Tuesday, August 31, 2010

ගස

ගසක් නමි ඉහලට වැඩෙයි
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
බහල පෘථිවිය විනිවිදියි
දිය සොයාගෙන
මිස නොනවතියි.


ගිමන් කල හාමත්ව යෙයි
කොළ දළු සලා
නිහඩව ඉදියි.


එහෙත් ඒ නිශ්ශබිදතාවයෙහි
අධිෂ්ඨානය කැටිගැසෙයි
පොළෝ ගැබ සංචිතව යෙයි.


වැලක් දුබලව වැදහෝන සද
වාරුකොට දෝතට වඩයි
දහක් සිරසට ගිමි තාපයට
සෙවණ වී සිසිලස සදයි
නැතත් දුක්මැද සෘජුව සිට
හර සොය සොයා අරටුව තනයි
බීඩළු ගලවා බලත්
හර මිසක බොරු නැති බව පෙනෙයි


ගසක් නමි ඉහලට වැඩෙයි
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
අදුර පිළිකෙවි කරයි
සද එළියෙනුදු සෑහී නොනවතියි
මලක් සිරසෙයි පැළ මිසද
කිසිදාක සැතපෙන්නේ නොවෙයි...

No comments:

Search This Blog