dunhinda.com

Sunday, May 13, 2012

මුතියංගණය



හිරුගොත් වංශයේ අප මහා මුණි රජුන් වෙසක් පුන් පොහෝ දිනක පන්සියයක් ළයෙහි උපන් මහා මුණිවරුන් සමග මේ ලක් දෙරණට වැඩියා.ඒ තමයි ඒ අසිරිමත් ඉසිවරයන් වහන්්සේ මෙ ලක් දෙරණට වැඩි අවසන් වතාව. කැළණිය,සමන්ඨකූඨ පර්වතය,දීඝවාපී බිම්,සම්බුදු සිරි පා පිළිගත්තා......දිවා විහරනයෙන් පසු ඒ භගවතානෝ ඌව වෙල්ලස්ස බිම සොයා වැඩම කොට වදාලා.වෙල්ලස්ස බිම සිරිපා කමල් සිප ගනිද්දි හමා ගිය බුදු සුවද දැනුනු ඌවට අධිගෘහිත ඉන්දක දෙවිදුන් තම දේව මණ්ඩලයත් සමග පැමින ඒ බුදු සමිදුන් සරණ ගියා... උන් වහන්සේ ඒතැනදී මොහොතක් ඒ පන්සියයක් මහ රහතන් වහන්සේලා සමග ,අනාගාමි උතුමන් සහ නිකෙලෙස් මුණිවරු පමණක් සම වදින "නිරෝධසමාපත්තියට"සම වැදුන බව මුතියංගන ඉතිහාසය සාක්ෂි දරනවා .බුදු සමිදුන් වඩින්නට කලින් ඉන්දික දෙවිදුන් උන් වහන්සේගෙන් වන්දනා කරන්නට යමක් ඉල්ලා සිටියා.ඒ මොහොතේ මහා අසිරියකින් උන් වහන්සේ තම ශ්‍රී දේහයේ රැදුනු දාඩිය බිදුවක් සෘධියකින් ධාතූන් වහන්සේලා බවට පත්කලා. නීල වර්ණ කේෂ ධාතූන් වහන්සේලා සමග,තවමත් ඒ අසිරිමත් මුතු ධාතූන් වහන්සේ මුතියංගණ මහා සෑ ගර්බයේ මුතුවන් රැස් විහිදුවමින් වැඩ සිටිනවා.... දෙවි මිනිස් සහිත ලෝකයේ බුදුරදුන්ගේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් වූ එකම ධාතූන් වහන්සේ මේ මහා සෑයේ වැඩ සිටිනවා. ඒ වගේම උන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී ලබා දුන් ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් කේෂ ධාතූන් වහන්සේලාට අමතරව වැඩ සිටින එකම ධාතූන් වහන්සේ ලෙසත් මේ මුතු ධාතූන් වහන්සේ සැලකෙනවා. විරාජිතං බුද්ධ ගුණෙන සබ්බදා... සුරක්ඛිතං ඉන්දක දේව තේජසා... ජයංගණං සීහල දීප වාසිනං... මුතිංගණං ථූප වරං නමාමි ෴සැමදා බුද්ධ ගුණයෙන් බබලන්නා වූ ද,ඉන්දක දෙවියන්ගේ තේජසින් ආරක්ෂාව ලබන්නා වූද සීහලදීප වාසීන්ගේ ජන්ම භූමියක් වන්නා වූද මුතියංගණ චෛත්‍යය රාජයාණන් වහන්සේට මම නමස්කාර කරමි.෴ ඉන් දක සිරි දෙවිඳු තෙද පැතිරුණ තැනය... වන් දිත රැකෙන බබළන සුදු ගුණය... සිංහලයට ජය දුන් වර අපමණය... සං සුන් සිතින් නමදිමු මුතියංගණය...

Search This Blog