Sunday, August 29, 2010

බුද්ධ ධර්මයට අනුව උපතේ සිට මිනිසාගේ ජීවිතය

බුද්ධ ධර්මයට අනුව උපතේ සිට මිනිසාගේ ජීවිතය දශක කොටස් දහයකට වෙන්කර තිබෙ.


මන්ද දශකය - කුඩා දරුවෙකු ලෙස ඉපිද සිටිනා මිනිස් දිවියේ මුල් වර්ෂ දහයවෙ. එහිදී වෙන අයගේ උදවිවෙන් බොහෝ කටයුතු කර ගනී.


කඩිඩා දශකය - ක්‍රීඩා දශකය මිනිසෙකු කමයෙන් තරුණ වියට එළඹෙන වසර දහයේ සිට විස්ස දක්වා කාලයයි.


වර්ණ දශකය - ශරීරය අලංකාර වී උපරිම වර්ධනය යුතුව පැවතීමයි.


බල දශකය - වස‍ර තිහෙන් අනතුරුව කමයෙන් ඉගෙනීම  සහ රැකියාවෙන් ඉහළට ගොසින් සමාජයේ තම බලය පදර්ශණය කෙරෙන්නේ බල දශකයේදීය.


පඥා දශකය - වයස අවුරුදු හතලිහෙන් පසුව එළඹෙන්නේ තරුණ කළ දී මෙන් කාර්ය ශූර කලබලකාරී නොවන, හොදින් සිතා බලා කටයුතු කරන බුද්ධිය භාවිතා කර කටයුතු කරන දශකයයි.


හායන දශකය - වයස පනහෙන් ඇරඹෙන මනුශ්‍ය ශරීරයේ පිරිහීම.


පබ්බාර දශකය - වයස හැටෙදී ඇරඹෙන දශකයේ තමන්ට තම ශරීරය බරක් බව දැනෙන හෙයින් එය පබිබා දශකය වෙ.


පවංක දශකය - කොදු ඇට පෙලේ දුර්වලත්ව නිසා වයස හැත්තැවෙන් ඔබිබට එළඹෙන පවංක දශකයේ මානවයා දෙකට නැමී ගමන් කරයි.


මොමුහ දශකය - වයස අසුවෙ සිට අනූව දක්වා වන මොමුහ දශකයේදී අමතක වීමි ඇතිවන අතර


සායන දශකය - අනූවෙන් පසුව තව දුරටත් දුර්වල වන ශාරීරික හා මානසික කියාකාරීත්වය හේතුවෙන් වැඩි කාලයක් නිද්‍රාශීලීව ගත කරනා මානවයාගේ දශකයයි.


බුදු බණේ මෙපරිදි දක්වා ඇත්තේ සාමාන්‍ය මිනිසෙකු ගේ සාමාන්‍ය ආයුකාලය තුලදී ඒ ඒ අවධි වල ඇතිවන ක්‍රමිකතාවන් වන අතර මෙය මත්පැන් බොන්නෙකුගේ නමි එකී දශකවලට පෙරද උසස් මානසික තත්වයක් හෙබි අයෙකුගේ නමි එකී දශක වල වූ සිදුවීමි මීට පමා වද සිදුවෙ.

No comments:

Search This Blog