Friday, April 27, 2018

ඩිජිටල් වූ ආදි වාසීන්

තාක්ෂණය සමඟ මිනිසුන් මිහිතලයට දරා ගත නොහැකි වේගයෙන් ගමන් කරයි.
නූතන තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසුන් අතර පැවති සන්නිවේදන ක්‍රමද එළෙසින්ම දියුණු විය.
එදා වෙන්වෙන්ව පැවති ගම්මාන,නගර,රටවල් දැන් දැන් එකම ගෘහයක් වී හමාරයැයි කිවහොත් නිවැරදියි.
මෙම දියුණූව ගම්බිම් කරා ගලා යාමේදී මින්සුන් අතර පැවති මානව සබඳතා, සිරිත්විරිත්,ගතිපැවතුම්,ක්‍රමක්ක්‍රමයෙන් වෙනස් වන්නට විය. එසේම මේ දියුණුව අප රටේ වෙසෙනා වැදි ජනයා (ආදි වාසීන්) අතරටද ගලාගොස් හමාරය.අප මේ පිළිබඳව ඌරු වරිගේ  වන්නිලාඇත්තන්ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තාක්ෂණය සමඟ අනාගත පරපුර ගමන්කල යුතු බවයි.



නමුත් මෙම තාක්ෂණය නිවැරදිව භාවිතා කිරිමේ යම් අඩුවක් පවතින බවත් එය නිවැරදිව භාවිතයට ගන්නා ලෙසත් වන්නිලාඇත්තන් වත්මන් පරපුරෙන් ඉල්ලා සිටියි.
ලෝකයේ සියල්ලන්ට උරුම අයිතිවාසිකම් ආදි වාසීන්ටද පොදු වන අතර සමාජ මාධ්‍ය භාවිතයද එලෙසින්ම සිදුව අැත.
එම නිසා සමාජ මාධ්‍ය වැනි දෑ භාවිතයට ගැනීමෙන් වලකින ලෙස කිසිවෙකුටත් කිව නොහැක.
වැදගත් වන්නේ අප එය බුද්ධිමත්ව භාවිතා කිරීමයි.
මේ අප ලාංකීය ආදීවාසී ජනතාවගේ ජන ජීවිතය සංස්කෘතිය හා නුතනත්වයට ඔවුන් පියමං කිරීම පිළිබඳව සැකසු දිනමිණ වාර්ථාමය වැඩසටහනයි





No comments:

Search This Blog