ජයග්‍රාහකයෙකු වන්නේ එසේය. - That's How to be a Winner.

කළ හැකි හොඳම දේ, ඔබට කළ හැකි නම්,
ස්වශක්තිය කෙරෙහි විශ්වාසය ඇත්නම්,
ප්‍රමුදිතව සහ අවංකව ජීවත් වන්නේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

සවන්දීමට හා බෙදා හදාගැනීමට කාලය ගන්නේ නම්,
ඉවසීම, ත්‍යාගශීලී බව සහ කාරුණික බව ඇත්නම්,
අනුනට ගෞරවයෙන් සැලකිලිමත් වේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

යන එන හැම තැනම සුන්දරත්වය දැකිය හැකි නම්,
ඔබ පෙන්වනු ලබන ශක්තියට ප්‍රශංසා කරයි නම්,
උගැනීම සහ වර්ධනයවීම ප්‍රාර්ථනය කරන්නේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

යහපතම නිබඳව බලාපොරොත්තු වන්නේ නම්,
කළ නොහැකි කිසිවක් නැතැයි විශ්වාස කරන්නේ නම්,
උදාවන හැම දිනයක්ම පූර්ණ කැමැත්තෙන් ගෙවන්නේ නම්,
ජයග්‍රාහකයෙකු වන්නේ එසේය.

නෝර්මන් වින්සන්ට පීල්ගේ ආලෝකමත් ජීවිතයකට
පරිවර්තනය ගාමිණි කුමාර විතාන.
 


To be the best that you can be
Have faith in your ability
Live joyfully and honestly..
That's how to be a Winner

Take time to listen and to share
Be patient, generous and fair
That others with respect and care..
That's how to be a Winner

See beauty everywhere you go
Appreciate the strength you show
And seek out to learn and grow..
That's how to be a Winner

Expect good things come to you
Believe there is nothing you can't do
Make each day count your whole like through..
That's how to be a Winner

Search This Blog