dunhinda.com

Monday, June 11, 2012

මහකැබිලිත්තේ පිරිත් සඡ්ඡායනයට දිවියා එරෙහි වෙයි - කතරගම දේව අඩවියේ හාස්කම් - 18


2012 ජූනි මස 10 12:28:26 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
Photo; මහකැබිලිත්ත දේවාලය

නඩත්තුවක් නොමැතිකමින් කුමණ වනෝද්‍යානයේ සතුන්ගේ ප‍්‍රයෝජනයට තැනුන ලොකු කුඩා වැව් කැඞී ගොසිනි. සමහර ඒවා කුමණ කැලෑවේ කදවුරු බැදගෙන සිටි කොටි ත‍්‍රස්තයන් විනාශ කර දමලාය. මේ නිසා ජල බිදක් ඉතුරුවී ඇති දියකඩිති වලට ඇදෙන වන සතුන් ගණන විශාලය.

මේ ආකාරයට 2009 වසරේ අගෝස්තු වනවිට නියගය තදටම සතුන්ට දැනුනි. පිපාසයට දිය පොදක් සොයා යද්දී තවත් සතෙකුට ගොදුරු වන්නටද සමහර සතුන්ට සිදුවිය. වනයේ තැනින් තැන හැර බැලූ බැලූ හැම තැනකම ගහකොළ වියළී ගොසිනි. දියකඩිති සිදී ගොසිනි.

යුද්ධය ද නිමවී ගිය නිසා එතෙක් කල් කුමණ කැලෑවේද ආධිපත්‍ය හිමිකරගෙන සිටි දෙපා කොටි හෙවත් කොටි ත‍්‍රස්තයන්ද කුමණ අතහැර ගොසිනි. ආරක්‍ෂක අංශවල නියෝග මත කුමණ හැරගිය එහි බාරකරුවන් වූ වනජීවී නිලධාරින්ද යළි කුමණට පැමිණ ඔකද පිවිසුම් ස්ථානයේ කදවුරු බැදගෙන සිටී.

වනාන්තරයට සහ වනසතුන්ට සිදුවී ඇති ස්වාභාවික විපත දකින විට හද කකියයි. නමුත් කළ හැක්කක්ද නොවේ. මේ ව්‍යසනයෙන් වනසතුන් මුදවා ගන්නනම් ආශ්චර්යයක්ම විය යුතුයි. වනජිවී නිලධාරිහූ සිතූහ.

මේ අතර ඔකද වනජිවි කාර්යාලයට තරමක් දුරින් පිහිටි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට එවකට කුමන බාරව සිටි අඩවි සහකාර බී. ගුණසිංහ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ගියේ ලොකු හාමුදුරුවන් මුණ ගැසෙන්නයටය. මේ ගමනට පරිසරයට වඩාත් හිතැති වනසතුන්ට ආදරය කරන රවි ධර්මසේන, අනුර වීරක්කොඩි යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

තුණුරුවන්ගේ ආශිර්වාදයත් බූද්ධරත්නයේ පිහිටත් ලබාගන්නා අතරේ මේ වනාන්තරේට අධිගෘහිත කතරගම දෙවියන්ගේ ආශිර්වාද ලබාගන්නට කැබිලිත්ත සියඹලා දේවාලයට පූජාවක් තැබීම සුදුසු බව කුඩුම්බිගල නායක හිමියන්වු ධම්මසිරි හිමිගේ අදහස විය.

’‘කැබිලිත්තට ගිහිං කතරගම දෙවියන්ට පානක් පත්තුකරලා පින් අනුමෝදන් කරලා ආවොත් හොදා නේද? දෙවියන්ගේ අඩවියනේ. දෙවියෝ පින් බලාපොරොත්තුව ඉන්නවා. දෙවියන්ට පින් අනුමෝදන් කළාම පිහිටක් ලැබෙයි’’ නායක හිමියෝ කීහ.

’‘හොදයි අපේ හාමුදුරුවනේ අපි එහෙම කරමු.’’ පිරිසේ පිළිතුර විය. ඒ අනුව ගමන සුදානම් කෙරිණි. මේ ගමන ලේසි පහසු නැත. කුඩාකැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලයෙන් ඔබ්බට යන ගමන ලේසි නැත. තහනම් කලාපයක්ව තිබුණු ප‍්‍රදේශයක් නිසා හරි හමන් පාරක් තොටක් එහි නොතිබීම ඊට හේතුවයි. වනජිවී නිලධාරීන් සහ පරිසරවේදීන්ද සමග කුඩුම්බිගල නායක හාමුදුරුවෝද ගමනට එක්වුහ.

උදෑසනම ඕකන්දෙන් ඇරඹි කිලෝමීටර් අසුවකට ආසන්න දුරක්වූ ගමන මහකැබිලිත්තට ගොඩවෙන කුඹුකන්ඔය අද්දරදී අවසන් වූයේ රාත‍්‍රී දහයට පමණය. ගමන් මහන්සිය තෙහෙට්ටුව නොබලාම නායක හිමියන් කුඹුකන් ඔයෙන් අතපය සෝදාගෙන එගොඩ වුයේ බෝධීන් වහන්සේ අසලට වඩින්නටය. ගිහි පිරිසද උන් වහන්සේ අනුගමනය කළහ. දසතින්ම පැතිර ගිය අදුරත් සමග වනසතුන්ගේ විවිධ වු ශබ්දයන්ය. පිරිස අතවූ විදුලි පන්දම් කිහිපය හැර වෙනත් ආලෝකයක් නැත.බෝධිය අසලට ගිය පිරිස පහන් දල්වන්නට වූහ. පහන්වල කහ පැහැති එළියෙන් විහිදීගිය ආලෝකය ගෙන දුන්නේ අමුතුම චමත්කාරයකි. පහන් දල්වමින් ගිහි පිරිස කිසිදා නොදුටු කතරගම දෙවියන්ගෙන් ආයාචනයක් කළේය. ‘මහනිය`ගය නිසා දියපොදක් නොමැතිව පිඩා වි`දින සතාසිවුපාවුන්ගේ පවස නිවන්නට වැසි ලබාදෙන්නැයි’ ඒ ආයාචනය විය. දැල්වෙමින් තිබූ පහන්සිථ සුළගට සෙලවෙද්දී නායකහිමියන් බෝධිය වන්දනා කර පිරිත් සඡ්ඡුායනය කරන්නට වූයේ කතරගම දෙවියන්ට පිං අනුමෝදන් කරනන්ටය.

පිරිත් සඡ්ඡායනය මැද්දේ ඈතින් සතෙකුගේ ගෙරවිලි හඩක් ඇසෙන්නට විය. ක‍්‍රමක‍්‍රමයෙන් ඒ හඩ නායක හිමියන් පිටුපසින් කිට්ටුවම ඇසෙන්නට විය. ‘‘දිවියා තමයි ඒ කෑ ගහන්නේ. මොකද මේ බාධාකරන්නේ.’’ ගිහි පිරිස පිරිත් අසමින් කතා කරන්නට වූහ. පහන් එළිය හැරුණුවිට වෙනත් එළියක් නැත. විදුලි පන්දම් දැල්වීමද සුදුසු නැත. නායක හිමියන්ගේ පිරිත් සඡ්ඡායනා හඩ අබිබවා දිවියාගේ ගෙරවුම් හඩ ආසන්නයේම ඇසේ. බෝධිය ළග සිට මහකැබිලිත්ත දේවාලයට මීටර් එකසිය පනහකට වඩා දුර නැත. හාමුදුරුවන්ට බාධා කරන්නටද නොහැක. පිරිස වෙන්නට යන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව තුෂ්නිම්භූත වී ගල් ගැසී පිරිත් හඩටත් ඊට නොදෙවෙනි දිවියාගේ හ`ඩටත් කන් දෙමින් නායක හිමියන්ට තව තවත් සමීප වූහ.

පිරිත් සඡ්ඡායනය තවත් උස් හඩින් ඇසී එකවරම පිරිත් හඩ නැවතිනි. දිවියාගේ ගෙරවිලි හ`ඩ දැන් ඇසෙන්නේ ආසන්නයේමය. ‘‘මේක පුජා භූමියක්. පිරිත් කියන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේ දේකට බාධා නොකර ඈතකට ගියානම් තමා හොද’’ නායක හිමියන් එකවරම උස් හ`ඩින් පැවසුවේ දිවියාගේ ගෙරවුම් හ`ඩ අභිබවා යමිනි.

ඉන් පසු උන්වහන්සේ යළි නැවත පිරිත් සඡ්ඡායනය කරන්නට වූහ. බෝධිය ඉදිරිපිට පිරිත් ශ‍්‍රවණය කරමින් වැදගෙන සිටි ගිහි පිරිසට මේ සිදුවීම පුදුම දනවන්නක් විය. සුලූ වේලාවකට පසු දිවියාගේ ගෙරවිලි හඩ ක‍්‍රමයෙන් ඈත්වන්නට විය. තවත් සුලූ වේලාවක් ගතවෙද්දී ඒ හඩ නෑසී ගියේය.

‘‘ඌ යන්න ගියා. කුඹුක්කන් ඔයට දිය බොන්න ආ දිවියෙක් වෙන්න ඇති. වෙනදා නැති ශබ්දයක් ඇහිලා ඌ කලබල වෙන්න ඇති ඒකයි’’ හැමෝම සැනසුම් සුසුම් හෙළමින් කියා ගත්හ.

පිරිත් සඡ්ඡුායනයෙන් පසු දෙවියන්ට පින්දී රාත‍්‍රියේම කුඩා සියඹලාවටත්, මහ සියඹලාවටත් පහන් දල්වා වනසතුන්ගේ පිපාසය නිවන්නට වැහි ලබාදෙන්නැයි ගිහි පිරිස යළි ආයාචනා කරන්නට විය.

පසුදා පාන්දරින්ම ආපසු එන්නට පිරිස පිටත්වූහ. වනසතුන්ට පමණක් නොව ගමනට ගිය අයටද පිපාසය තදින් දැනුනේ නිය`ගයේ උග‍්‍රබව හේතුවෙනි. වෙනදා එගොඩවෙන්නට බැරි තරම් වතුර ඇති අලකොළආර, කළුකුඤ්ඤංආර වැලි තලාවන්ය. තැන තැන එකතුවූ වතුර කොළපාටය. වෙනදා එහි සිටින කිඹුල්ලූ ආගිය අතක් නැත. කුඩමසුන්ට වූ දෙයක් හිතා ගන්නටවත් බැරිය.

පිරිසට ගමන් තෙහෙට්ටුව නිසා ආපසු ගමන හෙමින්ය. ආපසු එද්දී කුඹුකන්ඔය ආසන්නයේ කළුගල්තොට ප‍්‍රදේශයේදී එන මාර්ගයට තරමක් ඈතින් දැවැන්ත කුළු හරකෙක් බිම වැටී දගළනු පෙනිණි. පිරිස ඒ දෙස බලා සිටින්නට වූහ. පිපාසය ඉවසාගත නොහැකිව දිය පොදක් සොයා පැමිණ දැඩි විඩාව නිසාම මේ කුළු හරකා බිම වැටී ඇති බව කාටත් අවබෝධ විය.

‘‘අනේ පව්. වතුර බොන්න ඇවිත්. කුඹුකන්ඔයෙත් වතුර නෑ නොවැ. හුගාක් අමාරුවෙන් ඉන්නේ.’’ පිරිස එකිනෙකා කතා කරන්නට වූහ.

‘‘ඔව් මහත්තයෝ ඌ තව වැඩි වෙලාවක් ජිවත්වෙන එකක් නෑ. මැරෙන්න පණ අදිනවා. අපි වතුර පොදක් පොවමු.’’ නායක හිමියෝ සිය හඩ අවදි කළහ.

මේ කරන්නට යන්නේ ඉතාම අවදානම් වැඩකි. දිය පානය කිරීමෙන් පසු ශක්තියක් ලැබුණොත් කුළුමීමාගෙන් පිරිසට කරදරයක් පවා සිදුවිය හැකිය. ඒත් දියපොදක් නැතුව අවසන් හුස්ම හෙළන්නට දගලන මේ තිරිසනාට දියපොදක් පොවමු යැයි නායක හිමියන්ගේ යෝජනාව සියලූදෙනාම අනුමත කළහ.

බිමවැටී දගලමින් සිටි කුලූමීමාට පිරිස පරෙස්සමින් කිට්ටු වී විපරම් කරන්නට වූහ. එකවර නැගිටින්නට තරම් ශක්තියක් ඌට නැතිබව කාටත් හොදින් අවබෝධ විය. පිරිස ගෙන ගිය බ`දුනකට ඔවුන් අත තිබූ වතුර ටිකක් දමා පණ අදින කුළුමීමාට පොවන්නට ළං වෙද්දී උගේ දෙනෙත්වලින් තමන් වැටී ඇති අසරණබව පෙන්නුම් කළේ සියලූ දෙනාගෙම නෙත් අගට කදුළු බිදු එකතු කරවමිනි.

දින ගණනාවක් පිපාසයෙන් මේ කුළුමීමා සිටින්නට ඇතිබව පිරිසට ඒත්තු ගියේ දුන් වතුරටික බිව් ආකාරය දුටු විටදීය. කැලේ කාටත් බය නැති ආධිපත්‍ය පතුරුවාගෙන සිටින, දුටු දුටුවන් පසුපස පන්නන මේ ජවසම්පන්න බලපුලූවන්කාරයා දැන් අන්ත අසරණය.

’‘පේනවා නේද මහත්තයෝ කාට වුණත් ඔහොම තමයි. බැරි දවසක් එනවා. එදාට පරණ කෙරුම් ඉවරයි. ඕක තමයි බුදුබණ.’’ නායක හිමියන්ට ඉතිරි හරිය කියන්නට ලැබුනේ නැත. වතුර පානය කළ බිම වැටී සිට කුළුමීමා යන්තම් ඇ`ග ගස්සවා දෙනෙත් ඇරගෙනම අවසන් ගමන් ගියේ පිරිස ඉදිරියේය.

මහ වනයේ ඉපදී එහිම හැදී වැඞී අවසානයේ එහිම අවසන් ගමන් ගිය කුළුමීමාගේ සිරුර දෙස බලා අනිත්‍ය මෙනෙහි කළ පිරිස ආපසු එන්නට පිටත්වූයේ ‘‘නියගය නිසා මේ වගේ අහිංසක සතුන් තව කොච්චර නම් මියෑදෙන්න ඇතිද’’ යන්න පවසමිනි.

තිරිසනෙක් වුවත් කුළුමීමාගේ මරණය පිරිසගේ නිහඩබව රජ කරවන්නට හේතුවක් විය. කතා නොකළත් සියලූ දෙනා සිහිපත් කරමින් සිටියේ වනයේ බලපුලූවන්කාරයාගේ අවසන් මිනිත්තු කිහිපයයි.

පිරිස දැන් ආපසු එති. එන ගමන් කුඩා කැබිලිත්තට නැත්නම් මඩමෙතොට දේවාලයේද පහනක් දල්වා වැහි ආයාචනා කළහ. එතැනින් පිටත්වු පිරිස ඉදිරියට ඇදෙන විට අහසේ යම් වෙනසක් ඇතිවෙන බව පැහැදිලිව පෙනෙන්නට විය.

‘‘නායක හාමුදුරුවනේ, වැහි බීරුමක් නම් ආවා.’’ ඉහවහා ගිය සතුටින් පිරිස කියන්නට වූහ. ‘‘ අපි කිව්ව දේවල් හරි. මේ වනාන්තරේ හාස්කම් තියනවා මහත්තයෝ. අපි දෙවියන්ට පින්දීලා ඉල්ලූවේ නරක දෙයක් නෙවෙයි. තව ටිකකින් අපිට ඒ හාස්කම් අපේ ඇස් පනාපිටම බලන්න පුළුවන් වෙයි’’ නායක හිමියන් එසේ කියා එන්නට ලැබුණේ කිලෝ මීටරයකටත් වඩා අඩු දුරකි. මහ වැහි කඩා හැළෙන්නට විය.

‘‘සැමදා නියං එකදා වැහි වළාවේ’’ කියන්නේ ඕකට තමයි. හැමෝම කියන්නට වුහ. පැය කිහිපයක් තිස්සේ ඇදහැළුන ඒ වැස්ස වන සතුන්ට පමණක් නොව ගහකොළට ප‍්‍රාණයක් ගෙනාවේය.

නියං සමයේ මෙසේ මහ වැසි ඇද හැළීම ගැන ඒ වනවිට කුමණ වනෝද්‍යානයේ කදවුරු ලාගෙන සිටි ආරක්‍ෂක අංශ නිලධාරීන් කිහිප දෙනෙකුට ද ප‍්‍රහේළිකාවක් විය. ඔවුන් වැඩි දෙනෙක් කතරගම දෙවියන්ගේ හාස්කම් ගැන විශ්වාස නොකළ පිරිසය.

‘‘හාස්කම් කියලා දෙයක් නෑ. ඒවා බොරු මිථ්‍යාවක්. හාස්කම් තියනවානම් අපි මොකටද මේ කැලේ ආරක්‍ෂා කරන්නේ. ඔය කියන බලවේග වලට පුලූවන්නේ ඒක කරන්න.’’ යැයි කියු, හිතූ ආරක්‍ෂක අංශ නිලධාරීන් පුදුමයට පත් කරවන්නට මේ වැස්ස හේතුවක් විය.

පසුදා පහන් වනවිට ‘කුඩුම්බිගල හාමුදුරුවොයි, වනජිවී කට්ටියයි මහකැබලිත්තෙ ගිහිං පූජාවක් තියලා වැස්සෙව්වා’ යන රාවය ඒ වනවිටත් කුමණ වනෝද්‍යානය තුළ ස්ථාපිත කරතිබු ආරක්‍ෂක කදවුරුවලට පැතිරගියේ ලැව් ගින්නක් මෙනි.

මේ වනවිට කුමණ වනෝද්‍යානයේ ඇතැම් ආරක්‍ෂක කදවුරුවල සිටි ආරක්‍ෂක නිලධාරීන් වනසතුන් දඩයම් කරන බවට ආරංචිද පැතිර ගොස් තිබුණි. ඔවුන්ට ඇතැම් අවස්ථාවල විවිධ කරදර ඇතිවුණි. මේ සිදුවීමෙන් පසු කතරගම දේව අඩවියේ හාස්කම් ගැන යම් විශ්වාසයක් එය විශ්වාස නොකළ අය අතරද පැතිර යන්නට හේතුවක් විය.

එහෙත් ඔකද කදවුරේ සිටි අසුවක් පමණවූ සෙබළුන් කිසිවෙකුටත් අතුරු ආන්තරාවක් නොවීය. ඇහැළියගොඩ ප‍්‍රදේශයෙන් ගිය ෆොන්සේකා නම් ප‍්‍රධානියාත් චතුරංග නම් දෙවැනියාත් නිර්මාංශක ප‍්‍රතිපත්ති ගරුක අය වූහ. මේ නිසා ඔවුන්ගේ පහළ නිලධාරියෙකුගෙන්වත් වනසතෙකුට හානියක් වෙන්නට ඉඩ නොලැබිණි. ඒ නිසාම ඔවුහු හැමෝම ආරක්‍ෂාවූහ.

එය එසේ වුවත් කුමණ වනෝද්‍යානයේ සිටිමින් සතා සිවුපාවුන්ට ගිනි බින්ද, මරා මස් කෑ සහ ඊට අනුබලදුන් කිසිදු ආරක්‍ෂක නිලධාරියෙකුට යහපතක් නම් වූයේ නැත. කුමන හෝ විපතකට මුහුණ දෙන්නට වු බව ආරක්‍ෂක අංශවල අයම කියන්නට වූහ.


අජිත්ලාල් ශාන්තඋදය

Search This Blog