Tuesday, April 15, 2014

ඌව පළාතේ සුන්දරත්වය මනාව දැකිය හැකි පුංචි ලෝකාන්තය - Mini Worlds End

ඌව පළාත පාරිසරික සුන්දරත්වයෙන් හෙබි අලංකාර ස්වාභාව දහමේ නිර්මාණයන්ගෙන් පෝෂණය වූ පළාතෙකි. බදුල්ල පස්සර පිහිටි පුංචි ලෝකාන්තයත් එවැනි අපූරු නිර්මාණයකි. බදුල්ලේ සිට කිලෝ මීටර් 61 ගමන් කල විට පුංචි ලෝකාන්තය දැකගන්නට හැකි වෙයි. බදුල්ලෙන් ගමන් ආරම්භ කරන්නෙකුට පස්සර නගරය දක්වා ගමන් කොට පස්සර නගරය පසු කරනවාත් සමඟ ඇති පස්සර මඩොල්සිම මාර්ගයට පිවිස එහි සිට කිලෝමීටර් 42 ගමන්ගත් කල මෙම මනස්කාන්ත පරිසරයට ඔබට පිවිසිය හැකිය. මෙය හරියටම ඌව පළාත් මායිමක පිහිටා ඇති අතර මෙහි සිට නැගෙනහිර පළාතේ සුන්දර දසුන් දැකගත හැකි  එක් ස්ථානයක් ලෙස සැලකිය හැකිය.




ගමන යන අතර වාරයේ සුන්දර තේ වතු අලංකාර කුඩා දියඇලිද ඔබට දැක ගත හැකිය. එමෙන්ම ඉතා රමණීය කදු පන්ති අතරින් වට වූ සුන්දර ගම්මානද දැකගත හැකිය. ගමන් ගන්නා මාර්ගයේදී ඔබට ජෛව විවිධත්වය කෙසේ දැයි හොදින් පැහැදිලි පැහැදිලිව විදිය හැකිය. වනසතුන්, කුරුල්ලන්ද ගහණ ප්‍රදේශයකි. බදුල්ලේ දුෂ්කරම දිස්ත්‍රික් මායිම් ගම්මාන වන පිටමාරුව හා  ඇකිරිය ගම්මානද මෙම ප්‍රදේශයට කිට්ටුව පිහිටා ඇත. කොකාගල වතුයාය පසු කරනවාත් සමඟ මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ අනුරුවක් ලෙස සැලකෙන ඩී එස් ගල ඔබට ඈතීන් දැකගත හැකි වේ. කොකාගල වතුයායේ තේ කර්මාන්ත ශාලව පසු කර මද දුරක් යන විට අඩි 1250ක් ඇති පුංචි ලෝකාන්තයට ඔබට පිවිසිය හැකිවේ. එහි පිවිසෙන විට ඔබේ මනසට දිව්‍ය ලෝකයකට පිවිසියා යැයි සිතෙනනට පුළුවන. එතරම් එම පරිසරය සුන්දරය. 

පුංචි ලෝකාන්තයට පිවිසි ඔබට දෙන විශේෂ අවවාදය නම් එම ස්ථානයේ සිට පහල බැලීමෙදී අයිනට නොයන ලෙසයි. එහි සමහර අවස්ථාවල සුළඟ ඉතා දැඩිව හමන හෙයින් ඔබව ඇදගෙන යාමට ඇති ඉඩකඩ වැඩිය ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වී පාරිසරික සුන්දරත්වය විදගන්න.

මෙම ගමනට මාත් සමඟ එක්වූ ධමින්ද හේරත් මගේ ගුරුතුමාටත්, නුවන් මල්ලීටත් මගේ විශේෂ ස්තූතිය පුද කරමි.
පුලස්ති වන්නිආරච්චි.







































2 comments:

vicharaka said...

කාර් එකකින් හෝ බස් එකකින් යන්න පුලුවන්ද? කොපමණ දුර පයින් යායුතුද?

Dunhinda said...

කාර් එකකින් වගේම වස් එකකින් යන්න පුළුවන්.. හැබැයි මඟ නවත්තලා කිලෝමීටර් 1ක් වගේ පයින් යන්න වෙනවා.. බදුල්ලේ ඉදලා කිලෝමීටර් 61කි...

Search This Blog