Wednesday, July 8, 2015

හීලෑ නොකල ඇතෙකු වන්න


නොමිනිසුන් අතර අපි

ජීවිතය කට්ටක්ය 
ලෙඩ දාන පොරවල්ය... 
මිනිස්කම දන්නේ නැති
වැදගතුන් කුමට මට...

අනුන් තලා පෙලන
නූගත්ය මිනිස්කම...
ජීවිතය කියා දෙන
පාඩමකි හැමවිටම...

සුන්දරයි අත්දැකුම
අරුම මිනිසුන් තරම...
නොවන්නට පාඩමකි
කිසිදාක ඒ කරුම...

කලගුණය නොදත් අය
සමාජයේ පිරිහෙන්නේ...
යහපතක් නැති අයත්
ඉක්මණින් වැළලෙන්නේ...

- පුලා -


Search This Blog