Friday, August 27, 2010

යහපත් ජීවිතයකට දස පනතක්

1. මිතුරු මිතුරියන් සමඟ කතා කරන්න. සුහඳව කතා කිරීම අසා සිටින්නාගේ සිතට සැනසිල්ලකි.


2. සිනාසෙන්න, සිනාසීමෙදී ක්‍රියාත්මක වන්නේ මාංශ පේශීන් 14කි. රවා බැලීමෙදී මාංශ පේශීන් 72ක් ක්‍රියාත්මක විය යුතුය.


3. කෙනෙකුට කතා කරන විට නම කියා කතා කරන්න. කෙනකුගේ කනට ඇසිය හැකි මිහිරිම හඬ තමන්ගේම නමයි.


4. මිත්‍රශීලීවන්න. එසේම හැකි සෑම විටම උපකාර කරන්න.


5. සුහදශීලීවන්න. කතා බහේදීත් ක්‍රියාවෙදීත් ඔබ කළ හැම දෙයක්ම සතුටින් කළ බව අඟවන්න.


6. ඇසුරු කරන අය පිළිබඳව අවංකවම සැලකිල්ල දක්වන්න.


7. අවශ්‍ය තන්හිදි ප්‍රශංසා කරන්න මැළි නොවන්න. විවෙචනය කිරීමෙදී පරිස්සමිවන්න.


8. අනෙක් අයගේ සිතුමි පැතුමිවලට ගරු කරන්න පුරුදුවන්න. එය ඔබ ඔවුන් අතරේ ජනප්‍රිය වීමට හේතුවක් වනු ඇත.


9. අනෙක් අයගේ අදහස් පිළිබඳව කල්පනාකාරීවන්න. හැම ප්‍රශ්නයකටම පැති තුනක් ඇත. එනමි ඔබෙ අනෙක් පක්ෂයේ සහ නිවැරදිතාවයේ.


10. සේවය සඳහා හැමවිට සුදානමි වන්න. ජීවිතයේ වඩාත්ම වැදගත් වන්නේත් වටින්නේත් අනුන් වෙනුවෙන් අප කරන මෙහෙයයි.

No comments:

Search This Blog