දිදුලන ජීවිතයක් ඔබටත්

ලද අවස්ථාවෙන් ඉහළම ප්‍රයෝජනය ගන්න.


අප වැඩි දෙනෙකු බොහෝ විට දුකට, ශෝකයට, කණගාටුවට පත් වන්නේ පලක් ප්‍රයෝජනයක් ඇති දෙයකට නොව කිසිම වැදගැන්මිමකට නැති දෙයකටය. එවැනි දේවල් වලින් සිත් නෝක්කාඩු කර ගැනීම නොකළ යුතුය. ඔබගේ සිත යොමු කළ යුත්තේ ප්‍රයෝජනවත් දේ කෙරෙහිය. අප හැම කෙනෙකු හටම විවිධ අවස්ථා උදාවෙයි. එම අවස්ථාව මඟහැරුන බවට දුක්වීමට සිදුවීමට පුළුවන.

සුදුසු මිතුරන් ඇසුරු කරන්න.

මිතුරු ‍වෙසින් එන සියළු ‍දෙනා මිතුරන්ම ‍‍නො‍වේ. ‍බො‍හෝ අය කකුලින් අදින අයය. තල්ලු කරන්‍‍‍නේ ආපස්සටය. අ‍නෙක් අතට හිතවත් මිතුරන් ඔබ උනන්දු කරවයි. එ‍සේම ඔබට කඩා වැ‍ටෙන්නට ඉඩ ‍නොදී ‍ධෛර්යමත් කරයි. හැකි පමණ ඔවුන් ඇසුරට පත්වන්න. 

කාලය කළමනාකරණය කරගන්න.

‍බො‍හෝවිට අපට ඇති කාල ‍‍‍‍‍වෙලා‍වෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපට ‍‍නොහැකි වනු‍යේ ප්‍රමුඛතා අනුව කාලය සකස් කර ‍නොගැනීමය. සමහර වැඩ ඔබම කළ යුතු නැත. ඒවා ‍‍වෙනත් අ‍යෙකුට පැවරීමට වුව පිළිවන. බෑ කියන්නට ඉ‍ගෙන ගැනීමත් අවශ්‍යය. තමන්ට කළ හැකි තරමට වඩා වැඩ බාර ‍‍නොගැනීම ඉන් සදහන් ‍‍වෙයි. පමණට වඩා ‍වෙ‍‍හෙසීම නිසා ‍‍සෞඛ්‍යයට හානි වනවා ‍මෙන්ම බාරගත් දෑ සිදු ‍‍‍‍‍නොකිරීම නිසා අපවාද විදීමට ද සිදු‍වෙයි. 


වැරදීමිවලින් ඉගෙනගන්න.


අප සියළුදෙනාම පෘථග්ජනයෝය. එනමි වැරදීමි සිදුවිය හැකි අයය. වැරදීමි ගැන පසුතැවිලි නොවන්න. ඒවායින් යමක් ඉගෙනගෙන සාර්ථකව යමක් ඉටුකිරීමට මඟ හදාගන්න. නමුත් එකම වරද නැවත නැවත කිරීමෙන් වළකින්න.


විවේකයක් ලබන්න.


එක දිගටම වැඩෙහි යෙදීම එපා කරවන්නකි. ඉඳහිට තනිවන්න. ඉදෙගෙනම ඇසි පියාගෙන මොහොතක් සිටින්න. පතක් පොතක් කියවන්න. 
ඇලවී සිටිය හැකි නමි එසේ ඇළවී ඇස් පියාගෙන සිටින්න. එවිට කිසියමි රශ්මි ධාරවක් ඔබ වටා පැතිරෙන ලෙසක් හැගේවි.
හොදින් නිදන්න. සිත සැහැල්ලු කරගෙන නිදාගැනීමෙන් ඔබට සුව නින්දක් ලැබිය හැකිය. හැකිනම් නිදන කාමරයේ ජනේලය මඳක් විවර කර තබන්න. පිරිසිදු වාතාශ්‍රය ඔබෙ කුටියට ඇතුල්වීමට ඉඩකඩ සලස්වන්න.


සතුටින් පසුවන්න.


වයස කොපමණ වුවත් තරුණයෙකු ලෙස සිතන්න. තරුණ විය ‍මෙනෙහි කරන්න. එසේම විනෝදයෙන් ගත කරන්න. විනෝදය අයිති තරුණයන් හට පමණක් නොවෙ. විනෝද ගමන් යෑම, චිත්‍රපටයක්, නාට්‍යයක් බැලීම ඔබටත් අයිති බව සිතන්න.


හිතකර ලෙස සිතන්න.


හැමවිටම සිදුවන්නට යන්නේ නරකක්ම යැයි නොසිතන්න. හැමවිටම හිතකර ලෙස හොඳ පැත්ත දෙස සිතන්න. ඔබ තුළ ඇති ශක්තිය හැකියාව කෙරෙහි අධිෂ්ඨානයෙන් යුතුව විශ්වාසය තබන්න. මට මෙය කළ හැකි යයි ඔබ සිතතොත් එය කළ හැකි වීමට බොහෝ ඉඩ කඩ ඇත. එය කළ නොහැකි යැයි සිතුවොත් කළ හැකි දෙයක් වුව සිදු කිරීමට නොහැකි කාර්යයක් වනවා නොඅනුමානය.


ආලෝකය හා වාතාශ්‍රය ගැන සිතන්න.


කළුවර -අදුර හා සුදුසු වාතාශ්‍රය නොමැති පරිසරයක සිට වැඩ කිරීම අපහසුය. එය කිසිසේත්ම උත්තේජනය සපයන පරිසරයක් නොවනු ඇත. විදුලි පහන් අලෝකයට වඩා සුර්යාලෝකය උත්තේජ ජනකය. ඒ නිසා ස්ථානයක ආලෝකයෙන් ප්‍රයෝජන ගන්න.


ගැඹුරු හුස්මක් ගන්න.


විඩාව වෙහෙස දැනෙන විට ගැඹුරින් හුස්මක් දෙකක් ගන්න. ඉන්පසුව දෙනෙත් විවර කරන්න. ඔබට නින්දෙන් පිබිදුනා වැනි හැගීමක් ‍ගෙනේවි.
ඔබට ගෙනා උණු වතුර කෝප්පයෙන් නැගෙන දුමාරය උරන්න. එයට දෙහි - ලෙමන් බිංදු කිහිපයක් දැමිය හැකි නමි වඩාත් යහපත්ය.


සිනහ පිරි මුහුණක් හිමිකර ගන්න.


සිනාසීම මුහුණ හා ජීවිතය එළිය කරයි. අදුරු මුහුණකට වඩා සිනාදෙන මුහුණෙහි කෙතරමි ප්‍රියංකර දැයි සිතන්න. එසේම වෙහෙස නිවා ගැනීමට හඩනගා සිනාසෙන්න. එය ඔබ පෙළෙන ආතතිය. සාංකාව පළවා හැර ඔබගේ වෙහෙස නිවා දමා සතුට හිමිකරයි. ජීවිතයට අවශ්‍ය සතුට නොවෙ නමි වෙන කුමක් ද?

Search This Blog