මහ කැලේ දී පාර වැරදුන බව හොදින් අවබෝධ වු නමුත් වාහනය එකවර ආපසු හරවා ගන්නට තැනක් නැති නිසා ඉදිරියට යන්නට පිරිසට සිදුවිය. වනාන්තරය මැද්දේ හොදින් එළිපෙහෙළි වු සලකුණු ඉදිරියේ ඇතිබවට ඒත්තු ගියේ ගස්කොළන් වලින් අඩු බිම් කඩක මායාවක් පෙන්නුම් කළ නිසාය.
මහ කැබිලිත්තේ කුඩා සියඹලා දේවාලය
‘‘හේනක්. අර... අර.... ඈත දෙන්නෙක් වැඩ කරනවා පේනවා. අපි ගිහිං පාර අහගම්මු.’’ ඩිෆෙන්ඩර් රථයේ සිටි තැනැත්තෙක්ගේ මුවින් පිටවිනි. එය ඔහු හිතාමතා කීවා නොව බයටම කියවුනු බව සෙසු අයටද ඒත්තු ගැනිනි.
‘‘ඔව්.. ඇත්ත නේන්නම්. දෙන්නෙක් වැඩ. වැඩිය කලබල වෙන්න එපා. බයවු බවක්වත් පාර වැරදුනු බවක්වත් ඒ අයට පෙන්වන්න එපා.’’ මග පෙන්වන්නා වු විමල් කීවේය.
ජීප් රථය සහ කැබ් රථය නවත්වනවාත් සමගම ඈත හේනේ වැඩකරමින් සිටි දෙදෙනා හිටගෙන මේ වාහන දෙක දෙස විමසිල්ලෙන් බලනු පෙනිනි. එක් අයෙක් අත පිහියක් වැනි යමක් ඇති අතර උදැල්ලක් වැනි දෙයක මිටක් අනෙකා අතවිය. ඩිෆෙන්ඩර් රථයේ ඉදිරි අසුනේ වාඩිවී සිටි විමල් ඉන් බිමට බැස්සේය. ජිප් රථයට ඉදිරියෙන් ගොස් ජීප් රථයේ දකුණු පැත්තට යද්දී ඈත හේනේ සිටි මිනිසුන් දෙදෙනා නොසොල්මන්ව හිටගත් අයුරින්ම සිටිනවා විමල් දුටුවේය. ඔවුන් දෙදෙනා අසල තරමක් විශාල පලූ හෝ වීර ගස් කිහිපයක් බිම වැටී අවසන්ගමන් ගොස් ඇති අයුරු ඈතටම පෙනුනි. ඒවා නිසි වයස එළඹෙන්නට පෙර කපා බිම හෙළා ඇතිබව ඊට තරමක් නුදුරින් තිබූ ඒ ගස්වල මුල කොටස හිස් අහස් කුස අයාගෙන සිටින හෙළන කදුළු වලින් මනාව පසක් විනි.
හේනේ සිටි දෙදෙනා තරුණවියේ පසුවන්නන් බව විමල්ට අවබෝධ විය. මීටර් දෙසීයක් පමණ දුරින් සිටි මේ දෙදෙනාගෙන් තමන් සිටින ඉසව්ව දැනගත හැකිවේ යැයි විමල් සිතුවේය. මහ කැබිලිත්තේ යන්නට මග පෙන්වන්නට ආ තමන්ටද දැන් මග වැරදි ඇත්තේ ඇයිද යන්න සිත සිතා සිටි විමල් තරුණයන් දෙසට යන්නට ඉදිරියට පය තැබුවේය.
විමල් සහ වාහන දෙක දෙස බලාසිටි තරුණයන් දෙදෙනා දුටුවිට සිහිපත් වන්නේ වනෝද්‍යානයක යද්දී ඈතින් තණඋලා කන මුව පොව්වන් දෙදෙනකුගේ අභිනයයි. මේ තරුණයන් දෙදෙනාද විමල්ගේ ගමන දෙස බලා සිට එක්වරම පිටුපස හැරී දුවන්නට විය.
අනවසරයෙන් කැලේට ඇතුළුවීම වරදක් බව දැනගෙන තමන් කැලෑ දෙපාර්තමේන්තුවෙන් නැත්නම් හමුදාවේ අය බවට සැක සිතී කැලෑවට ගොස් මේ තරුණයන් දෙදෙනා සැගවෙන්නට ඇතැයි කාටත් සිතුනි. නමුත් විමල් ඔවුන් හමුවන්නට ගිය කාරණාව ඔවුන් දැන නොසිටින්නට ඇත.
ටිකදුරක් හේන පැත්තට ගිය විමල් ආපසු හැරී ආවේය.
‘‘උන් බයවෙලා දිව්වා. මේ කැලේ අනවසර හේන්. මේවා වැඩිහරියක් කරන්නේ ඔය අපි ආපු පැත්තේ මිනිස්සු නොවෙයි. මේ හරියේ හේන් කරන්නේ මොණරාගල පැත්තේ මිනිස්සු. දිව්ව අය හේන්වල වැඩකරන්නේ කුලියට වෙන්නැති. හේන අයිති මුදලාලිලා වෙනම ඉන්නවා. දැන් ඉතිං කරන්න දෙයක් නෑ අපි හරවාගෙන ආපහු යමු.’’ විමල් පිරිසට යෝජනා කලේය.
කුඹුක්කන්ඔය ඉවුරෙන් සියඹලා දේවාලයට ගොඩවන තැන
ඩිෆෙන්ඩර් රථයත්, කැබ් රථයත් ආපසු හරවද්දී විමල් අසලවූ කුඩා ගසක අත්තක් කඩා වෙනත් ගසක අත්තක් මත තබා වැ`දගෙන යමක් කියනු වාහනවල සිටි අය දුටුවේය.
‘‘මම අනන්තවත් මහ කැබිලිත්ත සියඹලා දේවාලයට ඇවිත් තියනවා. මේවාගේ පාර වැරදුණු පළමු වතාව මේක. මම මහ කැබිලිත්තට යන්න ඔය මහත්තයලා එනවයි කියපු දවසේ ඉදලා මස් මාංශ වලින් වැළකිලා, පේවෙලා හිටියේ. මහත්තයලටත් එහෙම කරන්න කියලා උපදෙස් දුන්නෙත් ඒකයි. ඒ වුණාට අපිට ලොකු වැරැද්දක් වෙලා තියනවා. කතරගම දෙවිහාමුදුරුවෝ වැඩ ඉන්න මහ කැබිලිත්ත දේවාලයට යන්න අපි පිරිසිදු නෑ කියන එකයි මේ පාර වරද්දලා පෙන්නුවේ.’’ විමල් කියූ කතාව වාහන දෙකේ හය දෙනා දෑස් අයාගෙන අසා සිටියේය.
‘‘මට හිතෙන්නේ මේ තත්ත්වය උඩ අපි ආපහු යන එකතමයි වඩාත් සුදුසු. අලකොළ ආර ළගට ගිහිං පාර හොයාගෙන මහ කැබැලිත්තට යන්න ගියත් තව තවත් කරදර එන්න පුලූවන්. කවුරුහරි කෙනෙක් අතින් පිළිවෙත් කැඩුනනම් හිතින් දෙවියන්ගෙන් සමාව ඉල්ලලා, අපිට ආපහු අතුරු ආන්තරාවකින් තොරව යන්න ඉඩ දෙන්න කියලා ඉල්ලලා අපි ආපහු යමු.’’ විමල් කළ යෝජනාවට සියල්ලෝම එකග වුහ.
ආපු පාර ඔස්සේ වාහන දෙක ආපසු එයි. අලකොළ ආර, කලූකුඤ්ඤං ආර සහ අලූත්ගං ආර එගොඩවන විට හොදටම හවස්වෙලාය. තව ටික වෙලාවකින් දවස නිමාවී රාත‍්‍රිය උදාවනු ඇත. වනෝද්‍යානයක රාත‍්‍රියේ ගමන තහනම්ය. ඊටත් වඩා භයානකය. සමහර සතුන් වාහනවල විදුලි පහන් එළිය දෙසට හඹාගෙන එයි. හරිහමන් පාරක් තොටක් නැති, දිසාව සොයා ගැනීමට මාලිමාවක්වත් නැතිව යාමද සුදුසු නැත. එය එසේ වුවත් දෙපා කොටි ත‍්‍රස්තයන් ගැවසෙන මේ මහ කැලේ රැයක් ගත කිරීම ඊටත් වඩා අවදානම්ය. ගමන පිටත් වෙද්දි පිරිස තුළ තිබූ උද්යෝගීබව අහලකවත් නැත. විඩාවටත් වඩා හදවත් තුළ ඇති බය නිසා ඔවුහු දැඩි සේ මහත් පීඩාවකින් පෙළෙන ආකාරයක් දිස් විය.
කුමන කැලේ දිවුලානේ ගොඩ විහාර භූමියට යන්නේ මෙතැනින්ය
ගල් අමුණ පසුකර ඇදකුඹුක දෙසට වාහන දෙක එද්දී එකවරම කැලේ ගස් අතරින් හමුදාවේ කැලෑ ඇදුමින් සැරසුණු දෙදෙනෙක් ගිනි අවි වාහන දෙක දෙසට එල්ල කරගෙන ගස් දෙකකට මුවාවී වාහන නවත්වන ලෙස සංඥා කරනු කවුරුත් හොදින් දුටුවේය. එය දුටු රියදුරන් දෙදෙනා වාහන දෙක නැවැත්තුවා නොව බයට ඉබේම ඒවා නැවතුනි. ඇන්ජිම්ද ක‍්‍රියා විරහිතය. ඔවුන් දෙදෙනා සහ වාහන දෙක අතර දුර අඩි පනහක් හැටක් නැති තරම්ය.
කුමණ කැලයේ දෙපා කොටි ත‍්‍රස්තයන් ගැන හිත හිතා සිටි සැම දෙනාටම දැන් තමන්ගේ ජිවිතයේ අවසන් මිනිත්තු කිහිපය එළැඹ ඇති බව සිහිවිනි.
‘‘අනේ දෙයියනේ’’ යැයි කාටත් කියවුනේ මේ මහ කැලේ දෙවියන් හැර වෙනත් කිසිවෙකුගේවත් පිහිටක් නැති බව හො`දින්ම දන්නා නිසාය. ජිප් රථ දෙක ඉදිරියේ අවි අමෝරා සිටින දෙදෙනා ඒ අයුරින් සිටියදී වාහන දෙක දෙපැත්තෙන් සිවු දෙනෙක් වාහන වෙත ළංවූයේ ‘‘හෑන්ඞ්ස් අප්.....’’ යැයි කියමිනි.
වාහන දෙකේ සිටි සියලූ දෙනාම දැන් බිමට බැස අත් ඉහළට ඔසවා අවිගත් පිරිසට යටත්වූ බව පෙන්වමින් හිටගෙන සිටී. අවිගත් කණ්ඩායමෙන් ‘‘හෑන්ඞ්ස් අප්.....’’ යන වචන කිහිපය හැර වෙනත් කිසිදු කතාවක් නැත. අවටින් කොළඅතු බිඳෙන හඩ තව තවත් ඇසෙන්නට විය.
‘‘දැන්නම් ගැලවීමක් නෑ අපිව වටකරලා.’’ හැමෝටම සිත්විය. අදුර ද එන්න එන්නම අවට ගිල ගනී. හැම දෙනාම තමන්ට රැකවරණ දෙන්නැයි හිතින් කතරගම දෙවියන්ගෙන් ආයාචනා කළහ. එහෙත් එය කිසිවෙකුටත් නෑසිනි. දෑත් ඔසවාගෙන සිටියවුන් දැන් බලාපොරොත්තුව ඉන්නේ ගිනි අවියක හ`ඩකි.
‘‘හ්ම්.. උඹලා කවුද? කොහේ ඉදලද එන්නේ. කොහාටද යන්නේ.’’ ගිනි අවි අමෝරාගෙන සිටි අය අතරින් එක් අයෙකු සිංහලෙන් ඇසුවේය.
‘‘අ......අ.....අපි..... මහ කැබිලිත්ත දේවාලේ වදින්න ගියා.’’ තැති ගැන්මෙන් යුතු කෙනෙක් පිළිතුරු දුන්නේය.
‘‘මේ කැලේ යන්න තහනම්. කෝ වනජීවී එකේ පර්මිෂන් තියනවාද?’’ තමන් කවුරුන් දැයි නොකීවත් මේ තමන්ව වටකරගෙන සිටින්නේ සිංහල ආරක්‍ෂක හමුදාවක් බව කාටත් වැටහිනි.
‘‘ඔව්.....ඔව්..... පර්මිට් තියනවා...... කොළඹින් බුක් කරලා තියෙන්නේ......මම..... වනජීවී එකේ......’’ විමල් පිළිතුරු දුන්නේය. ඒ අනුව වාහනයක් තුළ තිබූ අවසර පත‍්‍ර අවිගත් කණ්ඩායමට පෙන්වනු ලැබිණි. එහෙත් ඉන් සෑහිමකට පත්නොවු අවිගත් කණ්ඩායම පුද්ගලයන්ට අමතරව වාහන දෙස දැඩි සෝදිසියකට ලක් කළෙය. එම සෝදිසිය අවසන් වනවිට හිරු අහසේ සැ`ගවි ගොස් ඇතිබව කාටත් අවබෝධ වුයේ ප‍්‍රදේශයට වෙලාගත් අදුර නිසාය.
වනාන්තර කපා හැදු හේන්
මේ අවස්ථාව වනවිට තමන්ව සෝදිසියකට ලක් කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය බව දැනගන්නට මේ පිරිසට හැකිවිය. මේ අවදානම් කාලයක කුමන කැලෑවට පැමිණිම ගැන මේ ආරක්‍ෂක නිලධාරීන් තුළ තිබුණේ දැඩි සැකයකි. කුමණ කැලේ සැ`ගව සිටින කොටි ත‍්‍රස්තයන්ට ආහාරපාන හෝ අවි ආයුධ රැගෙන ගියේද යන්න මේ ආරක්‍ෂක නිලධාරින්ගේ සැකය විය. අවසර පත‍්‍රයත් විමල්ගේ සේවා හැදනුම්පතත් නිසා ආරක්‍ෂක නිලධාරින්ගේ යම් පැහැදීමක් විශ්වාසයක් ඇතිවිනි. නමුත් ඔවුන් ඒබවක් පෙන්නුවේ නැත. හෝරාවකට වැඩි කාලයක් පුද්ගලයන්, ගෙනා ගමන් මලූ, වාහන දෙක පරීක්‍ෂා කිරීමෙන් පසු යන්නට අවසර ලැබුනි. කුමණ කැලෑවේ සැගවි සිටින කොටි ත‍්‍රස්තයන් සොයා මේ පොලිස් විශේෂ කාර්ය බලකාය කුමණ කැලේ මෙහෙයුමක නිරතවෙද්දී මේ හමුවීම වු බව කාටත් වැටහිනි.
ඉන්පසු ඇදකුඹුකෙන් කුඹුක්කන් ඔය තරණය කර යාල කලාප දෙකට ඇතුළුවී හාල්පන් ඕඩය අසලට ආවේය. දැන් පිරිසේ හැමෝටම ඇත්තේ ඉවසිය නොහැකි කුස ගින්දරකි. උදේ එනවිට බුතව බංගලාවේදී සකස් කරගෙන ආ ඉතිරිව තිබූ ජෑම් ගෑ පාන් පෙති කිහිපයකින් බඩගින්න තරමක් නිවී ගියේය. එක දිගට පැය ගණනාවක් ක‍්‍රියාත්මකව තිබු වාහන දෙකේ ඇන්ජින් නිවෙන තෙක් පිරිස ද සුලූ විවේකයක් ගත්තේය.
දැන් පිරිස එන්නේ බුතව බංගලාවට එන්නටය. වාහන දෙක විදුලි පහන් දල්වාගෙන ඉදිරියට ඇදෙද්දී වළස්කෙම පහුකළා පමණි, කැලෑවෙන් අතු බිඳෙන හඩක් ඇසිනි. ඒ එක්කම සද්දන්ත වනඅලි දෙදෙනෙක් ඉදිරියෙන් යන වාහනයට පහරදෙන්නට සුදානමින් හො`ඩයද ඔසවාගෙන අඩි පනහක් පමණ ඉදිරියේ නැවතී කුංචනාද කරති.
‘‘වාහන නවත්වලා ලයිට් ඕෆ් කරන්න.....’’ විමල් විධාන කලේය. එකී විධානය අකුරටම පිළිපැදිනි. වෙනදා නැති අදුරක් අද ඇතැයි කාටත් සිත්විනි. හඳ නොව අහසේ තරුද පෙනෙන්නට නැත. ඒ නිසා මේ යන්නේ උදේ ගමන් කළ මං සලකුණු සිහියේ තබාගෙනය. විනාඩි දහයක් පමණ ගිය පසු ඩිෆෙන්ඩරයේ විදුහල් පහන් දැල්වූයේ ඉදිරියට ආ වන අලි දෙදෙනා තවමත් ඇද්ද යන්න විපරම් කරන්නටය. උන් පෙනෙන්නට නැත. වාහන දෙක පණගැන්විනි. වනඅලි පෙනෙන්නට නොසිටියේ උන් ඈතට ගිය නිසාවෙන් යැයි සිතූ පිරිස ඉදිරියටම ගමන් කළහ.
යාල කලාප අංක දෙකේ සීමාව නිමා කරමින් ඒ රාත‍්‍රියේම මැණික් ගග අසලට පැමිණ ඇති බව දුටු පිරිසේ සිටි සැම දෙනාටම දැනුනේ සැහැල්ලූවකි. මැණික් ගෙ`ගන් එගොඩවී යළි බුතව සංචාරක බංගලාවට එනවිට අලූයම හතර පසුවී ඇතිබව එහි වූ හෝරා යන්ත‍්‍රයේ සටහන්ව තිබුණි.
‘‘අපි හැමෝම අතින් ලොකු වරදක් වුණා. ඇත්තටම අපි මේ හාස්කම් කියන ඒවා විශ්වාස කලේ නෑ. අපි දවස් විසි එකක් පේවුණා කිව්වේ බොරු. ඊයේ අපි මේ බංගලවාටත් මස් ගෙනැල්ලා කෑවා. අපෙ අප්පච්චියේ ආයනම් කිසිම දවසක පේ නොවීනම් මේ කැලේට එන්නේ නෑ.....’’ නඩයේ සිටි වැඩිහිටියා කීවේ සිදුවු වරදට සාමවන්නැයි ආයාචනා කරන විලසිනි.
‘‘ කතරගම දෙවියන්ගේ අඩවියේ ජීවත්වන අපි මේවා හරියට විශ්වාස කරනවා. ඇත්තටම ඒ වත්පිළිවෙත් කරලා කැලේ යන එනකොට අපිට කවදාවත් වැරදිලා නෑ. අතුරු ආන්තරාවක් වෙලාත් නෑ. සෝවාන් ඵලයට පැමිණි බවට විශ්වාස කරන කතරගම දෙවියන්ට හැමෝම නමස්කාර කරනවා. මේ පාරවල් වරද්දන ඒවා වෙනත් ද`ඩුවම් දෙන ඒවා කතරගම දෙවියන් කරන දේවල් නෙවෙයි. කලූකම්බිලි දෙවියෝ, ගම්බාර දෙවිවරු, හුනියම් දෙවියෝ, කාලි අම්මා වැනි දෙවි දේවතාවුන් කතරගම දෙවියන්ගේ ආරක්‍ෂාවට ඉන්න දෙවිවරු බවට විශ්වාසයක් තියනවා.’’ නොදන්නා දෙයක් විමල් පැහැදිලි කලේය.
ධන බලයට, නිල බලයට කළ නොහැකි දේවල් ඇතැයි යන්න මේ අයට අවබෝධවී තිබුනේ ගමනේ ලද අත් දැකිම්වලිනි. අලූත් යැයි කී කැබ් රථය පැය විසිහතරක් යන්නට මත්තෙන් අබලන් වාහනයක් බවට පත්ව තිබුනේ කාගේත් දෑස් ඉදිරියේය.
කතරගම දේව අඩවියේ හාස්කම් ගැන අත්දැකීම් ඇති අයගේ කතා බොහෝය. පුරා සති හතළිස් හයක් තිස්සේ දිග හැරුණු මේ කතා පෙළ අදින් අවසන් වේ.
අජිත්ලාල් ශාන්තඋදය
ලංකාදීප කතෘ මණ්ඩලය
http://www.lankadeepa.lk/index.php/articles/89088