Friday, August 27, 2010

සන්සුන් ජීවිතයක මග සලකුණු

විවෙක සුවයෙන් විසීමටද කරන ඔනෑම කටයුත්තකින් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ද පහත සදහන් වගන්ති උපකාරවෙ.


1. මුළු ලෝකයේ බර ඔබෙ කරට ගන්න හිතන්න එපා. ප්‍රමාණයට වඩා කිසිදේකට වෙහෙසෙන්න එපා. බොරු ලොකුකමක් මවා ගෙන ඔබ නැතිව කිසි දෙයක් හරියාකාරව වෙන්නේ නැතැයි සිත්නඩ එපා.


2. ඔබ කරන රැකියාව හෝ වැඩය කුමක් වුවත් කමක් නැත. එයට ආශා කරන්න තීරණය කරන්න.


3. ක්‍රමයෙන් කාල සටහනක් අනුව වැඩ කිරීමට පුරුදුවන්න. ප්‍රධාන තැනට ප්‍රධාන දෙයත් අප්‍රධාන තැනට අප්‍රධාන දෙයත් දමන්න.


4. හැම දෙයක්ම එක පාරට කරන්ඩ හදන්න එපා. එක විටක එක දෙයකට පමණක් සිත යොමු කරන්න.


5. ඔබ යමි දෙයක් අමාරුයි කියා සිතතොත් එය අමාරුය. ලෙහෙසියි කියා සිතතොත් එය ලෙහෙසිය.


6. කරන වැඩක් සාර්ථකව කිරීමට එයට අතගැසීමට ප්‍රථම ඊට අවශ්‍ය නිපුණත්වය ලබාගන්න. 'දැනුම බලයකි'.


7. කලබල නොවී වැඩක යෙදෙන්න. හරි ගස්සන්ඩ බැරි දේ ගැන නොවෙහෙසවන්න.


8. අනවශ්‍ය ලෙස වැඩ කල්දාන්න එපා. කල යුතු දේ අතපසු කරන්න එපා.


9. ඔබෙ වැඩ පොලත් ඔබෙ ආගම ධර්මයට අයත්ය.


10 ඔබෙ සහායට ඔබට ගත හැකි අදෘශ්‍යමාන මහා බල ශක්තියක් ඇති බව කිසි විටක අමතක නොකරන්න.

1 comment:

Anonymous said...

Nice Sayings

Search This Blog