Thursday, September 11, 2014

රාවණ රජුගේ සටන් ක‍්‍රම රාවණ රජු යළි නැගිටියි



රාවණ රජු දක්‍ෂ සටන්කාමියෙකි. පහර දීමට හා පහරින් බේරීමට අපූරු ශිල්ප දැන සිටියෙකි. රාවණ පරපුරින් එන අගනා සටන් ක‍්‍රමයක් ලෙස අංගම් ශාස්ත‍්‍රය දැක්විය හැකිය. රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ ආදිතමයෙකි.

කරාටේ, කුංග්ෆු ආදී සටන් ක‍්‍රමවලට වඩා දස දහස් ගුණයකින් අංගම් ශාස්ත‍්‍රය පෙරමුණේ සිටි06-page2-S2-4යි. එය දේශීය සටන් ක‍්‍රමයකි. අනුන්ගේ දෙයක් ඉගෙනීමට වඩා රාවණ රජ සමයේ පටන් එන අංගම් ශාස්ත‍්‍රය අපේ දරුවන් ප‍්‍රගුණ කළ යුතුය. අද එහි සෑහෙන අඩු ලූහුඬුකම් තිබුණත් ආරක්‍ෂාවී පැවැතීම ගැන සතුටක් දැනවිය යුතුය.

රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී මන්ත‍්‍ර හා කාලය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට ඇත. කඩුවලින්, පොලූ මුඟුරුවලින් සටන් කිරීම, පොරබඳා ගැනීම, දියල්ල නියම අංගම් ශාස්ත‍්‍රයේ නැත. පොර බැදීම පුරාණ අංගම් ශාස්ත‍්‍රයේ නැති අතර එය වෙනම ක‍්‍රීඩාවකි. ”ගුස්ති” තවත් ක‍්‍රීඩාවකි. ”සේලම්බරම්” තවත් ක‍්‍රීඩාවකි. මේ සියල්ල එකතුකරගෙන ”අච්චාරුවක්” කරගත් ක‍්‍රීඩාවක් අද අංගම් හැටියට තිබේ.



රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී ප‍්‍රබල මන්ත‍්‍ර භාවිත කර ඇත. එසේම පහර දෙන පුද්ගලයාගේ බර කිලෝ 70 ක් නම් එම සම්පූර්ණ බර අනෙකා වෙත ක්‍ෂණිකව ලබා දෙමින් පහර එල්ල කරයි. ඒ අයුරින්ම රාවණ රජතුමා ද නිලවලට අංගම් පහර ගැසීම වඩා හොඳින් කර ඇත. ”අංගම්” යනු ක‍්‍රීඩාවක් හෝ සෙල්ලමක් නොවේ. එය පුරාණයේ සිට පැවතියේ පහර ලබන්නා අතිශය දුර්වල කිරීම සඳහාය.


පහර කන්නාට නියම අංගම් පහරක් වැදුණොත් එක්කෝ පිස්සු වැටෙයි. නැත්නම් පැය කීපයකින්, දින තුනෙන්, දින හතෙන්, මාස තුනෙන් ආදී වශයෙන් මරණයට පත්වේවි. නැත්නම් රෝගීව දුක් විඳියි.

අංගම් ප‍්‍රහාරය දෙන ස්ථාන හා ක‍්‍රම ද තිබේ. වැළමිටෙන් ඔළුවේ නිලයකට පහරදීම ජනප‍්‍රිය ක‍්‍රමයකි. එවැනි පහරක් නිවැරදිව එල්ල වුවහොත් එය වෛද්‍යවරයෙකුට ද සුවකළ නොහැක්කකි. කකුලේ මහපට ඇඟිල්ලට ඉලක්කය ගෙන උඩපැන යටි තල්ලට පහර එල්ල කළ විට ප‍්‍රහාරය සාර්ථක නම් හිස කදින් වෙන්වේ. ප‍්‍රහාරය අසාර්ථක වුවහොත් මරණය හෝ, දැඩි අසාධ්‍ය තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි ප‍්‍රහාර කීපයක් පුරාණ සාහිත්‍ය කෘතිවල සඳහන්වේ.ගෝඨයිම්බර යෝධයා සහ මහාසෝන යෝධයා අතර ඇතිවූ සටන අංගම් ශාස්ත‍්‍රයේ විශේෂ තැනකි. ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳට මහාසෝන කළ විහිලූවක් නිසා සටනක් ඇවිළිනි. එම සටනේ දී ගෝඨයිම්බර උඩ පැන මහාසෝනගේ නිකට වෙත කකුලේ මහපටැඟිල්ලෙන් ප‍්‍රහාරය එල්ල කළේය. එයින්ම මහාසෝනගේ හිස ගැලවිනි. නමුත් මෙවැනි ප‍්‍රහාර අංගම් ප‍්‍රදර්ශනවලට ඇතුළත් කරන්නේ නැත.

රාවණ රජුගේ සමයේ අංගම් සංචිතයක් තිබිණි. එය ”අංගම්” සටනට හැකියාව ඇතියවුන්ගෙන් තැනූවකි. රාවණ රජතුමාගේ අංගම්කරුවන්ට සහාය ලැබුණ ද පසු කාලීන විභීෂණ ආදී රජවරුන්ගෙන් අංගම් සංචිතයට සැලකිල්ලක් ලැබුණේ නැත. එමනිසා අංගම් සංචිත පරපුර දකුණු ඉන්දියාවට ගියේය.



මේ අය පසුව දකුණු ඉන්දියාවේ කුලයක් බවට පත්විණ. ඒ ”අගම්පුඩියර්” නම් විය. පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් පළමුවැනි විජයබාහු රජතුමා අතීතය හාරාඅවුස්සා බලා ලංකාවෙන් ගිය අංගම් සංචිතය (අගම්පුඩියර් කුලය* ලක්දිවට ගෙන්වා ගත්තේය. ඔවුන්ට ගම්බිම් ද ප‍්‍රදානය කළේය. මොවුහු අංගම් ශාස්ත‍්‍රයට ගුස්ති ආදී අංග ද එකතුකර සංවර්ධනය කරවාගෙන සිටියෝය. එදා මේ කුල ජනයා පදිංචි කළේ පුරාණ වැලිතොටය. අද එය දකුණේ බලපිටියය.
මීට වසර සිය ගණනකට පසු චන්ද්‍රභානු නමින් ”ජා” ජාතික රජෙක් ලංකාවට පැමිණියේය. ඔහු ලංකාව ආක‍්‍රමණය පිණිස සේනා සහිතව පැමිණියෙකි. එදා ලංකාවේ සිටි රජු වැලිතොටහි සිටි ”අගම්පුඩියර්” කුලයට ”ජා” රජු පරදවන්නට උපදෙස් දී ඇත.




එම ජනතාව රජුට ”අංගම්” ශිල්පයෙන් පහරදී මරාදමා ආක‍්‍රමණිකයාගෙන් රට බේරාගෙන තිබේ. එයට උපහාරයක් වශයෙන් වැලිතොට නම ඉවත් කරවා ”බළපිටිය” යැයි නම් කෙරිණි. ශක්තිය බලය පෙන්වූ තැනක් වීම ඊට හේතුවයි. රාවණ පරපුරෙන් පැවත එන ”අගම්පුඩි” කුලයේ ජනතාව දැනුදු ලංකාවේ විවිධ ප‍්‍රදේශවල වෙසෙති. දැනටත් මොවුන් දුටුවිට සාමාන්‍ය වැසියකුට වඩා ශරීරාංගවලින්ම සටන්කාමී බවක් පෙනේ. ”අගම්පුඩියර්” තරුණයකු බව හඳුනා ගත හැකිය. කායවර්ධන මධ්‍යස්ථානවලින් හදාගත් ශරීරයට වඩා වෙනස්ම වූ ආවේණික සටන්කාමී ලක්‍ෂණ සහිත ශරීර අංග බළපිටියේ අංගම් ශාස්ත‍්‍රයට නෑකමැත්තන් සතුව තිබේ.



රාවණ රජතුමාගේ කාලයේ සිට පැවත එන තවත් විශේෂ ශාස්ත‍්‍රයක් හැටියට දේශීය වෙදකම හඳුන්වා දිය හැකිය. තණකොළ ගසේ සිට බෝගස දක්වා සෑම පැළයක්, පැළෑටියක්, ගහක්, වැලක්ම රාවණ යුගයේ ඖෂධවී තිබේ. ආයුර්වේදය නමින් කරන වෛද්‍ය ක‍්‍රමය ද රාවණගේ වෙදකමයි. එයට හේතුව රාවණගේ වෛද්‍ය ක‍්‍රම ඉන්දියාව දක්වා පැතිර තිබීමය. හෙළ වෙදකමේ ශාස්ත‍්‍රීය ක‍්‍රමයට, පුස්කොළ පොත් බලා හැ¥ තෙල්, බෙහෙත් අද නොයෙක් වෙද පරම්පරා ඇසුරේ තිබේ. මේ සියලූ බෙහෙත් එක්තරා යුගයක පුස්කොළ පොත්හි තිබූ නමක්, ගමක් නැති ඖෂධයි. ඒවා පුස්කොළ පොතින් උපුටා නැවත නිෂ්පාදනය කරගත් අය තමන්ගේ නමින් ගුලි, කසාය, තෙල් හදා පරම්පරාවලට දායාද කළහ. අවසානයේ පැරණි සිංහල වෙදකම ඒ ඒ නම්වලින් නොයෙක් දෙනා ”තමන්ගේ” බවට පත්කරගත්හ. නමුත් හුදෙක් බොහෝ ඒවා රාවණ රජ කාලයේ පටන් පරම්පරා අනුව එන බේත් වට්ටෝරුය. මේ අනුව හෙළ වෙදකම හා ආයුර්වේද වෙදකම දෙකම රාවණ රජුට අයත් බව කල්පනාවට ගත යුතුය. ඖෂධයේ බලය, ශක්තිය පිරිහී ඇත්නම් එය වත්මන් නිෂ්පාදකයන්ගේ දොසක් මිස පුරාණ ඖෂධ වට්ටෝරුවල දොසක් නොවේ.


රාවණ රජතුමාට අයත් ඖෂධ උයන් රාශියක් එකල තිබී ඇත. නාගහපොළ, ඇහැලේපොළ, තල්වත්ත ආදී ප‍්‍රදේශ රාවණගේ වෙදකමට නෑකම් ඇත. පසුකාලීන බුද්ධදාස වැනි රජවරු රාවණගේ වෙද උයන් දියුණු කරවා තිබේ. සිංහරාජ වෙද උයන (අද සිංහරාජ කැලය* රාවණගේ ප‍්‍රමුඛ ඖෂධ උයනකි.
ඊළඟට රාවණගේ රාජ සභාව පිළිබඳ තවත් අලූත් යමක් සටහන් තබමි.

වත්මන් ලංකාවේ ඇමැති මණ්ඩලය 108 ක් බව මාධ්‍යයේ පළවිණ. අදටත් වඩා විශාල එවක ලක්දිව ඇමැති මණ්ඩලය හත් දෙනෙකි. රාවණ රජුට ප‍්‍රබල ඇමැතිවරු සතක් සිට ඇත. කාර, මහෙජ, ශූර, උග‍්‍රසේන, තිරමුණ, මාන, භානු යක්‍ෂයෝ මේ ඇමැති මණ්ඩලය නියෝජනය කළහ. මේ සියලූ යක්‍ෂයෝ ලංකාව පමණක් නොව යටත් ප‍්‍රදේශ පවා පාලනය කරගෙන ශක්තිමත් රාජ්‍යයක් ගෙන ගියහ.

කාර රාක්‍ෂයා ඇමැති මණ්ඩලේ සිටි විශේෂතමයෙකි. ඔහු රාවණ හමුවට ආවේ ගියේ රෝද සතරක වාහනයකින් බව කියයි. මේ රෝද සතර යකඩ රෝද විය. මේ වාහනයට අගනා එංජිමක් ද තිබුණු අතර සූර්ය බල ශක්තියෙන් එය ගමන් කරවා ඇත. මේ රාවණ කතා පුවත් පුස්කොළ පොතෙහි දැක්වෙන අගනා කතාවකි.

මෙම ප‍්‍රවෘත්තියට අනුව රෝද සතරේ වාහනවල ආරම්භය රාවණ යුගයද? රෝද සතරේ වාහනය ලෝකය හමුවට ආවේ ලංකාවෙන්ද? යන ප‍්‍රශ්නයට නව ප‍්‍රවිෂ්ඨයක් ගත හැකිය.





අද ජපානයේ, කොරියාවේ, ඉන්දියාවේ වාහන නිෂ්පාදනය කෙරුණ ද රාවණ යුගයේ ලංකාවේ වාහන නිෂ්පාදනය සිදුවන්නට ඇති බව නිගමනයකට ආ හැකිය. රාවණ රජුගේ කාර රාක්‍ෂයා පමණක් එම විශේෂ වාහනයෙන් පැමිණි බව විස්තර වේ.

විශේෂයෙන් රාවණට වඩා තරමක් බලයෙන් අඩු සත් දෙනකුගෙන් යුත් යක්‍ෂ ඇමැති මණ්ඩලය, රටේ ඒ ඒ ප‍්‍රදේශවල පාලන බලය අතටගෙන කටයුතු කරවා ඇත. රාවණ පවරන ලද කටයුතු ක‍්‍රියාවට නංවා ඇත්තේ මේ අමාත්‍යවරුය. විශේෂයෙන් ඔවුන්ට සහාය වීමට සේනාපතිවරු 21 ක් සිට ඇත. විශේෂයෙන් මොවුහු යුද සේනාපතීහුය. මේ සේනාපතීන්ගේ භූත ආත්ම රාවණ දෙවි සමග දැනට ලොව සැරිසරන බව ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි.
එහෙත් ඇමැති මණ්ඩලයේ සිටි යක්‍ෂයන්ගේ යළි නැගිටීමක් ගැන පුරාණ පුස්කොළ පොත්හි සටහන් නොවේ.

කෙසේ හෝ වේවා රාවණ රජු මූලික කොටගත් සත් දෙනෙකු සහිත ඇමැති මණ්ඩලය, සේනාපතීන් 21 ක්, අන්තඃපුරයක්, බළකොටු, මාළිගා, රාජකීය උයන් සහිත රාජකීය දිවි පෙවෙතක් රජු භුක්තිවිඳ ඇත.


දේශ දේශාන්තර ද පාලනය කළ සියල් සම්පතින් ආඪ්‍ය වික‍්‍රමාන්විත රජකු ලෙස රාවණ සඳහන් කළ යුතුය. හුදෙක් රාවණ යනු ”ලද බොළඳ” හෝ මිථ්‍යාවක් ලෙස දකිනවා නම් එය ඔබගේ අදහස, මතය, තීරණය විය හැකිය. නමුත් රාවණ රජු ගැන අප මෙතෙක් කතා කළ ලිපි සමග ජීවත්වී නම් හේ තෙද බල ඇති ලාංකීය උරුමයේ ”මහ මොළකරු” ”මහ උරුමක්කරු” හැටියට අදහස අවදිකොට ගත යුතුය.

එකල රටේ වූ දියුණුව, අධිරාජ්‍ය බලය, පාලන ශක්තිය මේ සියලූ දේ පසු කාලීනව ලොව බිහිවූ අධිරාජ්‍යවාදීන්ට වඩා ශක්තිමත් පුරුෂ ලක්‍ෂණය. ඒ අනුව ලොව බිහිවූ පළමු අධිරාජයා අපේ  ‘‘රාවණ රජු” නොවේද? මෙය ලෝක සම්මතය කරා රැුගෙන යාමට කවුරුත් අත්වැල් බැඳගත  යුතුය.
ලෝකයා විසින් තම තමන්ගේ රට රාජ්‍යවලට අධිරාජ්‍යයන් බිහිකර ගනු ලබද්දී සිංහලයන් ලෙස ”පුහු” ජාතියක් වීම නොව පුරාණ පුස්කොළ සාක්‍ෂි සහිතව ”රාවණ අධිරාජයා” යන මතය රටේ නිර්මාණය වීමට කල් එළැඹ ඇත.




2014 සැප්තැම්බර් මස 09 18:25:42 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/261733

Tuesday, July 29, 2014

මහියංගණ පුද බිමට අඩි 84 බුදු රුවක්


බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කළ  අවස්ථාව නිරූපණය කරමින් මහියංගණය පුද බිමේ ඉදිවන  අඩි  84 උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තුන්වැනි අදියර සඳහා අද(23) මුල්ගල් තැබිණි.
මහියංගණය රාජමහා විහාර භාරකාර උරුලෑවත්තේ ධම්ම රක්ඛිත හිමියන්ගේ ද මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු පැමිණි විශේෂ අමුත්තන් ඓතිහාසික මියුගුණ සෑයට කප්රුක් පූජාවක් පවත්වා මහා සංඝරත්නය ප්‍රතිමා වහන්සේ ඉදිකරන  මහියංගණය විල්ලුව වැව  අසළට පෙරහැරින් වැඩම කරවා දම්සක් පැවතුම් සුත්‍රය මධ්‍යයේ බුදුරුවට මුල්ගල් තැබුහ.

මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ සමාජිකයිනගේ එකමුතුවෙන් ඇරඹු මෙහි මුළු වියදම ලක්ෂ 300 පමණ වෙතැයි  මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි
www.methsaviya.org / www.methsaviya.lk යන වෙබ් අඩවි මගින් වැඩි විස්තර ලබා ගත හැකිය.
2014 ජූලි මස 23 21:55:01 | විශ්ව ගැමුණු ප්‍රියංකර
http://www.lankadeepa.lk/index.php/articles/252097






රාවණා රජු යළි නැගිටී



ලාංකීය ඉතිහාසය විජයගෙන් පටන් ගැනීම අපේ සිරිතයි. විජය ඇතුළු හත්සීයක් පිරිස ලක්දිවට පැමිණ ආර්ය ජනාවාස පිහිටුවා පාලනය ගෙන ගිය බව මහා වංශයේ සඳහන් වේ. විජය මෙහි එන විට කුවේණිය කපු කටිමින් සිටි බව එහි විස්තර වෙයි. මේ කතාව අනුව විජයට පෙර ලංකාවේ ඉතිහාසය කෝ කුවේණිය කපු කටිමින් සිටියා නම් මෙරට තිබුණු දියුණු තාක්ෂණ ක‍්‍රමවේද කෝ. බරපතල ප‍්‍රශ්නාර්ථයක් තබා ලාංකීය ඉතිහාස කතාවේ හිඩැසක් හදා තිබේ.

ආර්යන්ගේ පැමිණීම විජයට පවරා ඔහුගෙන් මෙරට ඉතිහාසය පටන් ගැනීමට මහාවංශ කතු හිමියන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙරට ඉතිහාසයේ ආරම්භය විජයට පවරන්නට තවමත් රටේ එක්තරා කොටසක් සූදානම් නැත. එහි සෑහෙන සාධාරණයක් තිබේ. මහාවංශ කතු හිමියන් විජයගෙන් ඉතිහාසය ආරම්භ කෙරුණේ උන්වහන්සේගේ පෞද්ගලික අභිමතයට අදාළ කාරණා මූලික වීමෙනි.

විජයට පෙර රාවණා රජු ලක්දිව පාලනය කළ බවත්, ඔහු දඬු මොනරය නම් යානයක ගමන් කළ බවත්, රාම-රාවණ යුද්ධයක් මෙහි තිබුණු බවත් මෙරට ඉතිහාස පුරාවෘත්ත වල සඳහන් වෙයි. කෙසේ වෙතත් විජයට පෙර ලංකාවේ දියුණු ජනසමාජයක් තිබුූ බව ඉතා පැහැදිලිය.

විජයාගමනයට පෙර ලක්දිව ඉතිහාසය අධ්‍යයනයෙහිලා පුරෝගාමි මෙහෙවරක් කළ කෙනෙකු හැටියට ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මහතා හඳුනා ගත හැකිය. ඔහු ලක්දිව ඉතිහාසය ‘‘හාරා’’ ගෙන මතු කර තිබේ. රාවණ ඉතිහාසය මතු කර ගෙන තිබේ. කෙසේ හෝ මෙතැනින් පසුව ලියන කාරණා පිළිගන්නවාද නැද්ද යන්න ඔබට භාරය.

ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර කියන හැටියට රාමගේ ඊ පහරින් සිහි මුර්ජා වූ රාවණ දැන් නැගිට තිබේ. එනම් රාවණ රජු දැන් ප‍්‍රකෘති සිහියේ සිටී. රාවණට පියවි සිහිය ලැබී තවමත් වසර පහකට වැඩි නැත. මෙය රසවත් කතාන්දරයකි. රාවණාට න්‍යෂ්ඨික අවි තිබුණු බවටත් ආචාර්ය මිරැුන්ඩෝ තර්ක ගොඩ නගයි. රත්රන්, මැණික් රටේ තැනින් තැන මතු වීමත්, ඉඳහිට සුළි සුළං, නාය යෑම් ගංවතුර රාවණගේ වුවමනාවට සිදුවන බවත් ඔහු පවසයි.

මෙයින් ඉදිරියට කතාව කියවන විට මෙය කෙනෙකුට කුතුහලය මවනු ඇත. තවත් කෙනකුට පුදුමය උපදවනු ඇත. සමහරු ‘‘අපි දන්නේ මොනවාදැයි’’

හිතනු ඇත. තවත් කෙනෙක් ආචාර්ය මිරැුන්ඩෝට පිස්සු යැයිද කියනු ඇත. මේ සියලූ තරාතිරම් කතාව කියවන බැවින් පළමුව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර ගැන කෙටියෙන් ලියමි.

ඔහු වනාහී රාවණ ඉතිහාසය ගැන පර්යේෂණ කළ අයෙකි. 1940 මැයි 31 වැනිදා රාස්සගලදී උපන් මිරැන්ඩෝගේ පියා රත්නපුර උඩපත්තුව නිල්ගල වලව්වේ වතු සමාගම් අධ්‍යක්ෂ සැමුවෙල් සයික්ස් ඔබේසේකරය. මව සිසී ගලගොඩ කුමාරිහාමිය.

ඔබේසේකරයන් කළුතර හෑගල්ල විදුහලෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා ද්විතීය අධ්‍යාපනය කොළඹ ආනන්ද විදුහලෙන් ලබා තිබේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී ශාස්ත‍්‍රපති උපාධි ලබා ඇති මිරැුන්ඩෝ කොලොම්බියා ෆැසිපික් විශ්ව විද්‍යාලයෙන් දර්ශනශූරී උපාධිය ලබා ඇත්තේය. කලක් ගුරුවරයෙක් ලෙසද, කථිකාචාර්ය වරයෙක් ලෙසද, පුවත්පත් කලාවේදියෙක්, පර්යේෂකයෙක් ලෙසද කටයුතු කර ඇති ඔහු දෙස් විදෙස් සම්මානයට පාත‍්‍ර වූවෙකි.




රාවණ රජු සීතා කුමරිය පැහැර ගෙන ඒම.

කැලිෆෝනියාවේ කොළොම්බියා පැසිපික් සරසවිය මඟින් මහාචාර්ය සම්මානයද මිරැුන්ඩෝ ඔබේසේකරට පිරිනමා තිබේ. රාවණ වත, රාවණ ශිෂ්ටාචාරය, පෘතුගීසි ආක‍්‍රමණයෙන් වූ සමාජ පෙරළිය, අලි ඇතුන්ගේ ඉතිහාසය, උඩරට උරුමය, ජන උරුමය, යක්ෂ ගෝත‍්‍රිකයෝ, දේව ගෝති‍්‍රකයෝ, නාග ගෝත‍්‍රිකයෝ, ආදී පොත් 54 කට වැඩි ප‍්‍රමාණයක් සිංහල හා ඉංග‍්‍රීසි භාෂාවෙන් ඔහු රචනා කර තිබේ. මේ සියල්ල ගම් නියම් ගම්වල ඇවිද ගොස්, කරුණු කාරණා සොයා ගෙන රචනා කළ ඒවා වීමද විශේෂත්වයකි. එබැවින් ඉතිහාසය පිළිබඳව සෑහෙන පර්යේෂණ කළ විද්වතකු කියන කතාවක සාරාංශයක් මම මෙහිලා ලියමි.


හැබෑවටම රාවණ යනු කවුද?


රාවණ රජුගේ කොඩිය.
මහා බ‍්‍රහ්මයාගේ පුත‍්‍රයකු ලෙස සැලකෙන පුලස්ති මුනි නමින් සෘෂිවරයකු සිටියේය. රාවණ රජුගේ සීයා මේ පුලස්ති සෘෂිවරයාය. පුලස්ති සෘෂිවරයාගේ පුත‍්‍රයා විශ‍්‍රාවස් මුනි වේ. ඔහුගේ පළමු විවාහය සිදුවූයේ ඉන්දියාවේ කාන්තාවක් සමඟය. මේ ඉන්දීය කුමාරියට ලැබුණු පුත‍්‍රයා කුවේර හැටියට හඳුනනු ලැබේ. විශ‍්‍රාවස් මුනිගෙන් පසු ලංකාව පාලනය කළේ ඔහුගේ පුත‍්‍ර කුවේර රජුය. එදා විශ‍්‍රාවස් මුනිගේ රජ මාළිගාව වූයේ වර්තමාන සීගිරියයි. අද සීගිරිය තියනවාට වඩා තට්ටු ගණනක් යට මාළිගාවේ නටබුන් තවමත් තිබේ. කුවේර රාජ්‍ය පාලනය කළේද සීගිරිය තම රාජ්‍ය බල කේන්ද්‍රස්ථානය කොට ගනිමි. විශ‍්‍රාවස් මුනි සූර්ය ආගම සූර්ය වන්දනාව ඇදහූවෙකි. එනම් රාවණ රජුගේ පියා සූර්ය ආගම ඇදහුවෙකි.

ඔවුන් බුදු දහම ගැන නොදැන සිටියවුන් නොවේ. රාවණ ඉතිහාසයට අවුරුදු 7,500 කි. එකල ද බුදුවරු ලොව පහළ වී සිටියහ. රාවණ රජු සිටි අවධියේ ලොව පහළව සිටියේ කෝනාගම බුදුන් වහන්සේය. කාෂ්‍යප, ගෞතම බුදුවරු පහළ වූයේ ඉන් පසුවය. රාවණ රජු බුදු දහම දර්ශනයක් ලෙස අනුගමනය කළ අතර ආගමක් හැටියට රාවණ රජු පිළිගත්තේ සූර්ය වන්දනාවයි.

කුවේර තම පියා වූ විශ‍්‍රාවස් මුනිගෙන් රජකම ලබා ගත්තේ පහර දීමක් කොට පරාජය කිරීමෙන් හෝ විශ‍්‍රාවස් මුනි වයසට ගොස් මරණයට පත් වීමෙන් පසුව නොවේ. කුවේරට රජ කම දී විශ‍්‍රාවස් මුනි ලක්දිව නැගෙනහිර පළාතේ තපස් රැක්කේය.

කුවේර විශ‍්‍රාවස් මුනිගේ පළමු විවාහයේ දරුවාය. දෙවැනි විවාහයේ වැඩිමල් දරුවා රාවණය.

විශ‍්‍රාවස් රජුට පෙර ලක්දිව රජකළ සුමාලින් රජු මෙකල සිටියේ ගිරුවාපත්තුවේය. මේ සුමාලින් රජුට බලවත් ආධ්‍යාත්මික ශක්තියක් තිබිණි. එම රජු තම අධ්‍යාත්මික බලය හරහා රටේ අනාගතය සිතින් විමසා බැලූවේය. සුමාලින් රජුට රූමත් දියණියක සිටී. ඇය කේශිණීය. කේෂිණීට දාව උපදින කුමරු රටේ රජකමට භාග්‍ය වන්තය. එසේ නම් රාජ්‍යත්වයට උරුමය ඇති කුමාරයකු බිහි කළ යුතුය. ඒ සඳහා ඇත්තේ එකම උපක‍්‍රමයකි. තපස් රකින විශ‍්‍රාවස් මුනි ළඟට දියණිය යවා මොවුන්ට දාව කුමාරයකු උපදවා ගැනීමයි. සුමාලින් රජු තම දියණිය කැඳවා.

දියණිය ඔබ ගොස් විශ‍්‍රාවස් මුනි හමුවන්න. ඔහුගේ සිල් බිඳ ඔහු සමඟ විවාහ ගිවිසෙන්න. එයින් ලැබෙන වැඩිමල් පුත‍්‍රයා මහා පින්වන්තය. ඔහු රටේ බලය ලබන්නේය.

පිය රජුගේ උපදෙස් පිට කේශිණී කුමාරිය විශ‍්‍රාවස් මුනිගේ තාපස ශීලය බිඳීමට ඔහු සොයා ගියාය. පළමු දවස විශ‍්‍රාවස් මුනි සිටින තැනට ගොස් හැසිරුණාය. දෙවැනි දවස ද එසේම කළාය. විශ‍්‍රාවස් මුනි බලවත් සීල ව‍්‍රතයක යෙදී සිටී දින ගණනක් ගියත් කේෂිණීට විශ‍්‍රාවස් මුනිට කාමය උපදවන්නට නොහැකි විය.
සත්වැනි දින විශ‍්‍රාවස් මුනි ඉදිරිපිට නුග ගසෙහි නුග මුලක් අල්ලාගෙන ඇඳ සිටි ඇඳුම උනා දැමුවාය. (මේ වස්ත‍්‍රය කැඞී වැටුණ බව ද ඇතැමෙකු පිළිගනීති.) මේ සිදුවීමෙන් පසු කේශිණීගේ අරමුණ විශ‍්‍රාවස් මුනිට පැහැදිලි විණ.

‘‘ඔබ කවුද....?’’ විශ‍්‍රාවස් මුනි විමසීය. ‘මම කේෂිණී සුමාලින් රජතුමාගේ දියණිය. මට ඔබට සේවය කරන්නට වුවමනායි’ ඇය කියාගෙන ගියාය. මෙහිදී මුලින්ම විශ‍්‍රාවස් මුණි කේෂිණී නහවා පිරිසුදු  කළ බව කියැවේ.

කේෂිණී උණු දිය නාන්නට ප‍්‍රිය කළ නිසා, විශ‍්‍රාවස් මුනි තමන් සිටි තැන කඩුවෙන් බිම හාරා උල්පතක් මතු කළේය. එය කින්නියා උණුදිය උල්පතයි. මෙය කින්නියා නොව කන්‍යා බව ආචාර්ය මිරැුන්ඩෝ පවසයි. දෙමළ ජනතාව විසින් ‘‘කන්‍යා’’ යන්න, කින්නියා ලෙස උච්ඡුාරණය කරන බව ඔහුගේ අදහසයි.
විශ‍්‍රාවස් මුනි කේෂිණීව නහවා පිරිසුදු කොට නව යුග දිවියක් ඇරඹුවේය. ඔවුන්ට දාව දරුවන් කීප දෙනෙක් ලැබිණි. එයින් වැඩිමලා ශ්‍රී රාවණයි. මේ රාවණ බිහි වීමේ කතාවයි.

රාවණට හිස් දහයක් තිබුණු බව කියැවේ. නමුත් රාවණට හිස් දහයක් තිබී නැත. ඔහුට තිබී ඇත්තේ එක හිසකි. ඔහු ශිල්ප ශාස්ත‍්‍ර දහයකට ඉතා දක්ෂයෙකි. නැටුම්, ගැයුම්, යුද ශිල්පය, කාර්මික ශිල්පය ආදී ශිල්ප ඒ අතර ප‍්‍රධාන වෙයි. එකල ලක්දිව සබ්මැරීන්, නැව්, ගුවන් යානා පවා සාදා තිබේ. ගුවන් යානා අනූවකට වැඩි ප‍්‍රමාණයක් ලක්දිව තිබී ඇති අතර දඬු මොනරය යනු රාවණාරජු විසින් කුවේර රජුගෙන් පැහැරගන්නා ලද රාජකීය යානයයි. රාවණ උස්මහත් වී කුවේරට පහර දී සීගිරියත්, කුවේර සතුව පැවති රජකමත් උදුරා ගත්තේය. රාවණ මුලින්ම කුවේර හමුවී මේ රට තමන්ගේ පරම්පරාවට අයිති බව පවසා ලබා ගන්නට උත්සාහ කළේය. එය නොලැබී ගියෙන් කුවේර හා සටන් කර රාවණ රජකම ලබා ගත්තේය. ඒ සඳහා යක්ෂ ගෝත‍්‍රික හමුදාවක් රාවණට උදවු විණ.

මේ කාලය වන විට ලංකාවේ යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ වශයෙන් ගෝත‍්‍ර හතරක් විසූහ. ඒ අය මනුෂ්‍ය කොට්ඨාසයි (උදා. හැටියට අද ගොවිගම, කරාව, රජක වශයෙන් සලකන කුල මෙන් එදා සමාජ සංස්ථාවේ පැවති වර්ගීකරණයකි)


රාම - රාවණ සටන.


ලක්දිව රජකමට පත් රාවණ තම බලය පැතිර වූ කේන්ද්‍රස්ථානය සීගිරියයි. රාවණට මාළිගා කීපයක් තිබුණු බව කියැවේ. නුවරඑළිය, පිදුරුතලාගල කන්ද, මාවනැල්ල, වැඩිහිටි කන්ද, ඊට උදාහරණ වේ. ඔහුට භූගත රජ මාළිගාවක්ද තිබී ඇත. රාවණ රජු විශ‍්‍රාවස් මුනිටත් වඩා ප‍්‍රබල පාලකයෙකු විය. එසේම උගතෙකු විය රාවණ රජු තම වහල් සේවයට  එරිති‍්‍රයාව, දකුණු අප‍්‍රිකාව, සුඩානය රටවලින් පිරිස ගෙන්වා දකුණු ඉන්දියාවේ පදිංචි කරවීය. රාවණගේ ඒ කුලී හමුදාව අද දකුණු ඉන්දීය දෙමළ ජනයා බව ආචාර්ය මිරැුන්ඩෝ කියයි. මේ අනුව ඔහු ඉන්දියාව පවා සිය පාලනය යටතට ගත් බල සම්පන්න රජෙකි.
ආචාර්ය මිරැුන්ඩෝ පවසන පරිදි රාවණ යළි නැගිට්ටා නම්, එය සිදුවූයේ කෙසේද? මම විමසුවෙමි.

රාමxරාවණ යුද්ධයේදී රාම විසින් රාවණට විෂ පෙවූ ඊතලයකින් විදින ලද්දේය. එය රාම විද්දේ රාවණ රජුව මරා දැමීම සඳහාය. නමුත් එම ඊ පහරින් රාවණ මිය ගියේ නැත. රාවණ රජු සිහි මුර්ජාවට පත්විය. ලෝකයේ වැඩිම කාලයක් සිහි මුර්ජාවේ සිටි පුද්ගලයා රාවණය. රාවණ සිහි සුන්ව වැටී සිටියේ නුවර එළිය හරස් බැද්දේ උඩහ මහකුඩුගල කන්දේ පොළොව යට උමං මාළිගාවකය. සිහි මූර්ජාවී සිටි රාවණ රජුට වාර්ෂිකව ඇතැම්හු ගොස් මල් මාලා සහ ලූණු පූජා තැබුහ. එසේ පුද පුජා කළ අයට රාවණ රජුගේ ආශිර්වාදයෙන් වටිනා මැණික් ගලක් හිමිවේ. එම මැණික ලැබී මාස තුනක් ඇවෑමෙන් වාසනාවන්තයා මරණයට පත්වේ. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ දෙයකි. මේ රහස් අදාළ ප‍්‍රදේශවල පර්යේෂණ කිරීමෙන් හඳුනා ගත හැකිය.

මැණික ලැබෙන වාසනාවන්තයා ඉබේ මරණයට පත් වීමක් නොව ඔහු කිසියම් බලවේගයකින් මරණයට පත්වෙයි. හේතුව මැණික ලැබීමට හේතු වූ රහස හෙළි වීම වළකනු පිණිසය. රාවණ රජු සිහිමුර්ජාවෙන් නැගිට්ටේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නිමා වීමට ආසන්න කාලයේය. ඒ දිනවල රටේ එක දිගට මැණික්, රත්රන්, වස්තුව මහ පොළොවෙන් මතු වන්නට විය. මේ රාවණගේ යළි නැගිටීමේ ප‍්‍රතිඵලයයි.

රාවණ රජු දැන් දෙවිකෙනෙක් හා සමවේ. රාවණ මේ වන විටත් ලොව පුරා සැරිසරයි රාවණ රජු වෙස් වලා සැම තැන ඇවිදියි.

ගොවියකු ලෙස, සාමාන්‍ය මිනිසකු ලෙස, මේ කවර ආකාරයට හෝ සමාජයේ පෙනී සිටියි. එකම වෙනස රාවණ රජු පොළොවට අඟල් කීපයක් උඩින් ඉහත වෙස් වළා ගැනීමෙන් ඇවිද යාමයි. රාවණගේ ඇස් ඉතා දීප්තිමත්ය.

ආජන්ටිනා ජාතිකයකුගේ ශරීර ලක්ෂණයන්ට සමානවේ. ලෝකයේ රට රටවල මුස්ලිම් ජනතාව එකිනෙකා කාකොටා ගැණීමේ ප‍්‍රධානම හේතුව රාවණගේ ශාපයයි. රාවණ රජු අවි ආයුධ ගත්තවුන්ට ශාප කරයි. සාධාරණයට සහය දෙයි. එබැවින් මේ යුගය අයුක්තිය, යුක්තිය පසිඳලන රාවණගේ යුගයයි.


2014 ජූලි මස 23 16:53:40 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/252016

Saturday, June 7, 2014

ගල් අඟුරු වාෂ්ප දුම්රිය බණ්ඩාරවෙල දක්වා යළි ධාවනයට






මෙරටට පැමිණෙන විදේශිකයන් අතරින් වැඩි පිරිසක් ගල් අඟුරු වාෂ්ප දුම්රියෙන් ගමන් කිරීමට දැඩි කැමැත්තක් දැක්වීම නිසා අද(07) එම දුම්රියක් යළිත් කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ධාවනයට එක් කර තිබුණි. නවීනතම දුම්රිය වල දුම්රිය රියදුරන්ට එන්ජිම තුළ පහසුකම් ගණනාවක් සලසා තිබුණත් ගල් අඟුරු වාෂ්ප දුම්රිය තුළ සිටින දුම්රිය රියදුරන් දෙදෙනාට සහ සහයකයන් දෙදෙනාට එම දුම්රිය තුළ කිසිදු පහසුකමක් නොතිබෙන අතර, ඔවුන්ට සිදුවන්නේ දුම්රිය වාෂ්ප අඩුවන සෑම අවස්ථාවකම ගල් අඟුරු පෝරණය තුළට දැමීමයි. හැටන් දුම්රිය ස්ථානයේ අද දහවල් නතර කර තිබූ මෙම ගල් අඟුරු දුම්රිය දැකබලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියේය. මේ එම අවස්ථාවයි. 

ඡායා රූ - රංජිත් රාජපක්ෂ - අද දෙරණ


කිරිවෙහෙර පාමුලදී නිවී සුවපත් වීමු

කතරගම කිරි වෙහෙර ළඟ හරි අනුරාධපුරේ රුවන්මැලිසෑය ළඟ හරි මහ රෑ වෙනකම් එක දවසක් හරි ඔබ ඉඳලා තියෙනවද? ජීවිතේ සියලු දුක්ඛ දෝමනස්සයන් එක මොහොතකින් අමතක වෙලා යන තැන් දෙකක් තමයි ඒ. හැබැයි මහා සෙනඟක් නොගැවසෙන නිස්කලංක රාත්‍රියක මේ තැන් දෙකට එන්න ඕන.

මීට පෙරත් නිස්කලංක රාත්‍රීන් කිහිපයක්ම මම මේ තැන් දෙකේදි ගත කරලා තියෙනවා. මැණික් ගඟෙන් එගොඩ වෙලා කතරගම පුද බිමට යනකොට හිතට එන්නෙ වෙනස්ම හැඟීමක්. වීදි කෙළවර එක පෙළට තියෙන දේවාලවලින් එන පූජා හඬ හිතේ ඇති කරන්නෙ පහන් හැඟීමක්.

වීදි දිගේ ඇවිදගෙන ගිහින් කතරගම දේවාල භූමියත් පහුකරලා කිරි වෙහෙරට යන වැලි පාරට ආවහම ඇස් මානයට එක පාරටම එන්නෙ සුදෝ සුදු පැහැයෙන් බබළන කිරි වෙහෙරේ කොත් වහන්සේ. කිරි වෙහෙර ළං නොකොට පාර දෙපැත්තෙ ඉන්න මල් විකුණන අයගේ කෑගැහිල්ල කන්කරච්චලයක් කියලා හිතුණත් එතැන පහු කරලා කිරි වෙහෙරේ සුදු වැලි මළුවට පා තියනකොට “නිදහස” ජීවිතේට ඇතුළු වෙනවා.

වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති රාත්‍රියක් නම් එහෙම දැනෙන නිදහස වචනයෙන් විස්තර කරන්න බෑ. මල් සුවඳත් එක්ක කිරි වෙහෙර වටා ඇවිදගෙන ගිහින් පැත්තක වාඩි වුණහම හිත සමනල තටුවක් වගේ සැහැල්ලු වෙනවා. එතකොට හිත එක් තැන් කරගන්න භාවනා කරන්නම ඕන නෑ. හිත එක්තැන් වෙන්නෙ නිරායාසයෙන්.

මෙය කියවන ඔබ හැම අවුරුද්දකම වගේ කතරගම වඳින්න එනවා ඇති. එතකොට කිරි වෙහෙරටත් එනවා ඇති. ඒත් මම කියපු අත්දැකීම ඔබ එක පාරක් හරි විඳලා තියෙනවද? එහෙම නැත්නම් ජීවිතේ එක පාරක් හරි එය විඳින්න. හැමදේකින්ම නිදහස් වුණ හිත කොච්චර ලස්සනද කියලා එතකොට ඔබට වැටහේවි.

හසිත - මව්බිම 
http://mawbima.lk/40-47780-news-detail.html

බදුලු කෝච්චියෙන් හපුතලේට

ඇවිදින එකයි ඒවා ගැන ලියන එකයි ජීවිතේ හොඳම දෙකද කියලා හිතෙනවා. අනෙක් එක තමයි අතීත ස්මරණය. මේ තුනම එකතු වුණු ගමනක් මේක.


හරියටම මීට අවුරුදු 40කට විතර ඉස්සර වයස 13 - 14 පුංචි කොලුව කාලේ තාත්තත් එක්ක කෝච්චියේ බදුල්ලෙ ගියා. සාමාන්‍ය රජයේ සේවකයෙක් වුණු තාත්තගේ වුවමනාවකට යන ගමනකට මාවත් අරන් ගියා. බදුල්ලේ ඉස්කෝලෙක තමයි රෑ නිදාගත්තෙ. එදාට වඩා හැම දෙයක්ම අද හරි වෙනස්. මගේ ජීවිතය වියපත් වුණත් බදුල්ල නම් තරුණ වෙලා. ඒත් ඒ අතීතයට හිත දිව්වා.
මෙදා පාර බණ්ඩාරවෙල ගමනෙදි වාහනේ පැත්තක දාලා බදුල්ලේ ඉඳන් හපුතලේට කෝච්චියේ එන්න අපි කතා වුණා. ඇත්තටම ඒක අපූරු ගමනක්.

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාන්තය බදුල්ල. සුන්දරම දුම්රිය ගමනක්. ඒත් අපි ආවේ බදුල්ල ඉඳන් හපුතලේට විතරයි. ස්ටේෂන් 11යි.
බදුල්ල - හාලිඇළ - උඩුවර... ඊට පස්සෙ දෙමෝදර. කෝච්චි පාර කපාගෙන ආපු සුද්දා ඇන ගත්ත තැන. අපේ මිනිහෙක් තමයි ජටාව පෙන්නලා ඒ විදියට හදපන් කියලා පෙන්නලා තියෙන්නෙ. ඒක තමයි ජන කතාව.

ඊගාවට ඇල්ල - කිතලැල්ල - හීල්ඔය - කීනගම. ඇල්ලෙ ආරුක්කු 9දී හැරිලා බලන කොට තමයි පස්සෙම කෝච්චි පෙට්ටිය පේන්නෙ.
දෙපැත්ත ගිරි ශිඛරවලින් පෙරී එන දිය දහරා නොනවතින තේවතු යාය... කෝච්චි පාර දෙපැත්තෙ හෙල්මැලි වී කුඹුරු, එළවළු, අල වතු, වාස්තු විද්‍යාවේ ඓතිහාසික වටිනාකම කියන විස්මයජනක පාලම් වෙනසක් නැතිව ගලන බදුලු ඔය.
කිනිගමට පස්සෙ තව ස්ටේෂන් 3යි. බණ්ඩාර-වෙල, දියතලාව, හපුතලේ, කොළඹ දුවන කෝචිචියට අපි හපුතලේදී සමුදුන්නා. රියැදුරු චානක මල්ලි බදුල්ලේ ඉඳන් හපුතලේ ඇවිත් නින්දකුත් දාගෙන ඉන්නවා.

තිස්ස - මව්බිම

දිය ඇලි දෙක මැදින් රාවණා ගුහාවත් බලාගෙන

රාම රාවණා ඓතිහාසික වීර කාව්‍යය පිළිබඳ රහස් සෙවීම ලෝකය පවතින තුරුම සිදුවෙනු ඇත. මන්ද යත් එය ඒ තරම්ම නිර්මාණශීලීයි. ඒ වගේම ගුප්තයි. රාවණා රජු පිළිබඳ ඓතිහාසික වීර කතාවට සම්බන්ධ සිදුවීම් රැසකට අදාළ සුන්දර ස්ථාන රැසක් ඇල්ල අවට ප්‍රදේශයේ පිහිටලා තියෙනවා.



ඒ අතරින් ඉතා වැදගත්ම ස්ථාන දෙකක් වශයෙන් රාවණා ඇල්ල සහ රාවණා ගුහාව හඳුන්වන්න පුළුවන්. කිරිඳි ඔයේ ජල පෝෂකය ලෙස පවතින අක්කර 4,774 ක ප්‍රදේශය තුළ තියෙන රාවණා අභය භූමි ප්‍රදේශය තුළ රාවණා ඇල්ල නමින් දිය ඇලි දෙකක් තියෙනවා. එක් දිය ඇල්ලක් වන්නේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 6කට නුදුරින් පිහිටලා තියෙන සංචාරක ආකර්ෂණය දිනූ හොඳින් හැදුණු වැඩුණු සුන්දර යුවතියකට සමාන කා අතරත් ජනප්‍රිය රාවණා ඇල්ල. මීටර් 23ක් පමණ උස මෙය ප්‍රධාන පාර අයිනේ පිහිටලා තියෙන සුන්දර දිය ඇල්ලක්. නමුත් එවැනිම තවත් සුන්දර දිය ඇල්ලක් රාවණා අභය භූමිය ඔස්සේ තව දුරටත් ඇතුළට ගියාම මුණගැසෙනවා. එම දිය ඇල්ල එම ප්‍රදේශයේ රාවණා ඇල්ල කියලා ප්‍රසිද්ධව තිබුණද බොහෝ දෙනෙක් රාවණා ඇල්ල කියල පිළිගන්නේ ප්‍රධාන මාර්ගය අසල පිහිටලා තියෙන දිය ඇල්ලයි. නමුත් ඇල්ල ප්‍රදේශයේ ජනතාව පවසන්නේ සැබෑ රාවණා ඇල්ල වන්නේ ප්‍රධාන මාර්ගය අසල තියෙන දිය ඇල්ල නොව රාවණා ඇල්ල අභය භූමියේ ඇතුළට ගියාම හමුවෙන අප්‍රසිද්ධ දිය ඇල්ල බවයි. එම අප්‍රසිද්ධ රාවණා ඇල්ල ඩ්ඥචමඥද'ඵ ඡ්ඤඨඥ හෝටලයේ පිහිනුම් තටාකය අසල සිට නරඹද්දි මනාව දිස්වෙනවා. එම අප්‍රසිද්ධ රාවණා ඇල්ල රාවණා ගුහාවට ඉතා සමීපයෙන් පිහිටලා තියෙන නිසා රාවණා රජු එම දිය ඇල්ල භාවිත කරන්න ඇති කියලා ඇල්ල ප්‍රදේශයේ ඉතිහාසය ගැන දන්න කියන පැරැන්නන් කිහිප දෙනෙක්ම අපට කිව්වා. නමුත් එම ප්‍රකට කට කතාව තහවුරු කරන ඓතිහාසික සාක්ෂි ලැබී තිබෙනවාද යන්න සොයා බැලිය යුතුයි. කෙසේ වෙතත් මෙම දිය ඇලි දෙකම ඇල්ල ප්‍රදේශයට එක් කරන්නේ පුදුමාකාර සුන්දරත්වයක් සහ අභිමානයක්. ඒ වගේම රාවණා රජුගේ ඓතිහාසික වීර කාව්‍යයට සම්බන්ධ නිවැරැදි දිය ඇල්ල කුමක්ද කියලා හොයලා බලන්නත් කාලය ඇවිත් තියෙන්නෙ කියල ඒ වෙලාවේ අපිට හිතුණා.

රාවණා දිය ඇලි දෙකටම මැදින් වගේ පිහිටලා තියෙන තේජවන්ත මෙන්ම ගුප්ත ස්වභාවයක් තියෙන රාවණා ගුහාව වෙත ගමන් කිරීම තවත් සුන්දර අත්දැකීමක් වුණා. හාත්පස දර්ශනය මනාව රසවිඳිමින් සුන්දර කඳු ගැටයක් තරණය කිරීමෙන් අනතුරුව රාවණා ගුහාව සංචාරකයන්ට මුණ ගැසෙනවා. රාවණා ගුහාව දක්වාම පඩිපෙළවල් සකස් කරලා තියෙන නිසා ඒ වෙත ගමන් කිරීම එතරම්ම අපහසු දෙයක් නෙවෙයි. 'ඇවිද්ද පය දහස් වටී' කියල මහන්සියක් නැතිව ඇවිදින්න කැමැති විදේශ සංචාරකයන් රැසක්ම අපේ ගමන අතරතුරදී හමුවුණා. ලාංකිකයන්ගේ අනන්‍යතාව ඔවුන්ගේ සදා මතකයේ රඳවන්න අපි ඔවුන්ට සිනාසුණා. රාවණා රජු රාමාගෙන් පළිගැනීමට සීතා දේවිය පැහැරගෙන ඇවිත් සැඟවූවේ රාවණා ගුහාවේ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රාමා සහ ඔහුගේ සොහොයුරු ලක්ෂ්මන්, රාවණා රජුගේ නැඟණිය වන සුපර්නිකා දේවියගේ නහය කැපීම නිසා ඇති වන කෝපයට පළිගැනීමක් වශයෙන් තමයි රාමාගේ බිරිය වන සීතා දේවිය පැහැර ගෙන එන්න රාවණා රජු තීරණය කරන්නේ. රාම - රාවණා කතාව ඓතිහාසික වීර කතාවක් පමණක් නොව ඉපැරැණි ඉතිහාසය හෙළි කරන පැහැදිලි සිතුවමක්ද වෙනවා. එසේම මෙම කතාව ඉතා රසවත්ව වෙන්නේ මෙහි ප්‍රමුඛ දුෂ්ටයා සහ වීරයා කවුද කියලා හරියටම තේරුම් ගන්න නොහැකිවීම. මන්ද යත් ඉන්දියානුවන් රාම රජු වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලාංකිකයන් රාවණා රජු වීරයා ලෙස සලකනවා. සැබැවින්ම රාවණා ගුහාව ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් සේම සෑම ශ්‍රී ලාංකිකයෙක්ම නැරැඹිය යුතු ස්ථානයක් ද වෙනවා. ඇල්ල නගරයට ඉතාම නුදුරෙන් තියෙන නිසා සංචාරයේදී රාවණා ගුහාව අමතක කරන්න එපා.

කැලුම් - මව්බිම
http://mawbima.lk/40-53161-news-detail.html

ආරුක්කු නවයේ පාලමට පයින් ගිහින්

ඇල්ල දුම්රිය ස්ථානයත් දෙමෝදර දුම්රිය ස්ථානයත් අතර ඇති ආරුක්කු නවයේ පාලම මා මීට පෙර දැක තිබුණේ දුම්රියෙන් යන එන විට පමණි. එහෙත් මෙවර අපගේ අලිමංකඩ සංචාරයේදී එය නැරැඹීමට යෑමට අප තීරණය කළේ ආරුක්කු නවයේ පාලම සිංහලයකුගේ විශ්වකර්ම නිර්මාණයක් නිසාය. ඇල්ලට පැමිණෙන බොහෝ විදේශිකයන් මේ ආරුක්කු නවයේ පාලම බලන්න එන්නේ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගයේ ඔස්සේ පා ගමනින්ය. පයින් යන්න අකැමැති අයට කාර් එකකින් හෝ වෑන් එකකින් ආරුක්කු නවය පාලම ආසන්නයටම පැමිණිය හැකිය.



මාර්ගය මඳක් අබලන් වුවත් රථය ධාවනය එතරම්ම අපහසු නැත. පාලමට මීටර් 200ක් පමණ නුදුරින් රථය නැවැත්වූ අපි පාගමනින් පාලම දෙසට ගියෙමු. පාලම සමීපයේම බිං ගෙයක් දක්නට ඇත. බිංගෙයක් තුළින් පාගමනින් මා ගිය පළමු අවස්ථාව එය විය. බිංගෙය ඇතුළතදී අප පවසන දෑ දෝංකාර දෙමින් නැවත නැවත ඇසීම අමුතුම අත්දැකීමකි. බිංගෙවල් තුළින් දුම්රිය යද්දී හූ කියන පුද්ගලයන් දෙස එතෙක් කල් අප්‍රසාදයෙන් බැලූ මා දැන් අප්‍රසාදය දුරු කරගත්තේ එහි ඇති ආස්වාදය මවිසින්ම අත්විඳිනු ලැබීමෙන් අනතුරුවය.

මේ අරුම පුදුම පාලම තනිකරම ගල්වලින් ඉදිකර ඇති අතර එහි උස අඩි 80කි. පාලමේ පළල අඩි 25කි. පාලමේ දිග අඩි 300කි. කඳු දෙකක් යා කරමින් ඉදිකර ඇති මේ ආරුක්කු නවයේ පාලම බලන්න ඔබ පැමිණිය යුත්තේ ඒ මතින් දුම්රියක් යන වේලාව හරියටම දැන ගැනීමෙන් පසුවය. ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබට ඒ වේලාව දැනගත හැකිය. අපගේ වාසනාවට අප ආරුක්කු නවයේ පාලම නරඹන්න ගිය අවස්ථාවේ දුම්රියක් ඒ මතින් ගමන් කරන සුන්දර දසුනද දැකබලා ගන්න හැකිවිය. ඔබ හෙවන්ස් එජ් හෝටලයේ නවාතැන් ගත්විට මේ සුන්දර තැන් හැම එකකටම යන ආකාරය ඔබට එහි කාර්ය මණ්ඩලයෙන් දැනගත හැකිවනු ඇත. ඒ නිසා හෙවන්ස් එජ්හි සුන්දරත්වයද අත්විඳිමින් තවත් ලස්සන තැන් රැසක සංචාරය කරන්න නොවැරැදීම ඔබත් ඇල්ලට එන්න.

සඳුන් - මව්බිම
http://mawbima.lk/40-53156-news-detail.html

Friday, May 30, 2014

චෙනිත දුල්වන් පුතුට ඔබේ උදව් අවශ්‍යයි - Attention Please

දයාබර ඔබ සැම වෙත,

වයස අවුරුදු 3ක් පිරුණු චෙනිත දුල්වන් මේ පුංචි පුතා ඉපදුණු මොහොතේ සිට වැඩීමේ දුර්වලතාවයකින් පෙලේ. ඔහුගේ වයසට සරිලන බරින් යුක්ත නොවීම නිසා කොළඹ රිජ්වේ ආර්්‍යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නවෝදා අතපත්තු වෛද්‍යතුමියගෙන් මේ වන විටත් ප්‍රතිකාර ලබාමින් සිටී. එමෙන්ම ඔහුට ශෛල්‍යකර්මයක් කිරීමටද වෛද්‍යවරුන් නිර්දේශ කොට ඇත. ඔහුගේ සෞඛ්‍ය තත්වය යතා තත්වයට පත් කරගැනීමට ඔහුගේ දෙමාපියන්ට පිහිටක් වන්නට ඔබටත් හැකි නම් එය ඔබ කරගන්නාවූ මහගු පුණ්‍යකර්මයකි.

නො.278, මහවැලි නිවාස, මහවැලි කඳවුර, දෙහිඅත්තකණ්ඩිය.
දුරකථන අංකය - 0788858262, අසංක ඉදුනිල්
8160058933 කොමර්ෂල් බැංකුව, බදුල්ල - එච් එම් ඒ ඉදුනිල්


Dear All,

Chenitha Dulwan Son needs your help for his medicine. He is slowly growing and he is not completed his weight for his age. He is having physically difficulties to maintain his body control. He is treating by Dr. Nawoda Athapaththu, Lady Richway, Colombo. He needs to face for a surgery also. Please help him, His parents needs your attention.

No. 278 Mahaweli Quarters, Mahaweli Camp Dehiaththakandiya.
0788858262 - Asanka Indunil
8160058933 Commercial Bank, Badulla - H M A Indunil












Tuesday, May 20, 2014

Surathalee Waterfall Haldummulla - සුරතලී දියඅැල්ල හල්දුම්මුල්ල.

සුරතලී දියඅැල්ල හල්දුම්මුල්ල, බදුල්ල කොළඹ මහා මාර්ගයේ කිලෝමීටර් 169 කණුව අසල  පිහිටා ඇති පාලමට නොදුරින් පිහිටා ඇත. ඇල්ලේ නාමපුවරුව ලීයෙන් සදා ඇති අතර එහි උස මීටර 60ක් පමණ වන බව සදහන් කර ඇත. එහි මූලාරම්භය හල්පේ නගරයෙන් බව සදහන් වී ඇත.










Search This Blog