නිකිණි පෝය ගෙවී දින දෙකකි. රාත‍්‍රි අදුර වැටුණද එය කෑලි කපන තද අදුරක් නොවේ. අදුරත් සමග අහසේ තරු එකිනෙක එබිකම් කරන්නට විය. තුරුවියන අතරින් අහසෙ පෙනෙන්නේ කුඩා ප‍්‍රදේශයකි. නැගෙනහිරින් සද මෝදුවෙමින් තිබුණද සදකිරණ මිස සද නොපෙනිනි.
මේ කුමණ ජාතික වනෝද්‍යානයේ මහකැබිලිත්ත ‘‘සියඹලා දේවාලයට’’ පිවිසෙන කුඹුකන්ඔය ඉවුරේ මෙගොඩ නවාතැන් පොළයි. වෙනදා අතුරුසිදුරු නැතිව බැතිමතුන්ගෙන් පමණක් නොව විවිධ අත්හදා බැලීම්වලට පැමිණෙන්නගෙන් පිරී ඉතිරී උස්හඩින් කරන කතා නිසාම නිහඩබව බිදින මෙතැන එදින තරමක් නිහඩබවක් ගෙනාවේය.
මහකැබිලිත්තේ මිනිස් ක‍්‍රියාකාරකම්වලට වනඅලි එරෙහි වෙති
‘‘පහුගිය දවස්වල අලි ඇවිල්ලා මෙතනට ආපු මිනිස්සුන්ට කරදර කළා කියලා පත්තරවල තිබ්බා’’ හද එළියයි විදුලි ලාම්පු එළියයි මුසුවුණු ආලෝකයෙන් යන්තම් අදුර මකාගෙන ප්ලාස්ටික් පැදුරක් මත වාඩිවී අල්ලාප සල්ලාපයේ යෙදෙන පිරිසක් අතර සිටි තරුණයෙක් කීවේය.
‘‘පත්තරකාරයෝ තමයි හැම විනාසෙටම මුල. උන් ඇවිල්ලා මොනවාහරි ලියනවා. ඉස්සර මෙතෙන්ට මෙහෙම මිනිස්සු ආවෙ නැතිලූ. බොරුවට හාස්කම් තියනවා කිය කියා ලියනකොට සමහර මිනිස්සු එනවනේ.’’ පත්තර සමග කුමන හෝ අමනාපයක් ඇතැයි සිතෙන ඇගපත හොදින් ඇති තවකෙක් කීවේ දොරේගලන ද්වේෂයකිනි.
‘‘ඒකනම් ඇත්ත තමා අපත් මෙහෙ ආවේ පත්තරවල යන කතා බලලනේ. කෝ ඔය කියන දේවල් දැක්කේ නෑනේ. ඇත්තටම පත්තරවලින් මෙහෙම මිනිස්සු රවට්ටන්න හො`දනෑ. මම දැක්කා එහාපැත්තේ කට්ටියක් ගංජාද කොහේද බොනවා. ඉන්න බෑ ගෙද්. පත්තරවල මෙතැන ගැන කතා පළවෙනකොට සමහරුන්ගේ හොද්ද බොර වෙනවා. සමහරු දවස් දෙකතුනට කපුවෝ වෙලා. වාහන කාරයන්ට ට‍්‍රැක්ටර් කාරයන්ට තමා කලදවස. අපිටත් පිස්සුනේ. මේවා කියෝලා මේ කැලේට එන අපිටයි මඩුවලිග වලින් ගහන්න ඕනෑ.’’ පත්තර නුරුස්සන තවත් වයස හතළිහ ඉක්මවුවෙක් එසේ කියද්දී ඔහුගේ මුහුණේ මතුවු කේන්තියේ ස්වභාවය සුදුපැහැති විදුලිපහන් එළියෙන් හොදින් පෙනුනේ ඔහු වාඩිවී සිටියේ එම විදුලි පහන අසල නිසාය. ඒ මුහුණේ දිස්වු ඉරියව් අනුවනම් පත්තරකාරයෙක් ඒ මොහොතේ සිටියේනම් තෙල් ගන්නා තරමට පත්තරකාරයා මිරිකන කේන්තියෙන් මේ තැනැත්තා පසුවිය. කතාබහෙන් තේරුණේ ඔවුන් අගනුවර පැත්තේ පිරිසක් බවය.
දැන් තුරුවියන අතරින් හද ඉහළට ඇවිත් එබීකම් කරන අයුරු පෙනෙයි. කෙනෙක් දෙන්නෙක් කුමුකන්ඔයේ දියනාන හඩ ඇසෙයි. මේ අතර කුඹුකනඔයේ එගොඩ ඉවුරේ වැල්ලේ තැනින්තැන දැල්වූ පහන් එළි පෙනේ. ඒ පසුදින අලූයම් කාලයේ මුරුතැන් පුජාව සැකසිම සදහා සුදානම්වන අයුරුය.
වේලාව රාත‍්‍රී දහයට පමණ ආසන්න වෙමින් තිබිණි. කුඹුකන්ඔය එගොඩ ඉවුරේ පිහිටි සියඹලා දේවාලය දෙසින් මිනිසකුගේ විලාප හඩක් ඇසෙන්නට විය. නිහ`ඩ බව රජකළ රැයක් නිසා ඒ විලාප හඩ එහි සිටි හැම දෙනාගේම අවධානය දිනාගන්නට සමත්වුයේය.
‘‘කවුරුහරි කෑගහනවා.’’ හඩ ඇසී මෙගොඩ ඉවුරේ සිටි වැඩිදෙනකුගේ මුවින් ඉබේම පිටවිය. මිනිසාගේ විලාපයත් සමගම අතු කිහිපයක් බිදන හඩද ඇසෙයි. වාඩිවී සිටි හැමෝම ඒ හඩින් නැගිට්ටේ නිතැතිනි.
කතරගම දෙවි`දුන් ජීවමානව වැඩවෙසෙන බවට කාලාන්තරයක් තිස්සේ මිනිසුන්ගේ විශ්වාසයක් ඇති මහකැබිලිත්තේ සියඹලා දේවාලය දෙසින් මිනිසකුගේ විලප හඩක් ඇසෙතැයි කිසිවකුත් ප‍්‍රාර්ථනා නොකළ දෙයකි.
‘‘අදත් අලියා ඇවිල්ලා ද කොහේද?’’ කවුරුන් හෝ කියනු ඇසිනි.
කුඹුකන්ඔයේ මෙගොඩ ඉවුරට පිරිස එකතුවුයේ අසංවිධානාත්මකවය. හැමෝගෙම හදවත් ගැහෙන්නට විය. පත්තරකාරයන්ට බැන්න නඬේ සාමාජිකයෝ ගල්ගිල්ලා සේ තුෂ්නිම්භූතව එගොඩඉවුර දෙස ඇසිපිය නොහෙළා බලා සිටිති.
මේ අතර විලාපය ඇසුණු දෙසින් විදුලි පන්දම් එළි කිහිපයක් කුමුකන්ඔය ඉවුර දෙසට එනු මෙගොඩ ඉවුරේ අයගේ දෙනෙත්වලට පෙන්නට විය.
‘‘කවුරුහරි උස්සගෙන එනවා නේද?’’ අදුරු රැයේ අඩ අදුරේ දුටු දසුනින් මොගොඩ ඉවුරේ සිටි අයගෙන් ඇසුණු පැනයකි. ඒත් ඒ පිළිතුරක් බලාපොරොත්තුව ඇසූ පැනයක් නොවීය.
සියඹලා දේවාලය දෙස සිට පැමිණි පිරිස ඔසවාගෙන ආ තැනැත්තා කුඹුකනඔයේ එගොඩ ඉවුරේ වැල්ලේ බිම තියනවා දුටු මොගොඩ ඉවුරේ සිටියවූවෝ එකාදෙන්නා කුඹුකනඔයට බැස ‘‘ජබ.. ජබ..’’ගා වතුරින් එගොඩව එදෙසට ඇදෙන්නට වූහ.
‘‘අලියා ගහලාලූ.’’ වැල්ලේ බිම වැතිරී සිටිමින් කෙ`දිරිගාන තරුණවිය ඉක්මවමින් සිටි තැනැත්තා දෙස එබිකම්කළ කවුදෝ කීවේය.
‘‘ටිකක් අමාරුයි වගේ. මුත‍්‍රා එක්ක ලේත් පිටවෙනවා.’’ ලෙඩාගේ රෝග තත්ත්වය තවදුරටත් කීවේ ඔහු ඔසවාගෙන ආ පිරිසේ කෙනෙකි.
‘‘කොහේ නඬේක කෙනෙක්ද?’’ ඊළගට ඇසුණු පැනය විය.
‘‘මේ මනුස්සයා තනියම ඇවිත් තියෙන්නේ. අර එගොඩ ඉවුරේ ගහකට හේත්තුකරලා තිබුණු බයිසිකලෙන්නේ ඇවිත් තියෙන්නේ. බෝධියට එහා සියඹලාව දේවාලයට යන පාරෙදි රැකගෙන හිටපු අලිය ගහලා.’’ ඒ පිළිතුර විය.
‘‘මීට සති දෙක තුනකට ඉස්සරත් අලියා ඒ හරියෙදි සියඹලාවට යන්න දුන්නේ නැ කියලා පත්තරේ තිබුණා.’’ මේ ලිපි පෙළ ඔස්සේ කළ හෙළිදරව්වක මතකයක් කිසිවෙක් සිහිපත් කළේය.
‘‘ඇත්ත... ඇත්ත... ඉස්සර සියඹලාව දේවාලය ඇති ප‍්‍රදේශවලට ආ සතා සිවුපාවාට දැන් මිනිස්සු එන හින්දා එන්නම විදියක් නෑ. දැන් රෑට රෑට උන් එනවා. උන්ගේ ගමනට බාධා කරන අයට පහරදෙනවා. රෑ බෝවුනාම සියඹලාව දේවාල බිම වනසත්තුට බාරදීලා අපි දවල් කාලයට යන්න ඕනෑ. මිනිස්සු අවිචාර වෙනකොට සත්තු හරි මිනිස්සුන්ව පාලනය කරනවා.’’ ලෙඩාගේ කෙදිරි හඩ අස්සේම එය අබිබවමින් ඇසෙන්නට විය.
පසුගියදා කුඩා සියඹලාව දේවාලය අසල පිහිටි කුඩා සියඹලා ගසේ බැදතිබූ පඩුරු වනඅලියකු විසින් හොඬෙන් සූරා ඇද දමා තිබුණු බව නිතර එහි යන එන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා මා සමග කීවේය.
වෙනදා නිසොල්මනේ එහි ගොස් බෝධීන් දෙනම වන්දනාකර පසුව සියඹලාව දේවාලය අසලට ගොස් කතරගම දෙවියන් වෙනුවෙන් මුරුතැන් පුජාවක් සමග පුජාවට්ටියක් තබන දේව භක්තිකයන් වෙනුවට අද විවිධ පුජා භාණ්ඩ රැගෙන එහි යන සිරිසක් සිටිති. ත‍්‍රිශූලද, පින්තූරද ලොකු කුඩා පහන්ද වෙනත් භාණ්ඩද ඔවුන් ගෙනයන දෑ අතර වේ. සමහරු කොන්ක‍්‍රීට් වලින් තැනු කුඩා පිළිම ගෙවල්ද කුඩා සියඹලාව සහ මහ සියඹලාව අසල තැන්පත්කර තිබේ.
නමුත් මෑතක සිට එහි එන වන සතුන් මේ අනවශ්‍ය පුජා භාණ්ඩ එතැනින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවක් පෙනෙන්නට ඇතැයි කීවේද විමල් කොඩිතුවක්කු මහතාය. එහි එන වනඅලි දැන් මේ කටයුත්තට නායකත්වය දෙන බව ද ඔහු අවධාරණය කළේය.
වනඅලියෙකුගේ ප‍්‍රහාරයෙන් වේදනා විදින මිනිසා තවමත් කුඹුකන වැල්ලේය. මැදියම් රැය ඉක්ම යමින් තිබේ. මිනිස් වාසයකට ළගම දුර කිලෝමීටර් තිස් පහක් හතළිහකි. රාත‍්‍රීයේ වනෝද්‍යානය හරහා ගමන අවදානම්ය. නමුත් කොටියාගල දෙසින් වාහන වලින් මහකැබිලිත්තට එන යන පිරිස් රැය දවාල නොතකා එති යති.
එමෙන්ම මහකැබිලිත්තට ඇවිත් පුජාවක් නොතබා ආපසු යන්නට කිසිවකුත් කැමති නැත. මේ නිසාම වනඅලි පහරින් වේදනා විදින තැනැත්තාට පසුදා පහන් වනතුරු එලෙසම ඉන්නට සිදුවිය. කොළඹ ප‍්‍රදේශයෙන් පැමිණි නඩයක වාහනයක නංවා පසුදා අලූයමින්ම මොණරාගල රෝහල කරා යැවිනි.
මේ වනඅලි ප‍්‍රහාරයට ලක්වු තැනැත්තා මොනරාගල රෝහලේ ශල්‍යවාට්ටුවේ පසුගිය 05දා වනවිටත් ප‍්‍රතිකාර ගත් බව දුරකතනය මගින් මම තහවුරු කර ගත්තෙමි. මාළඹේ ප‍්‍රදේශයේ පදිංචිකරුවකුවු ඔහු සිය පාපැදියෙන් මේ ගමන පැමිණ සිටියේය. කොටියාගල ගමේදී කිහිපදෙනකු හමුවු ඔහු තමන් අත තිබු පොතක කොටියාගල ගමට පැමිණි බව සහ එතැනින් මහකැබිලිත්ත බලා පිටත්ව ගිය බවට සටහන් දමාගෙන තිබුණි.
පාපැදියකින් මේ මහවන බැද ගමන් කිරිම නුසුදුසු බව කොටියාගල ගම්වැසියන් ඔහුට පෙන්වාදුන්නද ඒ අවවාද නොතකා මේ ගමන පිටත්ව තිබේ. කෙසේ වෙතත් කොටියාගල සිට කිලෝමීටර් හතළිහකට ආසන්න දුරක් කුමණ මහ වන මැදින් මහකැබිලිත්තේ දේවාලයට යන කුඹුකනඔය ඉවුර දක්වා නිරුපද්‍රිතව ඔහු පැමිණ ඇත්තේ පසුගිය 03දා සන්ධ්‍යාවේය.
ඔහුගේ පාපැදිය කුඹුකනඔයේ මෙගොඩ නවත්වා විවේක ගෙන රාත‍්‍රියේ සියඹලා දේවාලයට යද්දී වනඅලි ප‍්‍රහාරයට ලක්ව තිබේ. මහකැබිලිත්ත දේවාල බිම අවට මහවනයේ ඇති හාස්කම් ගැන උපහාසාත්මකව බැලූ බොහෝ දෙනෙක් පසුගිය මාසයක කාලය තුළ සිදුවු වනඅලි ප‍්‍රහාර කිහිපයක් සමග මුනිවත රකින බව පෙනේ.
පත්තරවලටත් මහකැබිලිත්ත ගැන ලියන පත්තරකාරන්ටත් දොස් තැබු සමහරුම එහි ගොස් පරිසරය වනසන අයුරු දැකගැනීමට හැකිවිය. එහෙත් කිසිදු පුවත්පතක හෝ විද්‍යුත් මාධ්‍යයකින් මහකැබිලිත්ත දේවාල භූමිය අවට හෝ වනාන්තරය අපවිත‍්‍ර කරන්නැයි ඉල්ලා නොසිටියේය. නිරන්තරයෙන් ඉල්ලා සිටියේ අපවිත‍්‍ර නොකරන ලෙසය.
එසේම විවිධාකාර අසංවර ඇදුම්වලින් සැරසී කිසිදු ගරුසරුවක් නොමැතිව වනචාරින් මෙන් හැසිරෙමින් එහි ආගිය පිරිසද වැඩිවිය. මහකැබිලිත්ත දේවාලය පිහිටි කුමණ ජාතික වනෝද්‍යානය අයත් වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරින්ද මේ වනෝද්‍යානයේ පරිසර හානියට පිළියම් නොයොදා මුනිවත රකිමින් සිටී.
ඒ් නිසා කාලාන්තරයක් තිස්සේ මහකැබිලිත්තේ සියඹලා දේවාලය සහ අවට ප‍්‍රදේශය සිය වාසභූමි කරගත් වනඅලි ඇතුළු වන සතුන් එහි යන අවිචාර මිනිසුන්ට පාඩම් කිය දෙන්නට දැන් පටන්ගෙන තිබේ. මීට මාසකට පමණ පෙරදී එක් රාත‍්‍රියක කූඹුකනඔය එගොඩ ඉවුරේ ක‍්‍රියාත්මක කර තිබූ විදුලිය ජනක යන්ත‍්‍ර පහකට වැඩි ප‍්‍රාමණයක් වනඅලියකු පැමිණ වනසා දැමු බව සිද්ධිය ඇසින් දුටුවෙක් කීවේය. දින කිහිපයකම වනඅලියා එතැනට පැමිණි බව වාර්තාවිය.
මේ නිසා දැන් මහකැබිලිත්තට යාම ජිවිත අවදානම් ගෙනදෙන ගමනක් බවනම් නොකියා බැරිය. බෝධිපුජාවක් පවත්වන තැනට කඩා වැදුණු වනඅලියෙක් රාත‍්‍රියේ සියඹලා දේවාලයට කිසිවකුටත් යන්නට ඉඩ නොදුන්නේය.
වනසතුන්ගේ මේ බාධා කිරිම් නොතකමින් යළි යළිත් මිනිස්සු එහි යන්නට වූහ. පසුගිය තුන් වැනිදා ජිවිත හානියක් නොකර මිනිසකුට පහරදීමක් කර අදුරු වැටුණු පසු මෙහි නොඑන්නැයි වනඅලියෙක් මිනිස් සමාජයටම පාඩමක් කියා දුන්නේය. මේ පාඩම් දෙක ඉගෙන නොගෙන කටයුතු කළොත් ඉදිරියේ සිදුවන්නේ ජිවිතයකින් වන්දි ගෙවීමක් වන්නට ද බැරි නැත.
මීට මාස කිහිපයකට පෙර කතරගම දෙවියන්ට දැඩි භක්තියකින් පසුවු භක්තිවන්ත පිරිමින් පමණක් පැමිණි මේ පූජා බිම පසුව විවිධ විඡ්චුරණ ඇදුමින් සැරසුනු ගැහැණු පිරිමි ළමා ළපටින් සමග විනෝද ගමන් එන තැනක් බවට පත්විණි. පුවත්පත් වලට දොස් තබන වැඩි දෙනෙක් එහි අවේ එලෙසය. නමුත් එසේ නොඑන්නැයි පුවත්පත් මගින් නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියත් ඒවා බිරි අලින්ට විනා වැයුමක් වැනි විය.
නමුත් මහකැබිලිත්ත අවට වනඅලි ඇතුළු කුළුමීමුන්, දිවියන්, වලසුන් වැනි වනමෘගයන් දැන් තම වාසභූමි වනසන්නන්ට එරෙහි වෙමින් නැගී සිටිමට පටන්ගෙන තිබේ. ඒ නිසා අපට යමක් කියන්නට තිබේ. ඒ අනවශ්‍ය අකාරයට මහකැබිලිත්තට නොඑන්නැයි යන පණිවිඩයයි. දැන් සමහරු කතරගම නොගොස් මහකැබිලිත්තට එන්නට පුරුදුව සිටිති. කතරගම දෙවියන්ගේ දේවාභරණ තැන්පත් කර ඇති කතරගම මහ දේවාලයට ගොස් ඔබට පුදපුජාවන් පැවැත්විය හැකිය.
වර්තමානයේ පෙනෙන්නට ඇති වනසතුන්ගේ නැගිටිම නම් එතරම් සුබදායක නැත. මේ ආකාරයට වනසතුන් කුපිතවුවහොත් එය අතිශය භයානක සහ අවදානම් සහගත වනු ඇත. ඒනිසා කාන්තාවන් ළමා ළපටින් රැුගෙන මහකැබිලිත්තට පැමිණීම නම් දැන් අතිශයින් අවදානම් සහිත ගමනකි. යම් අනතුරක් සිදුවන්නට පෙර ඒ අවදානම පෙන්වා දීම පත්තරකාරයන්ගේ වගකීමය. අනතුරක් සිදුවු පසු පත්තර වලට දොස් තබනවා වෙනුවට මෙහි නොපැමිණ සිටිමට හැකිනම් එය වඩාත් සුබදායකවනු ඇත.

අජිත්ලාල් ශාන්තඋදය
2012 අගෝස්තු මස 12 14:22:36 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
කුමණ වනයේ වනඅලියෙක්
කුඹුකන් ඔය ඉවුර
වනඅලි ප‍්‍රහාරය එල්ලවි ඇත්තේ මේ ඉසව්වේදීය
මහසියඹලාව
No comments:
Post a Comment