Saturday, November 24, 2012

මොනරාගලට අඩි 80ක බුදු පිළිමයක්

මොනරාගල කුමාරදොළ පාර ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමයේ අඩි 80ක් උස අඩි 62ක් පළල සමාධි බුදු පිළිමයක් නෙළීමේ කටයුතු අරඹා තිබේ. අඩි 650ක් උස කන්දක් මත නෙළන මෙම සමාධි බුදු පිළිම වහන්සේ නිම කිරීමට ඇස්තමේන්තු මුදල ලක්ෂ 650කි. ලක්ෂ 160ක පමණ වැඩ කටයුතු නිමවා ඇත. ඌව ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා හා ප්‍රාදේශීය ලේකම්ගේ ද ආධාර අනුබල ඇතිව මෙම කර්තව්‍ය හුලංදාවේ චන්ද්‍රසිරි හිමියන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

2012 නොවැම්බර් මස 23 15:59:41 | ලංකාදීප
http://www.lankadeepa.lk/index.php/articles/79346





Saturday, November 17, 2012

ඌවේ සැඟවුණු ඉතිහාසය



* ඓතිහාසික තොරතුරු, * ජන ජීවිතය,

* ගැමිවහර, * ජනකවි

අතීතයේදී ශ්‍රී ලංකාව පළාත් නවයකට බෙදී ඇති අතර ඉන් ඌව පළාතට හිමි වනුයේ අද්විතීය ස්‌ථානයකි. සොබා දහමේ මනහර දායාදයන්ගෙන්ද ප්‍රෙෘඪ ඓතිහාසික තොරතුරු සමුදායකටද උරුමකම් කියන ඌව පළාත පිළිබඳවත්, මෙහි පදිංචි ජනතාවගේ සැඟව ගිය අතීත තතු බිඳක්‌ වත්මන් සමාජයට හෙළිදරව් කිරීම සඳහාත්, ඌවේ තතු සොයා යන ගමනක්‌ වීමත්, මෙම ලිපියේ පරමාර්ථය සේ හුවා දක්‌වමි.

සුවිසල් කඳුවැටි අතරින් හමා එන සිහිල් මන්ද මාරුත, කඳුවැටි සිප ගැනෙද්දී "හූ" යන හඬ ජනිතවීම නිසා "හූව" නොහොත් "ඌව" යන නම මෙම ප්‍රදේශයට ව්‍යවහාර වී ඇතැයි ජනවහරේ දැක්‌වේ. එය කවදා කෙලෙස භාවිතයට ගැනුනක්‌ ද යන්න සඳහනක්‌ නොමැත.

දැනට දශක පහමාරකට පෙර එනම් වසර 55 කටත් පෙර ඌව පළාත (i) උඩුකිඳ (ii) යටිකිඳ (iii) බුත්තල (iv) වැල්ලවාය (v) වෙල්ලස්‌ස (vi) වියළුව (vii) බිංතැන්න වශයෙන් ප්‍රාදේශීය ආදායම් පාලක කොට්‌ඨාස හතකට බෙදා තිබිණි.

"කිඳ" යනුවෙන් හැඳින්වෙන්නේ බිම් කොටසකටය. වඩාත්ම උස්‌ ස්‌ථානයක පිහිටි කොටස "උඩුකිඳ" ලෙසින් ද පහත් ස්‌ථානයක පිහිටි කොටස "යටිකිඳ" ලෙසින් ද අදටත් ව්‍යවහාර කැරේ.

පට්‌ටිපොල, ඔහිය, හපුතලේ, වැලිමඩ, ගුරුතලාව, අඹේවෙල, ඇටැම්පිටිය වැනි කඳුකරව පිහිටි නගර "උඩුකිඳ" කොට්‌ඨාසයටත්, බදුල්ල, පස්‌සර, ලුනුගල, දෙමෝදර, ඇල්ල, හාලිඇල, නාරංගල, ස්‌ප්‍රිංවැලි වැනි ප්‍රදේශයේ පහත් භූමි භාගයන්හි පිහිටි නගර "යටිකිඳ" කොටසත් අයත් වේ.

ලෝකාන්තය(- "ඔහිය" නගරය අසල පිහිටි ලෝකාන්තය නමැති ස්‌ථානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්‌වූ ස්‌ථානයකි. ක්‍රිස්‌තු භක්‌තිකයන් සෑම වසරක්‌ පාසාම "ආගමික භක්‌තියෙන් සන්තානම් මෑණියන්ගේ දේව මෙහෙය හා පෙරහැර පවත්වනු ලබන වැලිමඩ නගරයත්, ටෙනිස්‌ ක්‍රීඩකයන්ට පාරාදීසයක්‌ බඳු වූ බණ්‌ඩාරවෙල නගරයත් සතුරු උපක්‍රම වලින් මේ රට ආරක්‍ෂා කිරීම සඳහා අභ්‍යාස යුද කඳවුරු සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාලතම අභ්‍යාස ආයතනයත්, පිහිටි "දියතලාව" නගරයත්, පහතරට (හම්බන්තොට) දිස්‌ත්‍රික්‌කය දැකගත හැකි හපුතලේ නගරයත්, ඓතිහාසික රාම සීතා කතා පුවතේ සීතා කුමරිය දිවුරුම්ගත් තැන "දිව්රුම්වෙල" විහාරස්‌ථානය පිහිටි දිව්රුම්වෙල ගමත් උඩුකිඳ කොටසට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ සදා මතකයේ ලැඟුම්ගෙන ඇති නගර, ගම්, හැටියට හැඳින්විය හැකිය. මෙම ප්‍රදේශවල ඇති වගාවන් අතර තේ සහ උඩරට එළවළුවලට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වේ.

අඩි 310 ක පමණ උසකින් යුත් මනස්‌කාන්ත "දුන්හිඳ" දිය ඇල්ලත් "මුතියංගන චෛත්‍ය රාජයාත් බදුල්ලේ පිහිටි අතර කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ස්‌ථානයක්‌ යටින් සකස්‌ වූ දුම්රිය මාර්ගයක්‌ පිහිටි දෙමෝදර නගරයත් සුප්‍රසිද්ධ "දෝවේ" රජමහා විහාරස්‌ථානයත්, යතුරුපැදි ධාවන තරග පිටියත්, "සෙන්ට්‌ ඡේමිස්‌ නැග්මත්" පිහිටි "හාලිඇල" නගරයත්, නමුණුකුල පිහිටි ස්‌ප්‍රිංවැලි නගරයත්, යටිකිඳ කොටසට අයත් වැදගත් ස්‌ථාන හැටියට හැඳින්විය හැකිය. බදුල්ල, පළාතේ ප්‍රධාන අගනගරය හැටියට හැඳින්වේ.

බුත්තල( දකුණු පළාතත්, උතුරු මැද පළාතත් සම්බන්ධ කෙරෙමින් දුටුගැමුණු යුගයේ දකුණේ සිට උතුරු මැද පළාතට වැටී තිබූ මහා මාර්ගයේ ගමන්ගත් මගීන්ට දාන ශාලාවක්‌ (බත් ශාලාවක්‌), බත් හලක්‌ ඉදිකර තිබූ ස්‌ථානය, බත්හල පසුකාලිනව බුත්තල වී ඇතැයි ජනවහරේ පවතී.

බිබිල - බුත්තල, මොනරාගල යන නගර ආශ්‍රිත ප්‍රදේශ දෙහි, දොඩම් වගාවට අතීතයේ සිටම ප්‍රසිද්ධියක්‌ ගනු ලබයි. එමෙන්ම මොනරාගල දිස්‌ත්‍රික්‌කය පුරාවටම බුරුත, තේක්‌ක, කළුවර, සුදු හඳුන් වැනි ඉතා වටිනා දැවවලට ප්‍රසිද්ධියක්‌ උසුලනු ලබන්නේ ද එම ප්‍රදේශයට ආවේණික භූ විෂමතාවන්ට අනුකූලවමය. ඔක්‌කම්පිටිය ගොවිජනපදය, යුදගනාව වැව, කතරගම පුදබිම, ප්‍රෙෘඪ ඓතිහාසික උරුමයක්‌ වන මාළිගාවිල, බුදුරුවගල වැනි බෞද්ධ සිද්ධස්‌ථානයන්ගෙන් ද මොනරාගල දිස්‌ත්‍රික්‌කයට දීප්තියක්‌ වැටී ඇත.

ඌව පළාත මුලදී බෙදා වෙන්කර තිබූ කොට්‌ඨාස හතෙන්ම සමුද්‍රයට ආසන්නව පිහිටි හෙයිනුත් මෙම කොටසේ කඳුහෙල් දුලබ හෙයිනුත් මුහුදු සුළං (වැල්ලේවායුව) නියමලෙස ස්‌පර්ශ කරන විශාල ග්‍රාමයක්‌ කාලයක්‌ ගතවත්ම වැල්ලවාය යනුවෙන් භාවිතයට පත්වී ඇතැයි ජනවහරේ පවතී. පුරාවිද්‍යා සමීක්‍ෂණ කටයුතු පිළිබඳ හසල දැනුම් සම්භාරයක්‌ ඇති බළන්ගොඩ කූරගල ශ්‍රී පාද දිවාගුහා රාජමහා විහාරාධිපති ප්‍රවීණ ලේඛක රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති වටද්දර ඥානිස්‌සර නාහිමිපාණන් වහන්සේගේ මතයට අනුව "වැල්ලවාය" නගරය රාවණා යුගය දක්‌වා දුරාතීතයකට සබඳකම් පවත්වනු ලබන නගරයකි.

පෙර රජදවස රහතන් වහන්සේ දහස්‌ ගණනින් වැඩවිසූ ඓතිහාසික කූරගල ශ්‍රීපාද දිවාගුහා විහාරස්‌ථානය දක්‌වා වසර දස දහසකට එපිට කාල පරාසයකදී මුහුද තිබූ බවට වටද්දර ඥානිස්‌සර නාහිමියෝ පෙන්වා දෙන්නේ කූරගල අවට "වැලිපතයාය" ප්‍රදේශයේ අදටත් මුහුදු බෙල්ලන්, මුහුදු වෙරළාසන්න වැවෙන පන් වර්ග, මූදුවැලි පවතින බවට නිදසුන් ගෙනහැර පාමිනි. එකල විශාල වැලි වරායක්‌ව තිබූ පෙදෙස වැලි+වරාය - වැල්ලවාය වී පසුකලෙක භාවිතයට යෙදී ඇති බව ද වටද්දර ඥානිස්‌සර නාහිමියෝ පෙන්වා දෙති.

අතීතයේදී ගොවියන්ට තම මඩ ඉඩම් වලින් සරුසාර අස්‌වැන්නක්‌ ලබාගැනීමට හැකිවූත්, දැනට මුව, ගෝන, අලි ඇතුන්ටත්, සේරුන් නමැති පක්‍ෂීන්ටත්, ජලය සපයනු ලබන තණමල්විල වැව ගැන ද සඳහන් කළ යුතුව ඇත. බළන්ගොඩ මැතිවරණ කොට්‌ඨාසයේ "වේලිඔය" හරස්‌කර මහනෙටුල, කුඩානෙටුල, කංඩියපිට, බෝගස්‌වැව, අළුත්වැව, අරඹේකෙම, රතඹලාගම, කහකුරුල්ලන්පැලැස්‌ස, හම්බේගමුව වැව දක්‌වා කිලෝ මීටර් 25 ක ඇළක්‌ මගින් ජලය සැපයෙමින් කුඩාවැව් 20 කට වැඩි ප්‍රමාණයකින් ගොඩ, මඩ අක්‌කර 5000 කට අධික ප්‍රමාණයකට ජලය සැපයෙන වාරි කර්මාන්තයක්‌ද පසුගිය වර්ෂයේදී ජනතා අයිතියට පැවරිණි.

කොස්‌ලන්ද සානුවේ පිහිටි දියළුම දිය ඇල්ල ද ඌව පළාතටම ආවේණික වූ තවත් සොබා සිරියෙන් ඔපවත්වූ දිය ඇල්ලකි. ඇල්ල වැල්ලවාය මාර්ගයේ පිහිටි බඹරකන්ද දිය ඇල්ල ද සුවිශේෂී දියඇල්ලක්‌ වනුයේ එය ශ්‍රී ලංකාවේ දිය ඇළි අතර වැඩිම උසකින් හෙබි දිය ඇල්ලක්‌ නිසාය. සාරවත් කුඹුරු නොහොත් වෙල් කැබලි ලක්‍ෂයකින් පමණ සැදුම්ලත් වෙල්යායක්‌ නිසා වෙල්ලස්‌ස යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය ද ඌව පළාතටම අයත් ප්‍රදේශයකි.

බිංතැන්න - බිංතැන්න අනිකුත් ප්‍රදේශවලට වඩා විශාලත්වයෙන් කුඩා වූ පෙදෙසකි. යක්‍ෂයන් පලවා හැරීම සඳහා හා ගෞතම බුදුරජාණන් වහන්සේ ලක්‌දිවට ප්‍රථම වරට වැඩියා වූ අවස්‌ථාවේ බිංතැන්නේ සිටි යක්‍ෂයන් පලවාහැරිය බවට බෞද්ධ සාහිත්‍යයෙහි (ලක්‌දිව) දැක්‌වේ. සමන් දෙවියන්ගේ ඉල්ලීමකට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ කේෂධාතු මිටක්‌ පිරිනමා ඇති බවත් එම කේෂධාතු නිධන් කැර මහියංගන චෛත්‍යය ගොඩනඟා ඇති බවත් සඳහන් වේ. ඌව පළාතේ පිහිටි මහියංගන චෛත්‍යයෙහි වැඩ නිම කරගැනීමට විය පැහැදම් නොලැබී අතරමඟ එහි වැඩ නතර වී තිබූ අවස්‌ථාවක මහවැලි නදියට ගලා බසිනා ඇළක රිදී කොටයක්‌ පාවී ඇවිත් එම රිදී කොටය විකුණා ලත් මුදලින් මහියංගණ චෛත්‍යයේ වැඩ නිමවා ඇති අතර අදටත් "රිදීකොටලිය" නම් ඇළක්‌ තිබෙන බව කියෑවේ. සියඹලාවින්න, දඹාන, බෙලිගල්ල, බුළුගහදෙන, කුකුළාපොල, පදුකුඹුර, මේවත්ත, වේරපොකුණ නමැති කුඩා ගම්වල වැදි පවුල් ගණනාවක්‌ම අදටත් දැකගත හැකිය. පාරම්පරිකව එදා ඔවුන් දඩයමින් (මරාගන්නා) ලද මුව, ගෝන, වල් ඌරන්ගේ මස්‌ වේලා නගරයට ගෙනැවිත් ලබාගන්නා මුදල ඔවුන්ගේ ජීවනෝපායේ ආර්ථිකය සැකසෙන සංධිස්‌ථානය වුවත්, අද වන විට එම වැදි පවුල්වල ජනතාව ගොවිතැන සිය ජීවනෝපාය සඳහා යොදාගෙන තිබීම සතුටට කරුණකි. වඩු වැඩ, මේසන් වැඩ, වෙළෙ¹ම වැනි ස්‌වයං රැකියා සඳහා ද වැදි ජනතාවගේ නැඹුරුවක්‌ ඇති වී තිබේ.

වියලුව - වියලුව යන නම ද ඌව පළාතේ ප්‍රසිද්ධියක්‌ ගනු ලබන තවත් ප්‍රදේශයකි. "වේලු" යනු "උණගස්‌" වලට ව්‍යවහාර කරන නමකි. "වේලු" නොහොත් වියලු නොහොත් උණ ගස්‌ රාශියකින් සමන්විත ප්‍රදේශය වන අර්ථය ඇති සැටියෙන් දනවනු සඳහා වියලුව යෑයි එම පෙදෙසට ව්‍යවහාර වී තිබේ.

දුටුගැමුණු මහරජතුමා අමුණක්‌ බඳවද්දී ඔහුගේ පුත් සාලිය කුමරා රොඩී කෙල්ලක්‌ සමග ප්‍රේමයෙන් වෙලී සිටිනා බව සැලවීමත් සමගම සාලිය කුමරා සමග සිටි සේනාව සාලිය කුමරාට ඔටුන්න අහිමි වීමේ කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා එම සේනාව සතු දිවා ආහාරය (පිසින ලද බත් මුල්) මැඩිල්ලකට විසිකරනු ලැබූහ. එදා සිට එම ප්‍රදේශයට බත්මැඩිල්ල යන නාමය ව්‍යවහාර වී තිබේ.

ඌව පළාතේ විස්‌තරත් එහි පැරැණි කොට්‌ඨාස ක්‍රමයත් මෙසේ සනිටුහන් වෙද්දී පුරාණ කාලයේ දකුණේ මාගම් පත්තුවේ කතරගම සිට අනුරාධපුරයට පැමිණෙන ගම් පියසි දිගේ පැමිණිය හැකි ඉසුරුමත් මහා මාර්ගයේදී හමුවෙන සමහර නගරයන්ට සහ ග්‍රාමයන්ට අදටත් ව්‍යවහාර කරනු ලබන නාමයන් සෑදී ඇත්තේ මෙසේය.

කදිරදේවගම, කදිර+ගම, කදිරාගම යනුවෙන් ද ඉන්පසු කාලීන කන්ද+ස්‌වාමි+ග්‍රාමම් කදි+දේව+ගම, ශුෂ්ක දේශ ගුණයකින් හෙබි ගම කතරේ+ ගම = කතරගම යනුවෙන් මුඛ පරම්පරාගතව ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද සඳහන් වේ. කන්ද ස්‌වාමි පැමිණ නැවතුම්ගත් ශුෂ්ක වූ ගම යනුවෙන් පවතින මතයක්‌ද වේ.

දිගාමඩුල්ල - දුටුගැමුණු+ එළාර යුද්ධයේදී ස්‌වකීය හමුදාවට ආහාර සැපයීම පිණිස එතුමන්ගේ සොයුරු (සද්ධාතිස්‌ස කුමරා) ගොවිතැන් කටයුතු කිරීම සඳහා (කුඹුරු - අස්‌වැද්දවීමට) යවන ලදී. එහිදී කුඹුරු අස්‌වැද්දවීමට තිබූ "දිගාමඩුල්ල" සීමාව වූ පෙදෙස මඩොල්ලේ සීමාව නොහොත් මඩොල්සිම විය.

ඌවේ කැරැල්ල කාලයේදී දෙහිවින්න, පරණවෙල නම් දෙකින් යුත් ග්‍රාම දුරස්‌ථව පිහිටියත් බලකොටු දෙකක්‌ පිහිටි බව කියෑවේ. එහි පළමුවැන්නේ එනම් "දෙහිවින්නේ" බලකොටුවේ "පදනිතිය" යෑවූ වේරගම නමැත්තෙකුගේ ඥතියෙක්‌ වන වේරගම බණ්‌ඩාර පුදුමාකාර දිවිපෙවෙතක්‌ ගත කළ අයෙකි. සතුරන් විසින් මරා දමනු ලබතැයි යන බිය නිසා කොරෙකුගේ වෙස්‌ ගෙන සිටි මොහු යමෙකු හමු වූ විට කතානොකර අතින්, පයින් ගොලුවකු පරිද්දෙන් කතා කිරීමට සමතකු වුවද ඔහු ගැන දන්නා අයට මෙය විහිලුවක්‌ ලෙස පෙනී තිබේ.

පර දේශික හමුදාවන්ගේ සෙබළු විනෝදයට පත්කෙරෙමින්ද, සෙබළුන්ගෙන් ලැබෙන ආහාර වේලකින් යෑපෙමින්ද, වේරගම බණ්‌ඩාර දිවිගෙවද්දී මොහු ගැන තොරතුරු සෙබළ ප්‍රධානියාට සැලවිය. වේරගම බණ්‌ඩාරගේ හැසිරීම් රටාව අධ්‍යයනය කළ සෙබළ ප්‍රධානියා ඔහුට කඩු හරඹය පුහුණු කරවන ලෙස අණ කළේය. වේරගම බණ්‌ඩාරට සටන් පුහුණුව ලබාදීමට පැමිණෙන සෙබළු දිනෙන් දින එකි නෙකා මරු තුරුලට යන්නේ තම සටනේදී ඔහු විදේශීය (පරසතුරු) හමුදා සෙබළු මරණයට පත් කරමින් පරාජය කරමිනි. මෙම බලකොටුවේ සිටි සෙබළු සියලු දෙනාම (ප්‍රධානියා හැර) වේරගම බණ්‌ඩාර අතින් මරණයට පත්වීම නිසා සෙබළුන් මරා දැමූ බිමට සටන් පිටිය යන නම ව්‍යවහාර වී කාලයත් සමග හටන්+පිටිය වීමෙන් පසුව අද වන විට එම ප්‍රදේශය අටම්පිටිය යන නාමයෙන් හඳුන්වනු ලැබේ.

මෙසේ මරණයට පත් කරනු ලැබූ විදේශීය හමුදා සෙබළු සියලු දෙනාම පල්ලමකට (ඇළකට) දමන ලදී. එම ඇල්ල පරංගි ඇල්ල යනුවෙන් හඳුන්වනු ලැබේ. පරංගි ඇල්ල නමින් ව්‍යවහාර වන ග්‍රාමයක්‌ අදටත් මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ.

හපුතලේ - හපුගස්‌වලින් ගහණ වූ ප්‍රදේශය සහ කඳුකර ප්‍රදේශය යන්න එක්‌වීමෙන් හපු+තලය පසුකාලීනව හපුතලේ බවට පත්වී ඇති බවත්, බණ්‌ඩාර නම් ග්‍රාම පාලකයකුට අයත් වෙල්යායක්‌ තිබූ ප්‍රදේශය බණ්‌ඩාරගේ කුඹුර බණ්‌ඩාරවෙල නමින් ව්‍යවහාර වී ඇති බවත් මුඛ පරම්පරාගත කතාවල දැක්‌වේ. බණ්‌ඩාර නමැති දෙවි කෙනකුගේ ප්‍රතිමාවක්‌ වෙලක්‌ (කුඹුරක්‌) සීසාද්දී මතුවීම නිසා (බණ්‌ඩා+ දෙවි+රු+කුඹුර) "දෙවිරුව" යන වචන බිඳී ගොස්‌ කුඹුර යන්නට වෙල එක්‌වී බණ්‌ඩාරවෙල යන්න ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද තවත් මතයක්‌ පවතී.

වැලිමඩ - පත්තිනි දේවිගේ නොහොත් වල්ලි අම්මාගේ කෝවිල පිහිටි පෙදෙස වල්ලි+මඩම් නමින් පැවත වැලිමඩ නමින් ව්‍යවහාරයට එක්‌වී ඇතැයි ද කියති. මීට අමතරව වැලි මිශ්‍රිත මඩ සහිත පසක්‌ පිහිටීම නිසා වැලිමඩ යන නම භාවිතයට එක්‌වී ඇතැයි ද තවත් මතයකි.

ඌවගැමි වහර( ඌව පළාතටම ආවේණික වූ ගැමි වහරක්‌ අතීතයේදී භාවිත වී තිබූ බවට වෙල්ලස්‌සේ ඇතැම් ගැමි කතාබස්‌ වලදී අදත් අපට දැකගත හැකි වේ.

ඌවේ ඉපැරණි ගැමි වහර

ඇනබාගන්නවා - වාඩිවෙනවා

කොක්‌කාවෙන් යනවා - කරපිටින් යනවා

මිනිපන්දමේ යනවා - දඩයමේ යනවා

හිරිම්බනවා - කෑම කනවා

කුදාගත්තා - නිදාගත්තා

නවුවනවා - දිය නාවනවා

බැදිඅඹවනවා - කැලේ සතුන් එලවනවා.

ඕගානවා - අඬනවා

කොහා යනවා - කොහේ යනවාද?

කුදාලනවා - බඳිනවා

උකාලනවා - වැටෙනවා

දීගන්නවා - ගහගන්නවා

පුණුවනවා - නිදිකරවනවා

කාවටිනවා - දබර කරනවා

පුහුටුලානවා - ප්‍රමාද වෙනවා

ලුහුටනවා - ලෙස්‌සනවා

හෙයියන් කරනවා - කරදර කරනවා

කුස්‌ කුස්‌ ගානවා - අඬමින් ඉන්නවා

උඩන් ගහනවා - නොන්ඩිගහනවා (කොරගහනවා)

රොක්‌වුණා - අමාරුවෙන් ගියා

තව්ගහනවා - බාගෙට පුළුස්‌සනවා

මෝපකරනවා - වරිච්චි බඳිනවා

බොටා - යහළුවා

මකරට හිරිම්බනවා - බඩට කනවා

බැන්නට කුඹුලන්නෙවත් නෑ-බැන්නට කතා කළේ නෑ

හත් ගහනවා - ලියනවා

ගොන් ගනවා - කෙලින් කරනවා

වල්විලංගුවෙලාගියා - කඩාකප්පල්වෙලා ගියා

තකෝනැතිවුණා - අමතක වුණා

මතගානවා - හැඳිගානවා

කෙළිපානවා - එබී බලනවා.

වෙනිගානවා - ගෙයක්‌ගානේ යනවා

හිපගෙන - උස්‌සාගෙන

හෑගා වැටුනා - හතිදාගෙන වැටුනා

හෑගතලනවා - හති අරිනවා.

පුක්‌කවෙලා - වෙරිවෙලා

බොටතලනවා - මරනවා

කැටුව වැඩුවා - පස්‌සෙන් එලෙව්වා

ගසෙන් බැහියන් - ගහෙන් බැහැපත්

කස්‌කරේ - ඉක්‌මනට

මෝල්කනා - කුණුවෙලා

බුන්නා - බිව්වා, බීවා

ලබ්බගන්නවා - කිට්‌ටුකරගන්නවා

ටොන්බ - වලිගය

සීනිගඳ - පිළීගඳ

ඕකට නැගිල ගියාවෙ - ඕනෑ තැනක ගියාවෙ

කිවුල - උල්පත

හංකෝඩවුණා - බාගෙට ඇකුලුනා

කටනැගුනා - ගියා

කම්බුස්‌සාවෙන්න - ඇස්‌රතුවෙන්න

ලබ්බලා - කිට්‌ටුකරලා

පනන්වෙනවා - යනවා

හෝටුපුරුල්ලන් ගැහිලා - හොඳටම තෙමිලා

මොටා - ලොකුඑකා

කනත්ත ඉවලා - බාගෙට කැලේ වැවිලා

හාකොයි - පුළුවනි

ගහම්මනවා - අහක දමනවා

රහුගෙඩි - මිණිගෙඩි

අකවනවා - හරස්‌කරනවා

අලිමන්තලේ - අලියන පාර

දිව්වම දිව්වා - නොනැවතී ගියා

හුළංවැස්‌ස - හිරිකඩ

ඔපරස්‌වුණා - ලීයඇදවුණා

කොළොම්බ - කුඩා බංකුව

කයද - කාගේද?

ගහම් මවුවා - වීසිකළා

අස්‌කඩය - රෙදිපටිය

කළඟ-ලෙලිහරින ලද පුවක්‌ කොළපත

පලසෙලව් - සිල්ලර

ඉඩොල්පරවෙලා - කුරුවල්වෙලා

ගිනිපූගානවා - ගිනිමොලවනවා

නිදිකලන්ගාතෙ - නිදිමතේ

මෙරිවෙනවා - එබෙනවා

මාකුරුමල් - පුවක්‌මල්

පිඩිගහනවා - ගුලිකරනවා

අටවනවා - දිගහරිනවා

ඇස්‌බැලුම්කරණවා - සොයා බලනවා

උදව ගන්න එපා - කේන්ති අවුස්‌සවන්න එපා

කකරනවා - හැඳිගානවා

රුකුල - හිල

කුඩුම්බරයා කොල්ලා

බුඩා, බුඩී - මහල්ලා, මැහැල්ලී

කැරැල්ලන්ගහනවා - පිනුම්ගහනවා

මාකඳයා - මාවවුලා

දෙගුනගතිය - පිස්‌සුව

දඹුව - ගිනිදැල්ල

ඩිම්බා - දිමියා

මට්‌ටේ - හිසබූගෑම

හපුකඳයා - සැලළිහිනියා

උකුණුගහ - දැතිගොයියාව

රොටියට දම්මා - වී බිත්තරට දැම්මා

පෝපොත - පුවක්‌ කොළය

බිරන් - වැසිවලාකුළු

මුස්‌නෙ - කුරුමානම

දරහැව්ව - ගෙදර බඩුමුට්‌ටු

මාපත - උළුවස්‌සේ උඩ පඩිය

පොලොත්ත - පොල්කටුව

අස්‌කනත්ත කෙටුවා - කුඹුරවටේ සුද්ධකළා

අතබෑ, කකුල බෑ, අතේ තුවාලයක්‌, කකුලේ තුවාලයක්‌,

ගෝහාලය - දඬුමැස්‌ස

අරේයියා, මේයියා - අර, මේ

කියලා පරාදයි - කීමෙන් ඵලක්‌ නෑ.

බණවනවා - කතාකරනවා

හෙවන්බැස්‌සා - ඉරබැස අව්ව අඩුවීම

නෑවෙයි - එහෙම නොවෙයි

එහෙවෙයි - එහෙම තමයි

වනුව - බාගෙට වැවුන කැලේ

කනත්ත - අත්හැරුන හේන (පරණ හේන)

හෙල - කන්ද

හොටිඅම්මා - මැහැලී (ආච්චී)

ඇලිවැද්දලා - හැංගිලා

කාවල්කාරයා - මුරකරුවා

ඇටතඩියවෙලා - දරදඬුවෙලා

ඔද්දිහක්‌වන්නෑ - මෙලෝ සිහියක්‌ නෑ

ගොඩ උඩ සලාවෙන් ඉන්නවා - ගෙම්බා වගේ ඉන්නවා

දඟර - කොරවීම

කුඩිත්ත, පෙත, - ටික, ටික

ගදල් - කොස්‌ කටු

ගදාලේ - රොඩු කුණු

කොකිස්‌ - කිරිඇල

පිල්ල - හබරල අත්ත

ඇහැපිලි මෙරු

ගෝටය - කූඩුව

හොබිරියා - කම්මැලියා

ඇලිබිහිරිකම - ල-ජාව (සබකෝලය)

අටිනෙ - සබකෝලය

ඇන්නැවර - අරගෙන වරෙන්

කුරු අඩිය - බත්පත තබාගෙන කන එක

බාපත - උඩතල්ල

පැපිලිය - වියන්තට්‌ටුව

පබිලියම - වියන් ඇඳ

ගොයිය - යාලුවා (මස්‌සිනා)

අකවනවා - හරවනවා

කොළ ගෙඩිය - කමත ගොඩගසන ලද ගොයම

මූලප්පල්ය - ඇතිළිය

සුමක්‌ ගත්තරේ - වැඩකරදර

පොල්කුරුප්පිය - පොල්ගෙඩියේ තැරිය

ලෙසවලා - වේගයෙන් ගිහිල්ලා

ඒක එටැයි - පුදුමයි

වරාව - පෙරැත්ත

කෝඩුවාව - ගේ අයින

ඒක එමැයි - පුදුමයි

බොහෝ ඈත අතීතයේ ඌව පළාතටම පමණක්‌ ආවේනික වූ බස්‌ වහරක්‌ තිබුණු බවට ඉහතින් දැක්‌වෙන සමහර වදන් දෙස බැලීමේදී පැහැදිලි වේ. මෙම බස්‌ වහරද එයට නිදසුන් වුවක්‌, වත්මන් සමාජයේ මෙම යෙදුම් ක්‍රමයෙන් අය වෙමින් පවතී.

(1) හොටි අම්මා බණවනවා - ආච්චී කතාකරනවා.

(2) කාවල්කාරයා ඇලිවද්දලා - මුරකාරයා හැංගිලා

(3) පබිලියම ඇන්නැවර - වියන් ඇඳ අරගෙන වරෙන්

(4) කුඩුම්බරයා හොබිරියා - කොල්ලා කම්මැලියා

(5)කස්‌කරේ ගසෙන් බැහියන්-ඉක්‌මනට ගහෙන් බැහැපන්

ඌව පළාතේ අදටත් භාවිත වන ගමින් ගම ගැමි කවි කීපයක්‌ මෙසේ දක්‌වමි. එහිදී මෙම ගැමි කවි දෙකෙහි පුරාවෘතයද සැකෙවින් දක්‌වනු කැමැත්තෙමි.

එදා මෙදාතුර ඌව පළාත හේන් ගොවිතැනට ද ප්‍රසිද්ධියක්‌ ගනු ලබයි. හේනක පැල් රකිමින් සිටි ගොවි මහතෙක්‌ වෙත පැමිණි යක්‍ෂණියක්‌ ගොවියා අමතා මෙම කවිය කියා ඇති බව මුඛ පරම්පරාගතව පවතී.

ඈත එපිට පස්‌සර වත්තේද බුලත්

ඊට ඉණක්‌ කන් මඩලාපු පල් පුවක්‌

කස්‌තුරි, කපුරු, පිණිදිය දාපු සුණු ටිකක්‌

බුලත් විටක්‌ දෙනවද රාල දැන් මටත්

රූමත් කාන්තා වෙසක්‌ ගෙන පැමිණියත්, මේ අවේලාවේ පැමිණ ඇත්තේ යකින්නක්‌ බව අවබෝධ කරගත් ගොවියා යක්‍ෂණියගේ කවියට මෙම පිළිතුරු කවිය කියා තිබේ.

ආතා බූතයෙන් ආවද තෝ අ ඩී

ආත බූතයෙන් ආවොත් බැටේ දෙ මී

තිගේ පියා දැවු සොහොනත් මම දනි මී

අංජනම් දේවිගෙන් තිට බැට දෙව මී

තමා කවුරුන් දැයි අවබෝධ කැරගත් නිසා තව දුරටත් ගොවියා සමග දොඩමළු වීමට බියවූ යක්‍ෂණිය නිමේෂයකින් අන්තර්ධාන වී ඇතැයි ද කියති.

ඌව පළාතේ බදුල්ල දිස්‌ත්‍රික්‌කය උඩරට එළවළු, පලතුරු ඇතුළු ශීත දේශගුණික වගාවන්ට හිතකර මෙන්ම, එහි හාත්පස වියළි දේශගුණයක්‌ ඇති මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙහි වියළි දේශගුණ තත්ත්වයක්‌ යටතේ හැදෙන වැඩෙන පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග වලට ප්‍රචලිතය. මොනරාගල දිස්‌ත්‍රික්‌කය බහුල ලෙස කුරහන් වගාවට ප්‍රසිද්ධියක්‌ උසුලනු ලබයි.

ඌව පළාතේ කාන්තාවන් සමූහයක්‌ වශයෙන් එක්‌වී කුරහන් කැපීමේදී ගායනා කරණු ලබන කුරහන් කවි වසර සිය ගණනක්‌ පැරැණි වුවද ඒවායෙහි අදටත් නවනළු රසයම ගැබ්වී ඇතැයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

රන්තානා කැල නවයක කාලා ඇවිදින් හේනට වැට බිඳ ලා

දෙපෙති කුරක්‌කන් නමා හෙලාලා කන්නේ ලොකු ගෙඩි තෝරා ලා

ගෝනෙක්‌ දැකලා දැක විමසාලා වෙඩි තිබ්බයි නිල තෝරා ලා

මොරහැල මැතිඳුට හොඳක්‌ ලැබුණි කිව් තුවක්‌කුවේ රන් බන්දා ලා



වලුත් කොටා වල් ගිනිලා වැට බැඳ බක්‌ මාසේදී වපුරන්නේ

ලබුත් පුහුල් ඇට සැමදේ එක්‌කර මන්ඩි මන්ඩිවල සිටුවන්නේ

පලුත් පළල ඇති ගලුත් ගණින ලෙස ආපු කුරක්‌කන් ගොඩ වෙන්නේ

සලුත් සලා එන රූසිරි අඟනෝ කුරක්‌කමේමයි වැනසෙන්නේ



රලුත් ඇතිව කැති මුවත් තනා කටුවළුත් කොටා වපුලයි සොඳනේ

නිලුත් වරළ බැඳ මලුත් ගවසමින් ඇවිත් සිටිති සුරඟන ලෙසිනේ

ගෙඩිත් ලොකුව ඇති රෑන කුරක්‌කන් දිරාවැටී බිම වැන සෙන්නේ

අලුත් නුවර ළඳ ලියොත් ඇවිත් කවි කියත් බඹරු නද දෙන ලෙසිනේ



අන්නර නාගසෙදොa අන්නර නාගසදෝ අන්නර නාමලදෝ අන්නර සුද පෙනෙනා

අන්නර සපුගසදෝ අන්නර සපුගසදෝ අන්නර සපුමලදෝ අන්නර රත පෙනෙනා

අන්නර උණගසදෝ අන්නර උණගසදෝ අන්නර උණමලදෝ අන්නර රුව දිලෙනා

අන්නර කොණලියදෝ අන්නර කොණලියදෝ අන්නර කොණේ සිටින ලියනම් සොඳිනා



දිග්ගේ දොරකඩ උළුවහු කනුවට ඇත් දත් වලිනුත් වැඩදා ලා

ඒත් මැදින් මැද රුව දිලිසෙන්නට පළිඟු මැණික්‌ගල් ඔබ්බා ලා

දිග්ගේ දෙපිටම පෑ මැටි ගාලා සියලු සතුන්ගේ රුව ඇඳ ලා

දිග්ගේ නැටුමට හොඳට ඉනන්ගුයි උඩුවියනුත් වට තර ඇද ලා



කලිඟු රටේ නරනිඳුගේ නුවරට සාය වැදුණි එක වරුසෙක දී

පළිඟු මැණික්‌ ගල් බොර සොරකමකට ලොව දිව්රෙව්වයි සොඳ වැර දී

දිළිඳු වෙලා අලි ඇතු දන්දෙන්නට සඳ මහනුවරට වැඩි තැන දී

පොළොව නැටුවෙ වෙස්‌සන්තර නරනිඳු කුමරුන් දන්දුන් කාලේ දී



පුරාතනේ කප උපතට පළමුව වැසි වැස බඹතල උසට පිරූ

වරා රූපමෙන් බඹා පුරුදුලිය මහා පොළොව ගල අගින් දැරූ

විරාජිතව එහි දෙරණ සිදුරුකර නෙළුම් මලක්‌ පසෙකින් සිව් රූ

පුරාදිපති තුන් ලෝක ස්‌වාමිනී ඔබගෙ වඳිමි සිරිපා තඹු රූ



පන්කැටියේදී මරුණු ඇතින්නී අව්වට ගෝඹර වේලෙන වා

වෙඩිතුන කාලා ගිය පිම්මේදී රත්රන් මේ මුතු දිලිසෙන වා

තිස්‌පැය ගිය තැන මැරුණ තැනේදී පැටියා ඇවිදින් කිරි බොන වා

විෂ්ණු සමන් දෙවි නඩු ඇති කාලේ පැටියගෙමෝ දැන් නැඟිටින වා



නමින් පැවත එන රජකාලේ සිට මගෙ ගුරුවරු පද කර කිය නා

වෙමින් පිහිට මට දැනෙනා පමණට සින්දු හයක්‌ පදකර කිය නා

රටින් රටට පාරට්‌ටු කියන්නට ගණ දෙවිඳුන් මට නුවණ දෙ නා

දෙමින් මෙ පත්ත්‍රය අස්‌නෙන් වැඩ සිට වෙල්ලස්‌සේ උතුමන් අතිනා



එතෙර එදේසෙන් මෙතෙර මෙදේසෙන් පිනිදිය දේ සෙට ගෙනා ගො නා

රිදී ද රත්‍රන් පටි බැඳලාගන කලියුගේට සරසාපු ගො නා

මොල්ලිය මුදුනෙන් අත්දෙක තබලා යන එන සෙනඟට වැඳපි ගො නා

නුදුටු කෙනෙක්‌වත් බලන්ට යනවද විෂ්ණු සමන් දෙවියන්ගෙ ගො නා



"මනහර ඌව පළාතේ සැඟවුණ ඓතිහාසික තතු බිඳක්‌" ලිපිය සැකසීමට අවශ්‍ය කරුණු සොයා ගැනීමේදී විශේෂ සහායක්‌ ලබාදුන් පැපිලියවල - වේරහැර ශ්‍රී සුවිශුද්ධාරාම මහා විහාරාධිපති මල්වත්තේ ධම්මාලංකාර හිමිපාණන්ට ප්‍රණාමය පුදමු.

එස්‌. අත්තනගොඩ, පැපිලියවල.

Source : - http://www.divaina.com/2009/08/12/feature02.html

බදුල්ල - කැටවත්ත බස් රථයේ ගමනක්... Badulla Ketawatta Bus Journey





Source : - YouTube.Com - SLRCUPLODE

Friday, November 16, 2012

A fitting accessory for Udarata Menike - උඩරට මැණිකේ Modify වී ලස්සන වේ.

කොලඹ - බදුල්ල අතර ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය නව පෙනුමකින් මගීන් වෙත පැමින ඇත. සම්පූර්K නවීකරනයක් හා අලුත් වැඩියාවකින් පසුව ඉතා අලංකාර පෙනුමකින් එය දිස්වන අතර මේ එහි OFV කොටසයි. මෙහි ආසන කුශන් කිරීම Custom Car Tailors ආයතනය මගින් සිදුකර ඇත.

 A new observation compartment was added to the Udarata Menike train.

The most significant aspect of this observation compartment is that it has been made locally by workers of the repair unit at the Railway Yard in Maligawatte.

The workers at the Maligawatte Repair Unit have built this compartment at a cost of Rs.650,000.

The new compartment was added to the Udara Menike train at 9.45 Wednesday morning.

The compartment which can accommodate forty four passengers, commenced its maiden journey

to Badulla from Colombo Fort, under the auspices of the General Manager of the Fort Railway Station, M.L. Chandasoma.


Wednesday, November 14, 2012

ලංකාව හරහා යන අපූරු ගමන




වසර හතලිස්‌ පහක්‌ පුරා දිනපතාම ලංගම බස්‌ රථයක්‌ ගමන් කරන මාර්ගයක්‌ මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්‌තරා ආකාරයක පුදුමයක්‌ වනු ඇති.

එහෙත් මෙය සත්‍යයකි. ඇස්‌ පනා පිට අද ද සිදුවන්නකි. අපේ රටේ එක්‌ කෙළවරක ඈත මූදුකරේ සිට අනෙක්‌ කෙළවරේ ඈත බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හද්දා පිටිසර ගම්මානයක්‌ කරා දිවෙන ලංගමයට අයත් මේ රථය නම් පානදුරයේ සිට බදුල්ල හරහා කැටවත්තට යන බස්‌ රථයයි.

බැලූ බැල්මට මෙය සාමාන්‍ය දුර ගමන් සේවාවක්‌ ලෙස පෙනුනත් මෙම බස්‌ රථයත් එම ගමන් වාරයත් තුළ එය සැඟව ඇති අපූරු කථාන්තරයක සුලමුල සොයා කැටවත්තට ගියෙමි.

සුන්දර බදුල්ල නගරයෙන් ආරම්භ වී කථා නායකයෙකු සේ දඟර ගැසෙමින් දිවෙන දුන්හිඳ හරහා මහියංගන මාර්ගයේ සැතපුම් 20 ක්‌ ගෙවූ පසු "මීගහකිවුල" නගරය හමුවේ. මීගහකිවුල හන්දියෙන් හැරී යන කුඩා පටු තාර දැමූ මාර්ගයේ තවත් සැතැපුම් නවයක්‌ දුර ගිය තැන කැටවත්ත නම් වූ පුංචි ගම්මානය මුණගැසේ.

අප්පුහාමි ගම්පති තැන කැටවත්ත ගමේම ඉපදී හැදී වැඩුණු අයෙකි. ගමේ වැදගත් පරම්පරාවකින් පැවත ආ ඔහු එකල කැටවත්ත ගමට තිබූ එකම සිල්ලර කඩයේ හිමිකරු ද විය. වසර ගණනාවක්‌ තිස්‌සේම ගම්මුන්ට නායකත්වය දෙමින් කටයුතු කළ අප්පුහාමි මූලාදෑනි තැන හිත හොඳ එඩිතර ජවසම්පන්න නායකයකු විය. ගමනා ගමන පහසුකම් අල්ප වූ එකල මගී ප්‍රවාහන කටයුතු සිදුකෙරුණේ ප්‍රධාන මාර්ගවල පමණකි. මීගහකිවුල සිට කැටවත්ත දක්‌වා දිවෙන මාර්ගය ගුරු පාරක්‌ වූ ඒ අවධියේ එයද සෝදාපාළුවට ලක්‌වී දැඩි ලෙස අබලන්ව පවතින විට පිළිසකර කිරීමට පෙරමුණ ගත්තේද අප්පුහාමි මුලාදෑනි තැනය.

ඒ 1963 වසරයි. ගමට මගී ප්‍රවාහන සේවයක්‌ ලබා ගැනීමට මූලාදෑනි තැනට මෙන්ම ගම්මුන්ටද දැඩිව අවශ්‍ය වී තිබිණ. කැටවත්තට ආසන්නම ලංගම ඩිපෝ වූයේ මහියංගනය හා බදුල්ලයි. මහියංගන ඩිපෝව උප එකක්‌ වූ අතර එය සතුව තිබුණේ සීමිත බස්‌ රථ ප්‍රමාණයකි. ගමට බස්‌ රථයක්‌ ලබා ගැනීමට ගම් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තෝරා යෑවූ දේශපාලන නියෝජිතයන් හමුවේ කන්නලව් කොට ප්‍රථමයෙන්ම ගම්පති තැන ගියේ මහියංගන ඩිපෝවටය.

"හාපෝ අලුතෙන් බස්‌ දාන්න තරම් බස්‌ අපිට නෑ. අනික ඔය පාර හොඳටම අබලන්" අප්පුහාමිගේ ඉල්ලීම ගණනකට නොගන මහියංගන ඩිපෝ බලධාරීන්ගේ පිළිතුර එසේ විය. මෙසේ කීප වතාවක්‌ම මහියංගන ඩිපෝවට ඉල්ලීම් කළත් එය ප්‍රතික්‌ෂේප වුවත් පසුබට වූයේ ගම්පති තැන නොවේ. බලධාරීන් වෙත ලියූ ලිපි කබා සාක්‌කුවේ රඳවාගෙන ඉන්පසු ගම්පති තැන බදුල්ල ඩිපෝවට කකුල් ගෙවෙනතුරු ඇවිද ගියේය. බදුල්ල ඩිපෝවේ බලධාරීන් මහියංගන ඩිපෝවේ නිලධාරීන් තරමටවත් මේ අහිංසක ගැමියන්ට සවන් දුන්නේ නැත." එය හද්දා පිටිසරට මොකද බස්‌" ඔවුන් එසේ පවසමින් ඔලොක්‌කුවට සිනාසුනහ..

"මේ වැඩේ හරියන්නෙ නෑ. මෙන්න මෙහෙ වරෙල්ලා බං යන්න" මෙසේ ගිය එක්‌ දිනෙක ගම්පති තැන ඩිපෝ භූමියෙන් පිටවෙමින් තම සඟයනට පැවැසූයේ තරමක කේන්තියෙනි. කලකිරුණු සිතින් යුතුව එදා ගමන් කළ අප්පුහාමි මුලාදෑනි ඇතුළු ගම්වැසියන් කීප දෙනා නගරයේ ආපන ශාලාවට ඇතුළු වූයේ ගමන් වෙහෙස මඟහරවා ගැනීමට තේ කෝප්පයක්‌ පානය කිරීමේ අදහසිනි. එවකට ඉතා ප්‍රසිද්ධ හෝටලයක්‌ වූ මෙය බදුල්ල නගරයටම තිබූ විශාලතම එකද විය. රටේ පිට පළාත්වලින් බදුල්ල හරහා දිවෙන දුර ගමන් සේවා බස්‌ රථ තේ පානයට නතර කළේ ද මෙම ආපන ශාලාව අසලය. ගම්පති තැන ඇතුළු පිරිස එහි පැමිණෙන විට පානදුර සිට මඩකලපුව බලා යන බස්‌ රථයද තේ බීමට එහි නවතා තිබිණ. තේ පානය කරන අතර තුර මේසයේ කෙළවරේ පුටුවේ හිඳ තේ බොමින් සිටි අයකු සමඟ කථාවට වැටුණු අප්පුහාමි මුලාදෑනි තැන තමන්ට සිදුවූ අසාධාරණය ඔහු හා සමඟ පැවැසුවේ හිත සැහැල්ලු කර ගන්නට මෙනි. එහෙත් ඔහු නොදැනුවත්වම කථාවට වැටී තිබුණේ පානදුර, මඩකලපු බස්‌ රථයේ රියෑදුරා සමඟය. ඒ වන විට පානදුර ලංගම ඩිපෝව ද ලංකාවේ සතර දිග්බාගය සිට දුර ගමන් සේවා ඇරැඹූ කාලයයි. මේ නිසාම මඳ වේලාවක්‌ කල්පනා කළ රියෑදුරා ඒ ගම්පති තැන අමතමින් "ඔය ලියුම මට දෙන්න මම මේක අපේ ඩී. එස්‌. (ඩිපෝ කළමනාකාර) මහත්තයට දෙන්නම්." එදා එසේ බස්‌ රථයක්‌ ඉල්ලා ලියූ ලිපිය මඩකලපුව බස්‌ රථයේ රියෑදුරාට දී ආපසු ගමට යන අතරතුර තම සගයන්ට එම සිද්ධිය පැවැසුවත් තම ගමට ආසන්න ඩිපෝවලින් නොදෙන බස්‌ රථය ඈත මූදුකරේ පානදුරයෙන් නොලැබෙන බව ඔහු හො¹කාරවම දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුංචිම පුංචි බලාපොරොත්තුවක්‌ ඔහු සිත තුළ නොතිබුණාම නොවේ. මේ නිසාම දින කීපයකට පසු ඔහු බදුල්ලට ගියේ ලිපියට සිදුවූ දේ දැන ගැනීමටය.

එහෙත් සුන්වූ බලාපොරොත්තු සහිතව ගම්මුලාදෑනි තැනට ආපසු ගමට ඒමට සිදුවූයේ එදා පැමිණි රියෑදුරා එදින නොපැමිණි හෙයිනි. දුර ගමන් සේවා බස්‌ රථවල සේවය කරන රියෑදුරු, කොන්දොස්‌තර මහත්වරුන් දින 14 න් මාරුවන ක්‍රමයක්‌ පවතින බවත් ඒ අනුව අප්පුහාමි මුලාදෑනි තැනගේ ඉල්ලීම බාරගත් රියෑදුරා නැවත පැමිණෙන්නේ සති දෙකකින් බවත් එදා බස්‌ රථයේ රාජකාරී කළ රියෑදුරාගෙන් දැනගත් ගම්පති තැන හරියටම දින ගණන් බලා ඔහු මුණගැසීමට බදුලු ගියේය. "මම ඒ ලියුම ඩී. එස්‌. මහත්තයට දුන්න ගම්පති තැන හඳුනාගත් රියෑදුරා කීය.

මෙම සිදුවීමෙන් මාස තුනකට ආසන්න කාලයක්‌ ගතවීමෙන් පසුව නමුනුකුල කඳු අග්ගිස්‌සෙන් මලහිරු කහපාට වී තිබූ එක්‌ සවස්‌ ජාමයක කැටවත්ත වල ගොඩැලි මතින් උඩ පනිමින් ගොර ගොර ගා ගෙන පැමිණ පරණ පහේ ජීප් රථයක්‌ ගුරුපාර කෙළවර අප්පුහාමි ගම්පතිවරයාගේ වෙළෙඳසල අබියස නතර කෙරිණි. ඉන් බැසගත් කලිසම්කාර පුද්ගලයන් දෙදෙනකු වට පිට බලන්නට විය. ගමට අමුත්තන් වූ හෙයින් ගම්පති තැනද හෙමි හෙමින් එතැනට කිට්‌ටු කළේය. ඒ කාලයේ ගමට වාහනයක්‌ පැමිණීම ගම්මුන්ට ඉතා බරපතල කාරණයක්‌ විය. ඒ නිසාම දෝ ජීප් රිය අසලට රැස්‌වන පිරිසද ක්‍රමයෙන් වැඩිවන්නට විය. රැස්‌ව සිටි පිරිසට සිනාවකින් සංග්‍රහ කළ ජීප්a රථයෙන් පැමිණි එක්‌ අයෙකු ගම්පති තැන දෙසට හැරී "අපි පානදුර ඩිපෝවෙන් ගමට බස්‌ එකක්‌ ඕන කියල ඉල්ලීමක්‌ කරලා තිබුණ. පාර තොට බලාගෙන යන්නයි ආවේ" ගම්පති තැනගේ හිසේ එකවර මල් දහසක්‌ පිපුනා සේ විය. අමුත්තන් දෙදෙනා පිළිගත් ඔහු ඔවුන් තම නිවෙසට කැඳවාගෙන ගොස්‌ ආගන්තුක සත්කාර ඉටුකළේය. පැමිණ තිබුණේ පානදුර ඩිපෝවේ සේවය කළ ධාවන කළමනාකරුවෙකු සහ ලංකා ගමනා ගමන මණ්‌ඩලයේ නිලධාරියෙකි. මගී ප්‍රවාහනය මුළුමනින්ම රජය සතුවූ ඒකාලයේ බස්‌ ධාවනය කිරීම ඩිපෝවකට අවසර ලැබුණේ පූර්ණ පරීක්‍ෂාවකින් අනතුරුවයි. එදිනම ආපසු යැමට නොහැකි හෙයින් පානදුරයෙන් පැමිණි නිලධාරීන්ට ගම්පති තැන සිය නිවසේ නවාතැන් සපයමින් සියලු සත්කාර කළේ ඉතා කැමැත්තෙනි. රෑ මැදියම තෙක්‌ම ගම්මුන් හා කථාබහ කරමින් සිටි ඔවුන්ට බස්‌ කථාවේ සියලු තතු ගම්පති තැන නොවලහා කීය. කැටවත්ත ගමේ වැඩියෙන් අද මෙන්ම එදාද ආගන්තුක සත්කාරයෙහි ලැදි සැබෑම ගැමියෝ වූහ. පසුදා උදේ නිලධාරීන් ආපසු යන විට කිතුල් හකුරු පැණි පට්‌ටා, කෙසෙල්, එළවළු ආදී තුටු පඬුරුවලින් ජීප් රිය පිරි තිබිණි. "හොඳයි අපි මේ ගැන ඉහළටම දන්වන්නම්" සමුගත් ඔවුන් ආපසු ගියහ.

තවත් තුන් මාසයක්‌ ගත විය. නිලධාරීන් ගියා ගියාමය. හාවක්‌ හූවක්‌ නැත. ඉනික්‌බිති එක්‌ දවසක එදා මෙන්ම හවස්‌ ජාමයක ගුරු පාර දිගේ නලාව හඬවාගෙන පැමිණ කුඩා ප්‍රමාණයේ තනි දොරේ බස්‌ රියක්‌ ගම්මුලාදෑනි තැනගේ වෙළඳසල අසල නතර කෙරිණි. බදුල්ල හරහා කැටවත්තට යන්න නාම පුරුවේ සටහන් වී තිබූ අතර පානදුර ඩිපෝව යන්න ඉදිරිපස සහ පසුපස කෙළවර පින්තාරු කොට තිබිණි. තමා වෙළඳ සලෙන් එළියට පැමිණියා නොව පිටතට විසිවූවාක්‌ මෙන් ගම්පතිතැනට දැනුණි. ගම්මු පැමිණ බස්‌ රථය වටකොට ගත්හ. කොහෙන්දෝ සොයාගත් රතිඤ්ඤා කරල් කීපයක්‌ චට පට හඬින් පිපිරී ගියේය. රියෑදුරු කොන්දොස්‌තර දෙපළ නිවසට කැඳවාගෙන ගිය අප්පුහාමි ගම්පති කෑම බීම පිළියෙල කොට දුන්නේය. ඔවුනට විවේක ගැනීමට එහිම කාමරයක්‌ වෙන් කළේය. ගම්වැසියන් පිරිසක්‌ වහ වහා බස්‌ රථය සෝදා පිරිසිදු කළේය. එදා මුළු ගමටම මඟුල්ය. පසුදා අලුයම 6.15 ට බස්‌ රථය ආපසු පිටත්වන විට එය පිරෙන්නට මගීන් සිටියහ. එදා හවස අනෙක්‌ බස්‌ රථය කැටවත්තට පැමිණියේය. එදා පටන් අද දක්‌වාම පානදුර කැටවත්ත බස්‌ රථය නොකඩවාම ගිරි දුර්ග හරහා ගමනේ යෙදේ. මෙම බස්‌ රථය නිසා අද වනවිට පානදුර හා කැටවත්ත අතර අපූරු සබැඳියාවක්‌ ගොඩනැගී ඇත. එය එක්‌තරා ආකාරයක උප සංස්‌කෘතියක්‌ ලෙසින් හැඳින්වුවහොත් අතිශයෝක්‌තියක්‌ නොවේ. කළටවත්ත ගමේ ඉපදෙන එළවළු පළතුරු පැණි හකුරු පානදුරට රැගෙන එන ගම්මු පානදුර පොළේදී ඒවා මුදල් කරති. පානදුරේ අලුත්ම අලුත් මූදු මාළු තැඹිලි ආදිය කැටවත්තට යති. කැටවත්තේ තරුණයන් පානදුර නගරයේ ව්‍යාපාරවල නිරත වේ. පානදුර හොරණ පාරේ කුරුස හන්දියේ පළතුරු අලෙවිසලක්‌ පවත්වාගෙන යන ඩී. එම්. ගාමිණී දිසානායක තරුණයා එවැන්නෙකි. කැටවත්තේ තරුණයන් පානදුරේ තරුණියන් හා අවාහ විවාහ වී සිටීම පානදුරයේ තරුණයන් කැටවත්තේ බින්න බැස හිඳිති. හොරණ, ඉංගිරිය, දෙහිවල, ප්‍රදේශවල පිහිටි ඇඟලුම් කම්හල්වල කැටවත්ත මීගහකිවුලේ තරුණියෝ ජුකී මසති. සිංහල අලුත් අවුරුදු සමයට මේ බස්‌ රථයේ අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන්නේ නෑගම් යන්නටය.

පානදුරයෙන් දිනපතා හිමිදිරියේ ගමන් අරඹන කැටවත්ත බස්‌ රථය බදුල්ලට ළඟාවන විට පස්‌වරු 2 පමණ වේ. එතැනදී බස්‌ රථය මඳක්‌ හිස්‌ වුවත් එය විනාඩි ගණනකට පමණි හිමිදිරි පාන්දර කැටවත්තෙන් පිටත්වන බස්‌ රථයෙන් බදුල්ලට පැමිණ තම අත්‍යවශ්‍ය කරුණු කාරණා ඉටුකර ගන්නා ගම්වැසියෝ පානදුරෙන් පැමිණෙන බසය එනතෙක්‌ බලා හිඳිති. දවසේ කීයට හෝ පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන වග ඔවුහු දනිති. මේ සියලු දෙනාම රැගෙන පස්‌වරු 3 ට බදුල්ලෙන් පිටත්වන බසය මීගහකිවුල නගරයේ මඳ වේලාවක්‌ නතරකොට තබන්නේ මහියංගනය පැත්තේ සිට කැටවත්තට යන මගීන් පැමිණෙන තුරුය. සවස 5.30 ට පමණ බසය ඉහින් කනින් මගීන් එල්ලාගෙන කැටවත්තට පැමිණේ. අප්පුහාමි ගම්මුලාදෑනි තැන අද ජීවතුන් අතර නැත. ඒ අඩුව අද පිරවෙන්නේ ඔහුගේ වැඩිමහලු පුත් ධනපාල මුදලාලිගෙනි. එදා මෙන්ම අදත් බස්‌ රථය නතර කරන්නේ ගම්පති නිවස අසලය. රියෑදුරු, කොන්දොස්‌තර දෙපළට කෑම බීම නවාතැන් අදත් සැපයෙන්නේ ගම්පති නිවසෙනි. ගම්මු එකතුවී බස්‌ රථය සෝදා පවිත්‍ර කිරීම අද ද එලෙසම සිදුවේ. කැටවත්ත අවට උල්පත, සූරියගොල්ල, මොරහැල, මලාබඩගොල්ල, දිවුල්ගහගෙදර, මීගොල්ල ආදී ගම්මානවල සිට එළවළු පළතුරු ආදිය බස්‌ රථය අසලට අදත් රැගෙන එන්නේ ගොනුන් පිට තවලම්වලය. පානදුරයට, මීගහකිවුලට, බදුල්ලට මේවා රැගෙන යැමට එදා රාත්‍රියේම බස්‌ රථය තුළ අසුරා තැබේ.

ගෙවී ගිය හතලිස්‌ පස්‌ වසර ඇතුළත අනූව දශකයේ දී බදුල්ල ඩිපෝවෙන් ද බස්‌ රථයක්‌ බදුල්ල සිට කැටවත්තට ධාවනය කරනු ලැබිණි. එදා තමන් ප්‍රතික්‌ෂේප කළ අයට හොඳ පාඩමක්‌ ඉගැන්වීමට සිතූ කැටවත්ත ගැමියෝ බදුල්ල බස්‌ රථය වර්ජනය කළහ. අදත් එය එසේමය. කොපමණ වේලා ගතවූවන් පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන බව දන්නා ඔවුහු එය එනතුරු රැඳී සිටිති. ආදායමක්‌ නොමැති නිසා දින කිහිපයකින් බදුල්ල ඩිපෝවේ බස්‌ රථය නවතා දමා ඇත. මේ වනවිට ලංකාවේ ඕනෑම අහුමුල්ලකට දිවෙන පුද්ගලික බස්‌ රථ ඇතත් කැටවත්ත ගමට නැත. 

පානදුර ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් පැවසුවේ කැටවත්ත බස්‌ රථය දිනපතාම ධාවනය කරවීමට ඩිපේව මගින් පියවර ගන්නා බවකි. එදා අප්පුහාමි ගම්මුලාදෑනි තැනගේ කාලයේ දී මෙන්ම අදත් ගම්මු මේ බස්‌ රථය රැක ගන්නේ තම දෑස්‌ මෙනි. මේවායේ සේවය කරන රියෑදුරු කොන්දොස්‌තර මහත්වරුන් හා ගම්වැසියන් අතර අදත් පවතින්නේ සහෝදර බැඳීමකි. කොටින්ම පානදුර බස්‌ රථය කැටවත්ත ගැමියන්ට තමන් බැලීමට දිනපතා පැමිණෙන නෑයෙකි. ඒ නෑකම දිවි හිමියෙන් සුරැකීමට කඳු, හෙල්a ගිරි ශිඛර තරණය කරමින් පානදුර බස්‌ රථය හෙටද කැටවත්තට එනු ඇත.

සටහන ඡායාරූප තිලක්‌ පුෂ්පකුමාර
දිවයින
http://www.divaina.com/2009/12/06/feature16.html

Thursday, November 8, 2012

උඩරට තේ නිපදවන හැටි - Manufacturing Upcountry Tea

ලංකාදීප කර්තෘ මණ්ඩලය - ශ්‍රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප‍්‍රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය. මහනුවර දිස්ති‍්‍රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ජේම්ස් ටේලර් තම බි‍්‍රතාන්‍ය ජාතිකයා අප රටට තේ වගාව හඳුන්වා දී තිබේ. එදා සිට වසර 144ක ඉතිහාසයක් හිමි මෙම තේ වගාව උඩරට හා පහතරට ලෙස වගාව දෙකකට බෙදා ගනිමින් අප රටේ වගා කටයුතු සිදුවෙයි. ආරම්භයේ සිට මෑතක් වන තුරු ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් රටවල් තේ පානය සඳහා සුළු වශයෙන් භාවිත කර විවිධ වර්ණ සැකසීමේ මූලද්‍රව්‍යයක් ලෙස තේ කුඩු භාවිත කළේය. මෑතක සිට ශ්‍රී ලංකාවේ තේ ප‍්‍රධාන වශයෙන් ආහාරයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ප‍්‍රමිති සහතික මත අපගේ තේ නිෂ්පාදනය කිරීමට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ සාර්ථක තේ වගාව කි‍්‍රයාත්මක කිරීමට පස සංරක්‍ෂණය කළයුතු බවට තලවාකැලේ තේ පර්යේෂණායතනය මගින් උපදෙස් දී තිබුණද, උඩරට තේ වගාවේ දී එය නිසි ලෙස පිළි නොපැදීම හේතුවෙන් උඩරට තේ වගාවේ ඵලදායීතාව හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 1300ක් දක්වා අගයක පවතින අතර එහි උපදෙස් නිසියාකාරව පිළිපදිමින් වගා කටයුතුවල නිරතවන පහතරට තේ ගොවීහු හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 2300ක ප‍්‍රමාණයක් ලබාගැනීම් ඔස්සේ සාර්ථක තේ වගාවක නිරතව සිටිති. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ”හරිත තේ” (Green Tea) පිළිකා හා හෘද රෝග සඳහා දිව ඔසුවක් බවට දැනට කරන ලද පරීක්‍ෂණවලින් සනාථ වීමත් සමග ශ්‍රී ලංකාවේ තේ සඳහා ලෝක වෙළෙඳපළේ හොඳ ඉල්ලූමක් ඇති වී තිබේ. තවද දේශීය ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය අනුව එකතු කළ අගය මත (Value Added) ශ්‍රී ලංකාවේ පහතරට තේ, කුරුඳු, ඉඟුරු, කරපිංචා ක්‍ෂණික තේ (Sliming Tea)දියවැයඩියා තේ (Diabetic Tea) ටි‍්‍රපල තේ වශයෙන් විවිධ වර්ගයන්ගෙන් නිෂ්පාදනය කරන අතර ඒවාට දේශීය වෙළඳපළේ විශාල ඉල්ලූමක් ද පවතී. උඩරට තේ වගාවෙන් දැනට තේ වර්ග 10කට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර, පහතරට තේ වගාවෙන් එය වර්ග 20ක් දක්වා ව්‍යාප්ත කර ඇත. උඩරට හා පහතරට තේ වගාව මගින් ඍජුව හා වක‍්‍රාකාරයෙන් ලක්‍ෂ 30කට ආසන්න ජනතාවක් යැපෙන අතර උඩරට තේ වතු සමාගම් 23ක් යටතේ කළමනාකරණය සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ තේ අපනයනයට ඉන්දියාව හා කෙන්යාව වැනි රට වලින් අභියෝග පැවතියද, විදේශිකයන් ඉතා හොඳම ගුණවත් තේ ශ්‍රී ලංකාවෙන් යනුවෙන් (Best Tea in Sri Lanka) හැඳින්වෙන නිසා එකී අභියෝග ජය ගැනීමේ අසිරුවක් නොවන බව තේ වගාව පිළිබඳ විශාරදයෝ පෙන්වා දෙති. ඉකුත් කාලයේ මැද පෙරදිග කලාපයේ පැවති යුදමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතා පහළ මිලක් ලැබූණද එය මේ වනවිට ස්ථාවර මිල මට්ටමකට පැමිණෙමින් පවතින බව තේ වතු සමාගම් හිමියෝ පවසති. තේ බීජ වලින් හා තේ රිකිළිවලින් තේ පැළ තවාන් කර එම පැළ සිටුවා අවුරුදු දෙක හමාරක (මාස 30ක) කාලයකින් අනතුරුව අස්වැන්න නෙළීම සිදු කෙරේ. වැඩුණු තේ දල්ලේ කොළ දෙකක හා මොටෙයියා තේ කුඩු නිෂ්පාදනය සඳහා තේ ගසෙන් ලබා ගැනීම තේ වතුවල තේ දළු නෙළන කාන්තාවන් විසින් නෙළන තේ දළු රැුස් කරන ස්ථානවලදී කිලෝ 10 ඇසුරුම්වලට බහා නොතැළෙන සේ තේ කර්මාන්තශාලාව වෙත ප‍්‍රවාහනය කරයි. අනතුරුව ”තව් මැරීම” (Wedaring) සඳහා ලණු ගෝනි වලින් සැකසූ තට්ටුවල සඳහා අසුරනු ලබයි. එම අමු තේ දළු හතරැස් අඩි 01කට කිලෝ දෙක හමාරක් පමණ තවටු වලට බහාලයි. එහිදී පැය 1214ක කාලයක් ස්වභාවික හා කෘති‍්‍රම ආකාරයේ තෙතමනය ඉවත් කෙරේ. එහිදී අමු තේ දළුවල තෙතමනය 55%ක් ඉතිරි කර 45%ක් ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය සිදුවෙයි. අනතුරුව තේ දළු ඇඹරීම සඳහා ඇඹරුම් කාමරය (Rolling Room) වෙත යොමු වෙයි. විනාඩි 40කට වරක් අමු තේ දළු කිලෝ 775ක් ඇඹරුම් කාමරය තුළට ගන්නා අතර එය ඇඹරුම් යන්ත‍්‍ර (Rolar) තුනකින් අඹරා විනාඩි 20ක කාලයක් තව් මැරීම කරයි. එහිදී උෂ්ණත්වය ෆැරන්හහයිට් අංශක 12-75ක අගයක පවත්වා ගනී. මෙහිදී අඹරණ ලද තේ කොළවල රසායනික කි‍්‍රයාකාරීත්වය ආරම්භ කෙරේ. රොට වෑන් තුළට දැමීමෙන් තේ කොළ කුඩා කැබලිවලට කඩා ගැනීම සිදුවෙයි. මෙහිදී උෂ්ණත්වය ෆැරන් හයිට් අංශක 94-95ක අගයක තිබිය යුතුය. අනතුරුව කුඩා කැබලි කර ගත් තේ පෙනෙර මාර්ගයෙන් හලා ගනී. ඉන්පසු වර්ගීකරණය සිදු කරයි. මේ සඳහා පැය 03ක පමණ කාලයක් ගත වේ. මෙම කි‍්‍රයාවලියේ දී තේ කුඩුවල වර්ණය වෙනස්වීම හා ස්වභාවික සුවඳ එක්වීම වෙයි. අනතුරුව බොයිලේරුවේ උෂ්ණත්වයෙන් විනාඩි 22ක පමණ කාලයක් වේලීම කර යන්ත‍්‍රානුසාරයෙන් තේ කොළයේ මැද දණ්ඩ ඉවත් කර පිරිසුදු කිරීම කරයි. දණ්ඩ කොටස ඉවත කරන තේ කුඩු කසළ තේ වන අතර පිරිසුදු කර ගන්නා තේ ”කළු තේ” (Black Tea) ලෙස හැඳින්වේ. අමු තේ දළු කිලෝ 100කින් නිමි තේ කුඩු කිලෝ 25ක් ලබා ගත හැකිය. තේ කුඩු වර්ගීකරණ කි‍්‍රයාවලිය අවසන් වශයෙන් සිදු කෙරෙන අතර එහිදී නැවතත් දුවිලි ඉවත් කර පිරිසුදු කරයි. අනතුරුව නිෂ්පාදන කි‍්‍රයාවලිය කිලෝ 50, 57 හා 60 වශයෙන් ඇසුරුම් කරන අතර මෙහිදී බී. ඕ.පී. (B.O.P. - Broken Orange Packo) ඩස්ට් (Dust) වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කෙරේ. එසේ ඇසුරුම් කරන තේ කුඩු කොළඹ වෙළඳපළට යැවීමට ප‍්‍රථම වතු අධිකාරිවරු විසින් තේ කුඩුවල රස බැලීම කර්මාන්තශාලා තුළ දී සිදු කරනු ලබයි. කොළඹ තේ වෙළඳපළේ වෙන්දේසියේ දී නියම කෙරෙන මිල ගණන් අනුව අදාළ තේ ගැනුම්කරුවන් විසින් මිලදී ගැනීම කරනු ලැබේ. තේ කුඩු නිෂ්පාදනය සඳහා ශ‍්‍රම දායකත්වය ලබා දෙන කාර්මාන්ත ශාලාවල සේවය කරන එක් වතු කම්කරුවකට මාසයකට හොඳ තේ කුඩු කිලෝ එක හමාරක් හා තේ වතුවල සේවය කරන කම්කරුවන්ට මාසයකට කිලෝ ග‍්‍රෑම් 500ක් වතු පාලනාධිකාරිය මගින් නොමිලේ ලබාදෙනු ලැබේ. ඊට අමතරව වතු කම්කරු වන්ගේ සෞඛ්‍ය ඇතුළු සියලූ සුබසාධන කටයුතු සඳහා වතු පාලනාධිකාරිය මගින් වසරකට විශාල මුදලක් වැය කෙරේ. කොටස් වෙළඳපළේ තේ මිලේ උච්චාවචනය අනුව වතු කම්කරුවන් සඳහා වාර්ෂිකව ලාභාංශ බෙදීමද සිදුවෙයි. එම ලාභ ප‍්‍රතිශතය මත රාජ්‍ය අනුග‍්‍රහයද ඇතිව තේ නැවත වගාව කෙරේ. (මෙම ලිපිය සැකසීමේ දී නෝර්වුඞ් තේ වත්තේ ජ්‍යෙෂ්ඨ වතු කළමනාකාර ෆෙරොස් මජීඞ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදුන් සහායට විශේෂ ස්තුතිය හිමිවේ.) 



Sri Lanka is famous for tea throughout the world. There is a great demand for our black tea in the world market. The tea plantation industry is very important to Sri Lanka, because the export of tea earns 60% of our foreing exchange. The tea cultivation in Sri Lanka was started in 1870. during the British era. Tea grows well in the Badulla District. It grows well on wet slopes. It neeeds plenty of rain. it also needs a lot of sunshine. so Badulla District cover all the climatic conditions that tea needs. There are thousands of acres of land under tea cultivation in Badulla, Large tea estates can be seen in here. So many Sinhala and Tamil people works in the tea estates, We export tea to many countries, much of it for export to the Middle East, Britain and Australia. Tea estates makes very beautiful view to Badulla. There is a Tea Research Institute situated in Badulla-Passara Road.





තේ ඇඹරීම - Grinding

තත්ත්ව පර්ක්ෂාව - Tea Testing

දළු කීරීම - After Placking Collecting them to the Factory and Scaling


වෙන් කිරීම - Converting to the grades after grinding and drying
There are many grades of black tea eg:- B.O.P. - B.O.P.Fanings - Dust No.1 - Dust No.2 - Dust- 
Labour Dust


වියලීම - Kept them in the Drayer

තේ ඇඹරීම - Grinding



Tuesday, November 6, 2012

කතරගම දේව අඩවියේ ජනයාට හිරිහැර කර නිලයෙන් පහළට වැටෙයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 38


නිරිගදිග මෝසම් වැස්සේ අවසානයත් සමග එළැඹෙන අන්තර් මෝසම් කාලයට කතරගම සහ අවට වැසියන්ට ද වැසි ලැබෙයි. ඊසානදිග මෝසම් වැසි ආරම්භය ද සමග භවබෝග වගා කරන්නට කතරගම දේව අඩවියේ පැරණි වැසියෝ පුරුදුව සිටියහ. පසුගිය දිනවල දැඩි නියගය නිසා මෙවර ගොවිතැන් කටයුතු කළ නොහැකි වේයැයි ගොවීහු කම්පාවට පත්වූහ. එහෙත් දේව අඩවියේ වෙසෙන සෑම ගොවියෙක්ම පාහේ කතරගම දෙවියන් නැමැද වගා කටයුතු කරන්නට වැසි ලබාදෙන්නැයි ආයාචනා කළහ.
මේ දිනවල ඇද හැළෙන වැසි සමග තම වගා කටයුතු ඉක්මනින් සිදු කරන්නට ගොවියෝ පෙළඹවී සිටිති. හේන් කපා කැලෑ ගිනි තබා වැසි බලාපොරොත්තුව සිටි ඔවුහු දැන් වැසි සමයත් සමගම බීජ සිටුවීමට පටන්ගෙන ඇත. මේ අතර වැඩිහිටියගේ උපදෙස් පරිදි පවත්වගෙන යන හේන් වල බුදුන්ට සහ කතරගම දෙවියන්ට පහන් දෙකක් දල්වනු ලැබේ. ඒ දෙවියන්ට පින් දී වගාබිමට දේවාශිර්වාදය ලබා ගැනීමටය.
ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ වැසියන් බොහෝ දෙනෙකු හේන් පිණිස කොටන්නේ ආණ්ඩුවේ කැලෑය. කැලෑ කන්තෝරුවල මහත්තුරු ඇවිත් කැලෑව කපන්නට එපා යැයි කියති. නමුත් හේනක් කරන්නට බිම් කෑල්ලක් නැති නිසා කැලෑ මහත්තරුන්ට හොරෙන් අක්කරයක් දෙකක් කොටා ගැනීම සිරිතක්ව පැවතියේය. වනඅලි ඇතුලූ වන සතුන් ගැවසෙන මේ වනාන්තරයේ එසේ වගාකරන හේනකින් කරදරයකින් තොරව අස්වනු නෙළාගත හැක්කේ කතරගම දෙවියන්ගේ බැල්ම ඇති නිසා බවට ඇති ජන විශ්වාසය අදටත් පවතී.
තිස්සමහාරාමයේ පිදිංචි ජී.පී. පියදාස මහතා දැන් හැත්තෑවිය ඉක්ම වු අයෙකි. දරුවන් පස්දෙනකු පෝෂණය කර මුණුබිරි මිනිබිරියන්ගේ ද ආදරය ලබමින් අදටත් ගොවිතැන්බත් කරති.
’‘මේ අඩවියේ ඉස්සර අපි හැම වැඩක්ම කරන්නේ දෙවියන් සිහි කරලා. හැබැයි එකක් තියනවා, අපි කතරගම දෙවියන් සිහිකරන්න ඉස්සරවෙලා බුදුන් වදිනවා. මල්පහන් පූජා කරනවා. ඊට පස්සේ දෙවියන්ට පින් අනුමෝදනා කරලා තමයි කතරගම දෙවියන්ගෙන් යමක් ඉල්ලන්නේ. ඒකත් හිතින් ප‍්‍රාර්ථනා කරනවා. අපේ බලපොරොත්තු ඉටුවුනොත් දෙවියන් වෙනුවෙන් යමක් කරන බවට ‘‘බාර’’ වෙනවා. ඒක තමයි එදා අපි කතරගම දේවියන්ගෙන් ආශිර්වාද ගත්ත ක‍්‍රමය. අද මහා ලොකු පූජාවට්ටි අරගෙන කතරගම මහ දේවලෙට යන සමහරු කිරිවෙහෙර වදින්නෙවත් අෂ්ඨඵල බෝධිය වදින්නෙවත් නෑ. ඒ වුනාට කතරගම දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් ඉස්සර වෙලාම උන්නාන්සෙට පින් අනුමෝදන් කළ යුතුයි. මේක අද බොහෝ දෙනෙක් දන්නේ නෑ.’’ පියදාස මහතා කීවේය.
’‘ඉස්සර හේන් කොටන කාලෙට අපි පිලී ජාති එක්ක කෑම ගෙනියන්නේ නෑ. ඒක සිරිතක්. සමහරු මේ චාරිත‍්‍ර පිළිගන්නේ නෑ. කාලයකට ඉස්සර අපි සිතුල්පව්වට යන පාර පැත්තේ හේන් කෙටුවා. විවිධ පැතිවලින් ඇවිත් හේන් කොටනවා. අපේ හේනට හේන් දෙකක විතර එහායින් ගන්දර පැත්තේ කියලා කට්ටියක් ඇවිත් හේනක් කෙටුවා. ඒ අයගේ හේන පැත්තෙන් නිතරම කරවල බැදුමක කුයිල එනවා. අපේ කටටත් කෙළ උනනවා. නමුත් අපි කැලේ හැසිරෙන ක‍්‍රමයක් තිබුණා. පිලීජාති උයනවා තියා පිලී කළවම් කරලා කෑම එකක්වත් අපි පැල හිටවනකම් හේනට ගේන්නේ නෑ.’’
’‘කලින් කිව්ව හේනේ අය මේවා ගණන් ගත්තේ නෑ. ඒගොල්ල හිටියේ  දෙවියන් බුදුන් කියලා කෙනෙක් නැති විදයට. හේනෙ පැල ජාතිත් දැම්මා. පැල හොදින් හැදීගෙන එනකොට පැලපතට ලෙඩක් හැදුනා. කොළපාටට තිබුණ හේන කළුපාට වෙන්න ගත්තා. නොයෙක් දේවල් කළා.  ඒ වුනාට වැඩක් වුණේ නෑ. අල්ලපු හේන්වල අපිත් බය වුණා. අපේ හේන් වලටත් ඒ ලෙඬේ බෝවෙයි කියලා. නමත් දෙවියන්ගේ නාමෙට ලෙඬේ තිබුණේ ඒ හේනට විතරයි. අන්තිමට ඒ හේන කරපු අය හේන අතහැරලා යන්න ගියා. හැබැයි ඒ අය හිතුවේ අනෙක් හේන්වල අය ‘‘හේන්පාළුවක්’’ කරන්න ඇති කියලා. ඇත්තටම ඉස්සර මේ දේව අඩවියේ නරක දේවල්වලට ඉඩක් තිබුණේ නෑ’’ පියදාස මහතා කීවේය.
‘‘අස්වනු නෙළලා කතරගම මහ දේවාලෙට මුරුතැන් පුජාවක් තියලා හේන් කපන්න පෙර වුණ භාරය ඔප්පු කරනවා. එතකොට තමයි හිතට සැහැල්ලූවක් දැනෙන්නේ. නැත්නම් හිතෙන්නේ කාගෙන් හරි ගත්ත ණයක් නොදී ඉන්නවා වාගේ හැගීමක්. අස්වනු නෙළලා අග‍්‍රකොටස බුදුන්ට සහ දෙවියන්ට වෙන් කරලා බුද්ධපුජා තියලා, දෙවියන්ට පුජා කිරීම සිරිතයි. මේවා කරන්න කියලා කොහේවත් නියමයක් නෑ. අපට අපේ තාත්තා ඇතුලූ වැඩිහිටියෝ කියලා දුන්නේ. සිරිතක් විදියට කරන්නේ. හොදක් මිසක් නරකක් නම් වෙලා නෑ.’’ පියදාස මහතාගේ පැහැදිලි කිරීම වත්මන් පරපුරට ආදර්ශයකි.
කතරගම දෙවියන්ගේ අඩවියේ වෙසෙන මිනිසුන් තුළ දෙවියන් කෙරෙහි ඇත්තේ අපමණ විශ්වාසයකි. ඉක්මනින් පොහොසත් වෙන්ට යැයි සිතා වැරදි කර්මාන්තවල යෙදෙන්නෝ ද කතරගම නැත්තේ නොවේ. කලකට ඉහතදී සෙල්ලකතරගමට නුදුරු ප‍්‍රදේශයකට අම්බලන්තොට පැත්තෙන් ආ ගැටයෙක් අපූරු වෙළදාමක් පටන් ගත්තේය. ඒ මස් පිණිස හරක් විකිණිමයි. හරක් පට්ටිවලින් සහ ඉඩම්වල දිගේලි කර සිටින හරකුන් මෙන්ම නිදැල්ලේ ඉන්නට ඇර ඇති එළගවයන් සහ මී ගවයන් මස් පිණිස මැරීම සදහා හොරකම් කර විකිණීම ඔහුගේ පුරුද්ද විය.
හරක් බලාගන්නා ගොපලූ කොල්ලෙක් විදියට ඔහු ලද අත්දැකීම මේ කටයුත්තට ඉමහත් පිටිවහලක් විය. කෙටි කලක් තුළ මෙය අතමිට සරුකරන ව්‍යාපාරයක් විය. හරක් බලාගත් කොල්ලා දැන් සල්ලි කාරයෙකි. වැඬේට උදව් කරන්නට ගෝලබාලයෝද ඇතිවිණි. හරකුන් හොරෙන් පැටවීම ජයටම කෙරෙයි.
‘‘කතරගම දෙවියන්ගේ අඩවියේ මේවගේ අපරාධකාරයන්ට දඩුවමක් නැති හැටි.  කතරගම දෙවියෝ ජීවමානයි කියන්නේ බොරු.’’ සමහරු මේ ආකාරයට කතරගම දෙවියන් ගැන පවා කතා කරන්නට වූයේ මේ අපරාධය ඒ තරමටම මහ පොළොව නුහුලන නිසාය.
කෙටි කලක් තුළ ඔහු දැසි සම්පත් පිරිවරාගෙන වැජඹුනේ ධනවතෙකු ලෙසිනි. එහෙත් අධිකරණය හමුවේ ඔහුට නඩු ගණනාවක්ම විය. ඒවායින් වැඩිහරියක් හරක් හොරකම් සම්බන්‍ධයෙනි. මේ ව්‍යාරයට එරෙහි වු සමහරුන්ට අත්වුයේ මරණයයි. සමහරුන් අතුරුදන් විය. යුද්ධය මෙන්ම රටපුර පැවති භීෂණය ඔහුගේ ව්‍යාපාරයට ඉමහත් පිටිවහලක් විය. නමුත් වතුර රත්වන තුරු කකුළුවා දිය සැලියේ දිය කෙළින බවට වු කියමන සත්‍යය කරමින් දහස් ගණනක් හරකුන් මරණයට පත් කරන්නට මස් පිණිස විකුණූ මේ තරුණ අපරාධකාරයා වැඩිකලක් නොගොස් අම්බලන්තොට ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්වු බව වසර පහළොවක විස්සක අතීත මතකය ඇති බොහෝ දෙනෙක් අදටත් දන්නා බව කතරගම ප‍්‍රදේශයේ ජනතාව කියති.
‘‘දෙවියන්ගේ අඩවියේ වැරදි වැඩ කළොත් වරදින්නේ කොයි වෙලාවෙද දන්නේ නෑ. කතරගම දෙවියෝ හැම වෙලාවෙම උන්නාන්සෙ විශ්වාස කරන ජනතාව රකිනවා. ඒ අයට හිරිහැර කරන  ඕනෑම තරාතිරමක කෙනෙකුට වරදින්න යන්නේ කෙටි වෙලාවයි.’’  කතරගමට නුදුරු බෙරලිහෙළ ගම්මානයේ වැඩිදෙනෙකු එසේ කියති.
‘‘පහුගිය දවස්වල මේ පැත්තේ මිනිස්සුන්ට ලොකු ආර්ථික අපහසුකමක් ඇති වුණා. ගොවිතැන් කටයුතු වලිනුත් පාඩුවුණා. කතරගම පූජා කඩවලට පළතුරු ගෙනියන ප‍්‍රදේශයක් තමයි මේ බෙරලිහෙළ ගම්මානය. නිකම් නෙවෙයි, පළතුරු ගිහිං කඩවලට විකුණනවා. එහෙම ජීවනෝපාය කරගත් පිරිසකුක් ඉන්නවා. ඔය අතරවාරෙ තමයි කතරගමට යන පාරෙන් මැණික් ඉල්ලමක් හමුවුනේ. ගම්මු හිතුවා ඒක කතරගම දෙවියන් විසින් ගමේ අයට දීපු දෙයක් කියලා.’’
‘‘ මේ මැණික් ඉල්ලම් තමන්ට අයිතිකරගන්න නොයෙක් තරාතිරමේ අය පියවර ගත්තා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ මාර්ගය ප‍්‍රසිද්ධියේ වෙන්දේසි කළා. ගම හරහා ගිය පාර වැහුනා. හේන්වලට ගිය මිනිස්සුන්ට පවා ආරක්‍ෂවට සිටි හමුදාවේ සමහර නිලධාරීන් පහරදුන්නා. බඩගාගෙන යන්න කිව්වා. පොලූවලින් පහරදුන්නා. ඒ වුණාට ධනවතුන්ට බලවතුන්ට කිසිම තහනමක් නෑ. අන්තිමට මොකද වුණේ, හම්බවෙච්ච මැණිකකුත් නෑ. මිනිස්සුන්ට හිරිහර කළ හමුදා නිලධාරින්ගේ ප‍්‍රධානියෙකුට කතරගමින් යන්න වුනේ හිටපු නිලයෙනුත් පහළට වැටිලා. මේව කතරගම දෙවියන් දෙන දඩුවම් කියලා හිතනවා නම් වැරදියි. කතරගම දෙවියෝ දඩුවම් කරන කෙනෙක් නෙවෙයි. මතු බුදුබව පතන දෙවිකෙනෙක් කියලයි විශ්වාසය. නමුත් මේ සිදුවීම් වලින් කියන්නේ වැරදි කරන්න එපා කියලයි.’’ බෙරලිහෙළ වැසියෝ අදටත් කතරගම දෙවියන්ගේ හාස්කම් ගැන විශ්වාස කරමින් කියති.
කතරගම පුදබිම නිවාඩු දවසට එකම හිස් ගොඩකි. කිරිවෙහෙර චෛත්‍ය මලූව දිවා රාත‍්‍රී දෙකේම බැතිමතුන්ගෙන් පිරී ගොසිනි. එහෙත් කෙතරම් සෙනගක් එහි ආ ගියද කිරිවෙහෙර චෛත්‍ය මලූව හා අෂ්ඨඵල බෝ මලූව වන්දනා කරන බැතිමතුන්ට ඉඩකඩෙන් ගැටලූවක් නැත.
‘‘ධාර්මිකව ජීවත්වෙන අය දෙවියෝ රකින බව බුදු දහමේ කියලා දෙනවා. පස්පව් දස අකුසල් වලින් ඈත්වෙලා ධාර්මිකව ජිවත්වුනොත් දෙවියන්ගේ පිහිට අපිට තියනවා. ඒ දෙවිවරු අතර සිටින කතරගම දෙවියනුත් අපිට පිහිටවෙනවා. උන් වහන්සේ මහානුභාව සම්පත් ඇති දෙවි කෙනෙක්. අපි යහපත් ක‍්‍රියාවක් අවසානයේදී කතරගම දෙවියනුත් සිහිකර පින් දුන්නොත් අපට පිහිටක් ලැබෙනවා. දෙවියන්ගෙන් යමක් ඉල්ලන්න ඒ දෙවියන්ට පින් දීලා. එහෙම වුනොත් වරදින්නේ නෑ.’’ කතරගම දෙවියන්ගේ පිහිට ලැබූවෝ එසේ කියති.

අජිත්ලාල් ශාන්තඋදය
2012 නොවැම්බර් මස 05 18:09:05 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

 සෙල්ල කතරගම මහසෙන් විහාර බිමේ කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද පතා


කතරගම මහා දේවාල බිම රාත‍්‍රියද බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යයි


කිරිවෙහෙර රාත‍්‍රීයේදී දිස්වන අයුරු

එළගිතෙල් පහන් දල්වමින්

මහ වැසි මැද වැලපෙන දුන්හිද කොමළිය

2012 නොවැම්බර් මස 05 17:16:47 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාවට උගුර කට තෙමා ගන්නටවත් වතුර පොදක් නොදෙන තරමට සැහැසි වූ අහස දිගුකලකට පසු මහ වැසි මුදාහැරියේ කඳුළු වැස්සක් ලෙසිනි.

වැහැරී ගිය බදුල්ලේ දුන්හිඳ කොමලිය මේ මහ වැස්සෙන් පෝෂණය වී හැඩරුව වැඩිකරගත්තාය. එහෙත් ඇය අසපුවේ ඇති මහ කළු ගල් කඩා වැටෙන්නට පටන් ගත්තේ ඇය බැලීමට යන එන සංචාරකයන්ට තහනමක් පැනවෙන අයුරිනි.

මේ ගමන අවදානම් බැවින් තාවකාලිකව තහංචි පැනවූ බව ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේය.

මේ නිසා එම සංචාරකයන්ට හකුරු සමග බෙලිමල් කෝප්පයක් සැපයීමෙන් හෝ සඳුන් දැව කැබැල්ලක් හෝ රස කැවිලි හෝ විසිතුරු බඩු අලෙවි කරමින් දිවි ගැටගහගත් පවුල් 45ක් කිසිදු ආදායමක් නැතිව දුකට පත්ව කඳුළු බොමින් සිටිති.

එක දිගටම මහ වැස්ස වැටෙන විට බදුල්ල දිස්ති‍්‍රක්කයේ බදුල්ල බණ්ඩාරවෙල, හපුතලේ, ඌව-පරණගම, හාලිඇල, පස්සර, ලූනුගල, සොරණාතොට යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි බහුතරයක් ජනතාව පසුවන්නේ බියෙනි.

මේ ප‍්‍රදේශවල බොහෝ ස්ථාන නාය අවදානම ඇති ස්ථාන බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන තිබීම ඊට හේතුවයි. ඉකුත් 31 වැනිදා බණ්ඩාරවෙල-දියතලාව-හපුතලේ හරහා සුළි කුණාටුවක් හමා ගියේ මේ වැසිබර කාලගුණය සමඟය.

හපුතලේ රොහැම්ටන් වත්තේ සහ බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ කම්කරු පවුල් 56ක් ජීවත්වූ ලැයිම් නිවාසවල වහලේ සෙවිළිකළ ටකරන් සුළෙඟ් පාවී ගියේ මහා භීෂණයක් මවා පාමිනි.

එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් බිහිසුණු බව රොහැම්ටන් වත්තේ කම්කරුවකු වන එස්. සෙල්වේන්ද්‍රන් (45) කීවේය.

”දවල් ඉඳලම මීදුමයි සුළඟයි තිබුණා. හවස් වෙනකොට සුළඟ වැඩි වුණා. සවස 4.00ට විතර සැඩ සුළඟක් හමන්න පටන්ගත්තා. අපේ ලැයිම්වල ටකරන් සුළඟට ගසාගෙන යද්දී අපි ගෙවල්වලින් එළියට පැනලා පණ බේරාගන්න කෝවිලට දුවගෙන ගියා.

පස්සේ ඇවිත් බලනකොට වහල කැඩිලා, ගෙවල් පුපුරලා, ගෙවල් ඇතුළට වතුර ගලලා. අනේ දෙයියෝ තමයි අපි බේරාගත්තේ” යැයි ඔහු අහසට දෑත දිගු කළේය.

රාමදාස් ගජේන්ද්‍රන් 40 මෙසේ කීවේය.

”කවදාවත් අපි ඒ තරම් බය වෙලා නැහැ. වටේටම සුළං කැරකුනා මොනවා කරන්නද කියල හිතාගන්න බැහැ.

මගේ අබලන් ලැයිම් කාමරය හෙළවෙන්න පටන් ගත්තා. මමයි බිරිඳයි ළමයි තුන්දෙනා අරන් එළියට පැන්නා. කොහේ දුවනවද කියල අරමුණක් නැතිව පණ බයෙන් දිව්වා. ඒ දුවනකොටත් ටකරන් අහසේ පියාඹනවා වගේ ගහගෙන යනවා. අපිත් කෝවිලට ගිහින් බේරුණා.

කම්කරු වේදනාව හා කඳුළ සටහන් කරගත් මම පාරට බැස්සෙමි. හපුතලේ සිට දියතලාව දක්වා වූ මාර්ගය පුරා පයිනස් ගස් වැටී තිබිණ. දියතලාව නගරය ආසන්නයේ විදුලි කණුවක් දෙකට කැඞී එල්ලෙමින් තිබිණ. වෙළෙඳසල්වල නාම පුවරු බිම වැටී ඇත.

ගස් කඩා වැටී මාර්ගය අවහිරවීම නිසා වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබිණ. බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ විදුලිය රැහැන් මතට ගස් කඩා වැටී බිඳ වැටී අඳුර රජයන්නට විය.

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සිට ඉදල්ගස්හින්න දක්වා ගස් සිය ගණනක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා බදුල්ලේ සිට කොළඹ බලා යමින් සිටි රාතිී‍්‍ර තැපැල් දුම්රිය බණ්ඩාරවෙලින් ආපසු හරවන්නට සිදුව තිබිණ. කොළඹින් ආ උඩරට මැණිකේ ඉදල්ගස්හින්නෙන් හැරී නානුඔයට ගියාය.

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ද හපුතලේ බෙරගල මාර්ගයේ ද අධික මීදුම් ගලන අවස්ථාවන්හි ඇඟේ හැපුනත් නොපෙනෙන තරම් වූ මීදුම් අඳුරකි. වාහන පදවන්නෝ දැඩි අසීරුතාවයෙන් රිය හසුරුවති.

මාර්ගවලට ගස් ගල් කඩා වැටෙන විට ආපදා කළමනාකරණ බදුල්ල කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ යුද හමුදාව පොලීසිය හා ප‍්‍රදේශවාසීන් මාර්ගවල අවහිරතා ඉවත් කිරීමට කටයුතු කරති. සැඩ සුළඟින් පීඩාවට පත්වූවන්ට බණ්ඩාරවෙල හා හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සහන සැලසීමට පියවර ගත් බව බදුල්ල දිස්ති‍්‍රක් ලෙක්ම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවැසීය.

අයහපත් කාලගුණික තත්ත්වය මා මෙය ලියන විටත් අවසන්ව නැත. එළවළු වගාවන් ද මහ වැස්සෙන් විනාශවෙමින් පවතී.

දොළ පහර වල දිය කඳුරුවල මෙන්ම ඔයවල්වල ද ජල මට්ටම ඉහළ ගොස් ඇත. සපත්තු පාලම් උඩින් ජලය ගලා යයි. මේ නිසා දොළ පහරට බැස හෝ සපත්තු පාලම් හෝ උඩින් ගමන් කර පාසල් යන දරුවන් විශාල පිරිසක් එම ගම්මානවලටම හිරවී ඇත. එවැනි ගමනාගමන අපහසුතා ඇති ගම්මානවල රැකියාවලට යන එන අයද රෝහල් කරා යන රෝගීන්ද අසරණව සිටිති.

එදිනෙදා වේලට යමක් හොයාගත් කම්කරුවන් හා පදික වෙළෙඳුන් මහ වැස්ස නිසා එදාවේල සොයාගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටී.

වෙනදා වැසි සමයන්හි පවතින නාය අවදානමට අමතරව මෙවර සැඩසුළං අවදානමද අකුණු සැර අවදානමද දැනෙමින් පවතී.

නොබෝදා හපුතලේ ලිප්ටන් අසුනේ සිරි නරඹමින් සිටි කොරියන් තරුණයෙක් හා තරුණියක් ද හා පැටවුන් සේ මරා දැමුවේ අකුණු සැර විසිනි.මේ අවදානම් සියල්ල ගැන ආපදා කළමනාකරණ අංශයන් විසින් කල් ඇතිවම නිවේදනය කර තිබේ.

වැස්ස ඇතිවත් බැරිය නැතිවත් බැරිය

ඒත් වැස්ස පමණට වඩා ඕනෑම නැත.

සුළං නැතිවම බැරිය. ඒත් සැඩ සුළං ඕනෑම නැත. අප කැමැති වුවත් අකමැති වුවත් හෙට දිනයේ ........?

සටහන ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ

Saturday, November 3, 2012

අෂ්ඨඵල බෝධිය ළඟ භාවනාකළ වැඩිහිටියා - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 37


කුඩා කදුවලින් වටවු ගම්මානයේ වැඩි දෙනෙක් එදින සිටියේ අවදියෙන්ය. පසුදා ගමේ වැඩිහිටියන් සහභාගිවන වන්දනා ගමනට සෑම නිවසකින්ම පාහේ කවුරුන් හෝ යන නිසා ගමම ඊට සුදානම් වු බව කීම වැරදි නැත. විවිධ ලෙඩ රෝග, අතුරු ආන්තරා ඇතිවු විට පිරිසුදු රෙදි කඩක් ගෙන දෙහි කෑල්ලකින් පිරිසිදු කරගත් කාසියකින් බැදි පඩුරු රැසක් ඒ වන විට ගම්වැසියන් විසින් වන්දනාවේ යන තම ඥාතීන් අත තබන්නට වෙනවෙනම සුදානම් කර තිබෙන බවද  බොහෝ නිවෙස්වලින් දිස්වින.

යාබද ගමේ තේ කර්මාන්ත ශාලාවේ වු කණිසම පාන්දර හතරට හඩ දෙද්දී වන්දනා ගමනට එක්වූ සියලූ දෙනාම පාහේ බස්රථයට නැග අවසන්ය.
‘‘තුණුරුවන්ගේ සරණින්, සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්‍ෂවෙන් අපි පිටත්වෙන්නයි සුදානම. හැමෝම සාදුකාරයක් දෙමු.’’ බස් රථය ඇතුළෙන් ඇසුණු වැඩිහිටියෙකුගේ ඉල්ලීමට අවනතවු බස් රථයේ සිටි සියලූ දෙනාම දුන් ‘සාදු’ නාදය ගම පුරාවට පැතිර ගියේ තිබු නියැ`ඩියාව මොහොතකට බිද දමමිනි.

කෑගල්ල දිසාවේ ගමක වැඩිහිටියන් මේ යන්නේ කතරගම වන්දනාවේය. පිරිසේ සංවිධායකයන් සහ ආවතේව කටයුතු සදහා පැමිණි කිහිප දෙනා හැරුණු විට සෙසු සියල්ලෝම වැඩිහිටියෝය. සුදු ඇදුමින් සියල්ලෝම සැරසී සිටියහ. සමහර වැඩිහිටි කාන්තාවන් හිසේ තුවායක් හෝ සුදු පැහැති ලේන්සුවක් පොරවාගෙන සිටියේ බස්රථය තුළට එන සීතල සුළගින් මිදීමටය. වැඩිහිටියන් වුවත් ගමනට එක්වු පිරිස තුළින් දිස්වූයේ තාරුණ්‍යයේ නටඹුන්ය. අතීත මතකයන් සිහිපත්කරමින් කෙරුණු කතාබහ සමග බස් රථය කතරගමට පැමිණෙන විට සවස හතරට පමණ විය.

නවාතැන් ගැනීමට සුදානම් කර තිබු විශ‍්‍රාම ශාලාවට ගිය පිරිස ඇගපත සෝදාගෙන පිරිසුදුවී නැවතත් සුදු ඇදුමින් සැරසී කතරගම දේවාලයට යන්නට සුදානම් වුහ. තම ගමන්මලූවල තිබු ඔප්පුකරන්නැයි දුන් පඩුරු ආදියත්, හදුන්, කපුරු, තෙල්, ආදියත් වෙන්කරගෙන මේ දේවාලයට යන්නට සුදානම් වන්නේ සැදැහැ සිතින්ය. කිසිවෙකුත් තුළ කලබලකාරී බවක් නොවීය. බුලත්විට හපන වැඩිහිටියන් පැය ගණනාවකට ඉන් මිදී ඇත්තේ තමන් මේ යන්නට සුදානම් වන්නේ ආගමික පරිසරයකට බව දන්නා නිසාය.

‘‘අපි ඉස්සර වෙලාම කිරිවෙහෙරට ගිහිං කිරිවෙහෙර වන්දනා කරමු. ඊට පස්සේ අෂ්ඨඵල බෝධිය වන්දනා කරලා පින් අනුමෝදන් කරලා කතරගම දේවාලයට යමු.’’ සංවිධායකයන්ගෙන් ලැබුණ උපදෙස ගැන පිරිස සිටියේ දැඩි සතුටකිනි.

කතරගම පූජා බිමට පිරිස එනවිට තවත් බැතිමත්හු කණ්ඩායම් වශයෙන් එහි වූහ. හිරු බැස යමින් තිබුණද එහිවු කිසිම බැතිමතෙකු තුළින් කලබලකාරී බවක් දිස් නොවීය. වෙනදා වැඩිපුර කතාබහ කරන වැඩිහිටියන් මෙදින කතා කළේ සීමාසහිතවය. මෙසේ කතාවට වාරණ දමා ඇත්තේ කිසිවෙකු විසින් නොව තමතමන් විසින්ය.

ගොම්මන් කලූවර වැටෙන පැයේ ගෙදර සිටියේ නම් විවිධාකාරයෙන් අවවාද දෙන කටකාර ගැමියන් තුළ ඇත්තේ මීට පෙර නොදුටු තැන්පත් බවකි. පුන්‍ය භූමියක හැසිරිය යුතු ආකාරය ක‍්‍රියාවෙන් පෙන්වමින් මේ වැඩිහිටියන් පුද බිමට පැමිණ සිටි අනෙකුත් බැතිමතුන් සමග කිරිවෙහෙරට ගමන් කළේ මුලින්ම කිරිවෙහෙර වන්දනා කරන්නටය.

කිරිවෙහෙරට පැමිණි සෑම තැනැත්තෙක්ම පාහේ වන්දනා කිරීමෙන් පසු කිරිවෙහෙර වටා එක් වටයක් හෝ යන්නට ඔවුහු අමතක නොකළහ. මේ වැඩිහිටියන් එහි යන විට ඒ ආකාරයටම සුදුවතින්  සැරසුණු තවත් වැඩිහිටි පිරිසක් දොහොත් මුදුන් දී කිරිවෙහෙර වන්දනා කරමින් සිටියහ.
හෝරාවක් පමණ කිරිවෙහෙර  අසල ගතකළ පිරිස අෂ්ඨඵල බෝධිය වන්දනා කරන්නට පිටත්වන විට මහපොළොව අ`දුර සිපගෙන අවසන්ය. එහෙත් අවට වු විදුලි ආලෝකය නිසා ඒ බව නොදැනුනි. අෂ්ඨඵල බෝධීන් වහන්සේ අබියස පිරිසක් බෝධි වන්දනාවේ යෙදෙති. තව පිරිසක් භාවනාවේ යෙදෙති. පුජා වට්ටි රැගෙන මහ දේවාලයට යන පිරිසද එතැනට පෙනේ. මහ දේවාලයත් අෂ්ඨඵල බෝධියත් වටකොට ඇති වලාකුලූ බැම්මේ දිවා කල අයිතිකරුවන් වු වදුරු රැළ දවසේ අවසානයත් සමග ගිය දිහාවක් හොයාගන්නට නැත. දේවාලයේ කාර්යාලය පැත්තෙන් ඇතුලූවෙන මකර තොරණ අසල පිරිසක් පෝලිමට හිටගෙනය. දොහොත්  මුදුන්ට ගත් පොල් ගෙඩියක දැල්වෙන කපුරු පෙතිවලින් ඇවිලූනු කහ පැහැති දැල්ලට වඩා කලූ පැහැත් දුමක් ඉන් පිටවනු ඈතට පෙණිනි. ඔවුන් එකිනෙකා පසුපස ගොස් ඉදිරියේ ඇති යකඩ කූරුවලින් ආවරණය කළ ගල් පතුරට මතට තම දොහොත් මුදුනේවූ කපුරු දැල්වෙන පොල් ගෙඩිය වෙරයොදා පතිත කරයි. එය බිදීයන ආකාරය දෙස බලන සමහරුන්ගේ මුහුණුවල ඇත්තේ ඉහවහා ගිය සතුටකි. තවත් සමහරුන්ගේ මුහුණුවලින් පෙනුනේ ඉච්ඡුාභංගත්වයකි.

කතරගම මහ  දේවාලය ඉදිරිපිට පොල් ගසන බැතිමතුන්ගේ මේ විවිධ ඉරියව් දෙස මෙවැනි හැන්දෑවක අදුරත් සමග මුසුවු විදුලි පහන් එළියෙන් සහ දැල්වෙන කපුරු ආලෝකයෙන් ටික වෙලාවක් බලා සිටින කෙනෙකුට අපූරු දසුන් දැකගත හැකිය. තමන් මෙතෙක් විදි අපල උපද්‍රව, රෝග, දෝෂ දුරිභූතවේවා යැයි දහසක් ප‍්‍රාර්ථනා ඇතුව එහි පැමිණන්නෝ පොල් ගසති. තමන් විසින් බිදින  පොල් ගෙඩිය බිදෙන්නේ කෙලෙසකද ඒ අකාරයටම ඒ අපල උපද්‍රව, රෝග, දෝෂ දුරිභූත වන බවට දැඩි විශ්වාසයක් ඔවුහු ඇති කරගනිති. විභාග හෝ වෙනත් බලාපොරොත්තු ඉටුවේවායි පතමින් පොල් ගසන අය හැමවිටම බලාපොරොත්තු වන්නේ එය දෙකට බිදී බෑ දෙක උඩුබැලි අතට පෙරළී තිබෙනු දකින්නටය. දෙකට බිදිනු පොල් ගෙඩියේ එක් බෑයක් මුනින් අතටත් අනික් බෑය උඩුබැලි අතටත් තිබුනොත් ලැබෙන්නේ සමඵල බවට සමහරුන් තුළ විශ්වාසයක් පවතී. එමෙන්ම මුනින් අතට ඇත්තේ මුඞ්ඩ පැත්තේ බෑය නම් ඉන් අත්වන ප‍්‍රතිඵල ගැන විශ්වාසයන් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්ය.

මහ දේවාලයට පූජාව තැබීමෙන් පසු මේ ආකාරයට පොල් ගහන බොහෝ දෙනෙක් තමන්ගේ ආයාචනයට කතරගම දෙවියන් දක්වන ප‍්‍රතිචාරය මේ පොල්ගෙඩිය බිඳෙන ආකාරයෙන් පිළිබිඹු කරන බවට නිගමනයන්ට ද එළඹෙයි. පොල් ගෙඩිය බිදෙන්නේ එය එල්ලකරන පහරේ වේගය මෙන්ම පොල් ගෙඩිය බිඳින තැනැත්තාගේ කාය ශක්තිය අනුව නිසා බැවින් පොල් ගෙඩි බිඳෙන ආකාරය හා කතරගම දෙවියන්ගේ ප‍්‍රතිචාර සැලකීම වැරදි බවට විශ්වාස කරන පිරිස්ද මේ අතර සිටිති.

හිරු බැස ගොස් හෝරා දෙකක් ඉක්මවු මොහොතේ මහදේවාලය ඉදිරිපිට මකර තොරණින් එළියේ නඩයක කිහිප දෙනෙක් යම් කලබල ස්වරූපයෙන් හැසිරෙනු පෙනුණි. නඩයේ කෙනෙක් මගහැරීම ඊට හේතුව විය. මේ කලබලය ඇතිවී තිබුණේ අපි මුලින්ම කතාකළ වැඩිහිටි පිරිස සිටි නඩයෙනි.

‘‘කිරිවෙහෙර ළග ඉදලා උන්දෑ ආවා. මට ඉස්සරින් ඇවිත් බෝධිය ළගදි තමයි මම ඈත්වුනේ.’’ අතුරුදන්වු අයගැන කෙනෙක් කීවේය.
‘‘බෝධිය වැදලා භාවනා කරලා මම නැගිටින කොට මට දකුණු පැත්තෙ වාඩිවෙලා උන්දෑ භාවනා කරනවා මම දැක්කා. හැබැයි මම බෝධිය වටේ ගිහිං එනකොට උන්දෑ එතන හිටියේ නෑ. තවත් කෙනෙක් කීය.
මේ තොරතුරු අනුව අතුරුදන් පුද්ගලයා අෂ්ඨඵල බෝධිය තෙක් පැමිණි බවට තහවුරු විය. කිහිප දෙනෙක් අෂ්ඨඵල බෝධිය අවටත් මහ දේවාලය අවටත් සොයන්නට විය. අඩ හෝරාවක පමණවු සෝදිසියකින් පසු ඔවුන් පැමිණියේ හිස් අතිනි.
‘‘ඒ කොහෙවත් නෑනේ’’ අතුරුදන් තැනැත්ත සොයන්නට ගිය අයගේ පිළිතුර විය. මෙවනවිට හිටගෙන සිටීම නිසා සෙසු වැඩිහිටියන්ද යම් කෙහෙට්ටුවට පත්ව සිටින බවක් දිස්විණි. ඊටත් වඩා තමන් සමග වන්දනාවේ ආ අසල්වැසියාගේ අතුරුදන්වීම ගැන ඔවුන් සිටියේද යම් විමසිලිවත් ස්වරූපයකිනි.
මේ අතුරුදන්ව ඇත්තේ නඩයේ සිටි තැන්පත්ම වැඩිහිටියෙකි. හැත්තෑ පස්වැනි විය ඉක්මවූ ඒ තැනැත්තා කිසිම කටයුත්තක් පමණ ඉක්මවා නොකළ නිසා හැමදෙනාගෙන්ම ඔහුට ලැබුනේ වැඩි සැලකිල්ලකි. කෙසග සිරුරකින් හෙබි ඔහු වැඩි අධ්‍යාපනයක් නොලද මුත් පන්සලෙන් අකුරු ඉගෙනගත් නිසා පිරිත් පොත පවා හො`දින් කියවුයේ වත්මන් දරුවන්ට ආදර්ශයක් ගෙන දෙමිනි.
කෙනෙකුගේ අණට අවනත මේ වැඩිහිටියා හිතුමතේට තනිව එහා මෙහා නොගිය අයෙක් විය. සමහර වැඩිහිටියන් මෙන් අවශ්‍ය දෑ මෙන්ම අනවශ්‍ය දේවල් සහිත සැහැල්ලූ ගමන්මලූ රැගෙන එද්දි මේ වැඩිහිටියාගේ අත තිබුණේ තෙල්, මල්, හදුන් කපුරු ආදිය පමණකි.
‘‘ආපහු කිරිවෙහෙර පැත්තටවත් ගියාද? සුදු ඇදගත්තු තවත් නඩයක් හිටියනේ. අපි කියලා හිතලා ඒ අය පස්සෙන්වත් ගියාද දන්නේ නෑ’’ නඩයේ කෙනෙක් කීවේය.
ඒ අනුව සෙසු පිරිස නවාතැන් පොළට පිටත්කර අතුරුදන්වු වැඩිහිටියා සොයන්නට සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙක් කිරිවෙහෙර දෙසට පිටත්විය. කිරිවෙහෙර මලූව, ඒ අවට පමණක් නොව කතරගම පුදබිම තුළ පිහිටි වැසිකිලි කැසිකිළි පවා ඒ දෙදෙනාගේ පරීක්‍ෂාවට ලක්විය. ඒ කොතැනකවත් අතුරුදන්වු වැඩිහිටියා නොවීය. වැඩිහිටියාගේ හැඩරුව පවසා එවැන්නෙක් දුටුවේදැයි හමුවු කිහිප දෙනෙකුගෙන්ම විමසුවත් සතුටුදායක පිළිතුරක් ඔවුන් කිසිවෙකුගෙන්වත් නොලැබිනි.
‘‘අපි දැන් මොකද කරන්නේ. පොලීසියටවත් කියමු නේද? වෙන කරන්න දෙයක් නෑ.’’
‘‘නෑ අපි එක පාරටම පොලිසි ගිහිං වැඩක් නෑ. පොලිසියත් කියයි තව හොයලා එන්න කියලා.’’
වැඩිහිටියා සොයන්නට කිරිවෙහරෙට ගිය දෙදෙනා ආපසු එන අතරේ කතාබහ කරන්නට විය.
‘‘මේ කොයි එකටත් අපි ආයිපාරක් බෝධිය පැත්තෙන යමු’’ දෙදෙනාගෙන් කෙනෙක් යෝජනා කළේය.
‘‘වැඩක් නෑ මම තුන්පාරක්ම බෝධිය වටේම ගිහිං බැලූවා. හා කමක් නෑ, කියනවට යමු.’’ අනෙකා කීවේය.
රාත‍්‍රී නවයට ආසන්නව තිබුණද දේවාලයට තවමත් බැතිමත්හූ එති. වැඩිහිටියා සොයා කතරගම පුදබිමේ අෂ්ඨඵල බෝ මලූවේ බටහිර පැත්තෙන් ඉදිරියට ඇදුන දෙදෙනාගෙන් කෙනෙක් එකවරම ගල්ගැසී නැවතුනි.
‘‘අර.. අර.. බලන්ඩකෝ. අතන භාවනා කරන්නේ අර මනුස්සයා නේද?’’ ගල්ගැසී නැවතුන තැනැත්තා කීවේ අතක් ඒ දෙසට දිගු කරවමිනි.
‘‘ඔව් නේන්නම්. මේක හරිම පුදුමයක් නේ. මම මීට ඉස්සරවෙලා තුන්පාරක්ම මෙතනට ඇවිත් බැලූවා. එතකොට මේ මනුස්සයා හිටියේ නෑ නොවැ. දැන් අරගොල්ල කලබල වෙලා ඇති.’’ අනෙකා කීය.
‘‘එපා භාවනා කරන වෙලාවට බාධා කරන්න එපා. අපි අර කට්ටියට කෝල් කරමු මෙයා ඉන්නවා කියලා. එතකොට කලබල වෙන එකක් නෑ. භාවනා කරලා ඉවර වුණාම අපි උන්දැව එක්ක යමු.’’ දෙදෙනාම එකගතාවකට පැමිණියහ.
අතුරුදන්වු තැනැත්තා අෂ්ඨඵල බෝමලූවේ භාවනා කරමින් සිටින බවට ලද ආරංචිය ඒ වනවිටත් නවාතැන්ගත් විශ‍්‍රාම ශාලාවට පැමිණ සිටිය අයගේ අමන්දානන්දයට හේතුවක් විය.
තවත් අඩහෝරාවකටත් වැඩි වෙලාවක් භාවනා කරමින් සිටි වැඩිහිටියා කිසිදු කලබලයක් නොමැතිව දණනමා අෂ්ඨඵල බෝධියට වැද නමස්කාර කර නැගී සිටිමින් වට පිට බැලීය.
-කෝ අනික් කට්ටිය දේවාලෙට ගියා ද? ’’ කිසිදු අමුත්තක් නැතිව ප‍්‍රශ්නයක් යොමුකළ වැඩිහිටියා හිමින් සීරුවේ මහදේවාලය දෙසට ගමන් කළේය. ඔහු හොයන්නට ගිය දෙදෙනා ද ඔහු පසුපසින් ගියහ.
මහදේවාලයෙන්  එළියට පැමිණි පසු  පැය එකහමාරක් පමණ තමන් කලබලයට පත් කරමින් කොහේ ගියේදැයි වැඩිහිටියාගෙන්  විමසුවේ ඔහු සොයාගිය දෙදෙනායි.
‘‘මම කොහේවත් ගියේ නෑ. බෝධිය වන්දනා කරා.’’ වැඩිහිටියාගේ ප‍්‍රකාශයේ යම් අරුතක් ගැබ්ව ඇතිබව දෙදෙනාට අවබෝධවිනි. ඒ නිසා වැඩිදුර ප‍්‍රශ්න නොකරම ‘කතරගම දෙවියන්ගේ පිහිටයි’ කියලා හිතාගෙන අපි යමු මාමේ” කියමින් තිදෙනා නවාතැනට එන්නට පිටත්වූහ.
හදිසියේ අතුරුදන්ව පසුව හමුවූ වැඩිහිටියා සමග රාත‍්‍රී  ආහාරයෙන් පසු පිරිස අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හෝරා කිහිපයකට පෙර සිදුවූ සිද්ධිය ගැන සමාලෝචනයක නිරත වුහ.
‘‘මම බෝධිය ළග දණ නමාගෙන බෝධිය වන්දනා කරලා භාවනා කරන්න කියලා හිතාගෙන වාඩිවෙන කොට මා ළගින් හිටපු උපාසක ඇත්තෙක් කිව්වා, ඔය ඇත්තගේ නඬේ අය තවම වන්දනා කරනවා නේද? කියලා. මම වටපිට බලද්දී අපේ අය දණනමාගෙන වදිනවා. මට කතාකළ උපාසක ඇත්තෝ අහරමිනිය ගොතාගෙන වාඩිවෙලා භාවනා කරන්න පටන්ගත්තා. අපේ අය වන්දනා කරලා නැගිටිනකම් මාත් භාවනා කරන්න පටන්ගත්තා. මම ඇස් ඇරලා බලනකොට මේ ළමයි දෙන්නා විතරයි පේන්න හිටියේ.’’ කිසිවක් නොදත් වැඩිහිටියා කීවේය.
‘‘කතරගම මහ දේවාල බිමේ ඔයවගේ සිදුවීම් අනන්තවත් වෙලා තියන බව අහන්න ලැබිලා තියනවා.’’ තවත් වැඩිහිටියෙක් සිය කටහ`ඩ අවදි කළේ ඒ ගැන වැඩිමනත් කතා කොළයුතුයැයි යන අවවාදය වචනයෙන් නොකියමිනි.
අජිත්ලාල් ශාන්තඋදය
2012 ඔක්තෝබර් මස 28 14:10:56 | ලංකාදීප කර්තෘ මණ්ඩලය



Search This Blog