කවි පද

වත්කමි තිබුණට උඩඟුව හරි          නැත
බැරිකමි තිබුණට සරදමි යුතු         නැත
සැලකිලි තිබුණට සැරවැර හොඳ    නැත
ඉවසුමි නැතුවට අන් අය පලි          නැත


ධනවතා සතු ධනය හිතවත         -  දුප්පතා ධනවත් කිරීමය
බලවතා සතු බලය හිතවත          -  දුබලයා බලවත් කිරීමය
ගුණවතා සතු ගුණය හිතවත       -  නුගුණයා ගුණවත් කිරීමය
නැණවතා සතු නැණය හිතවත    -  මෝඩයා නැණවත් කිරීමය

මලක් මිලිනව යන්න මත්තෙන් තව අතු අග මල් පිපේවි
කෙනෙක් අඬ අඬා සුසුමි ලන විට තවත් කෙනෙකුන් හිනා  වෙවි
මියුරු රස ඇති අමා පැණිවුව කලක් යන විට තිත්ත වෙවි
ඉන්න කමි ලොව වැරදි කීවත් මල දිනෙදී හොඳ කියාවි... 


ඔබ කෙතරමි වැරදි           කළත්
මම ඉවසන්නෙමි                කොහොමත්
ගුණයෙන් සපිරුණු           හදවත්
තරහෙන් කෙලෙසෙද         එහෙමත්


දුටු කල නෙතට සුවයක් ගෙන              දෙන්නේද
සිතු කල සිතට සුවයක් ගෙන               දෙන්නේද
දෙඩු කල කනට සුවයක් ගෙන             දෙන්නේද
ඔහු පියකරුයි කවරෙක්                      නොකියන්නේද
 

Search This Blog