”ගම්බාරෙ” නම් වූ චරිතය දකුණු පළාතේ සහ ඌව පළාතේ කොටසක බොහෝ ප‍්‍රසිද්ධ චරිතයකි. ගොඩමඩ ඉඩම්, හරකාබාන, දැසි දස්සන්ගෙන් හෙබි ගමේ වෙසෙන ප‍්‍රභූවරයෙක් මෙනමින් හැදින්වීය. අදටද මේ ‘‘ගම්බාරෙ’’ නම හිමි වැඩිහිටියන් ජීවත්වුවද ඇතැම්විට එය නමට පමණක් සීිමාවී ඇද්දැයි සැකසිතිය හැකි වාතාවරණයක් පවතී. වෙනත් ප‍්‍රදේශවල ‘‘ආරච්චිලට’’, ‘‘ලොකු ඉස්කෝලෙ මහත්තයට’’, ‘‘වෙද මහත්තයට’’ හිමිවූ තැන ‘‘ගම්බාරෙ’’ටද එදා හිමිවිය.
සමහර ගම්බාරෙලගේ මී ගව පට්ටිවල ගවයන් ගණන දහස ඉක්මවයි. කුඹුරු වැඩ කාලයට ගමට ගෙනෙන මී ගවයන් කුඹුරු වැඩ අවසන්වූ පසු නැවත ඈත වනාන්නතරේට ගෙනගොස් ගවපට්ටි ආසන්නයේ නිදහසේ සිටීමට සලස්වයි. මේ ගවයන් නිදැල්ලේ සිටියත් උන් බලාගන්නට ගොපල්ලෙක් සිටී. ගව පට්ටියේ සිටින සතුන් ගණන අනුව එය බලාගන්නා, ආවතේව කරන සේවක ගණනද වැඩිවෙයි.
කතරගමට නුදුරුව මීට දශක හය හතකට පමණ පෙර විසූ මෙවැනි ‘‘ගම්බාරෙ’’ කෙනෙකු ලෙස ‘‘වලවේ’’ ගම්බාරෙ කා අතරත් ජනප‍්‍රිය පුද්ගලයෙක් විය. ආගම දහමට ලැදි ඔහු නිර්මාංශ ආහාරයට ගන්නා කෙනෙක් විය. තිරික්කලෙන් වැඩිපුර යනඑන ඔහු බරබාග දෙකකටම හිමිකම් කීවේය.
මේනිසා ගමෙන් සිදාදියට බර ගෙනයන්නත් සිදාදියෙන් ගමට බර ගෙන එන්නත් ‘‘වලවේ’’ ගම්බාරෙගෙ බරබාගේ නැතුවම බැරිවිය. මේ එක් බරබාගෙක කරත්තකරු වූයේ සේතං නැමැත්තෙකි. සේතං යෞවනවිය ඉක්මවා මැදිවියට පා තබන වයස් සීමාවේ පසුවුවත් අවිවාහකයෙක් විය. නමුත් ඔහු ගැන ගමේ වැඩි දෙනෙක් කතා කළේ හොද චරිතයක් ඇති තැනැත්තෙක් ලෙස නම් නොවේ. විවාහක තරුණ කාන්තාවන්ට බැල්ම හෙලන්නෙකුවූ සේතං ‘‘මනමාල සේතං’’ ලෙසද ගමේ සමහරු විසින් හැදින්වීය. ගම්බාරේද සේතං ගැන දන්නා නමුත් තම දාසයන් අතරින් ජව සම්පන්නම දාසයා ඔහු බැවින් ගම්බාරෙගෙ ද හිත් දිනා ගෙන සිටියේය.
මත්තල පැත්තේ ගෙදරකට නිතර සේතං යන එන බවට කසුකුසුවක් පැතිරෙන්නට වූයේ මේ අතරය. මෙය ගම්බාරෙගෙ කණටද වැටුණි. සේතංගේ මේ නොමනා ක‍්‍රියාව ගැන දවසින් දවස නරක ආරංචි ගලා එන්නට විය. එම තමන්ගේ නමට මහා කැළලක් වනු ඇතැයි ගම්බාරෙගේ අදහස විණි. ඒ නිසා මේ සිද්ධිය වැඩිදුර යන්නට පෙර වළක්වාගත යුතුයැයි ගම්බාරෙට සිත්විය. මේ සදහා තනිවම උපායක් කල්පනා කළද ඔහුට එවැන්නක් නොආයේ සේතං නිසා ගම්බාරෙගෙ සිතද දැඩි සේ අවුල් වී තිබූ නිසාවෙන් විය යුතුය.
‘වලවේ ගම්බාරේ’ මහ සංඝරත්නය සමගද සමීප ඇසුරක් තිබූ තැනැත්තෙක් විය. දුර ගමනක් යන විට දෙවියන් බුදුන් සිහිකර පිටත්වීම ඔහුගේ සිරිතය. දිනක් පාන්දරින්ම තිරික්කලයේ නැගුණු ගම්බාරේ නිවසින් පිටවූයේ යන තැන කිසිවෙකුටත් නොදන්වාය. ගම්බාරේ නැවතුනේ ගව් කිහිපයක් දුරින් පිහිටි ආරණ්‍යගත භික්‍ෂූන් වහන්සේ නමකගේ ආවාසයේය. සේතං නම් වූ දාසයා නිසා තමන් මුහුණ පා සිටින සිත්තැවුල හිතවත් භික්‍ෂුවගේ කණේ තැබුවේ අඩුවක් නැතුවය. ඊට සාවධානව ඇහුන්කම් දුන් වියපත් ඒ හිමිනම දුන් අවවාදයෙන් ගම්බාරෙගෙ සතුට නිම්හිම් නැතිවිය.
අදුර වැටෙන්න ඔන්න මෙන්න කියා ආපසු ගමට ආ ගම්බාරේ තම දාසියන් අමතා මහබැද්දේ ගවපට්ටිවලට යවන්නට හාල්, තුනපහ, ලූනු, හුණු දුංකල, පොල් ආදිය සුදානම් කරන්නැයි දැන්වීය. එදා අදමෙන් වී පාහින්නට මෝල් නොවීය. ගමේ කාන්තාවන් පිරිස් එකතුවී බිම එළන ගෝනි පඩංගුවකට වී දමා මෝලගස් වලින් කොටා සහල් සාදා ගනු ලබයි. ඒ අනුව ගම්බාරෙගෙ අණ ලද පසු දාසියෝ එකතුව වී මලූ තුක්ම සහල් කරන්නට පටන් ගත්හ. ඒ අනුව දින දෙකක් ඇතුළත එකසිය පනහකට පමණ සෑහෙන අඩුම කුඩුම පිළියෙල කෙරිණි.
මේ අතරවාරේ සේතං ඇමතූ ගම්බාරේ, මහබැද්දේ ගවපට්ටිය ළග ඇති හේන කොටන්නට පිරිසක් රැුගෙන එහි ගොස් හේන කොටා කොටසක කුරහන් ද තව කොටසක තලද වපුරන ලෙස දැනුම් දුන්නේ පිරිස කැටුව කරත්තයකින් යන ලෙස දන්වමිනි.
සේතං මහබැද්දේ ගවපට්ටියට කිහිප වතාවක් ගියද ඒ කරත්තයකින් නම් නොවේ. ගම්බාරේ මේ මහකැලේ කරත්තයකින් යන්න කියන්නේ ඇයි දැයි සේතංට ගැටලූවක් විය. ගම්බාරේ දැනුම්දීම අනුව නම් මෙය සතිතුනක පමණ කාලයක් ගතවන ගමනකි. එතරම් කාලයක් එහි ගෙවන්නේ කෙසේදැයි සේතංට සිත්විය.
‘‘කබරොස්සාට ලාඩං ගහන්න කම්මලේ උන්දෑ තව දින හතරක් පහකිං එන්න කිව්වා.’’ ගමනට අදිමදි නොකියා සේතං පිළිතුරු දුන්නේය. කබරොස්සා යනු ගම්බාරෙගෙ කරත්තවල බදින නාඹර ගොනෙකි.
‘‘ආ ඒකත් එහෙමද? එහෙනම් ඌ තියලා. වෙන ගොන්නු දෙන්නෙක් බැදගන පලයං’’ ගම්බාරෙ පිළිතුර සේතං බලාපොරොත්තුවූ එකක් නොවීය.
‘‘කැලේට ඇතුළු වෙනකොට කොළ අත්තක් එල්ලලා ඇතුලූ වෙයං. බැද්ද කොටන්න ඉස්සර පානක් පත්තුකරලා මිසක් වැඩ පටන් ගන්නවා එහෙම නෙවෙයි. ඇට වපුරන කොටත් පානක් පත්තු කරලා මිසක් වැඬේ පටන් ගන්නවා නෙවෙයි. මේවා දෙවියන්ගේ අඩවි. අපි ඒවායේ වැඩපළ කරන කොට දෙවියෝ බුදුන් සිහිකරලා කරන්න ඕනෑ. අපේ මුතුන්මිත්තොත් එහෙමයි කළේ.’’ ගම්බාරෙ නොනවත්වාම කියාගෙන ගියේ පිරිස අතර සිටි දැනමුතුකම් දන්නා ගොවියෙකු ද වූ බැවිනි.
එදින රාත‍්‍රියේ ගමනට අවශ්‍ය අඩුම කුඩුම කරත්තයට පැටවිණි. ඒ අතර පොල් ගෝනියක් දෙකක් ද විය. මෙච්චර පොල් මොකටදැයි සේතංට ප‍්‍රශ්නයක් විය. පසුදා පාන්දර දහ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සේතං සමග ගමනට පිටත්විය.
මේ ගමන ගැන සේතං සිටියේ පැහැදීමකින් නොවේ. සේතං දෙවියන් බුදුන් ගැන විශ්වාස කළ තැනැත්තෙක් නොවීය. මහවනයට ඇතුළුවන තැනදී කොළ අත්තක් එල්ලන්නැයි ඉල්ලීමක් කළද සේතං එය පිළිපැද්දේ නැත. එහෙත් ගමනට එක්වූ සෙසු සියලූ දෙනාම කුඩා කොළ අත්ත බැගින් එල්ලූවේ සිරිතට ගරු කරමිනි.
හැන්දෑ වෙනකොට මහබැද්දේ ගව පට්ටියට පිරිස ළගා විය. එහි වූ හත් දෙනෙකුගෙන් යුතු පිරිස සේතංගේ ගමනින් පුදුමයට පත්ව සිටියහ. සේතංගේ මත්තල පළහිලව්ව ඔවුන්ද දැන සිටියේ ගම්බාරෙගෙ දැසි දස්සන්ට එය රහසක් නොවූ නිසාය.
‘‘සේතං මත්තල ගියේ නැතෑ’’ ගව පට්ටියේ කටකාර ගොපල්ලාගේ කතාවෙන් සේතංගේ සිත පිනා ගියේය.
‘‘බලපං මම එහේ යනවටදෝ කොහෙද ගම්බාරේ මාව මෙහාට එව්වා. එයා දන්නේ නෑ මේ සේතං කවුද කියලා. ගම්බාරෙට නෙවෙයි දෙයියන්ටවත් මේ සේතංගේ ගමන නවත්වන්න බෑ. ඒක දැන ගනිල්ලා’’ උද්දාමයට පත් සේතං කීවේය.
පසුදා පාන්දරම කැලෑවෙන් කෝටු කිහිපයක් කපාගෙන හේන කොටන ඉස්ව්වේ නැගෙනහිර පැත්ත බලා පහන් පැලක් හදා ඒ වෙනුවෙන්ම ගෙනා පොල්තෙල් වලින් පහනක් දැල්වූයේ සේතං සමග පැමිණි දහදෙනා එකමුතුවය. නමුත් සේතං මේ කිසිම වැඩක උදව්වට නොආයේය.
ගවපට්ටියේ ලොකු පැලට වී ඔහු දවස ගෙවයි. කරත්තයේ ගොනුන් දෙදෙනා දිගේලි කරන්නේ ගව පට්ටියේ වැඩකරන්නෙකි. දින කිහිපයක් මෙසේ ගෙවෙද්දී හේනේ වැඩ අඩකින් පමණ නිමවීම කාගේත් සතුටට කරුණක් විය. සවස හේනේ වැඩ නිමාකර පැලට එන පිරිසට පැල තුළින් බැදුමක සුව`දක් ඈත තියාම දැනෙන්ට විය.
’‘අපි ඇට වපුරන්න ඉස්සර කතරගම දෙවියන්ට බාරයක් වෙමු. කොහොමත් තව සතියක් යනකොට ඇට ඉහින්න පුලූවන් වෙයි. ඇට ඉහලා කණු කැපිලා පැල මතුවෙනකම් ගමරට යන්න හිතාගන්නවා එහෙම නෙවෙයි.’’ ගොවි කණ්ඩායමේ නායකයා සෙසු නවදෙනාට උපදෙස් දෙමින් කීවේ හේනට නුදුරු ආරේ දිය නාද්දිය.
දියනාගෙන පැලට ආ පිරිස කෑම කන්න සුදානම් වෙද්දි දෙවියන්ට පහන් පත්තු කරන්නට ගෙනා තෙල් බෝතලය ලිප අද්දර තිබෙනු දුටු ගොවි කණ්ඩායමේ නායකයා, බැදුම් බැද්දේ දෙවියන්ට වෙන්කළ තෙල් වලින්දැයි එහි සිටි සේතංගෙන් විමසුවේ තැතිගැන්මෙන් යුතුවය.
’‘මම දන්න දෙයියෙක් නෑ බං. ඔන්න ඔය අතට අහුවුණ තෙල් බෝතලේක තිබුණ තෙල් දාලා බැද්දේ. ඔය බෝතලේ තව තෙල් තියෙන්නේ සේරම ගත්තයැ.’’ නොරිස්සුමෙන් යුතුව සේතං පිළිතුරු දුන්නේය.
’‘දෙවියන්ට වෙන්කළ තෙල්වලින් පිහාපු බැදුම් එහෙම උඹලා කනවා නෙවෙයි. ලේ බඩ යන වැඩනේ මේ සේතං උන්නැහැ කරන්නේ.’’ ගොවි කණ්ඩායමේ නායකයාගේ පිළිතුර විය. සේතං පිසූ බැදුමේ සුවද ආඝ‍්‍රාණය කරමින් රතුහාලේ බතුයි මුංඇට මාලූවයි පමණක් අනුභව කරන්නට පිරිස වගබලා ගත්තේය.
’‘මේ කල්වාරි හොද්දයි බතුයි ගිලලා එපා වෙලා බං තියෙන්නේ. දඩමස් කෑල්ලක් එක්ක බත් ඩිංගක් කන්න තියනවනම් කොච්චර අගේද රෑ ’’ දිනක් හේන ආසන්නට ආ සේතං කීවේය.
’‘අවකැපෙන කතා කියන්න එපා සේතං උන්නැහැ. මේ වනාන්තරේ දෙවියන්ගේ අඩවිය. අපි කට වරද්දා ගන්න හො`ද නෑ.’’ හේනේ වැඩ කරන්නෙකුගේ පිළිතුරෙන් සේතංට තරමක් කේන්ති ගිය බවක් පෙනිනි.
‘‘උඹලත් ‘ගම්බාරය’ වගේමයි. කොහේදෝ ඉන්න නොපෙනෙන දෙයියෙක් මොන වැඬේ කරන්නත් කලින් ඉස්සර කරගන්නවා. කෙහෙල් මලක්. නිකම් මනස්ගාත ඔලූවේ දාගන්නේ නැතුව හිටපල්ලා. ඉන්නකංනේ මේ සේරම. බලාගෙන ගියාම මුං ඔක්කොම පිස්සෝ’’ කියමින් සේතං හේනෙන් පිටත්විය.
ඇට වැපිරීම ස`දහා සුදානම් කළ හේන වල් ඌරන් විසින් කනපිට පෙරළා ඇති බවක් දිනක් හේනට ගිය පිරිසට අවබෝධ විය. වටේට තල වපුරා මැද කොටසේ කුරහන් වැපිරීම සැලසුම විය. තලවලට වනසතුන්ගෙන් හානියක්් නැතැයි යන විශ්වාසය ගැමියන් තුළ පැලපදියම්වී තිබේ. මැද කොටසේ කුරහන් වපුරන්නේ තලනිසා කුරහන් වලාවට ආරක්‍ෂාවක් සැපයෙන හෙයිනි. මෙය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වෙයි.
කෙසේ වෙතත් හේනට මේ ආකාරයෙන් වල් ඌරන් පැමිණීම සුබ ලකුණක් නොවන බව ගොවි පිරිසට අවබෝධ විය.
‘‘සේතං ගොයියාගේ වැඩ හින්දා හේනට බාධාවෙන්න ඇති’’ පිරිස එසේ සිතීය. හේනේ හතර කොනේ සහ මැද පහන් වැටවල් සාදා එහි පහන් තුන්වරුවක් යන තුරු නිවෙන්නට නොහැරීමට වග බලාගත් ගොවි පිරිස ඒ තුන්වරුව තුළ හේනේ කිසිදු වැඩක් නොකළහ. මෙය කෙමක් යැයි පසුව දැනගන්නට ලැබුණි. පහන් දල්වා අවසන්වූ දිනට පසුදා ඇට වර්ග වැපිරීය.
ඇට වපුරා අවසන්වූ වහාම සේතං තමන් කැටුව ආ පිරිසට ආපසු යන්නට කතා කළේ මහබැද්දෙන් පිටත්වන්නේ දැයි ඇගලි ගනිමින් සිටි නිසාය. කරත්තය දක්කාගෙන තනිව යා හැකිවී නම් සේතං ආපසු ගිහිංය. නමුත් මේ ගමන තනිව යන එන්නෙක් නම් තවමත් නැත්තේය. ගමන ඒ තරම් අවදානම්ය.
පැමිණි පිරිස කීවේ වැපිරූ ඇට පැලවූ පසු යා යුතු බවය. එයට තවත් සතියක් හමාරක් ගතවනු ඇත. ඒ දින කිහිපය ඉවසනවා හැරෙන්නට සේතංටද වෙන කරන්නට දෙයක් නොවීය.
තවත් දින දහයකින් පිරිස ආපසු ගමේ යන්නට පිටත්වූහ. හේන කතරගම දෙවියන්ටත් ගම්බාර දෙවියන්ටත් බාරකළ පිරිස සේතංද පෙරටු කරගෙන කරත්තයෙන් ආපසු එන්නට පිටත්විය. හේන දෙවියන්ට බාර කිරීම ගැන සේතං කතා කළේ උපහාසයෙන් යුතුවය.
‘‘ඔච්චර හරියක් කරන්න මහන්සි නොවී ඒ වැඩ ටිකත් දෙවියන්ටම බාරදෙන්න තිබුණනේ’’ සේතං ඔච්චම් කරමින් කීවේය. කිසිවෙකුත් සේතංට පිළිතුරු දෙන්නට ඉදිරිපත් නොවීය. හිරු හොදින් පායා නිල්වන් අහසින් යුතුව තිබු නිසා ගමනට බාධා නොවීය. නමුත් මහවනයේ සීමාවට ළංවෙද්දී අහස කලූකර ඇති අයුරු කාටත් අවබෝධ විණි. කාලගුණය අයහපත් වන බව පෙනෙන්නට වූ නිසා පිරිස ගමන ඉක්මන් කලේය. වැස්ස ඇද නොවැටිණි. නමුත් කරත්තයේ රෝදයක පට්ටමක් ගැලවී ගියේ ඉන් තවදුරටක් යා නොහැකි ලෙසිනි.
කරත්තයේ රෝදය හදාගන්නට ගත් උත්සාහය සඵල නොවීය. සතුටට කරුණක් වූයේ මේ අකරතැබ්බය වී තිබුණේ ගමක් ආසන්නයේ වීමයි. එදින රාත‍්‍රිය ගමේ ගතකර පසුදා කම්මල් කරුවෙකු ගෙන්වාගෙන කරත්තයේ රෝදය හදාගෙන ගම්බාරෙගෙ නිවසට එනවිට දින දෙකක් ගතවිය. සේතං ගොයියා කැලෑවෙදි කටවරද්දා ගැනීමත් දෙවියන් හෑල්ලූවට ලක්කිරීමත් මේ විපතට හේතුව වන්නට ඇති බව සැමදෙනාම සිතූහ. සේතං ද එදායින් පසු දෙවියන් විහිළුවකට නොගත්තේය.
අජිත්ලාල් ශාන්තඋදය
2012 දෙසැම්බර් මස 02 13:57:38 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
හේනක රටකජු වගාවක්
හේනක මුං ඇට වගාවක්
හේනක ඉරිගු වගාවක්
No comments:
Post a Comment