ඌවේ ජනවහර විශේෂ ලක්ෂණ පෙන්වන වහරක් වන්නේ එය දිගාමඩුලු ව්‍යවහාරයෙත් පානම ව්‍යවහාරයෙත් ලක්ෂණ එයට මිශ්‍රවී ඇති භාෂාවක් නිසයි.
ඉහළ ඌව ලෙස සැලකිය හැකි බදුල්ල, බණ්ඩාරවෙල, ඌව පරණගම, වැලිමඩ, පස්සර, හාලිඇල හා වියලුව ප්‍රදේශවල මෙන්ම වෙල්ලස්ස හා බින්තැන්නේ දැකිය හැකිය. පහළ ඌවේ බසවහරට වඩා සමීපවන්නේ ඉහළ ඌවේ ජනවහරට වඩා දිගාමඩුලු ජනවහරයටයි.
කාලය හගවන වචන
උදේ පාන්දර - හීල් පාන්දර
පාන්දර - පාන්දොඩ
හිමිදිරිය - වෛතාලය, පානු පැය
තද හිරු රැස් - ඇට බගවීම
බක්මහේ සැර අව්ව - බක් මහ බගව්ව
මද්දහන් යාමය - හිටිපිර, හිටිපියර, හිටිබරම
ඉර බැසීම - ඉරගල වැටුණා
කිරි බැබලෙන හඳ - ගිනිබන්ඩාර හඳ
නියගය - සාක්කුලය
වැහිවලා - බිරන්
මහ වැස්ස - කුලන්තරය
සතුන් හගවන වචන
හරකා - දුයියා
පොල් කිච්චා - මිච්චා
කුකුලා - පාන්දර නැකැත්තා
ඉබ්බා - දියකුකුලා
අලියා - අලිබොටා, ගජරා, බොටකඳා
ගෝනා - අන්දන් බූරුවා, කරකොලයා
බල්ලා - කෑටා, කූඩුවා, ඇදුරු කුක්කා
නාම හගවන පද
දුව - කෙළි ගහ, කෙළී
පුතා - කොල්ලා, කුඩුම්බරයා
දඟකාර කොල්ලා - කොම්බා
මුරකාරයා - කචල්කාරයා
අහිංසකයා - ගැස්තරයා
ගස් යන්නා - ගස් පනික්කයා
කෑදරයා - කාමරස්සයා, කෑහුලා,කෑකයා
ආහාර වර්ග හා සම්බන්ධ පද
බත පිසීම, ඉදීම - බත සැතැපෙන්වා
වෑංජන - මාළු
මාළු - අමු කරවල
සිල්ලර බඩු - පලසිලව්
කුරහන් පිටි - වන්නිකුඩු
තලප - වන්නි කැට
පිට්ටු - පීරූම්
ඥාති නාම හගවන පද
ඇවැස්ස නෑනා - උරේ එතනා
මවගේ සහෝදරයා, මාමා - උරේ උපන් මාමා
සහෝදරිය විවාහ කරගත් සැමියා, ඇවැස්ස මස්සිනා - අප්පු
බිරිය - අපේ උන්දා
සැමියා - අපේ ඇත්තෝ, සකියා, ගෙදර එක්කෙනා
අක්කා - අක්කණ්ඩි
අයියා - අයියණ්ඩි
නෑනා - නෑනන්ඩි
කාර්යයන් හා සම්බන්ධ පද
යමකට උපදෙස් දීම - කියා කරදීමකි
කොතෙක් කීවද ඉන් පලක් නොවීම - කියලා පරාදයි
යමකට අදිමදි කිරීම - පහිමුලෑම
හුවමාරු කර ගැනීම - කයිමාත්තු කරගැනීම
ඉක්මන් - කස්තරේ
වෙහෙසවී වැඩ කිරීම - වෙරමුන්ඩිවී වැඩ කිරීම
කෑදරකම - කදමලාකම
නින්දා අපහාස කිරීම - නස්කිරින කීම, නිග්ගරහ කීරීම
රණ්ඩුවීම - අංකර ඇල්ලීම
උගුල් ඇටවීම - වින කටිනවා
යමක් අලුතින් කරනවා - පලිප්පු දමනවා
ගහබැන ගැනීම - කාකොටා ගැනීම, ඇන කොටා ගැනීම
විහිලුකරනවා - කොක්කට්ටන් කරනවා, කෝලිත්තම්, නොන්චිකෙලි කරනවා
කරදරය - පොයියංගම, කම්බිරිස්සාව