Saturday, February 9, 2013

විශ්ව කර්ම ගුරු උතුමා හෙවත් ආර්. එම්. දයානන්ද රත්නායක විදුහල්පතිතුමා


බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් උඩුවර 7 කනුව ප්‍රදේශයේ වලස්බැද්ද නම් ග්‍රාමයෙහි පිහිටි ඉතා දුශ්කර අඩු පහසුකම් සහිත පාසලක් විය. 1958 වසරෙහි ආර්ම්භ කල උඩුවර සිට කිලෝමීටර් 15 පමන ඉහතින් පිහිටි කදුගැටයක් මුදුනේ පිහිටි මෙම පාසල වසා දැමීම කෙරෙහි බලධාරීන් යොමුවූයේ 1997 වසරෙදීය. වසා දැමීමට ආසන්න මෙම පාසලට ආර්. එම්. දයානන්ද රත්නායක නම් විදුහල්පති තුමා ව පත්කර යවන්නේ කලාප අධ්‍යාපන නිලධාරීන් විසින් එම වසරෙදීමයි. මුල් කාලයේ සෑම දිනකම කිලෝමීටර ගණනක් පයින් ගම්න් කර පාසලට ගිය මෙම විදුහල්පති තුමා පාසල ගොඩගන්නට තම ශක්තිය ජවය කැප කරන්න සූදානම් වුනා. මුල්කාලයේ ගම් වැසියන් විසින් අල්ලාගන තිබූ පාසල් ඉඩම අභියෝග මධ්‍ය යේ ඉන් මුදාගන ගම පුරා ඇවිදිමින් ලමුන් 46 ක් පමණ සොයාගන ලී ඉරන තැන් වලින් ඩෙස් පුටු සකස් කරගන පාසල ගොඩනැංවීමේ කාර්යයට උර දුන් මෙම විදුහල්පතිතුමා පාසලේ පානීය ජල ප්‍රශ්නයට විසදුමක් ලෙස පහත් ස්ථානයකින් කිසිදු තාක්ෂනික උපකරනයක් යොදා නොගනිම්න් ඉහලින් පිහිටි පාසලට වතුර ලබාගැනීමේ නව ක්‍රමයක්ද යොදාගත්තා. මෙම ක්‍රමය සීගිරියේ අතීතයේ යොදාගත් ක්‍රමයට සමාන බවත් මෙය දැක විදේශිකයන් පවා මවිත වූ බවත් ඔහු සදහන් කර තිබුනා.
කෙසේවුවත් විදුහල්පති ආර්. එම්. දයානන්ද රත්නායක මහතාගේ අප්‍රතිහස්ථ ධෛර්ය නිසා වසා දමන්නට තිබූ මෙම පාසල ශ්‍රී ලංකාවේ හොදම පාසලක් බවට පත් කරන්නත් එස් 5 සංකල්පය වෙනුවෙන් 2008 වසරේ ඌව පළාතේ හොදම ඵලදායිතාවය වෙනුවෙන් සම්මාන ලබන්නත් හැකි වුනා. එස් 5 සංකල්පය, පුරාණ ජල තාක්ෂනය, සූර්යු පැනල නිර්මානය වැනි ක්‍රමවේදයන් හදුන්වා දුන් මෙම විදුහල්පති තුමා නිසා අදවනවිට මෙම පාසල ඉතා ඉහල ප්‍රතිඵල පෙන්වන පාසලක් වී හමාරය. 

මෙම පාසල ගැන ජාතික රූපවාහිනියෙන් සකස් කල බැද්දේ ගුරුතරුව නම් කාලීන වැඩසටහන සුමති සම්මාන උලෙලේ සම්මානයටද පාත්‍ර විය.

අද වනවිට විවිධ පාසල් වල සිසුන් විශාල වශයෙන් මෙම පාසල නැරඹීම සදහා පැමිනේ. ආර්. එම්. දයානන්ද රත්නායක වැනි උතුම් මිනිසුන් මෙම සිරිලක් තලයට තව තවත් ඇවැසිය.


ඡායාරූප සහ සටහන සංජීව බණ්ඩාර
තවත් විස්තර - 


No comments:

Search This Blog