කැරැල්ල කාලයේදී දෙහිවින්න, පරණවෙල නම් දෙකින් යුත් ග්‍රාම දුරස්ථව පිහිටියත් බලකොටු දෙකක් පිහිටි බව කියෑවේ. එහි පළමුවැන්නේ එනම් “දෙහිවින්නේ” බලකොටුවේ “පදනිතිය” යෑවූ වේරගම නමැත්තෙකුගේ ඥතියෙක් වන වේරගම බණ්ඩාර පුදුමාකාර දිවිපෙවෙතක් ගත කළ අයෙකි. සතුරන් විසින් මරා දමනු ලබතැයි යන බිය නිසා කොරෙකුගේ වෙස් ගෙන සිටි මොහු යමෙකු හමු වූ විට කතානොකර අතින්, පයින් ගොලුවකු පරිද්දෙන් කතා කිරීමට සමතකු වුවද ඔහු ගැන දන්නා අයට මෙය විහිලුවක් ලෙස පෙනී තිබේ.

පර දේශික හමුදාවන්ගේ සෙබළු විනෝදයට පත්කෙරෙමින්ද, සෙබළුන්ගෙන් ලැබෙන ආහාර වේලකින් යෑපෙමින්ද, වේරගම බණ්ඩාර දිවිගෙවද්දී මොහු ගැන තොරතුරු සෙබළ ප්‍රධානියාට සැලවිය. වේරගම බණ්ඩාරගේ හැසිරීම් රටාව අධ්‍යයනය කළ සෙබළ ප්‍රධානියා ඔහුට කඩු හරඹය පුහුණු කරවන ලෙස අණ කළේය. වේරගම බණ්ඩාරට සටන් පුහුණුව ලබාදීමට පැමිණෙන සෙබළු දිනෙන් දින එකි නෙකා මරු තුරුලට යන්නේ තම සටනේදී ඔහු විදේශීය (පරසතුරු) හමුදා සෙබළු මරණයට පත් කරමින් පරාජය කරමිනි. මෙම බලකොටුවේ සිටි සෙබළු සියලු දෙනාම (ප්‍රධානියා හැර) වේරගම බණ්ඩාර අතින් මරණයට පත්වීම නිසා සෙබළුන් මරා දැමූ බිමට සටන් පිටිය යන නම ව්‍යවහාර වී කාලයත් සමග හටන්+පිටිය වීමෙන් පසුව අද වන විට එම ප්‍රදේශය අටම්පිටිය යන නාමයෙන් හඳුන්වනු ලැබේ.

මෙසේ මරණයට පත් කරනු ලැබූ විදේශීය හමුදා සෙබළු සියලු දෙනාම පල්ලමකට (ඇළකට) දමන ලදී. එම ඇල්ල පරංගි ඇල්ල යනුවෙන් හඳුන්වනු ලැබේ. පරංගි ඇල්ල නමින් ව්‍යවහාර වන ග්‍රාමයක් අදටත් මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ.

හපුතලේ – හපුගස්වලින් ගහණ වූ ප්‍රදේශය සහ කඳුකර ප්‍රදේශය යන්න එක්වීමෙන් හපු+තලය පසුකාලීනව හපුතලේ බවට පත්වී ඇති බවත්, බණ්ඩාර නම් ග්‍රාම පාලකයකුට අයත් වෙල්යායක් තිබූ ප්‍රදේශය බණ්ඩාරගේ කුඹුර බණ්ඩාරවෙල නමින් ව්‍යවහාර වී ඇති බවත් මුඛ පරම්පරාගත කතාවල දැක්වේ. බණ්ඩාර නමැති දෙවි කෙනකුගේ ප්‍රතිමාවක් වෙලක් (කුඹුරක්) සීසාද්දී මතුවීම නිසා (බණ්ඩා+ දෙවි+රු+කුඹුර) “දෙවිරුව” යන වචන බිඳී ගොස් කුඹුර යන්නට වෙල එක්වී බණ්ඩාරවෙල යන්න ව්‍යවහාරයට එක්වී ඇතැයි ද තවත් මතයක් පවතී.

වැලිමඩ – පත්තිනි දේවිගේ නොහොත් වල්ලි අම්මාගේ කෝවිල පිහිටි පෙදෙස වල්ලි+මඩම් නමින් පැවත වැලිමඩ නමින් ව්‍යවහාරයට එක්වී ඇතැයි ද කියති. මීට අමතරව වැලි මිශ්‍රිත මඩ සහිත පසක් පිහිටීම නිසා වැලිමඩ යන නම භාවිතයට එක්වී ඇතැයි ද තවත් මතයකි.

ඌවගැමි වහර( ඌව පළාතටම ආවේණික වූ ගැමි වහරක් අතීතයේදී භාවිත වී තිබූ බවට වෙල්ලස්සේ ඇතැම් ගැමි කතාබස් වලදී අදත් අපට දැකගත හැකි වේ.

ඌවේ ඉපැරණි ගැමි වහර

ඇනබාගන්නවා – වාඩිවෙනවා

කොක්කාවෙන් යනවා – කරපිටින් යනවා

මිනිපන්දමේ යනවා – දඩයමේ යනවා

හිරිම්බනවා – කෑම කනවා

කුදාගත්තා – නිදාගත්තා

නවුවනවා – දිය නාවනවා

බැදිඅඹවනවා – කැලේ සතුන් එලවනවා.

ඕගානවා – අඬනවා

කොහා යනවා – කොහේ යනවාද?

කුදාලනවා – බඳිනවා

උකාලනවා – වැටෙනවා

දීගන්නවා – ගහගන්නවා

පුණුවනවා – නිදිකරවනවා

කාවටිනවා – දබර කරනවා

පුහුටුලානවා – ප්‍රමාද වෙනවා

ලුහුටනවා – ලෙස්සනවා

හෙයියන් කරනවා – කරදර කරනවා

කුස් කුස් ගානවා – අඬමින් ඉන්නවා

උඩන් ගහනවා – නොන්ඩිගහනවා (කොරගහනවා)

රොක්වුණා – අමාරුවෙන් ගියා

තව්ගහනවා – බාගෙට පුළුස්සනවා

මෝපකරනවා – වරිච්චි බඳිනවා

බොටා – යහළුවා

මකරට හිරිම්බනවා – බඩට කනවා

බැන්නට කුඹුලන්නෙවත් නෑ-බැන්නට කතා කළේ නෑ

හත් ගහනවා – ලියනවා

ගොන් ගනවා – කෙලින් කරනවා

වල්විලංගුවෙලාගියා – කඩාකප්පල්වෙලා ගියා

තකෝනැතිවුණා – අමතක වුණා

මතගානවා – හැඳිගානවා

කෙළිපානවා – එබී බලනවා.

වෙනිගානවා – ගෙයක්ගානේ යනවා

හිපගෙන – උස්සාගෙන

හෑගා වැටුනා – හතිදාගෙන වැටුනා

හෑගතලනවා – හති අරිනවා.

පුක්කවෙලා – වෙරිවෙලා

බොටතලනවා – මරනවා

කැටුව වැඩුවා – පස්සෙන් එලෙව්වා

ගසෙන් බැහියන් – ගහෙන් බැහැපත්

කස්කරේ – ඉක්මනට

මෝල්කනා – කුණුවෙලා

බුන්නා – බිව්වා, බීවා

ලබ්බගන්නවා – කිට්ටුකරගන්නවා

ටොන්බ – වලිගය

සීනිගඳ – පිළීගඳ

ඕකට නැගිල ගියාවෙ – ඕනෑ තැනක ගියාවෙ

කිවුල – උල්පත

හංකෝඩවුණා – බාගෙට ඇකුලුනා

කටනැගුනා – ගියා

කම්බුස්සාවෙන්න – ඇස්රතුවෙන්න

ලබ්බලා – කිට්ටුකරලා

පනන්වෙනවා – යනවා

හෝටුපුරුල්ලන් ගැහිලා – හොඳටම තෙමිලා

මොටා – ලොකුඑකා

කනත්ත ඉවලා – බාගෙට කැලේ වැවිලා

හාකොයි – පුළුවනි

ගහම්මනවා – අහක දමනවා

රහුගෙඩි – මිණිගෙඩි

අකවනවා – හරස්කරනවා

අලිමන්තලේ – අලියන පාර

දිව්වම දිව්වා – නොනැවතී ගියා

හුළංවැස්ස – හිරිකඩ

ඔපරස්වුණා – ලීයඇදවුණා

කොළොම්බ – කුඩා බංකුව

කයද – කාගේද?

ගහම් මවුවා – වීසිකළා

අස්කඩය – රෙදිපටිය

කළඟ-ලෙලිහරින ලද පුවක් කොළපත

පලසෙලව් – සිල්ලර

ඉඩොල්පරවෙලා – කුරුවල්වෙලා

ගිනිපූගානවා – ගිනිමොලවනවා

නිදිකලන්ගාතෙ – නිදිමතේ

මෙරිවෙනවා – එබෙනවා

මාකුරුමල් – පුවක්මල්

පිඩිගහනවා – ගුලිකරනවා

අටවනවා – දිගහරිනවා

ඇස්බැලුම්කරණවා – සොයා බලනවා

උදව ගන්න එපා – කේන්ති අවුස්සවන්න එපා

කකරනවා – හැඳිගානවා

රුකුල – හිල

කුඩුම්බරයා කොල්ලා

බුඩා, බුඩී – මහල්ලා, මැහැල්ලී

කැරැල්ලන්ගහනවා – පිනුම්ගහනවා

මාකඳයා – මාවවුලා

දෙගුනගතිය – පිස්සුව

දඹුව – ගිනිදැල්ල

ඩිම්බා – දිමියා

මට්ටේ – හිසබූගෑම

හපුකඳයා – සැලළිහිනියා

උකුණුගහ – දැතිගොයියාව

රොටියට දම්මා – වී බිත්තරට දැම්මා

පෝපොත – පුවක් කොළය

බිරන් – වැසිවලාකුළු

මුස්නෙ – කුරුමානම

දරහැව්ව – ගෙදර බඩුමුට්ටු

මාපත – උළුවස්සේ උඩ පඩිය

පොලොත්ත – පොල්කටුව

අස්කනත්ත කෙටුවා – කුඹුරවටේ සුද්ධකළා

අතබෑ, කකුල බෑ, අතේ තුවාලයක්, කකුලේ තුවාලයක්,

ගෝහාලය – දඬුමැස්ස

අරේයියා, මේයියා – අර, මේ

කියලා පරාදයි – කීමෙන් ඵලක් නෑ.

බණවනවා – කතාකරනවා

හෙවන්බැස්සා – ඉරබැස අව්ව අඩුවීම

නෑවෙයි – එහෙම නොවෙයි

එහෙවෙයි – එහෙම තමයි

වනුව – බාගෙට වැවුන කැලේ

කනත්ත – අත්හැරුන හේන (පරණ හේන)

හෙල – කන්ද

හොටිඅම්මා – මැහැලී (ආච්චී)

ඇලිවැද්දලා – හැංගිලා

කාවල්කාරයා – මුරකරුවා

ඇටතඩියවෙලා – දරදඬුවෙලා

ඔද්දිහක්වන්නෑ – මෙලෝ සිහියක් නෑ

ගොඩ උඩ සලාවෙන් ඉන්නවා – ගෙම්බා වගේ ඉන්නවා

දඟර – කොරවීම

කුඩිත්ත, පෙත, – ටික, ටික

ගදල් – කොස් කටු

ගදාලේ – රොඩු කුණු

කොකිස් – කිරිඇල

පිල්ල – හබරල අත්ත

ඇහැපිලි මෙරු

ගෝටය – කූඩුව

හොබිරියා – කම්මැලියා

ඇලිබිහිරිකම – ල-ජාව (සබකෝලය)

අටිනෙ – සබකෝලය

ඇන්නැවර – අරගෙන වරෙන්

කුරු අඩිය – බත්පත තබාගෙන කන එක

බාපත – උඩතල්ල

පැපිලිය – වියන්තට්ටුව

පබිලියම – වියන් ඇඳ

ගොයිය – යාලුවා (මස්සිනා)

අකවනවා – හරවනවා

කොළ ගෙඩිය – කමත ගොඩගසන ලද ගොයම

මූලප්පල්ය – ඇතිළිය

සුමක් ගත්තරේ – වැඩකරදර

පොල්කුරුප්පිය – පොල්ගෙඩියේ තැරිය

ලෙසවලා – වේගයෙන් ගිහිල්ලා

ඒක එටැයි – පුදුමයි

වරාව – පෙරැත්ත

කෝඩුවාව – ගේ අයින

ඒක එමැයි – පුදුමයි

බොහෝ ඈත අතීතයේ ඌව පළාතටම පමණක් ආවේනික වූ බස් වහරක් තිබුණු බවට ඉහතින් දැක්වෙන සමහර වදන් දෙස බැලීමේදී පැහැදිලි වේ. මෙම බස් වහරද එයට නිදසුන් වුවක්, වත්මන් සමාජයේ මෙම යෙදුම් ක්‍රමයෙන් අය වෙමින් පවතී.

(1) හොටි අම්මා බණවනවා – ආච්චී කතාකරනවා.

(2) කාවල්කාරයා ඇලිවද්දලා – මුරකාරයා හැංගිලා

(3) පබිලියම ඇන්නැවර – වියන් ඇඳ අරගෙන වරෙන්

(4) කුඩුම්බරයා හොබිරියා – කොල්ලා කම්මැලියා

(5)කස්කරේ ගසෙන් බැහියන්-ඉක්මනට ගහෙන් බැහැපන්

ඌව පළාතේ අදටත් භාවිත වන ගමින් ගම ගැමි කවි කීපයක් මෙසේ දක්වමි. එහිදී මෙම ගැමි කවි දෙකෙහි පුරාවෘතයද සැකෙවින් දක්වනු කැමැත්තෙමි.

එදා මෙදාතුර ඌව පළාත හේන් ගොවිතැනට ද ප්‍රසිද්ධියක් ගනු ලබයි. හේනක පැල් රකිමින් සිටි ගොවි මහතෙක් වෙත පැමිණි යක්ෂණියක් ගොවියා අමතා මෙම කවිය කියා ඇති බව මුඛ පරම්පරාගතව පවතී.

ඈත එපිට පස්සර වත්තේද බුලත්

ඊට ඉණක් කන් මඩලාපු පල් පුවක්

කස්තුරි, කපුරු, පිණිදිය දාපු සුණු ටිකක්

බුලත් විටක් දෙනවද රාල දැන් මටත්

රූමත් කාන්තා වෙසක් ගෙන පැමිණියත්, මේ අවේලාවේ පැමිණ ඇත්තේ යකින්නක් බව අවබෝධ කරගත් ගොවියා යක්ෂණියගේ කවියට මෙම පිළිතුරු කවිය කියා තිබේ.

ආතා බූතයෙන් ආවද තෝ අ ඩී

ආත බූතයෙන් ආවොත් බැටේ දෙ මී

තිගේ පියා දැවු සොහොනත් මම දනි මී

අංජනම් දේවිගෙන් තිට බැට දෙව මී

තමා කවුරුන් දැයි අවබෝධ කැරගත් නිසා තව දුරටත් ගොවියා සමග දොඩමළු වීමට බියවූ යක්ෂණිය නිමේෂයකින් අන්තර්ධාන වී ඇතැයි ද කියති.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය උඩරට එළවළු, පලතුරු ඇතුළු ශීත දේශගුණික වගාවන්ට හිතකර මෙන්ම, එහි හාත්පස වියළි දේශගුණයක් ඇති මොනරාගල දිස්ත්‍රික්කයෙහි වියළි දේශගුණ තත්ත්වයක් යටතේ හැදෙන වැඩෙන පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග වලට ප්‍රචලිතය. මොනරාගල දිස්ත්‍රික්කය බහුල ලෙස කුරහන් වගාවට ප්‍රසිද්ධියක් උසුලනු ලබයි.

ඌව පළාතේ කාන්තාවන් සමූහයක් වශයෙන් එක්වී කුරහන් කැපීමේදී ගායනා කරණු ලබන කුරහන් කවි වසර සිය ගණනක් පැරැණි වුවද ඒවායෙහි අදටත් නවනළු රසයම ගැබ්වී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ.

රන්තානා කැල නවයක කාලා ඇවිදින් හේනට වැට බිඳ ලා

දෙපෙති කුරක්කන් නමා හෙලාලා කන්නේ ලොකු ගෙඩි තෝරා ලා

ගෝනෙක් දැකලා දැක විමසාලා වෙඩි තිබ්බයි නිල තෝරා ලා

මොරහැල මැතිඳුට හොඳක් ලැබුණි කිව් තුවක්කුවේ රන් බන්දා ලා

වලුත් කොටා වල් ගිනිලා වැට බැඳ බක් මාසේදී වපුරන්නේ

ලබුත් පුහුල් ඇට සැමදේ එක්කර මන්ඩි මන්ඩිවල සිටුවන්නේ

පලුත් පළල ඇති ගලුත් ගණින ලෙස ආපු කුරක්කන් ගොඩ වෙන්නේ

සලුත් සලා එන රූසිරි අඟනෝ කුරක්කමේමයි වැනසෙන්නේ

රලුත් ඇතිව කැති මුවත් තනා කටුවළුත් කොටා වපුලයි සොඳනේ

නිලුත් වරළ බැඳ මලුත් ගවසමින් ඇවිත් සිටිති සුරඟන ලෙසිනේ

ගෙඩිත් ලොකුව ඇති රෑන කුරක්කන් දිරාවැටී බිම වැන සෙන්නේ

අලුත් නුවර ළඳ ලියොත් ඇවිත් කවි කියත් බඹරු නද දෙන ලෙසිනේ

අන්නර නාගසෙදොa අන්නර නාගසදෝ අන්නර නාමලදෝ අන්නර සුද පෙනෙනා

අන්නර සපුගසදෝ අන්නර සපුගසදෝ අන්නර සපුමලදෝ අන්නර රත පෙනෙනා

අන්නර උණගසදෝ අන්නර උණගසදෝ අන්නර උණමලදෝ අන්නර රුව දිලෙනා

අන්නර කොණලියදෝ අන්නර කොණලියදෝ අන්නර කොණේ සිටින ලියනම් සොඳිනා

දිග්ගේ දොරකඩ උළුවහු කනුවට ඇත් දත් වලිනුත් වැඩදා ලා

ඒත් මැදින් මැද රුව දිලිසෙන්නට පළිඟු මැණික්ගල් ඔබ්බා ලා

දිග්ගේ දෙපිටම පෑ මැටි ගාලා සියලු සතුන්ගේ රුව ඇඳ ලා

දිග්ගේ නැටුමට හොඳට ඉනන්ගුයි උඩුවියනුත් වට තර ඇද ලා

කලිඟු රටේ නරනිඳුගේ නුවරට සාය වැදුණි එක වරුසෙක දී

පළිඟු මැණික් ගල් බොර සොරකමකට ලොව දිව්රෙව්වයි සොඳ වැර දී

දිළිඳු වෙලා අලි ඇතු දන්දෙන්නට සඳ මහනුවරට වැඩි තැන දී

පොළොව නැටුවෙ වෙස්සන්තර නරනිඳු කුමරුන් දන්දුන් කාලේ දී

පුරාතනේ කප උපතට පළමුව වැසි වැස බඹතල උසට පිරූ

වරා රූපමෙන් බඹා පුරුදුලිය මහා පොළොව ගල අගින් දැරූ

විරාජිතව එහි දෙරණ සිදුරුකර නෙළුම් මලක් පසෙකින් සිව් රූ

පුරාදිපති තුන් ලෝක ස්වාමිනී ඔබගෙ වඳිමි සිරිපා තඹු රූ

පන්කැටියේදී මරුණු ඇතින්නී අව්වට ගෝඹර වේලෙන වා

වෙඩිතුන කාලා ගිය පිම්මේදී රත්රන් මේ මුතු දිලිසෙන වා

තිස්පැය ගිය තැන මැරුණ තැනේදී පැටියා ඇවිදින් කිරි බොන වා

විෂ්ණු සමන් දෙවි නඩු ඇති කාලේ පැටියගෙමෝ දැන් නැඟිටින වා

නමින් පැවත එන රජකාලේ සිට මගෙ ගුරුවරු පද කර කිය නා

වෙමින් පිහිට මට දැනෙනා පමණට සින්දු හයක් පදකර කිය නා

රටින් රටට පාරට්ටු කියන්නට ගණ දෙවිඳුන් මට නුවණ දෙ නා

දෙමින් මෙ පත්ත්රය අස්නෙන් වැඩ සිට වෙල්ලස්සේ උතුමන් අතිනා

එතෙර එදේසෙන් මෙතෙර මෙදේසෙන් පිනිදිය දේ සෙට ගෙනා ගො නා

රිදී ද රත්රන් පටි බැඳලාගන කලියුගේට සරසාපු ගො නා

මොල්ලිය මුදුනෙන් අත්දෙක තබලා යන එන සෙනඟට වැඳපි ගො නා

නුදුටු කෙනෙක්වත් බලන්ට යනවද විෂ්ණු සමන් දෙවියන්ගෙ ගො නා

“මනහර ඌව පළාතේ සැඟවුණ ඓතිහාසික තතු බිඳක්” ලිපිය සැකසීමට අවශ්‍ය කරුණු සොයා ගැනීමේදී විශේෂ සහායක් ලබාදුන් පැපිලියවල – වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාම මහා විහාරාධිපති මල්වත්තේ ධම්මාලංකාර හිමිපාණන්ට ප්‍රණාමය පුදමු.

එස්. අත්තනගොඩ, පැපිලියවල.

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-86485211909097623432016-11-25T11:26:00.003+06:002016-11-25T11:33:21.808+06:00ඌව පුරවර - කවි

භාවනා සීල සිත යට තිබෙන්නා

වාසනාවන්ත කල වැට පෙනෙන්නා

බැදපු කප් රුකක් සුළඟට වැනෙන්නා

මහියංගන කෙතේ බුදු රැස් මඩින්නා

දුම්බර බැද්දේ මඟ සිටලා මැදින් යමු

කඩා පළු වීර කාලා වතුර බොමු

අඬන බිලිදු හට නැවත කිරි පොවමු

මහියංගනේ වැඳලා අඬ අඬා යමු

බදුලු යන්න මහ පාරක් තනන්නා

වතුර බොන්න ගංගාවක් ගලන්නා

කැවිලි කන්න කඩ වීදිය තිබෙන්නා

සාදු සාදු මුතියංගනේ පෙනෙන්නා

වැද්දන් සිටින්නේ සොරබොර වැව ළගින්නේ

සොර බොර වැවට සත් දුවක් ඇත යසින්නේ

නෙළුම් මලින් සොරබොර වැව බබළන්නේ

වැවක් නොවෙයි මුහුදක් ලෙස පෙනෙන්නේ

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-9954359121504108382016-10-09T18:30:00.000+06:002016-10-09T18:30:32.228+06:00රාවණාඇල්ල

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1979 මැයි 18 වෙනිදා අංක 5/261 හා 37 දරණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලදී. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇත. මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1932කි. (අක්කර 4774 කි) ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ජලය සපයන කිරිඳිඔයේ ජලපෝෂක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමේ මූලික අරමුණ ඇතිව ස්ථාපිත කරන ලදී. ග්‍රාම නිලධාරී වසම් 07ක් පුරා ගම්මාන 18ක පමණ ව්‍යාප්ත වී ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මධ්‍යම ප්‍රදේශයේ රාවණාඇල්ල අඩවි ආරක්ෂක කාර්යාලය මගින් පාලනය වේ.

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-63087469574645936922016-06-26T22:30:00.001+06:002016-06-26T22:33:33.849+06:00ඌව පළාත් පුෂ්පය - ගුරුළුරාජ පුෂ්පය

ඌව පළාත් පුෂ්පය ලෙස නම් කර ඇත්තේ ගුරුළුරාජ පුෂ්පයයි. ගුරුළු රාජ ශාකය Rhynchostylis retusa යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වයි. Orchidaceae කුලයට හා Rhynchostylis ඝනයට අයත් වන මෙම ශාකය ඉංග්‍රීසි භාෂාවෙන් 'Foxtail Orchid' හා 'Batticaloa Orchid' යන නාමයෙන්ද හඳුන්වනු ලැබේ.

වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව ආරක්ෂිත පැළෑටියක් වන මෙය Rhynchostylis ඝනයට අයත් ශ්‍රී ලංකාවේ දැකිය හැකි එකම දුර්ලබ උඩවැඩියා ශාක වර්ගයකි.

ඹෟෂධීය ගුණයෙන් යුත් මෙම ශාකය නිවෙස් අලංකාරය සඳහා වවනු දක්නට ලැබේ. නොවැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා මෙහි මල් පිපෙනු දක්නට ලැබේ.

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-4341289233914791852016-06-13T21:27:00.001+06:002016-06-13T21:27:43.791+06:00ඔබට ජය ගැනීමට වෙන කිසි කෙනෙක් පරාජය වෙන්න වුවමනා නැහැ

අපි පුංචි කාලෙම, දුර්ලභ සම්පත් සඳහා තරඟ කරන්නය කියා වැඩිහිටියෝ අපිව ආරෝපණය කරනවා. පන්තියේ පළමු වැනියා වෙන්නය, ක්‍රීඩාවෙන් රන් පදක්කමම ගන්නය කියා අප පොලඹවනවා, අපට බල කරනවා. වඩා හොඳය, වඩා වේගවත්ය කියා හිතන අය සමඟ නිතරම අපිව සන්සන්දනය කරනවා. මේ නිසා අප තුළ දුර්ලභය හිඟය, යන මානසික රාමුවක් ඇති වෙනවා. ලෝකය නිතරම සීමිත සම්පත් ඇති තැනක්ය කියා නිතරම අපි සිතන්න පෙලඹෙනවා. අපි නැත්තම්, ක්‍රීඩා තරගයෙන් දිනුවේ නැත්තම්, අපට ‘ජයග්‍රහණය‘ කියන එක රස බලන්න බැරි වෙනවා. මේ ඔක්කොම වැරදි සිතුවිලි. ඇත්ත සමඟ ඒවායේ කිසිම සම්බන්ධයක් නැහැ. රුමී නමැති දාර්ශනිකයා කියාපු දේකින් මේක හොඳට පැහැදිලි වෙනවා. ‘දිය බිඳුව අතහැර දමන්න, මහා සාගරය බවට පත් වෙන්න!‘.

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-49044845594864756142016-06-09T09:23:00.000+06:002016-06-09T10:12:35.763+06:00අධාර්මික පාලනය ගැන වදාළ දෙසුම......

මහණෙනි යම් කලෙක රජවරු අධාර්මික වෙත්ද,එසමයෙහි රජුට අනුව කටයුතු කරන්නෝද අධාර්මික වෙති.

රජුට අනුව කටයුතු කරන්න් අධාර්මික වූ කල්හි නිගම බ්‍රාහ්මණ ගෘහපතිවරු ද අධාර්මික වෙති.

නිගම බ්‍රාහ්මණ ගෘහපතිවරු අධාර්මික වූ කල්හි නිගම ජනපදවාසීහූ ද අධාර්මික වෙති.

නිගම ජනපදවාසීන් අධාර්මික වූ කල්හී හිරු සඳු දෙදෙන ද විෂමාකාරයෙන් පායයි.

හිරු සඳු දෙදෙන විෂමාකාරයෙන් පායන කල්හී නැකැත් තරු ආදිය ද විෂමාකාරයෙන් පායයි.

නැකැත් තරු ආදිය විෂමාකාරයෙන් පායන කල්හී දිවා රාත්‍රී කාලය ද විෂමාකාරයෙන් ගෙවෙයි.

දිවා රාත්‍රී විෂමාකාරයෙන් පවතින විට මාසය, අඩමස ආදිය විෂමාකාරයෙන් ගෙවෙයි.

මාසය, අඩමස ආදිය විෂමාකාරයෙන් පවතින විට වසරේ ඍතු භේදය ද විෂමාකාරයට පත්වෙයි.

විෂම වූ ඍතු භේදයක් වසර පුරා ඇති කල්හී විෂම අයුරින් සුළං හමයි. නොමගින් සුළං හමයි.

විෂම අයුරින් සුළං හමන කල්හී, නොමගට සුළං හමන කල්හී දෙවියෝ කිපෙති.

දෙවියන් කෝප වූ කල්හි නිසි අයුරින් වැසි දහර නොවසියි.

නිසිඅයුරින් වැසි දහරාව නොවසින කල්හී ගොයම් විෂම අයුරින් පැසෙයි.

මහණෙනි විෂම අයුරින් පැසුණු ගොයමින් ලද ආහාර අනුභව කරන මිනිසුන් අල්ප ආයුෂයෙන් යුතු වෙයි.

දුර්වර්ණ වෙති, දුර්වල වෙති. බොහෝ රෝගාබාධ සහිත වෙයි.

(ගාථා)

* ඒකාන්තයෙන්ම එතෙර වන්නාවූ ගොනුන් අතුරින් ප්‍රධාන ගවයා වක්‍රව යයි නම්,

ඒ ප්‍රධාන ගවයා වක්‍රව ගිය ගල්හී සියළු ගවයෝ වක්‍රව යති.

* එපරිද්දෙන්ම මිනිසුන් අතුරින් යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයිද,

ඉදින් ඒ තැනැත්තා අධර්මයෙහි හැසිරෙයි ද, අවශේෂ ප්‍රජාව ගැන කථා කරන්නට දෙයක් නැත.රජු අධාර්මික වූ කල්හී මුළු රටම දුකට පත්වෙයි.

* ඒකාන්තයෙන්ම එතෙර වන්නාවූ ගොනුන් අතුරින් ප්‍රධාන ගවයා ඍජුව යයි නම්,

ඒ ප්‍රධාන ගවයා ඍජුව ගිය ගල්හී සියළු ගවයෝ ඍජුව යති.

* එපරිද්දෙන්ම මිනිසුන් අතුරින් යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයිද,

ඉදින් ඒ තැනැත්තා ධර්මයෙහි හැසිරෙයි ද, අවශේෂ ප්‍රජාව ගැන කථා කරන්නට දෙයක් නැත.

රජු ධාර්මික වූ කල්හී මුළු රටම සැපයට පත්වෙයි.

(අංගුත්තර නිකාය 2 - චතුක්ක නිපාතය - පත්තකම්ම වර්ගය)

අධාර්මික පාලනය ගැන වදාළ දෙසුම.

අධම්මික සූත්‍රය

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-37516919444774015082016-03-05T00:08:00.002+06:002016-03-05T00:10:17.228+06:00මාලිගාවිල

නිදහස ලැබීමට පෙර ඔක්කම්පිටිය ප්‍රදේශය වනාන්තරතයක්ව පැවතිණි. එය ජනපදයක් වශයෙන් දියුණු වූයේ මෙරටට නිදහස ලැබීමෙන් පසුවය. පැරණි රාජධානියක්ව පැවිති ඔක්කම්පිටියේ මාලිගාවිල බුදුපිළිමය ඇඳවැටී කැබැලි වලට කැඩී තිබිණි. පුරා විද්‍යා දෙපාර්තුමෙන්තුව දැනට එය නගා සිටුවා ඇත. හුණුගලින් නෙලන ලද මාලිගාවිල බුදුපිළිම වහන්සේගේ උස අඩි 35.8‘‘ කි. දඹේගොඩ මෙත් බෝසත් පිළිමය ඒ අසල පිහිටියේය. එයද බිම වැටී කැබැලි වලට පත්ව තිබිණි. දැනට එය පුරා විද්‍යා දේපාර්තුමේන්තුව මගින් නගා සිටුවා ප්‍රකෘතිමත් කර තිබේ. මේ බෝසත් පිළිමයේ උස අඩි 20ක් පමණවේ. දැනට මාලිගාවිල ජනාකීර්ණ ප්රදේශයක්ව ඇත.

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-24090150105994943162016-03-03T22:29:00.000+06:002016-03-03T22:43:07.579+06:00දෙමටමල් විහාරය

ඔක්කම්පිටියේ දෙටමල් විහාරය ඉපැණි පූජනීය ස්ථානයකි. දුටුගැමුණු රජු සමඟ සටන් වැඳුනු සදෑතිස් කුමරු පැරද පලා ගොස් සැඟවුණේ දෙමටමල් වෙහෙර බව ඉතිහාසය කියයි. මෙහි නටබුන්ව පැවැති චෛත්‍යය දැනට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් බැඳ තහවුරු කර ඇත. එහි තුළ පැරණි ශිලාමය යූපස්ථම්භයක් තිබේ. පැරණි සෙල් බුදු පිළිමයක්ද මෙහි තිබේ. එය තැන්පත් කොට දැනට විහාර මන්දිරයක් ඉදිකර ඇත. දෙමටමල් වෙහෙර පඤ්චාවාසයකින් සමන්විත පැවති බව කුඹුර මැද පලින් පළ පිහිටි ගල් කණු පවසයි. දෙමටමල් වෙහෙර වන්දනාකරුවන් බෙහෙවින් පැමිණෙන පුන්‍ය භූමියකි.

Photo Source : www.picture.lk

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-42678882288074047822016-03-03T11:38:00.000+06:002016-03-03T11:42:18.180+06:00රුහුණු වෙල්ලස්සේ අතීත උරුමයේ කැඩපත

"මෙසේ වී යෑයි" අර්ථකථනය කෙරෙන අපේ ඉතිහාසය නොඑසේ නම් අපේ යටගියාව සහ එහි උරුමයන් විමසා බලන්නට පෞරාණික නෂ්ටාවශේෂයන් වෙතින් ලැබෙන පිටුබලය අතිමහත්ය. පුරාවිද්‍යාත්මක සංස්කෘතික හා ආගමික අතින් වැදගත් පොළව මතුපිට දකින්නට ඇති නෂ්ටාවශේෂ බොහොමයකි.

එමෙන්ම වැළලුනු අතීතයක නිහඬ උරුමයන් බඳු පොළවෙන් තවමත් මතුපිටට නොගත්, තවමත් කැණීම් තුළින් මතුකර නොගත් ඉතිහාසය අතිවිශාල පරාසයක් පුරා පැතිර යන්නකි.

මේ සියල්ල අපේ අතීතයයි. නොඑසේ නම් උරුමයයි. තවත් ලෙසකින් පවසතොත් අපේ සැබෑ ඉතිහාසයයි.

වසර සිය දහස් ගණනක් ඉපැරණි පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මතුකරගත් මෙවන් නෂ්ටාවශේෂ ඉපැරණි රජ රට සේම රුහුණු වෙල්ලස්සේද ඕනෑ තරම් දකින්නට තිබේ. පහළ ඌවේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ආඩම්බරයෙන් නොඑසේ නම් හෘදයාංගමව කතා කරන්නට උදව් දෙන මෙම පුරාවස්තු රැස්කොට සංරක්ෂණය කරන කෞතුකාගාර ජාතිය හා මතු පරපුර වෙනුවෙන් ඉටුකරනු ලබන කාර්යභාරය සුළු පටු නැත.

යාපනේ විනෝද සවාරි යන්නන් නල්ලූර් කෝවිලට ගොස් තිලක තබා නාගදීපයේ බෝට්ටු සවාරියක් ගොස් තල් හකුරු සහ මිදි රැගෙන ආවත් යාපනයේ උරුමය වන නල්ලුර්හි ආරුමුග නාවලර්තුමන්ගේ උපන්ගමට කීර්තියක් අත්කරදුන් කෞතුකාගාරය දැක එදා උරුමය අත්විඳින කිසිවෙකු නැතැයි කිසියම් ලේඛකයකු විසින් පවසා තිබුණා අපට මතකය.

එම වදන්වල සැබෑව යළිත් වරක් අපට පසක් වූයේ "දිවයින ඉරිදා සංග්‍රහය වෙනුවෙන් පහළ ඌවේ ඓතිහාසික උරුමය ගබඩා කරගත් කෞතුකාගාරය දැක්මට යැමෙන් ඉක්බිතිවය.

පහළ ඌව පුරුවිද්‍යා කෞතුකාගාරයේ රාජකාරියෙහි නිරතව සිටින ජානක නාමල් වීරසේකර මහතා අප හා පැවැසුවේ බුදුරුවගල සෙල්පිළිම නරඹන්නට යන පිරිස් කෞතුකාගාරය අසලින් යනවා මිස එය නැරඹීමට නොඑන බවය.

පාසල් දරුවන්ට රුහුණු වෙල්ලස්සේ උරුමය මෙන්ම අපේ අදීන වූ ඉතිහාසය ඉගෙන ගන්නට මෙතන ඉතාම කදිම තෝතැන්නක්. ඒත් ගුරුවරුන් දරුවන් මේ කෙරෙහි යොමුවන බවක් නැහැ. මෙයින් ප්‍රයෝජන නොගැනීම බරපලතළ පාඩුවක්. ඔහු පවසා සිටියේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ඌව පළාතේ එවකට ප්‍රධාන අමාත්‍යවරයාව සිටි ගාමිණී විජිත් විජයමුනි සොයිසා සහ එවකට ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන අමාත්‍යවරයාව සිටි ඒ. පී. ජගත් පුෂ්පකුමාර යන මහතුන්ගේ ආරාධනයෙන් එවකට සංස්කෘතික අමාත්‍යවරයාව සිටි මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් 2006 වසරේ ජුලි මස 23 වැනි දින මෙම කෞතුකාගාරය පිහිටුවා ජනතා අයිතියට පැවරීම සත්‍ය වශයෙන්ම ඉතිහාසය හදාරන්නන්ට දැක්වූ ගෞරවයක් යෑයි අපට සිතෙනුයේ එම කෞතුකාගාරය තුළ තැම්පත් කර ඇති අවශේෂයන් මැනවින් විමසා බලන කලය.

වැල්ලවාය තිස්ස මාර්ගයේ කිලෝමීටර් 4 ක් පමණ ගිය කළ බුදුරුවගල විදුහල අසලින් දකුණුපසට හැරීගොස් එපමණම දුරක් ගෙවූ කළ හමුවන බුදුරුවගල සෙල්පිළිම මෙන්ම එම ග්‍රාම නාමය කේන්ද්‍රකොටගෙන පිහිටුවා ඇති පහළ ඌව පුරාවිද්‍යා කෞතුකාගාරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළාවූ වගකීම් සපුරාලීමකැයි අපට සිතේ. ඒ වගකීම නියත වශයෙන්ම ජාතික වගකීමක්ද වේ.

දුටුගැමුණු සද්ධාතිස්ස දෙසෝයුරන් අතර සටන් ඇවිලුනේ යෑයි පැවසෙන ඓතිහාසික ගුන්ථහාල හෙවත් වත්මන් බුත්තලට නුදුරින් පිහිටි යුදගනා චෛත්‍යය අසල පුරාවිද්‍යා කැණීම්වලින් හමුවූ අවශේෂ රැසක් මෙහිදී දැකගන්නට හැකිය. ඒවා අතර ලෝකඩ කොත්. ලෝකඩ බුදුපිළිම, මෙන්ම යුදගනා සෑයට නුදුරු චූලාංගනී පුරාවිද්‍යා ස්ථානයෙන් හමුවූ මැටියෙන් නිර්මිත කොතක්ද මෙහි තබා ඇත.

මෙහිදී දක්නට ලැබෙන එකල පැළඳුවේ යෑයි සැලකෙන ආභරණවල අවශේෂ සේ සැළකෙන පබලු, බුත්තල පටානගර කැණිම්වලින් හමුවී යෑයි විශ්වාස කෙරේ. මෙහිදී දක්නට ඇති බ්‍රහ්ම දේවරූපය මෙන්ම ශාන්තිකර්ම සඳහා භාවිතා කළ පූජා භාණ්ඩ හමුවී ඇත්තේ 1978 වර්ෂයේදී මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සිදුකළ කැණීම්වලිනි.

තිස්ස කුමරුන් සිය සහෝදරයාට බියෙන් පලාවිත් භික්ෂූන්ගේ ඇඳක් යට සැඟවුණේ යෑයි ඉතිහාසය කියන දෙමටමල් විහාරය ආශ්‍රිතව 1983 වසරේදී සිදු කළ කැණීම්වලින් හමුවූ ත්රීශූලයක් දරාගත් දේව ප්‍රතිමාව, ලෝකඩ ප්‍රතිමාව, ලෝකඩ පහන්, හක්ගෙඩිය ආදිය සෙසු අවශේෂ අතර වෙසෙස් තැනක් උසුලයි. එසේම 1987 වසරේදී දෙමට මල් වෙහෙරේ බෝධි මාලකයේ කැණිම්වලින් හමුවූ පුරාවස්තු, බ්‍රහ්ම සංකල්පය නිරූපිත ඉබ්බාගේ මූර්තිය, පහන් දෙක සහ ලෝකඩ තහඩු මෙන්ම බුත්තල යටියල්ලාතොට පඨානගරයේ කැණිම්වලින්ද යකඩ ඇණ, යඩක වළලු, යකඩ නළ සේම මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට අයත් පිත්තල බුද්ධ ප්‍රතිමාව සුවිශේෂී අගයකින් යුක්තය.

මෙහි දක්නට ලැබෙන කුඩා ප්‍රමාණයේ ලෝකඩ බුද්ධ ප්‍රතිමා 30 ක් හමුවී ඇත්තේ ඇඹිලිපිටියේ කොළොන්නට නුදුරු හෙළ උඩකන්ද ප්‍රදේශයෙනි.

එසේම මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමා සහිත රාමුවක් මෙහි දක්නට ඇත.

ශ්‍රී ලංකාවේ මුදල් ගනුදෙනුවේ විකාශය සේම කාසි භාවිතය පිළිබඳ තතු සේම අවශේෂ අඩංගු අපශයක් තුළින් කාසි පිළිබඳ උනන්දුවන පිරිසගේ දැනුම වඩවන්නේ යෑයි කීවොත් එය නිබොරුය. මුදල් ලෙස අතීතයේ පබලු, බෙල්ලන්, සිප්පිකටු, ආභරණ, ලෝහ කැබලි, ලෝහ පතුරු, රන් රිදී සේම තඹ මෙන්ම විවිධ සංකේත සටහන් කළ ක්‍රිස්තු පූර්ව 3- 1 ශත වර්ෂවලට අයත් අවශේෂයන් පිළිබඳ මෙහිදී අවබෝධයක් ලද හැකිවෙයි. එසේම කාසිවලට වෙන්වූ කොටසෙහි ප්‍රදර්ශනයට තබා ඇති ස්වස්තික කාසි, ලක්ෂමී කාසි 3 - 4 වැනි සියවස්වලට අයත් සිංහ, වෘෂභ කාසි. කහවනුව, අඩකහවනුව, දෙඅත, අක, අඩමස්ස, සේතුකාසි, (ක්‍රි. ව. 5 - 14) පෘතුගීසි කාසි,

17 වැනි සියවසට අයත්) දහහත්වැනි සියවසට අයත් ලංදේසි කාසි සහ නෝට්ටු දහඅට වැනි සියවසේ ඉංග්‍රීසි කාසි 3 - 1 සියවස්වලට අයත් හස්එබූ කාසි ලංදේසි හා ඉංග්‍රීසි කාසි වර්ග, සත බාගය, ලීලාවති රැජණිගේ කාසි තුට්ටු එකේ කාසිය, තුට්ටු බාගය, පාර්දින් බාගය, සහස්සමල්ල රජුගේ කාසිය, තුට්ටු කාල, බ්රිවැනියාර් එකේ කාසිය, පාර්දීන් කාල සහ සත දෙකේ කාසිය, දෝඩහංග දේවරජුගේ කාසි අතර සුවිශේෂී වෙයි.

මිශ්‍ර ලෝහයෙන් තැණුනු ද්විභංග පාර්වතී ප්‍රතිමාව කදිමය. කලාත්මයකය.

මෙහි කතරගම පූජා භූමියෙන් ලැබුණු පිත්තලෙන් නිම කළ පොල් තෙල් පහනක්ද වේ. එසේම මිශ්‍ර ලෝහයෙන් තනා ඇති ඉලත්තට්ටුවක්ද මෙහි දක්නා ලැබේ.

සෙසු අවශේෂයන් අතරින් කැපී පෙනෙන ශිවභක්තික කාන්තාව, සරස්වතී ප්‍රතිමාව, බුත්තල චූලාංගනීසෑය අසලින් ලැබුණු ගඩොල් ලීස්තර, වා කවුලු සඳහා යොදාගත් ගඩොල්, කලාත්මක ගඩොල්, බොරදම් සහිත ගඩොල්, විවිධ සටහන් සහිත ගඩොල්, පෙති උළු, මුදුන් උළු කැට, අක්ෂර සහිත ගඩොල්, උළු ඇණ, මැටි ජල නල මේවා හමු වී ඇත්තේ මොණරාගල ගලබැද්ද බිසෝකොටුව අසළිනි. මේවා එහි පාවිච්චියට ගන්නා ලද්දේ යෑයි සැලකේ. චීන හා මැටි බඳුන්, මාතොට පැරැණි වරාය කැණීමෙන් හමුවූ හංසරූප සහිත මැටි පුවරු ඌව පළාතේ ඉපැරණි පුණ්‍ය භූමියක්වූ මාලිගාවිලින් සොයා ගත් මුරගල් නරඹන දකින විමසන සැමගේ ඥානය පුළුල් කරන සුළුය.

මෙම අනාගත උරුමයෙන් දැනුම් ගබඩාවෙන් දැනුම පෙරා ගැනීම ජනතා වගේ මෙන්ම සිසු පරපුරේ අපේක්ෂාවන් විය යුතුය.

වැල්ලවාය-දඹේගොඩ ජිනදාස

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com1tag:blogger.com,1999:blog-611019849716439688.post-64093781489938185452016-02-09T14:36:00.002+06:002016-02-09T14:36:36.351+06:00වාෂ්ප දුම්රිය වසර 15කට පසු උඩරටට යයි

ලෝකයේ රටවල් 10 ක ඡායාරූප ශිල්පීන් 41 දෙනෙකුගේ සමන්විතව පසුගිය (01 දා) කොළඹ කොටුවෙන් ගමන් ආරම්භකළ වාෂ්ප දුම්රියේ දින 7ක චාරිකාව අද (07දා) අවසන් කෙරිණි.

ජර්මනිය,ස්විස්ටර්ලන්තය, බෙල්ජියම,ස්කොට්ලන්තය , එංගලන්තය, ජපානය , නෙදර්ලන්තය , ප්‍රංශය ,කැනඩාව , ඔස්ට්‍රියාව යන රටවල සංචාරකයෝමෙම සංචාරක කණ්ඩායමට ඇතුළත් වූහ.

වාෂ්ප බලයෙන් මෙම දුම්රිය ධාවනය වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ මෙම දුම්රිය ධාවනය වූයේ වසර 15 කට පසුව බව දුම්රිය නියාමක බී.එස්.එච්.ඒ. රාජපක්ෂ මහතා පැවසීය.

පේරාදෙණිය - බදුල්ල දුම්රිය දිස්ත්‍රික් ප්‍රධාන දුම්රිය මාර්ග පරීක්ෂක ආනන්ද කරුණාරත්න මහතාගේ අධික්ෂණය මත සාමාන්‍ය දුම්රිය ධාවනයට බාධාවක් නොවන අයුරින් මෙම දුම්රිය ධාවනය විය.

දුම්රිය මග දෙපස විශාල පිරිසක් මෙම දුම්රිය දැක බලා ගැනීමට රැස්ව සිටියහ.

( පාලිත ආරියවංශ ) 2016-02-07

www.ada.lk

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0tag:blogger.com,1999:blog-611019849716439688.post-18843225554887929452016-02-02T11:42:00.001+06:002016-02-02T11:50:40.311+06:00වෙල්ලස්සේ විමුක්ති සටනේදී ඌවෙන් ලැබුණු දායකත්වය

පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසීන් විසින් ගොඩනැඟූ යටත් විජිතවාදයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව ද පත්විය. එහිලා භූගෝලීය පරිස්ථිතිය ද ප්‍රබල හේතුවක් විය. උතුරු ඉන්දියාවේ හිමාල කඳුවැටිය උතුරු ආසියානු ආක්රමණවලට අවතරණ බාධකයක් වූ අතර මධ්‍ය ඉන්දියාවේ වින්ධ්‍යා කඳුවැටිය ද දක්ෂිණාපථයේ චෝල අධිරාජ්‍යවාදීන්ට උතුරු ඉන්දියාව යටත් කිරීමේ අවතරණ බාධකය ද විය. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වීමෙන් සුබවාදී වාස්තවික තත්ත්වයන් ඇතිවූවා සේ ම අසුබවාදී වාස්තවික තත්ත්වය ද ලංකා ඉතිහාසය පුරාම ඇතිවිය.

සමුද්රාධිපත්යය ලැබූ අපරදිග පාලකයන්ගේ අධිරාජ්‍යවාදී විජිත ග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකාව බටහිර අධිරාජ්‍යවාදයේ ගොදුරක් විය. එය භෞතික වූ සාධකයකි.

ඉංග්‍රීසි පාලනය මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වීමෙන් පසු ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණ ද උඩරටට එල්ල වී මාතෘ භූමියම ඔවුන්ගේ ග්‍රහණයට නතු විය. 1818 විමුක්ති අරගලය කැරැල්ලක් ලෙසින් අර්ථකථනය කිරීම සාවද්‍ය වුවකි. එය සැබෑ විමුක්ති අරගලයකි.

”1815 දී ආරම්භ වූ උඩරට ඉංග්‍රීසි පාලනය බිඳ දමා ස්වදේශිකයන්ගේ රජයක් පිහිටුවීමේ අදහසින් 1818 ඔක්තෝම්බර් මස අරඹා ගෙන යන ලද්දා වූ මුළු උඩරට ප්‍රදේශය පුරාම වාගේ ව්‍යාප්ත වී ගිය මහා සිංහල පෙරළිය උඩරට කැරැල්ල නමින් හැඳින් වේ. ප්‍රතිෂ්ඨාපිත රජයකට විරුද්ධව ගෙන යන ලද යුද්ධ ව්‍යාපාරයක් නිසා ”කැරැල්ල” නමින් හංවඩු ගැසුන එය ඇත්ත වශයෙන් ම සිංහලේ ප්‍රථම නිදහස් සටන නොවී දැයි යන්න ඉතිහාසඥයන් බොහෝ දෙනකු නඟන ප්රශ්නයකි.

(සිංහල විශ්වකෝෂය, iv කාණ්ඩය, 392 පිටුව, මාලනී පී. ගමගේ මහත්මිය.)

උඩරට ගිවිසුමට බලපෑ හේතු

1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට හේතු වූයේ නායක්කර් වංශිකයන්ගේ දූෂිත පාලනයයි.

1815 ඉංග්‍රීසීන් උඩරටට පා තබන විට ඔල්වරසන් දී පිළිගත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රජා පීඩාකාරී පාලනයට නතු වූ උඩුනුවර, යටිනුවර, සබරගමු ප්‍රදේශවාසීන් පමණි.

”උඩරට සිංහල ජනතාව දූෂිතවූ ක්‍රෑර පාලනය නිසා සිංහල කිරුළ දරා සිටිමේ අයිතිය නැතිකරගත් සේ තමන් සැලකූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් රජ පදවියෙන් පහ කිරීමේ කාර්යය සඳහා ඉංග්‍රීසීන්ට තම සහාය දුන්නා විනා උඩරට ස්වාධීන රාජධානිය, රාජ්‍යත්වය හෝ පාලන පද්ධතියක් ඉංග්‍රීසීන්ගෙන් ලබා ගැනීමට සිතා ඔවුන් හා එක් නොවූහ.” (සිංහල විශ්වකෝෂය iv කාණ්ඩය, 393 පිටුව, මාලනී පී. ගමගේ මහත්මිය.)

”උඩරට ජනතාව ඔවුන්ගේ පර පීඩනයන්ගෙන් මුදවා ගැනීම සඳහා ද අවසන් වශයෙන් පරම්පරා තුනක් දේශව්‍යාප්ත ප්‍රජා පීඩනයක් ගෙන ගිය මලබාර් ආධිපත්‍යය වෙනස්කරලීම සඳහා ද තමන් යටතේ තබා ඇති බලසම්පන්න යුද ආම්පන්න යෙදීමට උතුමාණන් වහන්සේ තීරණය කර ඇත්තාහ” යි ද කියවේ.

(සිංහල විශ්වකෝෂය iv කාණ්ඩය, 393 පිටුව, මාලනී පී. ගමගේ මහත්මිය.)

”උඩරට ජනතාව විෂයෙහි නායක්කර් වංශිකයන් දැක්වූ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ද අමානුෂික විය. රොබට් නොක්ස් මහතාගේ ”එදා හෙළදිව” කෘතිය පෙන්නුම් කරන දරුණු දඬුවම් ක්‍රම 1815 වන විට ද සිංහල රාජ්‍ය තුළ විය. එම දරුණු දඬුවම් ක්‍රම ද රාජ්‍ය විරෝධී ගිවිසුම්වලට හේතු වූ කරුණක් විය හැකිය.

උඩරට රාජ්‍යයට එරෙහිව ගිවිසුම අත්සන් කළේ ජාතියේ අයිතීන් දිනා ගැනීමටය. එහෙත් 1815 ගිවිසුම නොබෝ දිනකින් ඉංග්‍රීසීහු කඩ කළහ. හෙන්රි මාෂල් දක්වන පරිදි

”දැන් නුඹලා රජු සිහසුනෙන් පහ කර අවසානය. නුඹලාගෙන් අපට කිසිවක් ඕනෑ නැත. එහෙයින් දැන් යන්නට හොඳයි” උඩරට හැරදමා ඉංග්‍රීසීන් මුහුදුකරයට යන්නේ කවදා දැයි විමසූ ඇතැම් සිංහලයෝ පැවසූහ.” යන්නෙන් සිංහල විශ්වකෝෂය සඳහන් කරයි.

උඩරට ජනතාවගේ ඉංග්‍රීසි විරෝධී විමුක්ති සටනට බලපෑ හේතු

i. දිගු කලක් දිවි දෙවැනි කොට ආරක්ෂා කළ ස්වාධීනත්වය නැතිවීම.

ii. ප්‍රජා පීඩක හිංසාවාදී පාලනයක් ඇති වීම.

iii. ජාතික ආගමික චාරිත්‍ර වටා ගොනු වී තිබුණු සමාජ ආර්ථික රටාවන්ට හානි පැමිණිම යන මුඛ්‍ය හේතූන් විමුක්ති සටනට ගොඩනැඟුණු සාධකයන්ය.

1815 උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන්ට යටත් වූයේ උඩරට වැසියන්ගේ හෝ රදළයන්ගේ කැමැත්තෙන් නොවේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පීඩාකාර පාලනයෙන් මිදීමට ඉංග්‍රීසීන්ගේ සහාය පැතුවා විනා රාජ්‍ය ස්වාමීත්වය ලබා දීමට උඩරට වැසියන් කැමැති නොවූහ. නායක්කර් වංශිකයන්ගේ ප්‍රජා පීඩාකාරී නීතිරීතිවල බිහිසුණු බව ඇහැළේපොල කුමාරිහාමිට වංගෙඩියේ දා දරුවන් කෙටීමට නියම කිරීමෙන් පැහැදිලි වෙයි.

බුදු සමය හා සිංහල චාරිත්‍රත් කඩ නොකොට පවත්වා ගෙන යැම ඇතුළු ගිවිසුමට උඩරට නායකයන් අත්සන් කළ ද ඉංග්‍රීසීන් විසින් ගිවිසුම කඩ කරනු ලැබීය. බුද්ධාගම හා රදළ ප්‍රධානීන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුපුරුදු පරිදි 1815 ගිsවිසුමෙන් ආරක්ෂා කිරීමට පොරොන්දු වුවද අන්‍ය ලබ්ධික ඉංග්‍රීසීන්ට බුදු සමය හා ඒ හා බැඳුණු සංස්කෘතික සමාජ රටාව පිළිබඳ අවබෝධයක් නොමැති විය. ගිවිසුමට පෙර එසවූ ඉංග්‍රීසි කොඩිය ඇදදමා පෑගූ වාරියපොළ සුමංගල හිමියන්ගේ වීර ක්‍රියාවලියෙන් විජාතික පාලනය ඇති වීමටත් පෙර ජාතිය සතු ප්රතිවිරෝධය සංකේතවත් විය.

ශාසනයේ ආරක්ෂාව හා භාරකාරත්වය පිළිබඳව පැවැති රාජ්‍ය උරුමය අන්‍ය ලබ්ධික පාලනයෙන් වෙනස් වීම ද උඩරට ජනතාවගේ රාජ්‍ය විරෝධීභාවයට හේතු විය. බ්‍රිතාන්‍යයන් පන්නා දමා සිංහල රජෙකු පත් කිරීමට වරම් යදිමින් බින්තැන්නේ සහ කතරගම දේවාලවලට පුද පඬුරු යෑවීම ගැන 1816 උඩගබඩා නිලමේ වූ මඩුගල්ලට විරුද්ධව චෝදනා නගා නඩු විභාගයෙන් වරදකරු කොට යාපනයේ සිර අඩස්සියේ තබන ලදී. රදළවරුන්ට තිබුණ විශේෂ පිළිගැනීම නැතිවීමද, භික්ෂුන් වහන්සේට නිගරු කිරීම ද, පිදිය යුත්තන් පිදීමේ සමාජ සම්ප්රදාය උල්ලංඝනය කිරීම ද, ඉංග්‍රීසී විරෝධි ආකල්පය ප්‍රචලිත වීමට හේතු විය. සිංහලයන් පිළිකුල් කළ හරක් මැරීම, විහාර දේපොළ මංකොල්ලකෑම, සොරකම් කිරීම වැනි ප්‍රචලිත නොවූ දුරාචාරයන්ට ඉංග්‍රීසීන් හා ගැති කණ්ඩායම්වල සහාය ලැබීම ද විමුක්තිකාමී හෘදයස්පන්දනය වේගවත් කිරීමට හේතු විය.

අදිකාරම් දිසාව, මඩිහේ ලේකම් යන තනතුරු සියල්ල රදළ වංශික පවුල්වල අයට සීමා වී තිබිණි. තවලම් හිමිකරුවන් වූ මුස්ලිම්වරුන් ප්‍රවාහන කටයුතු මුහුදුබඩ ප්‍රදේශයේ සිටම සිදු කළේය. ඒවා පාලනය කළේ සිංහල ප්‍රධානීන් ය. ඔවුන්ට තෑගි භාණ්ඩ හා බදු මුදල් ද ලැබිණි. මුස්ලිම් සිංහල භේදය ඇති කළ ඉංග්‍රීසීන් මුස්ලිම්වරුන්ගේ පක්ෂපාතීභාවය ඔවුන් වෙත යොමු කරවා ගනු ලැබීය. ඉංග්‍රිසීන් යටතේ මුස්ලිම් පෙරහැරක් පැවැත්වූ අවස්ථාවේද ඉංග්‍රීසීන්ගේ වරප්‍රසාද ලැබීය. මෙහිදී බෞද්ධ භික්ෂුවකට හිරිහැර කළ අතර ඉංග්‍රීසීන් කෙරෙහි සිංහලයන්ගේ අප්‍රසාද විය. මුස්ලිම්වරුන් ගැන සඳහන් කළ ඉංග්‍රීසි පාලකයන් ”ඔවුන් අපේ ම ජන කොටසක් සේ සැලකිය හැකි බැවින් මේ ප්‍රදේශයට යුද හමුදා සේනාංකයක් අවශ්‍ය නැතැයි මටසිතේ” යනුවෙන් වෙල්ලස්ස ප්‍රදේශය සම්බන්ධයෙන් මේජර් හාඩ් ආණ්ඩුකාරවරයාට ලියා යවා ඇත. වෙල්ලස්සේ මඩිහේ ලේකම් ධුරය ඉංග්රීසිහු හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් ජාතිකයාට පැවරිණි. සිංහල රදළ පවුල්වලට අයත් මෙම ධුරය අන්‍ය ආගම් ලබ්ධිකයකුට පැවරීම නිසා ඌවේ ජනතාව වඩාත් කුපිත වූහ.

උඩරට පාලන ක්‍රමය වෙනස් කළ නොහැකි ලෙස රාජාණ්ඩුවට හා සම්බන්ධ වී තිබිණි. නිතර දෙවේලේ දකින රජෙකුට සිංහලයන් පුරුදු වී සිටියේය. කිසිදින නොදකින රාජ්‍යත්වයක් අපේක්ෂා නොකළේය. ඉංග්‍රිසීන් උඩරට පදිංචිවීම ද අපේක්ෂා නොකළේය. ගිවිසුමේ 04 වැනි වගන්තියෙන් ප්‍රධානීන්ගේ වරප්‍රසාද හා බලතල 12 වැනි වගන්තියෙන් ඛණ්ඩනය වන ආකාරයක් දිස්විය.

”බුද්ධ ශාසනය හා දේවාලගමද කඩකළ නොහැකිව පවත්වන්ඩ ඕනෑය යන එහි කටයුතු ද සංඝයා ද විහාරස්ථාන ද දේවාල ද පවත්වන්ඩ ඕනෑය” යනුවෙන් සඳහන් ගිවිසුමේ 05 වගන්තිය ඛණ්ඩනය කළේය. ඉංග්‍රීසීහු මහනුවර සෙමනේරියක් ඇරඹීමට ක්‍රියා කිරීම එක් නිදසුනකි. ඉවැන්ජලිකන්වාදීහු ක්‍රිස්තියානි ආගම උඩරට ව්‍යාප්ත කිරීමට ද ක්‍රියා කළේය.

ගිවිසුම අත්සන් කළ ද දේශයේ අනන්‍යතාවය උල්ලංඝනය වීම පිළිබඳ ජනතාවගේත්, භික්ෂුන් වහන්සේගේත් නොසතුට පළ වූ බව වාර්තා වේ.

සෙංකඩගල සිට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් බලා ගමන් කළ යතිවරයන් වහන්සේ නමකගේ පහත සඳහන් ප්‍රකාශයෙන් සිංහලයන්ගේ අසරණබව කොතෙක් දැයි පැහැදිලි වේ.

”අනේ කූඹියනේ

තොපටත් රජෙක් ඉන්නේ

අපට නෑ ඉන්නේ

ඒ නිසාවෙන් අප තැවෙන්නේ

රජෙක් ලැබුනෝතින්

කොඩි සේසත් නගන්නේ

බෙර හසුරුවන්නේ

සාදු නාදෙන් ගිඟුම් දෙන්නේ

ජාතික ස්වාධීනත්වය පිළිබඳ නිජබිමක් වූ ඌවේ සටන් ව්‍යාපාරය ඉහත කී කරුණ නිසා සමාරම්භ විය.

වෙල්ලස්සට ලැබුණු රාජ්‍ය සම්මානය

ඌව වෙල්ලස්සේ අනභිභවනීය සටන්කාමීහු සිටියහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී කරන ලද යුද්ධාභ්‍යාස පෙළපාලියකදී ලංකාවේ අග්‍රේෂ්වර ධනුර්ධර්යා වශයෙන් ජය ගත්තේ වෙල්ලස්සේ වැසියෙකු බව එක් ජනකතාවක සඳහන් වේ. ඔහුගෙන් පැවතෙන්නෝ අදත් දුනුකාර මුදියන්සේලා නමින් වෙල්ලස්සේ ගම් කීපයක පදිංචිව සිටිති.

(රසවාහිනිය, 1917 ii මාර්තු 09 කලාපය, 11 පිටුව)

විමුක්ති අරගලයේ ඇරඹුම

උඩරට රජ කළ නායක්කර් වංශයෙන් පැවැත එන අයෙකු කියන සැකකටයුතු අමුත්තෙකු වෙල්ලස්සට ආසන්න ඌවේ ගිනිකොන පෙදෙසේ දී උඩරට සංඝයා වහන්සේ කීපනමක් ද සමඟ දක්නට ලැබුණු බව ඌවේ දිසාපති පදවිය දැරූ විල්සන්ට දැන ගන්නට ලැබිණි. විල්සන් විසින් එම තොරතුරු උඩරට පෙදෙසේ පරිපාලන භාරව සිටි ප්‍රධානියා වූ ජෝන් ඩොයිලි වෙත ක්‍රි. ව. 1817 සැප්තැම්බර් 11 වැනි දින දක්වන ලදී. ඌවේ කැරැල්ල සම්බන්ධයෙන් ලැබුණ පළමුවන තොරතුර මෙය විය.

(ඌව වංශකථා II, 215 පිටුව)

මේ අනුව අමුත්තා අල්ලා ගැනීමේ කාර්ය හ-ජි මුහන්දිරම්ට පැවරුණු අතර ඒ අතර අමුත්තා කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට ඊතල රැගත් වැද්දන්ගෙන් යුත් හමුදාවක් සමඟ ඌවට ඇතුළු වී වෙල්ලස්ස හා බින්තැන්න දෙසට ගිය බව ආරංචි වූ හ-ජි මුහන්දිරම් හා මුස්ලිම්වරු කීපදෙනෙකුගෙන්යුත් හමුදාවක් ඔහු සමඟ ලුහුබැඳ ගියබවත් වෙල්ලස්සේ පින්නවැල්ලේදී ආයුධ රැගත් පිරිසක් විසින් හතරදෙනකු අල්ලා ගත් බවත් ඌව වංශකථාව පෙන්වා දෙයි. එසේ වුවද බූටෑවේ රටේ රාළට හ-ජි අල්ලා ගන්නට හැකි විය. හ-ජි දෙයියෝ නමින් හැඳින විල්බාවේ හෙවත් දොරේසාමි නමැති සිහසුනට උරුම කී අය කරා යෑවීම නිසා විල්සන් කලබලයට පත් විය.

මේජර් ජනරාල් ඩග්ලස් සිල්වෙස්ටර් විල්සන්

මේජර් ජනරාල් ඩග්ලස් සිල්වෙස්ටර් විල්සන් උඩරට රාජ්‍යයට අයත් ඌව ප්‍රදේශය මහනුවර රාජ්‍ය සමඟ දැඩි සබඳතා පැවැත්වීමට භෞතික පරිසරයෙන් බාධා ගෙන දුන්නද උඩරට රාජ්‍ය නායකයන් පැමිණ නවාතැන් ගත් ස්ථානය වූ වර්තමාන කැප්පෙටිපොල ගවරම්මානයේ පිහිටි ප්‍රාදේශීය රාජ්‍ය මධ්‍යස්ථානයේ පදිංචියට පැමිණියේය. විල්සන් බංගලාව නමින් පසු කළ ප්‍රචලිත විය. ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසුව මෙකී මධ්‍යස්ථානය ඌවේ දිසාපති හැටියට පත්ව ආ විල්සන් නමැති අයගේ බල මධ්‍යස්ථානය විය. කැප්පෙටිපොළ බලකොටුව වර්තමානයේදී ද පවතින අතර අසුන් රැඳවූද, සේනාව සංවිධානය කළා වූද, මධ්‍යස්ථානය ලෙස මෙම බලකොටුව වැදගත් විය. ගවරම්මාන විල්සන් බංගලාවේ සිටි විල්සන් කැප්පෙටිපොල කොටුවේ සේනා සංවිධානයේ සිටි ඉංග්‍රිසීන්ගේ අශ්ව සේනාව කැටුව කෙටේරවෙලට පැමිණි බව සඳහන් වේ. ඔක්තෝබර් 14 දින වෙල්ලස්ස බලා පිටත් වූවේ හ-ජි බේරා ගැනීම සඳහා ය. පින්නවැල්ලට එන විට ඔහුට මුස්ලිම්වරු කීපදෙනෙකු පමණක් දක්නට ලැබිණි. විල්බාවේ සමග සෙසු පිරිස් ගෙවල් හැරදමා ගොස් තිබිණි. හිරබාරයට ගත් හ-ජිද බින්තැන්නට ගෙන ගිය බව විල්සන්ට දැන ගන්න ලැබිණි.

මල්හෑවගමට අයත් මීගහපිටියේ රටේ රාල ජාතිවාත්සල්‍යයෙන් ඔද වැඩුණු දේශප්‍රේමී නායකයෙකි. මේජර් ජනරාල් ඩග්ලස් සිල්වෙස්ටර් විල්සන් කොටේරවෙලට එන බව දැන ගත් මීගහපිටියේ රටේ රාල පිරිස කැටුව පැමිණ ඊ සැරයක් යෑවූ බව ද එමගින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ද සඳහන් වේ.

(ඩී. පී. වික්‍රමසිංහ මහතා, රසවාහිනිය. 1967 මාර්තු ii කාණ්ඩය, 9 කලාපය 12 පිටුව)

බූටෑවේ රටේ රාළ

බූටෑවේ රටේ රාළ මේ වන විට විමුක්ති අරගලය මෙහෙය වූ ප්‍රබල නායකයකු විය. බූටෑවේ රටේ රාළගේ නම ඇසූ පමණින් ඌවේ සිංහලයන් යුද පෙරමුණට ආ බව කියවේ. 1818 අප්‍රේල් 18 ඉංග්‍රීසි හමුදාවේ සිටි මැලේ භට පිරිසක් සිංහලයන්ට පක්ෂපාතී කර ගැනීමට පවා උත්සාහ ගත්තේය. එය සිංහලයන්ගේ උගුලක් බව රොබට් බ්රවුන්රිග්ගේ මතයයි. පස්සර ටිකිරි මල්ලියාගේ සාක්ෂියේදී බූටෑවේ රටේ රාළගේ නම කීප වාරයක් සඳහන් විය. රාජ ප්‍රතිරූපකයා ඉතාමත් ළඟින් කටයුතු කරමින් ඌවේ කැරැල්ල ඇවිලීමට ක්‍රියා කළේය. බූටෑවේ රටේ රාළගේ නිවසට විල්සන් යන විට ඔහුට දක්නට ලැබුණේ ඊතල රැගත් දෙසීයක් රැකවල්ලා සිටි බවයි.

”විල්සන් විසින් ඔවුන් සිය පක්ෂයට හරවා ගන්න ප්රයත්න දැරූ නමුත් බූටෑවේ රටේ රාළගේ පිළිතුර වූයේ විල්සන් සමඟ මිතුරෙකුගේ මට්ටමින් සාකච්ඡා කිරීමට කිසිසේත්ම නැති බවත් සතුරෙකු වශයෙන් මුහුණ දීමට කිසිම බියක් නැති බවත් ය. ඒ අනුව විල්සන්ගේ පිරිස විසින් ඔවුන්ට පහර දීමෙන් පසුව ඔවුහු විසිර ගියහ. එතැනින් ඉදිරියට ගිය විල්සන් 16 දින කොටේරවෙලට ළඟා වෙද්දී එහිද දුණු ඊතල රැගත් හයසීයක හත්සීයක පිරිසක් රැස්ව සිටි බව දක්නට ලැබිණි. එතැනදී ද ඔහුගේ සාම සාකච්ඡා අසාර්ථක විය. ඉංග්‍රීසි පාලනයට විරුද්ධව පැන නැඟී ඇති මෙම විරුද්ධත්වය සුළුපටු එකක් නොවන බවත්, එය මැඬලීමට තමා සතු බලය සහ ශක්තිය ප්‍රමාණවත් නොවන බවත් අවබෝධ කොටගත් ඔහු පොල්වත්ත සහ තල්දෙන හරහා වූ වෙනත් මාර්ගයකින් බදුල්ල බලා ආපසු යන්නට පිටත් විය. අතරමඟ සැඟවී සිටි කණ්ඩායම් ඔවුන්ට අවමන් කර කෑ ගැසුවා විනා කිසිම හිරිහැරයක් කළේ නැත. එහෙත් ඊතළ වත්ත දේවාලය අසලදී මුහුණදීමට සිදුවූ තත්ත්වය ඉතාම ශෝචනීය විය. දේවාල අසළ ලැඟුම්ගත් විල්සන් ගේ පිරිස ගිමන් හරිමින් සිටියදී කීපදෙනකු සමඟ විල්සන් අසල වූ ඇළට ගොස් දිය නෑමට සුදානම් වෙද්දී එතනට පැමිණි වැද්දන් කීපදෙනකු ඔහු සමඟ සාකච්ඡාවට කැමැතිබව පවසා ඔහු තනිකොට ස්වල්ප දුරක් රැගෙන ගොස් දුනු ඊතල වැස්සක් මෙන් ඔහු වෙත එවා ඔහු මරා දමන ලදී. ඒ බව දැනගත් ඔහුගේ පිරිස එතැනට එන විට ඔහුගේ මළකඳවත් නොවීය.

(ආචාර්ය මාලනී ඈඳගම, ඌව වංශකථාව I 215 පිටුව)

මේ අනුව විල්සන්ගේ ඝාතනය ගැන මත දෙකක් ඇති බව පැහැදිලිය.

”කැරැල්ල අසාර්ථක වන විට වැදි රටේ මාරගල කන්දේ ගල්ලෙනක සැඟවී සිටියදී බූටෑවේ රටේ රාළ අල්ලා ගැනීමට ඉංග්‍රීසීහු සමත් වූහ. එතුමා සැඟවී සිටි තැනට මග පෙන්නුවේ කොහුකුඹුරේ රටේ රාළගේ පුත්‍රයා යයි කියනු ලැබේ. 1818 ඔක්තෝබර් 20 දින බිබිලේ කොටබෝවේදී අධිරාජ්‍යවාදීහු මේ ඌවේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාගේ දිවි තොර කළහ

(ඌව වංශ කථාව ii, 361 පිටුව)

වීර කැප්පෙටිපොල

ඇහැළේපොල නිළමේ ආණ්ඩුකරුගේ සිත් දිනා ගැනිම සඳහා කැරැල්ල මැඬ පැවැත්වීමට සිතීය. කැරැල්ල මැඬපවත්වා ඉංග්‍රීසීන් හා ගිවිසුමක් මත රජකම ලබා ගන්නටද උත්සුක වී ඒ බව කැප්පෙටිපොලට ඒත්තු ගැන්වීය. ඉංග්‍රීසීන්ගේ නියෝජිතයකු ලෙසින් 1914 ඔක්තෝම්බර් 22 දින කැප්පෙටිපොල වෙල්ලස්සට ගියේ එහි කැරැල්ල මැඬ පැවැත්වීමටයි.

විල්සන්ගෙන් හිස් වූ බදුලු දිසාපති පදවියට සෝවර්ස් පත් කෙරුණි. වෙල්ලස්ස දිසාව වූ කොබ්බෑකඩුව ද ඌව දිසාව වූ කැප්පෙටිපොළ ද කලබල මැඬලීමටට ඒ ඒ දිසාවවලට යෑවීය. වයස්ගතව සිටි මිල්ලෑවට ඒ කාර්ය කිරීමට අපහසු වූයෙන් වෙල්ලස්ස දිසාවන්ද කැප්පෙටිපොලට පැවරිණ.

”ඉංග්‍රීසීන් සමඟ ඌවට ගිය කැප්පෙටිපොල අලුපොතදී තම පිරිසෙන් වෙන්ව අසු මෙහෙයවා ඉදිරියට ගොස් ඇත. එහිදී කැරලිකරුවන් පිරිසක් විසින් ඔහු වටකර ගනු ලැබූ අතර තමන් පත්ව ඇති අනතුරින් මිදීමට සූර්ය දේවාරාජයා බඳු රජෙකු දැන් පහළව ඇති බවත් එම රජු සමඟ එක්වී තමන්ට සහයෝගය දෙන ලෙසත්, නොඑසේ නම් ඔහුගේ හිස රජතුමා වෙත ගෙන යැමට තමන් නොපැකිලෙන බවත් එම පිරිසේ නායකයා වූ තට්ටඹ කෝරාළ කැප්පෙටිපොල නිලමෙ අමතා කීවේය. මෙහිදී සටන්කරුවන් සමඟ එක් වන්නට තීරණය කළ කැප්පෙටිපොල තමන් සමඟ පැමිණ භට හමුදාව ඔවුන්ගේ ආයුධත් සමඟ පෙරළා යෑවීමට තරම් උතුම් ගුණ වලින් යුක්ත විය.

එමෙන්ම උඩරට ගිවිසුම අත්සන් කිරීමේදී ගලගම හා ගලගොඩ යන දිසාවේවරුන් හැරුණු විට මොනරවිල නමින් සිංහල අක්ෂරයෙන් අත්සන් කළේ කැප්පෙටිපොල නිළමේ පමණි. එමගින්ද දේශමාමක ස්වභාව ඉස්මතු විය.

කොහුකුඹුරේ රටේරාළ සිය සෙනඟ පිරිවරා කැප්පෙටිපොල හමුවී පහත සඳහන් කවි දෙපදය පැවැසීය.

පිප්පෙන විදේසික බලමුළු දැකීමට

හැප්පෙනවාද මේ රට උරුමයි අපට

අපරාධීනත්වය අගය කළ කැප්පෙටිපොල අතින් කවි දෙපදයක් මෙසේ කියවිණි.

ලොප්කර දමන තුර සුදුරුදු බල නිවට

කැප්පෙටිපොල මමයි නොබියව යමු පෙරට

”තට්ටඹ කෝරාළ යනු කොහුකුඹුරේ රටේ රාළ වියයුතු බව ඉතිහාසඥයන්ගේ මතය වේ.”

(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර මනතුංග මහතා, වීර මොනරවිල කැප්පෙටිපොල නිලමේ, 08 පිටුව)

”තොපේ තුවක්කු වලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ. මේ තවක්කු තොපේ ආණ්ඩුකාරයාට භාරදී ඌවේ දිසාව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටින බව දන්වා සිටිව්.”

(දිවයින බදාදා අතිරේකය, නොවැම්බර් 25, පිටුව 03, මහදිසාවේ බණ්ඩාර ඇටිපොල)

”....... මේ කැරැල්ල ඌවේ දිසාවගේ එක් වීම නිසා වඩාත් ශක්තිමත් විය. පසුව මට දැනගන්නට ලැබුණ තොරතුරු අනුව මේ මුළු කුමන්ත්රණයේම ආරම්භකයා හා සංවිධායකයා මේ දිසාපතිවරයා බව මට අවබෝධ විය.” 1818 පෙබරවාරි 23 වැනිදා ලංකාණ්ඩුකාර බ්රවුන්රිග් විසින් ඉන්දියාවේ ඉංග්‍රිසි ආණ්ඩුකාරයා වෙත යවන ලද ලිපියක සඳහන් වේ. කැප්පෙටිපොල අදිකාරම රාජ ෙද්‍රdaහියකු මෙන් සිරභාරයට ගන්නා ලෙස 1818 මාර්තු 19 වැනිදා රාජාඥවක් නිකුත් කරන ලදී. එම ආඥ පත්‍රය අනුව කැප්පෙටිපොල අල්වා දෙන කෙනෙකුට පගෝදි 2000 ක් තෑගි දෙන බවද ප්‍රකාශිත විය. විවිධ හේතූන් නිසා ඔක්තෝබර් මාසය තරම් වන විට සිංහලයන්ගේ සටන සම්පූර්ණයෙන්ම වාගේ පිරිහෙන්නට වූයෙන් කැප්පෙටිපොල ආදී බොහෝ කැරලි නායකයෝ අනුරාධපුර පෙදෙසට පලා ගියහ. තම අනුගාමිකයන් කිහිප දෙනෙකුත් සමඟ අනුරාධපුරයේ පුල්ලයන්කුලම් අසල පරවහගම නම් ගමේ වලව්වක සැඟවී සිටි කැප්පෙටිපොල ලෙෆ්ටිනන්ට් ඕනල් නම් යුද්ධ නිලධාරියා විසින් සිරභාරයට ගන්නා ලදී. එම නිලධාරියා වලව්වට ඇතුළුවන විටම කැප්පෙටිපොල ”මම තමයි කැප්පෙටිපොල” යි දෙවරක් හඬ නඟා කියා ඔහුගේ අතට අතදී ආචාර කළ බව කියනු ලැබේ. සිරභාරයට ගනිද්දී කැප්පෙටිපොල සිටියේ අසනීපයෙනි. ඔහු සමඟ සිටි සගයෝ පෑල දොරින් පැන ගොස් සිටියෝය. මෙසේ අල්වා ගත් කැප්පෙටිපොල මහනුවරට ගෙනවිත් 1818 නොවැම්බර් 14 වැනිදා යුද්ධ නීතිය යටතේ ඔහුට විරුද්ධව නඩු පවරන ලදී. කැප්පෙටිපොලට විරුද්ධව නඟා තිබුණු චෝදනා සියල්ල අධිකරණය ඉදිරියේ ඔප්පු වූයෙන් උඩරට නීතිය අනුව රාජාෙද්රdaහියකුට දෙන ඉහළම දඬුවම වූ හිස ගසා මරා දැමීමට නියම විය. ඒ අනුව දඬුවම පැමිණ වීම 1818 නොවැම්බර් 26 වැනිදා බෝගම්බර වැව අසලදී සිදුකරන ලදී. තමාට මරණ දඬුවම ලැබෙන්නට ස්වල්ප වේලාවකට කලින් ආරක්ෂක නිලධාරීන් කැටුව දළදා මැදුර වෙත ගිය කැප්පෙටිපොල අදිකාරම්තුමා තමා ඇඳසිටි තුප්පොට්ටිය ගලවා දළ¹ වහන්සේට පූජාකොට වැඳ වධක ස්ථානය වෙත ගොස් නිතරම හිනේ සඟවාගෙන තිබුණු පුස්කොළයේ ලියන ලද කුඩා ”ධම්ම පදය” ගෙන මඳක් කියවා බලා තම හිස කැපීමට සැරසී සිටි ගහලයා දෙස බලා ”බොල එක පහරින්ම මගේ බෙල්ල කපවයි කියා” ”ඉතිපිසෝ අරහං” පාඨය කියන්නට පටන් ගත් බවත් වධකයාගේ කඩු හරින් කැපී වැටෙන විට අරහං යන ශබ්දය නිකුත් වූ බවත් කියෑවේ. මෙසේ මේ සිංහලයාගේ ජීවිතය අවසන් විය.

(සිංහල විශ්ව කෝෂය, 7 කාණ්ඩය, පළමුවන කලාපය, 159 පිට, ආර්. එච්. එම්. පියසේන මහතා)

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර මනතුංග මැතිතුමන් විසින් දැඩි පර්යේෂණයක් කොට ලියන ලද ”වීර මොනරවිල කැප්පෙටිපොල නිලමේ” නමැති කෘතිය ආශ්‍රිතව කැප්පෙටිපොල නිලමේ විසින් ලබාදුන් අසහාය විමුක්තිකාමී දායකත්වයද මැනවින් සඳහන් වේ.

අවශේෂ විමුක්තිකාමීහු

මහාචාර්ය විමලානන්ද තෙන්නකෝන් සූරීන් විසින් දේශ විමුක්ති අරගලයට උරදුන් විමුක්තිකාමීන් ගැන සඳහන් කොට ඇත.

කැරැල්ල ගැන විස්තරාත්මක තොරතුරු ලියා ඇති තත් කාලීන බ්රවුන්රිග් ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා ලෙස 1816-1820 වකවානුවේ දිවයිනේ සිටි ජෝන් ඩේව් මහතා මේ කැරැල්ල නිසා මරණයට පත් ස්වදේශිකයන්ගේ සංඛ්‍යාව දස දහසක් පමණ වෙතැයි AN Account of the intrerior of

Ceylon its inhabitants of Ceylon 1821 නමැති ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ.

අකරුකඩුවේ මොහොට්ටාල, ඌව ඔය පළාත අත්තනායක මොහොට්ටාල, අන්ගෙලිකුඹුරේ නිලමේ (බින්තැන්න), අළුගොඩ පිහනරාළ (ඌව ඔය පළාත), අලමුල්ලේ මහබැත්මෙරාළ (ඌව වෙල්ලස්ස), අළුකල්ඕවිට රටේරාළ, (බුත්තල), අලුත්වෙල මහදුරයා (බදුල්ල), අළුපොත තලවත්තේ ගම්මහේ, ඉකිරියම් පොළ මිටිගම්මහේ, (වෙල්ලස්ස), ඉඩමේගම ගන්ඇතිරාළ, (යටිකුඹල්වෙල) ඉඩමේගමරාළ, (යටිකිඳ), ඉඹුල්හෙලයාව සට්ටම්බි, යනුවෙන් හඳුන්වන ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ දෙදෙනා, ඉනාවේ බුබුළුගෙදර අප්පුරාළ, වෙල්ලස්ස ඊතනවත්තේ උන්නාන්සේ ආදී වීරවරයන් දේශය ගලවාගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කළ දේශවිමුක්තිකාමීන්ය. ඊතලවත්තේ දේවාලේ කපුරාළ, උඩුගම්ගොඩ ආරච්චි (බුත්තල), උඩුකිඳ බද්දෙරාළ, උඩුකුඹල්වෙල කළුවා, කැටකැලේ කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ මොහොට්ටාල දෙදෙනා, උඩුකිඳ කැටගොඩ මුහන්දිරම් යන අය විමුක්ති සටන වෙනුවෙන් දිවි පිදූහ. කැටවින්න දිසාවේ මොහොට්ටාල (ඌවවෙල්ලස්ස) යන දේශීය වීරවරුද, ලංකාවේ අනන්‍යතාව සඳහා ජීවිත පූජා කළහ. ඌව වෙල්ලස්සේ සිටි කිරිගල්පොත්තේ පුංචිරාළ, බදුල්ලේ කිරි නයිදා, පරණගම කිරි නයිදා, මලිත්තේ කිරිපරමා, ඌවේ කීරි බණ්ඩා, ඔය පළාතේ කිරියගොල්ලේ මුහම්දිරම්, කුඩාදුරගේ මද්දුමයා, කුඩාබදුලුගම්මන රටේරාළ (බිබිලෙ) කුමාරපට්ටියේ සට්ටම්බි (ඌවඋඩුකිඳ) කුඹුකැලේ ගිල්පා (බදුල්ල) කුරුගම කෝරාළ (වැල්ලවාය) කුරුගමරාළ (ඌව) කුරුඳුකුඹුරේ දෙවන මොහොට්ටාල යනුවෙන් හඳුන්වන දෙවන, තෙවන දෙදෙනා කුලන්හේනා රටේරාළ (වැදිරට) යන අභීත රණකාමීහු ඉංග්‍රීසි සේනාවන් හමුවේ දිවි පිදූහ. කෙහෙල්වත්තේ බණ්ඩප්පු හා කෙහෙල්ලොටවෙල බණ්ඩා, කොටබෝව මහහරුවේ මොහොට්ටාල යන වීරවරයෝ ජාතිය වෙනුවෙන් දිවි දුන්හ. කාට්ටල් බද්දෙරාළ (කන්දපල්ල කොරළේ) මැදිකිඳ කොන්තෙහෙල මුහන්දිරම්ද, ඌව කන්දෙපල්ලේ කොස්ගම මොහොට්ටාල, ඌවේ ගණිතාද, දිවි පිදුවේ විමුක්ති අරගලයේදීය. ගන්දෙනියේ මොහොට්ටාල, මැදිකිඳගබඩාගමරාළ (ඌව) ගලහිටියාවේ කෝරාළ, උඩුකිඳ ගල්කඩේ මුහන්දිරම්, (වෙල්ලස්ස) යටිකිඳ ගල්පොත්තාවේ මොහොට්ටාල, ඌවේ ගිනිතලාවේ සියාතු සහ පුත්‍රයා ඌවේ ගොඩගම මුදියන්සේ, ඌව ඔය පළාතේ ගොඩියගම මුදියන්සේ, ගොඩේගෙදර හිටපු අදිකාරම සහ ඔහුගේ සොහොයුරා ගොඩේගෙදර මෙහොට්ටාල, තඹානේ උන්නාන්සේ කැරැල්ලේදී දිවිකැප කළ වීරවරයන්ය.

1817-18 උඩරට මහකැරැල්ලට සහභාගි වූ ජාතික වීරවරයන්ගේ නාමාවලිය නමැති කෘතියේ බණ්ඩාර මනතුංග වියතාණන්ගේ ගවේශනයට උක්ත වීරවරයන්ගේ තතු මතුවී ඇත. තලකුඹුරේ මුදියන්සේ, තලගුනේ වන්නකු නිලමේ, තල්දෙන මොහොට්ටාල හා ඔහුගේ බාල සහෝදරයා යන අයද, දන්ගමුවේ මොහොට්ටාල දඹවින්නේ මොහොට්ටාල හා දරගල සට්ටමිබි, යන දෙදෙනාද උඩුකිඳින් මතුවූ විමුක්තිකාමීන්ය. දොaවේ මැදිකිඳ මුහන්දිරම් මෙන්ම යටිකිඳ දෙහිගොල්ලේ රටේ රාළද, පස්සර දෙහිකිඳවෙල රටේ රාළ මෙන්ම නාවල මොහොට්ටාල සහ නෙලුදණ්ඩේ මොහොට්ටාල, මැදිකිඳින් බිහිවූ දේශ විමුක්තිකාමීන්ය. වැල්ලවායෙන් බිහිවූ පොල්ගහවෙල කෝරාළ හා පොල්ගහගෙදර පියෙනරාළද, බදුල්ලේ බද්දේකුඹුරේ විදානේද විමුක්ති අරගලයට දායක වූහ.

පහත සඳහන් වීරවරයෝද අධිරාජ්‍ය විරෝධි සටනට උරදී මිය ගියහ. මඩුගස්තලාවේ බස්නායක රාළ, වියළුව මහන්තේ මොහොට්ටාල, වෙල්ලස්සේ බදුල්ලගම්මන රටේරාළ, වියලුවේ මාලියද්දේ මැණික්රාළ, වියලුවේ මාලියද්දේ මොහොට්ටාල, වෙල්ලස්සේ මැදගම රටේ රාළ, බූටෑවේ රටේ රාළගේ පියා, මැදිකිඳ මැදපේරුවේ රටේ රාළ, වෙල්ලස්සේ මීගහඅරාවේ මොහොට්ටාල, බුත්තල මීදෙණියේ මුදියන්සේ, ඌවේ මීවතුරේ හිටපු ලේකම් උඩුකිඳ මුලතවෙල පිහනරාළ දේශය ගලවා ගැනීම සඳහා ඉංග්‍රීසීන් සමඟ සටන් වැදී මිය ගියහ. උඩුකිඳ මුල්ගම, ඌවේ යක්කුරාවේරාළ, යටිකිඳ ඉඩමේරාළ, වැල්ලවායේ යාපා අප්පුහාමි, ඌවේ රකුම්ගහවෙල මුදියන්සේ මෙන්ම රත්නායක ගෙදර පුංචිරාළද, කන්දපල්ලේ කෝරළේ රලු වෑවල, කොටල් බද්දේරාළ, රලු වෑවල කෝරාළ, මැදිකිඳ රහුබැද්දේ විදානේ, රහුපල අලුත්පන්නේ මොහොට්ටාල සහ පුත්‍රයා එවැනි වීර පුත්‍රයන් ලෙසින් ඉතිහාස කතාවේ ස්වර්ණාක්ෂර සනිටුහන් ලෙසින් දැක්වීමට පුළුවන.

ඉංග්‍රීසි සේනාවේ අඛණ්ඩ ප්‍රහාරය එල්ලවන විට එයට ප්‍රතිචාර දැක්වූ ඌව නිජබිම කොටගත් පුද්ගලයන් අතර කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වක්කුඹුරේ සට්ටම්බි දෙපළද, සොරණාතොට වත්තෙකැලේ මුහන්දිරම් හා මොහොට්ටාලද වෙල් අරාවේ රටේ රාළද, වෙල්ලිඅරාවේ කුඩා බැත්මෙරාළද, වේවැල්හින්නේ රටේ රාළද, උඩුකිඳ හදිල්ලේ පිහනරාලද, හමනාවේ රටේරාළද, කොටබෝවේ රටේරාළද, හල්පේ මොහොට්ටාලද හාපත්ගමුවේ කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ මොහොට්ටාලවරුන්ද, හික්ගහලන්දේ විදානේ හා හිඟුරුකඩුවේ හිටපු බැත්මේ රාළද, හිඳගොඩ මොහොට්ටාලද, මහපිටියේ බෝගහගෙදර රාළ ද ජාතිය හා දේශය වෙනුවෙන් දිවිහරණ කළ අයවෙති.

උක්ත ජාතික වීරවරයන් ගැනද ”වීරවරයන්ගේ නාමාවලිය” නමැති කෘතියේදී බණ්ඩාර මනතුංග පඬිවරයාණන් පෙන්වා දෙයි. උඩුකිඳ දෙකිඳ ආරච්චි, අලුතැල්ගල කලුනයිදේ, තුප්පිටියේ බඩල් විදානේ යන අයද මේ වන විට ඌව පළාතේ සමාජ සම්භාවනාවට පත් සිංහල නායකයන් වූ අතර මහනුවර රජවාසල හා සබඳතා ගොඩනැඟුවෝ විය. ජාතියේ පරාධීනභාවයට එරෙහිවූ මෙම වීරවරයන්ද ඉංග්‍රීසීන්ගේ වධබන්ධනයට නතුව ජීවිත හරණය කළ බව දැක්වීමට පුළුවන.

1818 කැරැල්ල ආරම්භයේ සිට එහි අවසානය දක්වාම එඩිතරවත්ව නිර්භීතවත්ව සටන් කළ කිවුලේගෙදර මොහොට්ටාල දිසාපතිවරයාට සහය දැක්වූ ප්‍රාදේශීය කැරළි නායකයන් කීපදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වේ. හාපත්ගමුවේ මොහොට්ටාල, ආ¹වෙල මොහොට්ටාල, අඹන්වැල්ලේ මොහොට්ටාල කොටඹේරාළ ආදීන්ය. මීට අමතරව හිඟුරේවෙල මොහොට්ටාල, රාසිංගොල්ලේ මොහොට්ටාල, යටිමාදුරේ මොහොට්ටාල, නිට්ටඹුගොඩ මොහොට්ටාල යනාදීන්ගේ නම්ද ජනප්රවාදයේ එයි. (වලපනේ ඉතිහාසය 46, 47 පිටු සිරිසේන දේවප්‍රිය)

ඊතණවත්ත, දම්බරාව, බදුලුවෙල තෙරවරු

ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් මිදීම සඳහා ක්‍රියාකළ තෙරවරු රාශියකි. ඊතණවත්ත, දම්බරාව, බදුලුවෙල නමින් ප්‍රකට ගම්වල තෙරවරු ජාතියේ පරාධීනත්වයට එරෙහිව ක්‍රියා කළහ.

”ඉංග්‍රීසීන් විසින් ව්‍යාජ රජු යෑයි හංවඩු ගැසූ සිංහලේ කැරැල්ලේදී නාම මාත්‍ර නායකයාට උදව්කළ සිංහල භික්ෂූන් වහන්සේලා අතරින් කීප නමකි. උන්වහන්සේලා මහියංගනයේත්, බදුල්ලේත්, මොනරාගලත් පාද යාත්‍රාවේ යෙදෙමින් ඉංග්‍රීසීන් පළවා හැරීමේ කටයුත්තෙහිලා සිංහලයන් මෙහෙය වූහ. ඉංග්‍රීසීන් කසාය වස්ත්‍රයෙන් මේ උගත් තෙරවරුන්ට තරම් වෙනත් කිසි කෙනෙකුට බියක් නොදැක්වූහ. (ඌව වංශකථාව II, 364 පිටුව) යනුවෙන් හැඳින්වූයේ ඉහත කී තෙරවරුන්ය.

හාමාපොල රංකිරි

හාමාපොල දුරයා ඌවේ කැරළි නායකයෙකි. බිබිලේ සිට නිල්ගලට යන මාවතේ පිහිටි හාමාපොලගේ මව හාමාපොල රන්කිරි නමින් පසිඳුවූද, ඉතිහාසයේ යටපත්වූද, අභීත නායිකාවකි. ඉංග්රීසිහු ගම් ගිනි තබමින් පෙරට ආහ. සුද්දන් හාමාපොලට පැමිණි විට ගම්මු කැලෑ වැදුනහ. ඇය පැදුරක සැඟවී සිටියාය. ඇය සතුරන්ට අසුවිය. ඉංග්‍රීසින්ට එරෙහි වූ සතුරන් ගැන විමසන විට ඇය පැවසුවේ තමන් දන්නා බවත් කියන්නේ නැති බවත්ය.

”කිපුණු සෙන්පතියා ඇගේ කනක් කැපීමට අණ කළේය. ගලන ලෙයින් සිරුර නැහැවෙන්නට විය. ඇගේ මුවෙන් පරුෂ වචන පිට වන්නට විය. ඇගේ දෙවන කණද කැපී ගියේය. සුද්දන් අමතා පරුෂ වචන කීවා විනා කැරලිකරුවන්ගේ නම් පිටවීමක් ඇගෙන් සිදුවූයේ නැත. අවසානයේ නාසයද කැපිණ. ඈට සිහිය නැතිවිය. සිහිය ලද විගස නැවතත් සුද්සන්ට සාප කළා විනා කිසිඳු පිsළිතුරක් නම් දැනගන්නට නොහැකි විය. ඇගේ වීරත්වය සුද්දන්ගේ මිලේච්ඡත්වයෙන් සුන් නොවීය. ඔවුහු ඇගේ ගෙළ කපා දැමූහ. (ඌව වංශ කථාව II 366 පිටුව)

ඩිංගිරි අප්පු හා බාලප්පු

බදුල්ල වීදිය ගුණේ, දඬුඅරාවේ විසූ ඩිංගිරි අප්පු හා බාලප්පු යන දෙදෙනා ගොවියන් දෙදෙනකු වුවද ඉංග්‍රීසින්ට එරෙහිව අවි පුහුණුව ලදහ. යුද්ධයට සම්බන්ධ නැති බවද ඇඟවූහ. සතුරන් තතු සොයමින් එනබව ආරංචි වූ අතර එකොළොස් දෙනෙකුගෙන් යුක්ත ඉංග්‍රිසි හේවායන් බාලප්පුගෙන් බදුල්ලට යන පාර ඇසීය. හෙතෙම කෙටි පාරක් යෑයි දුර්ග මාර්ගයක් පෙන්වා අඹකොලේ කඳුර දක්වා එක්කරගෙන ගොස් කන්දෙන් කඳුරට පැන ඉංග්‍රීසින්ට එම මග පෙන්වා කන්දක සිට එකොළොස් දෙනා මැරුවේ උපායශීලීවයි.

අඹගොල්ලේරාළ

අඹගොල්ලේ රාළ වී අටුවක සැඟවී සිටින විට ඉංග්‍රීසීන් වටලා බූටෑවේ රටේ රාල මෙහි සිටිදැයි ඇසීය. ඒ ”අය ඉන්න තැනක්, ගිය තැනක් මා දන්නවා. නමුත් මගෙන් ඒක දැනගන්න නම් හම්බවෙන්නේ නෑ. මගේ නෑයන් පාවාදීලා නිවට දොaහියෙක් වෙන්න මට බෑ.”

කෝපයට පත් ඉංග්‍රීසීහු ප්‍රථමයෙන් ඔහුට තැලීය. ඒත් පිළිතුරක් ලබා ගත නොහැකිවූ කල අසල බුළු ගසක දෙපයින් එල්ලා ගිනි හුළුවකින් සිරුර දවන්නට විය. එහෙත් කිසිදු පිළිතුරක් දැනගත නොහැකි කළ අඹගොල්ලේ රාළගේ බෙල්ලට තොණ්ඩුව දැමූ සුද්දොa එම නිර්භීත සිංහලයා එල්ලා මරා දැමීය. (ඌව වංශ කථාව, දෙවන කාණ්ඩය, 365 පිටුව)

අලුත්ගෙදර සුද්දනා

අලුත්ගෙදර සුද්දනා ඌව උඩුකිඳ බෝඹුරුගම ගලහදෙර විසීය. ඔහු වීරවරයෙකි. එය පිහිටියේ වත්මන් ගලහගමය. සුද්දනා දුරයාට ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්ත විසින් වෙල්දුරයා නමින් සන්නසක් දුන් බව ඌව වංශකථාව කියයි. මොහු සිංහල හමුදාවට ඉංග්‍රිසි විරෝධීව ජාතිය ගලවා ගැනීමට තොරතුරු ලබාදුන් ජාතික වීරවරයෙකි.

මැක්ඩොනල්ඩ්

”මහබදුලු ගමරාළ, කිවුලේගෙදර මොහොට්ටාල, බූටෑවේ රටේරාළ ආදීහු ඉංග්‍රීසි විරෝධී සටන මෙහෙයවමින් වෙල්ලස්ස වලපනේ ප්‍රදේශවල බලය අල්ලාගෙන කටයුතු කරන්නට වූහ. එහෙයින් වහාම කැරැල්ලේ මූලස්ථානය වූ වෙල්ලස්සටම පහර දීමට පැමිණි බදුල්ලේ අණදෙන නිලධාරි මැක්ඩොනල්ඩ් කැළඹිලාකාරයන් උපන්ගෙහිදීම බියවද්දා අධෛර්යයට පත් කිරීමේ අදහසින් දරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සරුසාර වෙල්ලස්ස තැන්න වටලා එකී සෑම ගමකම ගෙවල් දොරවල් කෙත්වතු සියල්ලක් පුලුස්සා කාබාසිනියා කර දමන්න විය. මේ දරුණු ක්‍රියාවලින් ගම්වැසියන් භ්රාන්තව වනගතව බලා සිටියදී කැරලිකාර තත්ත්වය මැඩ ප්‍රදේශ සන්සුන් වෙතැයි ඉංග්‍රීසි විරෝධය දසතින්ම නැග එමින් කැරැල්ල ලියලා ගියේය. නොවැම්බර් 01 දින බ්රවුන්රිග් ඌව වලපනේ, වෙල්ලස්ස, බින්තැන්න කැරලි පවතින ප්‍රදේශ හැටියට සලකා එපෙදෙස්වල යුද නීතිය පැනවීය. රාජ්‍යත්වය පවරාගත් දොරේ සාමි අල්ලා දෙතොත් රික්ස් ඩොලර් 2000 ක ත්‍යාගයක්ද කිවුලේගෙදර මොහොට්ටාල හා බූටෑවේ රටේ රාළ වෙනුවෙන් රික්ස් ඩොලර් 500 බැගින් දෙන බවද ප්‍රකාශ කරවීය. (සිංහල විශ්ව කෝෂය IV පිටුව 397 මාලනී පී. ගමගේ මහත්මි)

1818 දේශ විමුක්ති අරගලයේදී ඉංග්රීසින්ගේ පාර්ශ්වයේ සටන් මෙහෙය වූ මැක්ඩොනල්ඩ් නමැත්තා මේජර් විල්සන්ගේ මරණින් පසු ඌවේ ජනතාව මහත් පීඩනයට පත් කරමින් ඔවුන්ගේ නිවාස, දේපළ, වතුපිටි, කුඹුරු ආදී සියල්ලක්ම විනාශ කරමින් සාහසික ලෙස බිම්පාළු පිළිවෙතක් අනුගමනය කළේය. එමෙන්ම ජීවිත රාශියක් විනාශ කළ අයෙකි. එදා ඌවේ කැරැල්ල මෙහෙය වූ සිංහල කැරැලිකරුවන්ට අමානුෂික ලෙස වද දුන් මැක්ඩොනල්ඩ් ඌව පරණගම මූදනාව ප්‍රදේශයේ බලකොටුවක් ඉදිකර එහි සිට සටන් මෙහෙයවීය. ගරාවැටෙමින් නටඹුන්ව ඇති මෙම කොටුව පිහිටි ස්ථානයේ වර්තමාන ඌවපරණගම මහ විදුහල ඉදිකර ඇත. එහි මිදුලේ ඇති අති විශාල සියඹලා ගස එවකට සිංහල කැරැලිකරුවන් එල්ලා මැරීමට යොදාගෙන ඇත.

”එදා කැරලිකරුවන් වධ බන්ධනයට ලක් කිරීම සඳහාත් මරණීය දඬුවම් ලැබූ වැරදිකරුවන් එල්ලා මැරීම සඳහාත් මේ යෝධ සියඹලා ගස යොදාගෙන ඇත. එම සියඹලා ගස වසර 200 කට වඩා පැරණිය.

(දිණමිණ 2010 ජුනි මස 12 සෙනසුරාදා, 12 පිට එස්. එම්. ෆාරුක්)

සටනට සම්බන්ධ ඓතිහාසික ග්‍රාම නාම කීපයක්

1818 දේශවිමුක්ති අරගලයට ඌව පළාතේ බොහෝ ගම් සම්බන්ධ විය. ඒවා මෙහිදී දැක්වීම දුෂ්කර වුවත් ග්‍රාම නාම කීපයක් පමණක් සඳහන් කරමි. ඉංග්‍රීසි ආධිපත්‍යයට එරෙහිව වෙල්ලස්සේ ජනතාව තාවකාලික ආණ්ඩුවක් බිහිකළ ප්‍රදේශයක් විය. ”සිය බල ආණ්ඩුව” සියඹලාආණ්ඩුව නමින් ප්‍රචලිත වූයේ එලෙසිනි. ඌවේ ගම් දනව්වලට සම්බන්ධ නම් කීපයක් ”කොඩිය” නමින් හැඳින්වේ. ”සතුරු සේනාවන් එන විට සිංහල සේනාවන්ට දැන ගැනීමට කොඩියක් එසවූ බැවින් එවැනි තැන් ”කොඩිය” නමින් හැඳින්විණි. මධ්‍යම පළාතෙන් වෙන්වී හග්ගල සිට කපොල්ලෙන් ඌව පළාතට පැමිණෙත්ම ගවරම්මාන කන්ද පිහිටා ඇත. එම කන්ද මුදුනේද කොඩිය නමින් තැනක් ඇත. ඌව පරණගම මල්වත්තේ ගමට යාබදව පිහිටි බැලුම්ගල කන්ද අඩි 450 ක් උසය. මෙය ඊතල මගින් පණිවිඩ හුවමාරු කරගත් තැනක් බව මහාචාර්ය සන්නස්ගල පඩිතුමා සඳහන් කරයි. කැප්පෙටිපොල සිට නුවරඑළිය පෙදෙසට යන විට පිහිටි බැලුම්ගල පිහිටි ගම්මානය ඉංග්‍රීසීන්ගේ සේනාව එනවිට තතු විමසූ ගම්මානයකි. ඇලි සහිත බිමින් බලාගෙන යන අදහස ඇති බලඇල්ල යන්න බල්ඇල්ල නමින් ප්‍රසිද්ධ විය. ඌවේ ගම්බිම් ඉංග්‍රීසීන් වැනසූ අතර එයින් එක් ගමක් පාළුගම නමින් පසිඳු විය.

”ආලා පාළු වුණ

පාළුගම නමින් බිහි වුණ”

යන ජනකවි දෙපදයෙන් පැහැදිළි වේ.

ඉංග්‍රීසි විරෝධි සටන් මෙහෙය වූ සටන් පිටිය ඇටම්පිටිය නමින් ප්රචත විය. ඌව යුද ගිනි දැලින් රත්වන ලෙසින් සටන් ඇවිලුණු අදහසින් හෝ යුද බලයෙන් රත් වන්නට අවි සැපයු අදහස නිසාදොa රත්කර + උව = රත්කරව්ව නමින් ප්‍රචලිත වූවා විය හැකියි. බණ්ඩාරවෙල බිඳුණුවැවද 1818 සටනේදී ඉංග්‍රීසීන් විසින් බිඳවා හරින ලද වැවකි.

”කම්මානංකඩ බදුල්ල - බණ්ඩාරවෙල පාරේ පිහිටා ඇත. බදුලු පුරවරය මුරකළ හේවා පිරිස සිටි තැනලු”

(ඌව වංශ කථාවII පිටු 134 මහාචාර්ය පී. බී. සන්නස්ගල මහතා)

බදුලු ප්‍රදේශයේ රිල්පොල ඌව සටනට සම්බන්ධ ගොඩේගෙදර අදිකාරම් සිටි තැනයි. ඔහු සමඟ 18 දෙනකු මුරුසියට ඉංග්‍රිසීන් විසින් පිටුවහල් කළ බව කියෑවේ. හපුතලේ හාල්අටුතැන්න සිංහල සේනාවලට ප්‍රයෝජනය ගැනීමට හාල් පිරවූ ගබඩා තිබූ තැනක් ලෙසින් ජනප්රවාදයේ එයි. මේ අනුව ජාතික විමුක්ති අරගලයට සම්බන්ධ වූ සාධක රැසක් ග්‍රාම නාමයන්ගෙන්ද ගොඩනැගේ.

විමර්ශනය

වෙල්ලස්සේ පැනනැගි පෙරළිය අමනාපයට කැරළි ගැසීමට තරම් කලකිරි සිටි මුළුරටේම ජනතාව විෂයෙහි වෙඩි බෙහෙත් පීප්පයකට විසිවුණු ගිනිකූරක් මෙන් ක්‍රියා කළේ යයි එවක නමුදු ශල්‍ය වෛද්යව සිටි හෙන්රි මාෂල් ලංකාව හා එහි පුර වැසියන් ගැන තමා ලිවූ කෘතියෙහි සඳහන් කරය.s

1818 ක්‍රියාත්මක වූයේ කැරැල්ලක් නොව සැබවින්ම දේශ විමුක්ති අරගලයකි. එය උතුරුමැද, මධ්‍යම සබරගමු පළාත්වලටද ව්‍යාප්තව පැවතිණි. මේ සඳහා ඌවේ සිටි ජාත්‍යාලයෙන් ඔදවැඩුණු සෙන්පතියෝ සිය ජාතිය වෙනුවෙන් වීරත්වයෙන් දිවි පිදූහ. එහෙත් එවකට පැවති යුද මානසිකත්වය හේතුකොට ගෙන එකල කුඩා දරුවන්ගේ සිත්තුළ ත්‍රාසය, භීතිය වැනි නිශේධාත්මක සිතුවිලි කි¹ බසින්නට ඇත. තරුණයන් සහ වැඩිහිටියන් ඝාතනය කිරීම නිසා සමාජය තුළ දැඩි ව්‍යාකූලතාවක් ඇතිවිය. සමාජ හා ආර්ථික ව්‍යසනය නිසා රජ දරුවන් දවස පැවති ඌව පළාත අදවන විටද ප්‍රතිෂ්ඨාපනය වී නොමැති බව සඳහන් කරනුයේ දැඩි නිර්වේදයකිනි.

දේශ විමුක්ති සටනේ වීරවරයන් පිළිබඳව ”ඉහළ ඌවේ අප්‍රකට ජනකවි” නමැති කෘතියේ ජන කවි පෙළක මෙසේ දැක්වේ.

පර දෙසුන් ගෙ පාලනේ

එරෙහිවසවි ළමයිනේ

අසිපත මැද පෙරමුණේ

යුදගිනි දැල් දැල්වුනේ

බූටෑවේ රටේ රාළ

කිවුලෙගෙදර මොහොට්ටාල

බින්තැන්නේ වෙල් විදානේ

සටනකි පෙරමුණේ රාල

හැඩි දැඩි බව පෙන්නාලා

වීරවිකුම් හඬ පාලා

ඉංගිරිසි බලය බිඳු

ඌවේ රණ හඬ පාලා

මුප්පනෙ රාළද බුත්තල

කොහුකුඹුරේ රටේ රාල

පල්ලෙකිරුමෙ මොහොට්ටාල

නිදහස් දිය හල්ලෙ රාල

ගමින් ගමට උවේ දනෝ

අසිපතකට ගෙල දුන්නෝ

සටන් තියපු කැප්පෙටිපොල

නිදහසටයි ගෙල දුන්නෝ

නුවරඑළියේ චන්දජෝති හිමි -

දිවයින – 2011 සැප්තැම්බර් 14

www.dunhinda.com by Pulasthi Wanniarachchi
Dunhindahttp://www.blogger.com/profile/12870516481553567573noreply@blogger.com0