Saturday, February 4, 2017

නිදහස් දිනයේ රටේ එසවෙන ජාතික කොඩියේ අර්ථය

සිංහයා - (එඩිතරබව)
බෝපත් හතර - (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ)
කඩුව - (ස්වාධීන බව)
රතු පාට පසුබිම - (සිංහල ජාතිය)
තැඹිලි පාට තීරුව - (දෙමළ ජාතිය)
කොළ පාට තීරුව - (මුස්ලිම් ජාතිය)
වටේ ඇති කහ පාට - (ජාතියේ එකමුතු බව)



2 comments:

Dayaratna Weerasekara said...

හිතවත් පුලස්ති,
අපේ ජාතික කොඩිය පිළිබඳව මා කාලයක් තිස්සේ එකතු කරගත් තවත් කරුණු කිහිපයක් ඔබගේ ලිපියට එකතු කිරීමට කැමැත්තෙමි.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර, මඩකලපුව ආසනයේ මන්ත්‍රීවරයාව සිටි සින්නලෙබ්බේ මහතා විසින් රටට ජාතික කොඩියක් අවශ්‍ය බවත් ඒ සඳහා අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් භාවිත කර ඇති කොඩිය සුදුසු බවත් 1948 ජනවාරි 16 වන දින පාර්ලිමේන්තුවේදී යෝජනා කරන ලදී. මෙ වන විට පැරණි කොඩියට අනුරුප තවත් කොඩියක්ද භාවිතයේ පැවතින. මන්ත්‍රී වරයාගේ යෝජනාවට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම දෙකක් වූ නිසාත් මුළු ජාතියටම බල පවත්වන එවැනි තීරණයක් ඒකච්ඡන්දයෙන් සම්මත කරගැනීමේ අවශ්‍යතාවත් නිසා අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් ජාතික කොඩියක් නිර්මාණය පිලිබඳ තීරණයක් ගැනීම පිණිස කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුව පහත නම සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත විය
1. එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක මහතා (සභාපති)
2. ටී.බී. ජයා මහතා (සාමාජික)
3. ජී.ජී, පොන්නම්බලම් මහතා (සාමාජික)
4. ජේ. ආර්. ජයවර්ධන මහතා (සාමාජික)
5. ශ්රී මත් ලලිත රාජපක්ෂ මහතා (සාමාජික)
6. ශ්රී මත් ජෝන් කොතලාවල මහතා (සාමාජික)
7. මහාචාර්ය. සෙනරත් පරණවිතාන මහතා, පුරාවිද්යා් කොමසාරිස් (ලේකම්)
ජාතික කොඩිය නිර්මාණය කිරීමේ කාර්යය සඳහා සෞන්දර්යය විද්‍යා පීඨයේ අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා මහතා සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පී, කලාගුරු, එස්. පී.චාල්ස් මහතාද සහභාගී විය.
කමිටුවේ නිර්දේශ මත පැරණි සිංහල රජ දවස කොඩි ආකෘති වලට අනුකුලව අලුත් කොඩිය නිර්මාණය කරන ලදී. නවතම කොඩියෙහි ඇතුලත් කරන ලද ප්‍රධානතම අංග වුයේ කොළ පැහැ සහ තැඹිලි පැහැ තීරු දෙකක් සහ කොඩියේ මුළු සතරෙහි බෝ පත්‍ර සතරක් ද එකතු කිරීම විය. 1951 සිට 1972 දක්වා භාවිත කරන ලද කොඩියේ බෝ පත්රැ සතර යොදා නොතිබුණු අතර 1972 ජනරජ ව්ය1වස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව කොඩියේ මුළු සතරෙහි බෝ පත්රු සතර ඇතුලත් කරන ලදී. 1972 වර්ෂයේ සිට වර්තමානය දක්වා භාවිත වන ජාතික කොඩිය බෝ පත්රර සතර ඇතුලත් කරන ලද කොඩියයි.
ජාතික කොඩියේ ඒ ඒ අංග වලින් පිළිබිඹු කරනු ලබන සුවිශේෂී ලක්ෂණ.
1. රතු පසුබිම - සමෳධිමත් භාවය
2. කඩුව අතින් ගත්, කහ පැහැ සිංහ ලාංචනය - නිර්භීත කම
3. මුළු සතරෙහි බෝ පත්රප - සමාජ සාධාරණය
4. තැඹිලි පැහැ තීරුව - ද්ර විඩ ජන සමාජය
5. කොළ පැහැ තීරුව - මුස්ලිම් ජන සමාජය
6. කහ පැහැ වට තීරුව - සැමට සාමය සහ එකමුතු බව

1972 වර්ෂයේ සිට වර්තමානය දක්වා භාවිත වන අලුතින් බෝ පත්රා සතර ඇතුලත් කරන ලද ජාතික කොඩිය

ජාතික කොඩියේ සුවිශේෂී ලක්ෂණ විස්තර සහිතව.
1. කහ පැහැය - බුද්ධිමත් බව, සාමය, අහිංසාව, සත්ය වාදීබව, ධර්මය දැනුම
2. රතු පැහැය - බුද්ධිමත් සාමය අගයන ජන සමාජයක්
3. බෝ පත්රැ සතර - සතර බ්ර හ්ම විහරණ වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා
4. සිංහ ලාංචනය - ආත්ම විශ්වාසය, සංවර භාවය
5. සිංහ රූපයේ කේශර තුන් පෙළ - බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවණ
6. සිංහ රුපයේ බෙල්ල - පාලකයාගේ ස්ථිරසාර බව සහ ප්රමබලතාවය
7. සිංහ රුපයේ විවෘත මුඛය - පාලකයාගේ නිර්භය ප්රමකාශන ශක්තිය
8. සිංහ රුපයේ නාසය - නිවැරදි අනන්යාතාව
9. සිංහ රුපයේ දිව - පාලකයින්ගේ සත්යේමය පරාර්ථකාමිත්වය
10. සිංහ රුපයේ ඇස - මනුෂ්ය ත්වය කෙරෙහි සානුකම්පික බැල්ම
11. සිංහ රුපයේ මුඛය තුළට නැමුණු දත් - මනස, සිරුර සහ වදන් පාලනය සහ විවෘත භාවය
12. සිංහ රුපයේ කඩුව දෙසට හැරී තිබෙන ඇස් - පාලිතයින් පාලකයින් දෙස බලා සිටීම
13. සිංහ රුපයේ කේශර වල රැලි විසිහතර - ගිහි ජනතාවගේ හික්මීම.
14. සිංහ රුපයේ හිස සහ වලිගය එකම අක්ෂයක පිහිටීම - පාලකයින්ගේ සහ පාලිතයින්ගේ සමාන බව
15. සිංහ රුපයේ වලිගයේ නැමි දෙකක් තිබීම - පළමු නැම්ම මගින් පාලකයින් පිලිබඳ ජනතාවගේ දැනුම සහ කැපවීමත් දෙවන නැම්මෙන් ජාතික වැදගත්කමක් ඇති තීරණාත්මක අවස්ථාවලදී ජනතාව පාලකයින් සමග එකමුතුවී කටයුතු කිරීම
16. සිංහ රුපයේ වලිගයේ ලෝම වල රැලි අටක් තිබීම - ආර්ය අෂ්ඨාංග මාර්ගයේ වැදගත් කම
17. සිංහ රුපයේ දකුණතින් කඩුව දැරීම - ආරක්ෂාව, ස්වාධීන භාවය සහ සුරක්ෂිත භාවය
18. සිංහ රුපයේ පාද - උට්ඨාන සම්පදාව, ආරක්ඛ සම්පදාව, කල්යා ණ මිත්ත සහ සම්මාජීව් කථා
19. සිංහ රුපයේ නිය උඩට නෙරා තිබීම - ගිහි ජීවිතයේ සාර්ථකත්වයට තුඩු දෙන, සද්ධා, ශීල, ත්යාමග සහ පඤ්ඤා යන සාර ධර්ම
20. සිංහ රුපයේ කඩුව - අයුක්තිය සඳහා විරුද්ධ වීම, කහ පැහැය මගින් එසේ වරුද්ධ වීම ධර්මානුකුලව සිදු කිරීම
(පොත පත ඇසුරෙනි)

Anonymous said...

හිතවත් පුලස්ති,
මා ළඟ තිබුණු තවත් තොරතුරු ටිකක් එකතු කිරීමට සිතුනා.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර, මඩකලපුව ආසනයේ මන්ත්‍රී අවරයාව සිටි සින්නලෙබ්බේ මහතා විසින් රටට ජාතික කොඩියක් අවශ්‍ය බවත් ඒ සඳහා අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් භාවිත කර ඇති කොඩිය සුදුසු බවත් 1948 ජනවාරි 16 වන දින පාර්ලිමේන්තුවේදී යෝජනා කරන ලදී. මෙ වන විට පැරණි කොඩියට අනුරුප තවත් කොඩියක්ද භාවිතයේ පැවතින. මන්ත්රී වරයාගේ යෝජනාවට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම දෙකක් වූ නිසාත් මුළු ජාතියටම බල පවත්වන එවැනි තීරණයක් ඒකච්ඡන්දයෙන් සම්මත කරගැනීමේ අවශ්‍යතාව නිසා අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් ජාතික කොඩියක් නිර්මාණය පිලිබඳ තීරණයක් ගැනීම පිණිස කමිටුවක් පත කරන ලදී. මෙම කමිටුව පහත නම සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත විය
1. එස්. ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක මහතා (සභාපති)
2. ටී.බී. ජයා මහතා (සාමාජික)
3. ජී.ජී, පොන්නම්බලම් මහතා (සාමාජික)
4. ජේ. ආර්. ජයවර්ධන මහතා (සාමාජික)
5. ශ්රී මත් ලලිත රාජපක්ෂ මහතා (සාමාජික)
6. ශ්රී මත් ජෝන් කොතලාවල මහතා (සාමාජික)
7. මහාචාර්ය. සෙනරත් පරණවිතාන මහතා, පුරාවිද්යා් කොමසාරිස් (ලේකම්)
ජාතික කොඩිය නිර්මාණය කිරීමේ කාර්යය සඳහා සෞන්දර්යය විද්යා, පීඨයේ අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා මහතා සහ ප්රයවීණ චිත්රය ශිල්පී, කලාගුරු, එස්. පී.චාල්ස් මහතාද සහභාගී විය.
කමිටුවේ නිර්දේශ මත පැරණි සිංහල රජ දවස කොඩි ආකෘති වලට අනුකුලව අලුත් කොඩිය නිර්මාණය කරන ලදී. නවතම කොඩියෙහි ඇතුලත් කරන ලද ප්රරධානතම අංග වුයේ කොළ පැහැ සහ තැඹිලි පැහැ තීරු දෙකක් සහ කොඩියේ මුළු සතරෙහි බෝ පත්රේ සතරක් ද එකතු කිරීම විය. 1951 සිට 1972 දක්වා භාවිත කරන ලද කොඩියේ බෝ පත්රැ සතර යොදා නොතිබුණු අතර 1972 ජනරජ ව්ය1වස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව කොඩියේ මුළු සතරෙහි බෝ පත්රු සතර ඇතුලත් කරන ලදී. 1972 වර්ෂයේ සිට වර්තමානය දක්වා භාවිත වන ජාතික කොඩිය බෝ පත්රර සතර ඇතුලත් කරන ලද කොඩියයි.
ජාතික කොඩියේ ඒ ඒ අංග වලින් පිළිබිඹු කරනු ලබන සුවිශේෂී ලක්ෂණ.
1. රතු පසුබිම - සමෳධිමත් භාවය
2. කඩුව අතින් ගත්, කහ පැහැ සිංහ ලාංචනය - නිර්භීත කම
3. මුළු සතරෙහි බෝ පත්රප - සමාජ සාධාරණය
4. තැඹිලි පැහැ තීරුව - ද්ර විඩ ජන සමාජය
5. කොළ පැහැ තීරුව - මුස්ලිම් ජන සමාජය
6. කහ පැහැ වට තීරුව - සැමට සාමය සහ එකමුතු බව

1972 වර්ෂයේ සිට වර්තමානය දක්වා භාවිත වන අලුතින් බෝ පත්රා සතර ඇතුලත් කරන ලද ජාතික කොඩිය

ජාතික කොඩියේ සුවිශේෂී ලක්ෂණ විස්තර සහිතව.
1. කහ පැහැය - බුද්ධිමත් බව, සාමය, අහිංසාව, සත්ය වාදීබව, ධර්මය දැනුම
2. රතු පැහැය - බුද්ධිමත් සාමය අගයන ජන සමාජයක්
3. බෝ පත්රැ සතර - සතර බ්ර හ්ම විහරණ වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා
4. සිංහ ලාංචනය - ආත්ම විශ්වාසය, සංවර භාවය
5. සිංහ රූපයේ කේශර තුන් පෙළ - බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවණ
6. සිංහ රුපයේ බෙල්ල - පාලකයාගේ ස්ථිරසාර බව සහ ප්රමබලතාවය
7. සිංහ රුපයේ විවෘත මුඛය - පාලකයාගේ නිර්භය ප්රමකාශන ශක්තිය
8. සිංහ රුපයේ නාසය - නිවැරදි අනන්යාතාව
9. සිංහ රුපයේ දිව - පාලකයින්ගේ සත්යේමය පරාර්ථකාමිත්වය
10. සිංහ රුපයේ ඇස - මනුෂ්ය ත්වය කෙරෙහි සානුකම්පික බැල්ම
11. සිංහ රුපයේ මුඛය තුළට නැමුණු දත් - මනස, සිරුර සහ වදන් පාලනය සහ විවෘත භාවය
12. සිංහ රුපයේ කඩුව දෙසට හැරී තිබෙන ඇස් - පාලිතයින් පාලකයින් දෙස බලා සිටීම
13. සිංහ රුපයේ කේශර වල රැලි විසිහතර - ගිහි ජනතාවගේ හික්මීම.
14. සිංහ රුපයේ හිස සහ වලිගය එකම අක්ෂයක පිහිටීම - පාලකයින්ගේ සහ පාලිතයින්ගේ සමාන බව
15. සිංහ රුපයේ වලිගයේ නැමි දෙකක් තිබීම - පළමු නැම්ම මගින් පාලකයින් පිලිබඳ ජනතාවගේ දැනුම සහ කැපවීමත් දෙවන නැම්මෙන් ජාතික වැදගත්කමක් ඇති තීරණාත්මක අවස්ථාවලදී ජනතාව පාලකයින් සමග එකමුතුවී කටයුතු කිරීම
16. සිංහ රුපයේ වලිගයේ ලෝම වල රැලි අටක් තිබීම - ආර්ය අෂ්ඨාංග මාර්ගයේ වැදගත් කම
17. සිංහ රුපයේ දකුණතින් කඩුව දැරීම - ආරක්ෂාව, ස්වාධීන භාවය සහ සුරක්ෂිත භාවය
18. සිංහ රුපයේ පාද - උට්ඨාන සම්පදාව, ආරක්ඛ සම්පදාව, කල්යා ණ මිත්ත සහ සම්මාජීව් කථා
19. සිංහ රුපයේ නිය උඩට නෙරා තිබීම - ගිහි ජීවිතයේ සාර්ථකත්වයට තුඩු දෙන, සද්ධා, ශීල, ත්යාමග සහ පඤ්ඤා යන සාර ධර්ම
20. සිංහ රුපයේ කඩුව - අයුක්තිය සඳහා විරුද්ධ වීම, කහ පැහැය මගින් එසේ වරුද්ධ වීම ධර්මානුකුලව සිදු කිරීම
(පොත පත ඇසුරෙනි)

Search This Blog