Sunday, April 13, 2014

බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් එක් මනස්කාන්ත සුන්දර ස්ථානයක් වූ ලිප්ටන් සීට් - (Lipton Seat)

මනස්කාන්ත සුන්දරත්වයෙන් හෙබි ඌව පළාතේ තවත් එක් සුන්දර ස්ථානයක් වන ලිපටන් සීට් උෟව පළාත් වාසීන් මෙන්ම ලංකාවාසීන් ජීවිතයේ කිනම් වූ අවදියක අනිවාර්යෙන් නැරඹිය යුතු ස්ථානයකි. එය එතරම් සුන්දරය. 



බදුල්ල කොළඹ මහා මාර්ගයේ හපුතලෙන් හැරී කිලෝ මීටර් 12 ගමන්කල පසු දඹේතැන්න වතුයායට පිවිසෙයි අක්කර 925ක් වූ වතුයායේ ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ඇත විශාලතම තේ කම්හල පිහිටා ඇත්තේ මෙම වතුයායේ වීමයි. එම වතුයායේ කිලෝ මීටර් 6ක් ගමන් කල පසු ඉහල මායිමේ මෙම සුන්දර ස්ථානය පිහිටා ඇත. එමෙන්ම ඔබට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසලින් වැටී ඇති පූනාගල පාරේ කිලෝමීටර් 6ක් පමණ ගොස් නායබැද්ද පාරෙන් දඹේතැන්න වතුයායට පිවිසිය හැකි අනික් මාර්ගයයි. 




මෙහි ඔබ යන්නේ නම් උදෑසන කාලයේ යා යුතුය. එවිට ඔබට අවට පරිසරය මීදුමෙන් තොරව දැක බලාගත හැකිය. එහි ඇති සමරු පලකයට අනුව 1890 ශ්‍රීමත් තෝමස් ලිප්ටන් මහතා විසින් දඹේතැන්න වතුයාය මිලදී ගෙන ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කොට ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක  ඉහළින් පිහිටි මෙම ස්ථානයේ වැවෙන තේ සඳහා ඉතා ඉහල ඉල්ලුමක් පවතින බවත් සදහන් කර ඇත. මෙහි වසරක නිෂ්පාදනය තේ කිලෝ ග්‍රෑම් මිලියන 12 පමණ වේ. 













මෙම ස්ථානයේ සිට හම්බන්තොට, ත්‍රිකුණාමලය, ශ්‍රී පාදය, වැඩ සිටි කන්ද, මඩකලපුව, මොණරාගල, රත්නපුරය සහ දෙවුන්දර ස්ථානයන් දැක ගත හැකිය. දෙවිනුවර ප‍්‍රදීපාගාරයේ එළිය මෙන්ම ත‍්‍රිකුණාමලයේ හා කිරින්දේ ප‍්‍රදීපාගාර යන්හි එළියද දැක ගත හැකි බව ප්‍රදේශවාසීහු කියති. නමුත් ඔබ මීදුමෙන් තොර වූ දවසක එහි යෑමට වග බලා ගත යුතුය. එමෙන්ම එම ස්ථානයේ සිට ඉතා පහලින් ඇති රක්ෂිතයන්හි ගැවසෙන අලි ඇතුන්ද කලාතුරකින්‍ෙ දැකගත හැකි වේ. ජෛව විවිධත්වයෙන් සපිරි ඌව පළාතේ තවත් එක් සංදිස්ථානයක් වන ලිප්ටන් සීට් අවට පරිසරයේද ඔබට විවිධ සතුන්, ශාක එමෙන්ම අලංකාර මල් දැක ගත හැකි වේ. මෙහි එන දේශීය විදේශී්‍ය සංචාරකයන් පිරිස් අති මහත්ය. මෙහි පැමිණෙන්නෙකු හෝරා කිහිපයක් එහි රැදී සිටීමට අනිවාර්යේන් වග බලාගන්නේ එහි ඇති සුන්දරත්වය නිසාමය.

ශ්‍රී ලංකාවේ පළමු වැනි කඳු මුදුනක එලිමහනේ පෝරු මස්තක වූ ප්‍රථම මංගල යුවල ලෙසින් බ්‍රිතාන්‍ය ජාතික මනාලිය වූ ෂූ දේශීය උඩරට සම්ප්‍රදායේ මනාලියක් සේ මෙන්ම බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්ස් ජාතික ඇදුමෙන්  හැඩවී සිට තම සරණ මංගල්‍ය උත්සවය ගනිමින් 2011 වසරේ ජනවාරි මස ඉතිහාසයට එක් විය. 



වැහි කාලගුණයන් ඇති කාලවලදී මෙහි නොයන තරමට හොද යැයි පැවසිය හැකිය මන්ද අකුණු ඇදීමේ අවධානමක් මෙම ස්ථානයේ ඇත. 2012 වසරේ කොරියානු ජාතිුක තරුණයෙක් හා තරුණියක් අකුණක් වැදී මිය ගියෝය. මෙහි ප්‍රදේශවාසීන් පවසන් ආකාරයට ඔහු කිහිප විටක් එම ප්‍රදේශයට පැමිණ ඇත. අවසන් වරට ඔහු දින 15 ලිප්ටන් සීට් ප්‍රදේශ වාසින් සමඟ නැවතී සිට ඇත. සිද්ධිය වූ දිනයේ මෙම අක්කා සහ මලෝ දෙදෙනා ඡායා රූපයක් රැගෙන ලිප්ටන් සීට් කුඩා කූඩාරමේ සිට අන්තර් ජාලය හා සම්බන්ධ වී ඡායාරූපය තම මිතුරන් සමඟ බෙදාගනිමින් සිට ඇත. අපේ පාලිත ආරියවංශ මහතා එම සිදුවීම ලංකාදීප පුවත්පතට වාර්ථා කරන ලදී. ලංකාදීප පුවත්පතේ පලවූ ඒ අවාසනාවන්ත පුවතට පිවිසෙන්න http://lankadeepa.lk/index.php/articles/70526

මෙම ගමනට මාත් සමඟ එක්වූ ධමින්ද හේරත් මගේ ගුරුතුමාටත්, නුවන් මල්ලීටත් මගේ විශේෂ ස්තූතිය පුද කරමි.
- පුලස්ති වන්නිආරච්චි.

Thursday, April 10, 2014

යාල මහ වනයේ අලි ඇතුන් සමඟ

යාල සහ විල්පත්තු ජාතික වනෝද්‍යානවල භාරකරු හැටියට මා රාජකාරි කළ වකවානුවේදී එම උද්‍යානවලට නිතර ආ ගිය අමුත්තන් සහ මගේ මිත‍්‍රයන් මගෙන් නිරන්තරයෙන් ඇසූ ප‍්‍රශ්න ගණනාවක් විය. ඉන් මා වැඩිම සිත්ගත් පැනය වූයේ ”විල්සන් මහත්මයා කොහොමද මේ වනසතුන් ගහණ වනාන්තරවල අනතුරක් නොවී රාජකාරි කරන්නේ.... අපි අහලා තියෙනවා ඔයා කැලේ අලින් ළඟටම යනවා කියලා.” මුලින්ම, එනම් 1968 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු මා වසරක් පමණ ගතවන තුරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් මා ඇසූ පැනයද එයයි. ඔවුන්ගෙන් බොහෝ දෙනකු මේ වන විට මියගොස්ය. නැතහොත් වියපත්ය. ඔවුන් මට දුන් පිළිතුරු, මග පෙන්වීම්, උපදෙස් සහ වසර 40 කට අධික කාලයක් දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලයේ ලත් පළපුරුද්දෙන් එම පැනයන්ට පිළිතුරු දීමට අද මම පිරිපුන්ව සිටිමි.



මා මුහුණ දුන් ඉතා අවදානම් වූ අවස්ථා සහ පළපුරුද්දෙන් මා උගත් කරුණුවලින් බිඳක් ඔබ හමුවේ තැබීම අද මගේ ප‍්‍රයත්නයයි.

හඹා එන වන අලි නතර කරලීම:
යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු වශයෙන් මා සේවය කළ 1990 වසරේ දෙසැම්බර් මාසයේ දිනක උද්‍යානයේ විසූ දැවැන්ත දළ ඇතකුගේ හිසේ නළල (forehead) මතවූ තුවාලයකින් සැරව ගලන බව සේවකයන්ගෙන් මට දැනගැනීමට ලැබිණ. ක්ෂණයකින් මා කාර්ය මණ්ඩලය කැඳවා තුවාල වූ ඇතා ගැන කරුණු විමසීමේදී අසන්නට ලැබුණේ ”සර් ඔය ඇතා අද උදේ ගෝනගල පිටියේදී අපට දකින්නට ලැබුණා.” යන්නයි.
උද්‍යානයට පිවිසෙන ප‍්‍රධාන ගේට්ටුවේ සිට කි.මී.  නමයක් දුරින් යාල උද්‍යානයේ 1 කොටස තුළ ගෝනගල පිටිය පිහිටා ඇත. ගෝනගල වනාහි කාවන්තිස්ස රජ වකවානුවේ පුරාණ චෛත්‍යයකි.

නොපමාව මා ඇතාගේ තුවාලය පරීක්ෂා කළ යුතුය. එවන් රාජකාරියක් යටත් සේවකයකු වෙත පැවරීම මා කිසිම දිනක නොකළ දෙයකි. නළල් තලයේ පවතින තුවාලයක් බැවින් එය පරීක්ෂා කිරීමට මුහුණට මුහුණ දෙමින් ඇතා ඉදිරියට මා යා යුතුය. යාල උද්‍යානයේ 1 කොටස තුළ උදේ සිට සවස්වන තුරුම දෙස් විදෙස් සංචාරකයන්ගේ වාහන ශබ්ද ඝෝෂාව මධ්‍යයේ ඔවුන් බලා සිටියදී එය කිරීමද නුවණට හුරු නොවේ.

එබැවින් සවස 6.00 පමණ සියලූ වාහන උද්‍යාන ගේට්ටුවෙන් පිටමං වී ඇති බව තහවුරු කරගෙන මගේ නිල ජීප් රථයෙන් රියැදුරු සමග ගෝනගල පිටියට ළඟා වීමු. අතරමගදී අලි රංචු හමුවුවත් කළුවර වැටීමට පෙර මගේ අරමුණ ඉටුකර ගත යුතුව තිබේ. ප‍්‍රමාද නොවී ගෝනගල පිටිය මැදට රථය ධාවනය කළ රියැදුරු ”අන්න සර් ඇතා ඉන්නවා” රථයේ සිට මීටර් පනහක් පමණ ඈතින් වනරොදෙන් පිටතට නිසොල්මනේ ගමන් කරන ඇතා මට පෙන්වීය. රථයෙන් පිටතට බැස ගෙන දුරදක්නයෙන් ඇතාගේ නලල් තලය පරීක්ෂා කළ මට පෙනී ගියේ එය අලූත් තුවාලයක් බවය. කෙසේ වෙතත් ඇතා සමීපයටම ගොස් තුවාලය පරීක්ෂා කළ යුතුය.

ආපස්සට හැරුණු මා රියැදුරු අමතමින් බැරිවෙලාවත් ඇතා මට පහරදීගන්න බැරි වුණොත් ජීප් රථයට ගහයි. ඒ නිසා ඈතට ගිහින් පාර අයිනේ නතර කරන්න” මම උපදෙස් දුනිමි. සවස හය පසුවී ඇති බැවින් එම මාර්ගයේ වෙනත් වාහන කිසිවක් නැත. මම විනාඩි පහක් පමණ ඇතාගේ ඉරියව් අධ්‍යයනය කළෙමි. ජීප් රථයේ එන්ජිමෙන් නික්ම ගිය ශබ්දයට අවධානය යොමු කරගෙන සිටි ඇතා යළි ස්වභාවික හැසිරීමට එළඹිනි.

ඡායාරූපයක් ගැනීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා වනසතකු හෝ පක්ෂියකු සමීපයට යන අයකු තම ඇඳුමේ වර්ණය ගැන සැලකිලිමත් විය යුතුය. වඩාත් සුදුසු වර්ණය කොළ (Jungle green) පැහැයයි. සියලූ ශබ්ද වලින් තොරව එම සතා දෙසට පියවර නැගිය යුත්තේ ඔහු තමා ගැන අනවධානයෙන් සිටින විටදීය. උදාහරණයකට සතා ආහාර බුදින විට එය ප‍්‍රයෝජනයට ගෙන පියවර කීපයක් ඉදිරියට ගොස් සතාගේ අවධානය තමා වෙත එල්ලවන විටම නිසොල්මන් වියයුතුය. එවිට ඔහු ස්වල්ප වේලාවක් ආගන්තුකයා දෙස බලා සිට නැවත ආහාර බුදීම ආරම්භ කරනු ඇත. මේ අන්දමින් සතා සමීපයටම යා හැකි වුවත් අලියකු සමීපයට යාමේදී හමන සුළෙඟ් දිසාව තමාගේ මරණය කැඳවන්නක් විය හැකිය.



සුළඟ තමා පසුකොට අලියා දෙසට හමා ගිය කෙණෙහිම මිනිස් ගඳ (Human odour) ඉව වැටී කෝපාවිෂ්ඨ වන අලියා ආගන්තුකයා සිටින්නේ ඈතින් නම් ඌ පළා යන්නේය. ඇතා සමීපයට සහ ඉදිරියට පියවර නගන මම මේ සියල්ල දැන සිටියෙමි. සුළඟ ඇතා දෙසින් මා වෙතය. මේ අවස්ථාවේ දුර දක්නයකින් බැලීම අන්තරාදායක වන්නේ එය තුළින් අලියාගේ ඉරියව් හරිහැටි නොපෙනෙන බැවිනි. අලියාගේ නළලේ තුවාලය පියවි ඇසින් හොඳ හැටි මම දැක ගතිමි. එය වෙඩිකරුවකුගේ වෙඩි පහරක් වුවත් මොළයට (Brain) හානියක් සිදුවී නොමැති සැටියක් පෙනේ.

දැන් මා සහ ඇතා අතර දුර යාර 30 ක් පමණය. මම ඉදිරියට යාම නතර කළෙමි. ඇතාගේ ඉරියව් වෙනස් වන ආකාරය මට පෙනේ. ඔහු කන් පෙති දෙක කෙළින් කරගෙන හොඬවැල අග කොටස මුව තුළට ගති. ඇතාගේ අවධානය හා දෙඇස් මා වෙත යොමුවී ඇති අතර මගේ දෙඇස් කෙළින්ම ඔහු වෙතය. තව මොහොතකින් ඔහු මා වෙත හඹා එන බව මම හොඳින්ම දැන සිටිමි. මේ සුන්දර වනපෙතේ අධිපති මමයි. ඉන් නැගෙන අභිමානයෙන් මගේ සිත තුළ දැඩි චිත්ත ශක්තියක් ජනිතව තිබේ. මම තවත් පියවරක් ඉදිරියට ගත් තැන ඇතා විශාල ඝෝරනාඩු ශබ්දයක් මුවින් පිටකරමින් හොඬවැල නමාගෙනම මා වෙත හඹා එන්නට විය.

මම එකදු අඩියක් පස්සට නොගෙන නොබියව මුහුණ දෙමින් මගේ පාදයේ ඇඟිලි තුඩුවලින් ශරීරය එක්වරම උඩට උස්සා අත්දෙක දෙපසට විහිදුවා ඉතා අධික උස්හඬින් කෑගසමින් ”දහ අලියා ඒයි කොහෙද බොල එන්න හදන්නේ” නොනවත්වා කියාගෙන ගියෙමි. මගේ කටහඬ දැඩිය. එයද ඝෝරනාඩු ශබ්දයකි.
එම ශබ්දය නිසොල්මන් වනාන්තරයේ දෝංකාරය විය. 1973 වසරේදී ගල්ඔය ජාතික වන උයනේදී ඉතාමත් අනපේක්ෂිත අන්දමින් මුහුණට මුහුණ ලා හමුවූ දැවැන්ත කුළු මීහරක් මදයකු කෝපාවිෂ්ට වී ඊයක් ලෙසින් අප වෙත හඹා ආ අවස්ථාවේදී පවා ඔහු පලවා හැරියේ අපගේ දැඩි කට හඬ ශබ්දයෙන් බව මට සිහිපත් විය.

අනතුරුව තව තවත් උස්හඬින් ඇතාගේ මුහුණ දෙස බලාගෙනම බැණවැදුණි. එකෙණෙහිම නතරවූ ඇතා ආපසු නොහැරී ආපස්සට යන්නට විය. මමද ආපසු නොහැරී ඇතා දෙස බලාගෙනම යාර 15-20 පමණ ආපස්සට වුත් මගේ නිල රථය නතර කොට තිබූ මාර්ගය දෙස බැලූවෙමි.

මගේ රථයට අමතරව තවත් වාහනයක් මාර්ගයේ නතර කරගෙන ඒ තුළ සිටි අමුත්තෝ මා දෙස බලා සිටිති. මේ අවේලාවේ මෙතැනට ආ පිරිස කවුද යන්න සිතමින් මගේ රථය ගෙන එන ලෙස රියදුරුට සංඥාවක් කොට මම මාර්ගය දෙසට පිය නැගුවෙමි.

මොහොතකට පසුව ආගන්තුක රථයේ සිට එළියට පැමිණියේ මගේම කාර්යාලයේ සේවය කරන වන ජීවී අඩවි සහකාර ආර්.පී. කරුණාසේන මහතාය (දැනට විශ‍්‍රාමික). කරුණාසේන මා අසලට පැමිණ ”සර් මම එක්ක ආ කණ්ඩායම නතර වෙලා ඉන්නෙ උද්‍යානයේ බුතව බංගලාවේ. ජීප් රථයේ ඉන්න දොස්තර මහත්තයා සර්ට පොඞ්ඩක් කතා කරන්න පුළුවන්ද අහනවා”


කවුරුන් වුනත් මට පහරදීමට හඹා ආ ඇතා නතර කළ ජවනිකාව දුටුවෙන් ඉන් ජනිත වූ කුතුහලය නිසා මට කතා කිරීමට අවශ්‍ය වූ අයකු විය යුතුයැයි මට සිතුනි. එය මගේ රාජකාරියේ අංගයක් බව කල්පනා කළ මා එම රථය අසලට ගියෙමි.

රියැදුරු අසුනේ වාඩිවී සිටි අය මට කතා කරමින් ”විල්සන් මහත්මයා මම මාතර මහ රෝහලේ ප‍්‍රසව නාරි වෛද්‍ය හේමන්ත පෙරේරා. අපි දැනගන්න කැමතියි ඔයා අර ඇතා නතර කළේ කොහොමද කියලා”

මද සිනහවක් පෑ මම පොඩි විජ්ජාවක් කළා. ඔයාලා ලබන වතාවේ යාල ආවම විස්තරේ කියන්නම් කළුවර වැටීගෙන එන නිසා දැන් බංගලාවට යන්න” යයි මම කීවෙමි. යාබද අසුනේ වාඩිවී සිටි හේමන්ත පෙරේරා මහත්මිය හේමන්ත මහතාගේ කණට කොඳුරා යමක් කීය. ඇයද වෛද්‍යවරියක් බව මම පසුව දැනගතිමි.

”එහෙනම් අද රාත‍්‍රී අප ඉන්න බංගලාවට එන්න. අපිත් එක්ක කෑම ටිකක් කාලා යන්න” වෛද්‍ය හේමන්ත මට ආරාධනා කළෙන් මම මගේ නිවහනට ගොස් රාත‍්‍රී ඔවුන් පදිංචිව සිටි බංගලාවට පැමිණියෙමි.

එහෙත් ඇතා නතර කළ ආකාරය එදින හෙළි කළේ දැයි මතක නැත. මේ වන විට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රසව නාරි වෛද්‍ය විශේෂඥ වරුන්ගෙන් කෙනෙකු වන වෛද්‍ය හේමන්ත පෙරේරා සහ එම මහත්මිය එදින සිට මගේ හොඳ මිත‍්‍රයෝ වූහ.

http://www.lankadeepa.lk/index.php/articles/222590

Tuesday, April 8, 2014

හපුතලේ කන්දෙන් කන්දට කෝච්චි එළිය වැටෙන විට හරිම ලස්සනයි

සද්ධන්ත ප්‍රේමය සුන්දරයි, මහවන මැදට රකුසන් ඇවිත්, රන් පොළොව සාගින්න හා මරණය වැනි සොබා දහමත් ගොවිතැනත් එක් කොටගත් පොතපත ඇසුරු කරන විට ප්‍රවීණ පරිසර මාධ්‍යවේදියකු වන ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා කෙතරම් පරිසරය හා බැදුනෙකු දැයි අපට පැහැදිලි වෙයි. උපන්ගම රත්නපුර වූ නිසාම කිරිඇල්ල සමූහ වාර්තාකරු ලෙස 1989 දි දිනමිණ පුවත්පතට සම්බන්ධ වූ ඔහුගේ සේවය සිළුමිණට ද ලැබිණි. 1991 දී බදාදා ලංකාදීපයේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස කටයුතු කළ ඔහු 1994 ඇරැඹුණු ඉරිදා ලක්බිම පුවත්පතේ ආරම්භක සාමාජිකයකු විය. හොඳම පාරිසරික මාධ්‍යවේදියාට හිමි සම්මානයෙන් ප්‍රථම වරට 1998 දී පිදුම් ලද ඔහු ඉන් වසර දෙකකට පසු ඇරැඹි දිනපතා ලක්බිම පුවත්පතේ ප්‍රාදේශීය කර්තෘවරයා ලෙස දහතුන් වසරක් සේවය කළේය. මේ වන විට සහාකර කතුවරයකු ලෙස ඔහුගේ සේවය සපයන්නේ ඉරුදින පුවත්පතටයි.




පරිසර මාධ්‍යවේදියකු ලෙස රට පුරා බොහෝ තැන්වල ඇවිද ඇති ඔහුගේ දෙනෙතට නිරීක්ෂණය වූ බොහෝ ලස්සන තැන් තිබිය යුතුය. එහෙත් පරිසරලෝලියකු දුටු ලස්සනම තැන විය යුත්තේ පරිසර සුන්දරත්වය මෙන් ම දැනුමක් ලැබිය හැකි ස්ථානයක් බව ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතාගේ අදහසයි. ඔහු එය විස්තර කරන්නේ මෙසේය.



“පරිසරය ගැන උනන්දුවන කවුරුන් හෝ වේවා. ජීවිතේ එක වතාවක්වත් ඇවිද තිබෙන්න එන ප්‍රදේශයක් තමයි මේ.”



තමන් විඳි සොබා සොඳුරු චමත්කාරය කෙතරම් ද යන්න කීමට මුල පුරමින් කී ඔහු පළමුව එහි යන ගමන් මාර්ගය දීර්ඝ වශයෙන් දැක්වූයේය.



“කොළඹ බදුල්ල පාරේ බෙලිහුල් ඔය පහුකරගෙන උඩට යනකොට හපුතලේ ආශ්‍රිතව සංචාරයේ යෙදෙන්න මම කැමති, ඉතා කෙටි දුරකදී විවිධ දේශගුණික වෙනස්කම් අත්විඳින්න පුළුවන් නිසයි.”



“මේ පාර කළුපහන, බෙරයක් වගේ ගල් පර්වත හමුවන බෙරගල හරහා ගමන් කරන්නේ. වම් පැත්තේ උසට පේන්නේ මධ්‍යම කඳුකරය. එහි උඩින් ම හෝර්ටන්තැන්න දකුණු පැත්තේ වළවේ ගං නිම්නය. ඊට මෙපිටින් කිරිඳි ඔය නිම්නය. ඒ කිරිඳි ඔය ලෙස පහළ දී හඳුන්වන්නේ දියලුම ඇල්ලනේ. ඒ වගේ දිය ඇලි, ගංගා ගැන කතා කළොත් බණ්ඩාරවෙලට එහා කුඹල්වල හන්දියෙන් මාවනැල්ල පාරේ එද්දි රාවණා ඇල්ල හමුවෙනවා. ඒ දිය පහර කුඩා ඔය නමින් පහළ දී හමුවෙනවා.”



ඉන්පසු ඔහු බෙරගල පාර පිළිබඳ එක් එක් අය දුටු අයුරු ද විස්තර කළේය.



“බෙරගල ඉඳන් බලද්දි අපට පේන්නේ දැඩි බෑවුමක්නේ. භූගෝලියව සැලකුවොත් එය මධ්‍යම කඳුකරයේ පර්වත වේදිකාව කියන්න පුළුවන්. ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ මහත්මයා වරක් ලියා තිබුණා මට මතකයි මේ වේදිකාවේ සිට බලන විට පිදුරුතලාගල පාමුල වැතිරුණු පුංචි දරුවන් වගේ පොඩි පොඩි කඳු පේනවා කියලා. ඇත්තෙන් ම කොත් ආකාර කඳු රැසක් තැනින් තැන නැඟී සිටින හැටි බලන්න හරිම අපූරුයි.”



“ඒ වගේම බදුලු කෝච්චිය පට්ටිපොළ ඉඳන් හපුතලේ පැත්තට මහ පාන්දර ජාමෙට යනකොට කන්දෙන් කන්දට කෝච්චියේ පහන් එළිය වදින හැටි බලන්න ලස්සනයි. ඒත් එය බොහොම අහම්බෙන් තමයි දකින්න වෙන්නේ. මොකද කෝච්චිය යන වෙලාවට ඒ පාර අයිනේ ඉඳන් බලා ඉන්න කවුරුවත් නිදිවරන්නේ නැති නිසා.”



සිනාසී එසේ කියූ ඔහු හපුතලේ පාරේ ඉතිහාසය ද සිහි කිරීමට අමතක කළේ නැත.



“බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ, කෝපි ආදිය ගෙනියන්න හැදුව පාර තමයි ඒ. කිලෝමීටර දොළහක් පමණ දුර මේ කරත්ත පාර අතිශයින් ම දුෂ්කර එකක්. ඒකනේ අපේ ජනශ්‍රැතිවල එන කරත්ත කවිවල හපුතලේ... කන්ද දැකලා බඩ දනවා... කියලා කීවේ.”



“තනිකර තේවතු තිබුණු පළාතක් වුණාට දැන් නම් එළවළු එහෙමත් තිබෙනවා. ඇඩිසන් බංගලාවත් මේ පාරේ තිබෙන අපූරු ස්ථානයක්. ඒ වගේ ම නොයෙක් නොයෙක් පරිසර පද්ධති මේ පාර දෙපස දකින්න පුළුවන්.”




“කඳු පන්තියක ඉහළ දිගේ යද්දි ඒවායේ නිම්න පෙනෙන්නේ හරිම චමත්කාරජනක විදිහකට. ඒ කඳු නාරටිය දිගේ හැන්දෑවට ඇවිදින කොට කොත් වගේ පෙනෙන කඳු ගැටි අතර මීදුම රැඳිලා, හරියට වලාකුළු ගංගාවකින් මතු වුණු දූපත් වගේ පෙනෙද්දි මැවෙන්නේ අමුතුම සුන්දරත්වයක්.”



“අද ඊයේ නෙවෙයි මේ දර්ශනය එදා සිට දකින්න ලැබුණු බවට හොඳ සාක්ෂියක් තමයි ඊ. කොළොන්නගේ විසින් පරිවර්තනය කළ “අලිපාර” නවකතාවේ මේ මඟ දෙපස ලස්සන ගැන කෙරෙන විස්තරය.”



තමන් විසින් දකින ලද ඒ චමත්කාරය දෙස ඔහු මනසින් මොහොතක් බලා සිටියා වැන්න. ඉන්පසු ඒ පාර දිග බොහෝ දුරක් ඔහු ගමන් කළා සේ යළිත් විස්තර කියන්නට ගත්තේය.



“හපුතලෙන් තවත් ටිකක් ඉහළට ගියාම ඉදල්ගස් හින්න දුම්රිය ස්ථානය තිබෙනවා. ඒ හරියෙන් බලද්දි වළවේ නිම්නය වගේ ම මහවැලියේ පරිවාර නිම්නය දිලිසෙන රිදී කඳක් වගේ දිය දහර පළාවන් පැහැය මතුවන පරිදි තැනින්තැන ගුරු පැහැය මිශ්‍රවුණු කඳු යාය අතරින් රටාවකට ගලා බසින්නේ දර්ශනීය භූමි දර්ශන මවමින්.”




ඉන්පසු ඔහු ඇඟට දැනෙන සොබා දහමේ වෙනස ගැනද කීවේය.



හපුතලේ හරිය ශීත දේශගුණය නිසා එහි වැඩෙන ගස්වැල්, සතුන් වගේ ම පරිසර පද්ධතියේ සංයුතිය දියලුම හරියෙදි දැඩි රස්නයට මාරු වෙනවා. ඇත්තෙන්ම පිච්චෙන අව්වක් තිබෙන්නේ. විශේෂයෙන් රාවණ ඇල්ල ප්‍රදේශයේ කට්ට අව්ව.”



ඇත්තෙන්ම ලංකාවේ දේශගුණික කලාප කීපයක වෙනස මේ ම‍ඟේ ගමන් කරන කෙටි දුරකදි විඳින්න පුළුවන්. හෝර්ටන් වගේම ශ්‍රිපාද මහ රක්ෂිතය ගංගා දියසීරාව සහිත ජලපෝෂක ප්‍රදේශ සහිත ප්‍රධාන තෙත් කලාපීය වනයත් ඉන් පහළට කිරිඳි ඔයේ ඉහත්තෑවේ සිට කැලෑ කුට්ටියත් දියලුම ඇල්ල දෙසට හා කොස්ලන්ද පැත්තට අතරමැදි දේශගුණය සහිත වනාන්තරත්, උඩවලවේ, ලුණුගම්වෙහෙර, ගම්පහ පෙදෙසට වියළි කලාපීය ලක්ෂණත් හොඳීන් දැනෙනවා.”



ඉන්පසු ඔහු කීවේ තමන් බොහෝ සෙයින් ප්‍රිය කරන අලි ඇතුන් වසන පෙදෙස ගැනය.



“බණ්ඩාරවෙල නගරයේ පොළ තිබෙන හරියෙන් දකුණට දියලුම හරහා කොස්ලන්දට යද්දී දර්ශනය හරිම විචිත්‍රයි. කඳු නාරටියෙන් නාරටියට පාර තිබෙන තැන්වල එහෙම තමයි. ඒ පාර වැටෙන්නේ දියලුම ඇල්ලේ මුදුනතටයි. ඒ ප්‍රදේශයේ විශේෂත්වය තමයි වළවේ හා ලුණුගම්වෙහෙර අලින් මේ හරියට පැමිණීම. යම් අවදානමක් තිබුණත් අලින් දකින්න අපි කැමැතිනේ.”



දිගින් දිගට තමන් දුටු ලස්සනම තැන වූ හපුතලේ කඳු නාරටි මාර්ගය පිළිබඳ විස්තර කළ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා. එහි වටිනාකම අප කෙතරම් අවබෝධ කරගෙන ඇත්ද යන්න පිළිබඳ මෙසේ විමසුවේය.



“මේ කලාපයට මම දැන් අවුරුදු තුනකින් පමණ ගියේ නෑ. හැබැයි එහි ගොල්ෆ් පිටියක් හදන්න යන බවට ආන්දෝලනාත්මක ආරංචියක් ලැබුණා. එය ඇත්තක් නම් පරිසරයට එයින් සිදුවන්නේ විශාල හානියක්.”



ඒ වගේම මෙහි ප්‍රධානතම පරිසර ගැටලුව තමයි වනාන්තර ඇතුළට එළවලු භෝග වගාව ව්‍යාප්ත වීම. එහි හානිය වන්නේ කෘෂි රසායන භාවිතය නිසා ජල පෝෂක හා ජල උල්පත්වලට ඒ රසායන ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් ඒ වතුරෙන් යැපෙන පහළ කලාපයේ වැව් ටිකත් දූෂණය වීමයි. අනෙක හුදෙකලා ඉඩම්වල ගස් කපනවා. අනවශ්‍ය ඉදිකිරීම් නිසා විනාශයට පත් වෙනවා. විශේෂයෙන් නාකැටිය වැනි විශාලම නාය ගිය ප්‍රදේශය පවා ඇති මේ භූමි ප්‍රදේශයේ නීතිය නීතිය හැටියට ක්‍රියාත්මක වෙනවා නම් මේ පරිසර පද්ධති රැකෙයි. බණ්ඩාරවෙලටත් අලි එන තරමට අලි මිනිස් ගැටුමත් ප්‍රදේශයට ප්‍රශ්නයක් වන්නේ මෙහි පරිසර ස්වභාවය පිළිබඳ නිසි අවබෝධයකින් සුරැකීමේ කටයුතු නොකෙරෙන නිසා ද කියන පැනය අපට මතු වෙනවා.”



“අපි දුටු ලස්සන අපට ම වුණත් අනාගතේදි දකින්න නම් මේ දේවල් තුලනාත්මකව කළමනාකරණය විය යුතුයි.



‘සිළුමිණ’අන්තර්ජාල සංස්කරණය: ලේක්හවුස් - ශී‍්‍ර ලංකා

http://www.silumina.lk/2014/04/06/_art.asp?fn=ay1404061

Sunday, April 6, 2014

Sam's Story - සැමිගේ කතාව


2013 නිව්යෝක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලද...
ප්‍රියංකර විතානාච්චි සිනමා සිත්තම... ඔබටත් රසවිදීමට දැන් දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශණය කරනු ලබයි...

රීගල් - කොළඹ | රීගල් - මීගමුව | රීගල් - නුවර | ලීඩෝ - බොරැල්ල | නයෝමී - ගම්පහ | මිලානෝ - කෑගල්ල | ප්‍රින්සස් - ගාල්ල | ඕඩියන් - ගල්කිස්ස | කන්ට්‍රාස්ට් - දළුගම | ඉම්පීරියල් - කුරුණෑගල | ඉම්පීරියල් - රත්නපුර | විජේන්ද්‍ර - අනුරාධපුර | දුල්මිණි - හොරණ | චිත්‍රා - කළුතර | නව සිනමා - මාතර | ඇමිටි ලයිට් - මහරගම | ජයලත් - කටුනායක | ඉම්පීරියල් - අවිස්සාවේල්ල

Web Site : http://www.samigekathawa.com
Facebook Fan Page: https://www.facebook.com/SamsStorythemovie
Facebook Group: https://www.facebook.com/groups/SamsStory
Google Plus Page : google.com/+SamigekathawaFilm


අතිශය සුන්දර වූ, සාමාජයේ වීශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන වැඩි වැඩියෙන් හිතන්නට යමක් ඇති කරන්නාවූ , සාර්ථක නිර්මාණයක පෙළහර අද දිනයේ මා මසැසින් දුටුවෙමි... එවැනි අය ගැන යමක් අනාගතයේදී වැඩි වැඩියෙන් කරන්නට මනසින් සිතුවෙමි... ජගත් චමිලයන්ගේ අග්‍රගනයේ ප්‍රතිභාපූර්ණ රංගනය ඉතා ප්‍රියකරුයැයි කටපුරා කිවහැකිය.. ප්‍රියංකර අයියේ ඔබ නම් ඉතා සුන්දර දක්ෂ අග්‍රගනයේ නිර්මාණකරුවෙකි... තව තවත් මෙවැනි ගුණාත්මයෙන් ඉහල නිර්මාණ කරන්නට ඔබට ශක්තිය ධෛර්්‍යය ලැබේවා!... ඔබට තෙරුවන් සරණයි!... - පුලස්ති වන්නිආරච්චි

Thursday, February 13, 2014

ලොවම මවිත කළ දෙමෝදර රේල් ගැටය සහ දෙමෝදර පාළම

සුන්දර බදුලු ඔයත් ඊට එක්‌ වන අතු ගංගාවත් ප්‍රදේශයේ ජනතාවට නෙත් පිනවන දසුනක්‌ විය. එම නිසාම ඒ ස්‌ථානය "දෙමෝදර" ලෙසින් ජනවහරට එක්‌විය.

"දෙමෝදර" දැන් ලොව පුරා ප්‍රචලිතවී අවසන්ය. නමුත් ඒ සොබා දහමේ තිළිණයක්‌ ලෙස ගංඟා දෙකක්‌ එක්‌වන ස්‌ථානයක්‌ නිසා නොවේ.

ශ්‍රී ලාංකිකයන් එදා මෙදා තුර කරනලද බොහෝ නිමවුම් ලොව මවිත කළේ ඉතිහාසයේ පමණමය. රාවණාගේ දඬු මොණරයෙන් ඇරඹුණු එම විශ්මිත නිමවුම්වල ශේෂ සිය දහස්‌ ගණනක්‌ රජ දවස පටන් අද දක්‌වා පවතියි. එහෙත් දෙමෝදර ප්‍රකට වුණේ පසුගිය සියවසෙහි දී තරම් මෑත කාලයේ ශ්‍රී ලාංකික නිර්මාණ හැකියාවේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

"දෙමෝදර දුම්රිය මාර්ගය" ලෙස හඳුන්වනු ලබන සුප්‍රකට නිමවුම් බොහෝ දෙනකු විසින් හඳුන්වනු ලබන්නේ විශ්වකර්ම නිර්මාණයක්‌ ලෙසිනි. එවකට යටත් විජිත සුදු පාලකයින් පවා මවිත කරන ලද එය දුලභ ගණයේම දුම්රිය මාර්ගය බවටද පත්විය. ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේම එවැනි දුම්රිය මාර්ගයක්‌ ඉදිකෙරුණු පළමු අවස්‌ථාව එය විය. එහි ඇති සුවිශේෂී බව සමස්‌ත ලෝකයාගේම අවධානය යොමු වීමට හේතුවිය.

ශ්‍රී ලංකා දුම්රිය මාර්ග පිළිබඳ ලියෑවෙන විට අමතක නොවන ඉංගී්‍රසි ආණ්‌ඩුකාරතුමා සර්. හෙන්රි වෝඩ් (1855-1860) ය. මෙරට දුම්රිය මාර්ගයක්‌ පළමු වරට ඉදිකිරීමේ ගෞරවය නිතතින් හිමි වන පුරෝගාමියා ඔහුය.

කොළඹ සිට කන්ද උඩරට බලා දිවයන දුම්රිය මාර්ගය දැකුම්කළු දසුනක්‌ ඇති කරයි. ඊට බදුල්ලේ දෙමෝදරදී බාධකයක්‌ ලෙස මුණ ගැසෙන භූ විෂමතාව නිර්මාණාත්මකව ජය ගැනීමෙන් ලොව ප්‍රකට වුණු "දෙමෝදර දුම්රිය මාර්ගය සුවිශේෂී නිමවුමක්‌ ලෙස ඉතිහාසයට එකතු වී ඇත.

බදුල්ලත්, බණ්‌ඩාරවෙලත් අතර පිහිටි දෙමෝදර දුම්රිය ස්‌ථානය සහ දුම්රිය මාර්ගය ඉදිකෙරුණේ 1921 දී පමණය. කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේ සිට ඊට සැතපුම් 172 ක්‌ හෙවත් කි.මී. 276 ක්‌ පමණ දුරකින් එය පිහිටා ඇත. මුහුදු මට්‌ටමේ සිට උස මීටර් 911 ක්‌ පමණ දෙමෝදර දුම්රිය ස්‌ථානය ඉදිකොට තිබේ.

දෙමෝදර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගෞරවය හිමි වන්නේ ගෞරවණීය ශ්‍රී ලාංකික පුත්‍රයකු වූ ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා වෙතය. මෙම විශ්මිත නිමවුමේ විශ්වකර්මයා එතුමාය.

නමුත් දෙමෝදර ප්‍රදේශයේ මෙහි නිර්මාණාත්මක අදහස පිළිබඳ කියෑවෙන ජනප්‍රවාදයක්‌ද ජනතාව අතර ප්‍රචලිතව ඇත. අප්පුහාමි නම් වූ හරක්‌ බලා ගන්නෙක්‌ හෙවත් ගොපලු තරුණයෙක්‌ පිළිබඳ වූ කතාවක්‌ එලෙස ජනප්‍රවාදයට එක්‌ වී තිබේ.

දෙමෝදර ඔස්‌සේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගැටලුවකට එහි ඉදිකිරීම් සිදුකළ සුදු ජාතිකයන් මුහුණදී ඇත. එම ප්‍රදේශයේ භූ විෂමතාව අනුව බණ්‌ඩාරවෙල සිට සැතපුම් 3 1/2 ක පමණ අමතර දුරක්‌ දුම්රිය මාර්ගය ඉදිකිරීමට සිදුවී ඇත. එසේ නොමැතිව එම ස්‌ථානයෙන් දුම්රියක්‌ ධාවනය කිරීමට නොහැකිය. ඉංගී්‍රසින් ඒ පිළිබඳ කල්පනා කරමින් සිටියදී දෙමෝදර කඳු මුදුනෙහි හරක්‌ බලමින් සිටි ගොපල්ලා අපූරු අදහසක්‌ ඉදිරිපත් කළේය.

සිය හිසෙහි ජටාව බඳින ආකාරය පෙන්වා කන්ද වටා එම ආකාරයම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සුදුසු බව ඔහුගේ උපදේශය විය. ඒ අනුව කන්ද වටා ගොස්‌ දුම්රිය ස්‌ථානයට යටින් උමගකින්ද ගොස්‌ දුම්රිය ධාවනය කිරීමට සුදුසු දුම්රිය මාර්ගයක්‌ ඉංගී්‍රසි පාලකයන් විසින් ඉදිකරන ලදී.

ජනප්‍රවාදයේ එලෙස අදහසක්‌ පැවතියද ඉංගී්‍රසි ඉංජිනේරුවන් ද මවිත කරමින් එම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා උපදෙස්‌ ලබාදෙන ලද්දේ සුප්‍රකට ඉංජිනේරු ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා විසිනි.

.කදදචසබට එද කදදච. ලෙස හඳුන්වන ලද මෙම දුම්රිය මාර්ගය කි.මී. 1 පමණ දුරකින් යුතු වූවකි. දුම්රිය ස්‌ථානය පිහිටි දෙමෝදර කන්ද වටා පැදකුණු කොට බදුල්ල වෙත පහසුවෙන් ගමන් කිරීම මෙමඟින් සිදුවෙයි.

දුම්රිය මාර්ගයේ උමගක්‌ ද වෙයි. එය දුම්රිය ස්‌ථානය යට පිහිටීමද තවත් විශේෂත්වයකි. අඩි 416 ක්‌ හෙවත් මීටර් 170 ක්‌ පමණ එම උමග දිගින් යුතුය. කොළඹ සිට ගමන් ගන්නා දුම්රිය මාර්ගය කි.මී. 277.64-277.814 අතර එම දුම්රිය උමග ඉදිකොට තිබේ.



මෙම දුම්රිය මාර්ගය කන්දක්‌ වටා ගමන් කරන්නේ ආනතියකින් යුතුවය. අඩි 44 ට අඩි 1 ක්‌ ලෙස එහි ආනතිය තබා ඇත. ඉපැරැණි රජ දවසින් පසු ඉදිකරන ලද තවත් විශ්මිත නිමවුමක්‌ බව ප්‍රකට කරන්නට එයද කදිම සාක්‍ෂියකි.

දෙමෝදර දුම්රිය ස්‌ථානය දුම්රිය මාර්ග 3 කින් ද සමන්විතය. ශ්‍රී ලංකාවේ පිහිටි ජනප්‍රිතම දුම්රිය මධ්‍යස්‌ථානයක්‌ ලෙස එය ප්‍රකටව ඇත්තේ දෙමෝදර දුම්රිය මාර්ගය නිසාය.

දෙමෝදර දුම්රිය මාර්ගයේ ගමන අවසන් වී බදුල්ල දෙසට යළි ගමන් අරඹන්නේ "කළු පාලම මතිනි. කළු පාලමද බදුලු ඔය හරහා ඉදිකොට ඇති විශිෂ්ට නිර්මාණයකි. කළු ගල් එක මත එක තැබූ එහි ආරුක්‌කුවල උස අඩි සියයකටත් වඩා වැඩිය. ඒ මතින් ගමන් කරනා විට හද කකියවන සුළු හැඟීමක්‌ දැණුනද එය මෙරට ඉංජිනේරුවන්ගේ විශිෂ්ට පාලම් නිර්මාණයක්‌ ලෙස හඳුනා ගනිද්දී සිතට දැනෙන්නේ ආඩම්බරයකි.

මෙලෙස විශ්මිත ශිල්පීය නිර්මාණයක්‌ වී ඇති දෙමෝදර දුම්රිය මාර්ගය තවත් සියවස්‌ ගණනාවක්‌ ගතවුව ද ශ්‍රී ලාංකිකයන්ගේ හපන්කම් ලොවට පැවසීමට සමත් වනු ඇත.



දෙමෝදර ආකෘතියක්‌

දෙනගම ධම්මික රණවීර
දිවයින
http://www.divaina.com/2009/07/26/feature20.html


Sunday, January 19, 2014

සියලු සම්පත් දුගී මිනිසුන්ට කැප කර අන්ත දුගී දිවියක්‌ ගෙවන මහා ඉසිවරිය



* ජීවත්වුනේ කුරුඳුවත්තෙ බංගලාවක...
ඉගෙන ගත්තේ ලේඩීස්‌ කොලේඡ් එකේ...

* විශේෂඥ වෛද්‍යවරියක්‌...
ඒත් කවදාවත් රෝගියකුගෙන් ශතයක්‌වත් අරන් නැහැ...

* සියලුදේ අතහැර ඇවිත් ජීවිතේ කැපකළේ
මහවැලියෙ දුප්පත් මිනිස්‌සු වෙනුවෙන්....

*අද ඇගේ තනියට ඉන්නේ බල්ලන් සහ බළලුන් පමණයි.... 

සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කළේ සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා. කකුල් දෙකේ සත්ත්වයෝ විතරක්‌ සුවපත් වෙත්වා කියලා උන්වහන්සේ දේශනා කරල නැහැ රත්තරන් පුතේ. පන්සලකට යන්න මගෙ ඇස්‌ දෙක පෙනෙන්නෙ නැහැ. නමුත් මම පන්සිල් රකිනවා. මම මගේ ජීවිත කාලය පුරාවට අසරණ මිනිසුන්ට සරණ වුණා. මම හරිද වැරදිද දන්නෙ නැහැ. දැන් මම අසරණ සතුන්ට පිහිට වෙනවා." වියපත් වුවත් ඒ හඬ ප්‍රබලය, පැහැදිලිය. 

මහවැලි සී කලාපයට පැමිණි පළමු වැනි එම්. බී. බී. එස්‌. වෛද්‍යවරිය ඇය බව තතු දත්තෝ පවසති. නමුත් මහවැලියේ ජන සමාජයට අමතක වූ ළමාරෝග විශේෂඥ වෛද්‍ය හීරලු පතිරණලාගේ විනීතා රංජනී ගුණවර්ධන ප්‍රනාන්දු නම් වූ ඇය අද දිඹුලාගල, කජුවත්තේ කැලෑවක්‌ මැද මෙසේ හුදෙකලා වී සිටින්නීය. කලක්‌ මහවැලි කලාපයේ නොදරුවන් සුවපත් කළ මේ ඉසිවර වෙදැදුරුවරියට අපේ දුර්ගුණ පිරි සමාජය කෘතගුණ සලකා නැත. අද ඇය හුදෙකලාව සිටින්නීය. යුතුකමක්‌ ලෙස හෝ මේ සමාජය විසින් සෙනෙහස, රැකවරණය සැපයිය යුතුව තිබූ ඇයට මේ මොහොත වන විට ඒ අඩුව සම්පූර්ණ කරන්නේ බල්ලන් තිහක්‌ සහ පූසන් පහළොස්‌ දෙනෙකි. 

ඇගේ පන්තියේ වෘත්තිකයන් මහ පොළොවේ පය නොතබා අමුතු සමාජ ප්‍රාකාර තනාගෙන සිටිද්දී මිනිසුන් අතර හි`දිමින්, මිනිසුන් අතර ජීවිතේ අවසාන සමය දිය කර හරින මේ විශේෂඥ ළමා රෝග වෛද්‍යවරිය සොයාගෙන අපි ගියෙමු. දෙහිඅත්තකණ්‌ඩියේ සිට අරලගංවිලට යන මාර්ගයේ කිලෝමීටර දොළහක්‌ පමණ ගිය තැන හමුවන අතහැර දමා ඇති කජුවත්ත මහවැලි කොට්‌ඨාස කළමනාකරණ කාර්යාලයේ පැරණි ගබඩා කාමරය දැන් ඇගේ ස්‌ථිර නවාතැනය. ගබඩා කාමරය වටා ගරාවැටුණු ගොඩනැඟිලිය. හතරවටම ඝණ කැලෑවය. අපි අසීරුවෙන් එතැනට ළ`ගාවෙමින් සිටියෙමු. එක්‌වරම ගොරවාගෙන හපන්නට පනින බලු රැළක්‌ මතුව ආවෝය. ඔවුන්ට ඉංග්‍රීසි බසින් අණක්‌ ලැබිණි. ඒ අණ පිළිගෙන බලුරැළ නිහඩව පසු බැස ගියහ. ජනේලයක්‌ නැති පාළු කාමරය අ`දුරු ගල් ගුහාවක්‌ වැනිය. දොරක්‌ නැති කාමරය චීත්තරෙද්දකින් ආවරණය කර තිබෙන්නේය. ඇය සන්තක වූ වටිනාම ගෘහ උපකරණය ලෑලි කැලි කීපයකින් තැනූ ඇ`දයි. ඇ`ද වටකොට ඇති පුටු කීපය බළලුන්ගේ නවාතැන්ය.

මේ ගුප්ත පෙනුමැති නිවහන පසුබිමේ පසන් සිනාවකින් මුව සරසාගෙන සිටිනා මේ වියපත් වෛද්‍යවරිය අප තිගස්‌වන්නීය. මෙවැනි චරිත අප දකින්නේ සම්භාව්‍ය සිනමා කෘතිවලය. නවකතාවලය. අප වැනි රටක මහා සමාජ ගාම්භීරත්වයක්‌ සහිත වෘත්තියක්‌ මනුෂ්‍යයන් වෙනුවෙන් කළමුත් ඒ ගාම්භීර සමාජයේ දොරටු විවෘත කර නොගත් මේ වියපත් මාතාව හුවූදකලා වී ඇති ආකාරය දකින විට අප කම්පනයට පත්වන්නේය.

ඇය හා මොහොතක සල්ලාපයෙන් පසු ඇය අපට ඇයගේ අතීතය කියන්නට වුවාය. ඒ සංවේදනීය කතාව ඇගේ හ`ඩින්ම කියෑවෙන්නේ මෙසේය.

"මගේ තාත්තා හීරලු පතිරණලාගේ ගුණවර්ධන. එයාගේ ගම ගම්පහ. අම්මා ලීලා වයලට්‌ පෙරේරා. තාත්තා ඉංග්‍රීසි ආණ්‌ඩුව කාලේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චීෆ් ක්‌ලාක්‌ කෙනෙක්‌ විදිහට සේවය කළා. රැකියාවේ පහසුව නිසා තාත්තා ගම්පහ ඉඩම් නෑදෑයින්ට දීලා කොළඹ පදිංචියට ඇවිත් තිබුණා. මට මතක පුංචිකාලේ පදිංචිවෙලා හිටියේ කොළඹ කුරු`දුවත්තෙ. මම ඉගෙන ගත්තේ සී. එම්. එස්‌. ලේඩීස්‌ කොලෙඡ් එකේ. එම්. බී. බී. එස්‌. සිලෝන් සම්පූර්ණ කරලා අවුරුද්දක පුහුණුවකට හොස්‌පිට්‌ල් එකේ ඉන්නකොට සිද්ධ වුණු අමතක නොවන සිදුවීම තමයි වෙඩි වැදුණු බණ්‌ඩාරනායක අගමැති තුමාට ප්‍රතිකාර කරන්න අවස්‌ථාව ලැබීම. පී. ආර්. ඇන්තනීස්‌ මහත්තයා අගමැති තුමාගෙන් ඇහුවා මොකද වුණේ කියලා. එතුමා කිව්වා "නූගත්, සිවුරක්‌ දාගත්තු මිනිහෙක්‌ මට වෙඩි තිබ්බා" කියලා.

මගේ පළමු පත්වීම ලැබුණේ රිඡ්වේ ආර්යා එකට. ඊට පස්‌සේ කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරියක්‌ විදිහට සේවය කළා. ඒ කාලේ අපේ ආච්චි අම්මා නිතර නිතර මහියංගනේ වන්දනාවේ ආවා. එයා කියන විස්‌තර ඇහුවම මටත් හිතුණා, කවදාහරි දවසක ඈත දුෂ්කර පලාතක ටික කාලයක්‌ සේවය කරන්න ඕනෑ කියලා. පුංචි කාලේ ඉඳන් මම මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් කියෙව්වා. ඒ පොත්වල ගමේ සුන්දරත්වය විස්‌තර කරල තිබුණු විදිහට කොළඹ හැදුණු මට ගමක ජීවත්වෙන්න තියෙනවා නම් කියල හිතුණා. 

මම විවාහ වුණේ ප්‍රනාන්දු කියලා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක්‌ එක්‌ක. අපි දෙන්නගෙ කැදැල්ලට දරුවො නැති වුණු නිසා මහත්තයාගේ නෑදෑවෙන කෙනෙක්‌ගෙ දරුවෙකුට අපි ඉගැන්නුවා. එයා ඉංජිනේරු විභාගය කරලා ඉංජිනියර් කෙනෙක්‌ මැරි කරලා ඔස්‌ටේ්‍රලියාවට පදිංචියට ගියා. ඒ වෙනකොට අම්මා තාත්තා දෙන්නත් නැතිවෙලා. 

මගේ අක්‌කත් ඩොක්‌ටර් කෙනෙක්‌. එයා ඇමරිකාවේ පදිංචියට ගිහිං. නංගී ඉන්දියන් ඩොක්‌ටර් කෙනෙක්‌ බැ`දලා ඉන්දියාවේ පදිංචියට ගියා. ඒ අතරෙ මහත්තයත් හදිසියෙ අන්ත්‍රා වුණා. මම තනි වුණා. දුෂ්කර පළාතකට එන්න ඒකත් එක හේතුවක්‌ වුණා.

කොහොමහරි මගේ මතකයේ හැටියට ඩී. සී. එච්. සහ ඩී.සී.එම්. කරලා අවුරුදු තුකකට ස්‌ථාන මාරුවක්‌ ඉල්ලලා ගිරාඳුරුකෝට්‌ටේට ආවේ 1981 දී. එතකොට ගිරා`දුරුකෝට්‌ටේ රෝහලක්‌ නැහැ. මහවැලි ව්‍යාපාරය පටන් ගත්තු මුල් ම කාලේ නිසා හරිම දුෂ්කරයි. මුල් කාලේ ගමින් ගමට ගිහිං මම ගස්‌යට ඉ`දන් තමයි, ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්නේ. අවුරුදු තුන ඉවරවෙලා ආපහු කොළඹට යන්න හදනකොට තමයි දැනගත්තේ මම බලන්නේ නැතුව අත්සන් කරලා ඇවිත් තියෙන්නේ ස්‌ථිර මාරුවීමක්‌ කියලා. ඊට පස්‌සේ මම දිගටම මෙහෙ ඉන්න තීරණය කළා.

මහත්තයාගේ දේපල සේරම නෑදෑයින්ට දුන්නා. ඒ කිසි කෙනෙක්‌ අද මම දිහා බලන්නේ නැහැ. පුතා නම් එහෙ පදිංචියට එන්න කිව්වා. නමුත් මම මගේ රට දාලා යන්න කැමැති වුණේ නැහැ. මම මහවැලි බී සහ සී කලාපවල ගමින් ගමට ගිහිං බෙහෙත් දුන්නා. ඒ දවස්‌වල මට මහවැලියෙන් වාහනයක්‌ ඩ්‍රයිවර් කෙනෙක්‌ එක්‌ක දීලා තිබුණා. ක්‌වාටස්‌ එකක්‌ දුන්නා. සමහර විට මම ගෙවල් වලට මහ රෑ ගිහිං අසාධ්‍යව හිටපු ගැබිනි මවුවරු, ළදරුවෝ මාරයාගෙන් ගලවා ගත්තු අවස්‌ථා අප්‍රමාණයි. රංජිත් පෙරේරා, ඉන්ද්‍රසේකර ද සිල්වා වගේ මේ පළාතේ වැඩ කරපු මහවැලියෙ උසස්‌ නිලධාරි මහත්තුරු මම කළ සේවය ගැන දන්නවා. ඒ අයත් මට උදව් කළා. ඒ කාලෙ මේ දැන් වගේ දියුණු පහසුකම් සහිත හොස්‌පිට්‌ල්, ඩිස්‌පෙන්සරි තිබුණෙ නැහැ. මැලේරියාව හැදුණු ලෙඩ්ඩු පෝළිමේ ඉන්නවා මගෙන් බෙහෙත් ගන්න. මම උදේ පාන්දර පටන් ගත්තම රෑ වෙනතුරු බෙහෙත් දුන්නා. වැලිකන්දෙ, තොප්පිගල දෙමළ ගම්මානවලටත් මම බෙහෙත් දුන්නා. සමහර දවස්‌වලට කොටි නායිකාවොත් මගෙන් බෙහෙත් අරන් යනවා.

රැකියාව කරන කාලෙ මම ගත්තු පඩියෙන් දුප්පත් මිනිසුන්ට කිරි හරක්‌ අරං දුන්නා. කන්න අ`දින්න අරන් දුන්නා. මගෙ මුළු ජීවිතේම කැප කළේ අන්ත අසරණ දිළි`දු මිනිසුන් වෙනුවෙන්. අද ඒ ගොඩාක්‌ දෙනෙක්‌ ධනවතුන්. අද මේ පාළු ගබඩා කාමරේ ඉන්න මගෙ තනියට ඉන්නේ මේ බල්ලො, බළල්ලු ටික දෙනා විතරයි. මේ කාමරේ තෙමෙනකොට වෙහෙරගල බී. එම්. නෝනා මහවැලියෙ කීපදෙනෙක්‌ එවලා වහළෙ හදලා දුන්නා. ඒ නෝනා සතියකට, දෙකකට වතාවක්‌ මේ කාමරේ අවට පිරිසිදු කරන්නත් කීප දෙනෙක්‌ එවනවා." තවත් ඇයට මහවැලියෙන් උදවු කරන බව ඇය කියන්නේ එසේය.

"මට බණ අහන්න රේඩියෝ එකක්‌ නැහැ. කරන්ට්‌ එක නැහැ. මේක මම පූරුවේ කළ පවක්‌. අපි පවු කරලා තියෙනවා නම් ඒවා ගෙවන්න එපායෑ රත්තරන් පුතේ. මගෙ පෙන්ෂන් එක විසිහතර දහකට කිට්‌ටුව එනවා. ඒක වැඩිපුර වියදම් කරන්නේ සත්තු වෙනුවෙන්. අහිංසක සත්තු බඩගින්නෙ ඉද්දි මට කන්න හිතෙන්නෙ නැහැ පුතේ. මේ පළාතේ සමහර මිනිස්‌සු ආබාධිත වුණු සත්තු මගෙ ගෙදරට ගෙනැත් දාලා යනවා. ඉතිං මේ සතා බඩගින්නේ මියෑදෙනවා බලා ඉන්න බැහැනේ. මම බෙහෙත් කරනවා. කන්න දෙනවා. ඉතිං එහෙම හිතවත් වුණාම මේ සත්තු මාව දාල යන්නේ නැහැ."

"මට දරුවො නැති වුණාට මාව බලාගන්න ළ`ග ගෙදරක කෙනෙක්‌ ඉන්නවා. එයා නන්දාවතී. එයාටත් දැන් අවුරුදු හැට හතරයි. එයාගෙ දරුවො දෙන්නා කසාද බැ`දලා ඈතක පදිංචිවෙලා ඉන්නේ. එයාගෙ මහත්තයට අංශභාගය. මම උදේම එයාලගේ ගෙදරට ගියාම මට කිරි එක හදලා දීලා මූණ කට සෝදා ගන්න උණුවතුර දෙනවා. ඊට පස්‌සේ එයා මට කෑම දෙනවා. කෑම කාල ඉවරවෙලා අපි දෙන්නම ඇවිත් සත්තුන්ට කෑම දෙනවා. ඊට පස්‌සේ නන්දා දුව වතුර උණු කරලා පොඩි දරුවෙක්‌ වගේ මාව නාවනවා. නාවලා මට පිරිසිදු ඇ`දුම් අන්දවලා එයාගේ මහත්තයා නාවනවා. ඊට පස්‌සේ අපි දෙන්නගෙම රෙදි හෝදනවා. එයා මට බණ අහන්න එයාගෙ රේඩියෝව දාලදීලා ඇවිත් සමහර දවස්‌ වලට බල්ලො නාවලා පිරිසුදු කරනවා. මගෙ කාමරෙත් අස්‌ කරලා ගිහිං නාලා එයා දවල්ට අපිට කෑම හදනවා. එයා රසට කෑම හදනවා. නිතරම මට අලුත් එළවළු පලතුරු දෙනවා. ඒ නිසා මම නිරෝගීව ඉන්නවා. බල්ලන්ට මස්‌ මාළු හදනවා."

"මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මන්ත්‍රී කාලෙ ඉ`දන් මම හො`දටම දන්නවා. එයා මම ගමින් ගමට ගිහිං බෙහෙත් දෙන එක ගැන ඒ දවස්‌ වල මට බොහොම ප්‍රශංසා කළා. අනේ පුතේ, මගේ එක අහැක්‌ දැන් පෙනීම හො`දටම අඩුයි. මෛත්‍රීපාල ඇමැතිතුමාට කියන්නකො මගේ ඇහැට කාචයක්‌ දාලා පෙනීම දෙන්න කියලා. මගෙ වයස දැන් අවුරුදු අසූ එකයි. මගේ දැන් ආසාව ඉන්න තැනක්‌ පිළිවෙළක්‌ කරගෙන දරුවන්ට ඉංග්‍රීසි ටිකක්‌ උගන්වගෙන සත්තුන්ටත් සලකගෙන ඉන්න එක. මම විශේaෂඥ වෛද්‍යවරියක්‌ වුණත්, මගේ ජීවිතේ කවදාවත් ලෙඩෙක්‌ගෙන් බෙහෙත් දීලා එක රුපියලක්‌ අරන් නැහැ. මම වැඩ කරපු කාලෙ හම්බ කරපු සේරම ඒ නතරවෙලා හිටිය ගෙවල් වලට දීලා ආවා. අද මට තියෙන්නෙ ලෑලි ඇ`දයි. ඇ`දුම් ටිකයි විතරයි. මගේ ජීවිතේ හරි සැහැල්ලුයි. වස්‌තුව දේපල හම්බ කළාට මේ කිසි දෙයක්‌ අපි අරගෙන යන්නෙ නැහැනේ. අපි අරන් යන්නේ කරන කුසල කර්ම විතරයි. ඒ ගැන අද මිනිස්‌සු හිතන්නෙ නැහැ රත්තරං පුතේ."

දස මස කුස දරා තමා මෙලොවට බිහිකළ මව නොවුණත් ඒ තරමටම සෙනෙහසින් මේ මවුතුමියට උවටැන් කරන නන්දාවතී ද කලක්‌ දොස්‌තර නෝනා සමග ස්‌වෙච්ඡා සේවයට ගිය බව පැවසුවාය.

"කජුවත්ත මෙඩිකල් සෙන්ටර් එකේ දොස්‌තර නෝනා කිව්වම හැමෝම දන්නවා. මම මේ නෝන එක්‌ක මහවැලි බී, සී කලාප වල හැම ගමකම ගිහිං තියෙනවා. එක දවසක්‌ වැලිකන්දේ කෙළවරක දෙමළ ගමකට ගිහිං ප්‍රතිකාර කරල එනකොට කොටි අපේ වාහනය නතර කළා. අපේ වාහනේ ගහල තිබුණු රතුපාට කුරුස ලකුණ කොඩිය යනකොට වැටිල. එයාල ඒක අහුලලා අපිට දුන්නා.

මෙතුමියට හො`දට සිහි කල්පනාව තියෙනවා. දොස්‌තර නෝනා ළ`ග පහුගිය දවස්‌වල බල්ලො තිහක්‌ හිටියා. දැන් ඉන්නේ අට දෙනයි. පූසෝ පහළොවක්‌ ඉන්නවා. මෙයා සත්තුන්ට හරිම ආදරෙයි. කවුරු හරි කාමර දෙකක්‌ නාන කාමරයකුත් එක්‌ක හදලා කරන්ට්‌ එක, වතුර ටික අරං දෙනවා නම් ලොකු පිනක්‌. මේ සත්තුන්ටත් ඉන්න කූඩුවක්‌ හදලා දුන්නොත් මට පුළුවන් නෝනාත්. සත්තු ටිකත් රැක බලා ගන්න. මහවැලියේ මේ නෝනගෙන් බෙහෙත් ගත්ත දහස්‌ ගණනක්‌ මිනිස්‌සු වෙනුවෙන් මම ඒ යුතුකම ඉටු කරන්නම්." නන්දාවතී හැ`ගුම්බරව පැවසුවා
අප නිරුත්තරව හි`දිමු. තවත් මොනවා කියන්නදැයි අපට නම් වැටහෙන්නේ නැත. මේ කතාව අසා සිටින අයෙක්‌ ඇයට මානසික රෝගයක්‌ ඇතැයි කියනු ඇත. පිරුණු අසූ එක්‌ වියෑති ඇය මේ මොහොත වන විටත් ඉතා යහපත් එළඹි සිහියෙන් දිවි ගෙවන්නීය. අපට අරුමයක්‌ සේ පෙනෙන්නේ අපේ කාලයේ මනුෂ්‍යයකුට සිතාගන්නටවත් නොහැකි ඇය විසින් තෘෂ්ණාව ප්‍රහීන කර උපදවාගත් මුනිවර මානසිකත්වයේ ප්‍රමාණයය. සැබෑ අත්හැරීමේ අත්දැකීමය. 

ඇය විශේෂඥ වෛද්‍යවරියකි. කොළඹ කුරු`දු වත්තේ ජීවත්වී, කාන්තා විද්‍යාලයේ ඉගෙනගෙන, විශේෂඥ වෛද්‍යවරියක්‌ වූ තැනැත්තියකි. ඇත්තනම් අද රටේ සිටිනා බොහෝ මහේශාක්‍ය වෘත්තිකයන්ට මේ සමාජ පසුබිම නැත. අරලගංවිලින්, ගලෙන්බි`දුණු වැවෙන්, මහවැලි කලාප වලින් පැමිණ ප්‍රභූ සමාජයේ දොරටු ආයාසයෙන් විවර කරගත්තවුන් ස්‌වකීය ජීවිතවල ඇරියස්‌ කවර් කරගන්නට මහා යුද්ධයක්‌ කරනා විට ඇය ඒ සුඛෝපභෝගී සමාජය හැර ස්‌වකීය දැනුම මිටින් ගෙන මහවැලි කලාපයේ දුගී මිනිසුන් සොයා ගියාය. 
විශේෂඥ වෛද්‍යවරියක්‌ වුවත් රෝගියෙකුට ප්‍රතිකාර කිරීම ස`දහා රුපියලක මුදලක්‌ අයකර තිබුණේ නැත. මේ ඉසිවර වෛද්‍යවරිය දැන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන හො`දින්ම දන්නා, කලෙක මහවැලි කලාපයේ මිනිසුන්ගේ ජීවිතවල සිට ප්‍රභූ කාන්තාවකි.

මේ වනවිට ඇය මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන බලප්‍රදේශයේ හුදෙකලා මහවැලි ගබඩාවක අන්ත අසරණව දිවි ගෙවන්නීය. මහා සු‚ සුවපත් දිවියෙන් අභිනිෂ්ක්‍රමණය කර පැමිණ දුගී දුප්පත් අසරණයන් වෙනුවෙන් කැප කළ ජීවිතය පිළිබ`ද ඇයට අබමල් රේණුවක පසුතැවීමක්‌ නැත. එහෙත් අප කම්පා කරන්නේ අප වේදනාවට පත්කරන්නේ ඒ කළගුණ නොදත් තුප්පහි සමාජය ඇය අත්හැර දා ඇති ආකාරය ගැනය. ඒ සමාජය වෙනුවෙන් කළ කැපකිරීමට යළිත් ඇයට සමාජයෙන් ලැබී ඇති දේ ගැනය.

එහෙත් මේ මුළු රටම වෙනුවෙන් ඇය රැක බලාගන්නට කැපව සිටින නන්දාවතී අම්මා ගැන අප්‍රමාණ ගෞරවයක්‌ උපදින්නේය. ඒ ගෞරවය මේ වියපත් වෛද්‍ය මාතාව කෙරෙහි උපදිනා ගෞරවයට බි`දක්‌ හෝ අඩු වන්නේ නැත. මක්‌නිසාද යත් උන්දෑ විසින් හුදෙකලාව මේ වන විට ඉටු කරමින් සිටින්නේ රටක්‌ ඉටු කළ යුතු මහා යුතුකමක්‌ නිසාය.

ප්‍රසන්න සිල්වා දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග

http://www.divaina.com/2014/01/19/nimna01.html

Wednesday, October 16, 2013

ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද

කොළඹ නගරයෙන් හිමිදිරියේ පිටත්වූ අප රත්නපුර බලංගොඩ හරහා කළුපහනට පැමිණෙන විට මධ්‍යාහ්නය ළඟා වී තිබුණි. කොළඹ - බදුල්ල ඒ 4 මාර්ගයේ කළුපහන වෙත දුර කි. මී. 173 කි. කළුපහන හන්දියේ පාරට වම්පසින් සවිකර ඇති නාම පුවරුවක ‘බඹරකන්ද ඇල්ල - ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල දුර කි. මී. 5 යි’ යන්න සඳහන් කර තිබුණි.



අප රැගත් ඩබල් කැබ් රථය දියඇල්ල වෙත ඇදෙන පටු මාර්ගයේ වංගු ගැසෙමින් කඳු තරණය කරන්නට විය. මාර්ගයේ සමහර තැනක වළවල් හෑරී අබලන් වී තිබු නිසා වාහනය පැදවීම පරිස්සමෙන් කළ යුතු විය. අපි වීරකෝන්ගම පසු කරමින් ඉදිරියට ඇදුණෙමු.

මාර්ගය ගමන් ගන්නේ ඉතා සුන්දර වටපිටාවක් ඔස්සේ ය. වාහනයේ කවුළු අතරින් හමා එන වේගවත් සුළඟ අව් රැල්ල පරදවමින් ගත සුවපත් කරයි. ඉහළ පහළ නැගෙමින් විවිධ උස් මට්ටම්වලින් නැගී සිටිනා පර්වත කූටයන් ද පහළ නිම්නයේ සිරි සිරියාවෙන් ගලා බසිනා දොළ පහරවල් ද අප නෙත පිනවයි. කඳු හිස් බොහොමයක් හිස් මුඩු කළ මිනිසුන් මෙන් වනයෙන් තොරව මුඩු බිම් බවට පත්ව තිබුණේ යටත් විජිත යුගයේ වතු වගාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒවා තණ තලාවෙන් ද තැන තැන දැකගත හැකි බැදි කුට්ටිවලින් ද යුක්ත විය. පහත නිම්නයේ පැතිර ඇත්තේ දුෂ්කරතා ජය ගනිමින් ජීවිතය හා පොරබදන ගැමියන්ගේ මහන්සිය කියාපාන හෙල්මළු කුඹුරු ය. ජලය ගලා යන නාදයත් සුළඟේ “හෝ... හෝ...” වත් හැරෙන්නට පරිසරය නිසල ය.

මේ පාළු නිසංසලත්වයත් වටපිටාවේ මහා අවකාශයත් අප සිත් සමාධි ගත කරවන්නට සමත් වේ. කඳු මුදුන්වල උස වැඩි කරනා පයිනස් ගස්වලට ඉහළින් අහසේ කරකැවෙනා සර්ප රාජාලියකු ගොදුරකට ඉව අල්ලයි. වැහිලිහිණියෝ රංචුවක් සුළං පහර කපාගෙන වක්‍රාකාරව අහසේ පාවෙති.

ටික වේලාවකින් අප ඉදිරියේ ඉහළ නැග සිටියේ අඩි දහසක් පමණ ඉහළට නැගෙනා පර්වත කූටයෙන් යුත් මහා කඳු මුහුණතකි. බඹරකන්ද දියඇල්ල මේ පර්වත කූටය මධ්‍යයෙන් නිසංසලේ පහළට කඩා හැලෙන්නේ දිය සුදු පැහැති දිය සේලයක් මවා පාමිනි. සැබවින්ම එය මහා ජල ප්‍රවාහයක් නොවේ. උසට නොසරිලන තරම් කුඩා ජල ප්‍රමාණයකි, මේ දියඇල්ලේ අඩංගුව ඇත්තේ.

එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අවට වනාන්තර එළි පෙහෙළි වී ඇති නිසා දියඇල්ලට එකතු වන ජල ප්‍රමාණය අඩුවීමයි. දියඇල්ල ඇරැඹෙන හෝටන් තැනිතලාවේ බෑවුම් ප්‍රදේශවල ද තේ වගාව නිසා වනය සමුගෙන ඇත.

ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ලෝකයේ දියඇලි අතර උසින් 48 වන ස්ථානය ගනී. උසින් මීටර 263 ක් (අඩි 790 ක්) වූ බඹරකන්ද දියඇල්ල නිර්මාණය වී ඇත්තේ වේලි ඔය නම් ජල දහරාවෙනි. වේලි ඔය වලවේ ගඟේ අතු ගංගාවකි. කළුපහනේ වේලි ඔය හරහා ඉදිකළ පාලමක් ද පිහිටා තිබේ.

දියඇල්ල පෙනෙනා දුරින් වාහනයෙන් බැස ගත් අපි ඇල්ල පාමුලට ගමන් කරන්නට වූයෙමු. මේ අවට සිසිල් දේශගුණය සුවදායක හැඟීමක් අප තුළ ජනිත කරයි. මේ ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට උස මීටර් 1110 කි. දියඇල්ල පිහිටා ඇත්තේ උ. අක්ෂාංශ 60 46’ සහ නැගෙනහිර දේශාංශ 800 5’0’ අතර ය.

දියඇල්ල කඩා හැලෙන්නේ සෘජුව ඉහළ නඟිනා පර්වත මුහුණතකිනි. සුළං පහරට හසු වී දිය කෙඳි ඒ මේ අතර පැතිරෙන අතර අවට ප්‍රදේශයම මේ ජල වාෂ්පයෙන් පිරී ගොසිනි. මුලින්ම දුල්තොට ඇල්ල යනුවෙන් මෙය හැඳින්වූ බව පැවැසේ. එය පසුව බඹරකන්ද ඇල්ල බවට පත්වී ඇත.

ඇල්ලේ ජලය කඩා හැලෙන්නේ කුඩා ජල තටාකයකට ය. ඒ අවට ජලය පි‍්‍රය කරන ශාක වැවී අපූරු වන ගොමුවක් නිර්මාණය වී ඇත. ලියන්, මිල්ල, දඹ, පිහිඹිය, හැඩවක, ගිනිතොට වැනි ශාක අවට පැතිරී වටපිටාව සෙවණ කරයි.

දියඇල්ලට ඉහළින් පිහිටා ඇත්තේ උඩුමේරිය තේ වතු යායයි. ඇල්ල අසලින් කඳු තරණය කරනා කුඩා මාවත උඩවේරිය හරහා හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය දක්වා අඩි පාරක් සේ ඇදී යයි. හෝටන් තැනිතලාවට දුෂ්කර මාර්ග ඔස්සේ පැමිණෙන සොබා රසිකයන්ගේ මාර්ගයක් බවට බඹරකන්ද පාර ද පත් ව තිබේ.

එමෙන්ම දියඇල්ල ඉහළට ගමන් කර අවට වටපිටාව වඩාත් සුන්දරව දැක ගැනීමට ද ඔබට පුළුවන. ඒ සඳහා අඩි පාර ඔස්සේ මීටර 200 ක පමණ නැගීමක් කළ යුතු ය. ඉතා දුෂ්කර මඟක පැය එකහමාරක් පමණ එහිදී ගමන් කිරීමට සිදු වේ. එය තවත් අපූරු පරිසර අත්දැකීමක් වනු ඇත.



දියඇල්ලේ ඉහළ ප්‍රදේශය උසින් මීටර 1228 කි. පයිනස් වනාන්තර, වන වදුලු සහිත එම වටපිටාව වැඩි සිසිලකින් යුක්ත වන්නේ වැඩි උසක පිහිටි හෙයිනි. මේ ප්‍රදේශයේ දී වේලි ඔය ගල් පර්වත අතරින් දඟකාරව ගලා යන අන්දම ඔබට දැක බලා ගත හැකි ය.

එමෙන්ම එයින් නිර්මිත තවත් කුඩා දියඇල්ලක් ද අලංකාර ජල තටාකයක් ද මේ පරිසරය අලංකාර කරවයි. බඹරකන්ද දියඇල්ලේ පාර්ශ්වික දසුනකින් සිත් පිනවා ගැනීමට ද මෙහි දී ඉඩ ලැබේ.

අප කඳු යායක අතරමං වී ඇත. ඈතින් කඳු කපොලු අතරින් දිස්වන මහා අවකාශය පහළ ඌවේ කඳුවැටි හා නැගෙනහිර වෙරළ තීරය දක්වා ඇදී යයි. කඳු තරණය කරමින් විඳි වෙහෙස මෙම මනරම් දසුන නිසා අහෝසි වී ගොසිනි. සොබාදහම කෙතරම් සුන්දර ද? මේ කඳු අතර සිටින අප සිත් තුළ රැව් දෙන්නට වූයේ එම අදහසයි. එහෙත් ඒ සුන්දරත්වය පසක් කර ගැනීමට නම් අපගේ හදවත ද පිවිතුරු විය යුතු වේ.

කේ. එස්. විජේවර්ධන

http://www.silumina.lk/2010/08/29/_art.asp?fn=av10082918

Photo Credit goes to Dr. Athula Padmasiri.

Tuesday, October 1, 2013

යාල වන මැද කුළු හරක් රාජධානිය

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මා සේවය කළ වසර හතළිහට අධික කාලය තුළ වන සතුන්ගේ ප‍්‍රහාරයන් හමුවේ මා මිය නොගොස් බේරුණු අවස්ථා එමටය. නිදැල්ලේ වෙසෙන අලියා, වලසා, දිවියා කෝපයට පත්වී තමා වෙත හඹා එන විටදී ඔවුන් ගෙන්

එඞ්මන් විල්සන්

බේරී සිටීම පළපුරුදු වනජීවී නිලධාරියකුට ගැටලූවක් නොවේ. පා ගමනින් වනාන්තරයේ යනවිටදී හදිසියේම කෝපයට පත්ව තමාට පහර දීමට හඹා එන පිරිමි කුළු මීහරකා හෙවත් කුළු මදයා ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ වෙසෙන අති භයංකරම සත්වයා බව මම ප‍්‍රකාශ කරමි. එළිපෙහෙළි වූ වනාන්තර ප‍්‍රදේශ ආශ‍්‍රිතව වෙසෙන ඇතැම් පිරිමි අලින් මිනීමරු අලින් බවට පරිවර්තනය වී මිනිසුන් දුටු තැන හඹාවිත් පහරදී මරා දමනු ලැබේ.
මගේ සේවා කාලය තුළ දී එකී සියලූ අවස්ථාවන් මා ජයගත්තා පමණක් නොව. එම අවස්ථාවලදී මා සමග එකට සිටි පහළ ශේ‍්‍රණිවල සේවකයින්ගේ දිවි ගලවා ගැනීමට මා සමත් වූ බවට දැනට ජීවතුන් අතර සිටින සේවකයින් සාක්‍ෂි දරති. මගේ කල්පනාවේ හැටියට වනජීවී නිලධාරියකු පිරිපුන් වන්නේ කාලාන්තරයක් තිස්සේ වනගතව රාජකාරි ඉටුකරමින් එම හැකියාව ප‍්‍රගුණ කරගැනීමෙන් පසුවය. පොතපතට පරිගණකයට සීමාවීමෙන් එම හැකියාවන් ලබා ගත නොහැකිය.
ඒ කොතරම් ප‍්‍රගුණ කළත් පෙර ආත්මවල දී සිදු කළ අකුසල කර්මයන් හේතුවෙන් ඒවා පලදෙන අවස්ථා ද නැතුවා නොවේ. එවැනි එක සිද්ධියක් පමණක් මෙහි සඳහන් කරමි.
රුහුණු (යාල) ජාතික වනෝද්‍යානය මැදින් ගලා බසිනා කුඹුක්කන් ඔය මහා සාගරයට සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ අග්නි දිග වෙරළේදීය.
එම ගංගාව (ඔය) මීටර් 2036ක් උසැති ‘නමුනුකුල’ කඳුවැටියේ නැගෙනහිර බෑවුමෙන් ආරම්භවී පස්සර කඳු නිම්න ඔස්සේ නාරිලතාවක් ආකාරයෙන් ගලා බසිමින් යාල නැගෙනහිර සහ යාල දකුණ ජාතික උද්‍යාන දකුණු සීමාවේදී මහා සාගරයට එක්වෙයි.
කුඹුක්කන් ඔයට නුදුරුව කුමණ පුරාණ ගම්මානය සහ ‘කුමන’ කුරුලූ පාරාදීසය වනජීවීලෝලීන් හට අමුතුවෙන් කිව යුතු නොවේ. ‘කුමන’ ගම්මානයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනු කම්කරු, වනසත්ව නියාමක, අඩවි සහකාර ආදී සේවකයින් අති දක්‍ෂ ක්‍ෂේත‍්‍ර සේවකයින්ය. ඔවුන් වනයට වන සතුනට බිය නැත. සමහර අය අති දක්‍ෂ මන්ත‍්‍ර ගුරුකම්කාරයින් ය. ඔවුන් අතරින් දැනට ජීවතුන් අතර සිටින කේ. ඬේවිඞ් මියගොස් සිටින කිරිනේරිස්, සුමතිපාල, සාමෙල් අප්පු, හුදංචි අප්පු ආදීන් මා ඉහත ළඟින් ඇසුරු කළ සේවකයින්ය.

1993 වසරේ මා සේවය කළේ මහවැලි කලාපය භාර සහකාර වනජීවී අධ්‍යක්‍ෂ ලෙසය. එම වකවානුවේදී දිනක් කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටින විටදී මගේ සේවකයකු හදිසියේ දිව අවුත් මා හමු වී ‘‘සර් අද උදේ යාල වැඩකරන වනසත්ව නියාමක සුමතිපාලට... කුමන ගමේ කුමන විල්ලූව අසලදී කුළු මීහරක් මදයෙක් ඇනලා... බරපතළ ලෙස තුවාල වෙලා..... ස්පිරිතාලයට අරං ගියා කියලා ආරංචියි... මෙලහකටත් මැරිල ද දන්නේ නැහැ...’’ යයි කීය.


යාල වනෝද්‍යානයේ බුතව පැරැණි බංගලාවේදී 1968 දී ගත් ඡායාරූපයකි. වම් පසින් සිටින්නේ විශ‍්‍රාමික වන සත්ව අඩවි සහකාර කේ. ඬේවිඞ්ය. දකුණු පසින් සිටින්නේ රුක්මන් සේනානායක මහතාය. (පසු කාලයේදී ඔහු වනජීවී දෙපාර්තමේන්තුව බාර පරිසර හා වන සම්පත් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය)

වන මැදවූ ‘කුමන’ ගමේ හැදී වැඩුණු සුමතිපාල අලි, කුළු හරක්, වලසුන් ආදී වන සතුනට කිසිම බියක් දැක්වූ අයකු නොවේ. 1969 වසරේ නවක නිලධාරියකු හැටියට මා යාල උද්‍යානයට ස්ථාන මාරුවී පුහුණුව ලබන වකවානුවේදී යාල නියෝජ්‍ය උද්‍යාන භාරකරු වූ ඩෙස්මන්ඞ් වයිට් මහතාගේ උපදෙස් පරිදි නියාමකවරුන් වූ ඬේවිඞ් සහ සුමතිපාල විසින් පාගමනින් මා කැටුව සවස්වරුවේ මැණික් ගෙඟන් එගොඩ වී ‘ගෙඟ් මෝය කට’ වූ පිළින්නාවට ගියහ. ගමනේ අරමුණ වූයේ රාත‍්‍රි කාලයේ (ආහාරය සඳහා) මාළු ඇල්ලීමය.
එසේ ගිය ගමනේ දී අප වෙත හඹා ආ අලින් සහ කුළු හරකුන් සුමතිපාල විසින් මෙල්ල කළ ආකාරය නවකයකු වූ මම බලා සිටියෙමි. නියාමක සුමතිපාලගේ සේවා ස්ථානය වූ මැණික් ගඟ අසබඩ බීට්ටු කාර්යාලයේ සිට කුමණ ගමේ ඔහුගේ නිවසට දුර සැතැපුම් තිස් දෙකකි. වනසතුන්ගේ නිජබිම හරහා නිවසට යන්නේ පාපැදියෙනි. හඹා එන අලින් කුළු හරකුන් නතර කරලීමේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය පිිළිබඳව මට ඉතා ආදරයෙන් කියා දුන්නේ දැනට කතරගම පදිංචි ව සිටින විශ‍්‍රාමික වන සත්ව අඩවි සහකාර කේ. ඬේවිඞ් සහ ඉහත කී හිටපු නියාමක සුමතිපාලයි.
* වන සත්ව දෙපාර්තමේන්තුව 1950 දී ආරම්භ කළ තැන් සිට සේවකයින්ගේ ආහාරය සඳහා ජලාශ, කලපු, සහ මුහුදෙන් මාලූ ඇල්ලීමට අධ්‍යක්‍ෂවරයා විසින් ලියා නොදුන් සහනයක් (Unwritten Concession)  තිබිණ. ආහාරය සඳහා විවෘත සමයේ දී තිත්මුවන් වලිකුකුළන් වෙඩි තබා මරා ගැනීමට ද අධ්‍යක්‍ෂවරයා අප වෙත බලය දුනි.
එසේ නම් මේ සිදු වූ ඛේදවාචකය කුමක්ද? මට අදහාගත නොහැකිය. ආරංචිය ලැබුණු සැනින් මම කුමන විල්ලූවට නුදුරින් වූ සුමතිපාලගේ නිවසට ගියෙමි. එම නිවසට එක් රොක්ව සිටි අය මා සමග පැවසූයේ ‘‘සර්... කුමන විල්ලූව ආසන්න ප‍්‍රදේශයේ අරක්ගෙන සිටින කුළුමදයා (පිරිමි කුළු හරකා) අප්පුසිංඤෝ ගේ මීවැස්සියක් එක්ක පට්ටි වැටිල හිටියෙ. සුමතිපාලගේ ගෙදර කිට්ටුවමයි..... ඉතින් සුමතිපාල අහුලාගත් ගල් කීපයක් විසිකරලා... කුළා එලවන්න කියලා ඌට ගහලා තිබෙනවා.. ඒ.... කේන්තියට කුළා පිඹගෙන හඹා ඇවිත් අංවලින් සුමතිපාලට පහර දුන්නා.... තුවාල වෙච්ච සුමතිපාල කුළාගේ අං දෙකේ පැටලිලා... ඈතට දුවගෙන යනකොටයි සුමතිපාල බිමට වැටුනේ.... තුවාලකාරයගේ බඩවැල් එළියට හැලෙනවා.... ඒවා... ඔක්කොම ආයෙ බඩ ඇතුළට රිංගවලා

මියගිය සුමතිපාලට පහර දුන්නේ මෙවැනි කුලූ මී හරක් මදයෙකි

ඉටිකොළයකින් ඔතලා.. ඉස්පිරිතාලෙට අරන් ගියා...’’ ඔවුන් මා දැනුවත් කළහ. ‘‘දැන් ඉන්නේ මොන ඉස්පිරිතාලෙද?’’ මම විමසුවෙමි.
‘‘අපිට ආරංචි වුණා... පොතුවිල ඉස්පිරිතාලෙන් මඩකළපුවට යැව්වා කියලා.’’ සුමතිපාලගේ බිරිඳ මා සමග පවසමින් හඬන්නට වූවාය. සුමතිපාලගේ නරක වේලාවක් වෙන්න ඇති. මම සිතුවෙමි. ඇරත් පෙර ආත්මයක සිදු කළ අකුසල පළදීම මන්ත‍්‍ර බලය ඇතුළු සියලූ ප‍්‍රතිකර්ම අබිබවා සිදුවේ.
දින තුනකට පසු මට ආරංචි වූයේ සුමතිපාලට සිදු කළ ශල්‍යකර්මය සාර්ථක වුවත් රාත‍්‍රියේ මඩකළපුව රෝහල් වාට්ටුවේ දී අළුයම 2.00 පමණ මඳක් සිහි එළඹීමෙන් පසුව ඇඳමත දැඟලීමේදී ඔහු ඇඳෙන් බිමට වැටී ශල්‍යකර්ම මැහුම් පුපුරා යාමෙන් සුමතිපාල අවසන් හුස්ම හෙලූ බවය.

සුමතිපාල එසේ මියයම අහඹු සිදුවීමකි.
එකල ඉඟිණියාගල ගල්ඔය ජාතික වනෝද්‍යානය වාසභූමි කරගෙන සිටි වල් කුළු මීහරක් සංඛ්‍යාව 15,000ට අධික විය. එම වකවානුවේ සේනානායක සමුද්‍ර පිටියේ තණ බුදින මීහරක් සුලභ දර්ශනයක් විය. වැව් පිටියේ තැන තැන අණසක ප‍්‍රදේශ වෙන් කර ගෙන සිටින්නේ කුළු මීහරක් (පිරිමි) මදයින්ය. දිනක් උද්‍යානයේ ‘හත් පණ’ පිටියේ දී මමත් මා සමග පාගමනින් ඇවිද ගිය වනසත්ව නියාමක ගෝමිස් අප්පු සාමෙල් අප්පු විශ්ව කුලරත්න අප වෙත හඹා ආ කුළු හරක් මදයා සහ ගැහැනු සතා පලවා හැරියේ දැඩි චිත්ත ශක්තිය මුසු වූ උස් ගොරෝසු කට හඬිනි. එදින ද අප සතුව ගිනි අවියක් තිබුණේ නැත.

කාමයෙන් මත්වී සිටින කුළු මදයා සංවාස කාලයට (Heat period) එළඹ සිටින කුළු මී වැස්සියක් ගැහැනු රංචුවෙන් වෙන් කරගත් පසු ඇයට ඔහුගෙන් ගැලවීමක් නැත. රංචුවේ අනිකුත් ගැහැනු සතුන් ඇය ගැන සෙවීමකින් තොරව ආහාර බුදිමින් තැනින් තැනට යති. එසේ යන විටදී එවැනිම තවත් කුළු මදයකුගේ අණසක ප‍්‍රදේශයට ගිය විට රංචුවේ වෙසෙන සංවාස කාලයට එළඹ ඇති වැස්සියකට සිදුවන්නේ කුළු මදයාගේ ‘රති’ කෙලියට යටත් වීමටය. ඇයට ද ඔහුගෙන් ගැලවීමක් නැත. මෙසේ රඳවා ගන්නා ‘මීහරක් වැස්සියන්’ අවම වශයෙන් දින තුනක්වත් කුළු මදයා විසින් රඳවාගෙන ඔහුගේ රතියේ මනදොල සපුරා ගනී. එවැනි අවස්ථාවක ඒ අසලට තුවක්කු ගිනි අවි නොමැතිව මිනිසකු යන්නේ නම් ඒ මරණය සොයාගෙනය. රතියේ සිටින කුළු මදයා ඒ තරම්ම අවදානම්ය.

ගල්ඔය උද්‍යානයේ හත්පත දී එදින අප අහම්බෙන් මුහුණට මුහුණ හමුවූයේ එවැනිම යුවලකි. රති කෙලියට සූදානම් වෙමින් සිටි ඔහුත් ඇයත් අප දුටු කෙනෙහිම මාරාවේශයෙන් ගොරවමින් අපට පහර දීමට හඹා එන්නට වූහ. මගේ ගොරෝසු උස් කටහඬ මා පියාගෙන් සහ උපතින් ලැබූ දායාදයකි. එම ශබ්දය සමග අනිකුත් සේවකයින් තිදෙනාගේ මුවින් පිට වූ කෑගැසීම් ශබ්දය වනය දෙවනත් කරගෙන යයි. අප ආසන්නයට හඹා ආ කුළු හරක් දෙදෙනා බිය වී ආපසු හැරී පලා යන්නට වූහ.

මට ඇති වූයේ අස්වැසිල්ලකි එහෙත් වනය තුළට දිවගිය මදයා සහ වැස්සිය නැවතත් ආපසු හැරී අප වෙත හඹා එන්නට විය. රයිපලයක් හෝ පතරොම් තුවක්කුවක් අත තිබුණේ නම් ඔවුන්ගේ හිස් කබල් සුනුවිසුනු කිරීමට තරම් භීතියක් මට ඇති විය. නැවතත් මගේ මුවින් පිට වූ ගෝරනාඩුව හත්පොත ප‍්‍රදේශයේ දෝංකාරය දෙන්නට විය... ඉන් බියපත් වූ කුළු හරක් දෙදෙනා අධික වේගයෙන් වනය තුළට පලා ගියේ අප හතර දෙනාහට තවත් කලක් ජීවත් වීමට ඉඩ දෙමිනි.

අප කණ්ඩායමේ සිටි වනසත්ව නියාමක විශ්ව කුලරත්න කතා කරමින් ‘‘සර්.... සර්ගේ ගෝරනාඩුවට කුළු මදයො විතරක් නොවේ... අමනුස්ස ලෝකෙ ඉන්න යක්කුත් භය වෙනව ඇති.’’ යැයි පැවසීය.
කෙසේ වෙතත් මගේ මෙම වදන් ගැන විශ්වාසය තබාගෙන සුදුසු ගිනිඅවියක් අත නොමැතිව රුදුරු වන සතුන් ඉදිරියට නොයා යුතු බව සඳහන් කළ යුතුය.

(මතු සම්බන්ධයි)

එඞ්මන් විල්සන්
විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු
ඊමේල් edmund.wilson09@gmail.com
ඡායාරූප අනුග‍්‍රහය:- කිරිබත්ගොඩ ඔල්ගා ස්ටුඩියෝ අධිපති රංජිත් ද සිල්වා
www.lankadeepa.lk

Tuesday, September 3, 2013

පුලතිසි



රාවණට භූවනත්‍රය ජය ගැනීමට හැකියැයි යන මතයේ සිටි පුලතිසි නිතොර ඔහුට උපදෙස් දීමට පසුබට වූයේ නැත.රාවණ වෛද්‍ය ශාස්ත්‍රය ඇතුලු බොහෝ ශාස්ත්‍ර උගත්තේ පුලතිසිගේ ඇසුරේය.එතුමා ලොව යම් ප්‍රාණියෙකුට දැඩිව ආදරය කලේනම් ඒ අන් කවරෙකුවත් නොව 'ලංකේෂ්වර රාවණට' විය.රාවණ විසින් ඉන්ද්‍ර සිර කොට සිටියදී ඔහු බේරා ගැනීමට පැමිණි නාරද ඍෂිවරයාට හා මහා ඍෂිට උපකාර කලේ පුලතිසිය.රාවණට භූවනත්‍රයෙන් එහාට යන්නටත් අවශ්‍ය ගුරුහරුකම් දීමට සිටි තැනැත්තා පුලතිසි විය.

ලෝකයේ නිත්‍යය පදාර්ථය පරමාණුවකටත් එහා ගිය කිසිවකුට කිසිවිට ඇසින් දැකිය නොහැකි 'ශක්තිය' යැයි පුලතිසි සොයා ගෙන සිටියේය.ඒ දැවැන්ත ශක්තියෙන් කල නොහැකි දෙයක් නැතැයි ඔහුගේ නිගමනයද විය.මුලු විශ්වයම මොහොතකින් එක් පවුලක් සේ ළං කරගැනීමට ශක්තියේ බලය යොදා ගත හැකි යැයි පුලතිසි තීරණය කර තිබිණි.මුලු විශ්වයම එක පවුලක් කර ගැනීමද ඔහුගේ අරමුණ විය.
එහෙත් මේ අදහස් අනුව පරීක්ෂණයකට යෙදෙන්නටත් පෙර රාම රාවණ යුද්ධය ඇවිලී ගොස් ලංකාව මෙතෙක් ළඟා කරගත් ශිෂ්ඨාචාරයද වැළලී ගියේය.ඒ සන්තාපය පුලතිසිටද විය.එහෙත් එතුමා පරමායුෂය ගෙවා ධාන්‍යකට සමවැදී සිට දයෙන් සමුගත්තේය...

මහේන්ද්‍ර ජයකොඩි

රාවණ පරපුර


මහේන්ද්‍ර ජයකොඩි


Search This Blog