යහපත් මානසික සෞඛ්‍යයක ලක්ෂණ

1. ජීවිතය ගැන සුවපහසු හැගීමකින් සිටීම.


2. බිය, කෝපය, ආදරය, දුක, ඊර්ෂීයාව වැනි හැගීමි පමණ ඉක්මවා මතු වන්නට නොදී පාලනය කරගැනීමට හැකි වීම.


3. ජීවිතයේ බලාපොරොත්තු කඩවීමි වලට මුහුණදීමට හැකි වීම.


4. තමන් ගැනත් අනෙකුත් අය ගැනත් ඉවසීමෙන් කටයුතු කිරීමට හැකිවීම.


5. තමන්ගේ හැකියාවන් පිළිබඳව අවතක්සේරුවක් හෝ අධි තක්සේරුවක් නොතිබීම.


6. තමන්ගේ දුර්වලතා පිළිගැනීමට හැකිවීම.


7. ආත්ම ගෞරවයෙන් යුතුවීම.


8. තමන් වෙත පැමිණෙන ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට හැකි බව දැනීම.


9. එදිනෙදා ජීවිතයේදී ලබන සරල සතුටකින් වුවද සෑහීමකට පත් වීමට හැකි වීම.


10. අනෙකුත් පුද්ගලයන් සමග සතුටුදායක සබදතා පැවැත්වීමට හැකිවීම, එසේ දැනීම.


11. අන් අයට ආදරය ලබාදීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා හදුනා ගැනීමට හැකියාවක් තිබීම.


12. සතුටුදායක, දිගුකල් පවත්නා පුද්ගල සබදතා පවත්වා ගැනීමට හැකිවීම.


13. අන් අය කෙරෙහි විශ්වාසයකින් සහ ඇල්මකින් යුක්ත වන අතරම අන් අයද තමන් කෙරෙහි ඇල්මක් සහ විශ්වාසයක් තබා ගනී යැයි බලාපොරොත්තු වීම.


14. පුද්ගලයන් අතර ඇති විවිධත්වය පිළිගැනීමට හා ඊට ගෞරවයෙන් සැලකීමට හැකි වීම.


15. අන් පුද්ගලයන්ට බලපෑම් කිරීමට ඉදිරිපත් නොවන අතරම අන් අයගේ බලපෑම් වලට යටත් නොවී සිටීමට හැකි වීම.


16. තමන් හුදෙකලා පුද්ගලයකු නොව යම් කණ්ඩායමක සාමාජිකයකු ලෙස හැගීම.


17. නිතර සබදතා පවත්වන අසල්වාසීන් සහ අනෙකුත් පුද්ගලයන් වෙත වගකීමකින් යුතුව කටයුතු කළයුතු යැයි හැගීම.


18. ජීවිතයේ විවිධ අභියෝගවලට නිසි ලෙස මුහුණ දීමට හැකිවීම.


19. එදිනෙදා ජීවිතයේදී ගැටලු පැන නගින විට ඒවාට විසදුමක් ලබාගැනීමට යමිකිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකි වීම.


20. තමන්ගේ වගකීම් හදුනාගෙන වැඩ කිරීම.


21. අවශ්‍යතාව අනුව තමන් අවට පරිසරය හැඩ ගසා ගැනීමෙ හැකියාව.


22. අනාගතය සැලසුම් කරන නමුත් අනාගතය කෙරෙහි බියක් නොදැක්වීම.


23. අලුත් අත්දැකීම් සහ අලුත් අදහස් පිළිගැනීම.


24. සහජ හැකියාවන් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීම.


25. ජීවිතය සඳහා යථාර්ථවාදීව ඉලක්ක තබාගැනීම.


26. ස්වාධීන තීරණ ගැනීමට හැකිවීම.


27. යම් කාර්්‍යයන් සඳහා තමන් සතු උපරිම ශක්තිය යොදා එයින් සෑහීමකට පත් විය හැකි ආකාරයේ ප්‍රතිඵල ලබාගත හැකිවීම.

Search This Blog