ඌව පළාත ශ්‍රී ලංකාවේ සුන්දරම පළාතක් වන ඌව පළාත වෙල්ලස්ස යන නමින් හැදින්වේ. ශ්‍රී ලංකාවේ දෙවන අඩුම ජනගහනය සහිත වන්නේ ඌව පළාතය එය 1,187,335 පමණ වේ. නැගෙනහිර දකුණ හා මධ්‍යම පළාත් වලට මායිම්ව ඇත. බදුල්ල දිස්ත්‍රික්කය හා මොණරාගල දිස්ත්‍රික්කය යන දිස්තික්ක දෙකකින් සමන්විත ඌව පළාතේ අගනුවර බදුල්ල නගරය වේ. සංචාරක ආකර්ශණය සහිත ස්ථාන කිහිපයක්ම ඌව පළාත සතු වන අතර දුන්හිද ඇල්ල, දියලුම ඇල්ල, රාවණා ඇල්ල, යාල ජාතික වන උද්‍යානය හා ගල්ඔය ජාතික වන උද්‍යානය මින් ප්රධාන තැනක් ගනියි. මහවැලි ගග මැණික් ගග, සේනානායක සමුද්රය හා මාදුරු ඔය ජලාශය ප්රධාන ජල මූලාශ්ර වේ.
පිහිටීම
ඌව පළාත යන ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයට යාබදව පිහිටි සුන්දර භූම් භාගයකි. උතුරු දෙසින් ගත් කල ගිරාදුරුකොට්ටේ, මහියංගනය, මීගහකිවුල ආදී ප්‍රදේශයන් ද නැගෙනහිර දෙසින් ගත් කල මොනරාගල, වැල්ලවාය ආදී සහල් නිශ්පාදනාගාරයන්ද, දකුණු දෙසින් බණ්ඩාරවෙල, හපුතලේ ආදී සීතල කදුකයද බටහිර දෙසින් කලුපහන, හක්කල, ඕහිය ආදි ප්‍රදේශයන්ද ඌව පළාතේ මායිම් වේ. ඌව පළාත මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලස්ස නම්වූ ලක්ෂ ගණනකින් සමන්විත ප්‍රදේශයන් ද, උක් සහ ඉරිගු වගා ප්‍රදේශයන් ද, මධ්‍යම කදුකරයට අයත් බණ්ඩාරවෙල හපුතලේ ආදී ප්‍රදේශයන් ගෙන්ද, අර්තාපල් සහ වෙනත් එළවලු වගා කරන වැලිමඩ ප්‍රදේශයෙන් ද සමන්විත පලාතකි. රටේ ප්‍රධාන දිය ඇලි රැසකින්ද, ජලාධාර මූලයන් රැසක්, ස්වාභාවික වනෝද්‍යාන රැසක් පිහිටි හොද භූවිද්‍යාත්මක පිහීටීමක් ඌව පළාත තුල පවතී.
Statistics | |
Capital | බදුල්ල |
---|---|
Largest city | බදුල්ල |
Largest metro | බදුල්ල |
Official languages | Sinhala, Tamil |
Government | |
Provincial Governor | Nanda Mathew |
Chief Minister | Shasheendra Kumara Rajapaksa |
Created Provincial council Abolished | 1886 14 November 1987 (=1st with 8 others) |
Area - Total - Percentage | Ranked 4th 8,488 km² 12.92 % |
Population - Total (2001) - Percentage - Change (10 years) - Density | Ranked 7th 1,177,358 6.3 % % 138.7/km² |
Gross Regional Product - Total (2010[1]) - Percentage - GRP/capita | Ranked 8th Rs 220 billion 4.6 % Rs |
Time zone | Sri Lanka Standard Time Zone |
Flower | Gurulu raaja (Rhynchostylis retusa) |
Tree | |
Bird |
සංස්කෘතිය
ඌව පළාත තුල වූ බොහෝ ප්‍රදේශ අදටත් ගැමි සංස්කෘතිකාංග වලින් සපිරිය. බුදුන් වැඩමකල මහියංගන පුදබිම, මුතියංගන පුදබිම, කතරගම පුදබිම, ආදිවාසීන් ජීවත් වන දඹාන, කතරගම දේවාලය, බණ්ඩාරවෙල පස්සර හපුතලේ ආදී වතුකරයන්හි පිහිටි කෝවිල් ආදිය ඌව පළාතේ සංස්කෘතිය වඩවන නිමැවුම් වේ.
ඉතිහාසය
ඌව පළාත ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියන පළාතකි. රාමායනය සහ රාවනා කතා වස්තුවලට සම්බන්ධ රාවනා ඇල්ල, රාවනා රජුගේ ඔසු උයන හෙවත් හක්ගල, රාවනා ගුහාව, සීතා දේවිය පතිවෘතතා මහිමය පෙන්වූ දිවුරුම්වෙල රජමහා විහාරය, ස්ත්‍රිපුර උමං සංකීර්ණය ආදී ප්‍රදේශ පිහිටා ඇත්තේ ඌව පළාත තුලයි. තවද රාවනා රජ තම රාජධානිය බදුල්ල මූලික කරගන පැවතීයේ යැයි මතයක් පවතී.
රාවනා කාලයෙන් පසු බුදුරජානන් වහන්සේගේ ගේ පළමු ශ්‍රී ලංකා ගමනය සිදුවන්නේ මහියංගන පුදබිමට වීම විශේෂත්වයකි. මහාවංශය ආරම්භ වන්නේද මෙම සිදුවීම මුල් කරගන වීම විශේෂත්වයකි. සොලොස්මස්ථාන ලෙස සැලකෙන බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ විහාරස්ථාන 16න් 3ක් ම (මහියංගනය, මුතියංගනය, කතරගම) පවතින්නේ ඌව පළාත තුලයි. ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කිරීම වස් ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයා වෙනුවෙන් ඇති ප්‍රධාන සමන් දේවාල 4න් එකක් පිහිටන්නේ ඌව පළාතේ මහියංගන පුදබිමට ආසන්නවයි. ශ්‍රී ලංකාවේ ඉදිකල පලමු ස්ථූපය ඇත්තේ ඌව පළාතේ මහියංගන පුදබිම තුලයි.
ඌව පළාත තුල පිහිටි පැරණි ගොඩනැගිලි හා සිද්ධස්ථාන අතර මහියංගන පුදබිම, කතරගම පුදබිම, මුතියංගන පුදබිම, ප්‍රාදේශීය රජෙකු විසින් පාලනය කල මාලිගාවිල පුදබිම සහ රජ මාලිගාව, දුටුගැමුණු රජු සේනාව සංවිධානය කල යුධගනාව සහ එහි පැරණි දාගැබ, දෝව රජමහා විහාරය, බෝගොඩ ලී පාලම ආදිය ඌව පළාතේ අතීත උරුමය මැනවින් පසක් කර දෙයි.
1818 යනු සමස්ථ ශ්‍රී ලංකාවටම බල පෑ වෙල්ලස්ස කැරැල්ල ඌව පලාත කේන්ද්‍රකරගනිමින් දියත් වීමයි. මෙම සටනට මොනරවිල කැප්පෙටිපොල නායකත්වය ගනු ලැබීය.
සොබා සෞන්දර්ය
ඌව පළාත යනු සොබා දහම ඉතා ඉහලින් ඇති ප්‍රදේශයකි. හක්ගල දැඩිස්වභාව රක්ෂිතය, ඕහිය රක්ෂිතය, නිල්ගල අභය භූමිය ආදී වනෝද්‍යාන දුන්හිද, දියලුම, රාවනා ඇල්ල, බොඹුරු ඇල්ල, සුරතලී ඇල්ල, මානා ඇල්ල, රවන් ඇල්ල සහ ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දියඇල්ල නමුණුකුල, නාය බැද්ද රහංගල ආදී කදුවැටි ඌව සොබාදහමේ අපූර්වතම නිර්මාණයන් වේ. සංචාරකයන් නිරන්තරයෙන් පැමිණෙන බදුල්ල, බණ්ඩාරවෙල සහ හපුතලේ ආදී සංචාරක පුරවරයන්ද ඌව පළාත සතු වේ.
No comments:
Post a Comment