Saturday, June 7, 2014

ගල් අඟුරු වාෂ්ප දුම්රිය බණ්ඩාරවෙල දක්වා යළි ධාවනයට






මෙරටට පැමිණෙන විදේශිකයන් අතරින් වැඩි පිරිසක් ගල් අඟුරු වාෂ්ප දුම්රියෙන් ගමන් කිරීමට දැඩි කැමැත්තක් දැක්වීම නිසා අද(07) එම දුම්රියක් යළිත් කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ධාවනයට එක් කර තිබුණි. නවීනතම දුම්රිය වල දුම්රිය රියදුරන්ට එන්ජිම තුළ පහසුකම් ගණනාවක් සලසා තිබුණත් ගල් අඟුරු වාෂ්ප දුම්රිය තුළ සිටින දුම්රිය රියදුරන් දෙදෙනාට සහ සහයකයන් දෙදෙනාට එම දුම්රිය තුළ කිසිදු පහසුකමක් නොතිබෙන අතර, ඔවුන්ට සිදුවන්නේ දුම්රිය වාෂ්ප අඩුවන සෑම අවස්ථාවකම ගල් අඟුරු පෝරණය තුළට දැමීමයි. හැටන් දුම්රිය ස්ථානයේ අද දහවල් නතර කර තිබූ මෙම ගල් අඟුරු දුම්රිය දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියේය. මේ එම අවස්ථාවයි. 

ඡායා රූ - රංජිත් රාජපක්ෂ - අද දෙරණ


කිරිවෙහෙර පාමුලදී නිවී සුවපත් වීමු

කතරගම කිරි වෙහෙර ළඟ හරි අනුරාධපුරේ රුවන්මැලිසෑය ළඟ හරි මහ රෑ වෙනකම් එක දවසක් හරි ඔබ ඉඳලා තියෙනවද? ජීවිතේ සියලු දුක්ඛ දෝමනස්සයන් එක මොහොතකින් අමතක වෙලා යන තැන් දෙකක් තමයි ඒ. හැබැයි මහා සෙනඟක් නොගැවසෙන නිස්කලංක රාත්‍රියක මේ තැන් දෙකට එන්න ඕන.

මීට පෙරත් නිස්කලංක රාත්‍රීන් කිහිපයක්ම මම මේ තැන් දෙකේදි ගත කරලා තියෙනවා. මැණික් ගඟෙන් එගොඩ වෙලා කතරගම පුද බිමට යනකොට හිතට එන්නෙ වෙනස්ම හැඟීමක්. වීදි කෙළවර එක පෙළට තියෙන දේවාලවලින් එන පූජා හඬ හිතේ ඇති කරන්නෙ පහන් හැඟීමක්.

වීදි දිගේ ඇවිදගෙන ගිහින් කතරගම දේවාල භූමියත් පහුකරලා කිරි වෙහෙරට යන වැලි පාරට ආවහම ඇස් මානයට එක පාරටම එන්නෙ සුදෝ සුදු පැහැයෙන් බබළන කිරි වෙහෙරේ කොත් වහන්සේ. කිරි වෙහෙර ළං නොකොට පාර දෙපැත්තෙ ඉන්න මල් විකුණන අයගේ කෑගැහිල්ල කන්කරච්චලයක් කියලා හිතුණත් එතැන පහු කරලා කිරි වෙහෙරේ සුදු වැලි මළුවට පා තියනකොට “නිදහස” ජීවිතේට ඇතුළු වෙනවා.

වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති රාත්‍රියක් නම් එහෙම දැනෙන නිදහස වචනයෙන් විස්තර කරන්න බෑ. මල් සුවඳත් එක්ක කිරි වෙහෙර වටා ඇවිදගෙන ගිහින් පැත්තක වාඩි වුණහම හිත සමනල තටුවක් වගේ සැහැල්ලු වෙනවා. එතකොට හිත එක් තැන් කරගන්න භාවනා කරන්නම ඕන නෑ. හිත එක්තැන් වෙන්නෙ නිරායාසයෙන්.

මෙය කියවන ඔබ හැම අවුරුද්දකම වගේ කතරගම වඳින්න එනවා ඇති. එතකොට කිරි වෙහෙරටත් එනවා ඇති. ඒත් මම කියපු අත්දැකීම ඔබ එක පාරක් හරි විඳලා තියෙනවද? එහෙම නැත්නම් ජීවිතේ එක පාරක් හරි එය විඳින්න. හැමදේකින්ම නිදහස් වුණ හිත කොච්චර ලස්සනද කියලා එතකොට ඔබට වැටහේවි.

හසිත - මව්බිම 
http://mawbima.lk/40-47780-news-detail.html

බදුලු කෝච්චියෙන් හපුතලේට

ඇවිදින එකයි ඒවා ගැන ලියන එකයි ජීවිතේ හොඳම දෙකද කියලා හිතෙනවා. අනෙක් එක තමයි අතීත ස්මරණය. මේ තුනම එකතු වුණු ගමනක් මේක.


හරියටම මීට අවුරුදු 40කට විතර ඉස්සර වයස 13 - 14 පුංචි කොලුව කාලේ තාත්තත් එක්ක කෝච්චියේ බදුල්ලෙ ගියා. සාමාන්‍ය රජයේ සේවකයෙක් වුණු තාත්තගේ වුවමනාවකට යන ගමනකට මාවත් අරන් ගියා. බදුල්ලේ ඉස්කෝලෙක තමයි රෑ නිදාගත්තෙ. එදාට වඩා හැම දෙයක්ම අද හරි වෙනස්. මගේ ජීවිතය වියපත් වුණත් බදුල්ල නම් තරුණ වෙලා. ඒත් ඒ අතීතයට හිත දිව්වා.
මෙදා පාර බණ්ඩාරවෙල ගමනෙදි වාහනේ පැත්තක දාලා බදුල්ලේ ඉඳන් හපුතලේට කෝච්චියේ එන්න අපි කතා වුණා. ඇත්තටම ඒක අපූරු ගමනක්.

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාන්තය බදුල්ල. සුන්දරම දුම්රිය ගමනක්. ඒත් අපි ආවේ බදුල්ල ඉඳන් හපුතලේට විතරයි. ස්ටේෂන් 11යි.
බදුල්ල - හාලිඇළ - උඩුවර... ඊට පස්සෙ දෙමෝදර. කෝච්චි පාර කපාගෙන ආපු සුද්දා ඇන ගත්ත තැන. අපේ මිනිහෙක් තමයි ජටාව පෙන්නලා ඒ විදියට හදපන් කියලා පෙන්නලා තියෙන්නෙ. ඒක තමයි ජන කතාව.

ඊගාවට ඇල්ල - කිතලැල්ල - හීල්ඔය - කීනගම. ඇල්ලෙ ආරුක්කු 9දී හැරිලා බලන කොට තමයි පස්සෙම කෝච්චි පෙට්ටිය පේන්නෙ.
දෙපැත්ත ගිරි ශිඛරවලින් පෙරී එන දිය දහරා නොනවතින තේවතු යාය... කෝච්චි පාර දෙපැත්තෙ හෙල්මැලි වී කුඹුරු, එළවළු, අල වතු, වාස්තු විද්‍යාවේ ඓතිහාසික වටිනාකම කියන විස්මයජනක පාලම් වෙනසක් නැතිව ගලන බදුලු ඔය.
කිනිගමට පස්සෙ තව ස්ටේෂන් 3යි. බණ්ඩාර-වෙල, දියතලාව, හපුතලේ, කොළඹ දුවන කෝචිචියට අපි හපුතලේදී සමුදුන්නා. රියැදුරු චානක මල්ලි බදුල්ලේ ඉඳන් හපුතලේ ඇවිත් නින්දකුත් දාගෙන ඉන්නවා.

තිස්ස - මව්බිම

දිය ඇලි දෙක මැදින් රාවණා ගුහාවත් බලාගෙන

රාම රාවණා ඓතිහාසික වීර කාව්‍යය පිළිබඳ රහස් සෙවීම ලෝකය පවතින තුරුම සිදුවෙනු ඇත. මන්ද යත් එය ඒ තරම්ම නිර්මාණශීලීයි. ඒ වගේම ගුප්තයි. රාවණා රජු පිළිබඳ ඓතිහාසික වීර කතාවට සම්බන්ධ සිදුවීම් රැසකට අදාළ සුන්දර ස්ථාන රැසක් ඇල්ල අවට ප්‍රදේශයේ පිහිටලා තියෙනවා.



ඒ අතරින් ඉතා වැදගත්ම ස්ථාන දෙකක් වශයෙන් රාවණා ඇල්ල සහ රාවණා ගුහාව හඳුන්වන්න පුළුවන්. කිරිඳි ඔයේ ජල පෝෂකය ලෙස පවතින අක්කර 4,774 ක ප්‍රදේශය තුළ තියෙන රාවණා අභය භූමි ප්‍රදේශය තුළ රාවණා ඇල්ල නමින් දිය ඇලි දෙකක් තියෙනවා. එක් දිය ඇල්ලක් වන්නේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 6කට නුදුරින් පිහිටලා තියෙන සංචාරක ආකර්ෂණය දිනූ හොඳින් හැදුණු වැඩුණු සුන්දර යුවතියකට සමාන කා අතරත් ජනප්‍රිය රාවණා ඇල්ල. මීටර් 23ක් පමණ උස මෙය ප්‍රධාන පාර අයිනේ පිහිටලා තියෙන සුන්දර දිය ඇල්ලක්. නමුත් එවැනිම තවත් සුන්දර දිය ඇල්ලක් රාවණා අභය භූමිය ඔස්සේ තව දුරටත් ඇතුළට ගියාම මුණගැසෙනවා. එම දිය ඇල්ල එම ප්‍රදේශයේ රාවණා ඇල්ල කියලා ප්‍රසිද්ධව තිබුණද බොහෝ දෙනෙක් රාවණා ඇල්ල කියල පිළිගන්නේ ප්‍රධාන මාර්ගය අසල පිහිටලා තියෙන දිය ඇල්ලයි. නමුත් ඇල්ල ප්‍රදේශයේ ජනතාව පවසන්නේ සැබෑ රාවණා ඇල්ල වන්නේ ප්‍රධාන මාර්ගය අසල තියෙන දිය ඇල්ල නොව රාවණා ඇල්ල අභය භූමියේ ඇතුළට ගියාම හමුවෙන අප්‍රසිද්ධ දිය ඇල්ල බවයි. එම අප්‍රසිද්ධ රාවණා ඇල්ල ඩ්ඥචමඥද'ඵ ඡ්ඤඨඥ හෝටලයේ පිහිනුම් තටාකය අසල සිට නරඹද්දි මනාව දිස්වෙනවා. එම අප්‍රසිද්ධ රාවණා ඇල්ල රාවණා ගුහාවට ඉතා සමීපයෙන් පිහිටලා තියෙන නිසා රාවණා රජු එම දිය ඇල්ල භාවිත කරන්න ඇති කියලා ඇල්ල ප්‍රදේශයේ ඉතිහාසය ගැන දන්න කියන පැරැන්නන් කිහිප දෙනෙක්ම අපට කිව්වා. නමුත් එම ප්‍රකට කට කතාව තහවුරු කරන ඓතිහාසික සාක්ෂි ලැබී තිබෙනවාද යන්න සොයා බැලිය යුතුයි. කෙසේ වෙතත් මෙම දිය ඇලි දෙකම ඇල්ල ප්‍රදේශයට එක් කරන්නේ පුදුමාකාර සුන්දරත්වයක් සහ අභිමානයක්. ඒ වගේම රාවණා රජුගේ ඓතිහාසික වීර කාව්‍යයට සම්බන්ධ නිවැරැදි දිය ඇල්ල කුමක්ද කියලා හොයලා බලන්නත් කාලය ඇවිත් තියෙන්නෙ කියල ඒ වෙලාවේ අපිට හිතුණා.

රාවණා දිය ඇලි දෙකටම මැදින් වගේ පිහිටලා තියෙන තේජවන්ත මෙන්ම ගුප්ත ස්වභාවයක් තියෙන රාවණා ගුහාව වෙත ගමන් කිරීම තවත් සුන්දර අත්දැකීමක් වුණා. හාත්පස දර්ශනය මනාව රසවිඳිමින් සුන්දර කඳු ගැටයක් තරණය කිරීමෙන් අනතුරුව රාවණා ගුහාව සංචාරකයන්ට මුණ ගැසෙනවා. රාවණා ගුහාව දක්වාම පඩිපෙළවල් සකස් කරලා තියෙන නිසා ඒ වෙත ගමන් කිරීම එතරම්ම අපහසු දෙයක් නෙවෙයි. 'ඇවිද්ද පය දහස් වටී' කියල මහන්සියක් නැතිව ඇවිදින්න කැමැති විදේශ සංචාරකයන් රැසක්ම අපේ ගමන අතරතුරදී හමුවුණා. ලාංකිකයන්ගේ අනන්‍යතාව ඔවුන්ගේ සදා මතකයේ රඳවන්න අපි ඔවුන්ට සිනාසුණා. රාවණා රජු රාමාගෙන් පළිගැනීමට සීතා දේවිය පැහැරගෙන ඇවිත් සැඟවූවේ රාවණා ගුහාවේ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රාමා සහ ඔහුගේ සොහොයුරු ලක්ෂ්මන්, රාවණා රජුගේ නැඟණිය වන සුපර්නිකා දේවියගේ නහය කැපීම නිසා ඇති වන කෝපයට පළිගැනීමක් වශයෙන් තමයි රාමාගේ බිරිය වන සීතා දේවිය පැහැර ගෙන එන්න රාවණා රජු තීරණය කරන්නේ. රාම - රාවණා කතාව ඓතිහාසික වීර කතාවක් පමණක් නොව ඉපැරැණි ඉතිහාසය හෙළි කරන පැහැදිලි සිතුවමක්ද වෙනවා. එසේම මෙම කතාව ඉතා රසවත්ව වෙන්නේ මෙහි ප්‍රමුඛ දුෂ්ටයා සහ වීරයා කවුද කියලා හරියටම තේරුම් ගන්න නොහැකිවීම. මන්ද යත් ඉන්දියානුවන් රාම රජු වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලාංකිකයන් රාවණා රජු වීරයා ලෙස සලකනවා. සැබැවින්ම රාවණා ගුහාව ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් සේම සෑම ශ්‍රී ලාංකිකයෙක්ම නැරැඹිය යුතු ස්ථානයක් ද වෙනවා. ඇල්ල නගරයට ඉතාම නුදුරෙන් තියෙන නිසා සංචාරයේදී රාවණා ගුහාව අමතක කරන්න එපා.

කැලුම් - මව්බිම
http://mawbima.lk/40-53161-news-detail.html

ආරුක්කු නවයේ පාලමට පයින් ගිහින්

ඇල්ල දුම්රිය ස්ථානයත් දෙමෝදර දුම්රිය ස්ථානයත් අතර ඇති ආරුක්කු නවයේ පාලම මා මීට පෙර දැක තිබුණේ දුම්රියෙන් යන එන විට පමණි. එහෙත් මෙවර අපගේ අලිමංකඩ සංචාරයේදී එය නැරැඹීමට යෑමට අප තීරණය කළේ ආරුක්කු නවයේ පාලම සිංහලයකුගේ විශ්වකර්ම නිර්මාණයක් නිසාය. ඇල්ලට පැමිණෙන බොහෝ විදේශිකයන් මේ ආරුක්කු නවයේ පාලම බලන්න එන්නේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගයේ ඔස්සේ පා ගමනින්ය. පයින් යන්න අකැමැති අයට කාර් එකකින් හෝ වෑන් එකකින් ආරුක්කු නවය පාලම ආසන්නයටම පැමිණිය හැකිය.



මාර්ගය මඳක් අබලන් වුවත් රථය ධාවනය එතරම්ම අපහසු නැත. පාලමට මීටර් 200ක් පමණ නුදුරින් රථය නැවැත්වූ අපි පාගමනින් පාලම දෙසට ගියෙමු. පාලම සමීපයේම බිං ගෙයක් දක්නට ඇත. බිංගෙයක් තුළින් පාගමනින් මා ගිය පළමු අවස්ථාව එය විය. බිංගෙය ඇතුළතදී අප පවසන දෑ දෝංකාර දෙමින් නැවත නැවත ඇසීම අමුතුම අත්දැකීමකි. බිංගෙවල් තුළින් දුම්රිය යද්දී හූ කියන පුද්ගලයන් දෙස එතෙක් කල් අප්‍රසාදයෙන් බැලූ මා දැන් අප්‍රසාදය දුරු කරගත්තේ එහි ඇති ආස්වාදය මවිසින්ම අත්විඳිනු ලැබීමෙන් අනතුරුවය.

මේ අරුම පුදුම පාලම තනිකරම ගල්වලින් ඉදිකර ඇති අතර එහි උස අඩි 80කි. පාලමේ පළල අඩි 25කි. පාලමේ දිග අඩි 300කි. කඳු දෙකක් යා කරමින් ඉදිකර ඇති මේ ආරුක්කු නවයේ පාලම බලන්න ඔබ පැමිණිය යුත්තේ ඒ මතින් දුම්රියක් යන වේලාව හරියටම දැන ගැනීමෙන් පසුවය. ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබට ඒ වේලාව දැනගත හැකිය. අපගේ වාසනාවට අප ආරුක්කු නවයේ පාලම නරඹන්න ගිය අවස්ථාවේ දුම්රියක් ඒ මතින් ගමන් කරන සුන්දර දසුනද දැකබලා ගන්න හැකිවිය. ඔබ හෙවන්ස් එජ් හෝටලයේ නවාතැන් ගත්විට මේ සුන්දර තැන් හැම එකකටම යන ආකාරය ඔබට එහි කාර්ය මණ්ඩලයෙන් දැනගත හැකිවනු ඇත. ඒ නිසා හෙවන්ස් එජ්හි සුන්දරත්වයද අත්විඳිමින් තවත් ලස්සන තැන් රැසක සංචාරය කරන්න නොවැරැදීම ඔබත් ඇල්ලට එන්න.

සඳුන් - මව්බිම
http://mawbima.lk/40-53156-news-detail.html

Friday, May 30, 2014

චෙනිත දුල්වන් පුතුට ඔබේ උදව් අවශ්‍යයි - Attention Please

දයාබර ඔබ සැම වෙත,

වයස අවුරුදු 3ක් පිරුණු චෙනිත දුල්වන් මේ පුංචි පුතා ඉපදුණු මොහොතේ සිට වැඩීමේ දුර්වලතාවයකින් පෙලේ. ඔහුගේ වයසට සරිලන බරින් යුක්ත නොවීම නිසා කොළඹ රිජ්වේ ආර්්‍යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නවෝදා අතපත්තු වෛද්‍යතුමියගෙන් මේ වන විටත් ප්‍රතිකාර ලබාමින් සිටී. එමෙන්ම ඔහුට ශෛල්‍යකර්මයක් කිරීමටද වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්වය යතා තත්වයට පත් කරගැනීමට ඔහුගේ දෙමාපියන්ට පිහිටක් වන්නට ඔබටත් හැකි නම් එය ඔබ කරගන්නාවූ මහගු පුණ්‍යකර්මයකි.

නො.278, මහවැලි නිවාස, මහවැලි කඳවුර, දෙහිඅත්තකණ්ඩිය.
දුරකථන අංකය - 0788858262, අසංක ඉදුනිල්
8160058933 කොමර්ෂල් බැංකුව, බදුල්ල - එච් එම් ඒ ඉදුනිල්


Dear All,

Chenitha Dulwan Son needs your help for his medicine. He is slowly growing and he is not completed his weight for his age. He is having physically difficulties to maintain his body control. He is treating by Dr. Nawoda Athapaththu, Lady Richway, Colombo. He needs to face for a surgery also. Please help him, His parents needs your attention.

No. 278 Mahaweli Quarters, Mahaweli Camp Dehiaththakandiya.
0788858262 - Asanka Indunil
8160058933 Commercial Bank, Badulla - H M A Indunil












Tuesday, May 20, 2014

Surathalee Waterfall Haldummulla - සුරතලී දියඅැල්ල හල්දුම්මුල්ල.

සුරතලී දියඅැල්ල හල්දුම්මුල්ල, බදුල්ල කොළඹ මහා මාර්ගයේ කිලෝමීටර් 169 කණුව අසල  පිහිටා ඇති පාලමට නොදුරින් පිහිටා ඇත. ඇල්ලේ නාමපුවරුව ලීයෙන් සදා ඇති අතර එහි උස මීටර 60ක් පමණ වන බව සදහන් කර ඇත. එහි මූලාරම්භය හල්පේ නගරයෙන් බව සදහන් වී ඇත.










Wednesday, April 23, 2014

බදුල්ලෙන් හමුවූ දහම් දෙසන බුදුරුව

ක්‍රි. ව. 6 වැනි සියවසට අයත් බවට විශ්වාස කෙරෙන 'දහම් දෙසන බුදුරුව' බදුල්ල දිස්ත්‍රික්කයෙන් හමු වී තිබේ. සෙ. මී. 54.5ක් උසැති මෙම බුදු රුව වීරාසන ඉරියව්වෙන් නිර්මාණය කොට ඇත. දකුණු අතින් විතර්ක මුද්‍රාවත්, වම් අතින් කටක මුද්‍රාවත් දක්වන 'දහම් දෙසන බුදුරුව' සිවුරු කොන් දරා, වැඩ සිටින ඉරියව්වෙන් නිමවා තිබේ.



දක්ෂිණාවර්ථ කෙස් පිඬු සහිත හිස මුදුනේ උෂ්ණීෂය මඳක් ඉහළින් නිමවා ඇති මෙම බුදුරුවේ තථාගතයන් වහන්සේ දහම් දෙසන ඉරියව්ව මැනවින් මතු කර තිබේ. දක්ෂිණ උරය විවෘත ආකාරයෙන් පවතින මෙම දහම් දෙසන බුදුරුවේ ඇති විශේෂත්වයක් වන්නේ සිරුර විනිවිද පෙනෙන ආකාරයට පොරවන ලද චීවරයේ තනි රැලි උඩට විහිදී තිබීමයි. ශරීරය ඍජුව පිහිටන පරිදි මහා පුරුෂ ලක්ෂණයන්හි පෙනුමට නිතැතින්ම උසස් තැනක් හිමි කර දෙමින් නිමවා ඇති මෙම දම් දෙසන බුදු රුවේ නෙත් විවෘතව පවතී.

පූර්ව අවධානයෙන් යුතුව දහම් දෙසන ඉරියව්වෙන් නිමවා ඇති මෙම බුදුරුව ශුෂිර වාත්තු ක්‍රමයට නිමවා ඇත. වෙනත් බුදු රුව මෙන් නොවූ මෙම සම්ප්‍රදායට අයත් බුදු රුව ඇත්තේ ඉතා දුලබ වශයෙනි.

ක්‍රි. ව. 6 වැනි සියවස තෙක් අතීතයට දිවෙන මෙම ඉපැරැණි දහම් දෙසන බුදුරුව ජාතියට උරුම වූ කෞතුක වස්තුවක් වන අතර මේ වනවිට එය කොළඹ ජාතික කෞතුකාගාරයේ සුරක්ෂිතව ප්‍රදර්ශනය පිණිස තැන්පත්කොට තිබේ.

සටහන/ඡායාරූප - සමිත් මධුරංග
http://www.mawbima.lk/95-55904-news-detail.html

Tuesday, April 15, 2014

ඌව පළාතේ සුන්දරත්වය මනාව දැකිය හැකි පුංචි ලෝකාන්තය - Mini Worlds End

ඌව පළාත පාරිසරික සුන්දරත්වයෙන් හෙබි අලංකාර ස්වාභාව දහමේ නිර්මාණයන්ගෙන් පෝෂණය වූ පළාතෙකි. බදුල්ල පස්සර පිහිටි පුංචි ලෝකාන්තයත් එවැනි අපූරු නිර්මාණයකි. බදුල්ලේ සිට කිලෝ මීටර් 61 ගමන් කල විට පුංචි ලෝකාන්තය දැකගන්නට හැකි වෙයි. බදුල්ලෙන් ගමන් ආරම්භ කරන්නෙකුට පස්සර නගරය දක්වා ගමන් කොට පස්සර නගරය පසු කරනවාත් සමඟ ඇති පස්සර මඩොල්සිම මාර්ගයට පිවිස එහි සිට කිලෝමීටර් 42 ගමන්ගත් කල මෙම මනස්කාන්ත පරිසරයට ඔබට පිවිසිය හැකිය. මෙය හරියටම ඌව පළාත් මායිමක පිහිටා ඇති අතර මෙහි සිට නැගෙනහිර පළාතේ සුන්දර දසුන් දැකගත හැකි  එක් ස්ථානයක් ලෙස සැලකිය හැකිය.




ගමන යන අතර වාරයේ සුන්දර තේ වතු අලංකාර කුඩා දියඇලිද ඔබට දැක ගත හැකිය. එමෙන්ම ඉතා රමණීය කදු පන්ති අතරින් වට වූ සුන්දර ගම්මානද දැකගත හැකිය. ගමන් ගන්නා මාර්ගයේදී ඔබට ජෛව විවිධත්වය කෙසේ දැයි හොදින් පැහැදිලි පැහැදිලිව විදිය හැකිය. වනසතුන්, කුරුල්ලන්ද ගහණ ප්‍රදේශයකි. බදුල්ලේ දුෂ්කරම දිස්ත්‍රික් මායිම් ගම්මාන වන පිටමාරුව හා  ඇකිරිය ගම්මානද මෙම ප්‍රදේශයට කිට්ටුව පිහිටා ඇත. කොකාගල වතුයාය පසු කරනවාත් සමඟ මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ අනුරුවක් ලෙස සැලකෙන ඩී එස් ගල ඔබට ඈතීන් දැකගත හැකි වේ. කොකාගල වතුයායේ තේ කර්මාන්ත ශාලව පසු කර මද දුරක් යන විට අඩි 1250ක් ඇති පුංචි ලෝකාන්තයට ඔබට පිවිසිය හැකිවේ. එහි පිවිසෙන විට ඔබේ මනසට දිව්‍ය ලෝකයකට පිවිසියා යැයි සිතෙනනට පුළුවන. එතරම් එම පරිසරය සුන්දරය. 

පුංචි ලෝකාන්තයට පිවිසි ඔබට දෙන විශේෂ අවවාදය නම් එම ස්ථානයේ සිට පහල බැලීමෙදී අයිනට නොයන ලෙසයි. එහි සමහර අවස්ථාවල සුළඟ ඉතා දැඩිව හමන හෙයින් ඔබව ඇදගෙන යාමට ඇති ඉඩකඩ වැඩිය ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වී පාරිසරික සුන්දරත්වය විදගන්න.

මෙම ගමනට මාත් සමඟ එක්වූ ධමින්ද හේරත් මගේ ගුරුතුමාටත්, නුවන් මල්ලීටත් මගේ විශේෂ ස්තූතිය පුද කරමි.
පුලස්ති වන්නිආරච්චි.







































කතරගම කිරිවෙහෙරෙන් කිරි ඉතිරෙයි


Search This Blog