Source : - YouTube.Com - SLRCUPLODE
Uva Prvoince,Sri Lanka created in 1896. It consists of two districts: Badulla and Monaragala. The provincial capital is Badulla. ඌව පළාත පළාතක් ලෙස නම් කරන ලද්දේ 1896 දීය. එය බදුල්ල හා මොණරාගල ලෙස දිස්ත්රික්ක දෙකකින් සමන්විත වේ. පළාතේ අඟනගරය ලෙස බදුල්ල හදුන්වයි. Blog by : Pulasthi Wanniarachchi
Saturday, November 17, 2012
බදුල්ල - කැටවත්ත බස් රථයේ ගමනක්... Badulla Ketawatta Bus Journey
Source : - YouTube.Com - SLRCUPLODE
Friday, November 16, 2012
A fitting accessory for Udarata Menike - උඩරට මැණිකේ Modify වී ලස්සන වේ.
කොලඹ - බදුල්ල අතර ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය නව පෙනුමකින් මගීන් වෙත පැමින ඇත. සම්පූර්K නවීකරනයක් හා අලුත් වැඩියාවකින් පසුව ඉතා අලංකාර පෙනුමකින් එය දිස්වන අතර මේ එහි OFV කොටසයි. මෙහි ආසන කුශන් කිරීම Custom Car Tailors ආයතනය මගින් සිදුකර ඇත.
A new observation compartment was added to the Udarata Menike train.
The most significant aspect of this observation compartment is that it has been made locally by workers of the repair unit at the Railway Yard in Maligawatte.
The workers at the Maligawatte Repair Unit have built this compartment at a cost of Rs.650,000.
The new compartment was added to the Udara Menike train at 9.45 Wednesday morning.
The compartment which can accommodate forty four passengers, commenced its maiden journey
to Badulla from Colombo Fort, under the auspices of the General Manager of the Fort Railway Station, M.L. Chandasoma.
Wednesday, November 14, 2012
ලංකාව හරහා යන අපූරු ගමන
වසර හතලිස් පහක් පුරා දිනපතාම ලංගම බස් රථයක් ගමන් කරන මාර්ගයක් මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්තරා ආකාරයක පුදුමයක් වනු ඇති.
එහෙත් මෙය සත්යයකි. ඇස් පනා පිට අද ද සිදුවන්නකි. අපේ රටේ එක් කෙළවරක ඈත මූදුකරේ සිට අනෙක් කෙළවරේ ඈත බදුල්ල දිස්ත්රික්කයේ හද්දා පිටිසර ගම්මානයක් කරා දිවෙන ලංගමයට අයත් මේ රථය නම් පානදුරයේ සිට බදුල්ල හරහා කැටවත්තට යන බස් රථයයි.
බැලූ බැල්මට මෙය සාමාන්ය දුර ගමන් සේවාවක් ලෙස පෙනුනත් මෙම බස් රථයත් එම ගමන් වාරයත් තුළ එය සැඟව ඇති අපූරු කථාන්තරයක සුලමුල සොයා කැටවත්තට ගියෙමි.
සුන්දර බදුල්ල නගරයෙන් ආරම්භ වී කථා නායකයෙකු සේ දඟර ගැසෙමින් දිවෙන දුන්හිඳ හරහා මහියංගන මාර්ගයේ සැතපුම් 20 ක් ගෙවූ පසු "මීගහකිවුල" නගරය හමුවේ. මීගහකිවුල හන්දියෙන් හැරී යන කුඩා පටු තාර දැමූ මාර්ගයේ තවත් සැතැපුම් නවයක් දුර ගිය තැන කැටවත්ත නම් වූ පුංචි ගම්මානය මුණගැසේ.
අප්පුහාමි ගම්පති තැන කැටවත්ත ගමේම ඉපදී හැදී වැඩුණු අයෙකි. ගමේ වැදගත් පරම්පරාවකින් පැවත ආ ඔහු එකල කැටවත්ත ගමට තිබූ එකම සිල්ලර කඩයේ හිමිකරු ද විය. වසර ගණනාවක් තිස්සේම ගම්මුන්ට නායකත්වය දෙමින් කටයුතු කළ අප්පුහාමි මූලාදෑනි තැන හිත හොඳ එඩිතර ජවසම්පන්න නායකයකු විය. ගමනා ගමන පහසුකම් අල්ප වූ එකල මගී ප්රවාහන කටයුතු සිදුකෙරුණේ ප්රධාන මාර්ගවල පමණකි. මීගහකිවුල සිට කැටවත්ත දක්වා දිවෙන මාර්ගය ගුරු පාරක් වූ ඒ අවධියේ එයද සෝදාපාළුවට ලක්වී දැඩි ලෙස අබලන්ව පවතින විට පිළිසකර කිරීමට පෙරමුණ ගත්තේද අප්පුහාමි මුලාදෑනි තැනය.
ඒ 1963 වසරයි. ගමට මගී ප්රවාහන සේවයක් ලබා ගැනීමට මූලාදෑනි තැනට මෙන්ම ගම්මුන්ටද දැඩිව අවශ්ය වී තිබිණ. කැටවත්තට ආසන්නම ලංගම ඩිපෝ වූයේ මහියංගනය හා බදුල්ලයි. මහියංගන ඩිපෝව උප එකක් වූ අතර එය සතුව තිබුණේ සීමිත බස් රථ ප්රමාණයකි. ගමට බස් රථයක් ලබා ගැනීමට ගම් ප්රදේශයෙන් පාර්ලිමේන්තුවට තෝරා යෑවූ දේශපාලන නියෝජිතයන් හමුවේ කන්නලව් කොට ප්රථමයෙන්ම ගම්පති තැන ගියේ මහියංගන ඩිපෝවටය.
"හාපෝ අලුතෙන් බස් දාන්න තරම් බස් අපිට නෑ. අනික ඔය පාර හොඳටම අබලන්" අප්පුහාමිගේ ඉල්ලීම ගණනකට නොගන මහියංගන ඩිපෝ බලධාරීන්ගේ පිළිතුර එසේ විය. මෙසේ කීප වතාවක්ම මහියංගන ඩිපෝවට ඉල්ලීම් කළත් එය ප්රතික්ෂේප වුවත් පසුබට වූයේ ගම්පති තැන නොවේ. බලධාරීන් වෙත ලියූ ලිපි කබා සාක්කුවේ රඳවාගෙන ඉන්පසු ගම්පති තැන බදුල්ල ඩිපෝවට කකුල් ගෙවෙනතුරු ඇවිද ගියේය. බදුල්ල ඩිපෝවේ බලධාරීන් මහියංගන ඩිපෝවේ නිලධාරීන් තරමටවත් මේ අහිංසක ගැමියන්ට සවන් දුන්නේ නැත." එය හද්දා පිටිසරට මොකද බස්" ඔවුන් එසේ පවසමින් ඔලොක්කුවට සිනාසුනහ..
"මේ වැඩේ හරියන්නෙ නෑ. මෙන්න මෙහෙ වරෙල්ලා බං යන්න" මෙසේ ගිය එක් දිනෙක ගම්පති තැන ඩිපෝ භූමියෙන් පිටවෙමින් තම සඟයනට පැවැසූයේ තරමක කේන්තියෙනි. කලකිරුණු සිතින් යුතුව එදා ගමන් කළ අප්පුහාමි මුලාදෑනි ඇතුළු ගම්වැසියන් කීප දෙනා නගරයේ ආපන ශාලාවට ඇතුළු වූයේ ගමන් වෙහෙස මඟහරවා ගැනීමට තේ කෝප්පයක් පානය කිරීමේ අදහසිනි. එවකට ඉතා ප්රසිද්ධ හෝටලයක් වූ මෙය බදුල්ල නගරයටම තිබූ විශාලතම එකද විය. රටේ පිට පළාත්වලින් බදුල්ල හරහා දිවෙන දුර ගමන් සේවා බස් රථ තේ පානයට නතර කළේ ද මෙම ආපන ශාලාව අසලය. ගම්පති තැන ඇතුළු පිරිස එහි පැමිණෙන විට පානදුර සිට මඩකලපුව බලා යන බස් රථයද තේ බීමට එහි නවතා තිබිණ. තේ පානය කරන අතර තුර මේසයේ කෙළවරේ පුටුවේ හිඳ තේ බොමින් සිටි අයකු සමඟ කථාවට වැටුණු අප්පුහාමි මුලාදෑනි තැන තමන්ට සිදුවූ අසාධාරණය ඔහු හා සමඟ පැවැසුවේ හිත සැහැල්ලු කර ගන්නට මෙනි. එහෙත් ඔහු නොදැනුවත්වම කථාවට වැටී තිබුණේ පානදුර, මඩකලපු බස් රථයේ රියෑදුරා සමඟය. ඒ වන විට පානදුර ලංගම ඩිපෝව ද ලංකාවේ සතර දිග්බාගය සිට දුර ගමන් සේවා ඇරැඹූ කාලයයි. මේ නිසාම මඳ වේලාවක් කල්පනා කළ රියෑදුරා ඒ ගම්පති තැන අමතමින් "ඔය ලියුම මට දෙන්න මම මේක අපේ ඩී. එස්. (ඩිපෝ කළමනාකාර) මහත්තයට දෙන්නම්." එදා එසේ බස් රථයක් ඉල්ලා ලියූ ලිපිය මඩකලපුව බස් රථයේ රියෑදුරාට දී ආපසු ගමට යන අතරතුර තම සගයන්ට එම සිද්ධිය පැවැසුවත් තම ගමට ආසන්න ඩිපෝවලින් නොදෙන බස් රථය ඈත මූදුකරේ පානදුරයෙන් නොලැබෙන බව ඔහු හො¹කාරවම දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුංචිම පුංචි බලාපොරොත්තුවක් ඔහු සිත තුළ නොතිබුණාම නොවේ. මේ නිසාම දින කීපයකට පසු ඔහු බදුල්ලට ගියේ ලිපියට සිදුවූ දේ දැන ගැනීමටය.
එහෙත් සුන්වූ බලාපොරොත්තු සහිතව ගම්මුලාදෑනි තැනට ආපසු ගමට ඒමට සිදුවූයේ එදා පැමිණි රියෑදුරා එදින නොපැමිණි හෙයිනි. දුර ගමන් සේවා බස් රථවල සේවය කරන රියෑදුරු, කොන්දොස්තර මහත්වරුන් දින 14 න් මාරුවන ක්රමයක් පවතින බවත් ඒ අනුව අප්පුහාමි මුලාදෑනි තැනගේ ඉල්ලීම බාරගත් රියෑදුරා නැවත පැමිණෙන්නේ සති දෙකකින් බවත් එදා බස් රථයේ රාජකාරී කළ රියෑදුරාගෙන් දැනගත් ගම්පති තැන හරියටම දින ගණන් බලා ඔහු මුණගැසීමට බදුලු ගියේය. "මම ඒ ලියුම ඩී. එස්. මහත්තයට දුන්න ගම්පති තැන හඳුනාගත් රියෑදුරා කීය.
මෙම සිදුවීමෙන් මාස තුනකට ආසන්න කාලයක් ගතවීමෙන් පසුව නමුනුකුල කඳු අග්ගිස්සෙන් මලහිරු කහපාට වී තිබූ එක් සවස් ජාමයක කැටවත්ත වල ගොඩැලි මතින් උඩ පනිමින් ගොර ගොර ගා ගෙන පැමිණ පරණ පහේ ජීප් රථයක් ගුරුපාර කෙළවර අප්පුහාමි ගම්පතිවරයාගේ වෙළෙඳසල අබියස නතර කෙරිණි. ඉන් බැසගත් කලිසම්කාර පුද්ගලයන් දෙදෙනකු වට පිට බලන්නට විය. ගමට අමුත්තන් වූ හෙයින් ගම්පති තැනද හෙමි හෙමින් එතැනට කිට්ටු කළේය. ඒ කාලයේ ගමට වාහනයක් පැමිණීම ගම්මුන්ට ඉතා බරපතල කාරණයක් විය. ඒ නිසාම දෝ ජීප් රිය අසලට රැස්වන පිරිසද ක්රමයෙන් වැඩිවන්නට විය. රැස්ව සිටි පිරිසට සිනාවකින් සංග්රහ කළ ජීප්a රථයෙන් පැමිණි එක් අයෙකු ගම්පති තැන දෙසට හැරී "අපි පානදුර ඩිපෝවෙන් ගමට බස් එකක් ඕන කියල ඉල්ලීමක් කරලා තිබුණ. පාර තොට බලාගෙන යන්නයි ආවේ" ගම්පති තැනගේ හිසේ එකවර මල් දහසක් පිපුනා සේ විය. අමුත්තන් දෙදෙනා පිළිගත් ඔහු ඔවුන් තම නිවෙසට කැඳවාගෙන ගොස් ආගන්තුක සත්කාර ඉටුකළේය. පැමිණ තිබුණේ පානදුර ඩිපෝවේ සේවය කළ ධාවන කළමනාකරුවෙකු සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ නිලධාරියෙකි. මගී ප්රවාහනය මුළුමනින්ම රජය සතුවූ ඒකාලයේ බස් ධාවනය කිරීම ඩිපෝවකට අවසර ලැබුණේ පූර්ණ පරීක්ෂාවකින් අනතුරුවයි. එදිනම ආපසු යැමට නොහැකි හෙයින් පානදුරයෙන් පැමිණි නිලධාරීන්ට ගම්පති තැන සිය නිවසේ නවාතැන් සපයමින් සියලු සත්කාර කළේ ඉතා කැමැත්තෙනි. රෑ මැදියම තෙක්ම ගම්මුන් හා කථාබහ කරමින් සිටි ඔවුන්ට බස් කථාවේ සියලු තතු ගම්පති තැන නොවලහා කීය. කැටවත්ත ගමේ වැඩියෙන් අද මෙන්ම එදාද ආගන්තුක සත්කාරයෙහි ලැදි සැබෑම ගැමියෝ වූහ. පසුදා උදේ නිලධාරීන් ආපසු යන විට කිතුල් හකුරු පැණි පට්ටා, කෙසෙල්, එළවළු ආදී තුටු පඬුරුවලින් ජීප් රිය පිරි තිබිණි. "හොඳයි අපි මේ ගැන ඉහළටම දන්වන්නම්" සමුගත් ඔවුන් ආපසු ගියහ.
තවත් තුන් මාසයක් ගත විය. නිලධාරීන් ගියා ගියාමය. හාවක් හූවක් නැත. ඉනික්බිති එක් දවසක එදා මෙන්ම හවස් ජාමයක ගුරු පාර දිගේ නලාව හඬවාගෙන පැමිණ කුඩා ප්රමාණයේ තනි දොරේ බස් රියක් ගම්මුලාදෑනි තැනගේ වෙළඳසල අසල නතර කෙරිණි. බදුල්ල හරහා කැටවත්තට යන්න නාම පුරුවේ සටහන් වී තිබූ අතර පානදුර ඩිපෝව යන්න ඉදිරිපස සහ පසුපස කෙළවර පින්තාරු කොට තිබිණි. තමා වෙළඳ සලෙන් එළියට පැමිණියා නොව පිටතට විසිවූවාක් මෙන් ගම්පතිතැනට දැනුණි. ගම්මු පැමිණ බස් රථය වටකොට ගත්හ. කොහෙන්දෝ සොයාගත් රතිඤ්ඤා කරල් කීපයක් චට පට හඬින් පිපිරී ගියේය. රියෑදුරු කොන්දොස්තර දෙපළ නිවසට කැඳවාගෙන ගිය අප්පුහාමි ගම්පති කෑම බීම පිළියෙල කොට දුන්නේය. ඔවුනට විවේක ගැනීමට එහිම කාමරයක් වෙන් කළේය. ගම්වැසියන් පිරිසක් වහ වහා බස් රථය සෝදා පිරිසිදු කළේය. එදා මුළු ගමටම මඟුල්ය. පසුදා අලුයම 6.15 ට බස් රථය ආපසු පිටත්වන විට එය පිරෙන්නට මගීන් සිටියහ. එදා හවස අනෙක් බස් රථය කැටවත්තට පැමිණියේය. එදා පටන් අද දක්වාම පානදුර කැටවත්ත බස් රථය නොකඩවාම ගිරි දුර්ග හරහා ගමනේ යෙදේ. මෙම බස් රථය නිසා අද වනවිට පානදුර හා කැටවත්ත අතර අපූරු සබැඳියාවක් ගොඩනැගී ඇත. එය එක්තරා ආකාරයක උප සංස්කෘතියක් ලෙසින් හැඳින්වුවහොත් අතිශයෝක්තියක් නොවේ. කළටවත්ත ගමේ ඉපදෙන එළවළු පළතුරු පැණි හකුරු පානදුරට රැගෙන එන ගම්මු පානදුර පොළේදී ඒවා මුදල් කරති. පානදුරේ අලුත්ම අලුත් මූදු මාළු තැඹිලි ආදිය කැටවත්තට යති. කැටවත්තේ තරුණයන් පානදුර නගරයේ ව්යාපාරවල නිරත වේ. පානදුර හොරණ පාරේ කුරුස හන්දියේ පළතුරු අලෙවිසලක් පවත්වාගෙන යන ඩී. එම්. ගාමිණී දිසානායක තරුණයා එවැන්නෙකි. කැටවත්තේ තරුණයන් පානදුරේ තරුණියන් හා අවාහ විවාහ වී සිටීම පානදුරයේ තරුණයන් කැටවත්තේ බින්න බැස හිඳිති. හොරණ, ඉංගිරිය, දෙහිවල, ප්රදේශවල පිහිටි ඇඟලුම් කම්හල්වල කැටවත්ත මීගහකිවුලේ තරුණියෝ ජුකී මසති. සිංහල අලුත් අවුරුදු සමයට මේ බස් රථයේ අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන්නේ නෑගම් යන්නටය.
පානදුරයෙන් දිනපතා හිමිදිරියේ ගමන් අරඹන කැටවත්ත බස් රථය බදුල්ලට ළඟාවන විට පස්වරු 2 පමණ වේ. එතැනදී බස් රථය මඳක් හිස් වුවත් එය විනාඩි ගණනකට පමණි හිමිදිරි පාන්දර කැටවත්තෙන් පිටත්වන බස් රථයෙන් බදුල්ලට පැමිණ තම අත්යවශ්ය කරුණු කාරණා ඉටුකර ගන්නා ගම්වැසියෝ පානදුරෙන් පැමිණෙන බසය එනතෙක් බලා හිඳිති. දවසේ කීයට හෝ පානදුර බස් රථය නොවරදවාම පැමිණෙන වග ඔවුහු දනිති. මේ සියලු දෙනාම රැගෙන පස්වරු 3 ට බදුල්ලෙන් පිටත්වන බසය මීගහකිවුල නගරයේ මඳ වේලාවක් නතරකොට තබන්නේ මහියංගනය පැත්තේ සිට කැටවත්තට යන මගීන් පැමිණෙන තුරුය. සවස 5.30 ට පමණ බසය ඉහින් කනින් මගීන් එල්ලාගෙන කැටවත්තට පැමිණේ. අප්පුහාමි ගම්මුලාදෑනි තැන අද ජීවතුන් අතර නැත. ඒ අඩුව අද පිරවෙන්නේ ඔහුගේ වැඩිමහලු පුත් ධනපාල මුදලාලිගෙනි. එදා මෙන්ම අදත් බස් රථය නතර කරන්නේ ගම්පති නිවස අසලය. රියෑදුරු, කොන්දොස්තර දෙපළට කෑම බීම නවාතැන් අදත් සැපයෙන්නේ ගම්පති නිවසෙනි. ගම්මු එකතුවී බස් රථය සෝදා පවිත්ර කිරීම අද ද එලෙසම සිදුවේ. කැටවත්ත අවට උල්පත, සූරියගොල්ල, මොරහැල, මලාබඩගොල්ල, දිවුල්ගහගෙදර, මීගොල්ල ආදී ගම්මානවල සිට එළවළු පළතුරු ආදිය බස් රථය අසලට අදත් රැගෙන එන්නේ ගොනුන් පිට තවලම්වලය. පානදුරයට, මීගහකිවුලට, බදුල්ලට මේවා රැගෙන යැමට එදා රාත්රියේම බස් රථය තුළ අසුරා තැබේ.
ගෙවී ගිය හතලිස් පස් වසර ඇතුළත අනූව දශකයේ දී බදුල්ල ඩිපෝවෙන් ද බස් රථයක් බදුල්ල සිට කැටවත්තට ධාවනය කරනු ලැබිණි. එදා තමන් ප්රතික්ෂේප කළ අයට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතූ කැටවත්ත ගැමියෝ බදුල්ල බස් රථය වර්ජනය කළහ. අදත් එය එසේමය. කොපමණ වේලා ගතවූවන් පානදුර බස් රථය නොවරදවාම පැමිණෙන බව දන්නා ඔවුහු එය එනතුරු රැඳී සිටිති. ආදායමක් නොමැති නිසා දින කිහිපයකින් බදුල්ල ඩිපෝවේ බස් රථය නවතා දමා ඇත. මේ වනවිට ලංකාවේ ඕනෑම අහුමුල්ලකට දිවෙන පුද්ගලික බස් රථ ඇතත් කැටවත්ත ගමට නැත.
පානදුර ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා මේ සම්බන්ධව අදහස් දක්වමින් පැවසුවේ කැටවත්ත බස් රථය දිනපතාම ධාවනය කරවීමට ඩිපේව මගින් පියවර ගන්නා බවකි. එදා අප්පුහාමි ගම්මුලාදෑනි තැනගේ කාලයේ දී මෙන්ම අදත් ගම්මු මේ බස් රථය රැක ගන්නේ තම දෑස් මෙනි. මේවායේ සේවය කරන රියෑදුරු කොන්දොස්තර මහත්වරුන් හා ගම්වැසියන් අතර අදත් පවතින්නේ සහෝදර බැඳීමකි. කොටින්ම පානදුර බස් රථය කැටවත්ත ගැමියන්ට තමන් බැලීමට දිනපතා පැමිණෙන නෑයෙකි. ඒ නෑකම දිවි හිමියෙන් සුරැකීමට කඳු, හෙල්a ගිරි ශිඛර තරණය කරමින් පානදුර බස් රථය හෙටද කැටවත්තට එනු ඇත.
සටහන ඡායාරූප තිලක් පුෂ්පකුමාර
දිවයින
http://www.divaina.com/2009/12/06/feature16.html
Thursday, November 8, 2012
උඩරට තේ නිපදවන හැටි - Manufacturing Upcountry Tea
ලංකාදීප කර්තෘ මණ්ඩලය - ශ්රී ලංකාවේ වසර ගණනක් තිස්සේ තේ ප්රධානතම අපනය ආදායම් මාර්ගය ලෙස තිබූ බව අවිවාධිතය. මහනුවර දිස්ති්රක්කයේ ”ලූල් කඳුර” වතුයායේ දී 1867 දී ජේම්ස් ටේලර් තම බි්රතාන්ය ජාතිකයා අප රටට තේ වගාව හඳුන්වා දී තිබේ. එදා සිට වසර 144ක ඉතිහාසයක් හිමි මෙම තේ වගාව උඩරට හා පහතරට ලෙස වගාව දෙකකට බෙදා ගනිමින් අප රටේ වගා කටයුතු සිදුවෙයි. ආරම්භයේ සිට මෑතක් වන තුරු ශ්රී ලංකාවේ තේ මිලදී ගත් රටවල් තේ පානය සඳහා සුළු වශයෙන් භාවිත කර විවිධ වර්ණ සැකසීමේ මූලද්රව්යයක් ලෙස තේ කුඩු භාවිත කළේය. මෑතක සිට ශ්රී ලංකාවේ තේ ප්රධාන වශයෙන් ආහාරයක් ලෙස නම් කිරීමෙන් අනතුරුව ජාත්යන්තර ප්රමිති සහතික මත අපගේ තේ නිෂ්පාදනය කිරීමට සිදුව ඇත. ශ්රී ලංකාවේ සාර්ථක තේ වගාව කි්රයාත්මක කිරීමට පස සංරක්ෂණය කළයුතු බවට තලවාකැලේ තේ පර්යේෂණායතනය මගින් උපදෙස් දී තිබුණද, උඩරට තේ වගාවේ දී එය නිසි ලෙස පිළි නොපැදීම හේතුවෙන් උඩරට තේ වගාවේ ඵලදායීතාව හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 1300ක් දක්වා අගයක පවතින අතර එහි උපදෙස් නිසියාකාරව පිළිපදිමින් වගා කටයුතුවල නිරතවන පහතරට තේ ගොවීහු හෙක්ටෙයාර් එකකට අමු තේ දළු කිලෝ 2300ක ප්රමාණයක් ලබාගැනීම් ඔස්සේ සාර්ථක තේ වගාවක නිරතව සිටිති. ශ්රී ලංකාවේ නිෂ්පාදිත ”හරිත තේ” (Green Tea) පිළිකා හා හෘද රෝග සඳහා දිව ඔසුවක් බවට දැනට කරන ලද පරීක්ෂණවලින් සනාථ වීමත් සමග ශ්රී ලංකාවේ තේ සඳහා ලෝක වෙළෙඳපළේ හොඳ ඉල්ලූමක් ඇති වී තිබේ. තවද දේශීය ආයුර්වේද වෛද්ය ක්රමය අනුව එකතු කළ අගය මත (Value Added) ශ්රී ලංකාවේ පහතරට තේ, කුරුඳු, ඉඟුරු, කරපිංචා ක්ෂණික තේ (Sliming Tea)දියවැයඩියා තේ (Diabetic Tea) ටි්රපල තේ වශයෙන් විවිධ වර්ගයන්ගෙන් නිෂ්පාදනය කරන අතර ඒවාට දේශීය වෙළඳපළේ විශාල ඉල්ලූමක් ද පවතී. උඩරට තේ වගාවෙන් දැනට තේ වර්ග 10කට ආසන්න ප්රමාණයක් නිෂ්පාදනය කරන අතර, පහතරට තේ වගාවෙන් එය වර්ග 20ක් දක්වා ව්යාප්ත කර ඇත. උඩරට හා පහතරට තේ වගාව මගින් ඍජුව හා වක්රාකාරයෙන් ලක්ෂ 30කට ආසන්න ජනතාවක් යැපෙන අතර උඩරට තේ වතු සමාගම් 23ක් යටතේ කළමනාකරණය සිදු කෙරේ. ශ්රී ලංකාවේ තේ අපනයනයට ඉන්දියාව හා කෙන්යාව වැනි රට වලින් අභියෝග පැවතියද, විදේශිකයන් ඉතා හොඳම ගුණවත් තේ ශ්රී ලංකාවෙන් යනුවෙන් (Best Tea in Sri Lanka) හැඳින්වෙන නිසා එකී අභියෝග ජය ගැනීමේ අසිරුවක් නොවන බව තේ වගාව පිළිබඳ විශාරදයෝ පෙන්වා දෙති. ඉකුත් කාලයේ මැද පෙරදිග කලාපයේ පැවති යුදමය තත්වය හේතුවෙන් ශ්රී ලංකාවේ තේ සඳහා ඉතා පහළ මිලක් ලැබූණද එය මේ වනවිට ස්ථාවර මිල මට්ටමකට පැමිණෙමින් පවතින බව තේ වතු සමාගම් හිමියෝ පවසති. තේ බීජ වලින් හා තේ රිකිළිවලින් තේ පැළ තවාන් කර එම පැළ සිටුවා අවුරුදු දෙක හමාරක (මාස 30ක) කාලයකින් අනතුරුව අස්වැන්න නෙළීම සිදු කෙරේ. වැඩුණු තේ දල්ලේ කොළ දෙකක හා මොටෙයියා තේ කුඩු නිෂ්පාදනය සඳහා තේ ගසෙන් ලබා ගැනීම තේ වතුවල තේ දළු නෙළන කාන්තාවන් විසින් නෙළන තේ දළු රැුස් කරන ස්ථානවලදී කිලෝ 10 ඇසුරුම්වලට බහා නොතැළෙන සේ තේ කර්මාන්තශාලාව වෙත ප්රවාහනය කරයි. අනතුරුව ”තව් මැරීම” (Wedaring) සඳහා ලණු ගෝනි වලින් සැකසූ තට්ටුවල සඳහා අසුරනු ලබයි. එම අමු තේ දළු හතරැස් අඩි 01කට කිලෝ දෙක හමාරක් පමණ තවටු වලට බහාලයි. එහිදී පැය 1214ක කාලයක් ස්වභාවික හා කෘති්රම ආකාරයේ තෙතමනය ඉවත් කෙරේ. එහිදී අමු තේ දළුවල තෙතමනය 55%ක් ඉතිරි කර 45%ක් ඉවත් කිරීමේ කි්රයාවලිය සිදුවෙයි. අනතුරුව තේ දළු ඇඹරීම සඳහා ඇඹරුම් කාමරය (Rolling Room) වෙත යොමු වෙයි. විනාඩි 40කට වරක් අමු තේ දළු කිලෝ 775ක් ඇඹරුම් කාමරය තුළට ගන්නා අතර එය ඇඹරුම් යන්ත්ර (Rolar) තුනකින් අඹරා විනාඩි 20ක කාලයක් තව් මැරීම කරයි. එහිදී උෂ්ණත්වය ෆැරන්හහයිට් අංශක 12-75ක අගයක පවත්වා ගනී. මෙහිදී අඹරණ ලද තේ කොළවල රසායනික කි්රයාකාරීත්වය ආරම්භ කෙරේ. රොට වෑන් තුළට දැමීමෙන් තේ කොළ කුඩා කැබලිවලට කඩා ගැනීම සිදුවෙයි. මෙහිදී උෂ්ණත්වය ෆැරන් හයිට් අංශක 94-95ක අගයක තිබිය යුතුය. අනතුරුව කුඩා කැබලි කර ගත් තේ පෙනෙර මාර්ගයෙන් හලා ගනී. ඉන්පසු වර්ගීකරණය සිදු කරයි. මේ සඳහා පැය 03ක පමණ කාලයක් ගත වේ. මෙම කි්රයාවලියේ දී තේ කුඩුවල වර්ණය වෙනස්වීම හා ස්වභාවික සුවඳ එක්වීම වෙයි. අනතුරුව බොයිලේරුවේ උෂ්ණත්වයෙන් විනාඩි 22ක පමණ කාලයක් වේලීම කර යන්ත්රානුසාරයෙන් තේ කොළයේ මැද දණ්ඩ ඉවත් කර පිරිසුදු කිරීම කරයි. දණ්ඩ කොටස ඉවත කරන තේ කුඩු කසළ තේ වන අතර පිරිසුදු කර ගන්නා තේ ”කළු තේ” (Black Tea) ලෙස හැඳින්වේ. අමු තේ දළු කිලෝ 100කින් නිමි තේ කුඩු කිලෝ 25ක් ලබා ගත හැකිය. තේ කුඩු වර්ගීකරණ කි්රයාවලිය අවසන් වශයෙන් සිදු කෙරෙන අතර එහිදී නැවතත් දුවිලි ඉවත් කර පිරිසුදු කරයි. අනතුරුව නිෂ්පාදන කි්රයාවලිය කිලෝ 50, 57 හා 60 වශයෙන් ඇසුරුම් කරන අතර මෙහිදී බී. ඕ.පී. (B.O.P. - Broken Orange Packo) ඩස්ට් (Dust) වෙන් වෙන් වශයෙන් ඇසුරුම් කෙරේ. එසේ ඇසුරුම් කරන තේ කුඩු කොළඹ වෙළඳපළට යැවීමට ප්රථම වතු අධිකාරිවරු විසින් තේ කුඩුවල රස බැලීම කර්මාන්තශාලා තුළ දී සිදු කරනු ලබයි. කොළඹ තේ වෙළඳපළේ වෙන්දේසියේ දී නියම කෙරෙන මිල ගණන් අනුව අදාළ තේ ගැනුම්කරුවන් විසින් මිලදී ගැනීම කරනු ලැබේ. තේ කුඩු නිෂ්පාදනය සඳහා ශ්රම දායකත්වය ලබා දෙන කාර්මාන්ත ශාලාවල සේවය කරන එක් වතු කම්කරුවකට මාසයකට හොඳ තේ කුඩු කිලෝ එක හමාරක් හා තේ වතුවල සේවය කරන කම්කරුවන්ට මාසයකට කිලෝ ග්රෑම් 500ක් වතු පාලනාධිකාරිය මගින් නොමිලේ ලබාදෙනු ලැබේ. ඊට අමතරව වතු කම්කරු වන්ගේ සෞඛ්ය ඇතුළු සියලූ සුබසාධන කටයුතු සඳහා වතු පාලනාධිකාරිය මගින් වසරකට විශාල මුදලක් වැය කෙරේ. කොටස් වෙළඳපළේ තේ මිලේ උච්චාවචනය අනුව වතු කම්කරුවන් සඳහා වාර්ෂිකව ලාභාංශ බෙදීමද සිදුවෙයි. එම ලාභ ප්රතිශතය මත රාජ්ය අනුග්රහයද ඇතිව තේ නැවත වගාව කෙරේ. (මෙම ලිපිය සැකසීමේ දී නෝර්වුඞ් තේ වත්තේ ජ්යෙෂ්ඨ වතු කළමනාකාර ෆෙරොස් මජීඞ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදුන් සහායට විශේෂ ස්තුතිය හිමිවේ.)
Sri Lanka is famous for tea throughout the world. There is a great demand for our black tea in the world market. The tea plantation industry is very important to Sri Lanka, because the export of tea earns 60% of our foreing exchange. The tea cultivation in Sri Lanka was started in 1870. during the British era. Tea grows well in the Badulla District. It grows well on wet slopes. It neeeds plenty of rain. it also needs a lot of sunshine. so Badulla District cover all the climatic conditions that tea needs. There are thousands of acres of land under tea cultivation in Badulla, Large tea estates can be seen in here. So many Sinhala and Tamil people works in the tea estates, We export tea to many countries, much of it for export to the Middle East, Britain and Australia. Tea estates makes very beautiful view to Badulla. There is a Tea Research Institute situated in Badulla-Passara Road.
තේ ඇඹරීම - Grinding
තත්ත්ව පර්ක්ෂාව - Tea Testing
දළු කීරීම - After Placking Collecting them to the Factory and Scaling
වෙන් කිරීම - Converting to the grades after grinding and drying
There are many grades of black tea eg:- B.O.P. - B.O.P.Fanings - Dust No.1 - Dust No.2 - Dust-
Labour Dust
වියලීම - Kept them in the Drayer
තේ ඇඹරීම - Grinding
Tuesday, November 6, 2012
කතරගම දේව අඩවියේ ජනයාට හිරිහැර කර නිලයෙන් පහළට වැටෙයි - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 38
නිරිගදිග මෝසම් වැස්සේ අවසානයත් සමග එළැඹෙන අන්තර් මෝසම් කාලයට කතරගම සහ අවට වැසියන්ට ද වැසි ලැබෙයි. ඊසානදිග මෝසම් වැසි ආරම්භය ද සමග භවබෝග වගා කරන්නට කතරගම දේව අඩවියේ පැරණි වැසියෝ පුරුදුව සිටියහ. පසුගිය දිනවල දැඩි නියගය නිසා මෙවර ගොවිතැන් කටයුතු කළ නොහැකි වේයැයි ගොවීහු කම්පාවට පත්වූහ. එහෙත් දේව අඩවියේ වෙසෙන සෑම ගොවියෙක්ම පාහේ කතරගම දෙවියන් නැමැද වගා කටයුතු කරන්නට වැසි ලබාදෙන්නැයි ආයාචනා කළහ.
මේ දිනවල ඇද හැළෙන වැසි සමග තම වගා කටයුතු ඉක්මනින් සිදු කරන්නට ගොවියෝ පෙළඹවී සිටිති. හේන් කපා කැලෑ ගිනි තබා වැසි බලාපොරොත්තුව සිටි ඔවුහු දැන් වැසි සමයත් සමගම බීජ සිටුවීමට පටන්ගෙන ඇත. මේ අතර වැඩිහිටියගේ උපදෙස් පරිදි පවත්වගෙන යන හේන් වල බුදුන්ට සහ කතරගම දෙවියන්ට පහන් දෙකක් දල්වනු ලැබේ. ඒ දෙවියන්ට පින් දී වගාබිමට දේවාශිර්වාදය ලබා ගැනීමටය.
ඔක්කම්පිටිය ප්රදේශයේ වැසියන් බොහෝ දෙනෙකු හේන් පිණිස කොටන්නේ ආණ්ඩුවේ කැලෑය. කැලෑ කන්තෝරුවල මහත්තුරු ඇවිත් කැලෑව කපන්නට එපා යැයි කියති. නමුත් හේනක් කරන්නට බිම් කෑල්ලක් නැති නිසා කැලෑ මහත්තරුන්ට හොරෙන් අක්කරයක් දෙකක් කොටා ගැනීම සිරිතක්ව පැවතියේය. වනඅලි ඇතුලූ වන සතුන් ගැවසෙන මේ වනාන්තරයේ එසේ වගාකරන හේනකින් කරදරයකින් තොරව අස්වනු නෙළාගත හැක්කේ කතරගම දෙවියන්ගේ බැල්ම ඇති නිසා බවට ඇති ජන විශ්වාසය අදටත් පවතී.
තිස්සමහාරාමයේ පිදිංචි ජී.පී. පියදාස මහතා දැන් හැත්තෑවිය ඉක්ම වු අයෙකි. දරුවන් පස්දෙනකු පෝෂණය කර මුණුබිරි මිනිබිරියන්ගේ ද ආදරය ලබමින් අදටත් ගොවිතැන්බත් කරති.
’‘මේ අඩවියේ ඉස්සර අපි හැම වැඩක්ම කරන්නේ දෙවියන් සිහි කරලා. හැබැයි එකක් තියනවා, අපි කතරගම දෙවියන් සිහිකරන්න ඉස්සරවෙලා බුදුන් වදිනවා. මල්පහන් පූජා කරනවා. ඊට පස්සේ දෙවියන්ට පින් අනුමෝදනා කරලා තමයි කතරගම දෙවියන්ගෙන් යමක් ඉල්ලන්නේ. ඒකත් හිතින් ප්රාර්ථනා කරනවා. අපේ බලපොරොත්තු ඉටුවුනොත් දෙවියන් වෙනුවෙන් යමක් කරන බවට ‘‘බාර’’ වෙනවා. ඒක තමයි එදා අපි කතරගම දේවියන්ගෙන් ආශිර්වාද ගත්ත ක්රමය. අද මහා ලොකු පූජාවට්ටි අරගෙන කතරගම මහ දේවලෙට යන සමහරු කිරිවෙහෙර වදින්නෙවත් අෂ්ඨඵල බෝධිය වදින්නෙවත් නෑ. ඒ වුනාට කතරගම දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවා නම් ඉස්සර වෙලාම උන්නාන්සෙට පින් අනුමෝදන් කළ යුතුයි. මේක අද බොහෝ දෙනෙක් දන්නේ නෑ.’’ පියදාස මහතා කීවේය.
’‘ඉස්සර හේන් කොටන කාලෙට අපි පිලී ජාති එක්ක කෑම ගෙනියන්නේ නෑ. ඒක සිරිතක්. සමහරු මේ චාරිත්ර පිළිගන්නේ නෑ. කාලයකට ඉස්සර අපි සිතුල්පව්වට යන පාර පැත්තේ හේන් කෙටුවා. විවිධ පැතිවලින් ඇවිත් හේන් කොටනවා. අපේ හේනට හේන් දෙකක විතර එහායින් ගන්දර පැත්තේ කියලා කට්ටියක් ඇවිත් හේනක් කෙටුවා. ඒ අයගේ හේන පැත්තෙන් නිතරම කරවල බැදුමක කුයිල එනවා. අපේ කටටත් කෙළ උනනවා. නමුත් අපි කැලේ හැසිරෙන ක්රමයක් තිබුණා. පිලීජාති උයනවා තියා පිලී කළවම් කරලා කෑම එකක්වත් අපි පැල හිටවනකම් හේනට ගේන්නේ නෑ.’’
’‘කලින් කිව්ව හේනේ අය මේවා ගණන් ගත්තේ නෑ. ඒගොල්ල හිටියේ දෙවියන් බුදුන් කියලා කෙනෙක් නැති විදයට. හේනෙ පැල ජාතිත් දැම්මා. පැල හොදින් හැදීගෙන එනකොට පැලපතට ලෙඩක් හැදුනා. කොළපාටට තිබුණ හේන කළුපාට වෙන්න ගත්තා. නොයෙක් දේවල් කළා. ඒ වුනාට වැඩක් වුණේ නෑ. අල්ලපු හේන්වල අපිත් බය වුණා. අපේ හේන් වලටත් ඒ ලෙඬේ බෝවෙයි කියලා. නමත් දෙවියන්ගේ නාමෙට ලෙඬේ තිබුණේ ඒ හේනට විතරයි. අන්තිමට ඒ හේන කරපු අය හේන අතහැරලා යන්න ගියා. හැබැයි ඒ අය හිතුවේ අනෙක් හේන්වල අය ‘‘හේන්පාළුවක්’’ කරන්න ඇති කියලා. ඇත්තටම ඉස්සර මේ දේව අඩවියේ නරක දේවල්වලට ඉඩක් තිබුණේ නෑ’’ පියදාස මහතා කීවේය.
‘‘අස්වනු නෙළලා කතරගම මහ දේවාලෙට මුරුතැන් පුජාවක් තියලා හේන් කපන්න පෙර වුණ භාරය ඔප්පු කරනවා. එතකොට තමයි හිතට සැහැල්ලූවක් දැනෙන්නේ. නැත්නම් හිතෙන්නේ කාගෙන් හරි ගත්ත ණයක් නොදී ඉන්නවා වාගේ හැගීමක්. අස්වනු නෙළලා අග්රකොටස බුදුන්ට සහ දෙවියන්ට වෙන් කරලා බුද්ධපුජා තියලා, දෙවියන්ට පුජා කිරීම සිරිතයි. මේවා කරන්න කියලා කොහේවත් නියමයක් නෑ. අපට අපේ තාත්තා ඇතුලූ වැඩිහිටියෝ කියලා දුන්නේ. සිරිතක් විදියට කරන්නේ. හොදක් මිසක් නරකක් නම් වෙලා නෑ.’’ පියදාස මහතාගේ පැහැදිලි කිරීම වත්මන් පරපුරට ආදර්ශයකි.
කතරගම දෙවියන්ගේ අඩවියේ වෙසෙන මිනිසුන් තුළ දෙවියන් කෙරෙහි ඇත්තේ අපමණ විශ්වාසයකි. ඉක්මනින් පොහොසත් වෙන්ට යැයි සිතා වැරදි කර්මාන්තවල යෙදෙන්නෝ ද කතරගම නැත්තේ නොවේ. කලකට ඉහතදී සෙල්ලකතරගමට නුදුරු ප්රදේශයකට අම්බලන්තොට පැත්තෙන් ආ ගැටයෙක් අපූරු වෙළදාමක් පටන් ගත්තේය. ඒ මස් පිණිස හරක් විකිණිමයි. හරක් පට්ටිවලින් සහ ඉඩම්වල දිගේලි කර සිටින හරකුන් මෙන්ම නිදැල්ලේ ඉන්නට ඇර ඇති එළගවයන් සහ මී ගවයන් මස් පිණිස මැරීම සදහා හොරකම් කර විකිණීම ඔහුගේ පුරුද්ද විය.
හරක් බලාගන්නා ගොපලූ කොල්ලෙක් විදියට ඔහු ලද අත්දැකීම මේ කටයුත්තට ඉමහත් පිටිවහලක් විය. කෙටි කලක් තුළ මෙය අතමිට සරුකරන ව්යාපාරයක් විය. හරක් බලාගත් කොල්ලා දැන් සල්ලි කාරයෙකි. වැඬේට උදව් කරන්නට ගෝලබාලයෝද ඇතිවිණි. හරකුන් හොරෙන් පැටවීම ජයටම කෙරෙයි.
‘‘කතරගම දෙවියන්ගේ අඩවියේ මේවගේ අපරාධකාරයන්ට දඩුවමක් නැති හැටි. කතරගම දෙවියෝ ජීවමානයි කියන්නේ බොරු.’’ සමහරු මේ ආකාරයට කතරගම දෙවියන් ගැන පවා කතා කරන්නට වූයේ මේ අපරාධය ඒ තරමටම මහ පොළොව නුහුලන නිසාය.
කෙටි කලක් තුළ ඔහු දැසි සම්පත් පිරිවරාගෙන වැජඹුනේ ධනවතෙකු ලෙසිනි. එහෙත් අධිකරණය හමුවේ ඔහුට නඩු ගණනාවක්ම විය. ඒවායින් වැඩිහරියක් හරක් හොරකම් සම්බන්ධයෙනි. මේ ව්යාරයට එරෙහි වු සමහරුන්ට අත්වුයේ මරණයයි. සමහරුන් අතුරුදන් විය. යුද්ධය මෙන්ම රටපුර පැවති භීෂණය ඔහුගේ ව්යාපාරයට ඉමහත් පිටිවහලක් විය. නමුත් වතුර රත්වන තුරු කකුළුවා දිය සැලියේ දිය කෙළින බවට වු කියමන සත්යය කරමින් දහස් ගණනක් හරකුන් මරණයට පත් කරන්නට මස් පිණිස විකුණූ මේ තරුණ අපරාධකාරයා වැඩිකලක් නොගොස් අම්බලන්තොට ප්රදේශයේදී ඝාතනයට ලක්වු බව වසර පහළොවක විස්සක අතීත මතකය ඇති බොහෝ දෙනෙක් අදටත් දන්නා බව කතරගම ප්රදේශයේ ජනතාව කියති.
‘‘දෙවියන්ගේ අඩවියේ වැරදි වැඩ කළොත් වරදින්නේ කොයි වෙලාවෙද දන්නේ නෑ. කතරගම දෙවියෝ හැම වෙලාවෙම උන්නාන්සෙ විශ්වාස කරන ජනතාව රකිනවා. ඒ අයට හිරිහැර කරන ඕනෑම තරාතිරමක කෙනෙකුට වරදින්න යන්නේ කෙටි වෙලාවයි.’’ කතරගමට නුදුරු බෙරලිහෙළ ගම්මානයේ වැඩිදෙනෙකු එසේ කියති.
‘‘පහුගිය දවස්වල මේ පැත්තේ මිනිස්සුන්ට ලොකු ආර්ථික අපහසුකමක් ඇති වුණා. ගොවිතැන් කටයුතු වලිනුත් පාඩුවුණා. කතරගම පූජා කඩවලට පළතුරු ගෙනියන ප්රදේශයක් තමයි මේ බෙරලිහෙළ ගම්මානය. නිකම් නෙවෙයි, පළතුරු ගිහිං කඩවලට විකුණනවා. එහෙම ජීවනෝපාය කරගත් පිරිසකුක් ඉන්නවා. ඔය අතරවාරෙ තමයි කතරගමට යන පාරෙන් මැණික් ඉල්ලමක් හමුවුනේ. ගම්මු හිතුවා ඒක කතරගම දෙවියන් විසින් ගමේ අයට දීපු දෙයක් කියලා.’’
‘‘ මේ මැණික් ඉල්ලම් තමන්ට අයිතිකරගන්න නොයෙක් තරාතිරමේ අය පියවර ගත්තා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ මාර්ගය ප්රසිද්ධියේ වෙන්දේසි කළා. ගම හරහා ගිය පාර වැහුනා. හේන්වලට ගිය මිනිස්සුන්ට පවා ආරක්ෂවට සිටි හමුදාවේ සමහර නිලධාරීන් පහරදුන්නා. බඩගාගෙන යන්න කිව්වා. පොලූවලින් පහරදුන්නා. ඒ වුණාට ධනවතුන්ට බලවතුන්ට කිසිම තහනමක් නෑ. අන්තිමට මොකද වුණේ, හම්බවෙච්ච මැණිකකුත් නෑ. මිනිස්සුන්ට හිරිහර කළ හමුදා නිලධාරින්ගේ ප්රධානියෙකුට කතරගමින් යන්න වුනේ හිටපු නිලයෙනුත් පහළට වැටිලා. මේව කතරගම දෙවියන් දෙන දඩුවම් කියලා හිතනවා නම් වැරදියි. කතරගම දෙවියෝ දඩුවම් කරන කෙනෙක් නෙවෙයි. මතු බුදුබව පතන දෙවිකෙනෙක් කියලයි විශ්වාසය. නමුත් මේ සිදුවීම් වලින් කියන්නේ වැරදි කරන්න එපා කියලයි.’’ බෙරලිහෙළ වැසියෝ අදටත් කතරගම දෙවියන්ගේ හාස්කම් ගැන විශ්වාස කරමින් කියති.
කතරගම පුදබිම නිවාඩු දවසට එකම හිස් ගොඩකි. කිරිවෙහෙර චෛත්ය මලූව දිවා රාත්රී දෙකේම බැතිමතුන්ගෙන් පිරී ගොසිනි. එහෙත් කෙතරම් සෙනගක් එහි ආ ගියද කිරිවෙහෙර චෛත්ය මලූව හා අෂ්ඨඵල බෝ මලූව වන්දනා කරන බැතිමතුන්ට ඉඩකඩෙන් ගැටලූවක් නැත.
‘‘ධාර්මිකව ජීවත්වෙන අය දෙවියෝ රකින බව බුදු දහමේ කියලා දෙනවා. පස්පව් දස අකුසල් වලින් ඈත්වෙලා ධාර්මිකව ජිවත්වුනොත් දෙවියන්ගේ පිහිට අපිට තියනවා. ඒ දෙවිවරු අතර සිටින කතරගම දෙවියනුත් අපිට පිහිටවෙනවා. උන් වහන්සේ මහානුභාව සම්පත් ඇති දෙවි කෙනෙක්. අපි යහපත් ක්රියාවක් අවසානයේදී කතරගම දෙවියනුත් සිහිකර පින් දුන්නොත් අපට පිහිටක් ලැබෙනවා. දෙවියන්ගෙන් යමක් ඉල්ලන්න ඒ දෙවියන්ට පින් දීලා. එහෙම වුනොත් වරදින්නේ නෑ.’’ කතරගම දෙවියන්ගේ පිහිට ලැබූවෝ එසේ කියති.
අජිත්ලාල් ශාන්තඋදය
2012 නොවැම්බර් මස 05 18:09:05 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
සෙල්ල කතරගම මහසෙන් විහාර බිමේ කතරගම දෙවියන්ගෙන් ආශිර්වාද පතා
කතරගම මහා දේවාල බිම රාත්රියද බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යයි
කිරිවෙහෙර රාත්රීයේදී දිස්වන අයුරු
එළගිතෙල් පහන් දල්වමින්
මහ වැසි මැද වැලපෙන දුන්හිද කොමළිය
2012 නොවැම්බර් මස 05 17:16:47 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
දිවයිනේ බොහෝ ප්රදේශවල ජනතාවට උගුර කට තෙමා ගන්නටවත් වතුර පොදක් නොදෙන තරමට සැහැසි වූ අහස දිගුකලකට පසු මහ වැසි මුදාහැරියේ කඳුළු වැස්සක් ලෙසිනි.
වැහැරී ගිය බදුල්ලේ දුන්හිඳ කොමලිය මේ මහ වැස්සෙන් පෝෂණය වී හැඩරුව වැඩිකරගත්තාය. එහෙත් ඇය අසපුවේ ඇති මහ කළු ගල් කඩා වැටෙන්නට පටන් ගත්තේ ඇය බැලීමට යන එන සංචාරකයන්ට තහනමක් පැනවෙන අයුරිනි.
මේ ගමන අවදානම් බැවින් තාවකාලිකව තහංචි පැනවූ බව ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේය.
මේ නිසා එම සංචාරකයන්ට හකුරු සමග බෙලිමල් කෝප්පයක් සැපයීමෙන් හෝ සඳුන් දැව කැබැල්ලක් හෝ රස කැවිලි හෝ විසිතුරු බඩු අලෙවි කරමින් දිවි ගැටගහගත් පවුල් 45ක් කිසිදු ආදායමක් නැතිව දුකට පත්ව කඳුළු බොමින් සිටිති.
එක දිගටම මහ වැස්ස වැටෙන විට බදුල්ල දිස්ති්රක්කයේ බදුල්ල බණ්ඩාරවෙල, හපුතලේ, ඌව-පරණගම, හාලිඇල, පස්සර, ලූනුගල, සොරණාතොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි බහුතරයක් ජනතාව පසුවන්නේ බියෙනි.
මේ ප්රදේශවල බොහෝ ස්ථාන නාය අවදානම ඇති ස්ථාන බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන තිබීම ඊට හේතුවයි. ඉකුත් 31 වැනිදා බණ්ඩාරවෙල-දියතලාව-හපුතලේ හරහා සුළි කුණාටුවක් හමා ගියේ මේ වැසිබර කාලගුණය සමඟය.
හපුතලේ රොහැම්ටන් වත්තේ සහ බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ කම්කරු පවුල් 56ක් ජීවත්වූ ලැයිම් නිවාසවල වහලේ සෙවිළිකළ ටකරන් සුළෙඟ් පාවී ගියේ මහා භීෂණයක් මවා පාමිනි.
එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් බිහිසුණු බව රොහැම්ටන් වත්තේ කම්කරුවකු වන එස්. සෙල්වේන්ද්රන් (45) කීවේය.
”දවල් ඉඳලම මීදුමයි සුළඟයි තිබුණා. හවස් වෙනකොට සුළඟ වැඩි වුණා. සවස 4.00ට විතර සැඩ සුළඟක් හමන්න පටන්ගත්තා. අපේ ලැයිම්වල ටකරන් සුළඟට ගසාගෙන යද්දී අපි ගෙවල්වලින් එළියට පැනලා පණ බේරාගන්න කෝවිලට දුවගෙන ගියා.
පස්සේ ඇවිත් බලනකොට වහල කැඩිලා, ගෙවල් පුපුරලා, ගෙවල් ඇතුළට වතුර ගලලා. අනේ දෙයියෝ තමයි අපි බේරාගත්තේ” යැයි ඔහු අහසට දෑත දිගු කළේය.
රාමදාස් ගජේන්ද්රන් 40 මෙසේ කීවේය.
”කවදාවත් අපි ඒ තරම් බය වෙලා නැහැ. වටේටම සුළං කැරකුනා මොනවා කරන්නද කියල හිතාගන්න බැහැ.
මගේ අබලන් ලැයිම් කාමරය හෙළවෙන්න පටන් ගත්තා. මමයි බිරිඳයි ළමයි තුන්දෙනා අරන් එළියට පැන්නා. කොහේ දුවනවද කියල අරමුණක් නැතිව පණ බයෙන් දිව්වා. ඒ දුවනකොටත් ටකරන් අහසේ පියාඹනවා වගේ ගහගෙන යනවා. අපිත් කෝවිලට ගිහින් බේරුණා.
කම්කරු වේදනාව හා කඳුළ සටහන් කරගත් මම පාරට බැස්සෙමි. හපුතලේ සිට දියතලාව දක්වා වූ මාර්ගය පුරා පයිනස් ගස් වැටී තිබිණ. දියතලාව නගරය ආසන්නයේ විදුලි කණුවක් දෙකට කැඞී එල්ලෙමින් තිබිණ. වෙළෙඳසල්වල නාම පුවරු බිම වැටී ඇත.
ගස් කඩා වැටී මාර්ගය අවහිරවීම නිසා වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබිණ. බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ විදුලිය රැහැන් මතට ගස් කඩා වැටී බිඳ වැටී අඳුර රජයන්නට විය.
උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සිට ඉදල්ගස්හින්න දක්වා ගස් සිය ගණනක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා බදුල්ලේ සිට කොළඹ බලා යමින් සිටි රාතිී්ර තැපැල් දුම්රිය බණ්ඩාරවෙලින් ආපසු හරවන්නට සිදුව තිබිණ. කොළඹින් ආ උඩරට මැණිකේ ඉදල්ගස්හින්නෙන් හැරී නානුඔයට ගියාය.
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ද හපුතලේ බෙරගල මාර්ගයේ ද අධික මීදුම් ගලන අවස්ථාවන්හි ඇඟේ හැපුනත් නොපෙනෙන තරම් වූ මීදුම් අඳුරකි. වාහන පදවන්නෝ දැඩි අසීරුතාවයෙන් රිය හසුරුවති.
මාර්ගවලට ගස් ගල් කඩා වැටෙන විට ආපදා කළමනාකරණ බදුල්ල කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ යුද හමුදාව පොලීසිය හා ප්රදේශවාසීන් මාර්ගවල අවහිරතා ඉවත් කිරීමට කටයුතු කරති. සැඩ සුළඟින් පීඩාවට පත්වූවන්ට බණ්ඩාරවෙල හා හපුතලේ ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා සහන සැලසීමට පියවර ගත් බව බදුල්ල දිස්ති්රක් ලෙක්ම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවැසීය.
අයහපත් කාලගුණික තත්ත්වය මා මෙය ලියන විටත් අවසන්ව නැත. එළවළු වගාවන් ද මහ වැස්සෙන් විනාශවෙමින් පවතී.
දොළ පහර වල දිය කඳුරුවල මෙන්ම ඔයවල්වල ද ජල මට්ටම ඉහළ ගොස් ඇත. සපත්තු පාලම් උඩින් ජලය ගලා යයි. මේ නිසා දොළ පහරට බැස හෝ සපත්තු පාලම් හෝ උඩින් ගමන් කර පාසල් යන දරුවන් විශාල පිරිසක් එම ගම්මානවලටම හිරවී ඇත. එවැනි ගමනාගමන අපහසුතා ඇති ගම්මානවල රැකියාවලට යන එන අයද රෝහල් කරා යන රෝගීන්ද අසරණව සිටිති.
එදිනෙදා වේලට යමක් හොයාගත් කම්කරුවන් හා පදික වෙළෙඳුන් මහ වැස්ස නිසා එදාවේල සොයාගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටී.
වෙනදා වැසි සමයන්හි පවතින නාය අවදානමට අමතරව මෙවර සැඩසුළං අවදානමද අකුණු සැර අවදානමද දැනෙමින් පවතී.
නොබෝදා හපුතලේ ලිප්ටන් අසුනේ සිරි නරඹමින් සිටි කොරියන් තරුණයෙක් හා තරුණියක් ද හා පැටවුන් සේ මරා දැමුවේ අකුණු සැර විසිනි.මේ අවදානම් සියල්ල ගැන ආපදා කළමනාකරණ අංශයන් විසින් කල් ඇතිවම නිවේදනය කර තිබේ.
වැස්ස ඇතිවත් බැරිය නැතිවත් බැරිය
ඒත් වැස්ස පමණට වඩා ඕනෑම නැත.
සුළං නැතිවම බැරිය. ඒත් සැඩ සුළං ඕනෑම නැත. අප කැමැති වුවත් අකමැති වුවත් හෙට දිනයේ ........?
සටහන ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ
දිවයිනේ බොහෝ ප්රදේශවල ජනතාවට උගුර කට තෙමා ගන්නටවත් වතුර පොදක් නොදෙන තරමට සැහැසි වූ අහස දිගුකලකට පසු මහ වැසි මුදාහැරියේ කඳුළු වැස්සක් ලෙසිනි.
වැහැරී ගිය බදුල්ලේ දුන්හිඳ කොමලිය මේ මහ වැස්සෙන් පෝෂණය වී හැඩරුව වැඩිකරගත්තාය. එහෙත් ඇය අසපුවේ ඇති මහ කළු ගල් කඩා වැටෙන්නට පටන් ගත්තේ ඇය බැලීමට යන එන සංචාරකයන්ට තහනමක් පැනවෙන අයුරිනි.
මේ ගමන අවදානම් බැවින් තාවකාලිකව තහංචි පැනවූ බව ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියේය.
මේ නිසා එම සංචාරකයන්ට හකුරු සමග බෙලිමල් කෝප්පයක් සැපයීමෙන් හෝ සඳුන් දැව කැබැල්ලක් හෝ රස කැවිලි හෝ විසිතුරු බඩු අලෙවි කරමින් දිවි ගැටගහගත් පවුල් 45ක් කිසිදු ආදායමක් නැතිව දුකට පත්ව කඳුළු බොමින් සිටිති.
එක දිගටම මහ වැස්ස වැටෙන විට බදුල්ල දිස්ති්රක්කයේ බදුල්ල බණ්ඩාරවෙල, හපුතලේ, ඌව-පරණගම, හාලිඇල, පස්සර, ලූනුගල, සොරණාතොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි බහුතරයක් ජනතාව පසුවන්නේ බියෙනි.
මේ ප්රදේශවල බොහෝ ස්ථාන නාය අවදානම ඇති ස්ථාන බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනාගෙන තිබීම ඊට හේතුවයි. ඉකුත් 31 වැනිදා බණ්ඩාරවෙල-දියතලාව-හපුතලේ හරහා සුළි කුණාටුවක් හමා ගියේ මේ වැසිබර කාලගුණය සමඟය.
හපුතලේ රොහැම්ටන් වත්තේ සහ බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ කම්කරු පවුල් 56ක් ජීවත්වූ ලැයිම් නිවාසවල වහලේ සෙවිළිකළ ටකරන් සුළෙඟ් පාවී ගියේ මහා භීෂණයක් මවා පාමිනි.
එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් බිහිසුණු බව රොහැම්ටන් වත්තේ කම්කරුවකු වන එස්. සෙල්වේන්ද්රන් (45) කීවේය.
”දවල් ඉඳලම මීදුමයි සුළඟයි තිබුණා. හවස් වෙනකොට සුළඟ වැඩි වුණා. සවස 4.00ට විතර සැඩ සුළඟක් හමන්න පටන්ගත්තා. අපේ ලැයිම්වල ටකරන් සුළඟට ගසාගෙන යද්දී අපි ගෙවල්වලින් එළියට පැනලා පණ බේරාගන්න කෝවිලට දුවගෙන ගියා.
පස්සේ ඇවිත් බලනකොට වහල කැඩිලා, ගෙවල් පුපුරලා, ගෙවල් ඇතුළට වතුර ගලලා. අනේ දෙයියෝ තමයි අපි බේරාගත්තේ” යැයි ඔහු අහසට දෑත දිගු කළේය.
රාමදාස් ගජේන්ද්රන් 40 මෙසේ කීවේය.
”කවදාවත් අපි ඒ තරම් බය වෙලා නැහැ. වටේටම සුළං කැරකුනා මොනවා කරන්නද කියල හිතාගන්න බැහැ.
මගේ අබලන් ලැයිම් කාමරය හෙළවෙන්න පටන් ගත්තා. මමයි බිරිඳයි ළමයි තුන්දෙනා අරන් එළියට පැන්නා. කොහේ දුවනවද කියල අරමුණක් නැතිව පණ බයෙන් දිව්වා. ඒ දුවනකොටත් ටකරන් අහසේ පියාඹනවා වගේ ගහගෙන යනවා. අපිත් කෝවිලට ගිහින් බේරුණා.
කම්කරු වේදනාව හා කඳුළ සටහන් කරගත් මම පාරට බැස්සෙමි. හපුතලේ සිට දියතලාව දක්වා වූ මාර්ගය පුරා පයිනස් ගස් වැටී තිබිණ. දියතලාව නගරය ආසන්නයේ විදුලි කණුවක් දෙකට කැඞී එල්ලෙමින් තිබිණ. වෙළෙඳසල්වල නාම පුවරු බිම වැටී ඇත.
ගස් කඩා වැටී මාර්ගය අවහිරවීම නිසා වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබිණ. බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ විදුලිය රැහැන් මතට ගස් කඩා වැටී බිඳ වැටී අඳුර රජයන්නට විය.
උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සිට ඉදල්ගස්හින්න දක්වා ගස් සිය ගණනක් දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා බදුල්ලේ සිට කොළඹ බලා යමින් සිටි රාතිී්ර තැපැල් දුම්රිය බණ්ඩාරවෙලින් ආපසු හරවන්නට සිදුව තිබිණ. කොළඹින් ආ උඩරට මැණිකේ ඉදල්ගස්හින්නෙන් හැරී නානුඔයට ගියාය.
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ද හපුතලේ බෙරගල මාර්ගයේ ද අධික මීදුම් ගලන අවස්ථාවන්හි ඇඟේ හැපුනත් නොපෙනෙන තරම් වූ මීදුම් අඳුරකි. වාහන පදවන්නෝ දැඩි අසීරුතාවයෙන් රිය හසුරුවති.
මාර්ගවලට ගස් ගල් කඩා වැටෙන විට ආපදා කළමනාකරණ බදුල්ල කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ යුද හමුදාව පොලීසිය හා ප්රදේශවාසීන් මාර්ගවල අවහිරතා ඉවත් කිරීමට කටයුතු කරති. සැඩ සුළඟින් පීඩාවට පත්වූවන්ට බණ්ඩාරවෙල හා හපුතලේ ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා සහන සැලසීමට පියවර ගත් බව බදුල්ල දිස්ති්රක් ලෙක්ම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවැසීය.
අයහපත් කාලගුණික තත්ත්වය මා මෙය ලියන විටත් අවසන්ව නැත. එළවළු වගාවන් ද මහ වැස්සෙන් විනාශවෙමින් පවතී.
දොළ පහර වල දිය කඳුරුවල මෙන්ම ඔයවල්වල ද ජල මට්ටම ඉහළ ගොස් ඇත. සපත්තු පාලම් උඩින් ජලය ගලා යයි. මේ නිසා දොළ පහරට බැස හෝ සපත්තු පාලම් හෝ උඩින් ගමන් කර පාසල් යන දරුවන් විශාල පිරිසක් එම ගම්මානවලටම හිරවී ඇත. එවැනි ගමනාගමන අපහසුතා ඇති ගම්මානවල රැකියාවලට යන එන අයද රෝහල් කරා යන රෝගීන්ද අසරණව සිටිති.
එදිනෙදා වේලට යමක් හොයාගත් කම්කරුවන් හා පදික වෙළෙඳුන් මහ වැස්ස නිසා එදාවේල සොයාගත නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටී.
වෙනදා වැසි සමයන්හි පවතින නාය අවදානමට අමතරව මෙවර සැඩසුළං අවදානමද අකුණු සැර අවදානමද දැනෙමින් පවතී.
නොබෝදා හපුතලේ ලිප්ටන් අසුනේ සිරි නරඹමින් සිටි කොරියන් තරුණයෙක් හා තරුණියක් ද හා පැටවුන් සේ මරා දැමුවේ අකුණු සැර විසිනි.මේ අවදානම් සියල්ල ගැන ආපදා කළමනාකරණ අංශයන් විසින් කල් ඇතිවම නිවේදනය කර තිබේ.
වැස්ස ඇතිවත් බැරිය නැතිවත් බැරිය
ඒත් වැස්ස පමණට වඩා ඕනෑම නැත.
සුළං නැතිවම බැරිය. ඒත් සැඩ සුළං ඕනෑම නැත. අප කැමැති වුවත් අකමැති වුවත් හෙට දිනයේ ........?
සටහන ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ
Saturday, November 3, 2012
අෂ්ඨඵල බෝධිය ළඟ භාවනාකළ වැඩිහිටියා - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 37
කුඩා කදුවලින් වටවු ගම්මානයේ වැඩි දෙනෙක් එදින සිටියේ අවදියෙන්ය. පසුදා ගමේ වැඩිහිටියන් සහභාගිවන වන්දනා ගමනට සෑම නිවසකින්ම පාහේ කවුරුන් හෝ යන නිසා ගමම ඊට සුදානම් වු බව කීම වැරදි නැත. විවිධ ලෙඩ රෝග, අතුරු ආන්තරා ඇතිවු විට පිරිසුදු රෙදි කඩක් ගෙන දෙහි කෑල්ලකින් පිරිසිදු කරගත් කාසියකින් බැදි පඩුරු රැසක් ඒ වන විට ගම්වැසියන් විසින් වන්දනාවේ යන තම ඥාතීන් අත තබන්නට වෙනවෙනම සුදානම් කර තිබෙන බවද බොහෝ නිවෙස්වලින් දිස්වින.
යාබද ගමේ තේ කර්මාන්ත ශාලාවේ වු කණිසම පාන්දර හතරට හඩ දෙද්දී වන්දනා ගමනට එක්වූ සියලූ දෙනාම පාහේ බස්රථයට නැග අවසන්ය.
‘‘තුණුරුවන්ගේ සරණින්, සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටාරක්ෂවෙන් අපි පිටත්වෙන්නයි සුදානම. හැමෝම සාදුකාරයක් දෙමු.’’ බස් රථය ඇතුළෙන් ඇසුණු වැඩිහිටියෙකුගේ ඉල්ලීමට අවනතවු බස් රථයේ සිටි සියලූ දෙනාම දුන් ‘සාදු’ නාදය ගම පුරාවට පැතිර ගියේ තිබු නියැ`ඩියාව මොහොතකට බිද දමමිනි.
කෑගල්ල දිසාවේ ගමක වැඩිහිටියන් මේ යන්නේ කතරගම වන්දනාවේය. පිරිසේ සංවිධායකයන් සහ ආවතේව කටයුතු සදහා පැමිණි කිහිප දෙනා හැරුණු විට සෙසු සියල්ලෝම වැඩිහිටියෝය. සුදු ඇදුමින් සියල්ලෝම සැරසී සිටියහ. සමහර වැඩිහිටි කාන්තාවන් හිසේ තුවායක් හෝ සුදු පැහැති ලේන්සුවක් පොරවාගෙන සිටියේ බස්රථය තුළට එන සීතල සුළගින් මිදීමටය. වැඩිහිටියන් වුවත් ගමනට එක්වු පිරිස තුළින් දිස්වූයේ තාරුණ්යයේ නටඹුන්ය. අතීත මතකයන් සිහිපත්කරමින් කෙරුණු කතාබහ සමග බස් රථය කතරගමට පැමිණෙන විට සවස හතරට පමණ විය.
නවාතැන් ගැනීමට සුදානම් කර තිබු විශ්රාම ශාලාවට ගිය පිරිස ඇගපත සෝදාගෙන පිරිසුදුවී නැවතත් සුදු ඇදුමින් සැරසී කතරගම දේවාලයට යන්නට සුදානම් වුහ. තම ගමන්මලූවල තිබු ඔප්පුකරන්නැයි දුන් පඩුරු ආදියත්, හදුන්, කපුරු, තෙල්, ආදියත් වෙන්කරගෙන මේ දේවාලයට යන්නට සුදානම් වන්නේ සැදැහැ සිතින්ය. කිසිවෙකුත් තුළ කලබලකාරී බවක් නොවීය. බුලත්විට හපන වැඩිහිටියන් පැය ගණනාවකට ඉන් මිදී ඇත්තේ තමන් මේ යන්නට සුදානම් වන්නේ ආගමික පරිසරයකට බව දන්නා නිසාය.
‘‘අපි ඉස්සර වෙලාම කිරිවෙහෙරට ගිහිං කිරිවෙහෙර වන්දනා කරමු. ඊට පස්සේ අෂ්ඨඵල බෝධිය වන්දනා කරලා පින් අනුමෝදන් කරලා කතරගම දේවාලයට යමු.’’ සංවිධායකයන්ගෙන් ලැබුණ උපදෙස ගැන පිරිස සිටියේ දැඩි සතුටකිනි.
කතරගම පූජා බිමට පිරිස එනවිට තවත් බැතිමත්හු කණ්ඩායම් වශයෙන් එහි වූහ. හිරු බැස යමින් තිබුණද එහිවු කිසිම බැතිමතෙකු තුළින් කලබලකාරී බවක් දිස් නොවීය. වෙනදා වැඩිපුර කතාබහ කරන වැඩිහිටියන් මෙදින කතා කළේ සීමාසහිතවය. මෙසේ කතාවට වාරණ දමා ඇත්තේ කිසිවෙකු විසින් නොව තමතමන් විසින්ය.
ගොම්මන් කලූවර වැටෙන පැයේ ගෙදර සිටියේ නම් විවිධාකාරයෙන් අවවාද දෙන කටකාර ගැමියන් තුළ ඇත්තේ මීට පෙර නොදුටු තැන්පත් බවකි. පුන්ය භූමියක හැසිරිය යුතු ආකාරය ක්රියාවෙන් පෙන්වමින් මේ වැඩිහිටියන් පුද බිමට පැමිණ සිටි අනෙකුත් බැතිමතුන් සමග කිරිවෙහෙරට ගමන් කළේ මුලින්ම කිරිවෙහෙර වන්දනා කරන්නටය.
කිරිවෙහෙරට පැමිණි සෑම තැනැත්තෙක්ම පාහේ වන්දනා කිරීමෙන් පසු කිරිවෙහෙර වටා එක් වටයක් හෝ යන්නට ඔවුහු අමතක නොකළහ. මේ වැඩිහිටියන් එහි යන විට ඒ ආකාරයටම සුදුවතින් සැරසුණු තවත් වැඩිහිටි පිරිසක් දොහොත් මුදුන් දී කිරිවෙහෙර වන්දනා කරමින් සිටියහ.
හෝරාවක් පමණ කිරිවෙහෙර අසල ගතකළ පිරිස අෂ්ඨඵල බෝධිය වන්දනා කරන්නට පිටත්වන විට මහපොළොව අ`දුර සිපගෙන අවසන්ය. එහෙත් අවට වු විදුලි ආලෝකය නිසා ඒ බව නොදැනුනි. අෂ්ඨඵල බෝධීන් වහන්සේ අබියස පිරිසක් බෝධි වන්දනාවේ යෙදෙති. තව පිරිසක් භාවනාවේ යෙදෙති. පුජා වට්ටි රැගෙන මහ දේවාලයට යන පිරිසද එතැනට පෙනේ. මහ දේවාලයත් අෂ්ඨඵල බෝධියත් වටකොට ඇති වලාකුලූ බැම්මේ දිවා කල අයිතිකරුවන් වු වදුරු රැළ දවසේ අවසානයත් සමග ගිය දිහාවක් හොයාගන්නට නැත. දේවාලයේ කාර්යාලය පැත්තෙන් ඇතුලූවෙන මකර තොරණ අසල පිරිසක් පෝලිමට හිටගෙනය. දොහොත් මුදුන්ට ගත් පොල් ගෙඩියක දැල්වෙන කපුරු පෙතිවලින් ඇවිලූනු කහ පැහැති දැල්ලට වඩා කලූ පැහැත් දුමක් ඉන් පිටවනු ඈතට පෙණිනි. ඔවුන් එකිනෙකා පසුපස ගොස් ඉදිරියේ ඇති යකඩ කූරුවලින් ආවරණය කළ ගල් පතුරට මතට තම දොහොත් මුදුනේවූ කපුරු දැල්වෙන පොල් ගෙඩිය වෙරයොදා පතිත කරයි. එය බිදීයන ආකාරය දෙස බලන සමහරුන්ගේ මුහුණුවල ඇත්තේ ඉහවහා ගිය සතුටකි. තවත් සමහරුන්ගේ මුහුණුවලින් පෙනුනේ ඉච්ඡුාභංගත්වයකි.
කතරගම මහ දේවාලය ඉදිරිපිට පොල් ගසන බැතිමතුන්ගේ මේ විවිධ ඉරියව් දෙස මෙවැනි හැන්දෑවක අදුරත් සමග මුසුවු විදුලි පහන් එළියෙන් සහ දැල්වෙන කපුරු ආලෝකයෙන් ටික වෙලාවක් බලා සිටින කෙනෙකුට අපූරු දසුන් දැකගත හැකිය. තමන් මෙතෙක් විදි අපල උපද්රව, රෝග, දෝෂ දුරිභූතවේවා යැයි දහසක් ප්රාර්ථනා ඇතුව එහි පැමිණන්නෝ පොල් ගසති. තමන් විසින් බිදින පොල් ගෙඩිය බිදෙන්නේ කෙලෙසකද ඒ අකාරයටම ඒ අපල උපද්රව, රෝග, දෝෂ දුරිභූත වන බවට දැඩි විශ්වාසයක් ඔවුහු ඇති කරගනිති. විභාග හෝ වෙනත් බලාපොරොත්තු ඉටුවේවායි පතමින් පොල් ගසන අය හැමවිටම බලාපොරොත්තු වන්නේ එය දෙකට බිදී බෑ දෙක උඩුබැලි අතට පෙරළී තිබෙනු දකින්නටය. දෙකට බිදිනු පොල් ගෙඩියේ එක් බෑයක් මුනින් අතටත් අනික් බෑය උඩුබැලි අතටත් තිබුනොත් ලැබෙන්නේ සමඵල බවට සමහරුන් තුළ විශ්වාසයක් පවතී. එමෙන්ම මුනින් අතට ඇත්තේ මුඞ්ඩ පැත්තේ බෑය නම් ඉන් අත්වන ප්රතිඵල ගැන විශ්වාසයන් ප්රදේශයෙන් ප්රදේශයට වෙනස්ය.
මහ දේවාලයට පූජාව තැබීමෙන් පසු මේ ආකාරයට පොල් ගහන බොහෝ දෙනෙක් තමන්ගේ ආයාචනයට කතරගම දෙවියන් දක්වන ප්රතිචාරය මේ පොල්ගෙඩිය බිඳෙන ආකාරයෙන් පිළිබිඹු කරන බවට නිගමනයන්ට ද එළඹෙයි. පොල් ගෙඩිය බිදෙන්නේ එය එල්ලකරන පහරේ වේගය මෙන්ම පොල් ගෙඩිය බිඳින තැනැත්තාගේ කාය ශක්තිය අනුව නිසා බැවින් පොල් ගෙඩි බිඳෙන ආකාරය හා කතරගම දෙවියන්ගේ ප්රතිචාර සැලකීම වැරදි බවට විශ්වාස කරන පිරිස්ද මේ අතර සිටිති.
හිරු බැස ගොස් හෝරා දෙකක් ඉක්මවු මොහොතේ මහදේවාලය ඉදිරිපිට මකර තොරණින් එළියේ නඩයක කිහිප දෙනෙක් යම් කලබල ස්වරූපයෙන් හැසිරෙනු පෙනුණි. නඩයේ කෙනෙක් මගහැරීම ඊට හේතුව විය. මේ කලබලය ඇතිවී තිබුණේ අපි මුලින්ම කතාකළ වැඩිහිටි පිරිස සිටි නඩයෙනි.
‘‘කිරිවෙහෙර ළග ඉදලා උන්දෑ ආවා. මට ඉස්සරින් ඇවිත් බෝධිය ළගදි තමයි මම ඈත්වුනේ.’’ අතුරුදන්වු අයගැන කෙනෙක් කීවේය.
‘‘බෝධිය වැදලා භාවනා කරලා මම නැගිටින කොට මට දකුණු පැත්තෙ වාඩිවෙලා උන්දෑ භාවනා කරනවා මම දැක්කා. හැබැයි මම බෝධිය වටේ ගිහිං එනකොට උන්දෑ එතන හිටියේ නෑ. තවත් කෙනෙක් කීය.
මේ තොරතුරු අනුව අතුරුදන් පුද්ගලයා අෂ්ඨඵල බෝධිය තෙක් පැමිණි බවට තහවුරු විය. කිහිප දෙනෙක් අෂ්ඨඵල බෝධිය අවටත් මහ දේවාලය අවටත් සොයන්නට විය. අඩ හෝරාවක පමණවු සෝදිසියකින් පසු ඔවුන් පැමිණියේ හිස් අතිනි.
‘‘ඒ කොහෙවත් නෑනේ’’ අතුරුදන් තැනැත්ත සොයන්නට ගිය අයගේ පිළිතුර විය. මෙවනවිට හිටගෙන සිටීම නිසා සෙසු වැඩිහිටියන්ද යම් කෙහෙට්ටුවට පත්ව සිටින බවක් දිස්විණි. ඊටත් වඩා තමන් සමග වන්දනාවේ ආ අසල්වැසියාගේ අතුරුදන්වීම ගැන ඔවුන් සිටියේද යම් විමසිලිවත් ස්වරූපයකිනි.
මේ අතුරුදන්ව ඇත්තේ නඩයේ සිටි තැන්පත්ම වැඩිහිටියෙකි. හැත්තෑ පස්වැනි විය ඉක්මවූ ඒ තැනැත්තා කිසිම කටයුත්තක් පමණ ඉක්මවා නොකළ නිසා හැමදෙනාගෙන්ම ඔහුට ලැබුනේ වැඩි සැලකිල්ලකි. කෙසග සිරුරකින් හෙබි ඔහු වැඩි අධ්යාපනයක් නොලද මුත් පන්සලෙන් අකුරු ඉගෙනගත් නිසා පිරිත් පොත පවා හො`දින් කියවුයේ වත්මන් දරුවන්ට ආදර්ශයක් ගෙන දෙමිනි.
කෙනෙකුගේ අණට අවනත මේ වැඩිහිටියා හිතුමතේට තනිව එහා මෙහා නොගිය අයෙක් විය. සමහර වැඩිහිටියන් මෙන් අවශ්ය දෑ මෙන්ම අනවශ්ය දේවල් සහිත සැහැල්ලූ ගමන්මලූ රැගෙන එද්දි මේ වැඩිහිටියාගේ අත තිබුණේ තෙල්, මල්, හදුන් කපුරු ආදිය පමණකි.
‘‘ආපහු කිරිවෙහෙර පැත්තටවත් ගියාද? සුදු ඇදගත්තු තවත් නඩයක් හිටියනේ. අපි කියලා හිතලා ඒ අය පස්සෙන්වත් ගියාද දන්නේ නෑ’’ නඩයේ කෙනෙක් කීවේය.
ඒ අනුව සෙසු පිරිස නවාතැන් පොළට පිටත්කර අතුරුදන්වු වැඩිහිටියා සොයන්නට සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙක් කිරිවෙහෙර දෙසට පිටත්විය. කිරිවෙහෙර මලූව, ඒ අවට පමණක් නොව කතරගම පුදබිම තුළ පිහිටි වැසිකිලි කැසිකිළි පවා ඒ දෙදෙනාගේ පරීක්ෂාවට ලක්විය. ඒ කොතැනකවත් අතුරුදන්වු වැඩිහිටියා නොවීය. වැඩිහිටියාගේ හැඩරුව පවසා එවැන්නෙක් දුටුවේදැයි හමුවු කිහිප දෙනෙකුගෙන්ම විමසුවත් සතුටුදායක පිළිතුරක් ඔවුන් කිසිවෙකුගෙන්වත් නොලැබිනි.
‘‘අපි දැන් මොකද කරන්නේ. පොලීසියටවත් කියමු නේද? වෙන කරන්න දෙයක් නෑ.’’
‘‘නෑ අපි එක පාරටම පොලිසි ගිහිං වැඩක් නෑ. පොලිසියත් කියයි තව හොයලා එන්න කියලා.’’
වැඩිහිටියා සොයන්නට කිරිවෙහරෙට ගිය දෙදෙනා ආපසු එන අතරේ කතාබහ කරන්නට විය.
‘‘මේ කොයි එකටත් අපි ආයිපාරක් බෝධිය පැත්තෙන යමු’’ දෙදෙනාගෙන් කෙනෙක් යෝජනා කළේය.
‘‘වැඩක් නෑ මම තුන්පාරක්ම බෝධිය වටේම ගිහිං බැලූවා. හා කමක් නෑ, කියනවට යමු.’’ අනෙකා කීවේය.
රාත්රී නවයට ආසන්නව තිබුණද දේවාලයට තවමත් බැතිමත්හූ එති. වැඩිහිටියා සොයා කතරගම පුදබිමේ අෂ්ඨඵල බෝ මලූවේ බටහිර පැත්තෙන් ඉදිරියට ඇදුන දෙදෙනාගෙන් කෙනෙක් එකවරම ගල්ගැසී නැවතුනි.
‘‘අර.. අර.. බලන්ඩකෝ. අතන භාවනා කරන්නේ අර මනුස්සයා නේද?’’ ගල්ගැසී නැවතුන තැනැත්තා කීවේ අතක් ඒ දෙසට දිගු කරවමිනි.
‘‘ඔව් නේන්නම්. මේක හරිම පුදුමයක් නේ. මම මීට ඉස්සරවෙලා තුන්පාරක්ම මෙතනට ඇවිත් බැලූවා. එතකොට මේ මනුස්සයා හිටියේ නෑ නොවැ. දැන් අරගොල්ල කලබල වෙලා ඇති.’’ අනෙකා කීය.
‘‘එපා භාවනා කරන වෙලාවට බාධා කරන්න එපා. අපි අර කට්ටියට කෝල් කරමු මෙයා ඉන්නවා කියලා. එතකොට කලබල වෙන එකක් නෑ. භාවනා කරලා ඉවර වුණාම අපි උන්දැව එක්ක යමු.’’ දෙදෙනාම එකගතාවකට පැමිණියහ.
අතුරුදන්වු තැනැත්තා අෂ්ඨඵල බෝමලූවේ භාවනා කරමින් සිටින බවට ලද ආරංචිය ඒ වනවිටත් නවාතැන්ගත් විශ්රාම ශාලාවට පැමිණ සිටිය අයගේ අමන්දානන්දයට හේතුවක් විය.
තවත් අඩහෝරාවකටත් වැඩි වෙලාවක් භාවනා කරමින් සිටි වැඩිහිටියා කිසිදු කලබලයක් නොමැතිව දණනමා අෂ්ඨඵල බෝධියට වැද නමස්කාර කර නැගී සිටිමින් වට පිට බැලීය.
-කෝ අනික් කට්ටිය දේවාලෙට ගියා ද? ’’ කිසිදු අමුත්තක් නැතිව ප්රශ්නයක් යොමුකළ වැඩිහිටියා හිමින් සීරුවේ මහදේවාලය දෙසට ගමන් කළේය. ඔහු හොයන්නට ගිය දෙදෙනා ද ඔහු පසුපසින් ගියහ.
මහදේවාලයෙන් එළියට පැමිණි පසු පැය එකහමාරක් පමණ තමන් කලබලයට පත් කරමින් කොහේ ගියේදැයි වැඩිහිටියාගෙන් විමසුවේ ඔහු සොයාගිය දෙදෙනායි.
‘‘මම කොහේවත් ගියේ නෑ. බෝධිය වන්දනා කරා.’’ වැඩිහිටියාගේ ප්රකාශයේ යම් අරුතක් ගැබ්ව ඇතිබව දෙදෙනාට අවබෝධවිනි. ඒ නිසා වැඩිදුර ප්රශ්න නොකරම ‘කතරගම දෙවියන්ගේ පිහිටයි’ කියලා හිතාගෙන අපි යමු මාමේ” කියමින් තිදෙනා නවාතැනට එන්නට පිටත්වූහ.
හදිසියේ අතුරුදන්ව පසුව හමුවූ වැඩිහිටියා සමග රාත්රී ආහාරයෙන් පසු පිරිස අල්ලාප සල්ලාපයේ යෙදෙමින් හෝරා කිහිපයකට පෙර සිදුවූ සිද්ධිය ගැන සමාලෝචනයක නිරත වුහ.
‘‘මම බෝධිය ළග දණ නමාගෙන බෝධිය වන්දනා කරලා භාවනා කරන්න කියලා හිතාගෙන වාඩිවෙන කොට මා ළගින් හිටපු උපාසක ඇත්තෙක් කිව්වා, ඔය ඇත්තගේ නඬේ අය තවම වන්දනා කරනවා නේද? කියලා. මම වටපිට බලද්දී අපේ අය දණනමාගෙන වදිනවා. මට කතාකළ උපාසක ඇත්තෝ අහරමිනිය ගොතාගෙන වාඩිවෙලා භාවනා කරන්න පටන්ගත්තා. අපේ අය වන්දනා කරලා නැගිටිනකම් මාත් භාවනා කරන්න පටන්ගත්තා. මම ඇස් ඇරලා බලනකොට මේ ළමයි දෙන්නා විතරයි පේන්න හිටියේ.’’ කිසිවක් නොදත් වැඩිහිටියා කීවේය.
‘‘කතරගම මහ දේවාල බිමේ ඔයවගේ සිදුවීම් අනන්තවත් වෙලා තියන බව අහන්න ලැබිලා තියනවා.’’ තවත් වැඩිහිටියෙක් සිය කටහ`ඩ අවදි කළේ ඒ ගැන වැඩිමනත් කතා කොළයුතුයැයි යන අවවාදය වචනයෙන් නොකියමිනි.
අජිත්ලාල් ශාන්තඋදය
2012 ඔක්තෝබර් මස 28 14:10:56 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
Monday, October 29, 2012
කිරිවෙහෙර මළුවේ පිරිත් කියූ උපාසක තැන අෂ්ඨඵල බෝධිය අසලදී අතුරුදන්වේ - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 36
හිරු බැස ගොස් හෝරා කිහිපයක් වුවද මාස කිහිපයකින් වැසි නොවැටුණු නිසා පරිසරයේ උණුසුම අඩු නැත. එහෙත් හමායන සුළග දාහය නිවයි. මාස පෝයට දින කිහිපයක් ඇති නිසා පරිසරයේ ඇති අදුර කෘත්රීම විදුලි පහන් එළියෙන් මැකී ගොසිනි. අහසේ බැබළෙන තරු කැට ගෙනාවේ අමුතුම චමත්කාරයකි.
සුදුවතින් සැරසුණු බැතිමතුන් මල් වට්ටි කිහිපයක් හා හදුන්කූරුද පොල්තෙල්ද අතැතිව සිටියි. පිරිස අතර වැඩිහිටි කාන්තා සහ පිරිමි කිහිප දෙනා අතර තරුණ විය නොඉක්මවූ ළදුන් කිහිප දෙනෙක්ද වූහ. කිරිවෙහෙරෙන් පරාවර්තනය වන විදුලි ආලෝකයෙන් ඔවුන්ගේ මුහුණු වලටද නැවුම් බවක් එක් කළේය.
මේ කතරගම කිරිවෙහෙර පුණ්ය භූමියයි. දේවාලයට යන්නට පෙර කිරිවෙහෙර සහ අෂ්ඨඵල බෝධිය වන්දනා කර දෙවියන්ට පින්දීම කළයුතු බව ගමනාරම්භයේම සාකච්ඡාවට ගත් වන්දනා නඩයේ පිරිස දොළොස් දෙනකුට වඩා නැත. කළුතර නගරයට ආසන්න ප්රදේශයකින් පිටත්වු පිරිස කතරගමට ළගාවන විට හිරු බැස යාමට ළංව තිබුණි.
කතරගම දෙවියන් වැදපුදා ගැනීම නඩයේ මේ ගමනේ පරමාර්ථය විය. කතරගම දෙවියන් යනු මතු බුදුවන දෙවි කෙනකු යැයි නඩයේ සිටි තලතුනා වැඩිහිටියෙක් ගමන අතරමගදී පිරිසට ඒත්තු ගැන්වීය. අදටත් කතරගම දෙවියන් ජීවමානව වැඩ වෙසෙන බවට ඔහු කියවු කතා ගණනාවක්ම පිරිසට පැවසූ නිසා ගමනට එක්වු සියලූ දෙනා තුළම ඇතිවුයේ මහත්වු භක්තියකි.
කතරගම දේවාලයේ විශාල පිරිසක් සිටියත් කිරිවෙහෙර බිමේ එතරම් පිරිසක් නොවූහ. තැනින් තැන වාඩිවී පිරිත් පොත් කියවන, සහ බෝධි වන්දනා ගාථා කියවන බැතිමතුන්ගේ සිහින් හඩ සිත් නිවාලීය. මේ පිරිසද ගෙනා මල් මලසුනේ තැන්පත් කර එහිවු පහන්වලට තෙල් දමද්දී කණ්ඩායමේ තවත් කිහිප දෙනෙක් සුවද දුම් දල්වා ඒවා මලසුනේ වු වැලිපුරවා තිබු බදුන්වල රදවමින් සිටියහ.
ඔවුන් පිටුපස බැලූවේ චෛත්ය මළුවේ වලාකුළු බැම්ම අද්දරින් ඇසුනු පිරිත් සඡ්ඡායනාවේ මිහිරි නාදය කන වැටුණු නිසාවෙනි. සුදු ඇතිරිල්ලක් එළා එරමිනිය ගොතා වාඩිවී සිටි මැදිවිය ඉක්මවු උපාසක ඇත්තෙක් ඔවුනගේ නෙත ගැටිණි. ඒ මිහිරි පිරිත් සඡ්ඡුායනා හඩ එසේ දුටු උපාසක තැනගේය.
ඒ උපාසක ඇත්තාගේ උඩුකය නිරුවත්ය. සුදුපැහැති සරමක් ඇද සිටි මේ තැනැත්තා උතුරු සළුවක් කරේ දමාගෙන උකුළ මතවු පිරිත් පොත දෙස බලාගෙන පිරිත් සඡ්ඡායනය කළේ උපැස් යුවළක් හෝ නැතිවය. ඔහුගේ මුහුණ පිරිත් පොත දෙසට නැඹුරුව තිබු නිසා මුහුණ හොදින් පෙනුණේ නැත.
’‘ලස්සනට පිරිත්ටික කියනවා නේද? සිල් සමාදන්වු කෙනෙක් වෙන්නැති.’’ පිරිස අතරින් කෙනෙක් පිරිත් කියන උපාසක ඇත්තා ගැන කීවේය. ඒ වනවිටත් මේ පිරිසද පිරිත් සඡ්ඡුායනයට හිත් යොමුකරවමින් සිටි නිසා ඉබේටම ඔවුන්ගේ දෑත් එක්ව තිබුණේ වදින ස්වරූපයෙනි.
’‘කෝ අපේ කට්ටිය. අරපැත්තේ මල් පුජාකරලා ඉවරනම් මේහාට එන්න කියමු. පිරිත් ටිකකුත් අහලාම බෝධි වන්දනාවට යමු’’ යැයි කියමින් නඩයේ සෙසු පිරිස සෙවීමේ අරමුණු ඇතිව දකුණු පැත්තෙන් චෛත්යය වටේ ගියහ. ඒවනවිට දෙතුන් පොළක වෙන වෙනම වන්දනාවේ නිරත තම කණ්ඩායමේ සාමාජිකයන් දුටු මේ පිරිස ඔවුන් වන්දනා කරනතෙක් අදුරත්, විදුලි අලෝකයත් මුසුව හමනා සුළගින් ලෙළදෙන තුරුලතා දෙස නෙත් යොමා සිටියහ.
හමායන මදනළ වියළි වුවත් ගත සිත සිසිල් කළේය. පරිසරයේ චමත්කාරය විදිමින් අඩහෝරාවකටත් වැඩි වෙලාවක් ඔවුන්ට එහි ගතකරන්නට සිදුවුයේ තම කණ්ඩායමේ සෙසු පිරිස එතරම් වේලාවක් වන්දනාවේ යෙදීම නිසාය.
‘‘මොකද ඔයගොල්ලො ඔච්චර ඉක්මනට වන්දනා කළාද?’’ වන්දනා කටයුතු නිමකළ වැඩිහිටි කාන්තාවක් විමසුවාය. ‘‘ඔව් අපි හදුන්කූරු පත්තුකරලා වැදලා ඉවරවෙනකොට අරපැත්තේ සිල්ගත්ත උපාසක ඇත්තෙක් හරිම මිහිරි හඩින් පිරිත් කියනවා. අපි ටිකක් අහගෙන ඉදලා ආවේ පිරිත් අහන්න ඔයාලත් එතනට එක්ක යන්න.’’ පැනයට පිළිතුර විය.
දැන් පිරිස චෛත්ය මළුවේ වමට හැරී යන්නේ උපාසක ඇත්තාගේ පිරිස් සඡ්ඡායනයට සවන් දෙන්නටය. චෛත්ය මළුවේ නැගෙනහිර සහ දකුණු දොරටු අතර වලාකුළු බැම්මට ආසන්නව අසුන් ගෙන පිරිත් කියු උපාසක ඇත්තා ඒවනවිටත් පිරිත් කියා අවසන්ව නැගිට ඉදිරියට යන දසුන පිරිසේ නෙත්වලට ගැටුණි.
‘‘අනේ ඒ ඇත්තා පිරිත් කියලා ඉවරවෙලා යන්න යනවා. බෝධිය පැත්තට වෙන්නැති යන්නේ. සමහරවිට බෝධි පූජාව තියන්න යනවද දන්නේ නෑ. පිරිත් කියනකොට අහගෙන ඉන්න හරිම ආසයි.’’ පිරිත් සඡ්ඡායනය ඇසු කෙනෙක් සෙසු පිරිසට කීය. මේ පිරිස දැන් යන්නේ කතරගම දේවාලයත් කිරිවෙහෙරත් අතර ඇති අෂ්ඨඵල බෝධිය වදින්නටය. මුලින් කී උපාසක ඇත්තාද ඔවුන්ට අඩි සියයක් පමණ ඉදිරියෙන් ශාන්තව ගමන් කරන අයුරු දිස්වූයේ මග දෙපසවු විදුලි පහන් කණුවල දැල්වුණු ආලෝකයෙනි.
‘‘කතරගම දෙවිහාමුදුරුවෝ මේ කිරිවෙහෙරෙ වගේම මහ කැබිලිත්තෙත් වැඩ ඉන්නවාලූ. සමහරු කතරගමට එන්නේ විනෝදයට. එහෙම ආවාට ප්රතිපලයක් නෑ. කතරගමට ආවාම චෛත්යය වගේම බෝධියත් වන්දනා කරලා දෙවියන්ට පින්දීලා තමයි දේවාලෙට යන්න ඕනෑ. සමහරු කතරගමට එන්නේ දෙවියන්ගෙන් නොයෙක් නොයෙක් පිහිටාරක්ෂාව ඉල්ලාගෙන. ලොකු ලොකු පූජාවට්ටි තියනවා. පඩුරුත් එහෙමයි. ඒවායින් වැඩක් නෑ. කතරගම දෙවියන්ට ඕනෑ පින්. අපි පින් කරලා ඒ පින් අනුමෝදන් කරලා දෙවියන්ගේ පිහිටාරක්ෂාව ඉල්ලනවා නම් කාටවුණත් දෙවියෝ පිහිට වෙනවා. එහෙම පින් දෙන අය හැම වෙලාවෙම දෙවියෝ ආරක්ෂා කරනවා.’’ පිරිසේ වු වැඩිහිටියෙක් කතරගම වන්දනාවේ ආයුතු ක්රමය කාටත් පැහැදිලි කර දුන්නේය.
ඔහුගේ කතාව දෙසට අවධානය යොමුකළ සියලූ දෙනාම හිස සලා එය අනුමත කළේ කතරගම වන්දනාවේ එන වැඩි පිරිසකගේ හැසිරිම් රටා ගැන සිහිපත් කරමිනි.
-කතාවෙන් කතාවෙන් බොධීන් වහන්සේ ළගටම ආවා. ආ... කෝ අර උපාසක ඇත්තා.’’ තමන්ට අඩි සියයක් පමණ ඉදිරියෙන් ආ පිරිත් කියු උපාසක ඇත්තා පෙනෙන්නට නොවු නිසා පිරිසේ කෙනෙක් විමසීය.
-පන්සලට හැරෙන තැනත් පහුකරනවා මම දැක්කනේ. කොහාටද ගියෙ. හැරිලා ගියේනම් නෑ. මම දැක්කා මේ තොරණට කිට්ටු කරනකම්. මේක හරිම පුදුමයක්.’’ පිරිත් කියු උපාසක ඇත්තා කොහේ ගියේදැයි විපරම් කරමින් තවත් කෙනෙක් කීය.
අෂ්ඨඵල බෝධිය වටේත් දේවාල බිමේත් මේ උපාසක ඇත්තා සෙව්වද ඔහු සොයාගත හැකි නොවිණි. ඒනිසා බෝමළුවේ බටහිර අන්තයේ වැලිතලාවේ වාඩිවු පිරිස එකට එක්ව බෝධි වන්දනාවේ යෙදුනහ. අඩහෝරාවක පමණවු වන්දනාවකින් පසු පිරිස නැගි සිටියේ දේවාලයට පුජාවට්ටියක් තැබීමට යන පෝලිමට එක්වන්නටය.
ඒවනවිටත් ඔවුන් සුදානම්කරගෙන ආ පුජා වට්ටිය අතැතිව ඔවුන් පැමිණි වැන් රථයේ රියදුරු පත්තිනි දේවාලය, සුනියම් දේවාලය ඇතුළු දේවාල කිහිපය පිහිටා ඇති, බෝධියේ උතුරු පැත්තේවූ ගල් බැම්ම මත වාඩිවී සිටිනු පෙනුනි.
නඩයේ සියල්ලෝම පෝලිමේ දේවාලයට ගොස් පුජාව තබා ආපසු පැමිණ පාගමනින්ම නවාතැන් පොළට ගියේ කතරගම දෙවියන්ගේ හාස්කම් ගැන කතා බහ කරමිනි.
‘‘ඇත්තටම අර පිරිත් කිය කියා ඉදලා අපි එනකොට ඉස්සරහින් ආව උපාසක ඇත්තට මොකද වුණේ? මටනම් හිතාගන්න බෑ. එයා අපට නොපෙනී කොහාටද ගියේ කියලා පුදුම හිතෙනවා.’’ හෝරා කිහිපයකට පෙර කතරගම පින් බිමේදී මුහුණදුන් අත්දැකීම ගැන කතාව ආරම්භ කළේ නවාතැනට පයින් බොහෝ දුරක් යායුතුව තිබු නිසාවෙනි.
‘‘අපි කතරගමට ආවාට දැන් වැඩි දෙනෙක් පුජාවන් තියන්න මහකැබිලිත්ත කියන දිහාලූ යන්නේ. කතරගම දෙවියන් එහේ වැඩ ඉන්නවා කියලනේ මිනිස්සු විශ්වාස කරන්නේ.’’ කතාව වෙනතකට හැරවිනි.
‘‘කතරගම දෙවියන් කොහේ ඉන්නවාද නැද්ද කියන එක අපට වැඩක් නෑ. අපි කොහාට ගියත් හොද පිළිවෙත් ආරක්ෂා කරලා යන්න එන්න ඕනෑ. දැන් පේන්නැද්ද කතරගම දේවාලෙට හරිහමන් විදියට ඇදුමක් ඇඟේ දාගෙන ආවේ කීදෙනාද? අර කාවාඩි නටපු අයගේ විච්ඡුරණ ඇදුම් දැක්කේ නැද්ද? ඒවා දේවාලෙකට තියා කඩපිළකටවත් ඇදගෙන යන්න සුදුසු ඒවාද? සමහර ඒවා දිගකලිසමටත් නෑ කොට කලිසමටත් නෑ. ඉතින් ඒවා ඇදගෙන ඔය යන්නේ එන්නේ තමන්ගේ හිත රවට්ටාගන්න.’’
‘‘කතරගමට හරි මහකැබිලිත්තට හරි වෙන කොහාට හරි වුණත් කමක් නෑ ඔහොම නොහොබිනා අන්දමට ගියොත් නම් දකින දකින මිනිස්සු නින්දා කරනවා මිසක් දෙවියන්ගේ ආශිර්වාද නම් ලබන්න බෑ. අද මිනිස්සු හිතන්නේ හැමදේම සල්ලිවලට ගන්න පුලූවන් කියලා. ඒකනේ ලොකු පලතුරු වට්ටියකට මොනර කොළ දෙකතුනක් තියලා පුජාව තියන්නේ.’’ කතරගම දෙවියන් නැමදීමට සමහරුන්ගේ ක්රියාකලාපය ඒ ආකාරයටම විග්රහකළේ පිරිසේ හිටි තලතුනා අයෙකි.
නවාතැනට පැමිණි පිරිස මුහුණ අතපය සෝදා රාත්රී ආහාර ගනිද්දීත් කතාකළේ අතුරුදන්වු උපාසක ඇත්තා ගැනය. ‘‘කතරගම දෙවියෝ කිරිවෙහෙර චෛත්ය භුමියේ දී දැකපු කීදෙනෙක් ඉන්නවාද? පෙරහර අවසන් වෙලා ගිනි පාගනකොට ඉස්සර වෙලාම කතරගම දෙවියන් ගිනි පාගනවා දැක්ක බව අපවත්වුණු බළන්ගොඩ ආනන්ද මෛත්රෙය හාමුදුරුවන්ගේ පොතක තියනවා මම දැක්කා. ඒ හින්දා ඒ අතුරුදන් වු උපාසක ඇත්තා ගැන වැඩි මනත් හිතන්න එපා. අපි නින්දට යන්න පෙර ආයෙත් දෙවියන්ට පින් දිලා නිදා ගනිමුකෝ. නඩයේ සිටි වැඩිහිටියෙක් අවවාද කළේය.
මේ වනවිට කතරගම දෙවියන් වන්දනාවට කතරගමට එන සමහරු කතරගමින් හෝ තිස්සමහාරාමයෙන් කුලියට වාහන රැගෙන මොනරාගල, කොටියාගල හරහා මහකැබිලිත්තට යාම සිරිතක් කරගෙන සිටිති. නමුත් දැන් මහකැබිලිත්තට යන එන මිනිසුන් ඒ අවට වනසා දැමීම නිසා මහකැබිලිත්ත අවට දැඩිලෙස අපිරිසුදු කර ඇත. කතරගමත් මෙසේ වනසා නොදමන්නේ එහි යම් පාලනයක් ඇති නිසාය.
මහකැබිලිත්ත අයත්වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට වුවත් එතැන ඔවුන්ගේ පාලනයක් නැත. ඉදිරියේ එන්නේ අන්තර් මෝසම් සමයයි. ඊසාන දිග මෝසම් වැස්සේ ආරම්භයවු මේ අන්තර් මෝසම් වැස්ස මහකැබිලිත්ත පිහිටි කුමණ ජාතික වනෝද්යානයටද ඇද හැළෙයි. දශක තුනකට ඉහතදි මහකැබිලිත්තේ තිබු වනජීවී බීට්ටු කාර්යාලය අතහැර කුමණට යන්නේ වැසි සමයේ ගමන් අපහසුව නිසාය. අලකොළආර, කලූකුඤ්ඤංආර, අලූත්ගංආර පමණක් නොව කුඹුක්කන්ඔයත්, මැණික් ගගත් මේ මෝසම් කාලයේ පිරී ඉතිරී යන්නේ පෙර දැනුම්දීමක් නැතිවය. ඒනිසා ජිප්රථවලින් පමණක් නොව ට්රැක්ටර්වලින් පවා මහකැබිලිත්තට යාම ඉදිරි කාලයේ අතිශයින් අවදානම්වනු ඇත. ඒනිසා කතරගම දෙවියන් වැදපුදා ගැනීමට මහකැබිලිත්තට වඩා කතරගමටම යාම සුදුසුවනු ඇත. ඒ ගමන වුවත් ඵලදායි වන්නේ භක්තියකින් ගියොත් පමණි.
අජිත්ලාල් ශාන්තඋදය
2012 ඔක්තෝබර් මස 21 16:01:46 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
කතරගම කිරිවෙහෙර චෛත්යරාජයාණෝ
කතරගම දේවාල බිම
නිසි ඇදුමක් නැතිව රංගනයේ යෙදෙන කාවඩිකරුවන්
මහකැබිලිත්තේදී වන අලි ප්රහාරයක් - කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 35
ගස්කොළන් අතරින් වැටී ඇති පාරේ දෙපැත්තේ කාණු හෑරිලාය. මැද පස් කුට්ටියකි. ඒ පස් කුට්ටියේ තැනින් තැන කළු පැහැති තෙල් පැල්ලම්ය. වැස්ස නැති නිසා පස් කුට්ටි වියළි බවක් උසුළයි. ගස් අඩු පිට්ටනි හා සමාන ඇති තැන්වල නම් කාණු හැදුනු පාරවල් අතහැර කුඩා පදුරු කිහිපයක් තලාගෙන අලූතින් පාරක් හදාගෙනය. ටික දවසක් යනවිට එතැනද දෙපැත්තේ කාණු දෙකකි.
මේ කුමණ ජාතික වනෝද්යානයේ පිහිටි මහකැබිලිත්තට යන පාරේ අද තත්ත්වයයි. කොටියාගලින් ට්රැක්ටර් ටේ්රලරයේ දැමූ මෙට්ටයේ වාඩිවන තැනැත්තා ගැස්සි ගැස්සී එහි ඇන්දක් අල්ලාගෙන පැය කිහිපයක් මෙසේ දුෂ්කර ගමනක් යන්නේ මහකැබිලිත්තේ වැඩ වෙසෙතැයි විශ්වාස කරන කතරගම දෙවියන් වෙනුවෙන් පූජාවක් පවත්වන්නය.
එසේත් නැත්නම් මෑතක සිටි මුද්රිත හෝ විද්යුත් මාධ්ය මගින් කරුණු හෙළිකරන මහ කැබිලිත්තේ ඇතැයි කියන හාස්කම්වලට අභියෝග කරන්නටය. කුමණ කැලෑවට ඇතුළුවන ඇතැම් අය ට්රැක්ටර් ටේ්රලරයේ වාසිවී වි`දින අපහසුතාවේ ආරෝව ගන්නේ මාධ්යවේදීන් කටගැස්මට ගෙනය. තවත් ජීප් රථයක මිතුරෝ පිරිසක් ඉදිරියට ඇදෙති.
‘‘මාධ්යයෙන් තමා කැබිලිත්ත විනාශ කරලා තියෙන්නේ. ඕනෑවට වඩා ප්රසිද්ධ කළාම මිනිස්සු එනවා. ඉවක් බවක් නැතුව මිනිස්සු එනකොට මේ තැන් අපිරිසුදු වෙනවා. මාධ්යයෙන් මේවා ප්රසිද්ධ කරන්න ඉස්සර ආවේ කීදෙනාද? දැන් බලන්න සති අන්තයට නිවාඩු දවස්වලට වාහනයක් නවත්තා ගන්න තැනක් නෑ. ඒතරමට සෙනගයි වාහනයි.’’ ට්රැක්ටරයේ ගැස්සිලි බව නොතකමින් ගමනේ අපහසුවේ වාඩුව මාධ්යයෙන් ගත්තේ එසේය.
මාධ්ය මගින් මහකැබිලිත්ත ගැන කතබහ කරන බව සැබෑය. මහකැබිලිත්ත ගැන ඡායාරූප, වීඩියෝ දර්ශන පෙන්වන බවද සැබෑය. එහෙත් කිසිම මාධ්යයකින් එතැනට පැමිණ අශෝභන ලෙස හැසිරෙන්නට හෝ පරිසරය විනාශ කරන්නට, සාරධර්ම ගුණධර්ම වැනසෙන පරිදි අශෝභන ලෙස හැසිරෙන්නැයි ජනතාවට නොකියයි. අසංවරව, අවිනීතව, මේ දේව භූමියට නොඑන්නැයි සහ නොහැසිරෙන්නැයි යන ඉල්ලීම මේ හැම මාධ්යයක් හරහාම ඉතාමත් අවධාරණයෙන් යුතුව ඉල්ලා ඇතිබව නොදන්නේ උපතින්ම මාධ්යය අරහං වු අයය.
මහකැබිලිත්ත දේවාලය පිහිටි බිම අයත් වන්නේ වනජිවි දෙපාර්තමේන්තුවටය. නමුත් එහි පාලනයක් අද එම දෙපාර්තමේන්තුවට නැත. මේ බව මීට පෙර කිහිප වතාවක්ම හෙළිකළ නමුත් අදටත් ඒ බව එම දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අවධානයට යොමු නොවීම බරපතළ අර්බූද සමුහයකට අතවැනීමක් වන බව පෙනෙන්නට ඇත.
කුමණ ජාතික වනෝද්යානයට පොතුවිල්, පානම, ඕකන්දෙන් හෝ යාලෙන් පහසුවෙන් ඇතුළුවිය නොහැක. අවශ්ය ප්රවේශපත්ර ගාස්තු ගෙවා සුදුසු වාහන ඇති බවට වනජිවී නිලධාරීන් සෑහීමකට පත්වු පසු පමණක් අවශ්ය අවසරය ලැබේ. කදවුරු ප්රදේශයක රාත්රී ගත කිරිමට ලැබන අවසරය මහකැබිලිත්තට යන්නට උපයෝගී කරගනී. එහෙත් ඒ ගමන අධීක්ෂණයට වනජිවී නිලධාරියෙක් පිරිසට එක්වෙයි. එතැන් පටන් කැලේ හැසිරිය යුත්තේ ඔහුගේ උපදෙස් සැලකිල්ලට ගෙනය.
වනාන්තරයේ ගමනේදි වනසිවුපාවුන්, විදෙස් රටවලින් ආ සංක්රමණික කුරුල්ලන් ඇතුළු වනාන්තරයේ වෙසෙන වනසතුන් නැරඹිය යුත්තේ වනජිවි නිලධාරියාගේ උපදෙස් අනුවය. හිතුමතේට වාහනයෙන් බහින්නට අවසර නොලැබේ. ඒ සදහා වෙන්කර තැන් ඇති අතර ඒතැන්වල බැස විවේක ගත හැකිය. එසේ නැතිව වනයේ ඇතුළට ඇවිද යාමට, ගස්කොළන්වල අතු කැඞීමට, පැල ඉදිරිමට, බීජ ඇහිදීමට අවසර නැත. සතුන්ට බාධාවන අන්දමින් හඩතැලීමට හෝ ශබ්ද නැගීමට කිසිදු අවසරයක් නැත.
එහෙත් කොටියාගලින් ඇතුළු වන අයට මේ කිසිදු තහංචියක් නැත. ජාතික වනෝද්යානයකට ඇතුලූ වුවත් අවධානයෙන් ඉන්නට වගකිවයුත්තෙක් නැත. ඒනිසා ගමන බිමන හිතූමතේටය. දැන් මහකැබිලිත්තට යන මුවාවෙන් ඒ අවට ප්රදේශ වල ඇවිදින විවිධ පුද්ගලයන් හමුවෙයි. විශේෂයෙන්ම මහකැබිලිත්තට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි දිවුලානේගොඩ විහාර භූමියටද ඇතුළු වෙන්නට පටන්ගෙන ඇතිබවක් පෙනේ.
‘‘මහකැබිලිත්තේ හාස්කම් තියනවා’’ කිය කියා මාධ්යය මිනිස්සු රවට්ටන එක බොරුවක් බව ඔප්පු කරන්නට එක්තරා පිරිසක් මහකැබිලිත්තට ගියේ දෙසතියකට පෙරය. පිරිස අතර දෙතුන් වතාවක්ම එහි ගිය දෙතුන් දෙනෙක් වූහ. මේ අය සති අන්තයේ මහකැබිලිත්තට යන විට එහි වු සෙනගත් වාහනත් නිසා කුඹුක්කන්ඔයට මීටර් හාරසියයක් පන්සියයක් මෙහායින් ඔවුන් පැමිණි ජිප් රථය නවත්වන්නට සිදුවිය.
‘‘පේනවා නේද මාධ්යය නිසා මෙතනට එන පිරිස. මෙහෙම ගියොත් මහ කැබිලිත්ත කියලා එකක් නැත්තටම නැතිවෙයි.’’ මාධ්ය විරෝධි පුද්ගලයා සිය මතය ප්රකාශ කළේ දුම්වැටියක් දල්වා ගන්නා අතරය.
‘‘ඉර බහින්නත් තව වෙලා තියන හින්දා අපි ටිකක් එහායින් හැරිලා ගියාම කන්දක් තියනවා. ඒ පැත්තට ගිහින් එමු. පිරිස අතර කිහිප වතාවක් එහි පැමිණ ගිය කෙනෙක් යෝජනා කළේය.
‘‘අපි පූජාව තියලා ගියොත් නේද හොද?’’ දේවියන් කෙරෙහි සහ හාස්කම් කෙරෙහි විශ්වාසය තැබු කෝඩුකාරයකුගේ ඉල්ලීමක් විය.
‘‘අපෝ මෙයා දැනටමත් බයවෙලා. බයවෙන්න එපා. ඔය කියනතාලේ හාස්කම් මෙකේ නෑ. මේ මාධ්යකාරයෝ මවපු කතාවක්. යං යං අපි දිවුලානේගොඩ කන්ද බලලා එමු. එතෙනට වටේම පේනවා. හරිම ලස්සනයි. ගල්ගුහා කිහිපයක්ම තියනවා. වලස්සුන්ගේ ගද උහුලන්න බෑ. පාර අයිනේ වාහනේ දාලා අපි උඩට යමු. හරිම ආතල්.... හොද ෆන් එකක් අරගෙන අදුර වැටෙන කොට මේ හරියට එමු.’’ මාධ්යය අරහංවු තැනැත්තාගේ යෝජනාව ප්රතික්ෂේප කරන්නට සමතෙක් ඒ අතර නොවීය.
ජිප් රිය පණගැන්විනි. මහකැබිලිත්්ත කුඹුක්කන්ඔය අසල සිට ආපසු ජිප් රිය පිටත්වූයේ දිවුලානේ ගොඩ බලා යන්නටය.
‘‘මේ අපි ආපු පාරනේ. ආයේ යන්නේ ඇයි’’ කෝඩුකාරයෙක් ඇහුවේ ආපසු යන බව සිතාය.
‘‘නෑ... නෑ... දැන්ම යන්නේ නෑ. ඔයාගේ පූජාවට්ටිය තියලා තමා යන්නේ. බයවෙන්න එපා. බයවෙන්න එපා.’’ ගමන යෝජනා කළ තැනැත්තා කීවේය. කිලෝ මීටරක් පමණ ඉදිරියට ආ ජිප් රථය ඉදිරියෙන්වු තුන්මං හන්දියෙන් දකුණට හරවන්නැයි රියදුරුට උපදෙස් ලැබුණි.
‘‘මේපාර කොහාටද වැටෙන්නේ.’’ රියදුරුගේ පැනයක් විය.
‘‘මේක තමයි කුමණ ඕකන්දට යන පාර. කුඩා කැබිලිත්ත දේවාලයට ඕකන්ද දේවාලයටත් මේ පාරෙන් යන්නේ. යාලින් එන්නෙත් මේ පාරෙන්. අපි තව ටිකක් එහාට ගිහිං නැවතිලා දිවුලානේගොඩ විහාර බලන්න යන්නේ.’’ දැනමුත්තාගේ පැහැදිලි කිරිම හමුවේ සුළු වේලාවක් යනතුරු කිසිවකුත් පැනයක් නොනැගීය.
තුන්මං හන්දියෙන් හැරවු ජිප් රථය කිලෝ මීටර් දෙකක් තුනක් ඉදිරියට එන්නට ඇත. ඒත් ඒ ගමන කිලෝ මීටර් දහයක පහළොවක ගමන් වෙහෙසකි.
’‘ මේ පැත්තේ පාරේ කානු නෑ. රෝද හතරේ වාහන වලට යන්න හරිම ලේසියි. යනකොට මෙහෙන් යමු.’’ රියදුරු පාරගැන පැහැදී යෝජනාවක් කළේය.
’‘ පිස්සුද බං. මෙහෙං යනවානම් වනජීවී එකට ගෙවන්න ඕනෑ. ඉස්සරහදි පාර අමාරුයි. මේකෙන් කට්ටිය යනවා එනවා අඩුයි.’’ දැනමුත්තාගේ පිළිතුර විය. ඒ සමගම දකුණු පැත්තේ වු කදුගැටයක් වැනි ප්රදේශයක ආරම්භය සනිටුහන් විය. තවත් මීටර් කිහිපයක් ඉදිරියට ගිය වාහනය නැවැත්වීමට උපදෙස් ලැබිණි. ඒ සමග තරමක ප්රමාණයෙන් යුත් අලිබෙටි ටිකක් ඈතින් දිස්විය.
’‘අලි අවිල්ලා ගිහිං වගේ’’ අලිබෙටි ටික දෙස බලාගෙනම ජිප් රථයෙන් බැස්ස කෝඩුකාරයාගේ හඩ කාටත් ඇසුණි. නමුත් ඔහුගේ කතාවට කිසිවකුත් පිළිතුරු දුන්නේ හෝ ඌනපුර්ණ එකතු කළේ නැත.
ගෙනා රෙදි බෑග් ජිප් රථයේ තබා පිරිස දිවුලානේගොඩ කන්දට නැග්ගේ වනජිවී නිලධාරියෙකුගේ මග පෙන්වීමක් නැතිවය. කිහිපවතාවක් එහි ආගිය තැනැත්තා මාධ්යයෙන් හෙළකළ කරුණු කියවීමෙන් ලද දැනුම කියාපාන්නට විය.
වනජිවී නිලධාරියකුගේ උපදෙස් නොමැතිව මේ පිරිස කරන්නේ බලවත් නීති විරෝධි කි්රයාවකි. අවසර නැතිව මහකැබැලිත්තට යන්නට දී ඇති අවසරය මුවාවෙන් දැන් කුමණ ජාතික වනෝද්යානයේ හැම තැනකම යන්නට පටන් ගෙනය. පිරිස අතර සිටි කිහිපදෙනෙක් මෙහි දෙතුන් වතාවකට වැඩි වාරයක් ඇවිත් ගොස් ඇතිබව ඔහුගේ පැහැදිලි කිරිම්වලින් තේරුනි.
පැය දෙකකට ආසන්න වෙලාවක් මෙහි ගතකළ බව පිරිසට අවබෝධවුයේ බැසයන හිරුගේ රක්තවර්ණ හිරුරැසින් බටහිර අහස රත් පැහැ ගැන්වී ඇතිබව දුටුවිටදීය.
එකාපස්සේ එකා බැගින් පිරිස පහළට එති. පහළට බැසගෙන ආ මග වෙනස් කර කුඩා ගල් ඇන්දක් දිගේ නැග්ගේ ගමන කෙටියෙන් යන්නටය. එය බැසගෙන මීටර් සියයක් පමණ යනවිට පහළින් වු පාර පෙනේ. හිරු බැසගියත් අදුර තවමත් පතිතවී නැත. නමුත් ගස් අතරින් මහපොළොවට හැන්දෑ අදුර එන්නට පටන්ගෙනය. පහළින් තමන් පැමිණි ජිප්රථය අවට කිසියම් වු අමුත්තක් ඒ දෙස බැලූ කෝඩුකාරයාගේ නෙතට මුලින්ම දිස්විය.
‘‘ දෙයියනේ අපේ බෑග් ටික නේද අර ඇදලා බිම දාලා තියෙන්නේ. කවුද දන්නේ නෑ ඇද්දේ?’’ කෝඩුකාරයා කියනවාත් සමග ඉදිරියට තැබු පාදය නොසෙල්වා සියල්ලෝම පහළ බැලූහ. සියලූ දෙනා වෙතින්ම දිග සුසුම් පිටවනු එකිනෙකාට ඇසුණි.
‘‘ මොකක් හරි කරදරයක්. යාල පැත්තෙන් ආ වාහනයක අය අපේ බෑග් සුද්ද කරන්න ඇති.’’ මාධ්ය විරෝධියා උස් හඩින් කීවේය. වටපිට බලමින් පිරිස ජිප් රියට ළංවූහ. එහි පිටුපසට ගසා තිබූ රෙද්දෙන් කොටසක් ඉරි ගොසිනි. බෑග් කිහිපයක් බිම තිබු අතර වසා තිබු බෑග් තලා පොඩිකර දාලාය. සමහර ඒවායේ කටඇරී ඇතුලේ තිබු රෙදි සහ වෙනත් දැ සී සි කඩය.
‘‘අනේ මගේ පුජාභාණ්ඩ ගෙනා කවරෙ නෑ. ඒකේ තිබුණ හදුන්කූරු ටික ජිප්එක ඇතුළෙ තියනවා. පලතුරු ටික පෙන්න නෑ.’’ කෝඩුකාරයා කීවේ මහත්වු හිත් වේදනාවකිනි.
‘‘එකත් එකටම අලියා එන්න ඇති. මෙකේ පලතුරු තිබුණනේ. ඒ සුවදට පලතුරු හොයන්න ඇති. දැන් ඉතිං කරන්න දෙයක් නෑ බෑග්වල තිබුණ අනික් දේවල් අඩුනෑ නේ.’’ විසිරී තිබුණි බෑග් එකතුකරමින් පිරිසෙ කෙනෙක් කීය.
‘‘මේ මහ කැලේ පරිස්සමෙන් යන්න එන්න ඕනෑ. කතාබහ කරන්න ඕනෑ. හැසිරෙන්න ඕනෑ කියන එක පහුගිය කාලෙ පුරාවට මහකැබිලිත්ත ගැන කරපු මාධ්ය අනාවරණ වල දැක්වුණා. අර ගල්කන්දෙදි අරක්කු බොනකොට මට නිකමට හිතුනා කරන්නේ හොද දෙයන් නොවෙයි කියලා. අපේ වැරැද්දෙන් මේ දේ වුණේ. දැන් ඉතින් හිස් අතින් තමයි යන්න වෙන්නේ.’’ මහකැබිලිත්ත ගැන මාධ්යයයෙන් පළවු දෑ කියවු සහ නැරඹූ තැනැත්තෙක් නොක්කාඩු ස්වරූපයෙන් කියද්දී මාධ්යයට දොස්තැබු පුද්ගලයා බිම බලාගෙන ඔහුගේ බෑගයෙන් විසිරි තිබු ඇදුම් පැළදුම් සොයන්නට විය.
බිමට කරුවල වැටෙද්දි කුඹුක්කන්ඔය ඉවුරට එන්නට ආ පිරිසට වාහන නිසා අතරමග නවතින්නට සිදුවිය. කුඹුක්කන්ඔයට මේ නැවතුන තැන සිට මිටර් පන්සියයකට ආසන්නය. දැන් ජීප් රථයේ අයගේ හෑල්ලූ කතා නැත. විදුලි පන්දම් එළියෙන් පයින් ඉදිරියට ගියත් එකවරම ඇසුනු ගෝෂාවකින් හා ඈතින් ඇසුනු වෙඩි හඩකින් පිරිසේ තැතිගන්ම දෙගුණ තෙගුණවිය.
‘‘අලි... අලි ඇවිල්ල. එහෙ මෙහෙ යන්න එපා. පරිස්සමින් ඉන්න’’ කවුදෝ ඈතින් කියනු ඇසුනි. එදින රාත්රිය නිරාහාරව ගෙවුණි. පසුදා පාන්දර තත්වයද හොද නැතිවිය. එගොඩ ඉවුරේ අලියා කැබිලිත්තට යන්න නොදි මග අවුරාගෙනය. රාත්රී වෙඩි හඩ ඇසුනේ මහකැබිලිත්ත දේවාලය අසල ඇති හමුදා කදවුරෙනි. අලි ඇවිත් මිනිස්සුන්ට කරදර කරනවිට දැන් අහසට වෙඩි කිහිපයක් තියා තත්ත්වය පාලනය කරන්නේ වනජිවියේ රාජකාරියත් යුද හමුදාවට කරන්නට සිදුවිම නිසාය.
මහකැබිලිත්ත දේවාලයට පුජාවක් තියන්නට ආශාවෙන් පැමිණි විශාල පිරිසක් උදෑසනම හිස් අතින් ආපසු ගියේ ඒවනවිටත් එගොඩ ඉවුරේ සිටින වනඅලි එහි යන්නට නොදෙන නිසාය.
අජිත්ලාල් ශාන්තඋදය
2012 ඔක්තෝබර් මස 14 13:51:04 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
කතරගම දෙවියන් වැඩසිටින බව විශ්වාස කරන මහකැබිලිත්තේ මහසියඹලාව
ට්රැක්ටර් යාමෙන් පාරවල්වල දෙපස කානු හැදි ඇති අයුරු
දිවුලානේගොඩ විහාර බිමට යන අඩිපාර
දිවුලානේගොඩ කන්දේ පිහිටි බෝධියක් සහ පොකුණක්
Subscribe to:
Posts (Atom)




















