මහානාග නම් වනෝද්‍යානයට රැස්වූ යක්ෂ පිරිස එකිනෙකා සමඟ යුද වැදීමට සැරැසී සිටි අවස්ථාවේ බුදුරදහු වැඩම කොට ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් දමනය කළහ. අව්ව, වැස්ස, සුළං සහ කුනාටු මවා පළමුව ඔවුන් බිය ගැන්වූහ. දමනය වූ යක්ෂ පිරිස බුදුරජාණන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් ද පිළිගැන්වූහ. අනතුරුව උන්වහන්සේ අග්නි චක්‍රයක් මවා ඔවුන් එක තැනකට රොක් කොට කරුණාවෙන්, දයාවෙන් හා මෛත්‍රියෙන් ඔවුනට සුපිරිසුදු ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක.
නව වසරක පළමුවෙන්ම උදාවන පසළොස්වක පොහොය වන්නේ දුරුතු පොහොයයි. එය අපට අංශ කිහිපයකින්ම වැදගත් වෙයි. නව චින්තනයක් ඔස්සේ වසරක් ආරම්භ කිරීමට උත්සුක වන අප සැම දෙනකුම දුරුතු පුන් පොහෝ දිනය වඩාත් අර්ථවත්ව ගත කිරීම අපගේ ජීවන ගමනට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. අපගේ අසමසම ශාස්තෘවරයාණන් වන බුදු හිමි දේශනා කළ දහම් මඟ ඔස්සේ ගමන් කොට ජීවිත සකස් කර ගැනීමට මෙම උතුම් දුරුතු පොහොය අපට ඉතා වැදගත් වන්නේය.
ක්‍රි.පූ. 6 වැනි සියවසේ ලොව පහළ වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමකර මෙරට උන්වහන්සේගේ සිරි පා පහස ලද උතුම් පුණ්‍ය භූමියක් බවට පත් කළ සේක. මහාවංශ තොරතුරුවලට අනුව, බුදුරදුන් ලංකාවට තෙවතාවක් වැඩම කොට ඇත. එයින් පළමුවැන්න සිදු වූයේ බුදුබවට පත්වී නව වැනි මාසයේ එළැඹි දුරුතු පුර පසළොස්වක පොහොය දිනයෙහිදීය. උරුවෙල් දනව්වෙහි තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දමනය කිරීමෙන් අනතුරුව බුදුරදහු ලංකාද්වීපයට වැඩම කළහ.
එවකට ලක්දිව නොදියුණු යක්ෂ ගෝත්‍රිකයෝ ජීවත් වූහ. එවැනි යුගයක බුදුරදුන් වැඩම කළේ ඔවුන් දමනය කිරීම උදෙසාය. එම යක්ෂ සේනාව එවකට ජීවත් වූයේ මහියංගණ මහවැලි ගංතෙර අසලය. මහානාග නම් වනෝද්‍යානයට රැස්වූ යක්ෂ පිරිස එකිනෙකා සමඟ යුද වැදීමට සැරසී සිටි අවස්ථාවේ බුදුහිමියෝ වැඩම කොට ඍද්ධි ප්‍රාතිහාර්ය දක්වා ඔවුන් දමනය කළහ. අව්ව, වැස්ස, සුළං සහ කුනාටු මවා පළමුව ඔවුන් බිය ගැන්වූහ. දමනය වූ යක්ෂ පිරිස බුදුරජාණන් වහන්සේට වැඩ සිටීමට ආසනයක් ද පිළිගැන්වූහ.අනතුරුව උන්වහන්සේ අග්නි චක්‍රයක් මවා ඔවුන් එක තැනකට රොක් කොට කරුණාවෙන්, දයාවෙන් හා මෛත්‍රියෙන් ඔවුනට සුපිරිසුදු ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. මෙම සුවිශේෂී සිදුවීම ඓතිහාසික වශයෙන් ලක්දිව ආන්දෝලනයකට තුඩු දුන්නාට කිසිදු සැකයක් නැත. එවැන්නක් සිදුවීම ලංකාවේ පසු කාලීනව ශ්‍රී සද්ධර්මය ව්‍යාප්ත වීමට ද සාධකයක් විය.
බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. එහිද සුමන සමන් දෙවිඳුන්ද දහම් අසා සෝවාන් වූ බව වැඩි දුරටත් සඳහන් වේ . එපමණකුදු නොව වැඳුම් පිදුම් කිරීම සඳහා පූජනීය වස්තුවක් ලබාදෙන ලෙස සුමන සමන් දෙවිඳුන් කළ ඉල්ලීමට අනුව තම ශීර්ෂය පිරිමැද කේශ ධාතු මිටක් ලබාදුන් සේක. පසුව සුමන සමන් දෙවිඳුන් එය රන් කරඬුවක බහා බුදුහිමිගේ ශ්‍රී‍්‍ර පාදස්පර්ශය ලද එම බිමෙහි සත් රියන් උස ඉඳුනිල් මිණිසෑයක් තනවා පුද පූජා පැවැත් වූ බවද වැඩිදුරටත් සඳහන් වේ.
මේ ආදී කරුණු පරීක්‍ෂා කර බැලීමෙන් දුරුතු පුර පසළොස්වක පොහොය ලක්වැසි සියලු දෙනාටම බෙහෙවින් වැදගත් පුන් පොහෝ දිනයක් වශයෙන් හැඳින්වීමට පුළුවන. බුදු සිරිපා පහස ලත් මේ පින්බර ලක් දෙරණෙහි ඉපදීමටද අප පින් කර තිබිය යුතුය. ශ්‍රී දළදා වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින මෙම උතුම් පූජනීය භූ®මිය, තුනුරුවනට පූජා කරන ලද, තුනුරුවන්ගේ තෙද ගුණ නිරන්තරයෙන් පැතිර පවත්නා භූ®මියකි. එක් එක් යුගවල නොයෙක් පර සතුරු උවදුරු පැමිණියද කිසිම බලවේගයකට හසු කර ගැනීමට නොහැකි වූයේද, ඉදිරියට වුවද හසුකර ගැනීමට නොහැකි වන්නේ ද තුනුරුවන්ගේ ශක්තිය බලය තිබෙන නිසාය.
මෙවැනි පින්බිමක උපන් අප සැම දෙනෙකුම රටද රටේ පූජනීය උතුම් වස්තුන්ද ආරක්ෂා කර ගන්නා අතරතුර බුදුහිමි පෙන්වා දුන් දහම් මඟෙහි ගමන් කිරීමට අප්‍රමාදි විය යුතුය. පහත්, ලාමක, පාපකාරි සිතුවිලි ඉවතලෑමත් පටු පරමාර්ථ ඉටුකර ගැනීමෙහි ලා ගැනෙන ආත්මාර්ථකාමී සිතුවිලි ඉවත් කිරීමත් කළ යුතුය. තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරමින් යහපත් ක්‍රියා කලාපයක් ඇති කර ගැනීම මේ උතුම් පොහෝ දිනයේදී කළ යුතු වන්නේය.
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි
බුදුසරණ අන්තර්ජාල කලාපය
http://www.lakehouse.lk/budusarana/2013/01/26/
No comments:
Post a Comment