dunhinda.com

Sunday, May 19, 2013

Human Rights Commission of Sri Lanka

Location:

Badulla regional office is located in Badulla district in the Uva Province of Sri Lanka.

Administrative Area:

Badulla Regional office covers Badulla and Moneragalle Districts. The entire land area of the Badulla district is 2,861 km². 15 divisional secretariats and 568 Grama Niladhari divisions are in the district. Moneragala District land area of 7,133 km².11 divisional secretariats and 319 Grama Niladhari divisions are in the district.

Population and Distribution:

DistrictPopulation DistributionTotal
SinhaleseSri Lankan MoorsSri Lankan TamilsIndian TamilsOther
Badulla56475238798295421435353376779983
Moneragala375691780057547493637397375


Other Details:

Number of Police stations: 27 (Badulla – 14 and Moneragala – 13)

Prison: 02 (Badulla – 01 and Moneragala – 01)

Other Custodial Institutions:01( Special center for Young offenders)

Children Home/ Correctional Centers: 24 (Badulla – 18 and Moneragala – 05)

Home for disable children: 01 (Moneragala)

Reports:

Monthly Complaint Details

Monthly Visits

Monthly Promotional Activities

For further clarification contact:


The Regional Coordinator

No.19/Ib, Badulupitiya Road, Badulla

Telephone/ Fax : 055-2223030

Email : hrcbadulla@sltnet.lk


Source : http://hrcsl.lk/english/?page_id=852

තවලම් යුගයේ ගමක් මොණරාගල


මොණරාගල බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුගොල්ල ගමේ පවුල් 50ක පමණ පිරිසක තවමත් සිය ප්‍රධාන නිශ්පාදනය වන කෙසෙල් කිට්ටුම නගරය වන වැල්ලවායට රැගෙන යනුයේ ගොන් තවලමිනි.

කිලෝ 50ක් බරට රැගෙන යන තවලම් 20ක් පමණ ගමේ ඇත.
ගමට සැතපුම් පහක් පමණ යා යුත්තේ පයිනි.

2013 ජනවාරි මස 14 13:59:42 | අයි ඉන්දික
ලංකාදීප



බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දළ විශ්ලේෂණය


බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය

විසිදහස් රට යනුවෙන් හැදින්වුනු ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාණ පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන ස්ථාන රාශියක් විසිරි පැතිරි තිබේ. බුදුන්ගේ පා පහස ලැබීමෙන් පරම පූජනීයත්වයට පත් සිද්ධස්ථාන 3 ක් බදුළු දිසාවේ පිහිටීම නිසා  ශාසනික ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් හොබවන පෙදෙසෙකි බදුළු දිසාව.



බදුළු දිස්ත්‍රික්කයේ පෞරාණිකත්වය ‍‍ෛඑතිහාසික යුගය ඉක්මවා ප්‍රාග් ‍ඓතිහාසික යුගය දක්වා දිවයන හෙයින් එම ප්‍රදේශය ජනාවාස වී ඇත්තේ මීට අවුරුදු විසි තිස් දහසකට පෙර බව පැහැදිලිය. බුදු හිමියන්ගේ පාද ස්පර්ෂයෙන් පාරිශුද්ධ වු මහියංගනය හා මුතියංගනය බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබීම එහි ශ්‍රේෂ්ඨත්වයට හේතු වේ. දිස්ත්‍රික්කයෙන් ලැබෙන ක්‍රිස්තුපූර්ව යුගයට අයත් ශිලාලේඛන එම ප්‍රදේශයේ ආර්ය ජනාවාස ආරම්භ වු වකවානුව පිළිබදවත් බුදු සමයෙහි ව්‍යාප්තිය පිළිබදවත් වැදගත් තොරතුරු රැසක් දක්නට ඇත.

ආර්යන්ගේ පැමිණීමත් සමගම ගංගා ආශ්‍රිතව ජනාවාස එනම් රට අභ්‍යන්තරයේ සිට දස දෙසට ගලා යන ගංගා ආශ්‍රිතව ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය සැකසුනි. ඌව පළාත පිලිබදව අවධානය යොමු කළ හොත් ඌව ප්‍රදේශය හග්ගල කපොල්ලෙන් හමන සුළගින් හූ හඩ පැතිරෙන නිසා මුලදි  හූව පසුව ඌව යන්නෙන් පරිවර්තනය වු බව පත පොතේ සදහන් වේ. ඉංග්‍රීසි පාලන යුගයේදි ඌව පළාත පහල ඌව හා ඉහල ඌව ලෙස වෙන්කොට දක්වන ලදි.

බදුල්ල දිස්ත්‍රික්කයේ බටහිර ප්‍රදේශය අඩි 7000 කට වඩා උස ගිරි ශිඛරයන්ගෙන් යුක්ත වේ. සියළු කදු බෑවුම් ගොරෝසු වලින් ගහන හා විශාල පතන් හා තැනිතලාවන්ගෙන් සමන්විත වේ. පතන් වල එතරම් විශාල නොවු ගස් වැල්ද නිම්න වල ඉතා සරුවට වැටුනු ගස්කොලන් වලින් යුක්ත වී තිබේ. බදුල්ලේ පහල කදුකර ප්‍රදේශයේ ක්‍රි.පූ. සමයේ ජනාවාසව තිබු බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසු ගල් ලෙන් අපට සාක්ෂි දරයි. බෝගොඩ, මැටිගහතැන්න, කන්දේවහාරය උදාහරණ ලෙස දැක්විය හැකිය.

ගස් හෙවනින් යුත් ප්‍රදේශය “වදළ” යනුවෙන් හදුන්වයි. එසේම පෙර කාලයේ මහ වලුලක්ව පැවති නිසා “වදළ වදුල බදුල බදුල්ල” ලෙස අද ව්‍යවහාර වේ. ක්‍රි.පූ. 505 දී පමණ රාක්ෂ ගෝත්‍රික රාවණා රජු බදුල්ල අගනුවර කොට ඌව පාලනය කළ බව සදහන් වේ. එකි කාලය තුළ ඌවේ දියුණුව අති මහත් විය. රාම සීතා කතා පුවතේ එන රජතුමා විසින් ඉන්දියාවේ සීතා කුමරිය රැගෙන විත් සිර කර තබා ගෙන සිටීමත් ඒ සමග එළඹුනු යුද්ධයේදි රාවණා රජු සාහසික ලෙස මිය යා‍මත් නිසා ඌව සශ්‍රිකත්වය අභාවයට පත් විය. ජල දුර්ග, ගිරි දුර්ග, වන දුර්ග ආදියෙන් ස්වභාවයෙන්ම ඌවට ආරක්ෂාව ලැබිණි.



බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දළ විශ්ලේෂණය

ඌව ද්‍රෝණියේ නැගෙනහිර බෑවුමේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. උතුරින් මැදපතන රිදිපාන කදු වැටියෙන්ද නැගෙනහිරින් නෙළුම් ගම කැන්ද ගෙ‍ාල්ල වැලිබිස්ස කදු වැටිවලින්ද දකුණින් ‍එළදළුව කන්දෙන්ද බටහිරින් අළුගොල්ල කදු වැටියෙන්ද වට වී ඇත. බදුල්ල ප්‍රාදේශීය ලේකම් කෙ‍ාට්ඨාශයේ දකුණ උතුර හා ගිණිකොණ දිග ප්‍රදේශවල 60% ට වඩා වැඩි බෑවුම් කලාප දැක ගත හැකිය. බටහිර කොටසේ බෑවුමේ ස්වභාවය 30% ත් 60% ත් අතර වේ. මෙම ප්‍රදේශවල වර්ෂා කාලවලදි නාය යෑම් වලට ලක් වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උසින් වැඩිම ප්‍රදේශය ග්ලේන් ඇල්පින් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත.


බදුල්ල නගරය කේන්ද්‍ර කොට පිහිටි බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිළධාරි වසම් 29 කින් සමන්විත වේ. මුහුදු මට්ටමේ සිට අඩි 2225ක් උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මධ්‍යම කඳුකරයට අයත් භූ විෂමතා ලක්ෂණ වලින් සමන්විත වේ.

කොට්ඨාශයේ වර්ඵලය වර්ග කිලෝමීටර් 52.5ක් වන අතර මුළු ජනගහනය 79,148කි. ජන වර්ගය අනුව සිංහල 54,707ක්ද, ශ්‍රී ලංකා දෙමළ 5004ක්ද, ඉන්දියානු දමිල 11,752ක්ද, මුස්ලිම් 6649ක්ද, බර්ගර් 255ක්ද, මැලේ 360ක්ද වෙනත් 421ක් ද වශයෙන් බෙදා දැක්විය හැක. එක් පුද්ගකයෙකුට හිමිවන භූමි ප්‍රමාණය මීටර් 0.64ක් පමණ වේ.මෙහි ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. මීට අමතරව තේ වගාව, සත්ව පාලනය, හා ස්වයංරැකියා වල නියුතු පිරිසද සැලකිය යුතු ප්‍රමාණයක් සිටි. තවද සමෘද්ධී මුද්දරලාභීන් 3122ක් සිටින අතර ඔවුන් අඩු ආදායම් ලාභීන් ලෙස සැලකේ. බදුල්ල මුතියංගන රජමහා විහාරය, පත්තිනි දේවාලය, බදුල්ල දුම්රිය ස්ථානය, ශුද්ධ වු මාර්ක් දේවස්ථානය හා ලන්දේසි කොටුව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පවතින්නා වු ඓතිහාසික වටිනාකමින් යුක්ත වු ස්ථාන වේ.

Source:

Search This Blog