Monday, September 21, 2015

අලි මැරූ සුද්දාගේ වළටත් හෙණ

වල් අලි දඩයමේ ගොස් වල් අලියකුගෙන්ම මැරුම් කෑ ඉංග්‍රීසි ජාතික පාලකයකුගේ සොහොනක් කතරගම බූත්තල මාර්ගයේ ගල්ගේ නම් ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ දක්නට ඇත.
කතරගම වනජීවී අඩවිය භාරව සිටි විශ්‍රාමලත් අඩවි වන නිලධාරි කරුණාසේන විතාන මහතා මෙම සොහොන සම්බන්ධයෙන් අදහස් පළ කරයි.


ජේ.පී.ඉරේෂන් නමැති සුදු ජාතිකයා ඉංග්‍රීසි පාලන සමයේදී ගල්ගේ ප්‍රදේශයේ පාලකයාය. ඔහු දක්ෂ දඩයක්කාරයෙකි.  ඔහු ප්‍රිය කර  ඇත්තේ අලි ඇතුන් දඩයම් කිරිමටය.   ඔහු අතින් අලි ඇතුන් සිය ගණනක් වෙඩි කා මිය ගොස් ඇත. දෛවයේ සරදමකට මෙන් අවසානයේදී අලියකුට වෙඩි තියන්න ගිහින් ඔහු ඒ අලියාගෙන්ම මැරුම් කෑවේය.

ඉන්පසු ඔහුගේ මිත්‍රයෝ යාල වනයේ රමණීය ගල් තලාවක ඔහුගේ  සොහොන් කොත ඉදි  කළහ. එහි මෙසේ සඳහන් කර ඇත.
"ගල්ගේ ප්‍රදේශයේ පාලකවරයා හා බ්‍රිතාන්‍ය ජාතික ශූර දඩයක්කාරයකු වන ජේ.පී.ඉරේෂන් සිහිවීම පිණිසයි


උපත - 1877 අප්‍රියෙල් 03  

විපත - 1923 නොවැම්බර් 12  


ඔහුගේ මිතුරන් විසින් මෙම සිහිවටනය ඉදි කරන ලදි.

ඔහු සාමදානයේ සැතපේවා".


මෙම සොහොන් කොත අඩි 40 ක් විතර උසට පැවති  නමුත් කලින් කලට හෙන වැදීම නිසා එය කැඩී යන්නට පටන් ගත්තා.  සොහෙන ගැන නිතර වාර්තා කරන ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වනජීවි දෙපාර්තමේන්තුවට දන්වා ඇත. මෙම අඩවිය භාර නිලධාරියා වශයෙන් රාජකාරී කරන කාලයේ සොහොන කැඩී ගිය කිහිප විටකම එම කාර්යාලයට දැන්වු  හැම අවස්ථාවකම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඇවිත් සොහොන අලුත්වැඩියා කළේය. හෙන වදින බැවින් දැනට ඔවුහු මෙම සොහොන් කොතේ උස අඩි 20 කට විතර අඩු ඇති අතර මේ අවට ගම්වල මිනිසුන් කියන්නෙ සුද්දා අලි මරපු නිසා එම අලින්ගේ ආත්ම  සුද්දාගේ සොහොනෙනුත් පලි ගන්නා බව ගැමියෝ පවසති.




www.lankadeepa.lk

No comments:

Search This Blog