ඌව ගීතය


දේශ දේශ කිතු ගසේ නැගු   භූමී
දේශ දේශ අභිවන්දී            භූමී
ශාක්‍ය සිංහ හිමි තෙද පෑ       භූමී
උදාර හෙළ භූමී - ඌව විජය  භූමී




සීත නමුණුකුල කඳුවැටි        හෙවනයි
දුන්හිඳ - දියලුම ගලනා        සිහලයි
වෙල්ලස්සේ ගලනා රණ      ගීයයි
අභීත - රණවිරු නිජ බිම       ඌවයි




මුතියංගන මියුගුන           සෑකිරණයි
කන්ද කදිර හිමි දෙවි රැක      වරණයි
වීර මොනරවිල එඩි පෑ          දෙරණයි
සිංහ කොඩිය සහ අසිපත      මෙතනයි






Search This Blog