Sunday, August 29, 2010

රවීන්ද්‍රනාත් තාගෝර් ආත්ම ශක්තිය

ඔබේ ඇමතුම අසා
කිසිවෙකු නාවොත්
තනිවම ඉදිරියට යන්න
සියලු දෙනාම බියෙන්
මුහුණ හරවා ගත්තොත්
ඔබෙ සිතැගි තනිවම නොබියව
පවසන්න.........


සියලු දෙනාම
ආපසු හැරීගිය හොත් දුර්ග මාර්ගයේදී
කිසිවෙකු හැරී නොබැලුවහොත්
මග ඇති කටු
ලේ ගලන දෙපයින් මැඩගෙන තනිවම ඉදිරියට යන්න..........


කුණාටු අදුරු රැයක
කිසිවෙක් ඔබට පහනක් නොදැල්වුවොත්
සියලු දෙනාම
දොරවල් වසා ගත හොත්
වෙදනාවෙන් තනිව දැල්වෙන්න
වෙදනාව නැමති ගින්නෙන්
ඔබෙ හදවත එළිය කරගෙන
තනිවම දැල්වෙන්න..........



No comments:

Search This Blog